ඡට්ඨ සමුද්දනින්නසුත්තං
1. 10. 12.
1. 10. 12.
ඡට්ඨ සමුද්දනින්නසුත්තං
ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
114. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියා සෙය්යථීදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
114. මහණෙනි යම් කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු වෙති. යම්සේ ඒ හැම නදීහු මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
දුතියගඞ්ගාපෙය්යාලී.
දුතිය ගඞ්ඟාපෙය්යාලය යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
ඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො; එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
පාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍රාන්ත කෙනෙක් වෙති. එයින් වර්ගය යි කියනු ලැබේ යි.