යෙදුමෙන් කියවන්න

ඛුජ‍්ජුත‍්තරා-සාමාවතීවත්‍ථු අට‍්ඨකථා

ඛුජ‍්ජුත‍්තරා-සාමාවතීවත්‍ථු

බුජ්ජුත්තරා-සාමාවතී

තතියචතුත්‍ථෙසු බහුස‍්සුතානං යදිදං, ඛුජ‍්ජුත‍්තරා, මෙත‍්තාවිහාරීනං යදිදං, සාමාවතීති බහුස‍්සුතානං උපාසිකානං ඛුජ‍්ජුත‍්තරා, මෙත‍්තාවිහාරීනං සාමාවතී අග‍්ගාති දස‍්සෙති. තා කිර ද‍්වෙපි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා අපරභාගෙ “සත්‍ථු ධම‍්මකථං සොස‍්සාමා”ති විහාරං අගමංසු. තත්‍ථ, ඛුජ‍්ජුත‍්තරා, සත්‍ථාරං එකං උපාසිකං බහුස‍්සුතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සාමාවතීපි එකං උපාසිකං මෙත‍්තාවිහාරීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. තාසං ද‍්වින‍්නම‍්පි යාවජීවං කුසලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තීනංයෙව කප‍්පසතසහස‍්සං අතික‍්කන‍්තං.

තෙවෙනි සිවුවෙනි සූත්‍රයන්හි බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා, මෙත්තාවිහාරීනං යදිදං සාමාවතී යන්නෙන් බොහෝ ඇසූපිරූ තැන් ඇති උවැසියන් අතුරින් බුජ්ජුත්තරාද මෙත් පැවතුම් ඇති උවැසියන් අතුරින් සාමාවතීද අග්‍රයයි දැක්වෙයි. මේ දෙදෙනාම පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මය අසන්නෙමුයයි විහාරයට ගියාහුය. එහි ඛුජ්ජුත්තරාවෝ එක් උවැසියක බොහෝ ඇසූපිරූතැන් ඇත්තියන් අතුරින් අගතන්හි තබන්නා වූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. සාමාවතියද එක් උවැසියක මෙත් පැවතුම් ඇත්තියන් අතුරින් අගතනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්ලොව ඉපිද දෙවිමිනිසුන් අතර සැරිසරන්නාවූ ඒ දෙදෙනාටම කල්ප ලක්‍ෂයක් ඉකිමිණ.

අථ අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව අල‍්ලකප‍්පරට‍්ඨෙ අහිවාතකරොගො නාම උදපාදි. එකෙකස‍්මිං ගෙහෙ එකප‍්පහාරෙනෙව දසපි වීසම‍්පි තිංසම‍්පි ජනා මරන‍්ති, තිරොරට‍්ඨං ගතා පන ජීවිතං ලභන‍්ති. තං ඤත්‍වා එකො පුරිසො අත‍්තනො පුත‍්තදාරං ආදාය “අඤ‍්ඤං රට‍්ඨං ගමිස‍්සාමී”ති තතො නික‍්ඛමි. අථස‍්ස ඝරෙ ගහිතපාථෙය්‍යං අන‍්තරාමග‍්ගෙ කන‍්තාරෙ අනුත‍්තිණ‍්ණෙයෙව පරික‍්ඛයං අගමාසි. තෙසං සරීරබලං පරිහායි, සකිං මාතා පුත‍්තං උක‍්ඛිපති, සකිං පිතා. අථස‍්ස පිතා චින‍්තෙසි – “අම‍්හාකං සරීරබලං පරිහීනං, පුත‍්තං උක‍්ඛිපිත්‍වා ගච‍්ඡන‍්තා කන‍්තාරං නිත්‍ථරිතුං න සක‍්ඛිස‍්සාමා”ති. සො තස‍්ස මාතරං අජානාපෙත්‍වාව උදකකිච‍්චෙන ඔහීනො විය පුත‍්තං මග‍්ගෙ නිසීදාපෙත්‍වා එකකොව මග‍්ගං පටිපජ‍්ජි. “අථස‍්ස භරියා ආගමනං ඔලොකයමානා ඨිතා හත්‍ථෙ පුත‍්තං අදිස‍්වා විරවමානා ගන‍්ත්‍වා කහං මෙ සාමි පුත‍්තො”ති ආහ. කො තෙ පුත‍්තෙන අත්‍ථො? ජීවමානා පුත‍්තං ලභිස‍්සාමාති. සා “අතිසාහසිකො වතායං පුරිසො”ති වත්‍වා “ගච‍්ඡ ත්‍වං, නාහං තාදිසෙන සද‍්ධිං ගමිස‍්සාමී”ති ආහ. සො “අනුපධාරෙත්‍වා මෙ භද‍්දෙ කතං, ඛමෙතං මය‍්හ”න‍්ති වත්‍වා පුත‍්තං ආදායාගතො.

අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම වජ්ජිරටෙහි අභිවාතක නම් රෝගයක් හටගත්තේය. එකිනෙක ගෙහි එක වරම මිනිස්සු දස දෙනාද, විසිදෙනාද මැරෙති. රටින් පිටව ගියාහු වනාහි දිවි ලබත්! එය දැන එක් පුරුෂයෙක් තමන්ගේ අඹුදරුවන් රැගෙන අන්රටකට යන්නෙමැයි එයින් නික්මුණේය. ඉක්බිති ඔහුගේ ගෙයින් ගන්නාලද මාර්‍ගොපකරණ අතරමග කතරින් එතෙරනොවී තිබියදීම නිමාවට ගියේය. ඔවුන්ගේ සිරුරුබලය පිරිහිණි. වරක් මව පුතු ඔසවාගෙන යයි. වරක් පියා ඔසවාගෙන යයි. ඉක්බිති එම පුතුගේ පියා ‘අපගේ සිරුරු බලය පිරිහිණ. පුතා ඔසවාගෙන යන්නාවූ අපි කතරින් එතෙර වීමට නොහැකි වන්නෙමු’යි සිතුවේය. හෙතෙම ඔහුගේ මවට නොදන්වාම දිය කිස සඳහා අන් අය සමඟ නොගොස් නැවතුණු කෙනෙකු මෙන් පුතු මඟ හිඳුවා තනිවම මගට පිළිපන්නේය. ඉක්බිති ඔහුගේ බිරිය ආපසු පැමිණීම බලාපොරොත්තු වන්නී අතෙහි පුතු නොදැක වැලපෙමින් ගොස් ‘හිමියනි, මගේ පුතා කොහිදැයි ඇසුවාය. ‘නුඹට පුතුගෙන් කවර වැඩෙක්ද? ජීවත්වන්නමෝ පුතෙකු ලබන්නෙමුයයි හෙතෙම කීවේය. ඕතොමෝ මේ මිනිසා අතිශයින්ම සහාසිකයෙකැ’යි කියා ‘නුඹ යව, මම නුඹවැන්නෙකු සමඟ නොයන්නෙමැයි පැවසුවාය. හෙතෙම ‘සොදුර, මෙය මවිසින් නොසිතා කරන ලද්දකි. මට ක්‍ෂමා කරන්නැ’යි පවසා පුතු රුගෙන ගියේය.

තෙ තං කන‍්තාරං සමතික‍්කමිත්‍වා සායං එකං ගොපාලකකුලං සම‍්පාපුණිංසු. තං දිවසඤ‍්ච ගොපාලකකුලවාසිනො නිරුදකපායාසං පචිංසු. තෙ තෙ දිස‍්වා “ඉමෙ අතිවිය ඡාතකා”ති පායාසස‍්ස මහාභාජනං පූරෙත්‍වා උළුඞ‍්කපූරං සප‍්පිං ආසිඤ‍්චිත්‍වා අදංසු. තෙසු තං පායාසං භුඤ‍්ජන‍්තෙසු සා ඉත්‍ථී පමාණෙනෙව භුඤ‍්ජි, පුරිසො පන පමාණාතික‍්කන‍්තං භුඤ‍්ජිත්‍වා ජීරාපෙතුං අසක‍්කොන‍්තො රත‍්තිභාගසමනන‍්තරෙ කාලමකාසි. සො කාලං කරොන‍්තො තෙසු සාලයභාවෙන ගොපාලකානං ගෙහෙ සුනඛියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. සුනඛී නචිරස‍්සෙව විජාතා. ගොපාලකො තං කුක‍්කුරං සස‍්සිරිකං දිස‍්වා පිණ‍්ඩෙන පලොභෙත්‍වා අත‍්තනි උප‍්පන‍්නසිනෙහං ගහෙත්‍වා සද‍්ධිමෙව චරති.

ඔවුහු ඒ කතර ඉක්මවා සැන්දෑවෙහි එක් ගොපලු කුලයකට පැමිණියාහුය. එදවස ගොපලු කුලවැස්සෝ දියනුමුසු පායාසයක් පිසූහ. ඔවුහු මොවුන් දැක මොවුහු බෙහෙවින් සාගිනි ඇත්තෝයි (සිතා) මහ බඳුනක් පායාසයෙන් පුරවා හැන්දක් පුරා ගිතෙල්ද වත්කොට දුන්නාහුය. ඔවුන් ඒ පායාසය බුදින කල්හි ඒ ස්ත්‍රිය පමණ දැනම අනුභව කළාය. පුරුෂයා වනාහි පමණ ඉක්මවා අනුභවකොට දිරවන්නට නොහැක්කේ රාත්‍රිභාගයෙහි කළුරිය කළේය. හෙතෙම කළුරිය කරන්නේ ඔවුන් කෙරෙහි ආදර සහිත බවින් ගොපල්ලන්ගේ ගෙදර බැල්ලකගේ කුසෙහි පිළිසඳ ගත්තේය. බැල්ල නොබෝ දිනකින්ම වැදුවාය. ගොපල්ලා ඒ බලුපැටවා මනාපෙනුමැත්තකු බව දැක අහරින් පොළඹවා තමන් කෙරෙහි උපන් සෙනෙහ ඇත්තෙකුකොටගෙන සමඟම හැසිරෙයි.

අථෙකදිවසං එකො පච‍්චෙකබුද‍්ධො භික‍්ඛාචාරවෙලාය ගොපාලකස‍්ස ඝරද‍්වාරං සම‍්පත‍්තො. සොපි තං දිස‍්වා භික‍්ඛං දත්‍වා අත‍්තානං නිස‍්සාය වසනත්‍ථාය පටිඤ‍්ඤං ගණ‍්හි. පච‍්චෙකබුද‍්ධො ගොපාලකකුලස‍්ස අවිදූරෙ ඨානෙ එකස‍්මිං වනසණ‍්ඩෙ වාසං උපගතො. ගොපාලකො තස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තො තං කුක‍්කුරං ගහෙත්‍වාව ගච‍්ඡති, අන‍්තරාමග‍්ගෙ ච වාළමිගට‍්ඨානෙ වාළමිගානං පලායනත්‍ථං රුක‍්ඛෙ වා පාසාණෙ වා පහාරං දෙති, සොපි කුක‍්කුරො තස‍්ස කරණවිධානං වවත්‍ථපෙති. අථෙකදිවසං සො ගොපාලකො පච‍්චෙකබුද‍්ධස‍්ස සන‍්තිකෙ නිසීදිත්‍වා, “භන‍්තෙ, අම‍්හාකං සබ‍්බකාලං ආගමනං නාම න හොති. අයං පන කුක‍්කුරො ඡෙකො, ඉමස‍්ස ආගතසඤ‍්ඤාය අම‍්හාකං ගෙහද‍්වාරං ආගච‍්ඡෙය්‍යාථා”ති ආහ. සො එකදිවසං “පච‍්චෙකබුද‍්ධං ගණ‍්හිත්‍වා එහී”ති කුක‍්කුරං පෙසෙසි. කුක‍්කුරො තස‍්ස වචනං සුත්‍වා භික‍්ඛාචාරවෙලාය ගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස පාදමූලෙ උරෙන නිපජ‍්ජි. පච‍්චෙකබුද‍්ධො “අයං මම සන‍්තිකං ආගතො”ති ඤත්‍වා පත‍්තචීවරං ආදාය මග‍්ගං පටිපජ‍්ජි. සො තස‍්ස වීමංසනත්‍ථාය උක‍්කමිත්‍වා අඤ‍්ඤං මග‍්ගං ගණ‍්හි, කුක‍්කුරො පුරතො ඨත්‍වා ගොපාලකමග‍්ගං පටිපන‍්නකාලෙ අපසක‍්කි. යස‍්මිං ච යස‍්මිං ච ඨානෙ වාළමිගානං පලායනත්‍ථං ගොපාලකො රුක‍්ඛං වා පාසාණං වා පහරි, තං තං ඨානං පත්‍වා කුක‍්කුරො මහාවිරවං විරවි. තස‍්ස සද‍්දෙන වාළමිගා පලායන‍්ති. පච‍්චෙකබුද‍්ධොපි භත‍්තකිච‍්චවෙලාය මහන‍්තං සිනිද‍්ධපිණ‍්ඩං තස‍්ස දෙති. සොපි පිණ‍්ඩලාභෙන පච‍්චෙකබුද‍්ධෙ උත‍්තරිතරං සිනෙහං කරොති.

ඉක්බිති එක් දිනක් එක් පසේබුදුවරයෙක් පිඬු හැසිරෙන වේලෙහි ගොපල්ලාගේ ගෙදොරට පැමිණියහ. හෙතෙම උන්වහන්සේ දැක භික්‍ෂාව දී තමන් ඇසුරුකොට වසනලෙස පිළිණ ගත්තේය. පසේ බුදුන්වහන්සේ ගොපල් කුලයට නුදුරු එක් වන ලැහැබක විසීමට එළැඹිසේක. ගොපල්ලා උන්වහන්සේ වෙතට යන්නේ ඒ බලුපැටවා රැගෙනම යයි. අතරමගෙහිදීද දරුණු මෘගයන් ඇති තන්හි එම රුදුරු මෘගයන් පලවා හැරීම සඳහා ගස්වලට හෝ ගල්වලට පහර දෙයි. ඒ බලු පැටවාත් එය (එබඳු දෙය) කිරීමේ නියමය තහවුරු කරගත්තේය. ඉක්බිති එක් දිනක් ඒ ගොපල්ලා පසේ බුදුන් සමීපයෙහි හිඳ ස්වාමීනි, අපට හැම කල්හි ඒමක් නම් නොවෙයි. මේ බලුපැටවා දක්‍ෂයෙකි. මොහු පැමිණි සලකුණින් අපගේ ගෙදොරට වඩිනුමැනවැයි කීවේය. හෙතෙම එක් දිනක් පසේ බුදුන් වඩමවාගෙන එවයි. බලුපැටවා යැවීය. බලුපැටවා ඔහුගේ වචනය අසා පිඬු හැසිරෙන වේලෙහි ගොස් පසේබුදුන්ගේ පාමුල උදරයෙන් හොත්තේය. පසේ බුදුන්වහන්සේ මෙතෙම මා සමීපයට ආයේයැයි දැන පාසිවුරු රැගෙන මගට පිළිපන්සේක. උන්වන්සේ බලුපැටවා විමසනු සඳහා මගින් ඉවත්ව වෙනත් මගක් ගත්සේක. බලුපැටවා ඉදිරියෙහි සිට ගොපලු කුලමගට පිළිපන් කල්හි ඉවත්වූයේය. ගොපල්ලා යම් යම් තැනක රුදුරු මෘගයන් පළවනු සඳහා ගසකට හෝ ගලකට හෝ පහර දුන්නේද? ඒ ඒ තැනට පැමිණ බලුපැටවා මහහඬින් කෑගසයි. ඔහුගේ හඬින් රුදුරු මෘගයෝ පලායති. පසේ බුදුන්වහ්සේද බත්කිස වේලෙහි මහත් සිනිඳු (බත්) පිඬක් ඔහුට දෙනසේක. හෙතෙම ආහාර ලැබීමෙන් පසේබුදුන් කෙරෙහි වැඩියක් සෙනෙහෙ කරයි.

ගොපාලකො තෙමාසං වුත්‍ථස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස තිචීවරප‍්පහොනකං සාටකං දත්‍වා, “භන‍්තෙ, සචෙ වො රුච‍්චති, ඉධෙව වසථ. නො චෙ රුච‍්චති, යථාසුඛං ගච‍්ඡථා”ති ආහ. පච‍්චෙකබුද‍්ධො ගමනාකාරං දස‍්සෙති. සො ගොපාලකො පච‍්චෙකබුද‍්ධං අනුගන‍්ත්‍වා නිවත‍්තති. කුක‍්කුරො පච‍්චෙකබුද‍්ධස‍්ස අඤ‍්ඤත්‍ථ ගමනභාවං ඤත්‍වා අතිසිනෙහෙන උප‍්පන‍්නබලවසොකො හදයඵාලනං පත්‍වා කාලං කත්‍වා තාවතිංසපුරෙ නිබ‍්බත‍්ති. අථස‍්ස පච‍්චෙකබුද‍්ධෙන සද‍්ධිං ගමනකාලෙ උච‍්චාසද‍්දං කත්‍වා වාළමිගානං පලාපිතභාවෙන දෙවතාහි සද‍්ධිං කථෙන‍්තස‍්ස සද‍්දො සකලදෙවපුරං ඡාදෙත්‍වා අට‍්ඨාසි. සො තෙනෙව නාමධෙය්‍යං ලභිත්‍වා ඝොසකදෙවපුත‍්තො නාම ජාතො. අථස‍්ස තස‍්මිං සම‍්පත‍්තිං අනුභවන‍්තස‍්ස මනුස‍්සපථෙ කොසම‍්බිනගරෙ උදෙනො නාම රාජා රජ‍්ජං පටිපජ‍්ජි. තස‍්ස වත්‍ථු මජ‍්ඣිමපණ‍්ණාසකෙ බොධිරාජකුමාරසුත‍්තවණ‍්ණනායං (ම· නි· අට‍්ඨ· 2.324 ආදයො) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

ගොපල්ලා තෙමසක් විසූ පසේබුදුන්වහන්සේට සිවුරට පොහොනා සළුවක් දී, ‘ස්වාමීනි, ඉදින් ඔබවහන්සේ කැමතිවනසේක්නම් මෙහිම වසනු මැනවි. නැතහොත් කැමති පරිද්දෙන් වඩිනු මැනවැයි පැවසීය. පසේ බුදුන්වහන්සේ යන අයුරක් දැක්වූ සේක. ඒගොපල්ලා පසේ බුදුන්ට පසුගන්කොට නැවතුණේය. බලුපැටවා පසේබුදුන්වහන්සේ වෙනතක යනබව දැන බලවත් සෙනහසින් උපන් දැඩි සොවින් හදපැළීමට පත්ව මියගොස් තව්තිසා දෙව්ලොව උපන්නේය. පසේබුදුන් සමඟ යන කල්හි උස් හඬින් රුදුරු මෘගයන් පළවාහළ බැවින් දෙවියන් සමඟ කථා කරන්නාවූ ඔහුගේ හඬ සියලු දෙවිපුරය වසාසිටියේය. හෙතෙම එයින්ම නමක්ලැබ ඝොෂක දෙවිපුත් නම් වූයේය. ඉක්බිති ඔහු ඒ සැපත් අනුභව කරන කල්හි මිනිස් පියෙහි කොසඹෑනුවර උදේන නම් රජතෙමේ රාජ්‍යය කළේය. ඔහුගේ කථාවස්තුව මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි බොධිරාජකුමාර සූත්‍රවර්‍ණනාවෙහි කියනලද ක්‍රමයෙන් දතයුතුය.

