උත්තරානන්දමාතාවත්ථු අට්ඨකථා
උත්තරානන්දමාතාවත්ථු
උත්තරා නන්දමාතා
පඤ්චමෙ ඣායීනන්ති ඣානාභිරතානං උපාසිකානං, උත්තරා නන්දමාතා, අග්ගාති දස්සෙති. සා කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තා සත්ථු ධම්මකථං සුණන්තී සත්ථාරං එකං උපාසිකං ඣානාභිරතානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහනගරෙ සුමනසෙට්ඨිං නිස්සාය වසන්තස්ස පුණ්ණසීහස්ස නාම භරියාය කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, උත්තරාතිස්සා නාමං අකංසු.
පස්වැන්නෙහි ක්ධායීනං යන්නෙන් ධ්‍යානයෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් උත්තරා නන්දමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් උවැසියක ධ්‍යානයෙහි ඇලුම් ඇත්තියන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරසරා මේ බුද්ධොතපාදයෙහි රජගහනුවර සුමනසිටු ඇසුරුකොට වසන පුණ්ණසීහ නමැත්තාගේ බිරියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට උත්තරායි නම් කළාහුය.
අථෙකස්මිං නක්ඛත්තමහදිවසෙ රාජගහසෙට්ඨි පුණ්ණං පක්කොසාපෙත්වා ආහ – “තාත පුණ්ණ, නක්ඛත්තං වා උපොසථො වා දුග්ගතස්ස කිං කරිස්සති, එවං සන්තෙපි වදෙහි ‘කිං නක්ඛත්තපරිබ්බයං ගහෙත්වා නක්ඛත්තං කීළිස්සසි, බලවගොණෙ ච ඵාලඤ්ච නඞ්ගලඤ්ච ගහෙත්වා කසිස්සසී’”ති. “මම භරියාය සද්ධිං මන්තෙත්වා ජානිස්සාමි, අය්යා”ති තං කථං භරියාය ආරොචෙසි. “සෙට්ඨි නාම අය්යො ඉස්සරො, තස්ස තයා සද්ධිං කථෙන්තස්ස කථා සොභති, ත්වං පන අත්තනො කසිකම්මං මා විස්සජ්ජෙසී”ති ආහ. සො තස්සා වචනං සුත්වා කසිභණ්ඩං ආදාය කසිතුං ගතො.
ඉක්බිති එක් නැකත් උත්සව දිනයෙක රජගහ සිටුතුමා පුණ්ණ කැඳවා, ‘දරුව පුණ්ණ, නැකත හෝ පොහොය දිළින්දාට කුමක් කෙරෙයිද? මෙසේ ඇති කල්හිද නැකත් කෙළි වියදම් ගෙන නැකත් කෙළින්නෙහිද (නැතහොත්) බලවත් ගොනුන්ද නඟුල්තලය හා නඟුලද ගෙන සී සාන්නෙහිදැයි කියවයි කීය. ‘ආර්‍ය්‍යයෙනි, මගේ බිරිඳ සමඟ කථාකොට දනිමි’යි පවසා පුණ්ණ ඒ කථාව බිරියට සැළකළේය. ‘සිටුතුමා නම් ස්වාමියාය. අධිපතියාය. ඔබ සමඟ කථාකරන ඔහුට (මේ කථාව හොබියි. නුඹ වනාහි තමන්ගේ කෘෂිකර්මය අත් නොහරුව’යි බිරිඳ කීවාය. හෙතෙම ඇයගේ වචනය අසා කෘෂිභාණ්ඩ ගෙන සීසෑමට ගියේය.
