ඡට්ඨඑතදග්ගවග්ගො අට්ඨකථා
උපාසක පාළි වර්ණනාව
තපුස්සභල්ලිකවත්ථු
තපස්ස භල්ලික
උපාසකපාළියා පඨමෙ පඨමං සරණං ගච්ඡන්තානන්ති සබ්බපඨමං සරණං ගච්ඡන්තානං තපුස්සො ච භල්ලිකො චාති ඉමෙ ද්වෙ වාණිජා අග්ගාති දස්සෙති. ඉමෙ කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අපරභාගෙ සත්ථු ධම්මදෙසනං සුණන්තා සත්ථාරං ද්වෙ උපාසකෙ පඨමං සරණං ගච්ඡන්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථයිංසු. තෙ කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා අම්හාකං බොධිසත්තස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණපත්තිතො පුරෙතරමෙව අසිතඤ්ජනනගරෙ කුටුම්බියගෙහෙ නිබ්බත්තිංසු. ජෙට්ඨභාතිකො තපුස්සො නාම අහොසි, කනිට්ඨො භල්ලිකො නාම.
උපාසක පාළියෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡන්තානං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයන්නවුන් අතුරින් තපස්ස ද භල්ලික ද යන මේ වෙළෙඳු දෙදෙන අග්‍රයහයි දැක්වෙයි. මොවුහු වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේගේ ධර්මදේශනය අසන්නාහු උපාසකවරුන් දෙදෙනෙකු පළමුව සරණයන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාහුය. ඔවුහු කල්පලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා අපගේ බෝසතුන් සර්වඥතාඥානයට පත්වීමට පෙරාතුවම අසිතඤ්ජනනගරයෙහි කෙළෙමියකුගේ ගෙහි උපන්නාහුය. දෙටු සොහොයුරා තපස්ස නම් වූයේය. කනිටු සොහොයුරා භල්ලික නම් විය.
තෙ අපරෙන සමයෙන ඝරාවාසං වසන්තා කාලෙන කාලං පඤ්ච සකටසතානි යොජාපෙත්වා වාණිජකම්මං කරොන්තා චරන්ති. තස්මිං සමයෙ අම්හාකං බොධිසත්තො සබ්බඤ්ඤුතං පත්වා සත්තසත්තාහං බොධිමණ්ඩෙ විහරිත්වා අට්ඨමෙ සත්තාහෙ රාජායතනමූලෙ නිසීදි. තස්මිං සමයෙ තෙ වාණිජා පඤ්චමත්තෙහි සකටසතෙහි තං ඨානං අනුප්පත්තා අහෙසුං. තෙසං අනන්තරෙ අත්තභාවෙ මාතා තස්මිං පදෙසෙ දෙවතා හුත්වා නිබ්බත්ති. සා චින්තෙසි – “ඉදානි බුද්ධානං ආහාරො ලද්ධුං වට්ටති. න හි සක්කා ඉතො පරං නිරාහාරෙහි යාපෙතුං. ඉමෙ ච මෙ පුත්තා ඉමිනා මග්ගෙන ගච්ඡන්ති, තෙහි අජ්ජ බුද්ධානං පිණ්ඩපාතං දාපෙතුං වට්ටතී”ති පඤ්චසු සකටසතෙසු යුත්තගොණානං ගමනුපච්ඡෙදං අකාසි. තෙ “කිං නාමෙත”න්ති නානාවිධානි නිමිත්තානි ඔලොකෙන්ති. අථ තෙසං කිලමනභාවං ඤත්වා එකස්ස පුරිසස්ස සරීරෙ අධිමුච්චිත්වා “කිං කාරණා කිලමථ? තුම්හාකං අඤ්ඤො යක්ඛාවට්ටො වා භූතාවට්ටො වා නාගාවට්ටො වා නත්ථි, අහං පන වො අතීතත්තභාවෙ මාතා ඉමස්මිං ඨානෙ භුම්මදෙවතා හුත්වා නිබ්බත්තා. එස දසබලො රාජායතනමූලෙ නිසින්නො, තස්ස පඨමං පිණ්ඩපාතං දෙථා”ති.
ඔවුහු මෑතකාලයෙහි ගිහි ගෙහි වසන්නාහු කලින් කලට පන්සියයක් ගැල් යොදවා වෙළඳාම් කරමින් හැසිරෙති. එකල්හි අපගේ බෝසත්තෙමේ සර්වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ වැස අටවැනි සතියෙහි රාජයතන මූලයෙහි හුන්නේය. එකල්හි ඒ වෙළෙන්දෝ පන්සියයක් පමණවූ ගැල්වලින් එතැනට එළැඹියාහු වෙත්. ඔවුන්ගේ අනතුරු අත්බවෙහි මව ඒ පෙදෙසෙහි දේවතාවාවී උපන්නාය. ඕතොමෝ (මෙසේ සිතුවාය): ‘දැන් බුදුරජාණන්වහන්සේට ආහාරයක් ලැබීමට වටීයි. මින්මතු නිරාහාරයෙන් යැපීමට නොහැකිය. මේ මගේ පුත්තු දෙදෙනාද මෙතැනින් යති. මොවුන්ලවා අද බුදුරදුන්ට පිණ්ඩපාතයක් දෙවීමට වටීයි’ මෙසේ සිතා පන්සියයක් ගැල්වල යෙදූ ගොනුන්ගේ ගමන් වැළැක්ම කළාය. ඔවුහු මේ නම් කුමක්දැයි නොයෙක් ආකාර නිමිති බලත් ඉක්බිති ඔවුන් වෙහෙසෙන බව දැන එක් පුරුෂයකුගේ සිරුරෙහි පිවිස ‘කුමක් හෙයින් වෙහෙසෙවුද? නුඹලාට යක්ෂාවේශයක් හෝ භූතාවෙශයක් හෝ නාගාවෙශයක් හෝ නැත. මම වනාහි නුඹලාගේ ඉකුත් අත්බවෙහි මවය. මෙතැන්හි භූම්‍යස්ථාදේවතාවාවී උපන්නා වෙමි. මේ භාග්‍යවතුන්වහන්සේ රාජායතන මූලයෙහි වැඩහුන්සේක. උන්වහන්සේට පළමු පිණ්ඩපාතය දෙවුයි කීවාය.
තෙ තස්සා කථං සුත්වා තුට්ඨමානසා හුත්වා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච සුවණ්ණථාලකෙන ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා “ඉමං භොජනං පටිග්ගණ්හථ, භන්තෙ”ති ආහංසු. සත්ථා අතීතබුද්ධානං ආචිණ්ණං ඔලොකෙසි, අථස්ස චත්තාරො මහාරාජානො සෙලමයෙ පත්තෙ උපනාමෙසුං. සත්ථා “තෙසං මහප්ඵලං හොතූ”ති චත්තාරොපි පත්තෙ “එකොව පත්තො හොතූ”ති අධිට්ඨාසි. තස්මිං ඛණෙ තෙ වාණිජා තථාගතස්ස පත්තෙ මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච පතිට්ඨපෙත්වා පරිභුත්තකාලෙ උදකං දත්වා භත්තකිච්චපරියොසානෙ සත්ථාරං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ නෙසං සත්ථා ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ ද්වෙපි ජනා ද්වෙවාචිකෙ සරණෙ පතිට්ඨාය සත්ථාරං අභිවාදෙත්වා අත්තනො නගරං ගන්තුකාමා, “භන්තෙ, අම්හාකං පරිචරණචෙතියං දෙථා”ති වදිංසු. සත්ථා දක්ඛිණෙන හත්ථෙන සීසං පරාමසිත්වා ද්වින්නම්පි ජනානං අට්ඨ කෙසධාතුයො අදාසි. තෙ උභොපි ජනා කෙසධාතුයො සුවණ්ණසමුග්ගෙසු ඨපෙත්වා අත්තනො නගරං නෙත්වා අසිතඤ්ජනනගරද්වාරෙ ජීවකෙසධාතුයා චෙතියං පතිට්ඨාපෙසුං. උපොසථදිවසෙ චෙතියතො නීලස්මියො නිග්ගච්ඡන්ති. එවමෙතං වත්ථු සමුට්ඨිතං. සත්ථා පන අපරභාගෙ ජෙතවනෙ නිසීදිත්වා උපාසකෙ පටිපාටියා ඨානන්තරෙසු ඨපෙන්තො ඉමෙ ද්වෙ ජනෙ පඨමං සරණං ගච්ඡන්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඔවුහු ඇයගේ කථාව අසා සතුටු සිත් ඇත්තෝව අත්සුණුද මීපිඬුද රන්තලියකින් ගෙන ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමිනි, මේ භොජනය පිළිගනුමැනවැයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ අතීත බුදුවරුන්ගේ පුරුද්ද බැලූ සේක. ඉක්බිති උන්වහන්සේට සතර (වරම්) මහරජවරු සෙල්මුවා පාත්‍රයක් පිළිගැන්වූහ. ශාසතෘන්වහන්සේ ඔවුන්ට මහත්ඵල වේවායි පාත්‍ර සතරම එකම පාත්‍රයක් වේවායි අදිටන් කළසේක. එකෙණෙහි ඒ වෙළෙන්දෝ තථාගතයන්වහන්සේගේ පාත්‍රයෙහි අත්සුණුද මීපිඬුද පිහිටුවා වැළඳූ කල්හි දිය පිළිගන්වා බත්කිස අවසන්හි ශාස්තෘන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔවුන්ට දහම් දෙසූසේක. දෙසුම අවසන්හි දෙදෙනාම දෙවවාචික සරණයෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට වැඳ තමන්ගේ නුවරට යනු කැමැත්තාහු ‘ස්වාමීනි, අපට ආවතේව සඳහා පිදිය යුතු දෙයක් දෙනු මැනවැ’යි කීවාහුය. ශාස්තෘන්වහන්සේ දකුණු අතින් හිස පිරිමැඳ දෙදෙනාටම කේසධාතුමිට අටක් දුන්සේක. ඒ දෙදෙනාම ඒ ධාතු රන්සුමුගක තබා තමන්ගේ නුවරට පමුණුවා අසිතඤජන නුවර දොරටුවෙහි ජීව කේශධාතුන්ගෙන් චෛත්‍යයක් පිහිටෙව්වාහුය. පොහෝදිනයක්, පාසා චෛත්‍යයෙන් නිල් රැස් විහිදෙයි. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් උපාසකවරුන් තනතුරුවල තබනසේක් මේ දෙදෙනා පළමුව සරණ යන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.
අනාථපිණ්ඩිකසෙට්ඨිවත්ථු
අනාථපිණ්ඩික
දුතියෙ දායකානන්ති දානාභිරතානං සුදත්තො, ගහපති, අනාථපිණ්ඩිකො අග්ගොති දස්සෙති. සො කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං උපාසකං දායකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සුමනසෙට්ඨිස්ස ගෙහෙ නිබ්බත්ති, සුදත්තොතිස්ස නාමං අකංසු.
දෙවැන්නෙහි දායකානං යන්නෙන් දීමෙහි ඇලුනවුන් අතුරින් සුදත්තගෘහපති අනාථපිණ්ඩික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේ ධර්මකථාව අසමින් එක් උපාසකයකු දෙන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සුමන සිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුදත්තයයි නම් කළාහුය.
සො අපරභාගෙ ඝරාවාසෙ පතිට්ඨිතො දායකො දානපති හුත්වා තෙනෙව ගුණෙන පත්ථටනාමධෙය්යො අනාථපිණ්ඩිකො නාම අහොසි. සො පඤ්චහි සකටසතෙහි භණ්ඩං ආදාය රාජගහෙ අත්තනො පියසහායකස්ස සෙට්ඨිනො ගෙහං ගන්ත්වා තත්ථ බුද්ධස්ස භගවතො උප්පන්නභාවං සුත්වා බලවපච්චූසකාලෙ දෙවතානුභාවෙන විවටෙන ද්වාරෙන සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය දුතියදිවසෙ ච බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා සාවත්ථිං ආගමනත්ථාය සත්ථු පටිඤ්ඤං ගහෙත්වා අන්තරාමග්ගෙ පඤ්චචත්තාලීසයොජනමග්ගෙ සතසහස්සං සතසහස්සං දත්වා යොජනිකවිහාරෙ කාරෙත්වා ජෙතවනං කොටිසන්ථාරෙන සන්ථරිත්වා අට්ඨාරසහි කොටීහි කිණිත්වා අට්ඨාරසහි කොටීහි විහාරං කාරෙත්වා විහාරෙ නිට්ඨිතෙ චතුන්නං පරිසානං පුරෙභත්තපච්ඡාභත්තෙසු යදිච්ඡකං දානං දදන්තො අට්ඨාරසහි කොටීහි විහාරමහං නිට්ඨාපෙසි. විහාරමහො නවහි මාසෙහි නිට්ඨානං අගමාසි, “පඤ්චහී”ති අපරෙ. තෙමාසෙ පන සබ්බාචරියානං විවාදො නත්ථි.
