විසාඛාවත්ථු අට්ඨකථා
විසාඛාවත්ථු
විසාඛා මිගාරමාතා
දුතියෙ දායිකානන්ති දානාභිරතානං උපාසිකානං, විසාඛා මිගාරමාතා, අග්ගාති දස්සෙති. සා කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තා අපරභාගෙ සත්ථු ධම්මදෙසනං සුණන්තී සත්ථාරං එකං උපාසිකං දායිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ සත්තන්නං භගිනීනං සබ්බකනිට්ඨා හුත්වා නිබ්බත්ති. තදා කිර –
දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
“සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා; ධම්මා චෙව සුධම්මා ච, සඞ්ඝදාසී ච සත්තමා”ති.
සමණී, සමණගුත්තා, භික්ඛුනී, භික්ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
ඉමා සත්ත භගිනියො අහෙසුං. තා එතරහි – “ඛෙමා උප්පලවණ්ණා ච, පටාචාරා ච ගොතමී; ධම්මදින්නා මහාමායා, විසාඛා චෙව සත්තමී”ති. –
මේ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්‍රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
එවංනාමා හුත්වා නිබ්බත්තා. තත්රායං සඞ්ඝදාසී එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ අඞ්ගරට්ඨෙ භද්දියනගරෙ මෙණ්ඩකසෙට්ඨිපුත්තස්ස ධනඤ්චයසෙට්ඨිනො අග්ගමහෙසියා සුමනදෙවියා නාම කුච්ඡිස්මිං නිබ්බත්ති, විසාඛාතිස්සා නාමං අකංසු. තස්සා සත්තවස්සිකකාලෙ දසබලො සෙලබ්රාහ්මණස්ස ච අඤ්ඤෙසඤ්ච බොධනෙය්යබන්ධවානං උපනිස්සයසම්පත්තිං දිස්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො චාරිකං චරමානො තස්මිං රට්ඨෙ තං නගරං පාපුණි.
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛායයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්‍යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක.
තස්මිඤ්ච සමයෙ මෙණ්ඩකො ගහපති තස්මිං නගරෙ පඤ්චන්නං මහාපුඤ්ඤානං ජෙට්ඨකො හුත්වා සෙට්ඨිට්ඨානං කාරෙසි. පඤ්ච මහාපුඤ්ඤා නාම මෙණ්ඩකො සෙට්ඨි, චන්දපදුමා නාම තස්සෙව අග්ගමහෙසී, තස්ස ච පුත්තො ධනඤ්චයො නාම, තස්ස භරියා සුමනදෙවී නාම, මෙණ්ඩකසෙට්ඨිස්ස දාසො පුණ්ණො නාමාති. න කෙවලඤ්ච මෙණ්ඩකසෙට්ඨියෙව, බිම්බිසාරමහාරාජස්ස පන ආණාපවත්තිට්ඨානෙ පඤ්ච අමිතභොගා නාම අහෙසුං ජොතිකො ජටිලො මෙණ්ඩකො පුණ්ණො කාකවලියොති. තෙසු අයං මෙණ්ඩකසෙට්ඨි දසබලස්ස අත්තනො නගරං සම්පත්තභාවං සුත්වා පුත්තස්ස ධනඤ්චයසෙට්ඨිනො ධීතරං විසාඛාදාරිකං පක්කොසිත්‍වා එවමාහ – “අම්ම, තුය්හම්පි මඞ්ගලං අම්හාකම්පි මඞ්ගලං, තව පරිචාරිකාහි පඤ්චදාරිකාසතෙහි සද්ධිං පඤ්ච රථසතානි ආරුය්හ පඤ්චහි දාසිසතෙහි පරිවුතා දසබලස්ස පච්චුග්ගමනං කරොහී”ති. සා පිතාමහස්ස වචනං සුත්වා තථා අකාසි. කාරණාකාරණෙසු පන කුසලත්තා යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකාව සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථස්සා චරිතවසෙන සත්ථා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ පඤ්චහි දාරිකාසතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. මෙණ්ඩකසෙට්ඨිපි ඛො සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථ සත්ථා තස්සපි චරිතවසෙන ධම්මං දෙසෙසි. සො දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථාරං ස්වාතනාය නිමන්තෙත්වා පුනදිවසෙ අත්තනො නිවෙසනෙ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා එතෙනුපායෙන අඩ්ඪමාසං මහාදානං අදාසි. සත්ථා භද්දියනගරෙ යථාභිරන්තං විහරිත්වා පක්කාමි.
එසමයෙහි මෙණ්ඩක ගෘහපති තෙමේ ඒ නුවරෙහි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුර කරයි. පස් පිනැත්තෝ නම් මෙණ්ඩක සිටු, චන්දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය, ඔහුගේම පුත් ධනඤ්ජය ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි. හුදෙක් මෙණ්ඩක සිටුපමණක් නොව බිම්සර රජුගේ අණ පවතින තන්හි අමිතභොගී නම්වූ පස්දෙනෙක් වූහ. ජොතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකවලිය යනුවෙනි. ඔවුනතුරින් මේ මෙණ්ඩක සිටුතෙමේ තම නුවරට භාග්‍යවතුන්වහන්සේ සැපත්බව අසා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා, දුව, නුඹටද මඟුලකි, අපටද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සියය සමඟින් රිය පන්සියයක නැඟී දැස්සන් පන්සියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙරගමන් කරව’යි කීවේය. ඕතොමෝ සීයාගේ වචනය අසා එසේ කළාය. කාරණාකාරණයන්හි දක්ෂතාව ඇති බැවින් යානයෙන් යායුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තීව භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයට චරිත වශයෙන් දහම්දෙසූසේක. ඒ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීතවූ කෑයුතු හා බිදියයුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන්ම අඩමසක් මහදන් දුන්නාය. ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැස වැඩිසේක.
ඉතො පරං අඤ්ඤං කථාමග්ගං විස්සජ්ජෙත්වා විසාඛාය උප්පත්තිකථාව කථෙතබ්බා. සාවත්ථියඤ්හි කොසලරාජා බිම්බිසාරස්ස සන්තිකං පෙසෙසි – “මම ආණාපවත්තිට්ඨානෙ අමිතභොගවින්දනකුලං නාම නත්ථි, අම්හාකං අමිතභොගවින්දනකුලං පෙසෙතූ”ති. රාජා අමච්චෙහි සද්ධිං මන්තෙසි. අමච්චා “මහාකුලං පෙසෙතුං න සක්කා, එකං පන සෙට්ඨිපුත්තං පෙසෙස්සාමා”ති මෙණ්ඩකසෙට්ඨිනො පුත්තං ධනඤ්චයසෙට්ඨිං ආයාචිංසු. රාජා තෙසං වචනං සුත්වා තං පෙසෙසි. අථ නං කොසලරාජා සාවත්ථිතො සත්තයොජනමත්ථකෙ සාකෙතනගරෙ සෙට්ඨිට්ඨානං දත්වා වාසෙසි.
මෙයින් මතු අනෙක් කථාමාර්ග අතහැර විහාඛාවගේ උත්පත්ති කථාවම කිවයුතුය. සැවතෙහි කොසොල් රජතෙමේ, ‘මගේ අණ පවතින තන්හි අමිතභොග වින්දන (අපමණ සම්පත්විදින) කුලයක් නම් නැත. අපට එක් අමිතභොගවින්‍දන කුලයක් එවනු මැනවැ’යි බිම්සර රජු වෙතට හසුන් යැවීය. රජතෙමේ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළේය. ඇමතියෝ මහාකුලයක් යැවීමට නොහැකිය. එක් සිටු පුතෙකු යවන්නෙමුයි (කතිකා කොට) මෙණ්ඩක සිටුගේ පුත් ධනඤ්ජය සිටාණන්ට සැළකළාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනය අසා ඒ සිටුවරයා යැවීය. ඉක්බිති කොසොල් රජතෙමේ ඔහුට සැවතින් සත්යොදුන් පමණවූ සාකෙත නගරයෙහි සිටු තනතුරදී වාසය කරවූයේය.
සාවත්ථියඤ්ච මිගාරසෙට්ඨිනො පුත්තො පුණ්ණවඩ්ඪනකුමාරො නාම වයප්පත්තො අහොසි. අථස්ස පිතා “පුත්තො මෙ වයප්පත්තො, ඝරාවාසෙනස්ස ආබන්ධනසමයො”ති ඤත්වා “අම්හාකං සමානජාතිකෙ කුලෙ දාරිකං පරියෙසථා”ති කාරණාකාරණකුසලෙ පුරිසෙ පෙසෙසි. තෙ සාවත්ථියං අත්තනො රුචිතං දාරිකං අදිස්වා සාකෙතං අගමංසු. තංදිවසඤ්ච, විසාඛා, අත්තනො සමානවයෙහි පඤ්චහි කුමාරිකාසතෙහි පරිවාරිතා නක්ඛත්තකීළනත්ථාය එකං මහාගාමං අගමාසි. තෙපි පුරිසා අන්තොනගරෙ චරිත්වා අත්තනො රුචිතං දාරිකං අදිස්වා බහිනගරද්වාරෙ අට්ඨංසු. තස්මිං සමයෙ දෙවො වස්සිතුං ආරභි. අථ තා විසාඛාය සද්ධිං නික්ඛන්තා දාරිකා තෙමනභයෙන වෙගෙන සාලං පවිසිංසු. තෙ පුරිසා තාසම්පි අන්තරෙ යථාරුචිතං දාරිකං න පස්සිංසු. තාසං පන සබ්බපච්ඡතො, විසාඛා, දෙවං වස්සන්තම්පි අගණෙත්වා අතුරිතගමනෙන තෙමයමානාව සාලං පාවිසි. තෙ පුරිසා තං දිස්වා චින්තයිංසු – “රූපවතී තාව කඤ්ඤා එතපරමා භවෙය්ය, රූපං පනෙතං එකච්චාය කාරිතපත්තං විය හොති, කථං සමුට්ඨාපෙත්වා කථෙන්තා ජානිස්සාම මධුරවචනා වා නො වා”ති. තතො නං ආහංසු – “අතිවිය පරිණතවයා ඉත්ථී විය යාසි, අම්මා”ති. කිං දිස්වා කථෙථ, තාතාති? අඤ්ඤා තයා සද්ධිං කීළනකුමාරියො තෙමනභයෙන වෙගෙන ආගන්ත්වා සාලං පවිට්ඨා, ත්වං පන මහල්ලිකා විය පදවාරං අතික්කම්ම නාගච්ඡසි, සාටකස්ස තෙමනභාවම්පි න ගණෙසි. සචෙ තං හත්ථී වා අස්සො වා අනුබන්ධෙය්ය, කිං එවමෙවං කරෙය්යාසීති? තාතා, සාටකා නාම න දුල්ලභා, සුලභා මය්හං කුලෙ සාටකා. වයප්පත්තා මාතුගාමා පන පණියභණ්ඩසදිසා, හත්ථෙ වා පාදෙ වා භග්ගෙ අඞ්ගවිකලං මාතුගාමං ජිගුච්ඡන්තා නිට්ඨුභිත්වා ගච්ඡන්ති, තස්මා සණිකං ආගතාම්හීති.
