යෙදුමෙන් කියවන්න

කුසලවිපාකා මනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්ස සහගතා

[කුසලවිපාකා මනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතා]

[සොම්නස් සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]

470. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

470. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා රූපාරම‍්මණා වා සද‍්දාරම‍්මණා වා ගන්‍ධාරම‍්මණා වා රසාරම‍්මණා වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණා වා ධම‍්මාරම‍්මණා වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් රූපාලම්බන ඇති වේවයි, ශබ්දාලම්බන ඇති වේවයි, ගන්‍ධාලම්බන ඇති වේවයි, රසාලම්බන ඇති වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි, ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සෝමනස්සසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

471. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

471. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.

472. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

472. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.

473. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

473. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.

474. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

474. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.

475. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

475. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.

476. කතමො තස‍්මිං සමයෙ විතක‍්කො හොති?

476. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා, අයං තස‍්මිං සමයෙ විතක‍්කො හොති.

එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.

477. කතමො තස‍්මිං සමයෙ විචාරො හොති?

477. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා, අයං තස‍්මිං සමයෙ විචාරො හොති.

එසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.

478. කතමා තස‍්මිං සමයෙ පීති හොති?

478. කවරක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස, අයං තස‍්මිං සමයෙ පීති හොති.

එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.

479. කතමං තස‍්මිං සමයෙ සුඛං හොති?

479. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සුඛං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.

480. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

480. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

481. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

481. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

482. කතමං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති?

482. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති.

එසමයෙහි චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.

483. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

483. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යො තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, තීණි ඉන්‍ද්‍රියානි හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකා මනො විඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ මනෝවිඥානධාතුව වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

484. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

484. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා ජීවිතින්‍ද්‍රියං. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති. -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතාය ජීවිතේන්‍ද්‍රිය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

කුසලවිපාකා මනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්ස සහගතා.

සෝමනස්සසහගත කුසලවිපාක මනෝවිඤ්ඤාණධාතු යි.