හෙතෙම පසුකල්හි ගෘහවාසයෙහි පිහිටියේ දන්දෙන දානපතියෙක්වී ඒ ගුණයෙන්ම පතළාවූ නම් ඇත්තේ අනාථපිණ්ඩික නම් වූයේය. හෙතෙම ගැල් පන්සියයකින් බඩු රැගෙන රජගහනුවර තමන්ගේ හිතවත් යහළු සිටු කෙනකුගේ ගෙදර ගොස් එහිදී භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ උපන්බව අසා බෙහෙවින් උදෑසන කාලයෙහි දේවතානුභාවයෙන් විවරවූ දොරටුවෙන් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටා දෙවෙනි දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන්දී සැවතට පැමිණීම සඳහා ශාස්තෘන්වහන්සේගෙන් පිළිණගෙන අතරමග පන්සාළිස් යොදුන් මගෙහි ලක්ෂය ලක්ෂය බැගින් දී යොදුනෙන් යොදුනවූ විහාරයන් කරවා ජේතවනය කෝටිගණන් ඇතිරීමෙන් අටළොස් කෙළකින් මිලදී ගෙන අටළොස් කෙළකින් විහාරය කරවා නිමවූ කල්හි සිවුපිරිසට පෙරබතෙහි හා පසුබතෙහි කැමති පරිදි දන් දෙමින් අටළොස් කෙළකින් විහාර පූජාව නිම කරවූයේය. විහාරපූජාව නවමසකින් නිමාවට ගියේය. පස් මසකිනැයි ඇතැම්හු කියත්. තෙමසෙහි වනාහි සියලු ආචාර්ය්යවරුන්ගේ විවාදයක් නැත.
එවං චතුපණ්ණාසකොටිධනං විස්සජ්ජෙත්වා නිච්චකාලං ගෙහෙ එවරූපං දානං පවත්තෙසි. දෙවසිකං පඤ්ච සලාකභත්තසතානි හොන්ති, පඤ්ච පක්ඛිකභත්තසතානි, පඤ්ච සලාකයාගුසතානි, පඤ්ච පක්ඛිකයාගුසතානි, පඤ්ච ධුරභත්තසතානි, පඤ්ච ආගන්තුකභත්තසතානි, පඤ්ච ගමිකභත්තසතානි, පඤ්ච ගිලානභත්තසතානි, පඤ්ච ගිලානුපට්ඨාකභත්තසතානි, පඤ්ච ආසනසතානි ගෙහෙ නිච්චපඤ්ඤත්තානෙව හොන්තීති. අථ නං අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසින්නො උපාසකෙ පටිපාටියා ඨානන්තරෙසු ඨපෙන්තො දායකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
මෙසේ සිවුපණස් කෙළක් ධනය විසඳ නිබඳවම ගෙහි මෙබඳු දන් පැවැත්වීය. දිනපතා සලාක බත් පන්සියයක් වෙයි. පක්ෂයකට අයත්වන බත් පන්සියයකි. සලාක කැඳදීම් පන්සියයකි. පක්ෂයකට අයත්වන කැඳදීම් පන්සියයකි. නිතිබත් පන්සියයකි. ආගන්තුක බත් පන්සියයකි. ගමිකබත් පන්සියයකි. ගිලානුපස්ථායක බත් පන්සියයකි. පන්සියයක් අසුන් නිවසෙහි නිබඳ පනවන ලද්දේම වෙයි. ඉක්බිති පසුකාලයෙහි භාග්‍යවතුන්වහන්සේ ජේතවනයෙහි වැඩවස සේක් උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඔහු දායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.
චිත්තගහපතිවත්ථු
චිත්තගහපති
තතියෙ ධම්මකථිකානන්ති ධම්මකථිකානං උපාසකානං චිත්තො, ගහපති, අග්ගොති දස්සෙති. සො කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො අපරභාගෙ ධම්මකථං සුණන්තො සත්ථාරං එකං උපාසකං ධම්මකථිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ මිගලුද්දකගෙහෙ නිබ්බත්තො අපරභාගෙ අරඤ්ඤෙ කම්මං කාතුං සමත්ථකාලෙ එකදිවසං දෙවෙ වස්සන්තෙ මිගමාරණත්ථාය සත්තිං ආදාය අරඤ්ඤං ගන්ත්වා මිගරූපානි ඔලොකෙන්තො එකස්මිං අකතපබ්භාරෙ සසීසං පංසුකූලං පාරුපිත්වා පාසාණඵලකෙ නිසින්නං එකං භික්ඛුං දිස්වා “එකො අය්යො සමණධම්මං කරොන්තො නිසින්නො භවිස්සතී”ති සඤ්ඤං උප්පාදෙත්වා වෙගෙන ඝරං ගන්ත්වා එකස්මිං උද්ධනෙ හිය්යො ආභතමංසං, එකස්මිං භත්තං පචාපෙත්වා පිණ්ඩාචාරිකෙ ද්වෙ භික්ඛූ දිස්වා තෙසං පත්තං ආදාය පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා භික්ඛං සමාදාපෙත්වා, “අය්යෙ, පරිවිසථා”ති අඤ්ඤෙ ආණාපෙත්වා තං භත්තං කුටෙ පක්ඛිපිත්වා පණ්ණෙන මුඛං බන්ධිත්වා කුටං ආදාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ නානාවිධානි පුප්ඵානි ඔචිනිත්‍වා පත්තපුටකෙන ගහෙත්වා ථෙරස්ස නිසින්නට්ඨානං ගන්ත්වා කුටං ඔතාරෙත්වා එකමන්තෙ ඨපෙත්වා “මය්හං, භන්තෙ, සඞ්ගහං කරොථා”ති වත්වා ථෙරස්ස පත්තං ආදාය භත්තස්ස පූරෙත්වා ථෙරස්ස හත්ථෙ පතිට්ඨපෙත්වා තෙහි මිස්සකපුප්ඵෙහි ථෙරං පූජෙත්වා එකමන්තෙ ඨිතො “යථායං රසපිණ්ඩපාතෙන සද්ධිං පුප්ඵපූජා චිත්තං පරිතොසෙති, එවං නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ මෙ පණ්ණාකාරසහස්සානි චෙව ආගච්ඡන්තු පඤ්චවණ්ණකුසුමවස්සඤ්ච වස්සතූ”ති ආහ.
තෙවැනනෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්මකථික උපාසකයන් අතුරින් චිත්තගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසුකලෙක දහම් අසමින් එක් උවසුවකු ධර්මකථිකයන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන් කල මුවවැද්දකුගේ නිවසෙහි උපන්නේ පසුකලෙක වනයෙහි වැඩකිරීමට හැකි කල්හි එක්දිනක් වැසිවසින විට මුවන් මැරීම සඳහා අවි රැගෙන වනයට ගොස් මුවන් සොයාබලන්නේ නොක (ඉබේ සැදුණු) පවර්‍ත ගුහාවක හිසපටන් පාංශුකූලය පොරවා ගල්තලයක හුන්නාවූ එක් භික්ෂුවක දැක එක් ආර්‍ය්‍යයෙක් මහණදම් කරමින් හුන්නේ වනැයි හැඟීම් උපදවා වේගයෙන් ගෙර ගොස් එක් උදුනක ඊයේ ගෙනා මස්ද එක් උදුනක බත්ද පිසවා පිඬු හැසිරෙන භික්ෂූන් දැක උන්වහන්සේලාගේ පාත්‍රය ගෙන පනවනලද අසුන්හි හිඳුවා භික්ෂාව පිළිගන්වා ආර්‍ය්‍යයන් වළඳවවුයයි අනිකකුට අණවා ඒ බත බඳුනක බහා පත්වලින් මුව බැද බඳුන රැගෙන යන්නේ අතරමඟ නොයෙක් ආකාර මල් නෙලා පාත්‍ර ගොටුවෙන් ගෙන තෙරුන් හුන්තැනට ගොස් බඳුන බහා එක්තැනක තබා ‘ස්වාමීනි මට සංග්‍රහ කරනු මැනවැ’යි කියා තෙරුන්ගේ පාත්‍රය රැගෙන බත් පුරවා තෙරුන්ගේ අතෙහි පිහිටුවා ඒ මුසුවූ මල්වලින් තෙරුන් පුදා එකත්පසෙක සිටියේ යම්සේ මේ රසවත් පිණ්ඩපාතය සමඟ මල්පූජාව සිත සතුටු කරවූයේද එසේ මා උපනුපන් තන්හි පඬුරු දහස් ගණන්ද පැමිණේවා! පස් පැහැති මල් වැසිද වසීවා’යි පැවසීය.
ථෙරො තස්ස උපනිස්සයං දිස්වා ද්වත්තිංසාකාරකම්මට්ඨානං ආචික්ඛිත්වා අදාසි. සො යාවජීවං කුසලං කත්වා දෙවලොකෙ නිබ්බත්ති, නිබ්බත්තට්ඨානෙ ජණ්ණුමත්තෙන ඔධිනා දිබ්බපුප්ඵවස්සං වස්සි, සයඤ්ච අඤ්ඤාහි දෙවතාහි අධිකතරෙන රූපෙන සමන්නාගතො අහොසි. සො එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ මච්ඡිකාසණ්ඩනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති, ජාතකාලෙවස්ස සකලනගරෙ ජණ්ණුමත්තෙන ඔධිනා පඤ්චවණ්ණකුසුමවස්සං වස්සි. අථස්ස මාතාපිතරො “අම්හාකං පුත්තො අත්තනාව අත්තනො නාමං ගහෙත්වා ආගතො, ජාතදිවසෙවස්ස සකලනගරං පඤ්චවණ්ණෙහි පුප්ඵෙහි විචිත්තං ජාත”න්ති චිත්තකුමාරොති නාමං අකංසු.
තෙරුන්වහන්සේ ඔහුගේ උපනිශ්‍රය දැක දෙතිස් ආකාර කමටහන කියා දුන්නේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. උපන් තැන දණක් පමණවූ සීමාවෙන් දිවමල් වැස්සක් වැස්සේය. තෙමේත් අන් දේවතාවුන්ට වඩා වැඩිමනත් රූපයෙන් යුක්ත වූයේය. හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මගධ රට මච්ඡිකාසණ්ඩනගරයෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහු උපන් කල්හිම සියලු නුවරෙහි දණක් පමණවූ සීමාවෙන් පස්වණක්මල් වැසි වැස්සේය. ඉක්බිති ඔහුගේ මව්පියෝ අපගේ පුතා තමන්ම තමන්ගේ නම රැගෙන ආයේසි ඔහුගේ උපන් දිනයෙහිම සියලු නුවර පස් පැහැති මලින් විසිතුරු වූයේ චිත්තකුමාරයි නම් කළාහුය.