තංදිවසඤ්ච සාරිපුත්තත්ථෙරො නිරොධසමාපත්තිතො වුට්ඨාය “කස්ස අජ්ජ මයා සඞ්ගහං කාතුං වට්ටතී”ති ආවජ්ජෙන්තො ඉමස්ස පුණ්ණස්ස උපනිස්සයං දිස්වා භික්ඛාචාරවෙලාය පත්තචීවරමාදාය පුණ්ණස්ස කසනට්ඨානං ගච්ඡන්තො අවිදූරෙ අත්තානං දස්සෙසි. පුණ්ණො ථෙරං දිස්වා කසිං ඨපෙත්වා ථෙරස්ස සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. ථෙරො තං ඔලොකෙත්වා උදකසභාගං පුච්ඡි. තස්ස එතදහොසි – “අය්යො මුඛං ධොවිතුකාමො භවිස්සතී”ති. තතො වෙගෙන ගන්ත්වා දන්තකට්ඨං ආහරිත්වා කප්පියං කත්වා ථෙරස්ස අදාසි. ථෙරෙ දන්තකට්ඨං ඛාදන්තෙ පත්තෙන සද්ධිං ධම්මකරණං නීහරිත්වා උදකස්ස පූරෙත්වා ආහරි. ථෙරො මුඛං ධොවිත්වා භික්ඛාචාරමග්ගං පටිපජ්ජි. පුණ්ණො චින්තෙසි – “ථෙරො අඤ්ඤෙසු දිවසෙසු ඉමං මග්ගං න පටිපජ්ජති, අජ්ජ පන මය්හං සඞ්ගහත්ථාය පටිපන්නො භවිස්සති. අහො වත මෙ භරියා මමත්ථාය ආහරණකං ආහාරං ථෙරස්ස පත්තෙ පතිට්ඨපෙය්යා”ති.
ඒ දවසෙහි සැරියුත් තෙරුන්වහන්සේ නිරොධසමවතින් නැඟිට අද මාවිසින් කවරෙකුට සංග්‍රහ කරනු වටීදැයි සිහි කරන්නාහු මේ පුණ්ණගේ හේතුසම්පත් දැක පිඬු හැසිරෙන වේලෙහි පාසිවුරු රැගෙන පුණ්ණ සීසානා තැනට වඩිමින් නුදුරෙහි තමන් දැක්වූසේක. පුණ්ණ තෙමේ තෙරුන් දැක සීසෑම නවත්වා අවුත් පසඟ පිහිටුවීමෙන් වැන්දේය. තෙරණුවෝ ඔහු දෙස බලා වතුර ටිකක් ගැන විමසූහ. ආර්‍ය්‍යයන්වහන්සේ මුවසෝදනු රිසි වන්නාහුයයි ඔහුට අදහස් විය. එහෙයින් ඉක්මණින් ගොස් දැහැටු කැප කොට තෙරුන්ට දුන්නේය. තෙරුන් දැහැටු වළඳනා විට පාත්‍රය සමඟ පෙරහන රැගෙන ගොස් දිය පුරවා ගෙනාවේය. තෙරණුවෝ මුවසෝදා පිඬුහැසිරෙන වේලෙහි මගට පිළිපන්හ. තෙරණුවෝ නම් අන්දිනයන්හි මේ මඟට නොපැමිණෙති. අද වනාහි මට සංග්රහකරනු සඳහා පිළිපන්නෝ වන්නහුය. මගේ බිරිඳ මා සඳහා ගෙනෙන අහර තෙරුන්ගේ පාත්‍රයෙහි පිහිටන්නේ නම් ඉතා යෙහෙකැයි පුණ්ණ සිතුවේය.
අථස්ස භරියා “අජ්ජ නක්ඛත්තදිවසො”ති පාතොව අත්තනො ලභනකනියාමෙන ඛාදනීයභොජනීයං සංවිධාය ගහෙත්වා සාමිකස්ස කසනට්ඨානං ආගච්ඡන්තී අන්තරාමග්ගෙ ථෙරං දිස්වා චින්තෙසි – “අඤ්ඤෙසු දිවසෙසු මය්හං ථෙරං දිස්වා දෙය්යධම්මො න හොති, දෙය්යධම්මෙ සන්තෙපි මම අය්යං න පස්සාමි, අජ්ජ පන ද්වින්නම්පි සම්මුඛීභාවො ජාතො. මම සාමිකස්ස පුන සම්පාදෙත්වා ආහරිස්සාමි, ඉමං තාව ආහාරං ථෙරස්ස දස්සාමී”ති තීහි චෙතනාහි සම්පයුත්තං කත්වා තං භොජනං සාරිපුත්තත්ථෙරස්ස පත්තෙ පතිට්ඨපෙත්වා “එවංවිධා දුග්ගතජීවිතා මුච්චාමී”ති ආහ. ථෙරොපි “තව අජ්ඣාසයො පූරතූ”ති තස්සානුමොදනං කත්වා තතො නිවත්තිත්වා විහාරං අගමාසි.