තස‍්මිං පන රජ‍්ජං කාරයමානෙ ඝොසකදෙවපුත‍්තො චවිත්‍වා කොසම‍්බියං එකිස‍්සා රූපූපජීවිනියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා දසමාසච‍්චයෙන විජායිත්‍වා පුත‍්තභාවං ඤත්‍වා සඞ‍්කාරකූටෙ ඡඩ‍්ඩාපෙසි. තස‍්මිං ඛණෙ කොසම‍්බිසෙට‍්ඨිනො කම‍්මන‍්තිකො පාතොව සෙට‍්ඨිඝරං ගච‍්ඡන‍්තො “කිං නු ඛො ඉමං කාකෙහි සම‍්පරිකිණ‍්ණ”න‍්ති ගන‍්ත්‍වා දාරකං දිස‍්වා “මහාපුඤ‍්ඤවා එස දාරකො භවිස‍්සතී”ති එකස‍්ස පුරිසස‍්ස හත්‍ථෙ ගෙහං පෙසෙත්‍වා සෙට‍්ඨිඝරං අගමාසි. සෙට‍්ඨිපි රාජූපට‍්ඨානවෙලාය රාජකුලං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ පුරොහිතං දිස‍්වා “අජ‍්ජ කිං නක‍්ඛත‍්ත”න‍්ති පුච‍්ඡි. සො තත්‍ථෙව ඨිතො ගණෙත්‍වා “අසුකං නාම නක‍්ඛත‍්තං, අජ‍්ජ ඉමිනා නක‍්ඛත‍්තෙන ජාතදාරකො ඉමස‍්මිං නගරෙ සෙට‍්ඨිට‍්ඨානං ලභිස‍්සතී”ති ආහ. සො තස‍්ස කථං සුත්‍වා වෙගෙන ඝරං පෙසෙසි – “ඉමස‍්ස පුරොහිතස‍්ස ද‍්වෙ කථා නාම නත්‍ථි, ඝරණී ච මෙ ගරුගබ‍්භා, ජානාථ තාව නං විජාතා වා නො වා”ති. තෙ ගන‍්ත්‍වා ජානිත්‍වා, “අය්‍ය, න තාව විජාතා”ති ආහංසු. තෙන හි ගච‍්ඡථ, ඉමස‍්මිං නගරෙ අජ‍්ජ ජාතදාරකං පරියෙසථාති. තෙ පරියෙසන‍්තා තස‍්ස සෙට‍්ඨිනො කම‍්මන‍්තිකස‍්ස ගෙහෙ තං දාරකං දිස‍්වා සෙට‍්ඨිනො ආරොචයිංසු. තෙන හි ගච‍්ඡථ භණෙ, තං කම‍්මන‍්තිකං පක‍්කොසථාති. තෙ තං පක‍්කොසිංසු. අථ නං සෙට‍්ඨි “ගෙහෙ කිර තෙ දාරකො අත්‍ථී”ති පුච‍්ඡි. “ආම, අය්‍යා”ති. “තං දාරකං අම‍්හාකං දෙහී”ති. “න දෙමි, අය්‍යා”ති. “හන්‍ද සහස‍්සං ගණ‍්හිත්‍වා දෙහී”ති. සො “අයං ජීවෙය්‍ය වා මරෙය්‍ය වා, දුජ‍්ජානමිද”න‍්ති සහස‍්සං ගණ‍්හිත්‍වා අදාසි.

ඒ උදේන රජු රාජ්‍යය කරනකල්හි ඝෝෂක දෙවිපුත් තෙමේ දෙවිපුරෙන් සැව කොසඹෑවෙහි එක් රූපය නිසා ජීවත්වන්නියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ තොමෝ දසමසක් ඇවෑමෙන් වදා පුතකු බව දැන කසළ ගොඩෙහි දැම්මුවාය. එවෙලෙහි කොසඹෑ සිටුගේ කර්‍මාන්තයෙහි යෙදුණු තැනැත්තෙක් උදයෙන්ම සිටුගෙට යනනේ කවුඩන් විසින් වටකොට ගන්නාලද මෙය (එහි) ගොස් දරුවා දැක, මේ දරුවා මහ පිනැත්තෙක් වන්නේයයි එක් පුරුෂයෙකුගේ අතෙහි ගෙට යවා සිටුනිවසට ගියේය. සිටුතෙමේත් රජඋවැටන් වේලෙහි රජගෙට යන්නේ අතරමග පුරෝහිතයා දැක අද කවර නැකතක්දැයි ඇසීය. හෙතෙම එහි සිටියේම ගැණ අද අසුවල් නම් නැකතය. මේ නැකතින් උපන් දරුවා මෙනුවර සිටුතනතුර ලබන්නේයයි කීවේය. හෙතෙම ඔහුගේ කථාව අසා ‘මේ පුරෝහිතයාගේ කථා දෙකක්නම් නැත. මගේ බිරිඳද වැඩුණු ගැබ ඇත්තීය. ඇය වැදුවාද නැත්දැයි දනිවුය’යි ඉක්මණින් ගෙදරට (මිනිසුන්) යැව්වේය. ඔවුහු ගොස් දැන ‘ආර්‍ය්‍යයෙනි, තවම නොවැදූය’යි කීවේය. ‘එසේ නම් යවු, මේ නුවරෙහි අද උපන් දරුවෙකු සොයවුය’යි කීවේය. ඔවුහු සොයන්නාහු ඒ සිටුගේ කර්‍මාන්තයෙහි නියැළුණු තැනැත්තාගේ නිවසෙහි ඒ දරුවා දැක සිටුවරයාට සැළ කළාහුය. එසේවීනම් යහළුවනි, ඔහු කැඳවවුයයි කීවේය. ඔවුහු ඔහු කැඳවූහ. ඉක්බිති සිටුතුමා ඔහුගෙන් ඔබගේ ගෙදර දරුවෙක් ඇත්දැයි විමසීය. ‘එසේය, ආර්‍ය්‍යයෙනි,’ ‘ඒ දරුව අපට දෙව’. ‘ආර්‍ය්‍යයෙනි නොදෙමි’ ‘එසේ නම් දහසක් ගෙන දෙව’. හෙතෙම මොහු ජීවත්වේද මැරේදැයි නොදත හැකියයි සිතා දහසක් ගෙන දුන්නේය.

තතො සෙට‍්ඨි චින‍්තෙසි – “සචෙ මෙ භරියා ධීතරං විජායිස‍්සති, ඉමමෙව පුත‍්තං කරිස‍්සාමි. සචෙ පුත‍්තං විජායිස‍්සති, මාරෙස‍්සාමී”ති. චින‍්තෙත්‍වා ගෙහෙ පොසෙසි. අථස‍්ස භරියා කතිපාහච‍්චයෙන පුත‍්තං විජායි. තතො සෙට‍්ඨි “එවං තං ගාවො මද‍්දිත්‍වා මාරෙස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා “ඉමං දාරකං වජද‍්වාරෙ නිපජ‍්ජාපෙථා”ති ආහ. තං තත්‍ථ නිපජ‍්ජාපෙසුං. අථ නං යූථපති උසභො පඨමං නික‍්ඛමන‍්තො දිස‍්වා “එවං තං අඤ‍්ඤෙ න මද‍්දිස‍්සන‍්තී”ති චතුන‍්නං පාදානං අන‍්තරෙ කත්‍වා අට‍්ඨාසි. අථ නං ගොපාලකා දිස‍්වා “මහාපුඤ‍්ඤො එස දාරකො භවිස‍්සති, යස‍්ස තිරච‍්ඡානගතාපි ගුණං ජානන‍්ති, පටිජග‍්ගිස‍්සාම න”න‍්ති අත‍්තනො ගෙහං නයිංසු.

ඉක්බිති සිටුතෙමේ ඉදින් මගේ බිරිඳ දියණියක් වදන්නීනම් මොහුම පුතුකරගන්නෙමි. ඉදින් පුතෙකු වදන්නී නම් මොහු මරවන්නෙමැයි සිතුවේය. එතොමෝ පුතෙකු වැදුවාය. ඉක්බිති සිටුතෙමේ මෙසේ ගවයෝ මොහු මැඩ මරත්යයි සිතා මේ දරුවා ගාල්දොර දමවුයි කීවේය. ඔවුහු ඔහු එහි දැම්මෙව්වාහුය. ඉක්බිති ගවරළට නායක ගොනා පළමුව නික්මෙන්නේ ඔහු දැක මෙසේ මොහු අන්ගවයෝ නොමඩින්නාහුයයි පා සතර අතරෙහි කොට සිටියේය. ඉක්බිති ගොපල්ලෝ ඔහු දැක, යමෙකුගේ ගුණය තිරිසන්නුද දනිත්ද මේ දරුවා මහපිනැත්තෙකැයි (සිතා) මොහු පිළිදැඟුම් කරන්නෙමුයි තමන්ගේ ගෙදරට ගෙනගියහ.

සොපි සෙට‍්ඨි තස‍්ස මතභාවං අනුවිජ‍්ජන‍්තො “ගොපාලකෙහි නීතො”ති සුත්‍වා පුන සහස‍්සං දත්‍වා ආණාපෙත්‍වා ආමකසුසානෙ ඡඩ‍්ඩාපෙසි. තස‍්මිං ච කාලෙ සෙට‍්ඨිස‍්ස ඝරෙ අජපාලකො සුසානං නිස‍්සාය අජිකා චාරෙති. අථෙකා ධෙනු අජිකා දාරකස‍්ස පුඤ‍්ඤෙන මග‍්ගා ඔක‍්කම‍්ම ගන‍්ත්‍වා දාරකස‍්ස ඛීරං දත්‍වා ගතා. තතො නිවත‍්තමානාපි තථෙව ගන‍්ත්‍වා ඛීරමදාසි. අජපාලකො චින‍්තෙසි – “අයං අජිකා පාතොපි ඉමස‍්මා ඨානා ඔක‍්කමිත්‍වා ගතා, කිං නු ඛො එත”න‍්ති ගන‍්ත්‍වා ඔලොකෙන‍්තො තං දාරකං දිස‍්වා “මහාපුඤ‍්ඤො එස දාරකො, තිරච‍්ඡානගතාපිස‍්ස ගුණං ජානන‍්ති, පටිජග‍්ගිස‍්සාමි න”න‍්ති ගහෙත්‍වා ගෙහං ගතො.

ඒ සිටුතෙමේත් ඔහු මියගියබව විමසන්නේ ගොපල්ලන් විසින් ගෙනයන ලදැයි අසා යළි දහසක්දී ගෙන්වාගෙන අමුසොහොනෙහි දැම්මෙව්වේය. එකල්හි සිටුගෙදර එළුපල්ලා සොහොන ඇසුරු කොට එළුදෙනුන් (තණකෑම සඳහා) මෙහෙයවයි. ඉක්බිති එක් එළුදෙනක් දරුවාගේ පිණින් මගින් ඉවත්ව ගොස් දරුවාට කිරිදී ගියාය. ආපසු හැරී එන්නීද එසේම ගොස් කිරි දුන්නාය, ‘මේ එළුදෙන උදයෙන්ම මෙතැනින් මගින් පැන ගියාය’යි එළුපල්ලා සිතීය. ‘මේ කිමෙක්දැ’යි ගොස් බලන්නේ එම කාරණය දැක මේ දරුවා මහපිනැත්තෙකි. තිරිසන්නුද මොහුගේ ගුණය දනිති. මොහු පිළිදැඟුම් කරන්නෙමි’යි රැගෙන ගෙදර ගියේය.

පුනදිවසෙ සෙට‍්ඨි “මතො නු ඛො දාරකො, න මතො”ති ඔලොකාපෙන‍්තො අජපාලකෙන ගහිතභාවං ඤත්‍වා සහස‍්සං දත්‍වා ආණාපෙත්‍වා “ස‍්වෙ ඉමං නගරං එකො සත්‍ථවාහපුත‍්තො පවිසිස‍්සති, ඉමං දාරකං නෙත්‍වා චක‍්කමග‍්ගෙ ඨපෙථ, එවං තං සකටචක‍්කං ඡින්‍දන‍්තං ගමිස‍්සතී”ති ආහ. තං තත්‍ථ නික‍්ඛිත‍්තං සත්‍ථවාහපුත‍්තස‍්ස පුරිමසකටෙ ගොණා දිස‍්වා චත‍්තාරො පාදෙ ථම‍්භෙ විය ඔතාරෙත්‍වා අට‍්ඨංසු. සත්‍ථවාහො “කිං නු ඛො එත”න‍්ති තෙසං ඨිතකාරණං ඔලොකෙන‍්තො දාරකං දිස‍්වා “මහාපුඤ‍්ඤො දාරකො, පතිජග‍්ගිතුං වට‍්ටතී”ති ගණ‍්හිත්‍වා අගමාසි.

දෙවැනි දිනයෙහි සිටුතෙමේ දරුවා මළේද නොමළේදැයි විමසන්නේ එළුපල්ලා විසින් ගත්බව දැන දහසක් දී ගෙන්වාගෙන ‘හෙට මේ නුවරට සාන්තුනායකයෙක් පිවිසෙයි. මේ දරුවා ගෙනගොස් රියසක් මගෙහි තබවු. මෙසේ රියසක් ඔහු බිඳිමින් යතියි (හෙතෙම කීයේය.) සාත්තුනායකයාගේ පළමු රියෙහි ගොන්නු එහි දමනලද දරුවා දැක පාසතර කණුමෙන් තදකොට ගෙන නැවතී සිටියාහුය. සාත්තුනායකයා මේ කිමෙක්දැයි ගොනුන් නැවතී සිටිකාරණය බලන්නේ දරුවා දැක මහපිනැති දරුවෙකි. පිළිදැඟුම් කිරීමට වටීයයි (දරුවා) ගෙනගියේය.

සෙට‍්ඨිපි තස‍්ස චක‍්කපථෙ මතභාවං වා අමතභාවං වා ඔලොකාපෙන‍්තො සත්‍ථවාහෙන ගහිතභාවං ඤත්‍වා තස‍්සපි සහස‍්සං දත්‍වා ආණාපෙත්‍වා නගරතො අවිදූරෙ ඨානෙ පපාතෙ පාතාපෙසි. සො තත්‍ථ පපතන‍්තො නළකාරානං කම‍්මකරණට‍්ඨානෙ එකසාලාය පතිතො. සා තස‍්ස පුඤ‍්ඤානුභාවෙන සතවිහතකප‍්පාසපිචුසම‍්ඵස‍්සසදිසා අහොසි. අථ නං නළකාරජෙට‍්ඨකො “පුඤ‍්ඤවා එස දාරකො, පටිජග‍්ගිතුං වට‍්ටතී”ති ගණ‍්හිත්‍වා ගෙහං ගතො. සෙට‍්ඨි දාරකස‍්ස පපාතතො පතිතට‍්ඨානෙ මතභාවං වා අමතභාවං වා පරියෙසාපෙන‍්තො නළකාරජෙට‍්ඨකෙන ගහිතභාවං ඤත්‍වා තස‍්සපි සහස‍්සං දත්‍වා ආණාපෙසි.

සිටුතෙමේත් රියසක් මඟෙහිදී මළ හෝ නොමළ බව විමසන්නේ සාත්තුනායකයා විසින් ගත්බව දැන ඔහුටද දහසක් දී ගෙන්වාගෙන නුවරින් නුදුරු තැනකවූ ප්‍රපාතයෙක්හි හෙළවූයේය. හෙතෙම එහි වැටෙන්නේ කුළුපොත්තන්ගේ වැඩකරන තැනක කුළුපොතු හලෙක වැටුනේය. ඒ ශාලාව ඔහුගේ පින්බලයෙන් සියවරක් පොළනලද කපුපුළුනක පහස ඇත්තක් මෙන් විය. ඉක්බිති කුළුපොතු දෙටුවා මේ දරුවා පිනැතෙකි. පිළිදැඟුම් කිරීමට වටනේයයි ඔහු ගෙට ගෙන ගියේය. සිටුතෙමේ ප්‍රපාතයෙන් වැටුණු තැන නොමළ බව හෝ මළ බව විමසා බලවන්නේ කුළුපොතු දෙටුවා විසින් ගත්බව දැන ඔහුටද දහසක් දී ගෙන්වාගත්තේය.

අපරභාගෙ සෙට‍්ඨිස‍්ස සකපුත‍්තොපි සොපි උභො වයප‍්පත‍්තා අහෙසුං. සෙට‍්ඨි පුන ඝොසකදාරකස‍්ස මාරණුපායං චින‍්තෙන‍්තො අත‍්තනො කුම‍්භකාරස‍්ස ගෙහං ගන‍්ත්‍වා “අම‍්භො මය‍්හං ගෙහෙ එවරූපො එකො අවජාතදාරකො අත්‍ථි, තං දාරකං යංකිඤ‍්චි කත්‍වා මාරෙතුං වට‍්ටති රහස‍්සෙනා”ති ආහ. සො උභොපි කණ‍්ණෙ පිදහිත්‍වා “එවරූපං නාම භාරියං කථං කථෙතුං න වට‍්ටතී”ති ආහ. තතො සෙට‍්ඨි “අයං මුධා න කරිස‍්සතී”ති චින‍්තෙත්‍වා – “හන්‍ද, භො, සහස‍්සං ගණ‍්හිත්‍වා එතං කම‍්මං නිප‍්ඵාදෙහී”ති ආහ. ලඤ‍්ජං නාම අභින‍්නං භින්‍දති, තස‍්මා සො සහස‍්සං ලභිත්‍වා සම‍්පටිච‍්ඡිත්‍වා “අහං, අය්‍ය, අසුකදිවසෙ නාම ආවාපං ආලිම‍්පෙස‍්සාමි, තදා තං දාරකං අසුකවෙලාය නාම පෙසෙහී”ති ආහ. සෙට‍්ඨිපි ඛො තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය දිවසෙ ගණෙන‍්තො කුම‍්භකාරෙන වුත‍්තදිවසස‍්ස සම‍්පත‍්තභාවං ඤත්‍වා ඝොසකකුමාරං පක‍්කොසාපෙත්‍වා “අම‍්හාකං, තාත, අසුකදිවසෙ නාම බහූහි භාජනෙහි අත්‍ථො, ත්‍වං අම‍්හාකං කුම‍්භකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ‘පිතරා කිර මෙ තුම‍්හාකං එකං කථිතං අත්‍ථි, තං අජ‍්ජ නිප‍්ඵාදෙහී’ති වදෙහී”ති ආහ. සො “සාධූ”ති තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා නික‍්ඛමි.

මෑතකාලයෙහි සිටාණන්ගේ සියපුතුද හෙතෙමේද යන දෙදෙනාම වියපත් වූවාහුය. සිටුතෙමේ නැවත ඝොෂක දරුවා මරණ උපායක් සිතන්නේ තමන්ගේ කුඹල්කරුවාගේ ගෙට ගොස් ‘පිනැත්ත, මගේ ගෙහි මෙබඳු වූ එක් අවජාතක දරුවෙක් ඇත. ඒ දරුවා යම්කිසිවක් කොට මරවන්නට වටනේයයි රහසින් කීවේය. එකල්හි හෙතෙම දෙකණම වසාගෙන ‘මෙබඳු බැරෑරුම් කථාවක් කිරීමට නොවටීය’යි කීවේය. ඉක්බිති සිටුතෙමේ මෙතෙම නිකම් නොකරන්නේයයි සිතා එසේ නම් එම්බල, දහසක් ගෙන මේ කාර්යය කරව’යි කීවේය. අල්ලස නම් නොබඳුනකු බිඳියි. එහෙයින් හෙතෙම දහසක් ලැබ පිළිගෙන ආර්‍ය්‍යයෙනි, මම අසුවල් දින පෝරණුව දල්වන්නෙමි. එකල්හි ඔහු අසුවල් වේලාවට එවනු මැනවැ’යි කීවේය. සිටුවරයාත් ඔහුගේ ඒ වචනය පිළිගෙන එතැන්පටන් දින ගණිමින් කුඹල්කරුවා කීදිනය පැමිණිබව දැන ඝොෂක කුමරු කැඳවා ‘දරුව, අපට අසුවල් දිනයෙහි බොහෝ බඳුන්වලින් වැඩ ඇත. නුඹ අපගේ කුඹල්කරු වෙත ගොස් මාගේ පියා විසින් කියනලද යමක් ඇත. අද එය ඉටුකරන්නැයි කියව’යි කීවේය. හෙතෙම මැනවැයි ඔහුගේ වචනය පිළිගෙන නික්මුණේය.

අථ නං අන‍්තරාමග‍්ගෙ සෙට‍්ඨිස‍්ස සකපුත‍්තො ගුළකීළං කීළන‍්තො දිස‍්වා වෙගෙන ගන‍්ත්‍වා “අහං භාතික දාරකෙහි සද‍්ධිං කීළන‍්තො එත‍්තකං නාම ජිතො, තං මෙ පටිජිනිත්‍වා දෙහී”ති ආහ. සො “මය‍්හං ඉදානි ඔකාසො නත්‍ථි, පිතා මං අච‍්චායිකකම‍්මෙන කුම‍්භකාරස‍්ස සන‍්තිකං පහිණී”ති ආහ. ඉතරො “අහං භාතික තත්‍ථ ගමිස‍්සාමි, ත්‍වං ඉමෙහි සද‍්ධිං කීළිත්‍වා මය‍්හං ලක‍්ඛං පච‍්චාහරිත්‍වා දෙහී”ති ආහ. “තෙන හි ගච‍්ඡා”ති අත‍්තනො කථිතසාසනං තස‍්ස කථෙත්‍වා දාරකෙහි සද‍්ධිං කීළි. සොපි කුමාරො කුම‍්භකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං සාසනං ආරොචෙසි. සො “සාධු, තාත, නිප‍්ඵාදෙස‍්සාමී”ති තං කුමාරං ගබ‍්භං පවෙසෙත්‍වා තිඛිණාය වාසියා ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා චාටියං පක‍්ඛිපිත්‍වා චාටිමුඛං පිදහිත්‍වා භාජනන‍්තරෙ ඨපෙත්‍වා ආවාපං ආලිම‍්පෙසි. ඝොසකකුමාරො බහූ ජිනිත්‍වා කනිට‍්ඨස‍්ස ආගමනං ඔලොකෙන‍්තො නිසීදි. සො තං චිරායමානං ඤත්‍වා “කිං නු ඛො චිරායතී”ති කුම‍්භකාරගෙහසභාගං ගන‍්ත්‍වා කත්‍ථචි අදිස‍්වා “ගෙහං ගතො භවිස‍්සතී”ති නිවත‍්තිත්‍වා ගෙහං අගමාසි.