සො අපරභාගෙ ඝරාවාසෙ පතිට්ඨිතො පිතු අච්චයෙන තස්මිං නගරෙ සෙට්ඨිට්ඨානං පාපුණි. තස්මිං සමයෙ පඤ්චවග්ගියත්ථෙරානං අබ්භන්තරො මහානාමත්ථෙරො නාම මච්ඡිකාසණ්ඩනගරං අගමාසි. චිත්තො ගහපති තස්ස ඉරියාපථෙ පසීදිත්වා පත්තං ආදාය ගෙහං ආනෙත්වා පිණ්ඩපාතෙන පතිමානෙත්වා කතභත්තකිච්චං අම්බාටකාරාමං නාම උය්යානං නෙත්වා තත්ථස්ස වසනට්ඨානං කාරෙත්වා නිබද්ධං අත්තනො ගෙහෙ පිණ්ඩපාතං ගහෙත්වා වසනත්ථාය පටිඤ්ඤං ගණ්හි. ථෙරොපි තස්ස උපනිස්සයං දිස්වා ධම්මං දෙසෙන්තො සළායතනවිභත්තිමෙව දෙසෙසි. චිත්තො ගහපති පුරිමභවෙ මද්දිතසඞ්ඛාරතාය නචිරස්සෙව අනාගාමිඵලං සම්පාපුණි. අථෙකදිවසං ඉසිදත්තත්ථෙරො තත්ථ ගන්ත්වා විහරන්තො සෙට්ඨිස්ස නිවෙසනෙ භත්තකිච්චපරියොසානෙ ආයස්මතා ථෙරෙන පඤ්හං විස්සජ්ජෙතුං අසක්කොන්තෙන අජ්ඣිට්ඨො උපාසකස්ස පඤ්හං විස්සජ්ජෙත්වා තෙන පුබ්බෙ ගිහිසහායකභාවෙ ඤාතෙ “න ඉදානි ඉධ වත්ථබ්බ”න්ති යථාසුඛං පක්කාමි. පුනෙකදිවසං, සෙට්ඨි ගහපති, මහානාමත්ථෙරං ඉද්ධිපාටිහාරියකරණත්ථං යාචි. සොපි තස්ස තෙජොසමාපත්තිපාටිහාරියං දස්සෙත්වා “ඉදානි ඉධ වසිතුං න යුත්ත”න්ති යථාසුඛං පක්කාමි.
හෙතෙම මෑතකාලයෙහි ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් එනුවරෙහි සිටු තනතුරට පැමිණියෙයි. එසමයෙහි පස්වග තෙරුන්ට අයත් වන මහානාම තෙරුන්වහන්සේ මච්ඡිකාසණ්ඩ නුවරට පැමිණියහ. චිත්තගහපති තෙමේ උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැද පාත්‍රය රැගෙන ගෙට පමුණුවා පිණ්ඩපාතයෙන් ගරුසරු කොට කරනලද බත්කිස ඇති තෙරුන්වහන්සේ අම්බාටකාරාම නම්වූ උයනට පමුණුවා එහි උන්වහන්සේට විසීමට තැනක් කරවා නිබඳව තමන්ගේ ගෙහි පිණ්ඩපාතය ගෙන විසීම සඳහා පිළිණ ගත්තේය. තෙරුන්වහන්සේද ඔහුගේ හේතුසම්පත් දැක දහම්දෙසන්නාහු ආයතන සයට බෙදා දැක්වීමම දෙසූහ. චිත්තගාහපති තෙමේ පෙර භවයෙහි යටපත් කළ සංස්කාර ඇති බැවින් නොබෝ දිනකින්ම අනාගාමි ඵලයට පැමිණියේය. ඉක්බිති එක්දිනක් ඉසිදත්ත තෙරුන්වහන්සේ එහි ගොස් වාසය කරන්නාහු සිටු නිවසෙහි බත්කිස අවසන්හි පැන විසඳීමට නොහැකිවන්නාවූ ආයුෂ්මත් තෙරුන්වහන්සේ විසින් ඇරයුම් කරන ලද්දාහු උපාසක තැනගේ පැන විසඳා ඔහු විසින් පෙර ගිහියහළු බව දත්කල්හි දැන් මෙහි නොවිසිය යුතුයයි කැමති පරිද්දෙන් පිටත් වී ගියහ. යළි එක් දිනක් සිටු ගෘහපති තෙමේ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීම පිණිස මහානාම තෙරුන්ගෙන් ඉල්ලීය. උන්වහන්සේත් ඔහුට තෙජොසමාපත්ති ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා දැන් මෙහි විසීම නොයුතුයයි රිසිලෙසින් පිටත්ව ගියහ.
අථෙකදිවසං ද්වෙ අග්ගසාවකා භික්ඛුසහස්සපරිවාරා අම්බාටකාරාමං අගමංසු. සෙට්ඨි ගහපති, තෙසං මහාසක්කාරං සජ්ජෙසි. සුධම්මත්ථෙරො තං අසහමානො සෙට්ඨිං තිලසඞ්ගුලිකාවාදෙන ඛුංසෙත්වා තෙන පණාමිතො සත්ථු සන්තිකං ගන්ත්වා ඔවාදං ලභිත්වා දසබලස්ස ඔවාදෙ ඨිතො චිත්තං ගහපතිං ඛමාපෙත්වා තත්ථෙව අම්බාටකාරාමෙ විහරන්තො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තදා උපාසකො චින්තෙසි – “අහං දසබලං අදිස්වාව චිරං වීතිනාමෙසිං, සත්ථු සන්තිකං ගච්ඡන්තෙන පන අයුත්තං තුච්ඡහත්ථෙන ගන්තු”න්ති පඤ්චහි සකටසතෙහි තෙලමධුඵාණිතාදීනි ආදාය “යෙ දසබලං පස්සිතුකාමා, තෙ මයා සද්ධිං ආගච්ඡන්තූ”ති නගරෙ භෙරිං චරාපෙත්වා ද්වීහි පුරිසසහස්සෙහි පරිවුතො සත්ථාරං පස්සිතුං පක්කාමි. තිංසයොජනෙ මග්ගෙ දෙවතා පණ්ණාකාරං උපට්ඨපෙසුං. සො සත්ථු සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන සත්ථාරං වන්දි, තස්මිං ඛණෙ ආකාසා පඤ්චවණ්ණානං පුප්ඵානං වස්සං වස්සි.
ඉක්බිති එක් දිනක් අගසව්දෙනම භික්ෂූන්දහසක් පිරිවර කොට ඇත්තාහු අම්බාටකාරාමයට වැඩියහ. සිටුගෘහපතිතෙමේ උන්වහන්සේලාට මහත්සත්කාර පිළියෙළ කළේය. සුධම්ම තෙරුන්වහන්සේ එය නොයිවසන්නාහු සිටාණන්ට තලගුලිවාදයෙන් නින්දාකොට ඔහු විසින් පිටමං කරනලද්දාහු ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් අවවාද ලැබ උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටියාහු චිත්තගෘහපති ක්ෂමා කරවා ඒ අම්බාටකාරාමයෙහිම වසමින් විදසුන් වඩා රහත්බවට පැමිණියහ. එකල්හි උපාසක තෙමේ, ‘මම භාග්‍යවතුන්වහන්සේ නොදැකම බොහෝ කලක් ගෙවීමි, භාග්‍යවතුන්වහන්සේ සමීපයට යන්නාහු විසින් හිස් අතින් යාම නොයුතුය’යි සිතා ගැල් පන්සියයකින් තෙල් මීපැණි ආදිය රැගෙන යමෙක් භාග්‍යවතුන්වහන්සේ දකිනු කැමැත්තෝද ඔවුහු මා සමඟ එත්වායි නුවරෙහි බෙර හසුරුවා මිනිසුන් දෙදෙහසක් විසින් පිරිවරන ලද්දේ භාග්‍යවතුන්වහන්සේ දැක්මට පිටත්විය. තිස්යොදුන් මගෙහි දෙවියෝ පඬුරු එළවූවාහුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් ශාස්තෘන්වහන්සේට වැන්දේය. එකෙණෙහි අහසින් පස්වණක් මල්වලින් මල් වැස්සක් වැස්සේය.
සත්ථා තස්ස අජ්ඣාසයවසෙන සළායතනවිභත්තිමෙව කථෙසි. තස්ස අඩ්ඪමාසමත්තං දසබලස්ස දානං දෙන්තස්සාපි සකනිවෙසනතො නීතානි තණ්ඩුලතෙලමධුඵාණිතාදීනි න ඛීයිංසු. රාජගහවාසිකෙහි පහිතපණ්ණාකාරොව අලං අහොසි. සො සත්ථාරං පස්සිත්වා අත්තනො නගරං ගච්ඡන්තො සකටෙහි ආභතං සබ්බං භික්ඛුසඞ්ඝස්ස අදාසි. සකටෙසු තුච්ඡෙසු ජාතමත්තෙස්වෙව දෙවතා සත්ත රතනානි පූරයිංසු. මහාජනන්තරෙ කථා උදපාදි “යාව සක්කාරසම්මානප්පත්තො වතායං චිත්තො ගහපතී”ති. තං සුත්වා සත්ථා ධම්මපදෙ ඉමං ගාථමාහ –
ශාස්තෘන්වහන්සේ ඔහුට අධ්‍යාසය වශයෙන් සළායතනවිභතතියම දෙසූසේක. අඩමසක් පමණ භාග්‍යවතුන්වහන්සේට දෙන්නාවූද ඔහුගේ සියනිවෙසින් ගෙනා සහලා තෙල් මීපැණි ආදිය නිමා නොවීය. රජගහනුවරවැසියන් විසින් එවනලද පඬුරුම ප්‍රමාණවත් විය. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක තම නුවරට යන්නේ ගැල්වලින් ගෙනා සියල්ල බික්සඟනට දුන්නේය. ගල් හිස්වූ කෙණෙහිම දෙවියෝ සත්රුවන් පිරවූහ. මේ චිත්ත ශාගපති තෙමේ ඒකාන්තයෙන්ම බොහෝ සත්කාර සම්මානයට පාත්රවූයේයයි මහජනයා අතර කථාවක් හටගත්තේය. එය අසා භාග්‍යවතුන්වහන්සේ ධර්මපදයෙහි මේ ගාථාව දෙසූසේක.
“සද්ධො සීලෙන සම්පන්නො, යසො භොගසමප්පිතො; යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො”ති. (ධ· ප· 303);
සැදැහැති සීලයෙන් යුත් යසඉසුරින් ආඩ්යවූ යමෙක් යම් යම් පෙදෙසක් ඇසුරුකරයිද හෙතෙම ඒ ඒ තන්හි පුදනුලද්දේ වෙයි’
සො තතො පට්ඨාය අරියසාවකානංයෙව උපාසකානං පඤ්චහි සතෙහි පරිවුතො විචරති. අථ නං සත්ථා අපරභාගෙ උපාසකෙ පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො චිත්තසංයුත්තං අට්ඨුප්පත්තිං කත්වා ධම්මකථිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
හෙතෙම එතැන් පටන් ආයර්යශ්රාවකයන් මෙන්ම උපාසකයන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ හැසිරෙයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසුකල්හි උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් චිත්තසංයුත්තය අර්ත්ථොත්පත්තිකොට ඔහු ධර්මකථික උපාසකවරුන් අතුරින් අගතැන්හි තැබූසේක.
හත්ථකආළවකවත්ථු
හත්ථකාලවක
චතුත්ථෙ චතූහි සඞ්ගහවත්ථූහීති චතුබ්බිධෙන සඞ්ගහවත්ථුනා පරිසං සඞ්ගණ්හන්තානං හත්ථකො ආළවකො අග්ගොති දස්සෙති. අයං කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලඝරෙ නිබ්බත්තො අපරභාගෙ සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං චතූහි සඞ්ගහවත්ථූහි සමන්නාගතං එකං උපාසකං ඨානන්තරෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ ආළවිරට්ඨෙ ආළවිනගරෙ ආළවකස්ස රඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගණ්හි, ස්වෙ භත්තචාටියා සද්ධිං ආළවකස්ස පෙසෙතබ්බො අහොසි.
සිවුවැන්නෙහි චතුහි සංගහවත්ථුහි යන්නෙන් සිවුවැදරුම් සංග්රහවස්තූන්ගෙන් පිරිසට සංග්රහකරන්නවුන් අතුරින් හත්ථක ආලවක තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසන්නේ සතරසංග්‍රහවස්තුවෙන් යුකුත් වූ එක් උපාසකයෙකු ශාස්තෘන්වහන්සේ විසින් තනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ආළවිරට ආළවිනගරයෙහි ආළවක රජුගේ නිවසෙහි උපන්නේ හෙට බත්සැළිය සමඟ ආළවක (යක්ෂ)යාට යැවිය යුත්තේ විය.