සැවතෙහිද මිගාරසිටුගේ පුත් පූර්ණවර්ධන නම් කුමරුවා වියපත් වූයේ වෙයි. ඉක්බිති ඔහුගේ පියා ‘මගේ පුතා වියපත්ය. ඔහුට ගෘහවාසයෙන් බැඳෙන කාලය’යි දැන ‘අපට සමානජාතිකවූ කුලයෙක්හි දැරියක සොයවුය’යි කාරණාකාරණයෙහි දක්ෂවූ පුරුෂයන් යැවීය. ඔවුහු සැවතෙහි තමන් කැමති දැරියක නොදැක සාකේතයට ගියාහුය. ඒ දිනයෙහි විශාඛාද තමන්ගේ සමවියෙහි සිටි කුමරියන් පන්සියයක් විසින් පිරිවරන ලද්දී නැකත් කෙළි සඳහා එක් මහ වැවකට ගියාය. ඒ පුරුෂයෝද ඇතළු නගරයෙහි හැසිර තමන් කැමති දැරියක නොදැක පිටත නගර දොරටුවෙහි සිටියාහුය. එසමයෙහි වැස්සක් වැසිමට පටන්ගත්තේය. ඉක්බිති විශාඛාව සමඟ නික්මෙන ඒ දැරියෝ තෙමෙන බියෙන් වහවහා ශාලාවකට පිවිසුණාහ. ඒ පුරුෂයෝ ඔවුන් අතරිනුදු කැමති පරිදි දැරියක් නොදුටුවාහුය. ඔවුන් සියල්ලන්ට පිටුපසින් විශාඛා තොමෝ වැස්සද නොතකමින් නොයික්මන් ගමන් කෙමෙමින්ම ශාලාවට පිවිසියාය. ඒ පුරුෂයෝ ඇයදැක ‘අන්රුවැත්තිය නමුදු මැය පරමකොට වන්නීය. මේ රූපය ඒකාන්තයෙන්ම ඉදුණු දෙළුමක් මෙන්වෙයි. කථාවට නංවාගෙන ඇය (සමඟ) කථාකරන අපි මිහිරිවදන් ඇත්තියක්ද නැද්දැයි දැනගන්නෙමු’යි සිතුවාහුය. ‘දියණියනි, බෙහෙවින් මුහුකුරාගිය වයස් ඇති ස්ත්‍රීවරර්‍ණ ඇත්තියක් මෙන් වෙහියි ඔවුහු ඇයට කීවාහුය. පියවරු, කුමක්දැක කියන්නහුදැයි ඕ ඇසුවාය. ඔබ සමඟ සෙල්ලම් කරන අන් කුමරියෝ තෙමෙන බියෙන් වේගයෙන් අවුත් ශාලාවට පිවිසුණාහුය. ඔබ වනාහි මැහැල්ලක මෙන් පියවර ඉක්මවා නොයහි. සළුව තෙමෙන බවවත් ගණන් නොගත්තෙහිය. ඉදින් ඇතෙක් හෝ අසෙක් එබ ළුහුබඳින්නේ නම් කිම මෙසේම කරන්නෙහිදැයි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, සළුනම් දුලබ නොවෙයි. මගේ ගෙහි සළු සුලබය. වියපත් මාගමෝ විකිණිබඩු සමානයහ. අතක් හෝ පයක් හෝ කැඩුණු විට අංගවිකල වූ මාගමක පිළිකුල් කරමින් කෙළගසා යත්. එබැවින් සෙමින් ආවෙමියි කීවාය.
තෙ චින්තයිංසු – “ඉමාය සදිසා ඉමස්මිං ජම්බුදීපෙ ඉත්ථී නාම නත්ථි, යාදිසා රූපෙන, කථායපි තාදිසාව. කාරණාකාරණං ඤත්වා කථෙතී”ති තස්සා උපරි මාලාගුළං ඛිපිංසු. අථ, විසාඛා, චින්තෙසි – “අහං පුබ්බෙ අපරිග්ගහිතා, ඉදානි පන පරිග්ගහිතාම්හී”ති විනීතෙනාකාරෙන භූමියං නිසීදි. අථ නං තත්ථෙව සාණියා පරික්ඛිපිංසු. සා පටිච්ඡන්නභාවං ඤත්වා දාසිගණපරිවුතා ගෙහං අගමාසි. තෙපි මිගාරසෙට්ඨිනො පුරිසා තාය සද්ධිංයෙව ධනඤ්චයසෙට්ඨිස්ස සන්තිකං අගමංසු. “කතරගාමවාසිනො, තාතා, තුම්හෙ”ති පුච්ඡිතා “සාවත්ථිනගරෙ මිගාරසෙට්ඨිනො පුරිසම්හා”ති වත්වා “මයං අම්හාකං සෙට්ඨිනා තුම්හාකං ගෙහෙ වයප්පත්තා දාරිකා අත්ථීති සුත්වා පෙසිතා”ති. සාධු, තාතා, තුම්හාකං සෙට්ඨි කිඤ්චාපි භොගෙන අම්හෙහි අසදිසො, ජාතියා පන සදිසො. සබ්බාකාරසම්පන්නො නාම දුල්ලභො ගච්ඡථ තුම්හෙ සෙට්ඨිස්ස අම්හෙහි සම්පටිච්ඡිතභාවං ආරොචෙථාති.
මෑසමාන කතක් නම් මේ දඹදිව නැත. රුවින් යම්බඳුද පියවදනිනුද එසේමය. කරුණුනොකරුණු දැන කථා කරයි ඔවුහු සිතුවාහුය. ඉක්තිබි විශාඛා සිතුවාය: ‘පෙර මම (අනෙකකුගේ) අයිතියට පත් නොවූවා වෙමි. දැන් වනාහි (එසේ) අයිතියට පත්වූවා වෙමි’ එසේ සිතා විනීත අයුරින් බිම හිඳ ගත්තාය. ඉක්බිති ඇයව එහිම තිරයකින් වටකළාහුය. ඒතොමෝ වැසුණු බව දැන දැස්සන් සමූහයා විසින් පිරිවරණලද්දී නවසට ගියාය. ඒ මිගාර සිටුගේ මිනිස්සුද ඇය සමඟම ධනඤජය සිටාණන් වෙතට ගියාහුය. දරුවනි, නුඹලා කවරගමක වැසියෝදැයි විමසනලද්දාහු සැවැත්නුවර මිගාරසිටුගේ පුරුෂයෝ වෙමුයි කියා අපි අපගේ සිටුතුමා විසින් නුඹවන්සේගේ නිවසෙහි වියපත් දැරියක් ඇතැයි අසා, එවන ලද්දෝ වෙමුයි කීවාහුය. ‘දරුවනි මැනවි, නුඹලාගේ සිටුතුමා සැපසම්පත්තියෙන් අපහා අසමානය. ජාතියෙන් වනාහි සමානය. සියලු ආකාරයෙන් යුක්ත වූවෙක් නම් දුලබය. යව්, නුඹලාගේ සිටුතුමාට අප විසින් පිළිගත් බව සැළකරවු’යි පැවසීය.