අතර මඟ සිටාණන්ගේ ස්වකීය පුත්‍රයා පන්දුකෙළි කෙළිමින් සිටියේ ඔහු දැක වේගයෙන් අවුත් සොයුර, මම ළමයින් සමඟ සෙල්ලම් කරමින් මෙපමණක් පැරදුනෙමි. එය මට නැවත දිනා දෙවයි කීවේය. හෙතෙම මට දැන් ඉඩක් නැත. පියා මා ඉක්මන් වැඩක් සඳහා කුඹල්කරුවා ලඟට යැවීය’යි කීවේය. අනෙකා, සොයුර මම එහි යන්නෙමි. නුඹ මොවුන් සමඟ ක්‍රීඩාකොට මගේ ලක්‍ෂය ආපසුගෙන දෙන්නැ’යි පැවසීය. ‘එසේනම් යව’යි තමන්ට කියූ හසුන ඔහුට කියා ළමයින් සමඟ සෙල්ලම් කළේය. ඒ කුමරුවාත් කුඹල්කරුවා වෙතට ගොස් ඒ හසුන දැන්වීය. හෙතෙම ‘මැනවි දරුව ඉටු කරන්නෙමි’යි එකුමරු ගැබකට පිවිසුවා තියුණු පිහියකින් කඩකඩ කොට සැළියක දමා සැළිය වසා බඳුන් අතර තබා පෝරණුව ගිනි දැල්වීය. ඝෝෂක කුමරුවාත් බොහෝ දිනා කනිෂ්ඨයාගේ පැමිණීම බලාපොරෝත්තුවෙමින් හුන්නේය. හෙතෙම ඔහු පමාවනු දැන කුමක්නිසා පමාවේදැයි කුඹල්කරුගේ ගෙදෙසට ගොස් කිසිතැනක නොදැක ගෙදර ගියේවනැයි ආපසු නිවසට ගියේය.

සෙට‍්ඨි නං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා “කිං නු ඛො කාරණං භවිස‍්සති, මයා එස මාරණත්‍ථාය කුම‍්භකාරස‍්ස සන‍්තිකං පහිතො, සො දානි පුන ඉධෙවාගච‍්ඡතී”ති ආගච‍්ඡන‍්තංයෙව නං “කිං, තාත, කුම‍්භකාරස‍්ස සන‍්තිකං න ගතොසී”ති ආහ. “ආම, තාත, න ගතොම‍්හී”ති. “කස‍්මා, තාතා”ති? සො අත‍්තනො නිවත‍්තකාරණඤ‍්ච කනිට‍්ඨභාතිකස‍්ස තත්‍ථ ගතකාරණඤ‍්ච ආරොචෙසි. සෙට‍්ඨි තස‍්ස වචනස‍්ස සුතකාලතො පට‍්ඨාය මහාපථවියා අජ‍්ඣොත්‍ථටො විය හුත්‍වා “කිං නාමෙතං ත්‍වං වදසී”ති විප‍්ඵන්‍දචිත‍්තො වෙගෙන කුම‍්භකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අඤ‍්ඤෙසං සන‍්තිකෙ අකථනීයභාවෙන “පෙක‍්ඛ, භො, පෙක‍්ඛ, භො”ති ආහ. “කිං පෙක‍්ඛාපෙසි ත්‍වං”? නිට‍්ඨිතං එතං කම‍්මන‍්ති. සො තතොව නිවත‍්තිත්‍වා ගෙහං අගමාසි. තතො පට‍්ඨාය චස‍්ස චෙතසිකරොගො උප‍්පජ‍්ජි.

සිටුතෙමේ ඔහු දුරදීම එනු දැක, ‘කුමන කරුණක් වන්නේද? මාවිසින් මොහු මැරීම සඳහා කුඹල්කරු වෙතට යවනලදී. හෙතෙම දැන් මෙහිම පැමිණේයයි (සිතා) පැමිණෙන්නහුටම ‘කිමෙක්ද දරුව නුඹ කුඹල්කරු වෙතට නොගියෙහිදැයි ඇසීය. ‘එසේය පියාණෙනි, නොගියෙමි.’ ‘කුමක්හෙයින්ද දරුව? හෙතෙම තමා නැවතුණු කරුණද කනිටුබෑයා එහි ගිය කරුණද සිටුවරයාට කීවේය. සිටුවරයා ඔහුගේ වචනය ඇසූ වේලෙහි පටන් මහපොළොවෙන් මඬිනු ලද්දකු මෙන්වී ‘මේ නම් කිමෙක්ද? ඇත්තක් කියහි’දැයි තැතිගත් සිතැත්තේ වේගයෙන් වේගයෙන් කුඹල්කරුවා වෙතට ගොස් අන් අය සමීපයෙහි නොකියයුතු බැවින් ‘බලව එම්බල, බලව’යි කීවේය. ‘නුඹ කුමක් බලවන්නෙහිද? ඒ වැඩය නිමවීය’යි (කුඹල් කරුවා කීවේය). හෙතෙම එයින්ම ආපසු හැරී නිවසට පැමිණියේය. එතැන්පටන් ඔහුට චෛතසික (මානසික) රෝගයක් හටගත්තේය.

සො තස‍්මිං කාලෙ තෙන සද‍්ධිං අභුඤ‍්ජිත්‍වා ආසං භින්‍දිත්‍වා “යෙන කෙනචි උපායෙන මම පුත‍්තස‍්ස සත‍්තුනො අන‍්තරමෙව පස‍්සිතුං වට‍්ටතී”ති එකං පණ‍්ණං ලිඛිත්‍වා ඝොසකකුමාරං පක‍්කොසිත්‍වා “ත්‍වං ඉමං පණ‍්ණං ආදාය අසුකගාමෙ නාම අම‍්හාකං කම‍්මන‍්තිකො අත්‍ථි, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඉමං පණ‍්ණං දත්‍වා ‘ඉමස‍්මිං කිර පණ‍්ණෙ සාසනං සීඝං කරොහී’ති වද. අන‍්තරාමග‍්ගෙ අම‍්හාකං සහායකො ගාමකසෙට‍්ඨි නාම එකො සෙට‍්ඨි අත්‍ථි, තස‍්ස ඝරං ගන‍්ත්‍වා භත‍්තං භුඤ‍්ජිත්‍වා ගච‍්ඡෙය්‍යාසී”ති ච මුඛසාසනං අදාසි. සො සෙට‍්ඨිං වන්‍දිත්‍වා පණ‍්ණං ගහෙත්‍වා නික‍්ඛන‍්තො අන‍්තරාමග‍්ගෙ ගාමකසෙට‍්ඨිස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තස‍්ස ගෙහං පුච‍්ඡිත්‍වා තං බහිද‍්වාරකොට‍්ඨකෙ නිසීදිත්‍වා මස‍්සුපරිකම‍්මං කරොන‍්තං වන්‍දිත්‍වා අට‍්ඨාසි. “කුතො ආගච‍්ඡසි, තාතා”ති ච වුත‍්තෙ “කොසම‍්බිසෙට‍්ඨිනො පුත‍්තොම‍්හි, තාතා”ති ආහ. සො “අම‍්හාකං සහායසෙට‍්ඨිනො පුත‍්තො”ති හට‍්ඨතුට‍්ඨො අහොසි.

හෙතෙම එකල්හිද ඔහු සමඟ එකට කෑම නොගෙන යම්කිසි උපායකින් මගේ පුතුගේ සතුරාට ඇවැඩක්ම දැකීමට වටීය’යි එක් ලිපියක් ලියා ඝොෂක කුමරු කැඳවා නුඹ මේ ලිපිය රැගෙන අසුවල් නම් ගමෙහි අපගේ කර්‍මාන්තයෙහි යෙදුනෙක් ඇත. ඔහු වෙතට ගොස් මේ ලිපියදී මේ ලිපියෙහි පණිවිඩය ඉක්මණින් කරවයි කියව. අතරමගෙහි අපගේ යහළු ගාමකසෙට්ඨ නම් වූ සිටුවරයෙක් ඇත. ඔහුගේ නිවසට ගොස් කෑම කා යන්නෙහි කියා කටවචනයෙන් පණිවිඩයක්ද දුන්නේය. හෙතෙම සිටාණන්ට වැඳ ලිපිය ගෙන නික්මුණේ අතරමඟ ගාමකසිටු වසනතැනට ගොස් බිහිදොරකොටුවෙහි හිඳ රැවුල බාමින් සිටි ඔහුට වැද සිටියේය. ‘දරුව කොහිසිට අවුදැ’යි ඇසූ කල්හි, ‘පියාණෙනි, කොසඹෑ සිටුගේ පුතා වෙමැ’යි කීවේය. හෙතෙම අපගේ යහළු සිටාණන්ගේ පුතායයි තුටුපහටුවූයේ විය.

තස‍්මිං ච ඛණෙ තස‍්ස සෙට‍්ඨිනො ධීතාය එකා දාසී සෙට‍්ඨිධීතු පුප‍්ඵානි ආහරිතුං ගච‍්ඡති. අථ නං සෙට‍්ඨි ආහ – “ත්‍වං, අම‍්ම, එතං කම‍්මං ඨපෙත්‍වා ඝොසකකුමාරස‍්ස පාදෙ ධොවිත්‍වා සයනං අත්‍ථරිත්‍වා දෙහී”ති. සා තථා කත්‍වා ආපණං ගන‍්ත්‍වා සෙට‍්ඨිධීතු පුප‍්ඵානි ආහරි. සෙට‍්ඨිධීතා තං දිස‍්වා “ත්‍වං අජ‍්ජ චිරං බහි පපඤ‍්චෙසී”ති තස‍්සා කුජ‍්ඣිත්‍වා “කිං තෙ එත‍්තකං කාලං එත්‍ථ කත”න‍්ති ආහ. “මා කථෙසි, අය්‍යෙ, මයා එවරූපො නදිට‍්ඨපුබ‍්බො, තුය‍්හං කිර පිතු සහායකසෙට‍්ඨිනො පුත‍්තො එකො, න සක‍්කා තස‍්ස රූපසම‍්පත‍්තිං කථෙතුං. සෙට‍්ඨි මං පුප‍්ඵානං අත්‍ථාය ගච‍්ඡන‍්තිං ‘තස‍්ස කුමාරස‍්ස පාදෙ ධොවිත්‍වා සයනං අත්‍ථරිත්‍වා දෙහී’ති ආහ, තෙනාහං බහි චිරං පපඤ‍්චෙසි”න‍්ති. සාපි ඛො සෙට‍්ඨිධීතා තස‍්ස කුමාරස‍්ස චතුත්‍ථෙ අත‍්තභාවෙ ඝරසාමිනී අහොසි, තස‍්මා තස‍්සා වචනස‍්ස සුතකාලතො පට‍්ඨාය නෙව අත‍්තනො ඨිතභාවං, න නිසින‍්නභාවං අඤ‍්ඤාසි. සා තමෙව දාසිං ගහෙත්‍වා තස‍්ස නිපන‍්නට‍්ඨානං ගන‍්ත්‍වා තං නිද‍්දායමානං ඔලොකෙත්‍වා දුස‍්සන‍්තෙ පණ‍්ණං දිස‍්වා “කිං නු ඛො එතං පණ‍්ණ”න‍්ති කුමාරං අනුට‍්ඨාපෙත්‍වාව පණ‍්ණං ගහෙත්‍වා වාචෙත්‍වා “අයං අත‍්තනො මරණපණ‍්ණං සයමෙව ගහෙත්‍වා ආගච‍්ඡතී”ති තං පණ‍්ණං ඵාලෙත්‍වා තස‍්මිං අප‍්පබුද‍්ධෙයෙව “මයා තව සන‍්තිකං පුත‍්තො පෙසිතො, සහායකස‍්ස මෙ ගාමකසෙට‍්ඨිස‍්ස වයප‍්පත‍්තා දාරිකා අත්‍ථි, ත්‍වං සීඝං අම‍්හාකං ආණාපවත‍්තිට‍්ඨානෙ උප‍්පාදං ධනං ගණ‍්හිත්‍වා සබ‍්බසතෙන මම පුත‍්තස‍්ස ගාමකසෙට‍්ඨිනො ධීතරං ගහෙත්‍වා මඞ‍්ගලං කරොහි. මඞ‍්ගලෙ ච නිට‍්ඨිතෙ ‘ඉමිනා මෙ විධානෙන කත’න‍්ති මය‍්හං සාසනං පෙසෙහි. අහං තව ඉධ කත‍්තබ‍්බං ජානිස‍්සාමී”ති පණ‍්ණං ලිඛිත්‍වා තමෙව ලඤ‍්ඡනං දත්‍වා පඨමං බද‍්ධනියාමෙනෙව දුස‍්සන‍්තෙ බන්‍ධි.

එකෙණෙහි ඒ සිටාණන්ගේ දියණියගේ එක් දැස්සක් සිටුදුවට මල් ගෙන ඒමට යයි. ඉක්බිති සිටුතෙමේ ඇයට, ‘නුඹ ඒ වැඩය තබා ඝොෂකකුමරුන්ගේ පා දොවා යහන අතුරා දෙව’යි කීවේය. ඕතොමෝ එසේ කොට ආපණශාලාවට ගොස් සිටුදුවට මල් ගෙනාවාය. සිටුදුව ඇයදැක ‘නුඹ අද බොහෝ වේලාවක් පිටත පමා වූවෙහි’යි ඇයට කිපියා ‘නුඹ විසින් මෙතෙක් කලක් මෙහි කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘නොදොඩන්න ආර්‍ය්‍යවනි, නුඹතුමියගේ පියාගේ යහළු සිටාණන්ගේ පුතු වැනි මෙබන්දෙක් මවිසින් නොදුටු විරූය. ඔහුගේ රූපසම්පත්තිය කීමට නොහැකිය. සිටුතුමා මල් සඳහා යන්නාවූ මට ඒ කුමරුගේ පා දොවා යහන අතුරා දෙවයි කීවේය. එහෙයින් මම පිටත බොහෝ වේලාවක් පමාවූයෙමි’යි කීවාය. ඒ සිටුදියණියද ඒ කුමරුගේ සිව්වැනි අත්බැව්හි බිරිඳ වූවාය. එබැවින් ඇයගේ වචනය ඇසූ වේලෙහි පටන් තමන් හුන්බවවත් සිටිබවවත් නොදත්තාය. ඕතොමෝ ඒ දාසියද රැගෙන එකුමරු හොත් තැනට ගොස් නිදන ඔහු දෙස බලා දසරුවෙහි ලිපියක් දැක මේ ලිපිය කුමක්දැයි කුමරු නොනැගිටවාම ලිපිය රැගෙන කියවා මෙතෙම තම මරණලිපිය තෙමේම රැගෙන යේය’යි ඒ ලිපිය ඉරා ඔහු අවදිනොවී සිටියදීම ‘මවිසින් නුඹ වෙතට පුතා එවන ලදී. මගේ යහළු ගාම සිටුව වියපත් දියණියක් ඇත. නුඹ වහා අපගේ අණපවතින තන්හි උපන් ධනය ගෙන හැම සියයෙන් මගේ පුතුට ගාමකසිටුගේ දියණිය ගෙන මංගල්‍යය කරවයි ද මංගල්‍යය නිමි කල්හි මගේ මේ විධානයෙන් කරන ලදැයි මට හසුනක් එවව. මම මෙහිලා ඔබට කළයුතු දෙය දනිමි’යිද ලිපියක් ලියා ඒ සළකුණම තබා මුල්ලිපිය බඳනාලද අයුරින්ම දසන්තයෙහි බැන්දාය.

සොපි ඛො කුමාරො තංදිවසං තත්‍ථ වසිත්‍වා පුනදිවසෙ සෙට‍්ඨිං ආපුච‍්ඡිත්‍වා කම‍්මන‍්තිකස‍්ස ගාමං ගන‍්ත්‍වා පණ‍්ණං අදාසි. කම‍්මන‍්තිකො පණ‍්ණං වාචෙත්‍වා ගාමිකෙ සන‍්නිපාතෙත්‍වා “තුම‍්හෙව මං න ගණෙථ, මම සාමී අත‍්තනො ජෙට‍්ඨපුත‍්තස‍්ස සබ‍්බසතෙන දාරිකං ආනෙතුං මය‍්හං සන‍්තිකං පෙසෙසි, වෙගෙන ඉමස‍්මිං ඨානෙ උප‍්පාදං සම‍්පිණ‍්ඩෙථා”ති සබ‍්බං මඞ‍්ගලසක‍්කාරං සජ‍්ජෙත්‍වා ගාමකසෙට‍්ඨිස‍්ස සාසනං පෙසෙත්‍වා සම‍්පටිච‍්ඡාපෙත්‍වා සබ‍්බසතෙන මඞ‍්ගලකිරියං නිට‍්ඨාපෙත්‍වා කොසම‍්බිසෙට‍්ඨිස‍්ස පණ‍්ණං පහිණි “මයා තුම‍්හෙහි පහිතපණ‍්ණෙ සාසනං සුත්‍වා ඉදඤ‍්චිදඤ‍්ච කත”න‍්ති.

ඒ කුමරුවාත් එදවස එහි වැස දෙවැනි දිනයෙහි සිටුවරයාට දන්වා කර්‍මාන්තයෙහි නියුක්තිකයාගේ ගමට ගොස් ලිපිය දුන්නේය. කර්‍මාන්තයෙහි නියුක්තිකයා ලිපිය කියවා ගැමියන් රැස්කරවා, ‘නුඹලා මා ගණන් නොගන්නාහුය. මගේ ස්වාමීයි තම දෙටුපුතුට හැම සියයෙන් දැරියක ගෙන ඒමට මා සමීපයට එවීය. වහාම මෙතැන්හි හටගත් දෙය එක්රැස් කරවු යයි සියලු මංගල සත්කාරය පිළියෙළ කරවා ගාමක සිටාණන්ට හසුනක් යවා එකඟ කරවා ගෙන හැම සියයෙන් මංගලකටයුත්ත නිමවා කොසඹෑ සිටාණන්ට නුඹවහන්සේ විසින් එවන ලද ලිපියෙහි පණිවිඩය අසා මවිසින් මේ මේ දෙය කරනලදැ’යි ලිපියක් යැව්වේය.

සෙට‍්ඨි තං සාසනං සුත්‍වා අග‍්ගිදඩ‍්ඪො විය “ඉදානි නට‍්ඨොම‍්හී”ති චින‍්තනවසෙන ලොහිතපක‍්ඛන්‍දිකරොගං පත්‍වා “යෙන කෙනචි තං උපායෙන පක‍්කොසිත්‍වා මම සන‍්තකස‍්ස අස‍්සාමිකං කරිස‍්සාමී”ති “මඞ‍්ගලස‍්ස නිට‍්ඨිතකාලතො පට‍්ඨාය කස‍්මා මය‍්හං පුත‍්තො බහි හොති, සීඝං ආගච‍්ඡතූ”ති සාසනං පෙසෙසි. සාසනං සුත්‍වා කුමාරෙ ගන‍්තුං ආරද‍්ධෙ සෙට‍්ඨිධීතා චින‍්තෙසි – “අයං බාලො මං නිස‍්සාය ඉමං සම‍්පත‍්තිං අලත්‍ථන‍්ති න ජානාති, යංකිඤ‍්චි කත්‍වා ඉමස‍්ස ගමනපටිබාහනුපායො කාතුං වට‍්ටතී”ති. තතො නං ආහ – “කුමාර, මා අතිවෙගෙන ගච‍්ඡාහි, කුලගාමං ගච‍්ඡන‍්තෙන නාම අත‍්තනො පරිවච‍්ඡං කත්‍වා ගන‍්තුං වට‍්ටතී”ති.

සිටුවරයා ඒ හසුන අසා ගින්නෙන් දවුනෙකු මෙන් ‘දැන් නටුවෙමි’යි කල්පනාබර වීමෙන් ලේ අතීසාරය සෑදී ‘යම් කිසි උපායෙකින් ඔහු කැඳවා මා සතු ධනයට අහිමිකරුවකු කරමියි ‘මඟුල නිමි කාලයෙහි පටන් කුමක් හෙයින් මගේ පුතා පිටත වේද? ඉක්මණින් එන්නැ’යි හසුනක් යැවීය. හසුන අසා කුමරුවා යාමට සැරසුණේය. සිටුදුව, මේ මෝඩයා කවරකු නිසා මේ සැපත් ලද්දේදැයි නොදනියි. යම් කිසිවක් කොට මොහුගේ ගමන වළකන උපායක් කිරීමට වටනේයයි සිතුවාය. ඉක්බිති ඔහුට, ‘කුමරුනි, ඉතා ඉක්මන් නොවන්න. කුලගමට යන්නහු විසින් තමන්ගේ යුතුකම් ඉටු කොට යායුතුය’යි කීවාය.