තත්රායං අනුපුබ්බිකථා – එකදිවසං කිර ආළවකො රාජා මිගවත්ථාය අරඤ්ඤං ගන්ත්වා එකං මිගං අනුබන්‍ධිත්‍වා ඝාතෙත්වා ඡින්දිත්වා ධනුකොටියං ලගෙත්වා නිවත්තෙත්වා ආගච්ඡන්තො වාතාතපෙන කිලන්තකායො එකං සන්දච්ඡායං නිග්රොධරුක්ඛමූලං පවිසිත්වා නිසීදි. අථ නං මුහුත්තං දරථං විනොදෙත්වා නික්ඛමන්තං රුක්ඛෙ අධිවත්ථා දෙවතා “තිට්ඨ තිට්ඨ, භක්ඛොසි මෙ”ති හත්ථෙ ගණ්හි. සො දළ්හං ගහිතත්තා අඤ්ඤං උපායං අපස්සන්තො “දෙවසිකං තෙ එකෙකපුරිසෙන සද්ධිං චාටිභත්තං පෙසෙස්සාමී”ති වත්වා නගරං ගතො. තතො පට්ඨාය බන්ධනාගාරතො එකෙකමනුස්සෙන සද්ධිං චාටිභත්තං පෙසෙසි. එතෙනෙව නියාමෙන බන්ධනාගාරෙ මනුස්සෙසු ඛීණෙසු “මහල්ලකමනුස්සෙසු ගය්හමානෙසු රට්ඨඛොභො හොතී”ති තෙ අග්ගහෙත්වා දහරකුමාරෙ ගණ්හිතුං ආරභිංසු. තතො පට්ඨාය නගරෙ දාරකමාතරො ච ගබ්භිනියො ච අඤ්ඤං රට්ඨං ගච්ඡන්ති.
මේ එහි පිළිවෙළ කථාවයි. එක් දිනක් ආළවක රජතෙමේ මුව දඩයම සඳහා වනයට ගොස් එක් මුවකු ළුහුබැඳ මරා දුනු කෙළවරෙහි එල්ලා ආපසු හැරී එන්නේ සුළඟින් සහ අවුවෙන් වෙහෙසුන බැවින් ඝනසෙවන ඇති එක් නුගරුක්මුලකට පිවිස හුන්නේය. ඉක්බිති මොහොතක් විඩාව සංසිඳුවා නිකමෙන ඔහුට ගසෙහි අධිගෘහීත දේවතාවා සිටුව, සිටුව, ඔබ මගේ කෑමක් වන්නෙහි (කියා) අත අල්වා ගත්තාය. හෙතෙම දැඩිව ගන්නාලද බැවින් අන් උපායක් නොදක්නේ’ දිනපතා එක්පුරුෂයෙකු සමඟ බත්සැළියක් ඔබට එවන්නෙමි’යි පවසා නුවරට ගියේය. එතැන්පටන් බන්ධනාගාරයෙන් එක්මිනිසෙකු සමඟ සැළිබතක් යැවීය. මේ අයුරින් බන්ධනාගාරයෙහි මිනිසුන් අවසන්වූ කල්හි මහළු මිනිසුන් ගනුලබනවිට රට කැළඹීමක් වේයයි ඔවුන් නොගෙන කුඩා ළමුන් ගැනීමට ඇරඹීය. එතැන්පටන් නුවරෙහි කුඩා ළමෝද ගැබිනියෝද අන්රටවලට යති.
තස්මිං සමයෙ සත්ථා පච්චූසසමයන්තෙ ලොකං වොලොකෙන්තො ආළවකකුමාරස්ස තිණ්ණං මග්ගඵලානං උපනිස්සයං දිස්වා “අයං කුමාරො කප්පසතසහස්සං පත්ථිතපත්ථනො දෙවලොකා චවිත්වා ආළවකරඤ්ඤො ගෙහෙ නිබ්බත්තො, අඤ්ඤං කුමාරං අලභන්තා ස්වෙ කුමාරං චාටිභත්තෙන සද්ධිං ගහෙත්වා ගච්ඡිස්සන්තී”ති චින්තෙත්වා සායන්හසමයෙ අඤ්ඤාතකවෙසෙන ආළවකස්ස යක්ඛස්ස භවනද්වාරං ගන්ත්වා තස්ස දොවාරිකං ගද්රභං නාම යක්ඛං භවනං පවිසනත්ථාය යාචි. සො ආහ – “භගවා තුම්හෙ පවිසථ, මය්හං පන ආළවකස්ස අනාරොචනං නාම අයුත්ත”න්ති. සො හිමවන්තෙ යක්ඛසමාගමං ගතස්ස ආළවකස්ස සන්තිකං අගමාසි. සත්ථාපි තං භවනං පවිසිත්වා ආළවකස්ස නිසීදනපල්ලඞ්කෙ නිසීදි.
එසමයෙහි ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලා වදාරන්නාහු ආළවක කුමරුට තුන්මගපලයකට හේතුසම්පත් දැක මේ කුමරු කල්පලක්ෂයක් පැතූ පැතුම් ඇත්තේ දෙව්ලොවින් සැව ආළවක රජුගේ ගෙහි උපන්නේය. වෙනකෙකු නොලබන්නාහු හෙට කුමරු සැළිබතසමඟ ගෙන යන්නාහුයයි සිතා සවස්කාලයෙහි නොදන්නා වෙසකින් ආළවක යකාගේ විමන්දොරට ගොස් ඔහුගේ දොරටුපල්වූ ගද්‍රභ යක්ෂයාගෙන් විමනට පිවිසීම සඳහා (අවසර) ඉල්වූසේක. හෙතෙම කීයේය: ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පිවිසෙනු මැනව. මට වනාහි ආළවකට නොදැන්වීම නම් නොසුදුසුය.’ (මෙසේ කියා) හිමවත යක්ෂ සමාගමට ගිය ආළවකයා සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේද ඒ විමනට පිවිස ආළවකයාගේ හිඳින පළඟෙහි වැඩසිටි සේක.
තස්මිං සමයෙ සාතාගිරහෙමවතා ආළවකස්ස භවනමත්ථකෙන යක්ඛසමාගමං ගච්ඡන්තා අත්තනො ගමනෙ අසම්පජ්ජමානෙ “කිං නු ඛො කාරණ”න්ති ආවජ්ජෙන්තා සත්ථාරං ආළවකස්ස භවනෙ නිසින්නං දිස්වා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා යක්ඛසමාගමං ගන්ත්වා ආළවකස්ස තුට්ඨිං පවෙදයිංසු – “ලාභා තෙ, ආවුසො ආළවක, යස්ස තෙ සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලො භවනෙ නිසින්නො, ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුණාහී”ති. සො තෙසං කථං සුත්වා චින්තෙසි – “ඉමෙ එකස්ස මුණ්ඩකසමණස්ස මම පල්ලඞ්කෙ නිසින්නභාවං කථෙන්තී”ති අනත්තමනො කොධාභිභූතො හුත්වා “අජ්ජ මය්හං එතෙන සමණෙන සද්ධිං සඞ්ගාමො භවිස්සති, තත්ථ මෙ සහායා නාම හොථා”ති දක්ඛිණපාදං උක්ඛිපිත්වා සට්ඨියොජනමත්තං පබ්බතකූටං අක්කමි, තං භිජ්ජිත්වා ද්විධා අහොසි. ඉතො පට්ඨාය ආළවකයුද්ධං විත්ථාරෙතබ්බං. ආළවකො පන සබ්බරත්තිං තථාගතෙන සද්ධිං නානප්පකාරෙන යුජ්ඣන්තොපි කිඤ්චි කාතුං අසක්කොන්තො සත්ථාරං උපසඞ්කමිත්වා අට්ඨ පඤ්හෙ පුච්ඡි, සත්ථා විස්සජ්ජෙසි. දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. විත්ථාරෙත්වා කථෙතුකාමෙන ආළවකසුත්තවණ්ණනා (සං· නි· අට්ඨ· 1.1.246) ඔලොකෙතබ්බා.
එකල්හි සාතාගිරහෙමවත දෙදෙනා ආළවකගේ විමනමතින් යක්‍ෂසමාගමයට යන්නාහු තම ගමන සිදු නොවනවිට කවර කරුණක්දැයි සිහිකරමින් ආළවකගේ විමනෙහි හිඳින ශාස්තෘන්වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස් වැඳ යක්ෂසමාගමට ගොස් ආළවකට සතුට පළකළහ. ‘ඇවැත්නි ආළවකය, ඔබට ලාභයකි. යම් බඳුවූ ඔබේ විමනෙහි දෙවියන් සහිත ලොව අග්‍රපුද්ගලයා, හුන්සේක්ද? ගොස් ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්මය අසව’යි කීය. හෙතෙම ඔවුන්ගේ කථාව අසා මොවුහු එක් මුඩුමහණෙකු මගේ හිඳිනා පළගෙහි හුන්බව කියති’යි සිතුවේය. එයින් කෝපයෙන් මැඬුනේවී අද මේ මහණ සමඟ මගේ සටනක් වන්නේයයි (සිතා) එහි මගේ යහළුවෝ නම් වෙතියි දකුණු පය ඔසවා සැට යොදුනක් පමණවූ පර්වතකටයක් ඇක්මීය. එය බිඳී දෙකට විය. මෙතැන්පටන් ආළවකයුද්ධය විස්තර කළයුතුය: ආලවකයා වනාහි සියලු රැය තථාගතයන්වහන්සේ සමඟ නොයෙක් ආකාරයෙන් යුද්ධකරන්නේද කිසිවක් කිරීමට නොහැකි වන්නේ තථාගතයන්වහන්සේ විසඳූසේක. දෙසුම අවසන්හි (ආළවක) සෝවාන් පෙලෙහි පිහිටියේය. විස්තර කොට කියනු කැමැත්තහු විසින් ආළවකසූත්රවර්ණනාව බැලිය යුතය.
පුනදිවසෙ උට්ඨිතෙ අරුණෙ චාටිභත්තාහරණවෙලාය සකලනගරෙ ගහෙතබ්බයුත්තං දාරකං අදිස්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා ආහ – “ගණ්හිතුං අයුත්තට්ඨානෙ පන අත්ථි, තාතා”ති. ආම, දෙව, අජ්ජ රාජකුලෙ පුත්තො ජාතොති. ගච්ඡථ, තාතා, මයං ජීවන්තා පුත්තං ලභිස්සාම, චාටිභත්තෙන නං පෙසෙථාති. තෙ දෙවියා වික්කන්දමානාය දාරකං ගහෙත්වා චාටිභත්තෙන සද්ධිං ආළවකස්ස භවනද්වාරං ගන්ත්වා “හන්ද, අය්ය, තව භාගං පටිච්ඡාහී”ති ආහංසු. ආළවකො තෙසං කථං සුත්වා අරියසාවකත්තා ලජ්ජමානො අධොමුඛො නිසීදි. අථ නං සත්ථා ආහ – “ඉදානි තෙ, ආළවක, ලජ්ජනකිච්චං නත්ථි, දාරකං ගහෙත්වා මම හත්ථෙ ඨපෙහී”ති. තෙ රාජපුරිසා ආළවකකුමාරං ආළවකස්ස හත්ථෙ ඨපෙසුං, ආළවකො තං ආදාය දසබලස්ස හත්ථෙ ඨපෙසි, සත්ථා පටිග්ගණ්හිත්වා පුන ආළවකස්ස හත්ථෙ ඨපෙසි, ආළවකො තං ගහෙත්වා රාජපුරිසානං හත්ථෙ ඨපෙසි. ඉතිස්ස හත්ථතො හත්ථං ගතත්තා “හත්ථකො ආළවකො”ත්වෙව නාමං අකංසු.
දෙවැනි දිනයෙහි අරුණු නැඟුන කල්හි සැළිබත ගෙනෙන වේලාවෙහි ගතයුතු දරුවෙකු නොදැක රජුට සැළකළාහුය. දරුවනි, ගැනීමට නොසුදුසු තැන ඇත්දැයි රජතෙමේ ඇසුවේය. එසේය, දේවයිනි, අද රජකුලයෙහි පුතෙක් උපන්නේය’යි ඔවුහු කීහ. ‘යවු දරුවනි, අපි ජීවත් වන්නමෝ නම් දරුවන් ලබන්නෙමු. සැළිබත සමඟ ඔහු යවවු’යි රජතෙමේ කීවේය. ඔවුහු දේවිය හඬද්දී දරුවා රැගෙන සැළිබත සමඟ ආළවකගේ විමන් දොරට ගොස් ‘පින්වත ගන්න, ඔබේ කොටස පිළිගන්නැ’යි කීවාහුය. ආළවක තෙමේ ඔවුන්ගේ කථාව අසා ආර්‍ය්‍යශ්‍රාවක බැවින් ලැජ්ජාවන්නේ මුවයටිකුරු කොට හුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට ‘ආළවක, දැන් ඔබට ලජ්ජාවියයුත්තක් නැත. දරුවා රැගෙන මාඅතෙහි තබවයි වදාළ සේක. රාජපුරුෂයෝ ආළවක කුමරු ආළවකගේ අතෙහි තැබූහ. ආළවකතෙමේ ඒ දරුවා රැගෙන භාග්යවතුන්හන්සේගේ අතෙහි තැබූවේය. භාග්‍යවතුන්වහන්සේ පිළිගෙන යළි ආළවකගේ අතෙහි තැබූසේක. ආලවකතෙමේ ඔහු රැගෙන රාජපුරුෂයන්ගේ අතෙහි තැබුවේය. මෙසේ ඔහුට අතින්අතට ගිය බැවින් හත්ථක ආලවකයැයි නම් කළාහුය.