තෙ තස්ස වචනං සුත්වා සාවත්ථිං ගන්ත්වා මිගාරසෙට්ඨිස්ස තුට්ඨිං වඩ්ඪිං ච පවෙදෙත්වා “ලද්ධා නො සාමි සාකෙතෙ ධනඤ්චයසෙට්ඨිස්ස ගෙහෙ දාරිකා”ති ආහංසු. තං සුත්වා මිගාරසෙට්ඨි “මහාකුලගෙහෙ කිර නො දාරිකා ලද්ධා”ති තුට්ඨමානසො හුත්වා තාවදෙව ධනඤ්චයසෙට්ඨිස්ස සාසනං පහිණි “ඉදානෙව දාරිකං ආනයිස්සාම, කත්තබ්බකිච්චං කරොන්තූ”ති. සොපිස්ස පටිසාසනං පෙසෙසි – “නයිදං අම්හාකං භාරියං, සෙට්ඨි පන අත්තනො කත්තබ්බකිච්චං කරොතූ”ති. සො කොසලරඤ්ඤො සන්තිකං ගන්ත්වා ආරොචෙසි – “දෙව, එකා මෙ මඞ්ගලකිරියා අත්ථි, දාසස්ස තෙ පුණ්ණවඩ්ඪනස්ස ධනඤ්චයසෙට්ඨිනො ධීතරං විසාඛං නාම දාරිකං ආනෙස්සාමි, සාකෙතගමනං මෙ අනුජානාථා”ති. සාධු, මහාසෙට්ඨි, කිං පන අම්හෙහිපි ආගන්තබ්බන්ති? දෙව තුම්හාදිසානං ගමනං ලද්ධුං සක්කාති? රාජා මහාකුලස්ස සඞ්ගහං කාතුකාමො “හොතු සෙට්ඨි, ආගමිස්සාමී”ති සම්පටිච්ඡිත්වා මිගාරසෙට්ඨිනා සද්ධිං සාකෙතනගරං අගමාසි. ධනඤ්චයසෙට්ඨි “මිගාරසෙට්ඨි කිර කොසලරාජානං ගහෙත්වා ආගතො”ති සුත්වා පච්චුග්ගමනං කත්වා රාජානං ගහෙත්වා අත්තනො නිවෙසනං අගමාසි. තාවදෙව රඤ්ඤො ච රාජබලස්ස ච මිගාරසෙට්ඨිනො ච වසනට්ඨානං චෙව මාලාගන්ධභත්තාදීනි ච සබ්බානි පටියාදෙසි. “ඉදං ඉමස්ස ලද්ධුං වට්ටති, ඉදං ඉමස්සා”ති සබ්බං අත්තනාව ජානාති. තෙ තෙ ජනා චින්තයිංසු – “සෙට්ඨි අම්හාකමෙව සක්කාරං කරොතී”ති.
ඔවුහු සිටුවරයාගේ වචනය අසා සැවතට ගොස් මිගාර සිටාණන්ට සතුටද ලාභයද දන්වා ‘ස්වාමීනි, ඔබවහන්සේට සාකේතයෙහි ධනඤ්ජය සිටුතුමාගේ නිවසෙහි දැරියන් ලබන ලදැයි කීවාහුය. මිගාරසිටණෝ එය අසා අපට කුලගෙයකින් දැරියක් ලබන ලදැයි සතුටු සිතැත්තේවී එකෙණෙහිම ධනඤ්ජය සිටාණන්ට, දැන්ම දැරිය ගෙනෙන්නෙමු. කළයුතු කිසක් කරත්වායි හසුනක් යැවීය. හෙතෙමේත්, මෙය අපට බරක් නොවේ. සිටුතුමා වනාහි තමන් කළයුතුවැඩ කරනුමැනවැ’යි පිළිහසුනක් යැව්වේය. හෙතෙම කොසොල් රජුවෙතට ගොස්, ‘දේවයන් වහන්ස, මට එක් මංගල කටයුත්තක් ඇත. ඔබගේ දාසයන් පූර්ණවර්ධනයන්ට ධනඤ්ජය සිටාණන්ගේ දියණි විශාඛා නම් දැරිය ගෙනෙන්නෙමි. මගේ සාකේතගමන අනුදත් මැනවැ’යි සැළකළේය. ‘මහසිටාණ, මැනවි. කිමෙක්ද අපද ආයුතුදැයි (රජතෙමේ පැවසීය) ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ වැන්නවුන්ගේ ගමනක් කෙසේ ලබමුදැ’යි (සිටුතෙමේ කීවේය.) රජතෙමේ මහකුල පුතුට සංග්‍රහයක් කරනු කැමැත්තේ ‘වේවා! සිටාණ, පැමිණෙන්නෙමි’යි පිළිගෙන මිගාරසිටු සමඟ සාකෙත නුවරට ගියේය. ධනඤ්ජය සිටු තෙමේ මිගාරසිටු කොසොල් රජුද ගෙන පැමිණියේයයි අසා පෙරගමන් කොට රජු කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ පිරිසටද මිගාර සිටාණන්ටද වසන තැන් මෙන්ම මල්සුවද වස්ත්‍රාදියද පිළියෙළ කළේය. මෙය මොහුට ලැබීමට වටීය. මෙය මොහුටයයි සියල්ල තෙමේම දනියි. ඒ ඒ අය සිටුතෙමේ අපටම සත්කාර කරති’යි සිතූහ.
අථෙකදිවසං රාජා ධනඤ්චයසෙට්ඨිස්ස සාසනං පහිණි “න සක්කා සෙට්ඨිනා චිරකාලං අම්හාකං භරණපොසනං කාතුං, දාරිකාය ගමනකාලං ජානාතූ”ති. සොපි රඤ්ඤො සාසනං පෙසෙසි – “ඉදානි වස්සකාලො ආගතො, න සක්කා චතුමාසං විචරිතුං, තුම්හාකං බලකායස්ස යං යං ලද්ධුං වට්ටති, සබ්බං තං මම භාරො. කෙවලං දෙවො මයා පෙසිතකාලෙ ගච්ඡතූ”ති. තතො පට්ඨාය සාකෙතනගරං නිච්චනක්ඛත්තගාමො විය අහොසි. එවං තයො මාසා අතික්කන්තා. ධනඤ්චයසෙට්ඨිනො පන ධීතාය මහාලතාපසාධනං න තාව නිට්ඨං ගච්ඡති. අථස්ස කම්මන්තාධිට්ඨායකා ආගන්ත්වා ආරොචයිංසු – “සෙසං අසන්තං නාම නත්ථි, බලකායස්ස පන භත්තපචනදාරූනි නප්පහොන්තී”ති. “ගච්ඡථ, තාතා, හත්ථිසාලා අස්සසාලා වියොජෙත්‍වා භත්තං පචථා”ති. එවං පචන්තානම්පි අඩ්ඪමාසො අතික්කන්තො. තතො පුන ආරොචයිංසු – “දාරූනි සාමි නප්පහොන්තී”ති. “තාතා, ඉමස්මිං කාලෙ දාරූනි ලද්ධුං න සක්කා, දුස්සකොට්ඨාගාරං පන විවරිත්වා ථූලසාටකෙ ගහෙත්වා වට්ටියො කත්වා තෙලචාටියං තෙමෙත්වා භත්තං පචථා”ති. ඉමිනා නියාමෙන පචන්තානං චත්තාරො මාසා පූරයිංසු.
ඉක්බිති එක්දිනක් රජතෙමේ ධනඤ්ජය සිටාණන්ට, බොහෝකලක් සිටාණන්ට අප වැඩීම, පෝෂණය කිරීම නොහැකිය. දැරිය යන දිනය දනීවා’යි හසුනක් යැවීය. හෙතෙමේද රජුට, ‘දැන් වැසිකල පැමිණියේය. සිවුමසක් (ඔබිමොබ) හැසිරීමට නොහැකිය. නුඹවහන්සේගේ බලකායට යමක් යමක් ලැබීමට වටීද? ඒ සියල්ල මට භාරය. හුදෙක් දේවයන්හන්සේ මාවිසින් (දැරිය) එවනලද කල්හි යනසේක්වා’යි හසුනක් යැවීය. එතැන්පටන් සාකේත නුවර නිති නැකත් (කෙළි ඇති) ගමක් මෙන්විය. මෙසේ තෙමසක් ඉක්මියේය. ධනඤජය සිටාණන්ගේ දියනියගේ මහාලතා පසාධනය එතෙක් නිමා නොවෙයි. ඉක්බිති ඔහුගේ කර්මාන්ත විධායකයෝ අවුත්, ‘නොමැති අන්දෙයක් නම් නැත. බලකායට බත්පිසින දර නොපොහොනේ’යි පැවසූහ. ‘යවු දරුවනි, ඇත්හල්, අස්හල්, ගවහල් කඩා බත් පිසවුයයි කීවේය. මෙසේ පිසන්නවුනට ද අඩමසක් ඉක්මුණේය. ඉක්බිති යළි ස්වාමීනි, දැව නොපොහොනේයයි සැළකළාහුය. ‘දරුවනි, මෙකල්හි දර ලැබීමට නොහැකිය. රෙදි කොටු ගෙය විවර කොට රළු රළු සළු ගෙන වැටි තනා තෙල් සැළියෙහි තෙමා බත් පිසවුයි’ කීවේය. මේ අයුරින් පිසන්නවුන්ට සිවුමස සපිරිණි
තතො ධනඤ්චයසෙට්ඨි ධීතුයා මහාලතාපසාධනස්ස නිට්ඨිතභාවං ඤත්වා “ස්වෙ දාරිකං පෙසෙස්සාමී”ති ධීතරං සමීපෙ නිසීදාපෙත්වා “අම්ම පතිකුලෙ වසන්තියා නාම ඉමඤ්චිමඤ්ච ආචාරං සික්ඛිතුං වට්ටතී”ති ඔවාදං අදාසි. අයං මිගාරසෙට්ඨි අනන්තරගබ්භෙ නිසින්නො ධනඤ්චයසෙට්ඨිනො ඔවාදං අස්සොසි. සොපි සෙට්ඨි ධීතරං එවං ඔවදි –
ඉක්බිති ධනඤජය සිටුතුමා මහාලතා පසාධනය (සාදා) නිමිබව දැන හෙට දුවණිය යවන්නෙමැයි දියණිය සමීපයෙහි හිඳුවා ‘දරුව, සැමි කුලයෙහි වසන්නියන් විසින් මේ මේ හැසිරීම් ඉගෙනීමට වටීයයි අවවාද දුන්නේය. මේ මිගාර සිටු තෙමේත් අනතුරු (ඊළඟ) ගැබෙහි වැද හොත්තේ ධනඤජය සිටානන්ගේ අවවාදය ඇසුවේය. ඒ සිටුතෙමේ දියනියට මෙසේ අවවාද දුන්නේය.