කොසම‍්බකසෙට‍්ඨිපි තස‍්ස චිරායනභාවං ඤත්‍වා පුන සාසනං පහිණි “කස‍්මා මෙ පුත‍්තො චිරායති, අහං ලොහිතපක‍්ඛන්‍දිකරොගං පත‍්තො, ජීවන‍්තමෙව මං ආගන‍්ත්‍වා දට‍්ඨුං වට‍්ටතී”ති. තස‍්මිං කාලෙ සෙට‍්ඨිධීතා තස‍්ස ආරොචෙසි – “න එසො තව පිතා, ත්‍වං පන ‘පිතා’ති සඤ‍්ඤං කරොසි. එස තව මාරණත්‍ථාය කම‍්මන‍්තිකස‍්ස පණ‍්ණං පහිණි, අහං තං පණ‍්ණං අපනෙත්‍වා අඤ‍්ඤං සාසනං ලිඛිත්‍වා තව එතං සම‍්පත‍්තිං උප‍්පාදයිං. එස තං ‘අපුත‍්තං කරිස‍්සාමී’ති පක‍්කොසති, එතස‍්ස කාලකිරියං ආගමෙහී”ති. අථස‍්ස ධරමානකස‍්සෙව කාලකතභාවං සුත්‍වා කොසම‍්බිනගරං අගමාසි. සෙට‍්ඨිධීතාපි තස‍්ස බහියෙව සඤ‍්ඤං අදාසි “ත්‍වං පවිසන‍්තො සකලගෙහෙ තව ආරක‍්ඛං ඨපෙන‍්තොව පවිසාහී”ති. සයම‍්පි සෙට‍්ඨිපුත‍්තෙන සද‍්ධිමෙව පවිසිත්‍වා උභො හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා රොදන‍්තී විය හුත්‍වා අන්‍ධකාරට‍්ඨානෙ නිපන‍්නකස‍්ස සෙට‍්ඨිස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සීසෙනෙව හදයං පහරි. සො දුබ‍්බලතාය තෙනෙව පහාරෙන කාලමකාසි.

කොසඹෑ සිටුතුමාද ඔහු පමාවන බව දැන, ‘කුමක් හෙයින් මගේ පුතා පමා වෙයිද? මම ලේ අතීසාර රෝගයට පත්වූයෙමි. අවුත් මා ජීවත්ව සිටියදී දැකීමට වටනේය’යි යළි හසුනක් යැවීය. එකල්හි සිටුදියණිය ඔහුට, ‘මෙතෙම ඔබගේ පියා නොවෙයි. නුඹ වනාහි ඔහු පියායයි සිතහි. එතෙම ඔබ මැරීම සඳහා කර්‍මාන්ත නියුක්තිකයාට ලිපියක් යැවීය. මම ඒ ලිපිය ඉවත් කොට වෙන හසුනක් ලියා ඔබට මේ සැපත් ඉපදවීමි. මෙතෙම ඔබ අපුත්‍රක කරමියි කැඳවයි. මොහුගේ මරණයෙහිදී යව’යි දැන්වූවාය. ඉක්බිති ඔහු ජීවත්ව සිටියදීම මළබව අසා කොසඹෑ නුවරට ගියේය. සිටු දියණියද කල් ඇතිවම ඔහුට, ‘ඔබ ගෙට පිවිසෙන්නේ සියලු ගෙහි ඔබට ආරක්ෂාව තබමින්ම පිවිසෙවයි’ සංඥාවක් දුන්නාය. තොමෝත් සිටුපුතා සමඟම පිවිස දෙඅත් ඔසවා අඬන්නියක මෙන් වී අඳුරු තැනක වැදහොත් තැනැත්තහුගේ ලඟට ගොස් හිසෙන්ම හදවතට පහර දුන්නාය. හෙතෙම දුබල බැවින් ඒ පහරින්ම මිය ගියේය.

කුමාරොපි පිතු සරීරකිච‍්චං කත්‍වා “තුම‍්හෙ මහාසෙට‍්ඨිස‍්ස මං සකපුත‍්තොති වදථා”ති පාදමූලිකානං ලඤ‍්ජං අදාසි. තතො සත‍්තමෙ දිවසෙ රාජා “සෙට‍්ඨිට‍්ඨානාරහං එකං ලද‍්ධුං වට‍්ටතී”ති “සෙට‍්ඨිස‍්ස සපුත‍්තකනිපුත‍්තකභාවං ජානාථා”ති පෙසෙසි. සෙට‍්ඨිපාදමූලිකා රඤ‍්ඤො සෙට‍්ඨිස‍්ස සපුත‍්තභාවං කථයිංසු. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්ස සෙට‍්ඨිට‍්ඨානං අදාසි. සො ඝොසකසෙට‍්ඨි නාම ජාතො. අථ නං භරියා ආහ – “අය්‍යපුත‍්ත, ත්‍වම‍්පි අවජාතො, අහම‍්පි දුග‍්ගතකුලෙ නිබ‍්බත‍්තා. පුබ‍්බෙ කතකුසලවසෙන පන එවරූපං සම‍්පත‍්තිං අලභිම‍්හ, අධුනාපි කුසලං කරිස‍්සාමා”ති. සො “සාධු භද‍්දෙ”ති සම‍්පටිච‍්ඡිත්‍වා දෙවසිකං සහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා දානං පට‍්ඨපෙසි.

සිටු කුමරුවාද පියාගේ අවමංගල කටයුතු කොට නුඹලා මා මහසිටාණන්ගේ ස්වකීය පුත්‍රයායයි කියහුයි සේවකයන්ට අල්ලස් දුන්නේය. ඉක්බිති සත්වෙනි දිනයෙහි රජතෙමේ සිටුතනතුර සඳහා සුදුසුසකු ලැබීමට වටනේයයි (සිතා) සිටුවරයාගේ පුතුන් සහිත බව හෝ රහිතබව දනුවයි (සේවකයන්) යැව්වේය. සිටුසේවකයෝ රජුට සිටුවරයාගේ තමාගේම පුත්‍රයෙකු ඇති බව කීවාහුය. රජතෙමේ මැනවයි පිළිගෙන ඔහුට සිටු තනතුර දුන්නේය. හෙතෙම ඝෝෂක සෙට්ඨිනම් වීය. ඉක්බිති බිරිය ඔහුට, ‘ආර්‍ය්‍යපුත්‍රය, නුඹද අවජාතක වෙහි. මමද දිළිඳු කුලයෙහි උපන්නෙමි. පෙර කරනලද කුසල් වශයෙන් මෙබඳු සැපතක් ලැබීමු. දැනුදු කුසල් කරනනෙමු’යි කීවාය. හෙතෙම ‘සොඳුර, මැනවැ’යි පිළිගෙන දිනපතා දහසක් වියදම් කොට දනක් පිහිටෙව්වේය.

තස‍්මිං සමයෙ තාසං ද‍්වින‍්නං ජනානං ඛුජ‍්ජුත‍්තරා දෙවලොකතො චවිත්‍වා ඝොසකසෙට‍්ඨිස‍්ස ගෙහෙ ධාතියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. සා ජාතකාලෙ ඛුජ‍්ජා අහොසීති ඛුජ‍්ජුත‍්තරාතෙවස‍්සා නාමං අකංසු. සාමාවතීපි දෙවලොකතො චවිත්‍වා භද‍්දවතියරට‍්ඨෙ භද‍්දියනගරෙ භද‍්දවතියසෙට‍්ඨිස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, සාමාතිස‍්සා නාමං අකංසු. අපරභාගෙ තස‍්මිං නගරෙ ඡාතකභයං උප‍්පජ‍්ජි, මනුස‍්සා ඡාතකභයභීතා යෙන වා තෙන වා ගච‍්ඡන‍්ති. තදා අයං භද‍්දවතියසෙට‍්ඨි භරියාය සද‍්ධිං මන‍්තෙසි – “භද‍්දෙ ඉමස‍්මිං ඡාතකභයස‍්ස අන‍්තො න පඤ‍්ඤායති, කොසම‍්බිනගරෙ අම‍්හාකං සහායකස‍්ස ඝොසකසෙට‍්ඨිස‍්ස සන‍්තිකං ගච‍්ඡාම, න සො අම‍්හෙ දිස‍්වා පමජ‍්ජිස‍්සතී”ති. තස‍්ස කිර සො සෙට‍්ඨි අදිට‍්ඨසහායකො අහොසි, තස‍්මා එවමාහ. සො සෙසජනං නිවත‍්තාපෙත්‍වා භරියඤ‍්ච ධීතරඤ‍්ච ගණ‍්හිත්‍වා කොසම‍්බිනගරස‍්ස මග‍්ගං පටිපජ‍්ජි. තෙ තයොපි අන‍්තරාමග‍්ගෙ මහාදුක‍්ඛං අනුභවන‍්තා අනුපුබ‍්බෙන කොසම‍්බිං පත්‍වා එකාය සාලාය නිවාසං අකංසු.

එසමයෙහි ඒ දෙදෙනා අතුරින් උත්තරාතොමෝ දෙව්ලොවින් සැව ඝොෂිත සිටාණන්ගේ ගෙහි කිරිමවකගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඕ තොමෝ උපන්කල්හි කුදුවූවායයි බුජ්ජුත්තරා යනුවෙන් ඇයට නම් කළාහුය. සාමාවතීද දෙව්ලොවින් සැව භද්දවතිය රටෙහි භද්දිය නගරයෙහි භද්දවතිය සිටුගේ ගෙහි පිළිසිඳ ගත්තාය. සාමා යනුවෙන් ඇයට නම් කළාහුය. පසු කාලයෙහි ඒ නුවරෙහි දුර්භික්‍ෂ භයක් හටගත්තේය. මිනිස්සු දුර්භික්‍ෂ භයින් බියපත් වූවාහු ඒ ඒ තන්හි යති. එකල්හි මේ භද්දවතිය සිටුතෙමේ ‘මේ දුබික්බියට කෙළවරක් නොපැනෙයි. කොඹෑනුවර අපගේ යහළු ඝොෂිත සිටු වෙතට යමු. හෙතෙම අප දැක නොපමා වේය’යි බිරිඳ සමඟ සාකච්ඡා කළේය. ඔහුට ඒ සිටුතෙමේ නොදුටුමිතුරා වෙයි. එබැවින් මෙසේ (යටකී අයුරින්) කීවේය. හෙතෙම සෙසු ජනයින් නවත්වා බිරියත් දියණියත් ගෙන කොසඹෑ නුවර මගට පිළිපන්නේය. ඒ තිදෙනාම අතරමගදී මහත් දුක් විදිමින් පිළිවෙළින් කොසඹෑ නුවරට පත්ව එක් ශාලාවක වාසය කළාහුය.

ඝොසකසෙට‍්ඨිපි ඛො අත‍්තනො ඝරද‍්වාරෙ කපණද‍්ධිකවනිබ‍්බකයාචකානං මහාදානං දාපෙසි. අථායං භද‍්දවතියසෙට‍්ඨි චින‍්තෙසි – “න සක‍්කා අම‍්හෙහි ඉමිනාව කපණවෙසෙන සහායකස‍්ස අත‍්තානං දස‍්සෙතුං, සරීරෙ පාකතිකෙ ජාතෙ සුනිවත්‍ථා සුපාරුතා සෙට‍්ඨිං පස‍්සිස‍්සාමා”ති. තෙ උභොපි ධීතරං ඝොසකසෙට‍්ඨිස‍්ස දානග‍්ගං පහිණිංසු. සා අත‍්තනො භත‍්තං ආහරණත්‍ථාය භාජනං ගහෙත්‍වා දානග‍්ගං ගන‍්ත්‍වා එකස‍්මිං ඔකාසෙ ලජ‍්ජමානරූපා අට‍්ඨාසි. තං දිස‍්වා දානකම‍්මිකො චින‍්තෙසි – “සෙසජනා සම‍්මුඛසම‍්මුඛට‍්ඨානෙ කෙවට‍්ටා මච‍්ඡවිලොපෙ විය මහාසද‍්දං කත්‍වා ගණ‍්හිත්‍වා ගච‍්ඡන‍්ති, අයං පන දාරිකා කුලධීතා භවිස‍්සති, උපධිසම‍්පදාපිස‍්සා අත්‍ථී”ති.

ඝොෂිත සිටුතෙමේත් තම ගෙදොරෙහි දුගී මගී යාචකයන්ට මහදන් දෙයි. ඉක්බිති මේ භද්දවතිය සිටුතෙමේ මෙසේ සිතීය: අප විසින් මේ දුගී වෙසින් යහළුවාට තමන් දැක්වීමට නොහැකිය. ශරීරය ප්‍රකාතිමත් වූ පසු මනාව හැඳ පෙරව සිටු දක්නෙමු.’ යනවෙනි. ඒ දෙදෙනාම දියණිය ඝොෂිත සිටුගේ දන්හලට තමන්ගේ බත් ගෙන ඒම සඳහා යැව්වාහුය. ඒ තොමේ බඳුන රැගෙන දන්හලට ගොස් එක් තැනක ලජ්ජාශීලිව සිටියයා. ඇය දැක දැන කාර්මික තෙමේ සෙසු අය මුණගැසුනු මුණගැසුණු තැන්වල මසුන් ගොඩබෑමේදී කෙවුළන් මෙන් මහහඬ නඟමික් රැගෙන යති. මේ දැරිය වනාහි කුලදියණියක් වන්නීය. ඇයට හේතුසම්පත් ඇතැ’යි සිතුවේය.

තතො නං ආහ – “ත්‍වං, අම‍්ම, කස‍්මා සෙසජනො විය ගණ‍්හිත්‍වා න ගච‍්ඡසී”ති? තාත, එවරූපං සම‍්බාධට‍්ඨානං කින‍්ති කත්‍වා පවිසාමීති. අම‍්ම, කති පන ජනා තුම‍්හෙති? තයො ජනා, තාතාති. සො තයො භත‍්තපිණ‍්ඩෙ අදාසි. සා තං භත‍්තං මාතාපිතූනං අදාසි, පිතා දීඝරත‍්තං ඡාතකත‍්තා අතිරෙකං භුඤ‍්ජිත්‍වා කාලමකාසි. සා පුනදිවසෙ ගන‍්ත්‍වා ද‍්වෙයෙව භත‍්තපිණ‍්ඩෙ ගණ‍්හි. තංදිවසං සෙට‍්ඨිභරියා භත‍්තෙන ච කිලන‍්තතාය සෙට‍්ඨිනො ච මරණසොකෙන රත‍්තිභාගසමනන‍්තරෙ කාලමකාසි. සා පුනදිවසෙ සෙට‍්ඨිධීතා එකමෙව භත‍්තපිණ‍්ඩං ගණ‍්හි. දානකම‍්මිකො තස‍්සා කිරියං උපධාරෙත්‍වා, “අම‍්ම, තයා පඨමදිවසෙ තයො පිණ‍්ඩා ගහිතා, පුනදිවසෙ ද‍්වෙ, අජ‍්ජ එකමෙව ගණ‍්හසි. කිං නු ඛො කාරණ”න‍්ති පුච‍්ඡි. සා තං කාරණං කථෙසි. කතරගාමවාසිනො පන, අම‍්ම, තුම‍්හෙති. සා තම‍්පි කාරණං නිප‍්පදෙසතො කථෙසි. “අම‍්ම, එවං සන‍්තෙ ත්‍වං අම‍්හාකං සෙට‍්ඨිධීතා නාම අහොසි, මය‍්හඤ‍්ච අඤ‍්ඤා දාරිකා නත්‍ථි, ත්‍වං ඉතො පට‍්ඨාය මම ධීතා, අම‍්මා”ති තං ධීතරං කත්‍වා ගණ‍්හි.

ඉක්බිති හෙතෙම ඇයට ‘නුඹ අන් අය මෙන් කුමක් නිසා ගෙන නොයහිදැ’යි කීවේය. ‘පියාණෙනි, මෙබඳවූ බාධාකර තැනකට කුමක් කොට පිවිසෙම්ද? ‘දරුව නුඹලා කී දෙනෙක්ද?’ පියාණෙනි, තිදෙනෙකි.’ හෙතෙම බත්පිඬු තුනක් දුන්නේය. ඒ තොමෝ ඒ බත් මාපියන්ට දුන්නාය. පියා බොහෝ දවසක් කුසගින්නෙන් මැඬුනේ වැඩිපුර අනුභව කොට කළුරිය කළේය. ඕතොමෝ දෙවැනි දිනියෙහි ගොස් බත්පිඬු දෙකක්ම ගත්තාය. එදවස සිටුබිරිඳ අහරින් ක්ලාන්තවූ බැවිනුත් සිටුවරයා මළ සොවිනුත් රිත්‍රිකාලයෙහි කළුරිය කළාය. දෙවැනි දිනයෙහි සිටුදුව එකම බත් පිඬක් ගත්තාය. දානකාර්මික තෙමේ ඇයගේ ක්‍රියාව සලකා ‘දරුව, නුඹවිසින් පළමුදිනයෙහි බත්පිඬු තුනක් ගන්නාලදී. දෙවැනි දිනයෙහි දෙකෙකි. අද එකක්ම ගන්නෙහි. කරුණ කිමේකදැ’යි, ඇසුවේය. ඕ ඒ කාරණය කීවාය. ‘දරුව, නුඹලා කවරගම් වැසියෝද?’ ඕතොමෝ ඒ කාරණයද ඉතිරි නැතිව කීවාය. ‘දරුව මෙසේ ඇති කල්හි නුඹ අපගේ සිටුදුව නම් වෙහි. මටද අන්දැරියක් නැත. දරුව නුඹ මෙතැන් පටන් මගේ දියණිය’යි (පවසා) ඇය දියණියකොට ගත්තේය.

සා උට‍්ඨාය සමුට‍්ඨාය දානග‍්ගෙ මහාසද‍්දං සුත්‍වා “කස‍්මා අයං, තාත, උච‍්චාසද‍්දමහාසද‍්දො”ති ආහ. අම‍්ම, මහාජනස‍්ස අන‍්තරෙ නාම අප‍්පසද‍්දං කාතුං න සක‍්කාති. අහමෙත්‍ථ උපායං ජානාමි, තාතාති. කිං කාතුං වට‍්ටති, අම‍්මාති? සමන‍්තා වතිං කත්‍වා ද‍්වෙ ද‍්වාරානි යොජෙත්‍වා අන‍්තො භාජනානි ඨපාපෙත්‍වා එකෙන ද‍්වාරෙන පවිසිත්‍වා භත‍්තං ගණ‍්හිත්‍වා එකෙන ද‍්වාරෙන නික‍්ඛමනං කරොථ, තාතාති. සාධු, අම‍්මාති පුනදිවසතො පට‍්ඨාය තථා කාරෙසි. තතො පට‍්ඨාය දානග‍්ගං පදුමස‍්සරං විය සන‍්නිසින‍්නසද‍්දං අහොසි.

ඕතොමෝ නැඟිට නැඟිට (වරින්වර) දන්හලෙහි මහත් හඬ අසා ‘පියාණෙනි, කුමක් නිසා මේ උස්හඬ මහහඬ දැයි විමසුවාය. ‘දරුව මහජනයා අතරෙහි නම් නිහඬ කිරීමට නොහැකිය’යි කීවේය. පියාණෙනි, මම මෙහිලා උපායක් දනිමි.’ ‘දරුව, කුමක් කිරීමට වටීද? හාත්පසින් වටකොට දොර දෙකක් යොදවා ඇතුළත බඳුන් තබා එක් දොරකින් බත් ගෙන එක් දොරකින් නික්මීම කරන්නැ’යි කීවාය. ‘දරුව, මැනවයි දෙවැනි දිනයෙහි සිට එසේ කළේය. එතැන් පටන් දන්හල පැසවන ලද්දක දුම් දැමීමක් මෙන් සන්හුන් හඬ ඇත්තේ විය.

තතො ඝොසකසෙට‍්ඨි පුබ‍්බෙ දානග‍්ගස‍්මිං උච‍්චාසද‍්දමහාසද‍්දං සුත්‍වා තදා තං අසුණන‍්තො දානකම‍්මිකං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “ත්‍වං අජ‍්ජ දානං න දාපෙසී”ති. දින‍්නං, අය්‍යාති. අථ කස‍්මා පුබ‍්බෙ විය දානග‍්ගෙ සද‍්දො න සුය්‍යතීති? ආම, අය්‍ය, එකා මෙ ධීතා අත්‍ථි, අහං තාය කථිතඋපායෙ ඨත්‍වා දානග‍්ගං නිස‍්සද‍්දමකාසින‍්ති. තව ධීතා නාම නත්‍ථි, කුතො තෙ ධීතා ලද‍්ධාති? සො වඤ‍්චෙතුං අසක‍්කුණෙය්‍යභාවෙන සෙට‍්ඨිස‍්ස සබ‍්බං ධීතු ආගමනවිධානං කථෙසි. කස‍්මා පන භො ත්‍වං එවරූපං භාරියං කම‍්මමකාසි? ත්‍වං එත‍්තකං අද‍්ධානං මම ධීතරං අත‍්තනො සන‍්තිකෙ වසමානං නාරොචෙසි, වෙගෙන තං අම‍්හාකං ගෙහං ආණාපෙහීති. සො තස‍්ස වචනං සුත්‍වා අකාමකො ආණාපෙසි. තතො පට‍්ඨාය සෙට‍්ඨි තං ධීතුට‍්ඨානෙ ඨපෙත්‍වා “ධීතු සක‍්කාරං කරොමී”ති අත‍්තනො සමානජාතිකෙහි කුලෙහි ධීතු සමානවයානි පඤ‍්ච කුමාරිකසතානි තස‍්සා පරිවාරමකාසි.

