අරහන්තසුත්තං
12. 3. 4.
12. 3. 4.
අරහන්තසුත්තං
අරහන්ත සූත්රය
3866. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිංසු, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිංසු. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිංසු -පෙ- අභිසම්බුජ්ඣිස්සන්ති -පෙ- සබ්බෙ තෙ ඉමානි චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3866. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කළාහ. මහණෙනි, මතු කල යම් කිසි අර්හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කරන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කරන්නාහ. මහණෙනි, මෙකල යම් කිසි අර්හත් සම්මා සමබුදුවරයෝ තතු සේ අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්ය්යසත්ය ය, දුක්ඛසමුදයාර්ය්යසත්ය ය, දුක්ඛනිරෝධාර්ය්යසත්ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්හත් සම්මා සම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්ය්ය කටයුතු යි.