“අම්ම සසුරකුලෙ වසන්තියා නාම අන්තොඅග්ගි බහි න නීහරිතබ්බො, බහිඅග්ගි අන්තො න පවෙසෙතබ්බො, දදන්තස්සෙව දාතබ්බං, අදදන්තස්ස න දාතබ්බං, දදන්තස්සපි අදදන්තස්සපි දාතබ්බං, සුඛං නිසීදිතබ්බං, සුඛං පරිභුඤ්ජිතබ්බං, සුඛං නිපජ්ජිතබ්බං, අග්ගි පරිචරිතබ්බො, අන්තොදෙවතා නමස්සිතබ්බා”ති.
‘දරුව’ මයිලණුවන්ගේ ගෙහි වෙසෙන්නිය විසින් ඇතුළත ගිනි පිටත නොගෙනගිය යුතුය, පිටත ගිනි ඇතුළට නොපිවිසවිය යුතුය. දෙන්නාටම දිය යුතුය, නොදන්නාට නොදිය යුතුය, දෙන්නාටද නොදෙන්නාටද දියයුතුය. සුවසේ හිඳිය යුතුය, සුවසේ වැළඳිය යුතුය, සුවසේ හෙවිය යුතුය. ගිනි පිදිය යුතුය. ඇතුළත දෙවියන් නමැදිය යුතුයයි
ඉමං දසවිධං ඔවාදං දත්වා පුනදිවසෙ සබ්බා සෙනියො සන්නිපාතෙත්වා රාජසෙනාය මජ්ඣෙ අට්ඨ කුටුම්බිකෙ පාටිභොගෙ ගහෙත්වා “සචෙ මෙ ධීතු ගතට්ඨානෙ දොසො උප්පජ්ජති, තුම්හෙහි සොධෙතබ්බො”ති වත්වා නවකොටිඅග්ඝනකෙන මහාලතාපසාධනෙන ධීතරං පසාධෙත්වා න්හානචුණ්ණමූලං චතුපණ්ණාසසකටසතං ධනං දත්වා ධීතාය සද්ධිං නිබද්ධං ගමනචාරිනියො පඤ්චසතා දාසියො පඤ්ච ආජඤ්ඤරථසතානි සබ්බූපකාරඤ්ච සතං සතං දත්වා කොසලරාජානඤ්ච මිගාරසෙට්ඨිඤ්ච, විස්සජ්ජෙත්වා ධීතු ගමනවෙලායං වජාධිට්ඨායකෙ පුරිසෙ පක්කොසාපෙත්වා, “තාතා, මම ධීතාය ගතට්ඨානෙ ඛීරපානත්ථං ධෙනූහි, යානයොජනත්ථං උසභෙහි ච අත්ථො හොති, තස්මා මම ධීතු ගමනමග්ගෙ වජද්වාරං විවරිත්වා පුථුලතො අට්ඨ උසභානි ගොගණෙන පූරෙත්වා තිගාවුතමත්ථකෙ අසුකා නාම කන්දරා අත්ථි, අග්ගගොයූථෙ තං ඨානං පත්තෙ භෙරිසඤ්ඤාය වජද්වාරං පිදහෙය්යාථා”ති. තෙ “සාධූ”ති සෙට්ඨිස්ස වචනං සම්පටිච්ඡිත්වා තථා අකංසු. වජද්වාරෙ විවටෙ උළාරුළාරායෙව ගාවියො නික්ඛමිංසු. ද්වාරෙ පිදහිතෙ පන විසාඛාය පුඤ්ඤබලෙන බලවගාවො ච දම්මගාවො ච බහි ලඞ්ඝිත්වා මග්ගං පටිපජ්ජිංසු. අථ, විසාඛා, සාවත්ථිනගරද්වාරං පත්තකාලෙ චින්තෙසි – “පටිච්ඡන්නයානස්මිං නු ඛො නිසීදිත්වා පවිසාමි, උදාහු රථෙ ඨත්වා”ති. අථස්සා එතදහොසි – “පටිච්ඡන්නයානෙන මෙ පවිසන්තියා මහාලතාපසාධනස්ස විසෙසො න පඤ්ඤායිස්සතී”ති. සා සකලනගරස්ස අත්තානං දස්සෙන්තී රථෙ ඨත්වා නගරං පාවිසි. සාවත්ථිවාසිනො විසාඛාය සම්පත්තිං දිස්වා “එසා කිර, විසාඛා, නාම එවරූපා, අයඤ්ච සම්පත්ති එතිස්සාව අනුච්ඡවිකා”ති ආහංසු. ඉති සා මහාසම්පත්තියා මිගාරසෙට්ඨිනො ගෙහං පාවිසි. ආගතදිවසෙ චස්සා සකලනගරවාසිනො “අම්හාකං, ධනඤ්චයසෙට්ඨි, අත්තනො නගරං සම්පත්තානං මහාසක්කාරං අකාසී”ති යථාබලං පණ්ණාකාරං පහිණිංසු. විසාඛා, පහිතපහිතං පණ්ණාකාරං තස්මිංයෙව නගරෙ අඤ්ඤමඤ්ඤෙසු කුලෙසු සබ්බත්ථකමෙව දාපෙසි. අථස්සා රත්තිභාගසමනන්තරෙ එකිස්සා ආජඤ්ඤවළවාය ගබ්භවුට්ඨානං අහොසි. සා දාසීහි දණ්ඩදීපිකා ගාහාපෙත්වා තත්ථ ගන්ත්වා වළවං උණ්හොදකෙන න්හාපෙත්වා තෙලෙන මක්ඛාපෙත්වා අත්තනො වසනට්ඨානමෙව අගමාසි.
මේ දසආකාර අවවාද දී දෙවන දිනයෙහි සියලු සෙනඟ රැස්කරවා රජ සෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු භාරකරුවන් (වශයෙන් තෝරා) ගෙන ‘ඉදින් මගේ දුව ගියතැන දොසක් හටගනීද නුඹලා විසින් පිරිසුදු කළ (නිවැරදි කළ) යුතුයයි කියා නව කෙළක් අගනා මහා ලතා පසාධනයෙන් දියණිය සරසවා නහනසුණු මිලවූ ගැල් සාරදහස් පන්සියයක ධනය දී දියණිය සමඟ නිබඳව සමඟ හැසිරෙන පන්සියයක් දාසියන්ද ආජන්‍යරථ පන්සියයක්ද සියය සියය බැගින්වූ සියලු සත්කාරද දී කොසොල් රජු හා මිගාර සිටාණන් පිටත්කොට යවා දුවණිය යන වේලාවෙහි ගවගාස් අධිකාරී පුරුෂයන් කැඳවා ‘දරුවනි, මගේ දියණියට ගියතන්හි කිරිබීම සඳහා දෙනුන්ගෙන්ද යානයන්හි යෙදීම සඳහා ගොනුන්ගෙන්ද වැඩ ඇත. එහෙයින් මගේ දුවගේ ගමන් මගෙහි ගැල් දොරටු හැර පළලින් අට ඉස්බක් ගවසමූහයාගෙන් පුරවා තුනගව්වකින් මත්තෙහි අසුවල් නම් (ගිරි) කඳුරක් ඇත. කෙළවර ගොන්බාන එතැනට පත් කල්හි බෙරහඬින් ගාල්දොර වසන්නහුයයි පැවසීය. ඔවුහු මැනවැයි සිටාණන්ගේ වචනය පිළිගෙන එසේ කළාහුය. ගැල්දොර ඇරී කල්හි මහත් මහත් ගවයෝම නික්මුණාහුය වැසූ කල්හි වනාහි විශාඛාවගේ පිනින් බලවත් ගවයෝද හීලෑගවයෝද වැටින් පැන පැන මගට පිළිපන්නාහුය. ඉක්බිති විශාඛා නුවර දොරටුවට සැපත් කල්හි මෙසේ සිතුවාය. “පිළිසන්වු යානයෙහි හිඳ නුවරට පිවිසෙම්ද නැතහොත් යානයෙහි සිටගෙන පිවිසෙම්ද’? ඉක්බිති ඇයට මෙබඳු අදහසක්විය. පිළිසන්වූ යානයෙන් පිවිසෙන මගේ මහාලතාපසාධනයේ විශේෂයක් නොපැනෙයි යනුවෙනි. ඕතොමෝ සියලු නුවරට තමන් දක්වන්නී රියෙහි සිටගෙන නුවරට පිවිසියාය. සැවැත් නුවර වැසියෝ විශාඛාවගේ සැපත් දැක මෝ වනාහි විහාඛා නමු. මෙම රුවත් මෙම සැපතත් මැයටම හොබීයයි පැවසුවාහුය. මෙසේ ඕතොමෝ මහත් සැපතින් මිගාර සිටාණන්ගේ නිවසට පිවිසියාය. ගියදිනයෙහිම ඇයට සියලු නුවරවැසියෝ ‘ධනඤ්ජය සිටුතුමු තම නුවරට පැමිණි අපට මහත් සත්කාර කළේය’යි හැකි පරිද්දෙන් පඬුරු යැව්වාහුය. විශාඛාතොමෝ එවූ එවූ පඬුරු ඒ නුවරෙහිම ඒ ඒ කුලයන්හි සියල්ලන්ට ප්‍රයෝජනවත් ලෙස දෙවූවාය. ඉක්බිති රාත්‍රියාමයෙහි ඇයගේ එක් ආජානෙය්ය අස් වෙළඹකට දරු උපතක් සිදුවිය. ඕතොමෝ දාසීන් ලවා දඬුපහන් ගන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නහවා තෙල් ගල්වා තමන් වසන තැනටම ගියාය.
