1. 10. 34-42
1. 10. 34-42.
1. 10. 34-42.
යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ධම‍්මං අධම‍්මොති දීපෙන‍්ති, -පෙ- අවිනයං විනයොති දීපෙන‍්ති -පෙ- විනයං අවිනයොති දීපෙන‍්ති -පෙ- අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනාහිතාය පටිපන‍්නා බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අපුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං අන‍්තරධාපෙන‍්තීති.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය අධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද … අවිනය විනය යි ප්‍රකාශ කෙරෙත් ද … විනය අවිනය යි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.
වග‍්ගො දසමො.
දසවන වග යි.