යෙදුමෙන් කියවන්න

සුජාතාවත්‍ථු අට‍්ඨකථා

සුජාතාවත්‍ථු

සුජාත සෙනානි

උපාසිකාපාළියා පඨමෙ පඨමං සරණං ගච‍්ඡන‍්තීනන‍්ති සබ‍්බපඨමං සරණෙසු පතිට‍්ඨිතානං උපාසිකානං, සුජාතා නාම, සෙනියධීතා අග‍්ගාති දස‍්සෙති. සාපි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තා අපරභාගෙ සත්‍ථු ධම‍්මකථං සුණන‍්තී සත්‍ථාරං එකං උපාසිකං පඨමං සරණං ගච‍්ඡන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව උරුවෙලායං සෙනානිගමෙ සෙනියකුටුම‍්බිකස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා එකස‍්මිං නිග්‍රොධමූලෙ පත්‍ථනං අකාසි – “සචෙ සමජාතිකං කුලඝරං ගන‍්ත්‍වා පඨමගබ‍්භෙ පුත‍්තං ලභිස‍්සාමි, අනුසංවච‍්ඡරං බලිකම‍්මං කරිස‍්සාමී”ති. තස‍්සා සා පත්‍ථනා සමිජ‍්ඣි.

උපාසිකා පාළියෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡාන්තීනිං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයෙහි පිහිටි උවැසියන් අතුරින් සුජාතා සේනානි දියණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නී එක් උවැසියක පළමුව සරණ ගිය උවැසියන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා අපගේ භාග්‍යවතුන්වහන්සේගේ උපතින් පෙරාතුවම උරුවේලාවෙහි සෙනානි ගමෙහි සෙනානි කෙළෙඹියාගේ ගෙදර ඉපිද වියපත්වූවා ඒක නුගරුකක් වෙත, ‘ඉදින් සමජාතික කුලගෙයකට ගොස් පළමුගැබෙහි පුතෙකු ලබන්නෙම් නම් අවුරුදු පතා බිලියම් කරන්නෙමැ’යි පැතුමක් කළාය. ඇයගේ ඒ පැතුම ඉටුවිය.

සා මහාසත‍්තස‍්ස දුක‍්කරකාරිකං කරොන‍්තස‍්ස ඡට‍්ඨෙ වස‍්සෙ පරිපුණ‍්ණෙ විසාඛපුණ‍්ණමදිවසෙ “පාතොව බලිකම‍්මං කරිස‍්සාමී”ති රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය ධෙනුයො දුහාපෙසි. වච‍්ඡකා ධෙනූනං ථනමූලං න ආගමංසු, ථනමූලෙ නවභාජනම‍්හි උපනීතමත‍්තෙ අත‍්තනොව ධම‍්මතාය ඛීරධාරා පතිංසු. තං අච‍්ඡරියං දිස‍්වා, සුජාතා, සහත්‍ථෙනෙව ඛීරං ගණ‍්හිත්‍වා නවභාජනෙ පක‍්ඛිපිත්‍වා සහත්‍ථෙනෙව අග‍්ගිං කත්‍වා පචිතුං ආරභි. තස‍්මිං පායාසෙ පච‍්චමානෙ මහන‍්තමහන‍්තා බුබ‍්බුළා උට‍්ඨහිත්‍වා දක‍්ඛිණාවත‍්තා හුත්‍වා සඤ‍්චරන‍්ති, එකඵුසිතම‍්පි බහි න නිග‍්ගච‍්ඡති. මහාබ්‍රහ‍්මා ඡත‍්තං ධාරෙසි, චත‍්තාරො ලොකපාලා ඛග‍්ගහත්‍ථා ආරක‍්ඛං ගණ‍්හිංසු, සක‍්කො අලාතානි සමානෙන‍්තො අග‍්ගිං ජාලෙසි. දෙවතා චතූසු දීපෙසු ඔජං සංහරිත්‍වා තත්‍ථ පක‍්ඛිපිංසු. සුජාතා, එකදිවසෙයෙව ඉමානි අච‍්ඡරියානි දිස‍්වා පුණ‍්ණාදාසිං ආමන‍්තෙසි – “අම‍්ම, පුණ‍්ණෙ අජ‍්ජ අම‍්හාකං දෙවතා අතිවිය පසන‍්නා, මයා එත‍්තකං කාලං එවරූපං අච‍්ඡරියං නාම න දිට‍්ඨපුබ‍්බං, වෙගෙන ගන‍්ත්‍වා දෙවට‍්ඨානං පටිජග‍්ගාහී”ති. සා “සාධු, අය්‍යෙ”ති තස‍්සා වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තුරිතතුරිතා රුක‍්ඛමූලං අගමාසි.