මිගාරසෙට්ඨිපි සත්තාහං පුත්තස්ස ආවාහසක්කාරං කරොන්තො ධුරවිහාරෙ වසන්තම්පි තථාගතං අමනසිකත්වා සත්තමෙ දිවසෙ සකලනිවෙසනං පූරෙන්තො නග්ගසමණකෙ නිසීදාපෙත්වා “ආගච්ඡතු මෙ ධීතා, අරහන්තෙ වන්දතූ”ති විසාඛාය සාසනං පහිණි. සා “අරහන්තා”ති වචනං සුත්වා සොතාපන්නා අරියසාවිකා හට්ඨතුට්ඨා හුත්වා තෙසං නිසින්නට්ඨානං ගන්ත්වා තෙ ඔලොකෙත්වා “න එවරූපා නාම අරහන්තා හොන්ති, හිරොත්තප්පවිවජ්ජිතානං නාම සන්තිකං කස්මා මං සසුරො පක්කොසාපෙතී”ති “ධී, ධී”ති ගරහිත්වා අත්තනො වසනට්ඨානමෙව ගතා. නග්ගසමණා තං දිස්වා සබ්බෙ එකප්පහාරෙනෙව සෙට්ඨිං ගරහිංසු – “කිං ත්වං, ගහපති, අඤ්ඤං නාලත්ථ, සමණස්ස ගොතමස්ස සාවිකං මහාකාළකණ්ණිං කස්මා ඉමං ගෙහං පවෙසෙසි, වෙගෙන නං ඉමස්මා ගෙහා නීහරාහී”ති. තතො සෙට්ඨි “න සක්කා මයා ඉමෙසං වචනෙන ඉමං ගෙහා නීහරිතුං, මහාකුලස්ස ධීතා අය”න්ති චින්තෙත්වා – “ආචරියා දහරා නාම ජානිත්වා වා අජානිත්වා වා කරෙය්යුං, තුම්හෙ තුණ්හී හොථා”ති නග්ගෙ උය්යොජෙත්වා මහාපල්ලඞ්කෙ නිසීදාපෙත්වා සුවණ්ණකටච්ඡුං ගහෙත්වා විසාඛාය පරිවිසියමානො සුවණ්ණපාතියං අප්පොදකමධුපායාසං පරිභුඤ්ජි.
මිගාර සිටුතුමාද සත්දිනක් පුතාගේ ආවාහසත්කාරය කරන්නෙ අසළ වෙහෙරෙහි වසන්නාවූද තථාගතයන්වහන්සේ නොමෙනෙහි කොට සත්වැනි දිනයෙහි සියලු නිවෙස පුරවමින් නග්න ශ්‍රමණයින් වඩාහිඳුවා එන්න මගේ දුව රහතුන් වඳීවායි හසුනක් යැවීය. ඕතොමෝ සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාවක්වූවා රහත්යයි වචනය අසා තුටුපහටුවූවා ඔවුන් හුන් තැනට ගොස් ඔවුන් බලා මෙබන්දෝ නම් රහත්හු වෙත්දැයි විළිබිය නැත්තවුන්ගේ සමීපයට කුමක් හෙයින් මයිළණුවෝ මා කැඳවත්දැයි චී චී යයි නින්දාකොට තමන් වසන තැනටම ගියාය. නග්න ශ්‍රමණයෝ ඇය දැක එක පහරින්ම සියල්ලෝ සිටාණන්ට ‘කිමෙක්ද ගාහපතිය, ඔබ අනිකක නොලැබුවෙහිද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාමිකාවකවූ මහා කාලකණ්ණියක මේ ගෙදරට පිවිසුවෙහිද? වහා ඇය මේ ගෙදරින් බැහැර කරව’යි ගැරහූහ. ඉක්බිති සිටුතෙමේ මොවුන්ගේ වචනයෙන් මවිසින් මැය මේ නිවසින් බැහැර කිරීමට නොහැකිය. මෝ මහාකුලයක දුවනියකැයි සිතා, ආචාර්‍ය්‍යවරුනි, කුඩා දරුවෝ දැන හෝ නොදැන (වරද) කරති. නුඹවහන්සේලා නිශ්ශබ්දවුව මැනවැයි නගනයින් පිටත්කොට යවා මහ පළඟක හිදගෙන රන් හැන්දක් ගෙන විශාඛාව විසින් බලා සිටිනු ලබන්නේ රන් තලියක දියනුමුසු මී පායාසය වැළඳීය.
තස්මිං සමයෙ එකො පිණ්ඩචාරිකො ථෙරො පිණ්ඩාය චරන්තො සෙට්ඨිස්ස ඝරද්වාරං පාපුණි. විසාඛා, තං දිස්වා “සසුරස්ස ආචික්ඛිතුං න යුත්ත”න්ති යථා සො ථෙරං පස්සති, එවං අපගන්ත්වා අට්ඨාසි. සො පන බාලො ථෙරං දිස්වාපි අපස්සන්තො විය හුත්වා අධොමුඛො පායාසමෙව භුඤ්ජති. විසාඛා, “ථෙරං දිස්වාපි මෙ සසුරො සඤ්ඤං න කරොතී”ති ඤත්වා ථෙරං උපසඞ්කමිත්වා “අතිච්ඡථ, භන්තෙ, මය්හං සසුරො පුරාණං ඛාදතී”ති ආහ. සො නිගණ්ඨෙහි තාව කථිතකාලෙ අධිවාසෙසි, “පුරාණං ඛාදතී”ති වුත්තක්ඛණෙයෙව පන හත්ථං අපනෙත්වා “ඉමං පායාසං ඉතො හරථ, එතඤ්ච ඉමස්මා ගෙහා නීහරථ. අයඤ්හි මං එවරූපෙ මඞ්ගලගෙහෙ අසුචිඛාදකං නාම කරොතී”ති ආහ. තස්මිං ඛො පන නිවෙසනෙ සබ්බෙපි දාසකම්මකරා විසාඛාය සන්තකාව, කො නං හත්ථෙ වා පාදෙ වා ගණ්හිස්සති, මුඛෙන කථෙතුං සමත්ථොපි නාම නත්ථි. තතො, විසාඛා, සසුරස්ස කථං සුත්වා ආහ – “තාත, න එත්තකෙන වචනෙන මයං නික්ඛමාම, නාහං තුම්හෙහි උදකතිත්ථතො කුම්භදාසිකා විය ආනීතා. ධරමානකමාතාපිතූනං ධීතරො නාම න එත්තකෙනෙව නික්ඛමන්ති, එතෙනෙව මෙ කාරණෙන පිතා ඉධාගමනදිවසෙ අට්ඨ කුටුම්බිකෙ පක්කොසාපෙත්වා ‘සචෙ මෙ ධීතරං උපාදාය දොසො උප්පජ්ජති, සොධෙය්යාථා’ති වත්වා තෙසං හත්ථෙ ඨපෙසි. තෙ පක්කොසාපෙත්වා මය්හං දොසාදොසං සොධාපෙථා”ති.
එසමයෙහි එක් පිඬු හැසිරෙන තෙර කෙනෙක් පිඬුපිණිස හැසිරෙන්නාහු සිටුවරයාගේ ගෙදොරට වැඩියහ. ඒ ලාමක තැනැත්තේ තෙරුන් දැක ද නොදක්නේ මෙන්වී මුව යටට යොමුකොටගෙන පායාසයම වළඳයි. විශාඛතොමෝ මගේ මාමා තෙරුන් දැකද හැඟීමක් නොකරතියි දැන තෙරුන් වෙත එළඹ ‘වෙනතක වඩිනු මැනවි ස්වාමීනි, මගේ මාමා පැරන්නක් කති’යි කීවාය. හෙතෙම නිගණ්ඨයන් කීකල්හි ඉවසීය. පැරන්නක් කතියි කීකෙණෙහිම අත ඉවතට ගෙන මේ පායාසය මෙතැනින් ගෙනයවු. මැයද මේ ගෙදරින් පිට කරවු. මෝ වනාහි මෙබඳුවූ මඟුල් ගෙදරක මා අශූචි කන්නකු කරන්නීයයි කීවේය. ඒ නිවසෙහි සියලු දස්කම්කරුවෝ විශාඛාවට අයත් වූවෝයි. කවරෙක් නම් ඇය අතින් හෝ පයින් ගන්නේද? මුවින් කතා කිරීමට පවා සමතෙක් නැත. ඉක්බිති විශාකාතොමෝ මයිලණුවන්ගේ කථාව අසා, ‘පියාණෙනි, මෙපමණ වචනයකින්ම අපි නොයමු. මම නුඹවහන්සේ විසින් දිය තොටින් කුමභදාසියක මෙන් නොගෙනෙන ලද්දෙමි. ජීවත්වන මවුපියන්ගේ දූවරුනම් මෙපමණකින් නොනික්මෙත්. මේ කරුණ නිසාම මට පියා මෙහි එන දිනයෙහි කෙළෙඹියන් අට දෙනකු කැඳවා ඉදින් මගේ දුව නිසා දොසක් උපදියිද එය නිවැරදි කරවුයයි පවසා ඔවුන්ගේ අතෙහි තැබීය. ඔවුන් කැඳවා මගේ දොස් නිදොස් බව පිරිසිදු කරවුවව මැනවැයි කීවාය.
