සුත්තනිපාත-අට්ඨකථා
සුත්ත නිපාත අටුවාව
ගන්ථාරම්භකථා
ග්රන්ථ ආරම්භ කථා
උත්තමං වන්දනෙය්යානං, වන්දිත්වා රතනත්තයං; යො ඛුද්දකනිකායම්හි, ඛුද්දාචාරප්පහායිනා.
“සසරින් නිදහස සොයන ලෝකවාසීනට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, කුඩා දහම් සූත්ර ඇතුලත්ව ඇතැයි සැළකෙන, ඛුද්දක නිකායෙහි සුත්තනිපාත නම් වූ (සූත්ර එකතුවට), වන්දනීය වූ උතුම් තෙරුවන් නැමද අරුත් විවරණයක් කරන්නෙමි.”
දෙසිතො ලොකනාථෙන, ලොකනිස්සරණෙසිනා; තස්ස සුත්තනිපාතස්ස, කරිස්සාමත්ථවණ්ණනං.
අයං සුත්තනිපාතො ච, ඛුද්දකෙස්වෙව ඔගධො; යස්මා තස්මා ඉමස්සාපි, කරිස්සාමත්ථවණ්ණනං.
ගාථාසතසමාකිණ්ණො, ගෙය්යබ්යාකරණඞ්කිතො; කස්මා සුත්තනිපාතොති, සඞ්ඛමෙස ගතොති චෙ.
“සිය ගණනකටත් වැඩි ගාථා විස්තර කෙරෙමින් පැහැදිලිව කරුණු විවරණය කෙරෙන (එයට) සුත්ත නිපාත යැයි හඳුන්වන ලද්දේ කවර හෙයින් ද?”
සුවුත්තතො සවනතො, අත්ථානං සුට්ඨු තාණතො; සූචනා සූදනා චෙව, යස්මා සුත්තං පවුච්චති.
මැනවින් පැහැදිලිව පවසන ලද බැවින් ද, (දහමෙහි) අරමුණ ඉටුවන බැවින් ද, අරුත මැනවින් පිහිටා ඇති බැවින් ද ඇසීමට කැමැත්ත ඇතිකරන, නූලක් සේ එකම සබඳතාවක් පවත්නා බැවින්, සුත්ත යැයි කියනු ලැබේ.
තථාරූපානි සුත්තානි, නිපාතෙත්වා තතො තතො; සමූහතො අයං තස්මා, සඞ්ඛමෙවමුපාගතො.
සබ්බානි චාපි සුත්තානි, පමාණන්තෙන තාදිනො; වචනානි අයං තෙසං, නිපාතො ච යතො තතො.
ඒ ඒ තැන පැවති, එබඳු සුත්ර එක්තැන් කොට, (ඒ ඒ යතිවරුන් විසින් අසා දරාගෙන ආ එබඳු සූත්ර සංගායනාවේ දී එක්තැන් කරන ලදුව) ඒ පරිදි සුදුසු තැනට යොදා එපමණම වූ වචන ද ඒ අයුරින්ම සඳහන් කරමින්, (නිවන් මග පිලිවෙතට) වෙනස් වූ වෙනත් අදහස් නොමැතිව ‘සුත්ත නිපාත’ යයි හඳුන්වනු ලැබීය.
අඤ්ඤසඞ්ඛානිමිත්තානං, විසෙසානමභාවතො; සඞ්ඛං සුත්තනිපාතොති, එවමෙව සමජ්ඣගාති.