ඉක්බිති ඝොෂිත සිටුතෙමේ පෙර දන්හලෙහි උස්හඬ මහහඬ අසා එදින එය නොඅසන්නේ දානකාර්මිකයා කැඳවා ‘නුඹ අද දන් නොදෙව්වෙහිදැ’යි ඇසීය. ‘ආර්‍ය්‍යයෙනි, දෙනලදී.’ ‘එසේ නම් කුමක් නිසා දන්හලෙහි පෙරමෙන් හඬ නොඇසේද?’ එසේය ආර්‍ය්‍යයෙනි, මට එක් දුවක් ඇත. මම ඇය කී උපායෙහි සිට දන්හල නිහඬ කෙළෙමි’යි කීවේය. නුඹට දුවක් නම් නැත. නුඹ විසින් කොයින් දුවක් ලබන ලද්දීදැයි (සිටුවරයා ඇසීය) හෙතෙම රැවටීමට නොහැකි බැවින් සිටාණන්ට දුවණිය පැමිණි සියලු ආකාරය පැවසීය. ‘පින්වත, කුමක් හෙයින් නුඹ මෙබඳු බැරෑරුම් දෙයක් කළෙහිද? නුඹ මෙපමණ කලක් මගේ දියණිය තමන්ලඟ විසීම නොරිසි වූයෙහිද ඉක්මණින් ඇය අපගේ නිවසට ගෙන්වව’යි සිටාණෝ කීහ. හෙතෙම ඔහුගේ වචනය අසා නොකැමැත්තෙන් කැඳවීය. එතැන් පටන් සිටුවරයා ඇය දියණි තනතුරෙහි තබා දියණියට සත්කාර කරමැයි තමන්ගේ සමානජාතික කුලයන්ගෙන් දුවණියට සමාන වියැති කුමරියන් පන්සියයක් ඇයට පිරිවර කළේය.

අථෙකදිවසං උදෙනො රාජා නගරෙ අනුසඤ‍්චරන‍්තො තං සාමාවතිං තාහි කුමාරීහි පරිවාරිතං කීළමානං දිස‍්වා “කස‍්සායං දාරිකා”ති පුච‍්ඡිත්‍වා “ඝොසකසෙට‍්ඨිස‍්ස ධීතා”ති සුත්‍වා සස‍්සාමිකඅස‍්සාමිකභාවං පුච‍්ඡි. තතො අස‍්සාමිකභාවෙ කථිතෙ “ගච‍්ඡථ සෙට‍්ඨිනො කථෙථ ‘තුම‍්හාකං ධීතරං රාජා ඉච‍්ඡතී’”ති. තං සුත්‍වා සෙට‍්ඨි “අම‍්හාකං අඤ‍්ඤා දාරිකා නත්‍ථි, එකධීතිකං සපත‍්තිවාසෙ දාතුං න සක‍්කොමා”ති. රාජා තං කථං සුත්‍වා සෙට‍්ඨිං ච සෙට‍්ඨිභරියඤ‍්ච බහි කත්‍වා සකලගෙහං ලඤ‍්ඡාපෙසි. සාමාවතී බහි කීළිත්‍වා ආගච‍්ඡන‍්තී මාතාපිතරො බහි නිසින‍්නකෙ දිස‍්වා “අම‍්මතාතා, කස‍්මා ඉධ නිසින‍්නත්‍ථා”ති? තෙ තං කාරණං කථයිංසු. අම‍්මතාතා, කස‍්මා තුම‍්හෙ ඉමං පටිවචනං න ජානාථ “මම ධීතා සපත‍්තිවාසෙ වසන‍්තී එකිකා වසිතුං න සක‍්ඛිස‍්සති, සචස‍්සා පරිවාරා පඤ‍්චසතා කුමාරියො වසාපෙථ, එවං වසිස‍්සතී”ති. ඉදානි එවං කථාපෙථ, තාතාති. “සාධු, අම‍්ම, මයං තව චිත‍්තං න ජානිම‍්හා”ති වත්‍වා තෙ තථා කථයිංසු. රාජා උත‍්තරිතරං පසීදිත්‍වා “සහස‍්සම‍්පි හොතු, සබ‍්බා ආනෙථා”ති ආහ. අථ නං භද‍්දකෙන නක‍්ඛත‍්තමුහුත‍්තකෙන පඤ‍්චමාතුගාමසතපරිවාරං රාජගෙහං නයිංසු. රාජා තා පඤ‍්චසතාපි තස‍්සායෙව පරිවාරං කත්‍වා අභිසෙකං කත්‍වා විසුං එකස‍්මිං පාසාදෙ වසාපෙසි.

ඉක්බිති එක්දිනක් උදේන රජතෙමේ නුවරෙහි හැසිරෙන්නේ ඒ කුමරියන් විසින් පිරිවරන ලදුව ක්‍රීඩාවෙහි යෙදී සිටි ඒ සාමාවතිය දැක මේ දැරිය කාගේදැයි අසා ඝොෂි සිටුගේ දියණියයැයි අසා හිමියකු ඇති නැති බව විමසූවේය. ඉක්බිති හිමියකු නැතිබව කීකල්හි ‘යවු, රජතෙමේ නුඹගේ දියණිය කැමති වේයයි සිටාණන්ට කියවුයයි (පණිවිඩ කරුවන් යැවීය). එය අසා සිටුතෙමේ අපට අන් දැරියක් නැත. එකම දියණිය සපත්නිවාසයෙහි (බිරියන් කිහිපදෙනෙකු ඇති සැමියකු සමඟ විසීම) දීමට නොහැක්කෙමු’යි (දන්වා යැවීය) රජතෛම් ඒ කථාව අසා සිටාණන්ද සිටුබිරියද පිට කරවා සියලු ගෙය මුද්‍රා තැබ්බවූයේය. සාමාවතිය පිටත සෙල්ලම් කොට එන්නී පිටත සිටින මවුපියන් දැක, ‘මෑණියනි, පියාණෙනි, කුමක් හෙයින් පිටත සිටින්නහුදැයි ඇසුවාය. ඔවුහු එකරුණ කීවාහුය. ‘මෑණියනි, පියාණෙනි, කුමක් හෙයින් නුඹලා මීට පිළිවදන් නොද්නහුද? මගේ දියණිය සපත්නිවාසයෙහි වසන්නී තනිව විසීමට නොහැකි වන්නීනය. ඉදින් ඇයගේ පිරිවර පන්සියයක් කුමරියන් වස්වන්නහු නම් එසේ ඇති කල්හි වසන්නීයයි දැන්වත් පියාණෙනි, මෙසේ කියවනු මැනවැයි ඕතොමෝ කීවාය. ‘මැනවි දියණිය, අපි ඔබගේ සිත නොදතිමුයි කියා එසේ කියෙව්වාහුය. රජතෙමේ වැඩියක් පැහැදී දහසක් හේ වේවා ගෙනෙවුය’යි කීවේය. ඉක්බිති ඇය මනා නැකත් මොහොතකින් පන්සියයක් මාගමුන් පිරිවර කොට ඇතිව රජමැඳුරට පැමිණෙව්වාහුය. රජතෙමේ ඒ පන්සියයම ඇයගේ පිරිවර කොට අභිෂෙක දී සිටුදියණිය එක් පහයක වැස්සවීය.

තෙන ච සමයෙන කොසම‍්බියං ඝොසකසෙට‍්ඨි කුක‍්කුටසෙට‍්ඨි පවාරිකසෙට‍්ඨීති තයො ජනා අඤ‍්ඤමඤ‍්ඤං සහායකා හොන‍්ති. තෙ තයොපි ජනා පඤ‍්චසතෙ තාපසෙ පටිජග‍්ගන‍්ති. තාපසාපි චත‍්තාරො මාසෙ තෙසං සන‍්තිකෙ වසිත්‍වා අට‍්ඨ මාසෙ හිමවන‍්තෙ වසන‍්ති. අථෙකදිවසං තෙ තාපසා හිමවන‍්තතො ආගච‍්ඡන‍්තා මහාකන‍්තාරෙ තසිතා කිලන‍්තා එකං මහන‍්තං වටරුක‍්ඛං පත්‍වා තත්‍ථ අධිවත්‍ථාය දෙවතාය සන‍්තිකා සඞ‍්ගහං පච‍්චාසීසන‍්තා නිසීදිංසු. දෙවතා සබ‍්බාලඞ‍්කාරවිභූසිතං හත්‍ථං පසාරෙත්‍වා තෙසං පානීයපානකාදීනි දත්‍වා කිලමථං පටිවිනොදෙසි. තෙ දෙවතාය ආනුභාවෙන විම‍්හිතා පුච‍්ඡිංසු – “කිං නු ඛො දෙවතෙ කම‍්මං කත්‍වා තයා අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති? දෙවතා ආහ – ලොකෙ බුද‍්ධො නාම භගවා උප‍්පන‍්නො, සො එතරහි සාවත්‍ථියං විහරති. අනාථපිණ‍්ඩිකො ගහපති තං උපට‍්ඨාති. සො උපොසථදිවසෙසු අත‍්තනො භතකානං පකතිභත‍්තවෙතනමෙව දත්‍වා උපොසථං කාරාපෙසි. අථාහං එකදිවසං මජ‍්ඣන‍්හිකෙ පාතරාසත්‍ථාය ආගතො කඤ‍්චි භතකං කම‍්මං කරොන‍්තං අදිස‍්වා “අජ‍්ජ මනුස‍්සා කස‍්මා කම‍්මං න කරොන‍්තී”ති පුච‍්ඡිං. තස‍්ස මෙ එතමත්‍ථං ආරොචෙසුං. අථාහං එතදවොචං – “ඉදානි උපඩ‍්ඪදිවසො ගතො, සක‍්කා නු ඛො උපඩ‍්ඪඋපොසථං කාතු”න‍්ති. තතො සෙට‍්ඨිස‍්ස පටිවෙදෙත්‍වා “සක‍්කා කාතු”න‍්ති ආහ. ස‍්වාහං උපඩ‍්ඪදිවසං උපොසථං සමාදියිත්‍වා තදහෙව කාලං කත්‍වා ඉමං සම‍්පත‍්තිං පටිලභින‍්ති.

එසමයෙහි කොසඹෑ නුවරෙහි ඝොෂිතසිටුට, කුක්කුට සිටුය, පාවාරික සිටුය යන මේ සිටුවරු තිදෙනා ඔවුනොවුනට යහළුවෝ වෙත්. ඒ තිදෙනාම තවුසන් පන්සියයක පිළිදැඟුම් කරත්, තවුසෝ ද සිවුමසක් ඔවුන් සමීපයෙහි වැස අටමසක් හිමවතෙහි වසති. ඉක්බිති එක් දිනක් ඒ තවුසෝ හිමවතින් එන්නාහු මහ කතරෙහි පිපාසිතව වෙහෙසුනාහු එක් මහත් නුගරුකක් වෙතට පැමිණ එහි අධිගෘහීත දේවතාවා සමීපයෙන් සංග්‍රහ බලාපොරොත්තු වෙමින් හුන්නාහුය. දේවතාවා සියලු අබරණින් සැරසුණු අත දිගුකොට පියයුතු ජලය ආදිය දී වෙහෙස දුරකරවීය. ඔවුහු දේවතාවාගේ ආනුභාවයෙන් විස්මිතව ‘දේවතාවනි, කුමන කර්‍මයක් කොට ඔබවිසින් මේ සැපත් ලබන ලදදැ’යි ඇසූහ. ‘ලොව බුද්ධ නම්වූ භාග්‍යවතුන්වහන්සේ උපන්සේක. උන්වහන්සේ දැන් සැවතෙහි වසනසේක. අනේපිඬු සිටුතෙමේ උන්වහන්සේට උවටැන් කරයි. හෙතෙම පොහෝ දිනයන්හි තමන්ගේ මෙහෙකරුවන්ට නියමිත් බත්වැටුපම දී උපෝෂථය කරවීය. ඉක්බිති මම එක් දවසක් මධ්‍යාහ්නයෙහි උදේකෑම සඳහා පැමිණියේ වැඩ නොකරන කිසියම් මෙහෙකරුවකු දැක අද මිනිස්සු කුමක් හෙයින් වැඩ නොකරත්දැයි ඇසුවෙමි. ඒ මට මෙකරුණ සැළකළාහුය. ඉක්බිති මම මෙය කීවෙමි: ‘දැන් දවසින් අඩක් ගියේය. අඩදින උපොෂථයක් කළ හැකිද?’ ඉක්බිති සිටාණන්ට දන්වා ‘හැකිය, කෙරේවා’යි කීවාහුය. ඒ මම අඩදිනකත් උපොෂථය සමාදන්ව එදිනම කළුරිය කොට මේ සැපත ලදිමි’යි දේවතාවා කීවාය.

අථ තෙ තාපසා “බුද‍්ධො කිර උප‍්පන‍්නො”ති සඤ‍්ජාතපීතිපාමොජ‍්ජා තතො සාවත්‍ථිං ගන‍්තුකාමා හුත්‍වාපි “බහූපකාරා නො උපට‍්ඨාකසෙට‍්ඨිනො, තෙසම‍්පි ඉමමත්‍ථං ආරොචෙස‍්සාමා”ති කොසම‍්බිං ගන‍්ත්‍වා සෙට‍්ඨීහි කතසක‍්කාරබහුමානා “තදහෙව මයං ගච‍්ඡාමා”ති ආහංසු. “කිං, භන‍්තෙ, තුරිතත්‍ථ, නනු තුම‍්හෙ පුබ‍්බෙ චත‍්තාරො පඤ‍්ච මාසෙ වසිත්‍වා ගච‍්ඡථා”ති වුත‍්තා තං පවත‍්තිං ආරොචෙසුං. “තෙන හි, භන‍්තෙ, සහෙව ගච‍්ඡාමා”ති ච වුත‍්තෙ – “ගච‍්ඡාම මයං, තුම‍්හෙ සණිකං ආගච‍්ඡථා”ති සාවත්‍ථිං ගන‍්ත්‍වා භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු.

ඉක්බිති ඒ තවුසෝ බුදුන්වහන්සේ පහළවූ සේකැයි හටගත් ප්‍රීතිප්‍රමෝදය ඇත්තාහු එයින් සැවතට යනු කැමැත්තෝව’ උවටැන් කරන සිටුවරු අපට බොහෝ උපකාරවත්ය. ඔවුනටද මෙකරුණ සැළකරන්නෙමුයයි කොසඹෑ නුවරට ගොස් සිටුවරුන් විසින් කරන ලද සත්කාර බහුමාන ඇත්තාහු එදිනම අපි යමුයි පැවසූහ. ‘ස්වාමීනි, කුමක්නිසා ඉක්මන් වන්නහුද? නුඹවහන්සේලා පෙර සිවුපස් මසක් වැස යන්නහුයයි කියනලද්දාහු එපුවත සැළකළාහුය, එසේ නම් ස්වාමීනි, සමගම යමුයිද කියනලද කල්හි අපි යමු. නුඹලා සෙමින් පැමිණෙවුයයි කියා සැවතට ගොස් භාග්‍යවතුන් සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියාහුය.

තෙපි සෙට‍්ඨිනො පච‍්ඡා පඤ‍්චසතපඤ‍්චසතසකටපරිවාරා සාවත්‍ථිං ගන‍්ත්‍වා ජෙතවනතො අවිදූරෙ ඨානෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා තෙසං චරියාවසෙන ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ තයොපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා පුනදිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා තෙනෙව නියාමෙන අජ‍්ජතනාය ස‍්වාතනායාති නිමන‍්තෙත්‍වා අද‍්ධමාසං ඛන්‍ධාවාරභත‍්තං නාම දත්‍වා සත්‍ථාරං අත‍්තනො නගරං ආගමනත්‍ථාය යාචිංසු. සත්‍ථා “සුඤ‍්ඤාගාරෙ තථාගතා අභිරමන‍්තී”ති කථෙසි. තෙ “අඤ‍්ඤාතං, භන‍්තෙ”ති වත්‍වා “තුම‍්හෙ අම‍්හෙහි පහිතසාසනෙන ආගච‍්ඡෙය්‍යාථා”ති වත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා අත‍්තනො නගරමෙව ආගන‍්ත්‍වා තයොපි ජනා සකෙ සකෙ උය්‍යානෙ විහාරෙ කාරාපෙසුං. ඝොසකසෙට‍්ඨිනා කාරිතො ඝොසිතාරාමො නාම ජාතො, කුක‍්කුටසෙට‍්ඨිනා කාරිතො කුක‍්කුටාරාමො නාම ජාතො, පාවාරිකසෙට‍්ඨිනා කාරිතං පාවාරිකම‍්බවනං නාම ජාතං. තෙ විහාරෙ කාරාපෙත්‍වා සත්‍ථු දූතං පහිණිංසු – “සත්‍ථා අම‍්හාකං සඞ‍්ගහං කාතුං ඉමං නගරං ආගච‍්ඡතූ”ති. සත්‍ථා “කොසම‍්බිං ගමිස‍්සාමී”ති මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො චාරිකං නික‍්ඛමන‍්තො අන‍්තරාමග‍්ගෙ මාගණ‍්ඩියබ්‍රාහ‍්මණස‍්ස අරහත‍්තූපනිස‍්සයං දිස‍්වා ගමනං විච‍්ඡින්‍දිත්‍වා කුරුරට‍්ඨෙ කම‍්මාසදම‍්මං නාම නිගමං අගමාසි.

ඒ සිටුවරුද පන්සියයක් පන්සියයක් ගැල් පිරිවර කොට ඇත්තාහු සැවතට ගොස් දෙව්රමට නුදුරු තැනක කඳවුරු බැඳ ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක හුන්නාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුනට චරිත වශයෙන් දහම් දෙසූ සේක. දෙසුම අවසන්හි තිදෙනාම සෝවාන් පෙලෙහි පිහිටා සෙට දිනට ඇරයුම් කොට දෙවන දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන් දී ඒ අයුරින්ම අදටය හෙටටයයි ඇරයුම් කොට අඩමසක් කඳවුරු බත්දී ශාස්තෘන්වහන්සේට තමන්ගේ නුවරට වැඩමවීමට ඉල්ලා සිටියහ. ශාස්තෘන්වහන්සේ ශුන්‍යාගාරයෙහි තථාගතවරුන් කැමතිබව දැන්වූසේක. ඔවුහු ‘ස්වාමීනි, නොදන්නා ලදැයි කියා නුඹවහන්සේ අපවිසින් එවන ලද හසුනින් වඩිනු මැනවයි පවසා ශාස්තෘන්වහන්සේ නමැඳ තෙරවක් පැදකුණු කොට තමන්ගේ නුවරටම ගොස් තිදෙනාම තම තම උයනෙහි විහාරයන් කරවූවාහුය. ඝොෂිත සිටුවිසින් කරවන ලද විහාරය ඝොෂිතාරාම නම් විය. කුක්කුට සිටුවිසින් කරවනලද විහාරය කුක්කුටාරාමය නම්විය. පාවාරික සිටුවිසින් කරවනලද්ද පාවාරිකම්බවනය නම්විය. ඔවුහු විහාර කරවා ශාස්තෘන්වහන්සේට ‘ශාස්තෘන්වහන්සේ අපට අනුග්‍රහ කිරීමට මේ නුවරට වඩිත්වායි (දන්වා) දූතයකු යැවූහ. ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවරට යමැයි මහබික්සඟන පිරිවරකොට ඇතිසේක් චාරිකාවෙහි නික්මෙමින් අතරමගදී මාගන්‍දිය බමුණාගේ රහත්බවට හේතුසම්පත් දැක ගමන වෙනස් කොට කුරුරට කම්මාස්සදම්ම නියම්ගමට වැඩිසේක.

තස‍්මිං සමයෙ මාගණ‍්ඩියො සබ‍්බරත‍්තිං බහිගාමෙ අග‍්ගිං ජුහිත්‍වා පාතොව අන‍්තොගාමං පවිසති. සත්‍ථාපි පුනදිවසෙ අන‍්තොගාමං පිණ‍්ඩාය පවිසන‍්තො පටිපථෙ මාගණ‍්ඩියබ්‍රාහ‍්මණස‍්ස අත‍්තානං දස‍්සෙසි. සො දසබලං දිස‍්වා චින‍්තෙසි – “අහං එත‍්තකං කාලං මම ධීතු රූපසම‍්පත‍්තියා සදිසං දාරකං පරියෙසන‍්තො චරාමි, රූපසම‍්පත‍්තියා ච සතිපි එවරූපං ගහිතපබ‍්බජ‍්ජමෙව පත්‍ථෙසිං. අයං ඛො පන පබ‍්බජිතො අභිරූපො දස‍්සනීයො මම ධීතුයෙව අනුච‍්ඡවිකො”ති වෙගෙන ගෙහං අගමාසි. තස‍්ස කිර බ්‍රාහ‍්මණස‍්ස පුබ‍්බෙ එකො පබ‍්බජිතවංසො අත්‍ථි, තෙනස‍්ස පබ‍්බජිතමෙව දිස‍්වා චිත‍්තං නමති. සො බ්‍රාහ‍්මණිං ආමන‍්තෙසි – “භද‍්දෙ මයා එවරූපො පබ‍්බජිතො නාම නදිට‍්ඨපුබ‍්බො සුවණ‍්ණවණ‍්ණො බ්‍රහ‍්මවණ‍්ණො මම ධීතුයෙව අනුච‍්ඡවිකො, සීඝං මෙ ධීතරං අලඞ‍්කරොහී”ති. බ්‍රාහ‍්මණියා ධීතරං අලඞ‍්කරොන‍්තියාව සත්‍ථා අත‍්තනො ඨිතට‍්ඨානෙ පදචෙතියානි දස‍්සෙත්‍වා අන‍්තොනගරං පාවිසි.