ඕතොමෝ දුෂ්කර ක්‍රියා කරන්නාවූ බෝසතුන්ගේ සවැනි වසෙහි පිරිපුන් වෙසක් පොහෝ දිනයෙහි උදෑසනම බිලියම කරන්නෙමැයි රාත්‍රියෙහි අලුයම්හි නැඟිට දෙනුන් දෙවූවාය. වසුපැටව් දෙනුන්ගේ තනමුලට නොගියහ. තනපුඩුවලින්ද බඳුන ළංකළ කල්හි තම ස්වභාවයෙන්ම කිරිදහර වැටුනේය. ඒ අසිරිය දැක සුජාතා සියතින්ම කිරිගෙන අලුත් බඳුනක දමා සියතින්ම ගිනි අවුළුවා පිසීම අරඹුවාය. ඒ පායාසය පිසෙන විට මහත්මහත් බුබුළු නැඟී දකුණට කැරකී පවතියි. එක් බිඳකුදු පිටට නොයයි. මහබඹු සතක් (කුඩයක්) දැරුවේය. ලෝපල්ලෝ සතර දෙනා කඩුගත් අත් ඇත්තාහු රැකවල් ගත්තාහුය. සක්දෙව් තෙමේ ගිනිපෙනෙලි ගෙනෙමින් ගිනි දැල්වූයේය. දේවතාවෝ සතර දිවයිනෙහි ඕජස එකතු කොට ගෙනවුත් එහි බහාපීහ. සුජාතා තෙමෝ එක් දිනයකදීම මේ අසිරිය දැක පුණ්ණා දාසියට ‘දරුව පුණ්ණාවනි, අද අපගේ දේවතාවා බෙහෙවින් පැහැදී ඇත්තීය. අපවිසින් මෙපමණ කලෙක මෙවන් අසිරියක් නම් නුදුටුවිරූය. ඉක්මණින් ගොස් දේවස්ථානය පිළිදැඟුම් කරව’යි පැවසූවාය. ඕතොමෝ ‘මැනවි, ආර්‍ය්‍යාවනි’යි ඇයගේ වචනය පිළිගෙනවහවහා රුක්මුලට ගියාය.

