7. 4
7. 4.
7. 4.
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ (නන්දාති භගවා) දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං, කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
(බුදුහු මෙසේ වදාළහ: නන්දය,) ‘යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙති: ‘යෙ කෙචී’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යෙ කෙචීති සමණාති: යෙ කෙචි ඉතො බහිද්ධා පබ්බජ්ජූපගතා පරිබ්බාජකසමාපන්නා. බ්රාහ්මණාති: යෙ කෙචි භොවාදිකාති ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ’ නන්දාති භගවාති. -පෙ-
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජක බවට පැමිණියාහු. බ්රාහ්මණා යනු: යම් කිසි හොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ’ යනු වේ. නන්දා’ති භගවා යනු....
දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධින්ති: දිට්ඨෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති, භණන්ති දීපයන්ති වොහරන්ති. සුතෙනපි සුද්ධිං -පෙ- දිට්ඨෙන සුතෙනපි සුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං’
දිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති කියති බෙණෙති දක්වති වහරති, ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය... දෘෂ්ට ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධින්ති: සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, වතෙනපි සුද්ධිං -පෙ- වොහරන්ති සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං -පෙ- වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං.’
සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති, ව්‍රතයෙනුදු ශුද්ධිය .... වහරති, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි. ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙක රූපෙන වදන්ති සුද්ධින්ති: අනෙකවිධවතකොතුහලමඞ්ගලෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘අනෙක රූපෙන වදන්ති සුද්ධිං’
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං.’ යනු වේ.
කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්තීති: ‘කිඤ්චාපී’ති: පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ‘කිඤ්චාපී’ති. තෙති දිට්ඨිගතිකා. තත්ථාති: සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා. යතාති යතා පටියතා ගුත්තා ගොපිතා රක්ඛිතා සංවුතා. චරන්තීති: චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති.’
කිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති- කිඤ්චා’පි යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල’ කිඤ්චා ‘පි’ යනු පදානුපූර්‍වතා යි. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ යි. තත්ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි. යතා යනු: රැකෙන්නාහු වෙසෙසින් රැකෙන්නාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු රක්ෂිත වූවාහු සංවෘත වූවාහු. චරන්ති යනු: හැසිරෙති වාසය කෙරෙති. ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘කිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති’ යනු වේ.
නාතරිංසු ජාතිජරන්ති බ්රූමීති: ජාතිජරාමරණං න තරිංසු, න උත්තරිංසු න පතරිංසු, න සමතික්කමිංසු, න වීතිවත්තිංසු ජාතිජරාමරණා අනික්ඛන්තා අනිස්සටා, අනතික්කන්තා අසමතික්කන්තා අවීතිවත්තා අන්තො ජාතිජරාමරණෙ පරිවත්තෙන්ති, අන්තො සංසාරපථෙ පරිවත්තෙන්ති, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්යාධිනා අභිභූතා මරණෙන අබ්භාහතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතාති. ‘බ්රූමි’ ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.’
නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි යනු: ජාතිජරාමරණය තරණය නො කළහ, උත්තරණය ප්‍රතරණය-සමතික්‍රමණය- ව්‍යතික්‍රමණය නො කළහ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු නො බැහැර වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්මගියාහු නො ඉක්ම සිටියාහු ඇතුළු ජාතිජරාමරණයෙහි පෙරැළෙති, ඇතුළු සසරමඟ පිරිවැටෙති, ජාතියෙහි පිවිසියාහු ජරාව විසින් ලුහුබඳනා ලද්දාහු ව්‍යාධියෙන් මැඬුනාහු මරණයෙන් පහළාහු ත්‍රාණ (රක්ෂා) රහිතයහ, ලෙන (නිලීනස්ථාන) රහිතයහ, අසරණයහ, අසරණීභූතහ’යි බ්රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසමි නුයි ‘නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යෙ කෙචි මෙ සමණබ්රාහ්මණා සෙ (නන්දාති භගවා) දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති නාතරිංසු ජාතිජරන්ති බ්රූමී”ති.
“යෙ කෙවිමෙ -පෙ- නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි” යි