එකල්හි මාගන්‍දිය බමුණා ගමින් පිටත ගිනිදෙවියාග පවත්වා උදෑසනින්ම ඇතුළ්ගමට පිවිසෙයි. ශාස්තෘන්වහන්සේද දෙවැනි දිනයෙහි ඇතුළගමට පිඬුපිණිස පිවිසෙනසේක් ඉදිරියෙන් ඇති මාර්‍ගයේදී මාගන්‍දිය බමුණාට තමන්වහන්සේ දැක්වූසේක. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක, ‘මම මෙතෙක් කලක් මගේ දුවට රූසපුවෙන් සමාන තරුණයෙකු සොයමින් හැසිරෙමි. රූසපුව ඇති කල්හිද මෙබඳු රුවක් ගත් පැවිද්දකුම පතමි. මේ පැවිද්දා වනාහි මනාරූසපුව ඇත්තෙයි. දැකුම්කලුය. මගේ දුවටම සුදුස්සෙකි’යි සිතුවේය. එසේ සිතා ඉක්මනින් ගෙදරට ගියේය. ඒ බමුණාගේ පෙර එක් පැවිදිපරපුරක් ඇත. එහෙයින් පැවිද්දෙකුම දැක ඔහුගේ සිත නැමෙයි. හෙතෙම සොඳුර, මවිසින් මෙබදුවූ නම් පැවිද්දෙක් නොදුටුවිරූය. රන්වන්වූවෙකි. උත්තම වර්‍ණ ඇත්තේයි. මගේ දුවටම සුදුස්සෙකි. ඉක්මණින් මගේ දුව සරසව’යි බැමිණිය අමතා කීය. බැමිණිය දුව සරසන විට ශාස්තෘන්වහන්සේ තමන් සිටිතන්හි පාසටහන් දක්වා ඇතුළුනුවරට පිවිසිසේක.

අථ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණියා සද‍්ධිං ධීතරං ගහෙත්‍වා තං ඨානං ආගච‍්ඡන‍්තො අන‍්තොගාමං පවිට‍්ඨකාලෙ ආගතත‍්තා ඉතො චිතො ච ඔලොකෙන‍්තො දසබලං අදිස‍්වා බ්‍රාහ‍්මණිං පරිභාසති – “තව කාරණං භද‍්දකං නාම නත්‍ථි, තයි පපඤ‍්චං කරොන‍්තියාව සො පබ‍්බජිතො නික‍්ඛමිත්‍වා ගතො”ති. බ්‍රාහ‍්මණ, ගතො තාව හොතු, කතරදිසාභාගෙන ගතොති? ඉමිනා දිසාභාගෙනාති සත්‍ථු ගතට‍්ඨානං ඔලොකෙන‍්තොව පදචෙතියානි දිස‍්වා “භද‍්දෙ ඉමානි තස‍්ස පුරිසස‍්ස පදානි, ඉතො ගතො භවිස‍්සතී”ති ආහ. අථ, බ්‍රාහ‍්මණී, සත්‍ථු පදචෙතියං දිස‍්වා චින‍්තෙසි – “බාලො වතායං බ්‍රාහ‍්මණො අත‍්තනො ගන්‍ථමත‍්තස‍්සාපි අත්‍ථං න ජානාතී”ති තෙන සද‍්ධිං පරිහාසං කරොන‍්තී ආහ – “යාව බාලො චාසි, බ්‍රාහ‍්මණ, එවරූපස‍්ස නාම පුරිසස‍්ස ධීතරං දස‍්සාමීති වදසි. රාගෙන හි රත‍්තස‍්ස දොසෙන දුට‍්ඨස‍්ස මොහෙන මූළ‍්හස‍්ස පුරිසස‍්ස පදං නාම එවරූපං න හොති. ලොකෙ පන විවටච‍්ඡදස‍්ස සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස එතං පදං” පස‍්ස, බ්‍රාහ‍්මණ –

ඉක්බිති බමුණා බැමිණිය සමඟ දියනිය රැගෙන බුදුන් ඇතුළුගමට පිවිසිකල එතැනට ආබැවින් ඔබිමොබ බලන්නේ තථාගතයන්වහන්සේ නොදැක ‘ඔබට හොඳ දෙයක් නම් නැත. ඔබේ පමාවෙන්ම ඒ පැවිද්දා නික්ම ගියේය’යි බැමිණියට දොස් කියයි. බමුණා ‘ගියේ වේවා! කොයි දෙසින් ගියේද මේ දෙසින්දැයි ශාස්තෘන්වහන්සේ ගියතැන බලන්නේ පාසටහන් දැක ‘සොදුර, මේ ඒ තැනැත්තාගේ පාසටහන්ය. මෙදෙසින් ගියේ වනැ’යි කීවේය. ඉක්බිති බැමිණිය ශාස්තෘන්වහන්සේගේ පියසටහන් දැක ‘මේ බමුණා මෝඩයෙකි. තමන්ගේ පොතේ පමණවත් අර්‍ත්‍ථය නොදනීයයි සිතුවාය. ඇය ඔහු සමඟ පරොස් බෙණෙමින් මෙසේ කීවාය. බමුණ, ඔබ මෝඩයෙක් වෙහි. මෙබඳු නම් පුරුසයකුට දියණිය දෙමැයි හැසිරෙහිද? රාගයෙන් ඇළුනහුගේ ද්වේෂයෙන් දූෂ්‍යවූවහුගේ මෝහයෙන් මුළා වූවහුගේ පියවර නම් මෙබඳු නොවෙයි. ලොවෙහි වනාහි බැඳුම් ඉවත්කළ සියල්ලදත් බුදුකෙනෙකුගේ මේ පියවරයි. බලව බමුණ,

“රත‍්තස‍්ස හි උක‍්කුටිකං පදං භවෙ, දුට‍්ඨස‍්ස හොති අවකඩ‍්ඪිතං පදං; මූළ‍්හස‍්ස හොති සහසානුපීළිතං, විවටච‍්ඡදස‍්ස ඉදමීදිසං පද”න‍්ති.

රාගයෙන් ඇළුනහුගේ පියවර මැදින් උස්ව නැමුනේ වෙයි. දුෂටයාගේ පියවර තැනින් තැන කැඩී ගියේ වෙයි. මෝඩයාගේ දැඩිව යටට ගිලීගියේ වෙයි. සසර බැදුම් ඉවත් කළහුගේ පියවර මේ මෙබඳුය.

සො බ්‍රාහ‍්මණියා එත‍්තකං කථෙන‍්තියාපි අසුත්‍වා “ත්‍වං නාම චණ‍්ඩා මුඛරා”ති ආහ. තෙසං ද‍්වින‍්නම‍්පි අඤ‍්ඤමඤ‍්ඤං විවාදං කරොන‍්තානංයෙව සත්‍ථා පිණ‍්ඩාය චරිත්‍වා සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන කතභත‍්තකිච‍්චො බ්‍රාහ‍්මණස‍්ස දස‍්සනූපචාරෙනෙව නික‍්ඛමි. බ්‍රාහ‍්මණො සත්‍ථාරං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා බ්‍රාහ‍්මණිං අපසාදෙත්‍වා “අයං සො පුරිසො”ති හට‍්ඨපහට‍්ඨො දසබලස‍්ස පුරතො ඨත්‍වා “භො පබ‍්බජිත, අහං පාතොව පට‍්ඨාය තං පරියෙසන‍්තො චරාමි, ඉමස‍්මිං ජම‍්බුදීපෙ මම ධීතාය සමානරූපා ඉත්‍ථී නාම නත්‍ථි, පුරිසොපි තයා සද‍්ධිං සමානරූපො නාම නත්‍ථි, මම ධීතරං තුය‍්හං පොසනත්‍ථාය දම‍්මි, ගණ‍්හාහි න”න‍්ති ආහ. අථ නං සත්‍ථා “අහං, බ්‍රාහ‍්මණ, කාමග‍්ගවාසිනියො උත‍්තමරූපධරා නානාවණ‍්ණං කථං කථෙන‍්තියො මම පලොභනත්‍ථමෙව ආගන‍්ත්‍වා සන‍්තිකෙ ඨිතා දෙවධීතාපි න ඉච‍්ඡිං, කිමඞ‍්ගං පන ඉමං ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා ඉමං ගාථමාහ –

හෙතෙම, බැමිණිය මෙතෙක් කියත්දීද නොඅසා, නුඹනම් දොඩමළුයයි කීවේය. ඒ දෙදෙනාම ඔවුනොවුනට වාදප්‍රතිවාද කරත්දීම ශාස්තෘන්වහන්සේ පිඬුපිණිස හැසිර භික්‍ෂුසංඝයා සමඟ කරනලද බත්කිස ඇති සේක් බමුණාගේ දැකීමට ගොදුරුවන දෙසින් නික්මුණුසේක. බමුණා දුරින්ම වඩින්නාවූ ශාස්තෘන්වහන්සේ දැක බැමිණියට දොස් නඟා ‘මේ ඒ පුරුෂයාය’යි සතුටු සිතැත්තේ තථාගතයන්වහන්සේ ඉදිරියෙහි සිට ‘පින්වත් පැවිද්ද, ‘මම උදෑසන සිටම ඔබම ඔබ සොයමින් හැසිරෙමි. මේ දඹදිව්හි මගේ දියණියට සමාන රූපය ඇති කාන්තාවක් නම් නැත. ඔබට සමාන රුවක් ඇති පුරුෂයෙක්ද නැත. මගේ දියණිය ඔබට පෝෂණය සඳහා දෙමි. ඇය ගණුව’යි කීවේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට, ‘බමුණ, මම නොයෙක් වැනුම් කථා කියමින් මා පොළඹවාගැනීම සඳහාම අවුත් ලඟ සිටි, උතුම් රූදැරූ කාමයෙන් අගපත් දෙව්දුන්ද නොකැමති වූයෙමි. ඉදින් මැය ගන්නෙමිදැ?යි පවසා මේ ගාථාව වදාළ සේක.

“දිස‍්වාන තණ‍්හං අරතිං රගඤ‍්ච, නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං; කිංමෙවිදං මුත‍්තකරීසපුණ‍්ණං, පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ”ති. (සු· නි· 841);

‘තණ්හා අරති රගා දැකද මෙවුන්දමෙහි කැමැත්තක් නොවීය. මලමූවලින් පිරුණු මෙය කිමෙක්ද? ඇය පයින් පැහැසීමටද නොකැමත්තෙමි’

මාගණ‍්ඩියා චින‍්තෙසි – “අනත්‍ථිකෙන නාම ‘අල’න‍්ති වත‍්තුමෙව වට‍්ටති. අයං පන මම සරීරං මුත‍්තකරීසපුණ‍්ණං නාම කත්‍වා ‘පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ’ති අවොච, එකං ඉස‍්සරියට‍්ඨානං ලභන‍්තී අන‍්තරමෙවස‍්ස පස‍්සිස‍්සාමී”ති ආඝාතං බන්‍ධි. සත්‍ථා තං අමනසිකත්‍වා චරියවසෙන බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මදෙසනං ආරභි. දෙසනාපරියොසානෙ උභොපි ජායම‍්පතිකා අනාගාමිඵලෙ පතිට‍්ඨාය “ඉදානි අම‍්හාකං ඝරාවාසෙන අත්‍ථො නත්‍ථී”ති ධීතරං මාගණ‍්ඩියං චූළපිතරං සම‍්පටිච‍්ඡාපෙත්‍වා උභොපි පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. අථ රාජා උදෙනො චූළමාගණ‍්ඩියෙන සද‍්ධිං වොහාරං කත්‍වා මාගණ‍්ඩියදාරිකං රාජානුභාවෙන ගෙහං ආනෙත්‍වා අභිසෙකං කත්‍වා තස‍්සා පඤ‍්චමාතුගාමසතපරිවාරාය වසනට‍්ඨානං විසුං පාසාදං අදාසි.

මාගන්‍දියා බැමිණිදියණිය (මෙසේ) සිතුවාය: බලාපොරොත්තුවක් නැත්තාහු විසින් වැඩක් නැතැයි කීමට වටීයි. මෙතෙමේ මගේ සිරුර මළමූවෙන් සපිරුණක් කොට එය පයිනිදු පහසන්නට නොකැමැත්කෙමියි කීවේය. එක් අධිපති තැනක් ලබමින් මොහුගේ මරණයම දකින්නෙමි.’ (මෙසේ සිතා) වෛර බැන්දාය. ශාස්තෘන්වහන්සේ එය මෙනෙහි නොකොට චර්යාවශයෙන් බමුණාට දම්දෙසුම ඇරඹූසේක. දෙසුම අවසන්හි දෙමාල්ලෝම අනගැමි පෙලෙහි පිහිටා දැන් අපගේ ගිහිව විසීමෙන් වැඩක් නැතැයි දියණි - මාගන්‍දිය සුළුපියාණන්ට පවරා දෙදෙනාම පැවිදිව රහත්බවට පැමිණියාහුය. උදෙන රජතෙමේ චූළමාගන්‍දිය සමඟ සාකච්ඡා කොට මාගන්‍දිය තරුණිය රාජානුභාවයෙන් නිවසට කැඳවා අභිෂේක කොට පන්සියයක් මාගමුන් පිරිවරකොට ඇති ඇයගේ වාසය සඳහා වෙන්වූ පහයක් දුන්නේය.

සත්‍ථාපි ඛො අනුපුබ‍්බෙන චාරිකං චරමානො කොසම‍්බිනගරං සම‍්පාපුණි. සෙට‍්ඨිනො සත්‍ථු ආගමනං සුත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නා භගවන‍්තං එතදවොචුං – “ඉමෙ, භන‍්තෙ, තයො විහාරා තුම‍්හෙ උද‍්දිස‍්ස කතා, පටිග‍්ගණ‍්හථ, භන‍්තෙ, විහාරෙ චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්ස සඞ‍්ගහත්‍ථායා”ති. පටිග‍්ගහෙසි භගවා විහාරෙ. තෙපි සෙට‍්ඨිනො සත්‍ථාරං ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා අභිවාදෙත්‍වා ඝරං අගමංසු.

ශාස්තෘන්වහන්සේ ද අනුපිළිවෙළන් චාරිකාවෙහි හැසිරෙනසේක් කොසඹෑනුවරට සැපැමුණු සේක. සිටුවරු ශාස්තෘන්වහන්සේගේ පැමිණීම අසා පෙරගමන් කොට පසඟ පිහිටුවීමෙන් වැඳ එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන්නාවූ ඔවුහු භාග්‍යවතුන්වහන්සේට ‘ස්වාමීනි, මේ විහාර තුන නුඹවහන්සේ උදෙසා කරනලදී. ස්වාමීනි, සිවුදිගින් වඩනා සඟුන්ට සංග්‍රහ සඳහා මේ විහාරයන් පිළිගනු මැනව’යි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ විහාරයන් පිළිගත් සේක. ඒ සිටුවරුත් ශාස්තෘන්වහන්සේට හෙට දිනය සඳහා ආරාධනා කොට ගෙට ගියාහුය.

මාගණ‍්ඩියාපි ඛො සත්‍ථු ආගතභාවං සුත්‍වා ඡින‍්නභින‍්නකෙ ධුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා තෙසං ලඤ‍්ජං දත්‍වා “තුම‍්හෙ සමණං ගොතමං ඉමිනා ඉමිනා ච නියාමෙන අක‍්කොසථා”ති වත්‍වා උය්‍යොජෙසි. තෙ සත්‍ථු අන‍්තොගාමං පවිසනවෙලාය සපරිවාරං සත්‍ථාරං නානාවිධෙහි අක‍්කොසෙහි අක‍්කොසිංසු. ආයස‍්මා ආනන්‍දො සත්‍ථාරං ආහ – “භන‍්තෙ, එවරූපෙ අක‍්කොසනට‍්ඨානෙ න වසිස‍්සාම, අඤ‍්ඤං නගරං ගච‍්ඡාමා”ති. සත්‍ථා, “ආනන්‍ද, තථාගතා නාම අට‍්ඨහි ලොකධම‍්මෙහි න කම‍්පන‍්ති, අයම‍්පි සද‍්දො සත‍්තාහං නාතික‍්කමිස‍්සති, අක‍්කොසකානංයෙව උපරි පතිස‍්සති, ත්‍වං මා විතක‍්කයිත්‍ථා”ති. තෙපි තයො නගරසෙට‍්ඨිනො මහාසක‍්කාරෙන භගවන‍්තං පවෙසෙත්‍වා මහාදානං අදංසු. තෙසං අපරාපරං දානං දදන‍්තානංයෙව මාසො අතික‍්කමි, අථ නෙසං එතදහොසි – “බුද‍්ධා නාම සබ‍්බලොකං අනුකම‍්පමානා උප‍්පජ‍්ජන‍්ති, අඤ‍්ඤෙසම‍්පි ඔකාසං දස‍්සාමා”ති. තතො තෙ කොසම‍්බිනගරවාසිනොපි ජනස‍්ස ඔකාසං අකංසු. තතො පට‍්ඨාය නාගරාපි වීථිසභාගෙන ගණසභාගෙන මහාදානං දෙන‍්ති.

මාගන්‍දියද ශාස්තෘන්වහන්සේට වැඩිබව අසා සුන්බුන් (රළුපරළු) ධූර්‍තයන් කැඳවා ඔවුන්ට අත්ලස් දි නුඹලා ශ්‍රමණ භවත් ගෞතමයන්ට මේ මේ අයුරින් නින්දාකරවු’යි මෙහෙයවූවාය. ඔවුහු ශාස්තෘන්වහන්සේ ඇතුළු ගමට පිවිසෙන වේලෙහි පිරිවර සහිත ශාස්තෘන්වහන්සේට නොයෙක් ආකාර අපහාසයන්ගෙන් අපහාස කළහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ, ‘ස්වාමීනි, මෙඳුවූ අපහාස කරන්නාවූ තන්හි නොවසන්නෙමු. අන් නුවරකට යමු’යයි ශාස්තෘන්වහන්සේ පැවසූහ. ‘ආනන්‍දය, තථාගතවරු නම් අටලෝදහම්හි නොසැළෙත්. මේ ශබ්දයද සත්දිනක් නොයික්මවන්නේය. අපහාස කළවුන් මතම වැටෙන්නේය. ඔබ නහමක් නොසිතුව’යි (තථාගතයන්වහන්සේ පැවසූසේක.) ඒ සිටුවරු තිදෙනාත් මහත්හරසරින් භාග්‍යවතුන්වහන්සේ පිවිසුවා මහදන් දුන්නාහුය. නැවත නැවතත් දන් දෙන්නාවූ ඔවුනට මසක් ඉක්මිණ. ඉක්බිති ඔවුනට මෙබඳු අදහසක් විය. ‘බුදුවරුනම් සියලු ලෝවැස්සන්ට අනුකම්පා කරමින් පහළවෙති. අන් අයටද අවකාශයක් දෙන්නෙමු’ යනුවෙනි. ඉක්බිති ඔවුහු කොසඹෑනුවර වැසි ජනයාටද අවකාශ දුන්හ. එතැන්පටන් නුවරු වීථිවශයෙන් බෙදී මහදන් දෙති.