අථ නං තෙ රාජපුරිසා තුට්ඨමානසා ආදාය රඤ්ඤො සන්තිකං අගමංසු. රාජා තං දිස්වා “අජ්ජ චාටිභත්තං න සම්පටිච්ඡතී”ති සඤ්ඤං කත්වා “කස්මා, තාතා, එවමෙව ආගතත්ථා”ති ආහ. දෙව, රාජකුලස්ස තුට්ඨි ච වඩ්ඪි ච, සත්ථා ආළවකස්ස භවනෙ නිසීදිත්වා ආළවකං දමෙත්වා උපාසකත්තෙ පතිට්ඨාපෙත්වා කුමාරං අම්හාකං දාපෙසීති. සත්ථාපි ආළවකං පත්තචීවරං ගාහාපෙත්වා ආළවිනගරාභිමුඛො පායාසි. සො නගරං උපසඞ්කමන්තො ලජ්ජිත්වාව ඔසක්කති. සත්ථා නං ඔලොකෙත්වා “ලජ්ජසි, ආළවකා”ති පුච්ඡි. ආම, භන්තෙ, නගරවාසිනො මං නිස්සාය මාතිමරණං පිතිමරණං පුත්තදාරමරණඤ්ච පාපුණිංසු. තෙ මං පස්සිත්වා දණ්ඩෙහිපි ලෙඩ්ඩූහිපි පහරිස්සන්ති. තස්මා ඔසක්කාමි, භන්තෙති. “ආළවක, නත්ථි තෙ මයා සද්ධිං ගච්ඡන්තස්ස භයං, විස්සත්ථො එහී”ති වත්වා නගරස්ස අවිදූරෙ ඨානෙ වනසණ්ඩෙ අට්ඨාසි. ආළවකරාජාපි නාගරෙ ගහෙත්වා සත්ථු පච්චුග්ගමනං ගතො. සත්ථා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි, දෙසනාවසානෙ චතුරාසීති පාණසහස්සානි අමතපානං පිවිංසු. තෙ ආළවකස්ස තත්ථෙව වසනට්ඨානං කත්වා අනුසංවච්ඡරං බලිකම්මං පට්ඨපෙසුං.
ඉක්බිති ඒ රාජපුරුෂයෝ සතුටු සිතැත්තෝ ඒ දරුවා රැගෙන රජු සමීපයට ගියාහුය. රජතෙමේ දැක, ‘අද සැළිබත නොපිළිගත්තේයයි හැඟීමක් ඇතිකොට ගෙන කුමක් නිසා දරුවනි මෙසේ පැමිණියහුදැයි ඇසීය. දේවයන්වහන්ස, රාජ කුලයට සතුටද අභිවෘද්ධියද (විය.) ශාස්තෘන්වහන්සේ ආළවකගේ විමනෙහි හිඳ ආළවක දමනය කොට උපාසක බැව්හි පිහිටුවා කුමරුවා අපට දෙවූසේකැයි ඔවුහු කීය. ශාස්තෘන්වහන්සේද ආළවක ලවා පාසිවුරු ගන්වාගෙන ආළවිනුවරට අබිමුව වැඩිසේක. හෙතෙම නුවරට එළඹෙන්නේ ලජ්ජාවී පසුබායි. ශාස්තෘන්වහන්සේ බලා ආළවක ලජ්ජා වෙහිදැයි ඇසූ සේක. ‘එසේය ස්වාමීනි, නුවර වැසියෝ මානිසා මවු මරණයට පියමරණයට හා අඹුදරු මරණයටද පැමිණියාහුය. ඔවුහු මා දැක දඬුවලින්ද ගල්වලින්ද පහර දෙන්නාහුය. එහෙයින් පසුබාමි ස්වාමීනි’යි හෙතෙම කීවේය. ‘ආළවක, මා සමඟ යන්නාවූ ඔබට බියක් නැත. නිසැකව එවයි වදාරා නුවරට නුදුරු තන්හි වනලැහැබක සිටිසේක. ආළවක රජතෙමෙද නුවරුන් ගෙන ශාස්තෘන්වහන්සේට පෙරගමන් ගියේය. ශාස්තෘන්වහන්සේ පැමිණි පිරිසට දහම් දෙසූ සේක. දෙසුව අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් පීහ. ඔවුහු ආළවකට එහිම විසීමට තැනක් තනා අවුරුදුපතා බලිකර්ම පිහිටූහ.
ආළවකොපි නාගරෙ ධම්මිකාය රක්ඛාය සඞ්ගණ්හි. සොපි ආළවකකුමාරො වුඩ්ඪිප්පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා තීණි මග්ගඵලානි පටිවිජ්ඣි. සො සබ්බකාලං අරියසාවකඋපාසකානං පඤ්චහි සතෙහි පරිවුතො චරති. අථෙකදිවසං තෙහි උපාසකෙහි සද්ධිං සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා සුවිනීතං පරිසං දිස්වා “මහතී තෙ, ආළවක, පරිසා, කථං තං සඞ්ගණ්හාසී”ති ආහ. භගවා දානෙන තුස්සන්තං දානෙන සඞ්ගණ්හාමි, පියවචනෙන තුස්සන්තං පියවචනෙන සඞ්ගණ්හාමි, උප්පන්නෙසු කිච්චෙසු තෙසං නිත්ථරණෙන තුස්සන්තං උප්පන්නකිච්චනිත්ථරණෙන සඞ්ගණ්හාමි, සමානත්තට්ඨානෙන තුස්සන්තං සමානත්තතාය සඞ්ගණ්හාමීති. එවමෙතං වත්ථු සමුට්ඨිතං. අථ සත්ථා අපරභාගෙ ජෙතවනෙ නිසීදිත්වා උපාසකෙ ඨානන්තරෙසු ඨපෙන්තො හත්ථකං ආළවකං චතූහි සඞ්ගහවත්ථූහි පරිසං සඞ්ගණ්හන්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ආළවකතෙමේත් ධාර්මික ආරක්ෂාවෙන් සංග්‍රහ කළේය. ඒ ආළවක කුමරුවාත් වැඩිවියට පැමිණියේ ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා තුන්මගපල අවබෝධ කළේය. හෙතෙම හැම කල්හි ආර්‍ය්‍යශ්‍රාවක උපාසකවරුන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ හැසිරෙයි. ඉක්බිති එක් දිනක් ඒ උපාකවරුන් සමඟ ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ මනාව හික්මුණු පිරිස දැක ‘ආළවක, ඔබගේ පිරිස මහත්ය. කෙසේ ඒ පිරිසට සංග්‍රහ කරහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, දීමෙන් සතුටුවන්නහු දීමෙන් සංග්‍රහ කරමි. ප්‍රියවචනයෙන් සතුටුවන්නහු ප්‍රියවචනයෙන් සංග්රය කරමි. කළයුතුදේ ඇතිකල්හි ඒවා අවසන්කිරීමෙන් සතුටුවන්නහු උපන්කිස නිම කිරීමෙන් සංග්‍රහ කරමි. සමානස්ථානයේ සතුටුවන්නහු සමානාත්මතාවෙන් සංග්‍රහ කරමි’යි කීවේය. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම වැඩහිඳ උවසුවන් තනතුරුවල තබන සේක් හත්ථක ආළවක සතරසංග්‍රහවස්තුවෙන් පිරිසට සංග්රහකරන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.
මහානාමසක්කවත්ථු
මහානාමශාක්‍ය
පඤ්චමෙ පණීතදායකානන්ති පණීතරසදායකානං මහානාමො සක්කො අග්ගොති දස්සෙති. සො කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං උපාසකං පණීතරසදායකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුපුරෙ සක්යරාජකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො දසබලස්ස පඨමදස්සනෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාසි.
පස්වැන්නෙහි පණීතදායකානං යන්නෙන් ප්රණීතරස දෙන්නවුන් අතුරින් මහානාම ශාක්‍ය තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසන්නේ එක් උවසුවකු ප්රණීතරසදායයන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්පලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කපිපුරයෙහි ශාක්යරජකුලයෙහි ඉපිද වියපත් වූයේ භාග්‍යවතුන්වහන්සේගේ පළමු දැකීමෙන් සෝවාන් පෙලෙහි පිහිටියේය.
අථෙකස්මිං සමයෙ සත්ථා වෙරඤ්ජායං වස්සාවාසං වසිත්වා අනුපුබ්බෙන කපිලවත්ථුපුරං ගන්ත්වා නිග්රොධාරාමෙ පටිවසති. මහානාමො “සත්ථා ආගතො”ති සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා අභිවාදෙත්වා එකමන්තං නිසින්නො සත්ථාරං එවමාහ – “භගවා සුතමෙතං ‘භික්ඛුසඞ්ඝො කිර වෙරඤ්ජායං භික්ඛාචාරෙන කිලමතී’ති, මම චතුමාසං භික්ඛුසඞ්ඝස්ස පටිජග්ගනෙ පටිඤ්ඤං දෙථ, අහං භික්ඛුසඞ්ඝස්ස සරීරෙ ඔජං පවෙසෙස්සාමී”ති. සත්ථා අධිවාසෙසි. සො සත්ථු අධිවාසනං විදිත්වා පුනදිවසතො පට්ඨාය බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතරසභොජනචතුමධුරාදීහි පටිජග්ගිත්වා පුන චතුමාසං පටිඤ්ඤං ගහෙත්වා අට්ඨ මාසෙ පූරෙත්වා පුන චතුමාසං පටිඤ්ඤං ගහෙත්වා සකලසංවච්ඡරං පටිජග්ගි. සත්ථා තතො පරං පටිඤ්ඤං නාදාසි. මහානාමො පන තතො පට්ඨාය අපරාපරං සම්පත්තභික්ඛුසඞ්ඝස්ස තෙනෙව නියාමෙන සක්කාරං කරොති. තස්ස සො ගුණො සකලජම්බුදීපෙ පාකටො ජාතො. එවමෙතං වත්ථු සමුට්ඨිතං. සත්ථා පන අපරභාගෙ ජෙතවනෙ නිසීදිත්වා මහානාමං සක්කං පණීතදායකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඉක්බිති ඒ කලෙක ශාස්තෘන්වහන්සේ වේරඤජාවෙහි වස් වැස පිළිවෙළින් කපිලපුරයට ගොස් නිග්රොධාරාමයෙහිවසන සේක. මහානාමතෙමේ ශාස්තෘන්වහන්සේ වැඩිසේකැයි අසා උන්වහන්සේ වෙත ගොස් වැඳ එකත්පසෙක හුන්නේ ශාස්තෘන්වහන්සේට මෙසේ කීවේය: ‘භාග්‍යවතුන් වහන්ස, භික්ෂුෂංඝයා වේරඤජාවෙහි පිඬුහැසිරීමෙන් වෙහෙසෙතියි මවිසින් අසනලදී. සිවුමසක් බික්සඟන පිළිදැඟුම් කිරීමෙහි පිළිණ දෙනු මැනව. මම භික්ෂුසංඝයාගේ ශරීරයෙහි ඔජස් පිවිසුවමි.’ ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළ සේක. හාස්තෘන්වහන්සේගේ පිළිගැනීම දැන දෙවැනි දිනයෙහි පටන් බුදුපාමොක් බික්සඟන පිඬුරසබොජුන් චතුමධුර ආදියෙන් පිළිදැඟුම්කොට යළි සිවුමසකට පිළිණ ගෙන අටමසක් සපුරා යළිසිවුමසකට පිළිණ ගෙන මුළු අවුරුද්ද පිළිදැඟුම් කළේය. ශාස්තෘන්වහන්සේ එතැන්සිට පිළිණ නොදුන්සේක. මහානාම තෙමේ එතැන්පටන් වරින්වර සැපැමිණි බික්සඟනට ඒ අයුරින්ම සත්කාර කරයි. ඔහුගේ ඒ ගුණය සියලු දඹදිව පළට විය. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩහිඳ මහානාම ශාක්‍යයා ප්රණීතදායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.