තතො සෙට්ඨි “කල්‍යාණං එසා කථෙතී”ති අට්ඨ කුටුම්බිකෙ පක්කොසාපෙත්වා “අයං දාරිකා සත්තමෙ දිවසෙ අපරිපුණ්ණෙයෙව මඞ්ගලගෙහෙ නිසින්නං මං ‘අසුචිඛාදකො’ති වදතී”ති ආහ. එවං කිර, අම්මාති? “තාතා, මය්හං සසුරො අසුචිං ඛාදිතුකාමො භවිස්සති, අහං පන එවං කත්වා න කථෙමි. එකස්මිං පන පිණ්ඩපාතිකත්ථෙරෙ ඝරද්වාරෙ ඨිතෙ අයං අප්පොදකමධුපායාසං භුඤ්ජන්තො න තං මනසි කරොති, අහං ඉමිනා කාරණෙන ‘අතිච්ඡථ, භන්තෙ, මය්හං සසුරො ඉමස්මිං අත්තභාවෙ පුඤ්ඤං න කරොති, පුරාණපුඤ්ඤං ඛාදතී’ති එත්තකං කථයින්ති ආහ. අය්ය, ඉධ දොසො නත්ථි, අම්හාකං ධීතා කාරණං කථෙති, ත්වං කස්මා කුජ්ඣසීති? අය්යා, එස තාව දොසො මා හොතු, අයං පන දාරිකා ආගතදිවසෙයෙව මම පුත්තෙ සඤ්ඤං අකත්වා අත්තනො ඉච්ඡිතට්ඨානං අගමාසීති. එවං කිර, අම්මාති? තාතා, නාහං ඉච්ඡිතට්ඨානං ගච්ඡාමි, ඉමස්මිං පන ගෙහෙ ආජානීයවළවාය විජාතාය සඤ්ඤම්පි අකත්වා නිසීදනං නාම අයුත්තන්ති දණ්ඩදීපිකා ගාහාපෙත්වා දාසීහි පරිවුතා තත්ථ ගන්ත්වා වළවාය විජාතපරිහාරං කාරාපෙසින්ති. අය්ය, අම්හාකං ධීතා තව ගෙහෙ දාසීහිපි අකත්තබ්බකම්මං අකාසි, ත්වං එත්ථ කිං දොසං පස්සසීති?
ඉක්බිති සිටුතුමා මෝ යහපතක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, ‘මේ දැරිය සත්වැනි දිනයෙහි නොපිරිපුන්වූම මඟුල් ගෙයෙහි හුන්නාවූ මා අශූචි කන්නෙකැයි කියයි කීවේ. ‘දියණියනි, එසේ වේදැ’යි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, මගේ මාමා අශූචි කෑමට කැමැත්තේ වන්නේය. මම වනාහි එසේ (අදහස්) කොට නොකියමි. එක් පිඬුසිඟන තෙර කෙනෙකු ගෙදොර සිටි කල්හි මෙතෙමේ දිය නුමුසු පායාසය බුදිමින් ඔහු මෙනෙහි නොකරයි. මම මේ හේතුවෙන් වෙනතක යන්න ස්වාමීනි, මගේ මාමා මේ අත්බැව්හි පින් නොකරයි. පැරණි පින කයි යන්න පමණක් කීවෙමි’යි පැවසුවාය. ‘ආර්‍ය්‍යයනි, මෙහි දොසක් නැත. අපගේ දියණිය (සුදුසු) කරුණක් කියයි. ඔබතුමා කුමක් නිසා කිපෙහුදැ?’යි ඔවුහු කීය. ‘ආර්‍ය්‍යවරුනි, එය දොසක් නොවේවා! (එතකුදු) මේ දැරිය පැමිණි දිනයෙහිම මගේ පුතුකෙරෙහි හැඟීමක් නොකොට තමන් කැමති තැනට ගියාය’යි (සිටුතෙමේ කීවේය). ‘එසේද දරුව?’ ‘පියවරුනි, මම මා කැමති තැනකට නොයමි. මේ නිවසෙහි ආජානීය වෙළඹ වැදූ කල්හි හැඟීමකුදු නොකොට හිඳීම නම් අයුත්තකියි දඬුපහන් ගෙන්වාගෙන දැස්සන් විසින් පිරිවරන ලදුව එහිගොස් වෙළඹට ප්‍රසව පරිහාර කරවීමි’යි විශාඛා කීවාය. ‘ආර්‍ය්‍යයෙනි, අපගේ දියණිය නුඹගේ නිවසෙහි දාසීන් විසිනුදු නොකළයුතු වැඩක් කළාය. නුඹ එහි කුමන දෙසක් දක්නෙහිද?’
අය්යා, එස තාව ගුණො හොතු, ඉමිස්සා පන පිතා ඉධාගමනදිවසෙ ඔවාදං දෙන්තො “අන්තොඅග්ගි බහි න නීහරිතබ්බො”ති ආහ, කිං පන සක්කා අම්හෙහි උභතො පටිවිස්සකගෙහානං අග්ගිං අදත්වා වසිතුන්ති? එවං කිර, අම්මාති? තාතා, න මය්හං පිතා එතං අග්ගිං උපාදාය කථෙසි, යා පන අන්තොනිවෙසනෙ සස්සුආදීනං රහස්සකථා උප්පජ්ජති, සා දාසිදාසානං න කථෙතබ්බා. එවරූපා හි කථා වඩ්ඪමානා කලහාය සංවත්තති, ඉදං සන්ධාය මය්හං පිතා කථෙසි, තාතාති.
‘ආර්‍ය්‍යවරුනි, එය ගුණයක් වේවා! මැයගේ පියා මෙහි එන දිනයෙහි අවවාද දෙමින් ඇතුළත ගිනි පිටත නොගෙනිය යුතුයයි කීවේය. කිමෙක්ද අපවිසින් දෙපසින් අසල්වැසි ගෙවලට ගිනි නොදී සිටිය හැකිද?’ ‘එසේද දුවණිය? ‘පියවරුනි, මගේ පියා මේ ගිනි අරභයා කථා නොකළේය. ගෙතුළෙහි නැදි ආදී මාගමුන්ගේ යම් රහස් කථාවක් හටගනීද? එය, එහි දැසිදස්සන්ට නොකිව යුතුය. මෙබඳුවූ කථා වැඩෙමින් කලහය පිණිස පවතියි. පියවරුනි, මෙය සඳහා මගේ පියා කීවේය.”
අය්යා, එතං තාව එවං හොතු, ඉමිස්සා පිතා “බාහිරතො අග්ගි න අන්තො පවෙසෙතබ්බො”ති ආහ, කිං සක්කා අම්හෙහි අන්තොඅග්ගිම්හි නිබ්බුතෙ බාහිරතො අග්ගිං අනාහරිතුන්ති ? එවං කිර, අම්මාති? තාතා, මය්හං පිතා එතං අග්ගිං සන්ධාය න කථෙසි, යං පන දොසං දාසකම්මකාරෙහි කථිතං හොති, තං අන්තොමානුසකානං න කථෙතබ්බං…පෙ….
ආර්‍ය්‍යවරුනි, එයද එසේ වේවා! මැයගේ පියා පිටතින් ගිනි ඇතුළතට නොපිවිසය යුතුයයි කීවේය. ඇතුළත ගිනි නිවුනු කල පිටතින් ගිනි නොගෙනීමට අපට හැකිද?’ ‘එසේද, දියණිය?’ ‘පියවරුනි, මගේ පියා එම ගිනි සඳහා නොකීවේය. යම් දෙසක් දැසිකම්කරුවන් විසින් කියන ලද්දේ වෙයිද? එය ඇතුළත මිනිසුන් නොකිව යුතුය. පෙ-
යම්පි තෙන “යෙ දදන්ති, තෙසංයෙව දාතබ්බ”න්ති වුත්තං, තං “යාචිතකං උපකරණං ගහෙත්වා යෙ පටිදදන්ති, තෙසංයෙව දාතබ්බ”න්ති සන්ධාය වුත්තං.
යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී.
“යෙ න දදන්තී”ති ඉදම්පි යාචිතකං උපකරණං ගහෙත්වා යෙ න පටිදදන්ති, තෙසං න දාතබ්බන්ති සන්ධාය වුත්තං.
‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී.
“දදන්තස්සපි අදදන්තස්සපි දාතබ්බ”න්ති, ඉදං පන දුග්ගතෙසු ඤාතිමිත්තෙසු සම්පත්තෙසු පටිදාතුං සක්කොන්තු වා මා වා, දාතුමෙව වට්ටතීති සන්ධාය වුත්තං.
දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී.
“සුඛං නිසීදිතබ්බ”න්ති ඉදම්පි සස්සුසසුරෙ දිස්වා උට්ඨාතබ්බට්ඨානෙ නිසීදිතුං න වට්ටතීති සන්ධාය වුත්තං.
සුවසේ හිඳිහ යුතුය යන මෙයද නැදිමයිලන් දැක නැඟිටිය යුතු තන්හි හිඳීමට නොවටීය යන්න සඳහා කියනලදී.
“සුඛං භුඤ්ජිතබ්බ”න්ති ඉදං පන සස්සුසසුරසාමිකෙහි පුරෙතරං අභුඤ්ජිත්වා තෙ පරිවිසිත්වා සබ්බෙහි ලද්ධාලද්ධං ඤත්වා පච්ඡා සයං භුඤ්ජිතුං වට්ටතීති සන්ධාය වුත්තං.
සුවසේ වැළදිය යුතුය යන මෙය නැදිමයිල් සැමියන්ට පෙරාතුවම නොවළඳා ඔවුන් වළඳවා සියල්ලන් විසින් ලද නොලද දේ දැන පසුව තෙමේ වැළදීමම වටීය යන්න සඳහා කියනලදී.
“සුඛං නිපජ්ජිතබ්බ”න්ති ඉදම්පි සස්සුසසුරසාමිකෙහි පුරෙතරමෙව සයනං ආරුය්හ න නිපජ්ජිතබ්බං, තෙසං කත්තබ්බයුත්තකං වත්තපටිවත්තං කත්වා පච්ඡා සයං නිපජ්ජිතුං යුත්තන්ති ඉදං සන්ධාය වුත්තං.
