දීඝාවු උපාසක සුත්තං
11. 1. 3.
11. 1. 3.
දීඝාවු උපාසක සුත්තං
දීඝාවුඋපාසක සූත්‍රය
3771. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දීඝාවු උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො දීඝාවු උපාසකො පිතරං ජොතිකං ගහපතිං ආමන්තෙසි: එහි ත්වං ගහපති, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද: “දීඝාවු භන්තෙ, උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: ‘සාධු කිර භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
3771. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි දීඝාවු උවසු තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි දීඝාවු උවසු තෙමේ පියා වන ජෝතික ගැහැවිහු ඇමැතී ය. ගැහැවි එවු. තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙවු. එළඹ මා වදනින් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳිවු. “වහන්ස, දීඝාවු උපාසක හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීඝා වු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්නම් මැනැවැ යි මෙසේ ත් කියා”යි.
එවං තාතාති ඛො ජොතිකො ගහපති, දීඝාවුස්ස උපාසකස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජොතිකො ගහපති භගවන්තං එතදවොච: “දීඝාවු භන්තෙ, උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: ‘සාධු කිර භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති”.
දරුව එසේ යි ජෝතික ගැහැවි දීඝාවු උවසුහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජෝතික ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, දීඝාවු උවසු හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව නිසා දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක් නම් මැනවැ”යි මෙසේත් කියා යි.
අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා දීඝාවුං උපාසකං එතදවොච: “කච්චි තෙ දීඝාවු, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති? නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො”ති? “න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො”ති.
භාග්‍යවතුන් වහන්සේ මුවෙන් නො බැණ ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙර ව පා සිවුරු ගෙන දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මෙය වදාළ සේක. දීඝාවු කිම තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද, වැඩි නො වෙද්ද, මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැණේ ද, වැඩිවීමෙක් නො පැණේ දැයි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩිවීම පැණේ. අඩුවීමෙක් නො පැනේ”යි.
තස්මාතිහ තෙ දීඝාවු, එවං සික්ඛිතබ්බං: “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො භවිස්සාමි “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති”. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො භවිස්සාමි අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. එවං හි තෙ දීඝාවු, සික්ඛිතබ්බන්ති. යානිමානි භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහීති.
දීඝාවු, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වන්නෙමි”යි. දීඝාවු, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවාන් අඞ්ග කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු අර්හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍වාගතයෙමි ධර්මය කෙරෙහි සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගතයෙමි”යි.
තස්මාතිහ ත්වං දීඝාවු, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු පතිට්ඨාය ඡ විජ්ජාභාගියෙ ධම්මෙ උත්තරිං භාවෙය්යාසි. ඉධ ත්වං දීඝාවු, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාහි, අනිච්චෙ දුක්ඛසඤ්ඤී, දුක්ඛෙ අනත්තසඤ්ඤී පහාණසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤීති. එවං හි තෙ දීඝාවු, සික්ඛිතබ්බන්ති. යෙ මෙ භන්තෙ, භගවතා ඡ විජ්ජාභාගියා ධම්මා දෙසිතා සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං හි භන්තෙ, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාමි. අනිච්චෙ දුක්ඛසඤ්ඤී දුක්ඛෙ අනත්තසඤ්ඤී පහාණසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤී. අපි ච මෙ භන්තෙ, එවං හොති: “මා හෙවායං ජොතිකො ගහපති මමච්චයෙන විඝාතං ආපජ්ජී”ති. මා ත්වං තාත, දීඝාවු, එවං මනසාකාසි. ඉඞ්ඝ, ත්වං තාත, දීඝාවු, යදෙව භගවා ආහ, තදෙව ත්වං සාධුකං මනසිකරොහීති.
දීඝාවු, එහෙයින් මෙහි ලා තෙපි මේ සිවු සෝවාන් අඟෙහි පිහිටා විදු කොටස් ඇති සදහම් මතු වඩන්නහු. දීඝාවු මෙහි තෙපි සර්වසංස්කාර යන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධ සංඥී ව වෙසෙවු. දීඝාවු තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ විදු කොටස් ඇති සදහම් කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි සියලු සංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධසංඥි ව වෙසෙමි. වහන්ස, වැලිදු මට මෙබඳු සිතෙක් වෙයි; “මේ ජෝතික ගැහැවි මාගේ ඇවෑමෙන් දුකට නො පැමිණේවා. දරුව, දීඝාවු, තෙපි එසේ නහමක් මෙනෙහි කරවු. එම්බා දරුව, දීඝාවු තෙපි භාග්‍යවතුන් වහන්සේ යමක් ම වදාළ සේක් නම් එය ම තෙපි මැනවින් මෙනෙහි කරවු”යි.
අථ ඛො භගවා දීඝාවුං උපාසකං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො දීඝාවු උපාසකො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “යො සො භන්තෙ, දීඝාවු නාම උපාසකො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො. සො කාලකතො. තස්ස කා ගති කො අභිසම්පරායො”ති? පණ්ඩිතො භික්ඛවෙ, දීඝාවු උපාසකො අහොසි. පච්චපාදි ධම්මස්සානුධම්මං න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. දීඝාවු භික්ඛවෙ, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කලකින් දීඝාවු උවසුතෙමේ කලුරිය කෙළේ ය. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, දීඝාවු නම් යම් ඒ උවසුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවු ඔවදනින් ඔවදන් දෙනු ලැබී ද, හෙතෙමේ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කවරක් ද, පරලොව කවරෙක් දැ”යි. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පණ්ඩිතයෙක් වී ය. දහම්හි අනුදහමට පිළිපන්නේ ය දහම් හෙයින් මා නො ද වෙහෙසී ය. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වේ යි.