උග්ගගහපතිවත්ථු
උග්ගගහපති
ඡට්ඨෙ මනාපදායකානන්ති මනාපං චිත්තරුචිතභොජනං දායකානං උග්ගො ගහපති, වෙසාලිකො අග්ගොති දස්සෙති. සො කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො අපරභාගෙ සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං උපාසකං මනාපදායකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං සෙට්ඨිකුලෙ නිබ්බත්ති. තස්ස ජාතකාලෙ නාමං අනියාමිතං. අපරභාගෙ පනස්ස අත්තභාවොපි උග්ගතො අහොසි සමිද්ධො, අලඞ්කතතොරණං විය උස්සිතචිත්තපටො විය ච අතිවිරොචිත්ථ. ගුණාපිස්ස උග්ගතා අහෙසුං. සො ඉමෙසං ද්වින්නම්පි උග්ගතත්තා උග්ගසෙට්ඨිත්වෙව සඞ්ඛං ගතො. සො පනායං දසබලස්ස පඨමදස්සනෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාය අපරභාගෙ තීණිපි මග්ගඵලානි සච්ඡාකාසි. සො අත්තනො මහල්ලකකාලෙ රහොගතො නිසීදිත්වා චින්තෙසි – “යං යං මය්හං පියං මනාපං, තං තදෙව දසබලස්ස දස්සාමි, ඉදං මෙ සත්ථු සම්මුඛාපි සුතං ‘මනාපදායී ලභතෙ මනාප’”න්ති. අථස්ස එතදහොසි – “අපි නු ඛො මෙ චිත්තං ජානිත්වා සත්ථාපි නිවෙසනද්වාරං ආගච්ඡෙය්‍යා”ති.
සයවැන්නෙහි මනාපදායකානං යන්නෙන් මනාප, සිත් අලවන බොජුන් දෙන්නවුන් අතුරින් උග්‍ර ගෘහපති වෙසාලික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්ම කථාව අසමින් එක් උවසුවකු මනාපදෙස දෙන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි විශාලාමහනුවර සිටුකුලයක උපන්නේය. ඔහුගේ උපන්කල නම නියමිත නොවීය. මෑතකාලයෙහි ඔහුගේ ආත්මභාවයද උසස් වූයේය. සමෘද්ධ වූයේය. සැරසූ තොරණක් මෙන්ද ඔසවන ලද සිතුවම්පටක් මෙන්ද අතිශයන් බැබළීය. ගුණයෝද උසස්වූහ. හෙතෙම මේ දෙකින්ම උසස්වූ බැවින් උග්ගසෙට්ඨියයි ප්‍රසිද්ධියට පත්විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ පළමු දැක්මෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා පසුකාලයෙහි තුනමගපලම පසක් කළේය. හෙතෙම තමන්ගේ මහළු කල්හි රහිසිගතව හිඳ, යම්යම් දෙයක් මට ප්‍රියද මනාපද ඒ ඒ දෙයම භාග්යවතුවහන්සේට දෙන්නෙමි. ‘මනාපදෙය දෙන්නා මනාප දෙය ලබයි’ යන මෙය මා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙන්ද අසන ලදියි සිතුවේය. ඉක්බිති ඔහුට, භාග්‍යවතුන් වහන්සේ මගේ සිත දැන නිවසදොරටුවට වඩින්නේ නම් මැනවැයිද අදහස් විය.
සත්ථාපි ඛො තස්ස චිත්තං ඤත්වා භික්ඛුසඞ්ඝපරිවුතො නිවෙසනද්වාරෙයෙව පාතුරහොසි. සො “සත්ථා ආගතො”ති සුත්වා අතිවිය උස්සාහජාතො දසබලස්ස සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා සත්ථු පත්තං පටිග්ගහෙත්වා ඝරං පවෙසෙත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ සත්ථාරං, අවසෙසආසනෙසු භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නානග්ගරසෙහි පරිවිසිත්වා භත්තකිච්චපරියොසානෙ එකමන්තං නිසීදිත්වා එවමාහ – “සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං ‘මනාපදායී ලභතෙ මනාප’”න්ති. යං යං, භන්තෙ, මය්හං මනාපං, තං තං මයා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දින්නමෙවා”ති සත්ථාරං ජානාපෙත්වා තතො පට්ඨාය යං යං තස්ස මනාපං, තං තං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දෙති. තං පන සබ්බං පඤ්චකනිපාතෙ උග්ගසුත්තෙ විත්ථාරතො ආගමිස්සති. එවමෙතං වත්ථු සමුට්ඨිතං. සත්ථා අපරභාගෙ ජෙතවනෙ විහරන්තො තං උපාසකං මනාපදායකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ශාස්තෘන්වහන්සේද ඔහුගේ සිත දැන බික්සඟනවිසින් පිරිවිරන ලදසේක් නිවස දොරටුවෙහිම පහළවූ සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩියහයි දැන බෙහෙවින් උත්සාහවත්වූයේ භාග්‍යවතුන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය පිළිගෙන ගෙට වැඩමවා පනවනලද බුදු අසුනෙහි ශාස්තෘන්වහන්සේවද සෙසු අසුන්හි බික්සඟනද හිඳුවා බුදුපාමොක් බික්සඟන නොයෙක් අග්රරසයන්ගෙන් වළඳවා බත්කිස අවසන්හි එකත්පසෙක හිඳ මෙසේ කීවේය: ‘ස්වාමීනි, මනාප දෙය දෙන්නා මනාප දෙය ලබන්නේය යන මෙය භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නාලදී. ස්වාමීනි යමක් යමක් මට මනාප වේද? ඒ ඒ දෙය මවිසින් බුදුපාමොක් මහසඟනට දෙන ලද්දේමය’යි ශාස්තෘන්වහන්සේ දැනුවත් කරවා එතැන් පටන් යමක් යමක් ඔහුට මනාපවේද? ඒ ඒ දෙය බුදුපාමොක් බික්සඟනට දෙයි. ඒ සියල්ල පංචක නිපාතයෙහි උග්ග සූත්‍රයෙහි විස්තර වශයෙන් එයි. මෙසේ මේ කථා වස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වැඩසිටින සේක් ඒ උවසුවා මනාපදෙය දෙන්නවුන් අතුරින් අගතන්හි තැබූසේක.
උග්ගතගහපතිවත්ථු
උග්ගතගෘහපති
සත්තමෙ සඞ්ඝුපට්ඨාකානන්ති භික්ඛුසඞ්ඝස්ස උපට්ඨාකානං හත්ථිගාමකො උග්ගතො ගහපති, අග්ගොති දස්සෙති. සොපි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො අපරභාගෙ සත්ථු ධම්මදෙසනං සුත්වා සත්ථාරං එකං උපාසකං සඞ්ඝුපට්ඨාකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ හත්ථිගාමෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති, තස්ස උග්ගතකුමාරොති නාමං අකංසු.
සත්වැන්නෙහි සංඝුපටටාකානං යන්නෙන් බික්සඟනට උවටැන් කරන්නවුන් අතුරින් හත්‍ථිගාමවාසී උග්ගතගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනාව අසා එක් උවසුවකු සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි හත්ථි ගමෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහුට උග්ගතකුමාරයයි නම් කළාහුය.
සො අපරභාගෙ ඝරාවාසෙ පතිට්ඨිතො පිතු අච්චයෙන සෙට්ඨිට්ඨානං පාපුණි. තෙන සමයෙන සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරන්තො හත්ථිගාමං පත්වා නාගවනුය්යානෙ විහරති. තදා අයං උග්ගතසෙට්ඨි සත්තාහං පානමදමත්තො හුත්වා නාටකෙහි පරිවුතො නාගවනුය්යානං ගන්ත්වා පරිචාරයමානො දසබලං දිස්වා බලවහිරොත්තප්පං පච්චුපට්ඨාපෙසි. අථස්ස සත්ථාරං උපසඞ්කමන්තස්ස සබ්බො සුරාමදො අබ්භත්ථං අගමාසි. සො සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. අථස්ස සත්ථා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ තීණි මග්ගඵලානි පටිවිජ්ඣි. තතො පට්ඨාය නාටකානි “තුම්හෙ යථාසුඛං ගච්ඡථා”ති විස්සජ්ජෙත්වා දානාභිරතො හුත්වා භික්ඛුසඞ්ඝස්ස දානමෙව දෙති. දෙවතා රත්තිභාගසමනන්තරෙ ආගන්ත්වා සෙට්ඨිස්ස ආරොචෙන්ති – “ගහපති, අසුකො භික්ඛු තෙවිජ්ජො, අසුකො භික්ඛු ඡළභිඤ්ඤො, අසුකො සීලවා, අසුකො දුස්සීලො”ති. සො තාසං වචනං සුත්වාපි ගුණං තාව යථාභූතතො ජානාති, දෙය්යධම්මං පන සමචිත්තෙනෙව දෙති. සත්ථු සන්තිකෙ නිසීදිත්වාපි තමෙව ගුණං කථෙති. අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසීදිත්වා තං ගහපතිං සඞ්ඝුපට්ඨාකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
හෙතෙම පසුකලෙක ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්විය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණලද්දාහු චාරිකාවෙහි හැසිරෙමින් හත්‍ථිගමට පැමිණ නාගවන උද්‍යානයෙහි වාසය කරනසේක. එකල්හි මේ උග්ගත සිටුතෙමේ සත්දිනක් මත්පැනින් මත්වූයේ නාටක (ස්ත්‍රීන්) විසින් පිරිවරන ලද්දේ නාගවන උයනට ගොස් හැසිරෙන්නේ භාග්‍යවතුන්වහන්සේ දැක බලවත්සේ ලජ්ජාබියට එළඹුණේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ වෙතට ළං වත් ළංවත්ම ඔහුගේ සියලු සුරාමදය සිඳී ගියේය. හෙතෙම ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ දම්දෙසූ සේක. දෙසුම අවසන්හි තුන්මගපල අවබෝධ කළේය. එතැන් පටන් ‘නුඹලා කැමැති ලෙස යවු’යයි නාටක (ස්ත්‍රීන්)යවා දානයෙහි සිත් අලවා බික්සඟනට දන්ම දෙයි. දේවතාවෝ රැකාලය තුළ පැමිණ සිටාණන්ට අසුවල් භික්ෂුව ත්‍රිවිද්‍යාප්‍රාප්තය: අසූවල් භික්ෂුව ෂඩභිඥාප්‍රාප්තය: අසුවලා සිල්වත්ය: අසුවලා දුසිල්වත්ය’යි සැළකරති. හෙතෙම ඔවුන්ගේ වචනය අසා ගුණවතුන් ඇතිසැටියෙන් දනියි. දියයුතුදේ සමසිතින්ම දෙයි. ශාස්තෘන් වහන්සේ සමීපයෙහි හිඳිගෙනද ඒ ගුණයම කියයි. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රම්හි වැඩහිද ඒ ගැහැවියා සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
සූරම්බට්ඨවත්ථු
සුරම්බට්ඨ
අට්ඨමෙ අවෙච්චප්පසන්නානන්ති අවිගච්ඡනසභාවෙන අචලෙන පසාදෙන සමන්නාගතානං සූරම්බට්ඨො අග්ගොති දස්සෙති. අයං කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො සත්ථු ධම්මකථං සුත්වා සත්ථාරං එකං උපාසකං අවෙච්චප්පසන්නානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සෙට්ඨිකුලෙ නිබ්බත්ති, සූරම්බට්ඨොතිස්ස නාමං අකංසු.
අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යන්නෙන් ඉවත්ව නොයන ස්වභාවයෙන් නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවන් අතුරින් සූර අම්බට්ඨ තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්ගේ ධර්මකථාව අසා එක් උවසුවෙකු ඉවත්නොවන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයෙහි උපන්නේය. ඔහුට සූරම්බටඨයයි නම් කළාහුය.