අථෙකදිවසං සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො මාලාකාරකජෙට‍්ඨකස‍්ස ගෙහෙ නිසීදි. තස‍්මිං ඛණෙ සාමාවතියා උපට‍්ඨායිකා ඛුජ‍්ජුත‍්තරා අට‍්ඨ කහාපණෙ ආදාය මාලත්‍ථාය තං ගෙහං අගමාසි. මාලාකාරජෙට‍්ඨකො තං දිස‍්වා, “අම‍්ම උත‍්තරෙ, අජ‍්ජ තුය‍්හං පුප‍්ඵානි දාතුං ඛණො නත්‍ථි, අහං බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසාමි. ත්‍වම‍්පි පරිවෙසනාය සහායිකා හොහි, එවං ඉතො පරෙසං වෙය්‍යාවච‍්චකරණතො මුච‍්චිස‍්සතී”ති ආහ. තතො ඛුජ‍්ජුත‍්තරා අත‍්තනා ලද‍්ධං භොජනං භුඤ‍්ජිත්‍වා බුද‍්ධානං භත‍්තග‍්ගෙ වෙය්‍යාවච‍්චං අකාසි. සා සත්‍ථාරා උපනිසින‍්නකථාවසෙන කථිතං ධම‍්මං සබ‍්බමෙව උග‍්ගණ‍්හි. අනුමොදනං පන සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණ ලද සේක් දෙටුමල්කරුගේ නිවසෙහි වැඩහුන්සේක. එකෙණෙහි සාමාවතියගේ උවටැන් කරන්නීය වන ඛුජ්ජුත්තරා තොමෝ කහවණු අටක්ගෙන මල්දම් සඳහා ඒ නිවසට ගියාය. දෙටු මල්කරුවා ඇය දැක ‘දරුව උත්තරාවෙනි, අද ඔබට මල්දීමට වේලාවක් නැත. මම බුදුපාමොක් බික්සඟන වළඳවමි. නුඹද වැළඳවීමට සහාය වෙව. මෙසේ මෙයින් අනුන්ට වතාවත් කිරීමෙන් මිදෙන්නීය’යි කීවේය. එහෙයින් ඛුජ්ජුත්තරාවෝ තමන්ට ලැබුණු බොජුන් වළඳා බුදුන්වහන්සේට දන්හලෙහි වතාවත් කළාය. ඕතොමෝ ශාස්තෘන්වහන්සේ විසින් සමීපයෙහි හිඳ කීම් වශයෙන් දෙසන ලද සියලුම ධර්‍මය උගත්තාය. අනුමෝදනාව අසා සෝවන් පෙළෙහි පිහිටියාය.

සා අඤ‍්ඤෙසු දිවසෙසු චත‍්තාරොව කහාපණෙ දත්‍වා පුප‍්ඵානි ගහෙත්‍වා ගච‍්ඡති, තස‍්මිං පන දිවසෙ දිට‍්ඨසච‍්චභාවෙන පරසන‍්තකෙ චිත‍්තං අනුප‍්පාදෙත්‍වා සබ‍්බෙව අට‍්ඨ කහාපණෙ දත්‍වා පච‍්ඡිං පූරෙත්‍වා පුප‍්ඵානි ආදාය සාමාවතියා සන‍්තිකං අගමාසි. අථ නං සා පුච‍්ඡි – “අම‍්ම උත‍්තරෙ, ත්‍වං අඤ‍්ඤෙසු දිවසෙසු න බහූනි පුප‍්ඵානි ආහරසි, අජ‍්ජ පන බහුකානි, කිං නො රාජා උත‍්තරිතරං පසන‍්නො”ති? සා මුසාවාදෙ අභබ‍්බතාය අතීතෙ අත‍්තනා කතං අනිගුහිත්‍වා සබ‍්බං කථෙසි. “අථ කස‍්මා අජ‍්ජ බහූනි පුප‍්ඵානි ආහරසී”ති වුත‍්තා ච එවමාහ – “අහං අජ‍්ජ දසබලස‍්ස ධම‍්මං සුත්‍වා අමතං සච‍්ඡාකාසිං, තස‍්මා තුම‍්හෙ න වඤ‍්චෙමී”ති. තං සුත්‍වා, “අම‍්ම උත‍්තරෙ, තයා ලද‍්ධං අමතධම‍්මං අම‍්හාකම‍්පි දෙහී”ති සබ‍්බාව හත්‍ථං පසාරයිංසු. අය්‍යෙ, එවං දාතුං න සක‍්කා, අහං පන සත්‍ථාරා කථිතනියාමෙන තුම‍්හාකං ධම‍්මං දෙසෙස‍්සාමි, තුම‍්හෙ අත‍්තනො හෙතුම‍්හි සති තං ධම‍්මං ලභිස‍්සථාති. තෙන හි, අම‍්ම උත‍්තරෙ, කථෙහීති. “එවං කථෙතුං න සක‍්කා, මය‍්හං උච‍්චං ආසනං පඤ‍්ඤාපෙත්‍වා තුම‍්හෙ නීචාසනෙසු නිසීදථා”ති ආහ. තා පඤ‍්චසතාපි ඉත්‍ථියො ඛුජ‍්ජුත‍්තරාය උච‍්චාසනං දත්‍වා සයං නීචාසනානි ගහෙත්‍වා නිසීදිංසු. ඛුජ‍්ජුත‍්තරාපි සෙක‍්ඛපටිසම‍්භිදාසු ඨත්‍වා තාසං ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සාමාවතිං ජෙට‍්ඨිකං කත්‍වා සබ‍්බාව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. තතො පට‍්ඨාය ඛුජ‍්ජුත‍්තරං වෙය්‍යාවච‍්චකරණතො අපනෙත්‍වා “ත්‍වං සත්‍ථු ධම‍්මකථං සුත්‍වා ආහරිත්‍වා අම‍්හෙ සාවෙහී”ති ආහංසු. ඛුජ‍්ජුත‍්තරාපි තතො පට‍්ඨාය තථා අකාසි.

ඕතොමෝ අන්දිනයන්හි කහවණු සතරක් දී මල් රැනෙ යයි. එදින වනාහි සත්‍යය දුටු බැවින් අනුන් අයත් දෙයෙහි සිත් නූපදවා සියලු අටකහවණුවම දී පැසක් පුරා මල් රැගෙන සාමාවතිය වෙතට ගියාය. ඉක්බිති සාමාවතී ඇයගෙන්, ‘උත්තරාවනි, නුඹ අන්දිනයන්හි බොහෝමල් නොගෙනෙහි. අද මල් බොහෝය. කිමෙක්ද නුඹට රජතුමා වැඩියක් පැහැදුනේ වේදැයි ඇසුවාය. ඕතොමෝ බොරුකීමෙහි නුසුදුසු බැවින් අතීතයෙහි තමන් විසින් කරනලද සියල්ල නොසඟවා කීවාය. ඉදින් අද කුමක්හෙයින් බොහෝමල් ගෙනාවෙහිදැයි අසනලද්දී ‘අද මම තථාගතයන්වහන්සේගේ ධර්‍මය අසා අමාව පසක් කෙළෙමි. එහෙයින් නුඹවහන්සේ නොරවටමි’යි කීවාය. එය අසා ‘උත්තරාවනි, ඔබ විසින් ලබන ලද අමාදහම අපටද දෙව’යි සියල්ලෝම අත් දිගු කළහ. ‘ආර්‍ය්‍යාවනි, එසේ දිය නොහැකිය. මම වනාහි ශාස්තාන්වහන්සේ විසින් කියනලද අයුරින් නුඹවහන්සේට ධර්‍මය දෙසන්නෙමි. නුඹවහන්සේලා තමන්ගේ හේතුවාසනාව ඇතිකල්හි ඒ ධර්‍මය ලබන්නාහුය’යි කීවාය. එසේනම් උත්තරාවනි, කියව’යි සාමාවතී කීවාය. එසේ කීමට නොහැකිය. මට උසසුනක් පනවා නුඹවහන්සේලා පහත් අසුනෙහි හිඳිනු මැනවයි කීවාය. ඒ පන්සියයක් ස්ත්‍රීහුම ඛුජ්ජුත්තරාවට උස් අසුනක් දී තමන් පහත් අසුන් ගෙන හුන්නාහුය. ඛුජ්ජුත්තරාද ශෛක්‍ෂප්‍රතිසම්භිදාවන්හි සිට ඔවුනට දම් දෙසුවාය. දෙසුම අවසන්හි සාමාවතිය දෙටුකොට සියල්ලෝම සෝවානපෙලෙහි පිහිටියාහුය. එතැන්පටන් ඛුජ්ජුත්තරාව වතාවත් කිරීමෙන් ඉවත්කොට ‘නුඹ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථා අසා ගෙනවුත් අපට අස්වවයි කීවාහුය. ඛුජ්ජුත්තරාද එතැන්පටන් එසේ කළාය.

කස‍්මා පනෙසා දාසී හුත්‍වා නිබ‍්බත‍්තාති? සා කිර කස‍්සපදසබලස‍්ස සාසනෙ එකාය සාමණෙරියා අත‍්තනො වෙය්‍යාවච‍්චං කාරෙසි. තෙන කම‍්මෙන පඤ‍්ච ජාතිසතානි පරෙසං දාසීයෙව හුත්‍වා නිබ‍්බත‍්ති. කස‍්මා පන ඛුජ‍්ජා අහොසීති? අනුප‍්පන‍්නෙ කිර බුද‍්ධෙ අයං බාරාණසිරඤ‍්ඤො ගෙහෙ වසන‍්තී එකං රාජකුලූපකං පච‍්චෙකබුද‍්ධං ඛුජ‍්ජධාතුකං දිස‍්වා අත‍්තනා සහවාසීනං මාතුගාමානං පුරතො පරිහාසං කරොන‍්තී ඛුජ‍්ජාකාරෙන විචරි. තස‍්මා ඛුජ‍්ජා හුත්‍වා නිබ‍්බත‍්ති. කිං පන කත්‍වා සා පඤ‍්ඤවන‍්තී ජාතාති? අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ අයං බාරාණසිරඤ‍්ඤො ගෙහෙ වසන‍්තී අට‍්ඨ පච‍්චෙකබුද‍්ධෙ රාජගෙහතො උණ‍්හපායාසස‍්ස පූරිතෙ පත‍්තෙ ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ දිස‍්වා “එත්‍ථ ඨපෙත්‍වා ගච‍්ඡථ, භන‍්තෙ”ති අට‍්ඨ සුවණ‍්ණකටකෙ ඔමුඤ‍්චිත්‍වා අදාසි. තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන පඤ‍්ඤවන‍්තී හුත්‍වා නිබ‍්බත‍්ති.

කුමක් හෙයින් මෝ තොමෝ දැස්සක්ව උපන්නීද? ඕතොමෝ වනාහි කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි එක් හෙරණක ලබා තමන්ගේ වතාවත් කරවූවාය. ඒ කර්‍මයෙන් ජාති පන්සියයක් අනුන්ට දාසියක්ව උපන්නාය. කුමක් නිසා ඕතොමෝ කුදියක් වූවාදයත් බුදුන් පහළවීමට පෙර මෝ බරණැස් රජුගේ නිවසෙහි වසන්නී රජකුලයට නිතර වඩිනා කුදු ස්වභාවය ඇති එක් පසේබුදුවරයෙකු දැක තමන් සමග වසන කතුන් ඉදිරියෙහි අපහාස කරමින් කුදු ආකාරයෙන් හැසුරුණුයා. එබැවින් කුදුව උපන්නීය. කුමක් නම්කොට පැනවත් වූවාද යත්? බුදුන් පහළවීමට පෙර බරණැස් රජුගේ නිවසෙහි වසන්නී පසේබුදුවර අටනමක් උණු පායාස පිරුණු පාත්‍ර රැගෙන වඩිනු දැක, ස්වාමීනි, මෙහි තබා යනු මැනවැයි රන්වළලු අටක් ගලවා දුන්නාය. ඒ කර්‍මයාගේ විපාකයෙන් පැනවත්ව උපන්නාය.

අථ ඛො තා සාමාවතියා පරිවාරා පඤ‍්චසතා ඉත්‍ථියො පටිවිද‍්ධසච‍්චාපි සමානා රඤ‍්ඤො අස‍්සද‍්ධභාවෙන කාලෙන කාලං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා බුද‍්ධදස‍්සනං න ලභන‍්ති. තස‍්මා දසබලෙ අන‍්තරවීථිං පටිපන‍්නෙ වාතපානෙසු නප‍්පහොන‍්තෙසු අත‍්තනො අත‍්තනො ගබ‍්භෙසු ඡිද‍්දං කත්‍වා තෙහි ඔලොකෙන‍්ති. අථෙකදිවසං මාගණ‍්ඩියා අත‍්තනො පාසාදතලතො නික‍්ඛමිත්‍වා චඞ‍්කමමානා තාසං වසනට‍්ඨානං ගන‍්ත්‍වා ගබ‍්භච‍්ඡිද‍්දං දිස‍්වා “කිමිද”න‍්ති පුච‍්ඡි. තාහි තස‍්සා සත්‍ථරි බද‍්ධාඝාතතං අජානන‍්තීහි – “සත්‍ථා ඉමං නගරං ආගතො, මයං එත්‍ථ ඨත්‍වා සත්‍ථාරං පස‍්සාම චෙව පූජෙම චා”ති වුත‍්තෙ “ඉදානිස‍්ස කත‍්තබ‍්බං ජානිස‍්සාමි, ඉමාපි තස‍්ස උපට‍්ඨායිකා, ඉමාසම‍්පි කත‍්තබ‍්බං ජානිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගන‍්ත්‍වා රඤ‍්ඤා සද‍්ධිං රහොගතකාලෙ, “මහාරාජ, සාමාවතිමිස‍්සකානං බහිද‍්ධා පත්‍ථනා අත්‍ථි, කතිපාහෙනෙව තෙ ජීවිතං මාරෙස‍්සන‍්ති, සාමාවතී, සපරිවාරා තුම‍්හෙසු සිනෙහං වා පෙමං වා න කරොති, සමණං පන ගොතමං අන‍්තරවීථියා ගච‍්ඡන‍්තං දිස‍්වා වාතපානෙසු අප‍්පහොන‍්තෙසු තානි ඛණ‍්ඩිත්‍වාපි ඔකාසං කත්‍වා ඔලොකෙන‍්තී”ති ආහ. රාජා “න තා එවරූපං කරිස‍්සන‍්තී”ති න සද‍්දහති. පුන වුත‍්තෙපි න සද‍්දහතියෙව. අථ නං තික‍්ඛත‍්තුං වුත‍්තෙපි අස‍්සද‍්දහන‍්තං “සචෙ මෙ වචනං න සද‍්දහසි, තාසං වසනට‍්ඨානං ගන‍්ත්‍වා උපධාරෙහි, මහාරාජා”ති ආහ. රාජා ගන‍්ත්‍වා ගබ‍්භෙසු ඡිද‍්දං දිස‍්වා “ඉදං කි”න‍්ති පුච‍්ඡිත්‍වා තස‍්මිං අත්‍ථෙ ආරොචිතෙ තාසං අක‍්කුජ‍්ඣිත්‍වා කිඤ‍්චි අවත්‍වා ඡිද‍්දානි පිදහාපෙසි. රාජා තතො පට‍්ඨාය තාසං පාසාදෙ උද‍්ධච‍්ඡිද‍්දකජාලවාතපානානි කාරෙසි.

සාමාවතියගේ පිරිවර වූ ඒ පන්සියයක් ස්ත්‍රීහු අවබෝධකළ සත්‍යය ඇත්තාහුවුවද රජු සැදැහැවත් නොවන බැවින් කලින් කලට ශාස්තෘන්වහන්සේ හමුවට ගොස් උන්වහන්සේ දැක්මක් නොලබත්. එහෙයින් බුදුන්වහන්සේ අතුරුවීථියට පිළිපන් කල්හි (උන්වහන්සේ දෙස බැලීම සඳහා) වා කවුළු නොපොහෝනා කල්හි ඒවා කඩා හෝ අවකාශ රැගෙන බලත්. [missing trans] මාගන්‍දී තොමෝ ඔවුන්ගේ ඒ කාරණය දැක රජු සමඟ රහසිගතව සිටියදී ‘මහරජතුමනි, පිරිවර සහිත සාමාවතී නුඹවහන්සේ කෙරෙහි සෙනෙහසක් හෝ පෙමක් නොකරයි. ශ්‍රමණ ගෞතමයන් අතුරු වීථියෙහි යනු දැක වාකවුළු නොපොහෝනා විට ඒවා කඩා අවකාශ කොට ගෙන බලති’යි කීවාය. රජතෙමේ එතැන්පටන් ඔවුන්ගේ පහයෙහි ගලාවාදැමූ ඇසිදැල් ඇති වාකවුළු කරවීය.

සා තෙන කාරණෙන රාජානං කොපෙතුං අසක‍්කොන‍්තී, “දෙව, එතාසං තුම‍්හෙසු පෙමං අත්‍ථි වා නත්‍ථි වාති ජානිස‍්සාම, අට‍්ඨ කුක‍්කුටෙ පෙසෙත්‍වා තුම‍්හාකං අත්‍ථාය පචාපෙථා”ති ආහ. රාජා තස‍්සා වචනං සුත්‍වා “ඉමෙ පචිත්‍වා පෙසෙතූ”ති සාමාවතියා අට‍්ඨ කුක‍්කුටෙ පහිණි. සොතාපන‍්නා අරියසාවිකා ජීවමානෙ කුක‍්කුටෙ කිං පචිස‍්සති, අලන‍්ති වත්‍වා පන හත්‍ථෙනපි ඵුසිතුං න ඉච‍්ඡි. මාගණ‍්ඩියා “හොතු, මහාරාජ, එතෙයෙව ච කුක‍්කුටෙ සමණස‍්ස ගොතමස‍්ස පචනත්‍ථාය පෙසෙහී”ති. රාජා තථා අකාසි. මාගණ‍්ඩියා අන‍්තරාමග‍්ගෙයෙව කුක‍්කුටෙ මාරාපෙත්‍වා “ඉමෙ කුක‍්කුටෙ පචාපෙත්‍වා සමණස‍්ස ගොතමස‍්ස දෙතූ”ති පහිණි. සා තෙසං මතභාවෙන දසබලඤ‍්ච උද‍්දිස‍්ස පහිතභාවෙන පචිත්‍වා දසබලස‍්ස පෙසෙසි. මාගණ‍්ඩියා “පස‍්ස, මහාරාජා”ති වත්‍වා එත‍්තකෙනපි රාජානං කොපෙතුං නාසක‍්ඛි.

ඕතොමෝ එකරුණින් රජු කෝප කරවීමට නොහැකි වන්නී ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ කෙරෙහි මොවුන්ගේ ප්‍රේමයක් ඇද්ද නැත්දැයි දැනගන්නෙමු. කුකුළන් අට දෙනෙකු යවා නුඹවහන්සේ සඳහා පිසවනු මැනවැ’යි කීවාය. රජතෙමේ ඇයගේ වචනය අසා මොවුන් පිස එවත්වායි සාමාවතියට කුකුළන් අට දෙනකු යැව්වාය. සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාව ජීවත්වන කුකුළන් කෙසේනම් පිසන්නීද? නොහැකැයි කියා අතිනුදු ඇල්ලීමට නොකැමැති වූවාය. මාගන්දිය ‘වේවා! මහරජ තුමනි, මේ කුකුළන්ව ශ්‍රමණභවත් ගෞතමයන් සඳහා පිසීමට යවනුමැනවැයි කීවාය. රජතෙමේ එසේ කළේය. මාගන්‍දිය අතරමගදීම කුකුළන් මරවා මේ කුකුළන් පිසවා ශ්‍රමණභවත් ගෞතමයන්ට දේවායි (කියා) යැව්වාය. ඕතොමෝ කුකුළන් මළ බැවින්ද බුදුන්වහන්සේ උදෙසා එවනලද බැවින්ද පිස බුදුන් වහන්සේට යැව්වාය. මාගන්‍දිය ‘බලනු මැනවි දේවයිනි’යි කියා එතකිනුදු රජු කෝප කරවීමට නොහැකි වූවාය.

අයං පන උදෙනො තාසු එකෙකිස‍්සා වසනට‍්ඨානෙ සත‍්ත සත‍්ත දිවසානි වසි. අථායං මාගණ‍්ඩියා එකං කණ‍්හසප‍්පපොතකං වෙළුපබ‍්බෙ පක‍්ඛිපාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානෙ ඨපෙසි. රඤ‍්ඤො ච යත්‍ථ කත්‍ථචි ගච‍්ඡන‍්තස‍්ස හත්‍ථිකන‍්තවීණං ආදායයෙව ගමනං ආචිණ‍්ණං, මාගණ‍්ඩියා රඤ‍්ඤො අත‍්තනො සන‍්තිකං ආගමනකාලෙ තං සප‍්පපොතකං අන‍්තොවීණාය පක‍්ඛිපිත්‍වා ඡිද‍්දං පිදහාපෙසි. අථ නං සාමාවතියා සන‍්තිකං ගමනකාලෙ, “මහාරාජ, සාමාවතී නාම සමණස‍්ස ගොතමස‍්ස පක‍්ඛා, තුම‍්හෙ න ගණෙති. යං කිඤ‍්චි කත්‍වා තුම‍්හාකං දොසමෙව චින‍්තෙති, අප‍්පමත‍්තා හොථා”ති ආහ. රාජා සාමාවතියා වසනට‍්ඨානෙ සත‍්තාහං වීතිනාමෙත්‍වා පුන සත‍්තාහෙ මාගණ‍්ඩියාය නිවෙසනං අගමාසි. සා තස‍්මිං ආගච‍්ඡන‍්තෙයෙව “කච‍්චි තෙ, මහාරාජ, සාමාවතී ඔතාරං න ගවෙසතී”ති කථෙන‍්තී විය රඤ‍්ඤො හත්‍ථතො වීණං ගහෙත්‍වා චාලෙත්‍වා “කිං නු ඛො, මහාරාජ, එත්‍ථ අබ‍්භන‍්තරෙ විචරතී”ති වත්‍වා සප‍්පස‍්ස නික‍්ඛමනොකාසං කත්‍වා “අබ‍්භුම‍්මෙ අන‍්තො සප‍්පො”ති වීණං ඡඩ‍්ඩෙත්‍වා පලායි. තස‍්මිං කාලෙ රාජා පදිත‍්තං වෙණුවනං විය පක‍්ඛිත‍්තලොණං උද‍්ධනං විය ච දොසෙන තටතටායන‍්තො “වෙගෙන සපරිවාරං සාමාවතිං පක‍්කොසථා”ති ආහ. රාජපුරිසා ගන‍්ත්‍වා පක‍්කොසිංසු.

