උද්ධම්භාගිය සුත්තං
5. 5. 160.
5. 5. 160.
උද්ධම්භාගිය සුත්තං
උද්ධම්භාගිය සූත්රය
2666. පඤ්චිමානි, භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති. (වුත්තනයෙනෙව එකසතසට්ඨිසුත්තන්තා විත්ථාරෙතබ්බා).
2666. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් අකුසල්දහම් පහකරනු පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස මේ සිවුසම්පදහන්හු වැඩියයුත්තාහ යි.(කියන ලද නයින් ම එක්සියසැට සූත්රාන්තයෝ විතර කටයුතුවහ.)
ඔඝවග්ගො පඤ්චමො.
පස්වැනි ඕඝවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය, යී ෂෝඩශක දශයෙකි. සූත්ර මුළුල්ල එක්සිය සැටෙකි යි.
සම්මප්පධානසංයුත්තං සමත්තං.
සම්මප්පධානසංයුත්තය නිමි.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
ගඞ්ගාපෙය්යාලොප්පමාදො බලකරණීයෙසනා ඔඝොති පඤ්චෙවවග්ගා සම්මප්පධානසංයුත්තෙති.
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යී සම්මප්පධාන සංයුත්තයෙහි වර්ග පසෙක් ම වේ යි.