සො අපරභාගෙ වයප්පත්තො ඝරාවාසෙ පතිට්ඨාය අඤ්ඤතිත්ථියානං උපට්ඨාකො හුත්වා චරති. අථ සත්ථා පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො තස්ස සොතාපත්තිමග්ගහෙතුං දිස්වා භික්ඛාචාරවෙලාය නිවෙසනද්වාරං අගමාසි. සො දසබලං දිස්වා චින්තෙසි – “සමණො ගොතමො මහාකුලෙ චෙව ජාතො, ලොකෙ ච අභිඤ්ඤාතො, තෙනස්ස සන්තිකං අගමනං නාම න යුත්ත”න්ති සත්ථු සන්තිකං ගන්ත්වා පාදෙසු වන්දිත්වා පත්තං ගහෙත්වා ඝරං පවෙසෙත්වා මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා භික්ඛං දත්වා භත්තකිච්චපරියොසානෙ එකමන්තං නිසීදි. සත්ථා තස්ස චරිතවසෙන ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සත්ථාපි තං දමෙත්වා විහාරමෙව ගතො.
හෙතෙම පසුකාලයෙහි ගිහිවාසයෙහි පිහිටියේ අන්තොටුවන්ට උවසුවෙක්ව හැසිරෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදෑසන කල්හි ලොව බලා වදාරණසේක් ඔහුට සෝවාන් මගට හේතු දැක පිඬුහැසිරෙන වේලෙහි නිවස දොරටුවට වැඩිසේක. මෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක මෙසේ සිතීය: ශ්‍රමණ භවත් ගෞතමයෝ උසස් කුලයෙහි උපන්නෝද ලොව බෙහෙවින් පළට වූවෝද වෙත්. එබැවින් ඔවුන්ගේ සමීපයට නොයාම නොසුදුසුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පාවැඳ නිවසට පිවිසුවා ඉතාවටිනා පළඟක හිඳුවා භික්ෂාව දී බත්කිස අවසන්හි එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුට චරිත වශයෙන් දහම් දෙසුසේක. දෙසුම අවසන්හි (හෙතෙම) සෝවාන් පෙලෙහි පිහිටියේය. ශාස්තෘන්වහන්සේද ඔහු දමනය කොට විහාරයටම වැඩිසේක.
තතො මාරො චින්තෙසි – “අයං සූරම්බට්ඨො නාම අම්හාකං සන්තකො, සත්ථා පනස්ස අජ්ජ ගෙහං ගතො, කිං නු ඛො සත්ථු ධම්මං සුත්වා මග්ගපාතුභාවං අකරිත්ථාති යාවස්ස මම විසයා අතික්කන්තභාවං වා අනතික්කන්තභාවං වා ජානාමී”ති අත්තනො කාමරූපිතාය දසබලස්ස සරික්ඛකං රූපං මාපෙත්වා චීවරග්ගහණම්පි පත්තග්ගහණම්පි බුද්ධාකප්පෙනෙව කත්වා ද්වත්තිංසලක්ඛණධරො හුත්වා සූරම්බට්ඨස්ස ගෙහද්වාරෙ අට්ඨාසි. සූරම්බට්ඨොපි “පුන දසබලො ආගතො”ති සුත්වා “බුද්ධානං අනිය්යානිකගමනං නාම නත්ථි, කෙන නු ඛො කාරණෙන ආගතො”ති වෙගෙන “දසබලො”ති සඤ්ඤාය තස්ස සන්තිකං ගන්ත්වා අභිවාදෙත්වා එකමන්තං ඨිතො, “භන්තෙ, තුම්හෙ ඉදානෙව ඉමස්මිං ගෙහෙ භත්තකිච්චං කත්වා ගතා, කිං නු ඛො කාරණං පටිච්ච පුන ආගතත්ථා”ති ආහ. “සූරම්බට්ඨ මයා ධම්මං කථෙන්තෙන එකං අනුපධාරෙත්වා කථිතං. මයා හි පඤ්චක්ඛන්ධා ‘සබ්බෙව අනිච්චා දුක්ඛා අනත්තා’ති කථිතා, න පනෙතෙ සබ්බෙව එවරූපා. එකච්චෙ හි ඛන්ධා නිච්චා ධුවා සස්සතා අත්ථී”ති ආහ.
ඉක්බිති මාරයා මෙසේ සිතුවේය: මේ සූරම්බට්ඨයා නම් අප සතුටුවෙකි. භාග්‍යවතුන්වහන්සේ වනාහි අද (ඔහුගේ) ගෙට ගියසේක. කිමෙක්ද භාග්‍යවතුන්ගේ ධර්මකථාව අසා මග පල පහළ කරගැනීමක් කළේද? මගේ විෂයයෙන් මොහු ඉක්මෙන බව හෝ නොයික්මෙන බව හෝ දනිමි.’ (මෙසේ සිතා) තමන් කැමති ආකාරයෙන් භාග්‍යවතුන්වහන්සේට සමාන වූ රූපයක් මවා සිවුරු ගැනීම් පාත්‍රගැනීම්ද බුද්ධාකල්පයෙන්ම කොට දෙතිස් ලකුණු දරන්නෙක්ව සූරම්බට්ඨගේ ගෙදොරෙහි සිටියේය. සූරම්බට්ඨ තෙමේද යළි දශබලයන්වහන්සේ වැඩිසේකැයි අසා බුදුවරුන්ගේ නම් අනිර්ය්යානික ගමනක් නම් නැත. කවරනම් කරුණකින් වැඩිසේක්දැයි තථාගතයන් වහන්සේයයි හැඟීමෙන් වේගයෙන් ඔහු සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේ ‘ස්වාමීනි, නුඹවහන්සේ දැන්ම මේ ගෙහි බත්කිස කොට වැඩිසේක. කවරකරුණක් නිසා යළි ආවාහුදැයි ඇසුවේය. අම්බට්ඨය, දහම් දෙසන මාවිසින් සොයා නොබලා කියනලද කරුණක් ඇත. මාවිසින් වනාහි සියලුම පඤ්චස්කන්ධයෝ අනිත්‍යයහ. දුඃඛයහ අනාත්මයහයි කියනලද්දාහුය. මේ සියල්ලෝම එසේ නොවෙත්, වෙනස් නොවන්නාවුත් හැමදා පවත්නාවුත් ශාශ්වතිකවූත් ඇතැම් ස්කන්ධයෝත් ඇත්තාහයි කීවේය.
තතො සූරම්බට්ඨො චින්තෙසි – “අයං කථා අතිවිය භාරියා. බුද්ධානඤ්හි අනුපධාරෙත්වා කථනං නාම නත්ථි, දසබලස්ස මාරො කිර පටිපක්ඛො, අද්ධා අයං මාරො භවිස්සතී”ති චින්තෙත්වා – “මාරොසි ත්ව”න්ති ආහ. අරියසාවකෙන කථිතකථා තස්ස ඵරසුප්පහාරො විය අහොසි, තස්මා සකභාවෙන ඨාතුං අසක්කොන්තො “ආම, සූරම්බට්ඨ, අහං මාරො”ති ආහ. “තාදිසානං මාරානං සතම්පි සහස්සම්පි ආගන්ත්වා මම සද්ධං චාලෙතුං න සක්කොති, මහාගොතමො දසබලො මය්හං ධම්මං දෙසෙන්තො ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති බොධෙත්වා දෙසෙසි, මා මෙ ඝරද්වාරෙ තිට්ඨා”ති අච්ඡරං පහරි. මාරො තස්ස වචනං සුත්වා පටිප්ඵරිත්වා කථෙතුං අසක්කොන්තො තත්ථෙව අන්තරධායි. සූරම්බට්ඨොපි සායන්හසමයෙ සත්ථු සන්තිකං ගන්ත්වා මාරෙන කතකිරියං කථෙත්වා, “භන්තෙ, එවං මාරො මම සද්ධං චාලෙතුං වායමිත්ථා”ති ආහ. සත්ථා එතදෙව කාරණං අට්ඨුපත්තිං කත්වා ඉමස්මිං සාසනෙ සූරම්බට්ඨං අවෙච්චප්පසන්නානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඉක්බිති සූරම්බට්ඨ තෙමේ මෙසේ සිතුවේය. මේ කථාව අතිශයන්ම බැරෑරුම්ය. බුදුවරුන්ගේ නම් නොසලකා කීමක් නම් නැත. මාරයා නම් තථාගතයන්වහන්සේට විරුද්ධය. ඒකාන්තයෙන්ම මේ මාරයා වන්නේය’යි සිතා නුඹ මාරයාදැයි ඇසීය. ආර්ය්යශ්රාවකයකු විසින් කියනලද කථාව ඔහුට පොරෝපහරක් මෙන් විය. එබැවින් ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැක්කේ එසේය, අමබ්ට්ඨය, මම මාරයා වෙමි’යි කීවේය. ඔබ වැනි මරුන් සියයක්ද දහසක්ද අවුත් හෝ මාගේ ශ්‍රද්ධාව සෙලවීමට නොහැක්කේය. මහා ගෞතම දශබලයන්වහන්සේ මට දහම් දෙසමින් සියලුසංස්කාරයෝ අනිත්‍යයහයි වටහා දී දේශනා කළසේක. ‘මගේ ගෙදර නොසිටුව’යි අසුරක් ගැසීය. මාරයා ඔහුගේ වචනය අසා විරුද්ධව කථාකිරීමට නොහැක්කේ එහිම අතුරුදහන් වූයේය. සූරඅම්බ්ට්ඨ තෙමේද සවස් කාලයෙහි ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් මාරයා විසින් කරනලද ක්‍රියාව සැල කොට ‘ස්වාමීනි, මාරයා මගේ ශ්‍රද්ධාව සෙලවීමට උත්සාහ කළේය’යි පැවසීය. ශාස්තෘන්වහන්සේ එම කරුණම අර්ත්ථොත්පත්තිකොට මේ ශාසනයෙහි සූරම්බට්ඨ නොසැලෙන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතන්හි තැබූසේක.
ජීවකවත්ථු
ජීවක කොමාරභච්ච
නවමෙ පුග්ගලප්පසන්නානන්ති පුග්ගලියප්පසාදෙන සමන්නාගතානං උපාසකානං ජීවකො කොමාරභච්චො අග්ගොති දස්සෙති. සො හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො. සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං උපාසකං පුග්ගලප්පසන්නානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහනගරෙ අභයරාජකුමාරං පටිච්ච සාලවතියා නාම රූපූපජීවිනියා කුච්ඡිම්හි නිබ්බත්තො. රූපූපජීවිනියො ච නාම විජාතකාලෙ සචෙ පුත්තො හොති, ඡඩ්ඩෙන්ති. සචෙ ධීතා, පටිජග්ගන්ති. ඉති සා තං දාරකං කත්තරසුප්පකෙන සඞ්කාරකූටෙ ඡඩ්ඩාපෙසි. අථ නං අභයො රාජකුමාරො රාජුපට්ඨානං ගච්ඡන්තො තං දිස්වා “කිං, භණෙ, එතං කාකෙහි සම්පරිකිණ්ණ”න්ති මනුස්සෙ පෙසෙත්වා “දාරකො දෙවා”ති. ජීවති, භණෙති, “ජීවති, දෙවා”ති සුත්වා අත්තනො අන්තෙපුරෙ පොසාපෙසි. තස්ස ජීවතීති කථිතත්තා ජීවකොති නාමං අකංසු, කුමාරෙන පොසාපිතොති කොමාරභච්චොති නාමං අකංසු.
නවවැන්නෙහි පුග්ගලප්පසන්නානං යන්නේන් පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකවරුන් අතුරින් ජීවක කොමාරකභවච්තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් උවසුවකු පෞද්ගලික ප්‍රසාදයෙන් යුක්තවූවන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒතනතුර පැතුවේය. හෙතෙම කල්පලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර අභයරාජ කුමරු නිසා සාලවතී නම් රූපයෙන් ජීවත්වන්නිය (වෙසඟන) කගේ කුසෙහි උපන්නේය. වෙසඟනෝ නම් (දරුවෙකු) වැදූ කල්හි ඉදින් පුතෙක් වේ නම් ඉවත දමත්, ඉදින් දියණියක් නම් පෝෂණය කරති. මෙසේ ඕතොමෝ ඒ දරුවා පොළන කුල්ලකින් (ගෙනගොස්) කසළගොඩෙහි දැම්මෙව්වාය. ඉක්බිති අභයරාජකුමාර තෙමේ රාජොපස්ථානය සඳහා යන්නේ ඒ දරුවා දැක ‘යහළුවනි, කවුඩන්විසින් වටකර ගන්නාලද මේ කිමෙක්දැයි මිනිසුන් යවා ‘දරුවෙක් දේවයිනි’ යහළුවනි, ජීවත්වේද? ‘දේවයිනි ජීවත්වේ’ යයි අසා තමන්ගේ අන්තඃපුරයට යැව්වේය. ජීවත්වේ (යන අරුතින්) ඔහුට ජීවකයයි නම් කළාහුය. කුමරුවිසින් පෝෂණය කරන ලද්දේයි කොමාරභවච්යිද නම් කළාහුය.
