යෙදුමෙන් කියවන්න

1. 14. 7. 1-10

1. 14. 7. 1-10.

1. 14. 7. 1-10.

එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවිකානං උපාසිකානං පඨමං සරණං ගච‍්ඡන‍්තීනං යදිදං සුජාතා සෙනානීධීතා, දායිකානං යදිදං විසාඛා මිගාරමාතා, බහුස‍්සුතානං යදිදං ඛුජ‍්ජුත‍්තරා, මෙත‍්තාවිහාරීනං යදිදං සාමාවතී, ඣායීනං යදිදං උත‍්තරා නන්‍දමාතා, පණීතදායිකානං යදිදං සුප‍්පවාසා කොලියධීතා, ගිලානුපට‍්ඨාකීනං යදිදං සුප‍්පියා උපාසිකා, අවෙච‍්චප‍්පසන‍්නානං යදිදං කාතියානී, විස‍්සාසිකානං යදිදං නකුලමාතා ගහපතානී, අනුස‍්සවප‍්පසන‍්නානං යදිදං කාළී උපාසිකා කුරරඝරිකාති.

මහණෙනි, යම් සේනානීධිතු සුජාතා නම් උපාසිකාවක් ඇද්ද, සියල්ලන්ට පළමු ව සරණයෙහි පිහිටි මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් මිගාරමාතු විසාඛා නම් උපාසිකාවක් ඇද්ද, දීමෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් ඇද්ද, බහුශ්‍රුත වූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් සාමාවතී නම් උපාසිකාවක් ඇද්ද, මෛත්‍රීවිහරණ ඇති මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් උත්තරා නන්‍දමාතු නම් උපාසිකාවක් ඇද්ද, ධ්‍යානයෙහි අභිරත වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කෝලියධීතු සුප්පාවාසා නම් උපාසිකාවක් ඇද්ද, ප්‍රණීත රසදායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් සුප්පියා නම් උපාසිකාවක් ඇද්ද, ග්ලානෝපස්ථායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කාතියානි නම් උපාසිකාවක් ඇද්ද, අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍විත මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් නකුලමාතු ගහපතානී නම් උපාසිකාවක් ඇද්ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් කුරරඝර වැසි කාළි නම් උපාසිකාවක් ඇද්ද, අනුශ්‍රවයෙන් උපන් ප්‍රසාද ඇති මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ.

වග‍්ගො සත‍්තමො.

සත්වැනි වග යි.