බොධිසත‍්තොපි ඛො භික‍්ඛාචාරකාලං ආගමයමානො පාතොව ගන‍්ත්‍වා රුක‍්ඛමූලෙ නිසීදි. රුක‍්ඛමූලං සොධනත්‍ථාය ගතා පුණ‍්ණා ආගන‍්ත්‍වා සුජාතාය ආරොචෙසි – “දෙවතා රුක‍්ඛමූලෙ නිසින‍්නා”ති. සුජාතා, “සචෙ ජෙ සච‍්චං භණසි, අදාසිං කරොමී”ති වත්‍වා සබ‍්බපසාධනං පසාධෙත්‍වා සතසහස‍්සග‍්ඝනකෙ සුවණ‍්ණථාලෙ පායාසං වඩ‍්ඪෙත්‍වා අපරාය සුවණ‍්ණපාතියා පිදහිත්‍වා සෙතවත්‍ථෙන සම‍්පලිවෙඨෙත්‍වා සමන‍්තා ගන්‍ධදාමමාලාදාමානි ඔසාරෙත්‍වා උක‍්ඛිපිත්‍වා ගන‍්ත්‍වා මහාපුරිසං දිස‍්වා බලවපීතිං උප‍්පාදෙත්‍වා දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔණතොණතා ගන‍්ත්‍වා සීසතො ථාලං ඔතාරෙත්‍වා විවරිත්‍වා සහෙව පාතියා පායාසං මහාපුරිසස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා වන්‍දිත්‍වා “යථා මය‍්හං මනොරථො නිප‍්ඵන‍්නො, එවං තුම‍්හාකම‍්පි නිප‍්ඵජ‍්ජතූ”ති වත්‍වා පක‍්කාමි. බොධිසත‍්තො නෙරඤ‍්ජරාය නදියා තීරං ගන‍්ත්‍වා සුවණ‍්ණථාලං තීරෙ ඨපෙත්‍වා න‍්හත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකූනපණ‍්ණාස පිණ‍්ඩෙ කරොන‍්තො පායාසං පරිභුඤ‍්ජිත්‍වා සුවණ‍්ණපාතිං නදියා සම‍්පවාහෙත්‍වා අනුක‍්කමෙන බොධිමණ‍්ඩං ආරුය‍්හ සබ‍්බඤ‍්ඤුතං පත්‍වා සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ අතික‍්කමිත්‍වා ඉසිපතනෙ මිගදායෙ පවත‍්තිතවරධම‍්මචක‍්කො සුජාතාය පුත‍්තස‍්ස යසදාරකස‍්ස උපනිස‍්සයං දිස‍්වා ගන‍්ත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි.

බෝසත්තේමේද පිඬුපිණිස හැසිරෙන වේලාව බලාපොරොත්තු වෙමින් උදෑසනින්ම ගොස් රුක්මුලෙහි හුන්නේය. රුක්මුල පිරිසුදු කිරීම සඳහා ගිය පුණ්ණා අවුත්, ‘දේවතාවා රුක්මුලෙහි හුන්නා’යයි සුජාතාට සැළකළාය. සුජාතා තොමෝ, කෙල්ල, ඉදින් ඔබ ඇත්තක් කියහිනම් අදාසි (දාසියක් නොවන්නි) යකැයි පවසා සියලු අබරණින් සරසවා ලක්‍ෂයක් අගනා රන්තලියකට පායාසය වඩා වෙනත් රන්බඳුනකින් වසා සුදුවතින් වෙළා හාත්පසින් සුවඳ මල්දම් විසුරුවා ඔසවා ගෙන ගියා බෝසතුන් දැක බලවත් සතුට උපදවා දුටු තන්හි සිට නැමි නැමී ගොස් හිසින් තළිය බහ තබා විවර කොට බඳුන සමඟම පායාසය බෝසතුන්ගේ අතෙහි තබා වැඳ යම්සේ මගේ මනදොළ සපිරිණිද එසේ නුඹවහන්සේගේද (මනදොළ) සපිරේවායි පවසා නික්මුණාය. බෝසත්තෙමේ නෙරංජන නදී තෙරට ගොස් රන්තලිය තෙරෙහි තබා නහා ගොඩට අවුත් එකුන්පනසක් පිඬු කරමින් පායාසය වළඳා රන්තලිය නදියෙහි පාකොට පිළිවෙළින් බෝමැඬට නැඟ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ ඉක්මවා ඉසිපතන මිගදායෙහි පවත්වනලද උතුම් දම්සක් ඇත්තේ සුජාතාගේ පුත්වූ යස කුලපුතුගේ හේතුසම්පත් දැක ගොස් එක්තරා රුකක් මුලක වැඩහුන්නේය.

