11. 5
11. 5.
11. 5.
සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ, ආසවාස්ස න විජ්ජන්ති යෙහි මච්චුවසං වජෙ.
බමුණ, සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහ කරනලද තෘෂ්ණා ඇති ඒ රහත්හට ‘යම් ආස්‍රව කෙනකුන් කරණ කොට ගෙන මාරයාගේ වශයට යේ නම්’ ඒ ආස්‍රවයෝ නැත්තාහ’ යි.
සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණාති: ‘සබ්බසො’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බසො’ති. නාමන්ති: චත්තාරො අරූපිනො ඛන්ධා. රූපන්ති: චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. ගෙධො වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණාති: සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස විගතගෙධස්ස චත්තගෙධස්ස වන්තගෙධස්ස මුත්තගෙධස්ස පහීනගෙධස්ස පටිනිස්සට්ඨගෙධස්ස වීතරාගස්ස විගතරාගස්ස චත්තරාගස්ස වන්තරාගස්ස මුත්තරාගස්ස පහීනරාගස්ස පටිනිස්සට්ඨරාගස්සාති ‘සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ.’
සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාමං යනු: සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. ගේධ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ යනු සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහවූ තෘෂ්ණා ඇතියහට කස (දුරු) වූ තෘෂ්ණා ඇතියහට හැරපියන ලද තෘෂ්ණා ඇතියහට වමාළ තෘෂ්ණා ඇතියහට මිදුණු තෘෂ්ණා ඇතියහට ප්‍රහීණ තෘෂ්ණා ඇතියහට දුරු කළ තෘෂ්ණා ඇතියහට පහවූ රාග ඇතියහට කසවූ රාග ඇතියහට හැරපියන ලද රාග ඇතියහට වමාළ රාග ඇතියහට මුදාළ රාග ඇතියහට ප්‍රහීණරාග ඇතියහට දුරු කළ රාග ඇතියහට නුයි ‘සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ’ යනු වේ.
ආසවාස්ස න විජ්ජන්තීති: ‘ආසවා’ති චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. අස්සාති: අරහතො ඛීණාසවස්ස’ න විජ්ජන්තීති ඉමෙ ආසවා තස්ස නත්ථි, න සන්ති, න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘ආසවාස්ස න විජ්ජන්තී. ‘
ආසවාස්ස න විජ්ජන්ති - ‘ආසවා’ යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. අස්ස යනු: ක්ෂීණාස්රව වූ රහත්හට, න විජ්ජන්ති යනු: මේ ආස්‍රවයෝ ඔහට නැත්තාහ නො වෙති විද්‍යමාන නො වෙති නො ලැබෙති ප්‍රහීණයහ මුලුසුන්හ සන්හිඳුණාහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිස්සහ නුවණ ගින්නෙන් දැවුණාහ නුයි ‘ආසවාස්ස න විජ්ජන්ති’ යනු වේ.
යෙහි මච්චුවසං වජෙති: යෙහි ආසවෙහි මච්චුනො වා වසං ගච්ඡෙය්ය, මරණස්ස වා වසං ගච්ඡෙය්ය, මාරපක්ඛස්ස වා වසං ගච්ඡෙය්ය, තෙ ආසවා තස්ස නත්ථි, න සන්ති න සංවිජ්ජන්ති, නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා, වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘යෙහි මච්චුවසං වජෙති. ‘
යෙහි මච්චුවසං වජෙ - යම් ආස්‍රව කෙනෙකුන් කරණකොට ගෙන මාරයාගේ හෝ වශයට යන්නේ නම් මරණයා ගේ හෝ වශයට යන්නේ නම් මාරපක්ෂයෙහි හෝ වශයට යන්නේ නම් ඒ ආස්‍රවයෝ ඔහට නැත්තාහ, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ, මුලුසුන්හ. සන්හිඳුණාහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිස්සහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘යෙහි මච්චුවසං වජෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ, ආසවාස්ස න විජ්ජන්ති යෙහි මච්චුවසං වජෙ”ති.
“සබ්බසො නාමරූපස්මිං -පෙ- යෙහි මච්චුවසං වජෙ” යී.
සහගාථාපරියොසානා -පෙ- ‘සත්ථා මෙ භන්තෙ, භගවා සාවකො හමස්මී’ති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
ජතුකණ්ණි සුත්තනිද්දෙසො සමත්තො
ජතුකණ්ණී සූත්‍රනිර්දේශය නිමි.