සුවසේ හොවියයුතුය. යන මෙයද නැදිමයිල් සැමියන්ට පෙරාතුවම සයනයට නැඟ නොනිදිය යුතුය. ඔවුන්ට කළයුතු වත් පිළිවෙත්කොට පසුව තෙමේ නිදීමට යුතුය. යන මෙය සඳහා කියනලදී.
“අග්ගි පරිචරිතබ්බො”ති ඉදං පන සස්සුම්පි සසුරම්පි සාමිකම්පි අග්ගික්ඛන්ධං විය උරගරාජානං විය ච කත්වා පස්සිතුං වට්ටතීති ඉදං සන්ධාය වුත්තන්ති.
ගිනිපිදිය යුතුය. යන මෙය නැන්දනියද මයිලනුවන්ද සැමියාද ගිනි කඳක් මෙන්ද නාරජුන් මෙන්ද කොට දැකීමට වටීය යන්න සඳහා කියනලදී’
එතෙ තාව එත්තකා ගුණා හොන්තු, ඉමිස්සා පන පිතා අන්තොදෙවතා නමස්සාපෙති, ඉමස්ස කො අත්ථොති? එවං කිර, අම්මාති? ආම, තාතා, එතම්පි හි මෙ පිතරා ඉදං සන්ධාය වුත්තං – “ආවෙණිකඝරාවාසං වසනකාලතො පට්ඨාය අත්තනො ඝරද්වාරං සම්පත්තපබ්බජිතං දිස්වා යං ඝරෙ ඛාදනීයං භොජනීයං අත්ථි, තතො පබ්බජිතානං දත්වාව ඛාදිතුං වට්ටතී”ති. අථ නං තෙ ආහංසු – “තුය්හං පන මහාසෙට්ඨි පබ්බජිතෙ දිස්වා අදානමෙව රුච්චති මඤ්ඤෙති. සො අඤ්ඤං පටිවචනං අපස්සන්තො අධොමුඛො නිසීදි”.
ඒවා එපමණ ගුණයෝ වෙත්වා? මැයගේ පියා ඇතුළත දෙවියන් නමඳවයි කීවේය. මෙහි කවර අර්ත්ථයක්දැයි (සිටුතුමා ඇසීය.) දියණිය එසේදැයි ඔවුහු අසූහ. ‘එසේය, පියවරුනි, එය ද මගේ පියා විසින් ‘දරුව ආවේණික ගෙහි වසන කාලයෙහි පටන් අපගේ ගෙදොරට පැමුණුණු පැවිද්දකු දැක ගෙහි යම් කෑයුත්තක් බිදිය යුත්තක් ඇත්ද? එයින් පැවිද්දන්ට දී කෑමටම වටීය යන මෙකරුණ සඳහා කියන ලදියි විශාඛා කීවාය. ඉක්බිති ඔවුහු සිටාණන්ට ‘මහසිටාණ, නුඹ වනාහි පැවිද්දන් දැක නොදීමට කැමත්තේ වනැයි හැඟෙයියයි කීහ. හෙතෙම අන් පිළිවදනක් නොදක්නේ අධොමුඛව හුන්නේය.
අථ නං කුටුම්බිකා “කිං සෙට්ඨි අඤ්ඤොපි අම්හාකං ධීතු දොසො අත්ථී”ති පුච්ඡිංසු. නත්ථි, අය්යාති. කස්මා පන නං නිද්දොසං අකාරණා ගෙහතො නීහරාපෙසීති? තස්මිං ඛණෙ, විසාඛා, ආහ – “පඨමං තාව මය්හං මම සසුරස්ස වචනෙන ගමනං න යුත්තං, මය්හං පන ආගමනදිවසෙ මම දොසාදොසං සොධනත්ථාය මම පිතා තුම්හාකං හත්ථෙ ඨපෙත්වා අදාසි, ඉදානි මය්හං ගන්තුං සුඛ”න්ති දාසිදාසෙ “යානාදීනි සජ්ජානි කරොථා”ති ආණාපෙසි. අථ නං සෙට්ඨි තෙ කුටුම්බිකෙ ගහෙත්වා, “අම්ම, මයා අජානිත්වා කථිතං, ඛමාහි මය්හ”න්ති ආහ. “තාතා, තුම්හාකං ඛමිතබ්බං තාව ඛමාමි, අහං පන බුද්ධසාසනෙ අවෙච්චප්පසන්නස්ස කුලස්ස ධීතා, න මයං විනා භික්ඛුසඞ්ඝෙන වත්තාම. සචෙ මම රුචියා භික්ඛුසඞ්ඝං පටිජග්ගිතුං ලභාමි, වසිස්සාමී”ති. “අම්ම, ත්වං යථාරුචියා තව සමණෙ පටිජග්ගාහී”ති.
ඉක්බිති කෙළෙඹියෝ ඔහුට ‘කිමෙක්ද සිටාණෙනි, අපගේ දියණියගේ අන් දොසකුත් ඇත්දැයි ඇසුවාහුය. ‘ආර්‍ය්‍යයනි නැතැ’යි කීවේය. ‘කුමක් හෙයින් නිදොස් මැය නිකරුණේ පිටමං කළෙහිදැ’යි ඔවුහු ඇසූහ. එකෙණෙහි විශාඛා තොමෝ ‘පළමුව මගේ මයිලණුවන්ගේ වචනයෙන් මගේ යාම නොසුදුසුය. මා එන දිනයෙහි මගේ දොස්නිදොස් පිරිසිදු කිරීම සඳහා මගේ පියා නුඹලාගේ අතෙහි තබා දුන්නේය. දැන් මගේ යාම මැනවැයි පවසා දැසිදසුන් යානාදිය පිළියෙළ කරවුයයි අණ කළාය. ඉක්බිති සිටුතෙමේ ඒ කෙළෙඹියන් අත ගෙන ඇයට, ‘දියණිය, මා විසින් නොදැන කියන ලද්දට මට ක්ෂාමා කරන්නැ’යි කීවේය. ‘පියාණෙනි ක්ෂමා කරමි. ඔබගේ ක්ෂමා කළයුත්තට ක්ෂමා කරමි. මම වනාහි බුදුසසුනෙහි නොසැලෙන පැහැදීම් ඇති කුලයක දියණියක්මි. අපි බික්සඟනගෙන් තොරව නොපවතිමු. ඉදින් මගේ කැමැත්තෙන් බික්සඟන පිළිදැඟුම් කිරීමට ලබන්නෙම් නම් වසමියි විශාඛා කීවාය. ‘දරුව, නුඹ කැමති පරිද්දෙන් නුඹේ මහණුන් පිළිදැඟුම් කරව’යි (සිටුතෙමේ කීවේය).
තතො, විසාඛා, දසබලං නිමන්තාපෙත්වා පුනදිවසෙ නිවෙසනං පූරෙන්තී බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙසි. නග්ගපරිසාපි සත්ථු මිගාරසෙට්ඨිනො ගෙහං ගතභාවං සුත්වා තත්ථ ගන්ත්වා ගෙහං පරිවාරෙත්වා නිසීදිංසු. විසාඛා, දක්ඛිණොදකං දත්වා “සබ්බො සක්කාරො පටියාදිතො, සසුරො මෙ ආගන්ත්වා දසබලං පරිවිසතූ”ති සාසනං පෙසෙසි. සො නිගණ්ඨානං වචනං සුත්වා “මම ධීතා සම්මාසම්බුද්ධං පරිවිසතූ”ති ආහ. විසාඛා, නානග්ගරසෙහි දසබලං පරිවිසිත්වා නිට්ඨිතෙ භත්තකිච්චෙ පුන සාසනං පහිණි – “සසුරො මෙ ආගන්ත්වා දසබලස්ස ධම්මකථං සුණාතූ”ති. අථ නං “ඉදානි අගමනං නාම අතිවිය අකාරණ”න්ති ධම්මකථං සොතුකම්යතාය ගච්ඡන්තං නග්ගසමණා ආහංසු – “සමණස්ස ගොතමස්ස ධම්මං සුණන්තො බහිසාණියං නිසීදිත්වා සුණාහී”ති. පුරෙතරමෙව ච ගන්ත්වා සාණියා පරික්ඛිපිංසු. මිගාරසෙට්ඨි ගන්ත්වා බහිසාණියං නිසීදි. තථාගතො “ත්වං බහිසාණියං වා නිසීද, පරකුට්ටෙ වා පරසෙලෙ වා පරචක්කවාළෙ වා නිසීද. අහං බුද්ධො නාම සක්කොමි තං මම සද්දං සාවෙතු”න්ති සුවණ්ණවණ්ණඵලං අම්බරුක්ඛං ඛන්ධෙ ගහෙත්වා චාලෙන්තො විය ධම්මකථං කථෙසි, දෙසනාපරියොසානෙ සෙට්ඨි සොතාපත්තිඵලෙ පතිට්ඨාය සාණිං උක්ඛිපිත්වා සත්ථු පාදෙ පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා සත්ථු සන්තිකෙයෙව ච “ත්වං, අම්ම, අජ්ජ ආදිං කත්වා මම මාතා”ති විසාඛං අත්තනො මාතුට්ඨානෙ ඨපෙසි. තතො පට්ඨාය, විසාඛා මිගාරමාතා, නාම ජාතා.
