1. 14. 6. 1-10
1. 14. 6. 1-10.
1. 14. 6. 1-10.
එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං උපාසකානං පඨමං සරණං ගච‍්ඡන‍්තානං යදිදං තපුස‍්සභල‍්ලිකා වාණිජා, -පෙ- දායකානං යදිදං සුදත‍්තො ගහපති අනාථපිණ‍්ඩිකො, -පෙ- ධම‍්මකථිකානං යදිදං චිත‍්තො ගහපති මච‍්ඡිකාසණ‍්ඩිකො, -පෙ- චතූහි සඞ‍්ගහවත්‍ථූහි පරිසං සඞ‍්ගණ‍්හන‍්තානං යදිදං හත්‍ථකො ආළවකො, -පෙ- පණීතදායකානං යදිදං මහානාමො සක‍්කො, -පෙ- මනාපදායකානං යදිදං උග‍්ගො ගහපති වෙසාලිකො, -පෙ- සඞ‍්ඝුපට‍්ඨාකානං යදිදං උග‍්ගතො ගහපති, -පෙ- අවෙච‍්චප‍්පසන‍්නානං යදිදං සූරො අම‍්බට‍්ඨො, -පෙ- පුග‍්ගලප‍්පසන‍්නානං යදිදං ජීවකො කොමාරභච‍්චො, -පෙ- විස‍්සාසකානං යදිදං නකුලපිතා ගහපතීති.
මහණෙනි, යම් තපුස්ස ය භල්ලික ය යන වෙණෙදහු දෙදෙනෙක් වෙත් ද, හැමට පළමු ව සරණ යන මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙහි තෙලහු අග්‍ර වෙත්. … යම් අනාථපිණ්ඩික සුදත්ත නම් වූ ගෘහපතියෙක් වේ ද, දායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මච්ඡිකාසණ්ඩ පුරවාසී චිත්ත නම් ගෘහපතියෙක් වේ ද, ධර්‍මකථික වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් හත්‍ථක ආළවක නම් රජෙක් වේ ද, සිවුසඟරාවතින් පිරිස් සගන්නා මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මහානාම නම් ශාක්‍යයෙක් වේ ද, ප්‍රණීත ප්‍රත්‍යය දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් විසල්පුර වැසි උග්ග නම් ගැහැවියෙක් වේ ද, මනාප දෑ දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් උග්ගත නම් ගැහැවියෙක් වේ ද, සඞ්ඝෝපස්ථායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් සූරම්බට්ඨ නම් සිටුවරයෙක් වේ ද, අචලප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් ජීවක කෝමාරභච්ච නම් උපාසකයෙක් වේ ද, පෞද්ගලික ප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් නකුලපිතු නම් ගැහැවියෙක් වේ ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙන් තෙල අග්‍ර වේ.
වග‍්ගො ඡට‍්ඨො.
සවැනි වග යි.