සො අත්තනො සොළසවස්සුද්දෙසිකකාලෙ තක්කසිලං ගන්ත්වා වෙජ්ජසිප්පං උග්ගණ්හිත්වා බිම්බිසාරරඤ්ඤො සන්තිකා සක්කාරං ලභිත්වා චණ්ඩපජ්ජොතස්ස රඤ්ඤො රොගං ඵාසුකං අකාසි. සො තස්ස පඤ්ච තණ්ඩුලසකටසතානි සොළස කහාපණසහස්සානි දුස්සසහස්සපරිවාරං අනග්ඝං සිවෙය්යකං දුස්සයුගඤ්ච පෙසෙසි. තස්මිං සමයෙ සත්ථා රාජගහං උපනිස්සාය ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරති. ජීවකො සත්ථු උස්සන්නධාතුකෙ කායෙ විරෙචනං දත්වා භෙසජ්ජං කරොන්තො “චත්තාරො පච්චයා මම සන්තකාව හොන්තූ”ති සත්ථාරං අත්තනො විහාරෙ වසාපෙත්වා සත්ථු භෙසජ්ජං කත්වා තං දුස්සයුගං උපනෙත්වා “ඉදං, භන්තෙ, තුම්හෙයෙව පරිභොගං කරොථා”ති වත්වා තෙන සද්ධිං ලද්ධං දුස්සසහස්සං භික්ඛුසඞ්ඝස්ස අදාසි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරෙන පන ජීවකවත්ථු ඛන්ධකෙ (මහාව· 326 ආදයො) ආගතමෙව. සත්ථා අපරභාගෙ ජෙතවනෙ විහරන්තො ජීවකං කොමාරභච්චං පුග්ගලප්පසන්නානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
හෙතෙම තමන්ගේ සොළොස්වියැති කාලයෙහි තක්සලාවට ගොස් වෛද්යශිල්පය උගෙන බිමිබිසාර රජු සමීපයෙන් සත්කාර ලබා චණ්ඩප්‍රද්‍යොත රජුගේ රෝගය සුව කළේය. ඒ රජතෙමේ ඔහුට සහල්ගැල් පන්සියයක්ද කහවණු සොළොස් දහසක්ද වස්ත්‍ර රූපදහසක් පිරිවර කොට ඇති අනගි සීවෙය්‍යක වස්ත්‍ර යුගලයක්ද යැව්වේය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ රජගහනුවර ඇසුරුකොට ගිජුකුළු පව්වෙහි වාසය කරනසේක. ජීවක තෙමේ ශාස්තෘන්වහන්සේගේ ශරීරය උත්සන්නධාතුකවූ කල්හි විරෙචනයක් දී බෙහෙත් කරන්නේ සිවුපසය මා අයත් වූවක්ම වේවායි ශාස්තෘන්වහන්සේ තම වාහාරයෙහි වැඩහිඳුවා උන්වහන්සේට බෙහෙත් කොට ඒ වස්ත්‍ර යුගලය එළවා ‘ස්වාමීනි, මෙය ඔබවහන්සේම පරිභොග කරනු මැනවැ’යි පවසා එය සමඟ ලද වස්ත්‍ර රූප දහස භික්ෂුසංඝයාට දුන්නේය. මේ මෙහි සංක්ෂේපයයි. ජීවක කථාවස්තුව විස්තර වශයෙන් බන්ධකයෙහි ආයේමය. හාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වාසය කරනසේක් ජීවකකොමාරභච්ච පෞද්ගලික ප්‍රසාදය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
නකුලපිතුගහපතිවත්ථු
නකුලපිතා
දසමෙ විස්සාසකානන්ති විස්සාසිකකථං කථෙන්තානං උපාසකානං අන්තරෙ, නකුලපිතා ගහපති, අග්ගොති දස්සෙති. සො කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තො සත්ථු ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං උපාසකං විස්සාසකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ භග්ගරට්ඨෙ සුසුමාරගිරිනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති. සත්ථාපි භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරමානො තං නගරං පත්වා භෙසකළාවනෙ විහරති. අථායං, නකුලපිතා ගහපති, සුසුමාරගිරිවාසීහි සද්ධිං සත්ථු සන්තිකං ගන්ත්වා පඨමදස්සනෙනෙව සො ච භරියා චස්ස දසබලං “අයං අම්හාකං පුත්තො”ති සඤ්ඤං පට්ඨපෙත්වා උභොපි සත්ථු පාදෙසු නිපතිත්වා, “තාත, ත්වං එත්තකං කාලං අම්හෙ ඡඩ්ඩෙත්වා කහං විචරසී”ති ආහංසු. අයං කිර, නකුලපිතා ගහපති, පුබ්බෙ පඤ්ච ජාතිසතානි දසබලස්ස පිතා අහොසි, පඤ්ච ජාතිසතානි චූළපිතා, පඤ්ච ජාතිසතානි මහාපිතා, පඤ්ච ජාතිසතානි මාතුලො, නකුලමාතාපි පඤ්ච ජාතිසතානි මාතා අහොසි, පඤ්ච ජාතිසතානි චූළමාතා, පඤ්ච ජාතිසතානි මහාමාතා, පඤ්ච ජාතිසතානි පිතුච්ඡා. ඉති දීඝරත්තං අනුගතසිනෙහත්තා දසබලං දිස්වාව “පුත්තො”ති සඤ්ඤං කත්වා සණ්ඨාතුං නාසක්ඛිංසු. සත්ථා යාව තෙසං චිත්තං සඤ්ඤත්තිං න ගච්ඡති, තාව “අපෙථා”ති නාවොච. අථ නෙසං යථාමනෙනෙව සතිං පටිලභිත්වා මජ්ඣත්තභූතානං ආසයං ඤත්වා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ උභොපි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු.
දසවැන්නෙහි විස්සාසිකානං යන්නෙන් විශ්වාසීකථා කියන්නවුන් අතුරෙන් නකුලපිතා ගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් එක් උවසුවකු විශ්වාසවන්තයන් අතුරෙනි අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සරිසරා මේ බුද්ධොත්පාදයෙහි භග්ගරටෙහි සුංසුමාරගිර නගරයෙහි සිටු කුලයෙහි උපන්නේය. ශාස්තෘන්වහන්සේද බික්සඟන විසින් පිරිවරනලද සේක් චාරිකාවෙහි හැසිරෙමින් ඒ නගරයට පැමිණ හෙසකලා වනයෙහි වසනසේක. ඉක්බිති මේ නකුලපිතා ගෘහපතිතෙමේ සුංසුමාරගිර වැසියන් සමඟ ශාස්තෘන්වහන්සේ වෙත ගොස් පළමු දැකීමෙන්ම හෙතෙමේත් ඔහුගේ බිරියන් භාග්‍යවතුවහන්සේ තමන්ගේ පුතායයි හැඟීම් උපදවා දෙදෙනාම භාග්‍යවතුන්වහන්සේගේ පාලඟ වැටී දරුව නුඹ මෙතෙක් කල් අප අතහලේ කොහි හැසුරුනෙහිදැයි ඇසුවාහුය. මේ නකුල පිතා ගෘහපති තෙමේ පෙර ජාති පන්සියයක භාග්‍යවතුන්වහන්සේට පියා වූයේය. ජාතිපන්සියයක සුළුපියාද ජාතිපන්සියයක මහපියාණන්ද ජාතිපන්සියයක මාමාද වූයේය. නකුල මාතාවද ජාතිපන්සියයක මවවූවාය. ජාති පන්සියයක සුළුමවද ජාතිපන්සියයක මහම්මාද ජාතිපන්සියයක නැන්දනියද වූවාය. මෙසේ දිගුකලක් අනුව පැමිණි සෙනෙහෙ ඇති බැවින් භාග්‍යවතුන්වහන්සේ දැක පුතායයි හැඟීම් ඇතිකොට (සිහියෙහි) පිහිටන්නට නොහැකිවූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිත අවබෝධයට පැමිණෙන තුරු ඉවත්වන්නැයි නොවදාළහ. ඉක්බිති මනසින්ම සිහි ලැබ මධ්‍යස්ථවූ ඔවුන්ගේ සිතේ ආකාරය දැන දහම් දෙසූසේක. දෙසුම කෙළවර දෙදෙනාම සෝවාන් පෙලෙහි පිහිටියාහුය.
සත්ථා අපරභාගෙ තෙසං මහල්ලකකාලෙ පුන තං නගරං අගමාසි. තෙ “සත්ථා ආගතො”ති සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා ස්වාතනාය නිමන්තෙත්වා පුනදිවසෙ අත්තනො නිවෙසනෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නානග්ගරසෙහි පරිවිසිත්වා සත්ථාරං කතභත්තකිච්චං උපසඞ්කමිත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති, භගවන්තං එතදවොච – “යතො මෙ, භන්තෙ, නකුලමාතා ගහපතානී, දහරස්සෙව දහරා ආනීතා, නාභිජානාමි නකුලමාතරං ගහපතානිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච්ඡෙය්යාම මයං, භන්තෙ, දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු”න්ති. නකුලමාතාපි ඛො, ගහපතානී, භගවන්තං එතදවොච – “යතො අහං, භන්තෙ, නකුලපිතුනො ගහපතිස්ස දහරස්සෙව දහරා ආනීතා, නාභිජානාමි නකුලපිතරං ගහපතිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච්ඡෙය්යාම මයං, භන්තෙ, දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු”න්ති. අථ අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසීදිත්වා උපාසකෙ පටිපාටියා ඨානන්තරෙසු ඨපෙන්තො ඉමං ඉමෙසං ද්වින්නම්පි කථං අට්ඨුප්පත්තිං කත්වා නකුලපිතරං ගහපතිං විස්සාසකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ඔවුන්ගේ මහළුකල යළි ඒ නුවරට වැඩිසේක. ඔවුහු ශාස්තෘන්වහන්සේ වැඩිසේකැයි අසා උන්වහන්සේ වෙතට ගොස් පසඟ පිහිටුවීමෙන් වැඳ හෙට (පිණ්ඩපාතය) සඳහා නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි බුදුපාමොක් බික් සඟන නොයෙක් අග්රරසයන්ගෙන් වළඳවා කරනලද බත්කිස ඇති ශාස්තෘන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක හුන්නාහුය. එකත් පසෙක හුන්නාවූ නකුල පිතා ගෘහපති තෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීවේය: ‘ස්වාමීනි, යම්හෙයකින් ඉතා තරුණවියෙහිවූ මාවිසින් ඉතා තරුණවූ නකුලමාතා ගැහැවිණිය ගෙනෙන ලද්දීය. නකුලමාතා ගැහැවිණිය මනසිනුදු ඉක්මවා හැසිරුනෙමියි නොදනිමි. කයින් වනාහා කෙසේ වේද? ස්වාමීනි, අපි මෙලොවදී ඔවුනොවුන් දැකීමට මෙන්ම පරලොවදී ඔවුනොවුන් දැකීමටද කැමැත්තෙමු. නකුලමාතා ගැහැවිණියද තථාගතයන්වහන්සේට මෙසේ කීවාය: ‘ස්වාමීනි, යම් හෙයකින් ඉතා තරුණුවූ නකුලපිතා ගැහැවියාට ඉතා තරුණවූ මම ගෙනෙන ලද්දීවෙම්ද නකුලපිතා ගැහහැවියා මනසින්ද ඉක්මවා හැසුරුනෙමැයි නොදනිමි. කෙසේනම් කයින් වේද? අපි ස්වාමීනි, මෙලොව ඔවුනොවුන් දැකීමටද පරලොවදී ඔවුනොවුන් දැකීමටද කැමැත්තෙමු’ ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වැඩහිඳ උවසුවන් පළිවෙළින් තනතුරුවල තබනසේක් මේ දෙදෙනාගේම කථාව අර්‍ත්‍ථොත්පත්ති කොට මේ නකුලපිතා ගැහැවි විශ්වාස ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
ඡට්ඨවග්ගවණ්ණනා.
දසසුත්තපටිමණ්ඩිතාය උපාසකපාළියා වණ්ණනා නිට්ඨිතා.
උපාසක පාළිවර්ණනාව නිමියේයි.