ඉක්බිති විශාඛාතොමෝ භාග්‍යවතුන්වහන්සේ නිමුන්ත්‍රණය කරවා දෙවැනි දිනයෙහි නිවෙස පුරවමින් බුදුපාමොක් බික්සඟන වඩා හිඳෙව්වාය. නග්න පිරිසද ශාස්තෘන්වහන්සේ මිගාර සිටුගේ ගෙට වැඩිබව දැන එහි ගොස් ගෙය පිරිවරා හුන්නාහුය. විශාඛා තොමෝ දක්ෂිණොදකය දී සියලු සත්කාර පිළියෙළ කරන ලද්දේ මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේ වළඳවත්වායි හසුනක් යැව්වාය. හෙතෙම නිගණ්ඨයින්ගේ වචනය අසා ‘මගේ දියණිය, සම්බුදුන්වහන්සේ වළඳවාවා’යි පැවසීය. විශාඛා තොමෝ නොයෙක් අගරසයෙන් භාග්‍යවතුන්වහන්සේ වළඳවා බත්කිස නිමවූ කල්හි මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේගේ ධර්මකථාව අසත්වා’යි යළි හසුනක් යැව්වාය. ඉක්බිති දැන් නොයාම නම් බලවත් අයුක්තකැයි ධර්මකථාව ඇසීමේ කැමැත්තෙන් යන ඔහුට නග්ගනශ්‍රමණයෝ, ‘ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ධර්මය අසන්නේ තිරයෙන් පිට හිඳ අසව’යි කීහ. කලින්ම ගොස් තිරයකින් වට කළාහුය. මිගාරසිටුතෙමේ ගොස් තිරයෙන්පිටතම හුන්නේය. තථාගතයන්වහන්සේ, ‘නුඹ තිරයෙන් පිටත හෝ හිඳුව බිත්තියෙන් පිටත හෝ පර්වතයෙන් පිටත හෝ සක්වළින් පිටත හෝ හිඳුව. මම සමුබුදු නමි. මගේ හඬ නුඹට අස්වන්නට හැක්කෙමි’යි රන්වන්පල ඇති අඹගසක් කඳින් ගෙන සොලවන්නාක් මෙන් ධර්ම දේශනා කළ සේක. දෙසුම අවසන්හි සිටුතෙමේ සෝවාන් පෙළෙහි පිහිටා තිරය ඔසවා ශාස්තෘන්වහන්සේගේ පාදයෙහි පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේ සමීපයෙහිම ‘දරුව නුඹ අද පටන් මගේ මවය’යි විශාඛාව තමන්ගේ මවු තනතුරෙහි තැබුවේය. එතැන්පටන් විශාඛා මිගාරමාතා නම්වූවාය.
සා එකදිවසං නක්ඛත්තසමයෙ වත්තන්තෙ “අන්තොනගරෙ ගුණො නත්ථී”ති දාසීහි පරිවුතා සත්ථු ධම්මකථං සොතුං ගච්ඡන්තී “බුද්ධානං සන්තිකං උද්ධතවෙසෙන ගන්තුං අයුත්ත”න්ති මහාලතාපසාධනං ඔමුඤ්චිත්වා දාසියා හත්ථෙ දත්වා සත්ථාරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා එකමන්තං නිසීදි, සත්ථා ධම්මකථං කථෙසි. සා ධම්මදෙසනාපරියොසානෙ දසබලං වන්දිත්වා නගරාභිමුඛා පායාසි. සාපි දාසී අත්තනා ගහිතපසාධනස්ස ඨපිතට්ඨානං අසල්ලක්ඛෙත්වා ගච්ඡන්තී පසාධනත්ථාය පටිනිවත්ති. අථ නං, විසාඛා, “කහං පන තෙ තං ඨපිත”න්ති පටිපුච්ඡි. ගන්ධකුටිපරිවෙණෙ, අය්යෙති. හොතු ජෙ ගන්ත්වා ආහර, ගන්ධකුටිපරිවෙණෙ ඨපිතකාලතො පට්ඨාය ආහරාපනං නාම අම්හාකං අයුත්තං. තස්මා තං විස්සජ්ජෙත්වා දණ්ඩකම්මං කරිස්සාම. තත්ථ පන ඨපිතෙ අය්යානං පලිබොධො හොතීති.
ඕතොමෝ එක්දිනක් නුවරෙහි නැකැත් කාලය පවත්නා විට ඇතුළ් නුවරෙහි ගුණයක් (වටිනාදෙයක්) නැතැයි දැස්සන් විසින් පිරිවරන ලදුව ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව ඇසීමට යන්නී ‘බුදුවරුන්ගේ සමීපයට උඩඟු වෙසින් යාම නුසුදුසුය’යි මහාලතා පසාධනය මුදා දැස්සක අතෙහි දී ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ දහම් දෙසූ සේක. ඕතොමෝ දම්දෙසුම අවසන්හි භාගයවතුන්වහන්සේ වැඳ නුවරට අභිමුඛව පිටත්ව ගියාය. ඒ දාසියද තමන්ගත් පසාධනය තැබූ තැන නොසලකා යන්නී, පසාධනය ගැනීම සඳහා ආපසු හැරුනාය. ඉක්බිති විශාඛාව ඇයට ‘නුඹවිසින් එය කොහි තබන ලද්දැ’යි ඇසුවාය. ‘ආය්‍යවනි, ගඳකිළි පිරිවෙණෙහි’යි ඕ කීවාය. ‘වේවා! දැස්ස, ගොස් ගෙනෙව. ගඳකිළි පිරිවෙණෙහි තැබූ කල පටන් ගෙන්වීම නම් අපට නොසුදුසුය. එහෙයින් එය විකුණා දඬුවමක් කරන්නෙමු. එහි තැබූ කල්හි ආර්‍ය්‍යවරුන්ට හිරිහැරයක් වේයයි
පුනදිවසෙ සත්ථා භික්ඛුසඞ්ඝපරිවාරො විසාඛාය නිවෙසනද්වාරං සම්පාපුණි. නිවෙසනෙ ච නිබද්ධපඤ්ඤත්තානි ආසනානි. විසාඛා, සත්ථු පත්තං ගණ්හිත්වා සත්ථාරං ගෙහං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙසුයෙව නිසීදාපෙත්වා කතභත්තකිච්චෙ සත්ථරි තං පසාධනං ආහරිත්වා සත්ථු පාදමූලෙ නික්ඛිපිත්වා “ඉදං, භන්තෙ, තුම්හාකං දම්මී”ති ආහ. සත්ථා “අලඞ්කාරො නාම පබ්බජිතානං න වට්ටතී”ති පටික්ඛිපි. ජානාමි, භන්තෙ, අහං පන ඉමං අග්ඝාපෙත්වා ධනං ගහෙත්වා තුම්හාකං වසනගන්ධකුටිං කාරෙස්සාමීති. තදා සත්ථා අධිවාසෙසි. සාපි තං අග්ඝාපෙත්වා නවකොටිධනං ගහෙත්වා ගබ්භසහස්සපටිමණ්ඩිතෙ පුබ්බාරාමවිහාරෙ තථාගතස්ස වසනගන්ධකුටිං කාරෙසි. විසාඛාය පන නිවෙසනං පුබ්බණ්හසමයෙ කාසාවපජ්ජොතං ඉසිවාතපටිවාතමෙව හොති අනාථපිණ්ඩිකස්ස ගෙහං විය. තස්සාපි ගෙහෙ සබ්බභත්තානි පටියත්තානෙව අහෙසුං. සා පුබ්බණ්හසමයෙ භික්ඛුසඞ්ඝස්ස ආමිසසඞ්ගහං කත්වා පච්ඡාභත්තෙ භෙසජ්ජානි චෙව අට්ඨවිධපානානි ච ගණ්හාපෙත්වා විහාරං ගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස දත්වා පච්ඡා සත්ථු ධම්මදෙසනං සුත්වා ආගච්ඡති. සත්ථා අපරභාගෙ උපාසිකායො පටිපාටියා ඨානන්තරෙසු ඨපෙන්තො විසාඛං මිගාරමාතරං දායිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
දෙවැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් විශාඛාවගේ ගෙදොරට වැඩිසේක. නිවෙසෙහිද නිබඳ පනවනලද අසුන් වෙයි. විශාඛා තොමෝ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය ගෙන ගෙට වැඩමවා පනවනලද අසුන්හිම හිඳුවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමිකල්හි ඒ පසාධනය ගෙන්වා ශාස්තෘන් පාමුල තබා ස්වාමීනි මෙය ඔබවහන්සේට දෙමියි කීවාය. ශාස්තෘන්වහන්සේ අලංකාරය නම් පැවිද්දන්ට නොවටනේයයි ප්‍රතික්ෂේප කළසේක. ‘දනිමි. ස්වාමීනි, මම මෙය අගයකරවා ධනය ගෙන නුඹවහන්සේට විසීමට ගඳකිළියක් කරන්නෙමි’යි ඈ කීවාය. එකල්හි ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළසේක. ඕතොමෝත් එය අගය කරවා නවකෙළක් ධනය ගෙන ගැබ් සියයකින් යුක්තවූ පූර්වාරාම මහාවිහාරයෙහි තථාගතයන්වහන්සේට විසීමට ගඳකිළියක් කරවූවාය. විශාඛාවගේ නිවෙස පෙරවරුවෙහි කසාවතින් බබළන සෘෂීන් තුළින් හමන සුළඟින් ගැවසීගත්තක් විය. අනේපිඬුසිටුගේ නිවෙසෙහි මෙන්ම ඇයගේ නිවෙසෙහිද සියලුබත් පිළියෙළවූයේයම විය. ඕතොමෝ පෙර වරුයෙහි බික්සඟනට ආමිෂසංග්‍රහ කොට පසුබතෙහි බෙහෙත්ද අෂ්ටවිධපානයන්ද ගෙන්වා ගෙන විහාරයට ගොස් බික්සඟනට දී පසුව ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනාව අසා පැමිණෙයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි උවැසියන් පිළිවෙළින් තනතුරු වල තබනසේක් විශාඛා මිගාරමාතාව දායිකාවන් අතුරෙන් අගතැන්හි තැබූසේක.