මේ උදේන රජතෙමේ ඔවුනතුරෙහි එකිනෙකිය වසන තැනට දින සත බැගින් යයි. ඉක්බිති මේ මාගන්‍දිය විසකුරු සප් පැටවකු උණපුරුකක බහා තමන් වසන තන්හි තැබුවාය. යම්කිසි තැනකට යනවිට හස්තිකාන්ත වීණාවද රැගෙනයාම රජුගේ පුරුද්ද විය. මාගන්‍දියාතොමෝ රජු තමන් වෙතට එන කල්හි ඒ සප්පැටවා වීණාව තුළට පිවිසුවා සිදුර වසා දැම්මෙව්වාය. ඉක්බිති ඔහු සාමාවතිය සමීපයට යන කල්හි, ‘මහරජතුමනි, සාමාවතී නම් ශ්‍රමණ ගෞතමයන්ට පක්‍ෂපාතීය. නුඹවහන්සේ ගණන් නොගන්නීය. යම් කිසිවක්කොට නුඹවහන්සේගේ දොසක්ම සිතයි. සැළකිලිමත්වනු මැනවැයි කීවාය. රජතෙමේ සාමාවතිය වසන තන්හි සත්දිනක් ගතකොට දෙවැනි සත්දිනෙහි මාගන්‍දිකාවගේ නිවසට පැමිණියේය. ඕතොමෝ රජු එත්දීම ‘කෙසේද මහරජතුමනි,’ සාමාවතී ඔබතුමන්ගේ දොසක් නොසොයයිදැයි කියන්නී මෙන් රජුගේ අතින් වීණාව ගෙන සොලවා ‘මහරජතුමනි, මෙහි ඇතුළෙහි කුමක් හෝ සෙලවේයයි පවසා සර්‍පයාට පිටවීමට ඉඩදී, ‘අහෝ විපතකි! සර්‍පයෙකැ’යි වීණාව විසි කොට දිව්වාය. එකල්හි රජතෙමේ ගිණිගත් උණවනයක් මෙන්ද ලුණුදැමූ උදුනක් මෙන්ද කොවින් තටතටයයි මුමුණමින් වේගයෙන් ‘පිරිවර සහිත සාමාවතිය කැඳවවු’යි පැවසීය. රාජපුරුෂයෝ ගොස් කැඳවූවාහුය.

සා රඤ‍්ඤො කුද‍්ධභාවං ඤත්‍වා සෙසමාතුගාමානං සඤ‍්ඤමදාසි. “රාජා තුම‍්හෙ ඝාතෙතුකාමො පක‍්කොසති, අජ‍්ජ දිවසං ඔදිස‍්සකෙන මෙත‍්තාඵරණෙන රාජානං ඵරථා”ති ආහ. රාජා තා ඉත්‍ථියො පක‍්කොසාපෙත්‍වා සබ‍්බාව පටිපාටියා ඨපෙත්‍වා මහාධනුං ආදාය විසපීතකණ‍්ඩං සන‍්නය‍්හිත්‍වා ධනුං පූරෙත්‍වා අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ සබ‍්බාව තා සාමාවතිප‍්පමුඛා ඉත්‍ථියො ඔධිසො මෙත‍්තං ඵරිංසු. රාජා කණ‍්ඩං නෙව ඛිපිතුං න අපනෙතුං සක‍්කොති, ගත‍්තෙහි සෙදා මුච‍්චන‍්ති, සරීරං වෙධති, මුඛතො ඛෙළො පතති, ගහෙතබ‍්බගහණං න පස‍්සති. අථ නං සාමාවතී “කිං, මහාරාජ, කිලමසී”ති ආහ. ආම, දෙවි, කිලමාමි, අවස‍්සයො මෙ හොහීති. සාධු, මහාරාජ, කණ‍්ඩං මහාපථවිමුඛං කරොහීති. රාජා තථා අකාසි. සා “රඤ‍්ඤො හත්‍ථතො කණ‍්ඩං මුච‍්චතූ”ති අධිට‍්ඨාසි. තස‍්මිං ඛණෙ කණ‍්ඩං මුච‍්චි. රාජා තංඛණංයෙව උදකෙ නිමුජ‍්ජිත්‍වා ආගම‍්ම අල‍්ලකෙසො අල‍්ලවත්‍ථො සාමාවතියා පාදෙසු පතිත්‍වා “ඛම, දෙවි, මය‍්හං, භෙදකානං මෙ වචනෙන අනුපධාරෙත්‍වා එතං කත”න‍්ති ආහ. ඛමාමි, දෙවාති. “සාධු, දෙවි, එවං තයා මය‍්හං ඛමිතං නාම හොති. ඉතො පට‍්ඨාය තුම‍්හාකං යථාරුචියා දසබලස‍්ස දානං දෙථ, පච‍්ඡාභත‍්තං විහාරං ගන‍්ත්‍වා ධම‍්මකථං සුණාථ, අජ‍්ජ වො පට‍්ඨාය පරිහාරං දම‍්මීති. තෙන හි, දෙව, අජ‍්ජ පට‍්ඨාය එකං භික‍්ඛුං යාචිත්‍වා ආනෙථ, යො නො ධම‍්මං වාචෙස‍්සතීති. රාජා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා යාචන‍්තො ආනන්‍දත්‍ථෙරං ලභි. තතො පට‍්ඨාය තා පඤ‍්චසතා ඉත්‍ථියො ථෙරං පක‍්කොසාපෙත්‍වා සක‍්කාරසම‍්මානං කත්‍වා කතභත‍්තකිච‍්චස‍්ස ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං පරියාපුණන‍්ති.

ඕතොමෝ රජු කිපුණු බව දැන සෙසු මාගමුන්ට සංඥාවක් දුන්නාය. ‘රජතෙමේ නුඹලා නසනු කැමැත්තේ කැඳවයි. අද දවසෙහි නියම කරන ලද මෙත් පැතිරීමෙන් රජු කෙරෙහි පතුරුව’යි කීවාය. රජතෙමේ ඒ ගැහැනුන් කැඳවා සියල්ලන් පිළිවෙළට තබවා මහදුන්න ගෙන විෂපෙවූ හීයක් නඟා දුනුදිය ඇද සිටියේය. එකෙණෙහි සාමාවතී ප්‍රමුඛ වූ ඒ සියල්ලම ස්ත්‍රීහු සීමාවශයෙන් මෛත්‍රිය පැතුරුවාය. රජතෙමේ ඊය මුදන්නට හෝ ඉවත් කරන්නට හෝ නොහැකි වෙයි. සිරුරෙන් දහදිය වැගිරෙයි. සිරුර සැලෙයි. මුවින් කෙළ හැලෙයි. ගතයුත්ත ගැනීමට නොපෙනෙයි. ඉක්බිති සාමාවතී ඔහුට ‘කිම මහරජ, වෙහෙසවෙහිදැයි ඇසුවාය. ‘එසේය, දේවිය. කලාන්ත වෙමි. මට උපකාරවන්නැ’යි රජතෙමේ කීවේය. ‘මැනවි. මහරජතුමනි, හීය මහපොළොව දෙසට නතුකරනු මැනව.’ රජතෙමේ එසේ කළේය. ඒතොමෝ රජු අතින් හීය මිදේවායි අදිටන් කළාය. එකෙණෙහි හීය මිදිණි. රජද එකෙණෙහිම දියෙහි ගැලී අවුත් තෙත් කෙස් ඇත්තේ තෙත්වත් ඇත්තේ සාමාවතියගේ පාමුලවැටී. ‘දේවිය, ක්‍ෂමා කරන්න. මගේ බිඳුවන්නන්ගේ වචනය නිසා සිහිනොකොට මවිසින් මෙය කරන ලදි’යි කීවේය. ‘ක්‍ෂමා කරමි දේවයිනි.’ ‘මැනවි දේවිය, මෙසේ ඔබවිසින් ක්‍ෂමාකරනලද්දේනම් වෙයි. මෙතැන්පටන් ඔබට කැමතිපරිද්දෙන් භාග්‍යවතුන්වහන්සේ දන් දෙනුමැනවි. පසුබතෙහි විහාරයට ගොස් දහම් අසනු මැනවි. අද පටන් ඔබට රැකවරණ දෙමි’යි රජතෙමේ පැවසීය. ‘එසේවීනම් මහරජතුමනි, අද පටන් එක් භික්‍ෂුවකට අයැද වැඩමවා ගෙන එනු මැනවි. උන්වහන්සේ අපට දහම් දෙසනු ඇතැ’යි ඕ කීවාය. රජතෙමේ ශාස්තෘන් සමීපයට ගොස් අයදින්නේ අනඳතෙරුන් ලබා ගත්තේය. එතැන්පටන් ඒ පන්සියයක් ස්ත්‍රීහු තෙරුන්වහන්සේ කැඳවා ස්කාරසම්මානකොට කරනලද බත්කිස ඇති තෙරුන් සමීපයෙහි ධර්‍මය පුහුණු කරත්.

තා එකදිවසං ථෙරස‍්ස අනුමොදනාය පසන‍්නා ථෙරස‍්ස පඤ‍්ච උත‍්තරාසඞ‍්ගසතානි අදංසු. ථෙරො කිර පුබ‍්බෙ තුන‍්නවායකාලෙ එකස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස එකාය සූචියා සද‍්ධිං හත්‍ථතලමත‍්තං චොළඛණ‍්ඩං අදාසි. සො සූචියා ඵලෙන ඉමස‍්මිං අත‍්තභාවෙ මහාපඤ‍්ඤො අහොසි, චොළඛණ‍්ඩස‍්ස ඵලෙන ඉමිනාව නියාමෙන පඤ‍්චසතක‍්ඛත‍්තුං දුස‍්සානි පටිලභි.

ඔවුහු එක්දිනක් තෙරුන්ගේ අනුමෙවෙනි බණින් පැහැදුනාහු තෙරුන්ට උතුරුසළු පන්සියයක් දුන්නාහුය. තෙරුන්වහන්සේ වනාහි පෙර පීඩාකරන සුළු ඇති කල්හි එක් පසේබුදුනමකට එක්හිඳිකටුවක් සමඟ අත්ලක් පමණවූ රෙදිකඩක් පිරිනැමූහ. එ හිඳිකටුව දීමේ විපාකයෙන් මේ අත්බැව්හි මහපැනවතෙක්වූහ. රෙදිකඩදීමේ විපාකයෙන් මේ අයුරින් පන්සියවරක් රෙදි ලැබූහ.

තතො මාගණ‍්ඩියා අඤ‍්ඤං කාතබ‍්බං අපස‍්සන‍්තී “උය්‍යානං ගච‍්ඡාම, මහාරාජා”ති ආහ. සාධු, දෙවීති. සා රඤ‍්ඤො සම‍්පටිච‍්ඡිතභාවං ඤත්‍වා චූළපිතරං පක‍්කොසාපෙත්‍වා ආහ – “අම‍්හාකං උය්‍යානං ගතකාලෙ සාමාවතියා වසනට‍්ඨානං ගන‍්ත්‍වා සාමාවතිං සපරිවාරං අන‍්තොකරිත්‍වා ‘රඤ‍්ඤො ආණා’ති වත්‍වා ද‍්වාරං පිදහිත්‍වා පලාලෙන පලිවෙඨෙත්‍වා ගෙහෙ අග‍්ගිං දෙථා”ති. මාගණ‍්ඩියො තස‍්සා වචනං සුත්‍වා තථා අකාසි. තස‍්මිං දිවසෙ සබ‍්බාපි තා ඉත්‍ථියො පුබ‍්බෙ කතස‍්ස උපපීළකකම‍්මස‍්සානුභාවෙන සමාපත‍්තිං අප‍්පෙතුං නාසක‍්ඛිංසු, එකප‍්පහාරෙනෙව භුසමුට‍්ඨි විය ඣායිංසු. තාසං ආරක‍්ඛපුරිසා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා, “දෙව, ඉදං නාම කරිංසූ”ති ආචික‍්ඛිංසු.

ඉක්බිති මාගන්‍දිය අන්කිසි කළයුත්තක් නොදක්නී ‘මහරජතුමනි, උයනට යමු’යයි කීවාය. ‘යහපති, දේවිය’ ඕ රජු පිළිගත්බව දැන සුළුපියා කැඳවා, ‘අප උයනට ගියකල්හි සාමාවතිය වසන තැනට ගොස් පිරිවර සහිත සාමාවතිය ඇතුළට දමා රජුගේ අණයයි කියා දොර වසා පිදුරුවලින් වසා ගෙට ගිනි තබව’යි කීවාය. මාගන්‍දික තෙමේ ඇයගේ වචනය අසා එසේ කළේය. එදවසෙහි ඒ ස්ත්‍රීහු සියලු දෙනාම පෙර කළ උපපීළක කර්‍මයක බලයෙන් සමවතට නැගීමට අපොහොසත් වූවාහුය. එකපහරින්ම බොල්මිටක් මෙන් දැවුනාහුය. ඔවුන්ගේ ආරක්‍ෂක පුරුෂයෝ රජු වෙතට ගොස් දේවයන්වහන්ස, මෙය කරවුහුදැයි විමසූහ.

රාජා “කෙන කත”න‍්ති පරියෙසන‍්තො මාගණ‍්ඩියාය කාරිතභාවං ඤත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “භද‍්දෙ, භද‍්දකං තයා කම‍්මං කතං මයා කාතබ‍්බං කරොන‍්තියා, “උට‍්ඨාය සමුට‍්ඨාය මය‍්හං වධාය පරිසක‍්කමානා ඝාතිතා, පසන‍්නොස‍්මි, තුය‍්හං සම‍්පත‍්තිං දස‍්සාමීති තව ඤාතකෙ පක‍්කොසාපෙහී”ති ආහ. සා රඤ‍්ඤො කථං සුත්‍වා අඤ‍්ඤාතකෙපි ඤාතකෙ කත්‍වා පක‍්කොසාපෙසි. රාජා සබ‍්බෙසං සන‍්නිපතිතභාවං ඤත්‍වා රාජඞ‍්ගණෙ ගලප‍්පමාණෙසු ආවාටෙසු නිඛනිත්‍වා උපරි ඨිතානි සීසානි භින්‍දාපෙන‍්තො මහන‍්තෙහි අයනඞ‍්ගලෙහි කසාපෙසි. මාගණ‍්ඩියම‍්පි ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දාපෙත්‍වා පූවපචනකටාහෙ පචාපෙසි.

රජතෙමේ කවරකුවිසින් කරනලද්දැක්දැයි සොයාබලන්නේ මාගන්‍දිකාව විසින් කරවනලදබව දැන ඇය කැඳවා ‘සොඳුර, මාවිසින් කළයුත්තක් කරන ඔබ විසින් සොඳුරු දෙයක් කරනලදී. වරින්වර මා නැසීමට වෑයම් කරන්නියෝ නසන ලදහ. නුඹට පැහැදුනෙමි. සැපත් දෙන්නෙමියි ඔබගේ නෑදෑයන් කැඳවව’යි කීවේය. ඕතොමෝ රජුගේ කථාව අසා නොනෑයන්ද නෑයන් කොට කැඳවූවාය. රජතෙමේ සියල්ලන් රැස්වූබව දැන රාජංගනයෙහි ගෙලපමණවූ ආවාටයන්හි වළලා උඩට මතුව තිබුණු හිස් බිඳුවන්නේ මහත් යකඩ නගුලින් සාවා මාගන්‍දියද කඩකඩකොට සිදුවා කැවුම් පිසින සැළියෙහිම බැදවූයේය.

කිං පන සාමාවතියා සපරිවාරාය අග‍්ගිනා ඣාපනකම‍්මන‍්ති? සා කිර අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ තෙහෙව පඤ‍්චහි මාතුගාමසතෙහි සද‍්ධිං ගඞ‍්ගායං කීළිත්‍වා බහිතිත්‍ථෙ ඨිතා සීතෙ ජාතෙ අවිදූරට‍්ඨානෙ පච‍්චෙකබුද‍්ධස‍්ස පණ‍්ණසාලං දිස‍්වා අන‍්තො අසොධෙත්‍වාව බහි අග‍්ගිං දත්‍වා විසිබ‍්බෙසුං. අන‍්තොපණ‍්ණසාලාය පච‍්චෙකබුද‍්ධො නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නො. තා ජාලාසු පච‍්ඡින‍්නාසු පච‍්චෙකබුද‍්ධං දිස‍්වා “කිං අම‍්හෙහි කතං, අයං පච‍්චෙකබුද‍්ධො රඤ‍්ඤො කුලූපකො, ඉමං දිස‍්වා රාජා අම‍්හාකං කුජ‍්ඣිස‍්සති, ඉදානි නං සුජ‍්ඣාපිතං කාතුං වට‍්ටතී”ති අඤ‍්ඤානිපි දාරූනි පක‍්ඛිපිත්‍වා අග‍්ගිං අදංසු. පුන ජාලාය පච‍්ඡින‍්නාය පච‍්චෙකබුද‍්ධො සමාපත‍්තිතො වුට‍්ඨාය තාසං පස‍්සන‍්තීනංයෙව චීවරානි පප‍්ඵොටෙත්‍වා වෙහාසං උප‍්පතිත්‍වා ගතො. තෙන කම‍්මෙන නිරයෙ පච‍්චිත්‍වා පක‍්කාවසෙසෙන ඉමං බ්‍යසනං පාපුණිංසු. චතුපරිසමජ‍්ඣෙ පන කථා උදපාදි – “බහුස‍්සුතා වත ඛුජ‍්ජුත‍්තරා, මාතුගාමඅත‍්තභාවෙ ඨත්‍වා පඤ‍්චන‍්නං මාතුගාමසතානං ධම‍්මං කථෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි. සාමාවතීපි රඤ‍්ඤා අත‍්තනො අප‍්පිතං කණ‍්ඩං මෙත‍්තාඵරණෙන ඵරිත්‍වා පටිබාහී”ති තස‍්සාපි මහාජනො ගුණං කථෙසි. එවමෙතං වත්‍ථු සමුට‍්ඨිතං. අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ නිසින‍්නො තදෙව කාරණං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ඛුජ‍්ජුත‍්තරං බහුස‍්සුතානං, සාමාවතිං මෙත‍්තාවිහාරීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

පිරිවරසහිත සාමාවතියගේ ගින්නෙන් දවන කර්‍මය කිමෙක්ද? ඕතොමෝ වනාහි බුදුන් පහළවීමට පෙර ඒ මාගමුන් පන්සියය සමඟම ගඟෙහි දිය කෙළි කෙළ තෙරෙන් පිටත සිටියා ශීත ඇතිවූ කල්හි නුදුරෙහි පසේබුදුකෙනෙකුගේ පන්සලක් දැක ඇතුලත නොපිරිස්සාම පිටින් ගිනිතබා ගිනිතැප්පාය. පන්සලතුළ පසේබුදුන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන්සේක. ඔවුහු ගිනි දැල් සිඳීගිය විට පසේබුදුන් දැක, ‘අපවිසින් කුමක් කරන ලද්ද? මේ පසේබුදුන්වහන්සේ රජුගේ කුලුපග කෙනෙකි. මෙතුමා දැක රජතුමා අපට කිපෙන්නේය. දැන් එතුමා මනාව දැවුණකු කිරීමට වටීයයි (සිතා) වෙනත් දරද දමා ගිනි දැල්වූවාහුය. යළි දැල් සිදුණු විට පසේබුදුන් වහන්සේ සමවතින් නැඟිට ඔවුන් බලාසිටියදීම සිවුරු ගසාදමා අහසට නැඟී වැඩිසේක. ඒ කර්‍මයෙන් නිරයෙහි පැසී විපාකදී ඉතිරිවූ කර්‍මයෙන් මේ විපතට පැමිණියාහුය. සිවුපිරිස මැද මේ කථාව හටගත්තේය. ඛුජ්ජුත්තරාව ඒකාන්තයෙන්ම බහුශ්‍රැතය. ස්ත්‍රී ආත්මභාවයෙහි සිට මාගමුන් පන්සියයකට ධර්‍මය කියාදී සෝවාන් පෙලෙහි පිහිටෙව්වාය. සාමාවතියද රජුවිසින් තමන්ට නැංවූ ඊය මෛත්‍රිය පැතිරවීමෙන් යටපත් කළායයි මහජනයා ඇයගේ ගුණය ප්‍රකාශ කළේය. මෙසේ මේ කථාව හටගැණිණ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩහිඳින සේක් එකරුණම අර්‍ත්‍ථොත්පත්ති කොට ඛුජ්ජුත්තරා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියන් අතුරින්ද සාමාවතිය මෙත් පැවතුම් ඇත්තියන් අතුරින්ද අගතැන්හි තැබූසේක.