යසොපි කුලපුත‍්තො රත‍්තිභාගසමනන‍්තරෙ විවටං ඉත්‍ථාගාරං දිස‍්වා සඤ‍්ජාතසංවෙගො “උපද‍්දුතං වත, භො, උපසට‍්ඨං වත, භො”ති වත්‍වා නිවෙසනතො නික‍්ඛමිත්‍වාව බහිනගරෙ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා තීණි මග‍්ගඵලානි පටිවිජ‍්ඣි. අථස‍්ස පිතා පදානුපදිකං ගන‍්ත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා යසස‍්ස පවත‍්තිං පුච‍්ඡි. සත්‍ථා යසං කුලපුත‍්තං පටිච‍්ඡාදෙත්‍වා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සො සෙට‍්ඨිගහපති සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, යසො අරහත‍්තඵලං පාපුණි. තං භගවා “එහි භික‍්ඛූ”ති ආහ, තාවදෙවස‍්ස ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, ඉද‍්ධිමයපත‍්තචීවරධරො අහොසි. පිතාපිස‍්ස සත්‍ථාරං නිමන‍්තෙසි. සත්‍ථා යසං කුලපුත‍්තං පච‍්ඡාසමණං කත්‍වා තස‍්ස ඝරං ගන‍්ත්‍වා කතභත‍්තකිච‍්චො ධම‍්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ යසස‍්ස මාතා, සුජාතා, පුරාණදුතියිකා ච සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. තංදිවසං අයං, සුජාතා, තෙවාචිකසරණෙ පතිට‍්ඨාසි සද‍්ධිං සුණිසාය. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙතං වත්‍ථු ඛන්‍ධකෙ (මහාව· 25-28) ආගතමෙව. සත්‍ථා අපරභාගෙ පටිපාටියා උපාසිකායො ඨානන‍්තරෙසු ඨපෙන‍්තො ඉමං උපාසිකං පඨමං සරණං ගච‍්ඡන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

යසකුලපුත්තෙම්ද රෑකාලය අතරතුර විවරවූ ස්ත්‍රීන්ගේ නිවාසාගාරය දැක හටගත් සංවේග ඇත්තේ ඒකාන්තයෙන්ම ‘උවදුරට පත්වීමකි, විපතට පත්වීමකි’යි පවසා නිවෙසින් නික්ම නුවරින් පිටත භාග්‍යවතුන් වෙත ගොස් දම්දෙසුම අසා තුන්මඟපල පසක් කළේය. ඉක්බිති ඔහුගේ පියා පියවර අනුව අවුත් භාග්‍යවතුන් වෙත එළඹ යසගේ පුවත් විමසීය. ශාස්තෘන්වහන්සේ යස කුලපුතු සඟවා දහම් දෙසූසේක. දෙසුම කෙළවර සිටුගැහැවි තෙමේ සෝවාන් පෙලෙහි පිහිටියේය. යස රහත්පලයට පැමිණියේය. භාගයවතුන්වහන්සේ ඔහුට ‘එව මහණැ’යි පැවසූ සේක. එකෙණෙහිම ඔහුගේ ගිහි ලක්‍ෂණ අතුරුදහන්විය. සෘද්ධිමය පාත්‍රසිවුරු දරන්නේ මහතෙර කෙනෙකු මෙන් විය. ඔහුගේ පියාද ශාස්තෘන්වහන්සේ (දානය සඳහා) නිමන්ත්‍රණය කළේය. ශාස්තෘන්වහන්සේ යස කුලපුතු කැටුවයන මහණකොට ඔහුගේ ගෙට ගොස් කරනලද බත්කිස ඇතිසේක් දහම් දෙසූසේක. දෙසුම කෙළවර යසගේ මව සුජාතාද පැරණි බිරියද සෝවාන් පෙළෙහි පිහිටියාහුය. එදවස මේ සුජාතා තොමෝ ලේලිය සමඟ තේවාචික සරණයෙහි පිහිටියේය. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් මේ කථාවස්තුව ඛන්‍ධකයෙහි ආයේමය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි පිළිවෙළින් උවැසියන් තනතුරුවල පිහිටුවන සේක් මේ උවැසිය පළමුව සරණ යන්නියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.