ඉක්බිති ඔහුගේ බිරිඳ අද නැකත් දිනයයයි (සිතා) උදයෙන්ම තමන්ට ලැබෙන අයුරින් කෑයුතු පියයුතුදේ සකස්කොටගෙන සැමියා සීසාන තැනට එන්නී අතරමග තෙරුන් දැක, අන්දිනයන්හි තෙරුන් දැක මට දියයුත්තක් නොවෙයි. දියයුත්තක් ඇති කල්හිද මම ආර්‍ය්‍යයන්වහන්සේ නොදකිමි. අද වනාහි දෙකම එකට එක්විය. මගේ සැමියාට යළි සපයා, ගෙනෙන්නෙමි. මෙම ආහාරය තෙරුන්වහන්සේට දෙමැ’යි සිතුවාය. (එසේ සිතා) ත්‍රිවිධ චේතනාවන්ගෙන් යුක්තවූවක් කොට ඒ බොජුන සැරියුත්තෙරුන්ගේ පාත්‍රයෙහි පිහිටුවා මෙබඳුවූ දිළිඳු දිවියෙන් මිදෙමියි පැතුවාය. තෙරණුවෝත් ‘ඔබගේ අදහස සපිරේවා’යි ඇයට අනුමෙවෙනි කොට එතැනින් ආපසු හැරී විහාරයට වැඩියහ.
සාපි පුන අත්තනො ගෙහං ගන්ත්වා සාමිකස්ස ආහාරං සම්පාදෙත්වා ආදාය කසනට්ඨානං ගන්ත්වා සාමිකස්ස කුජ්ඣනභාවතො භීතා “සාමි, අජ්ජ එකදිවසං තව මනං සන්ධාරෙහී”ති ආහ. කිං කාරණාති? අහං අජ්ජ තාව ආහාරං ආහරන්තී අන්තරාමග්ගෙ ථෙරං දිස්වා තව භාගභත්තං ථෙරස්ස පත්තෙ පතිට්ඨපෙත්වා පුන ගෙහං ගන්ත්වා ආහාරං පචිත්වා ආදාය ආගතාම්හීති. මනාපං තෙ, භද්දෙ, කතං, මයාපි පාතොව ථෙරස්ස දන්තකට්ඨඤ්ච මුඛොදකඤ්ච දින්නං. අජ්ජ අම්හාකං සුප්පභාතං, සබ්බම්පි ථෙරස්ස අම්හාකං සන්තකමෙව ජාතන්ති ද්වින්නම්පි ජනානං එකසදිසමෙව චිත්තං අහොසි. අථ පුණ්ණො ආහාරකිච්චං කත්වා භරියාය ඌරුම්හි සීසං කත්වා මුහුත්තං නිපජ්ජි. අථස්ස නිද්දා ඔක්කමි. සො ථොකං නිද්දායිත්වා පබුද්ධො කසිතට්ඨානං ඔලොකෙසි, ඔලොකිතොලොකිතට්ඨානං මහාකොසාතකිපුප්ඵෙහි සම්පරිකිණ්ණං විය අහොසි. සො භරියං ආහ – “භද්දෙ, කින්නාමෙතං අජ්ජ ඉදං කසිතට්ඨානං සුවණ්ණවණ්ණං හුත්වා ඛායතී”ති. අය්ය, අජ්ජ තෙ සකලදිවසං කිලන්තතාය අක්ඛීනි මඤ්ඤෙ භමන්තීති. භද්දෙ, මය්හං අස්සද්දහන්තී සයං ඔලොකෙහීති. තස්මිං කාලෙ සා ඔලොකෙත්වා සභාවං අය්ය, කථෙසි, එවමෙතං භවිස්සතීති.
ඕතොමෝත් යළි තමන්ගේ ගෙට ගොස් සැමියාට ආහාර සපයා රැගෙන සීසානා තැනට ගොස් සැමියා කිපෙන බැවින් බියවූවා ‘ස්වාමීනි, අද එක් දිනක් පමඛත් ඔබගේ සිත දරාගත (ඉවසාපුව) මැනවැයි කීවාය. ‘කුමක් හෙයින්ද?’ (සැමියා ඇසීය) ‘මම අද ඔබගේ අහැ ගෙනෙන්නී අතරමගදී තෙරකෙනෙකු දැක ඔබගේ බත්කොටස තෙරුන්ගේ පාත්‍රයෙහි බහා යළි ගෙට ගොස් අහර පිස රැගෙන ආවෙමි’යි කීවාය. ‘සොඳුර, ඔබ විසින් මනාදෙයක් කරනලදී. මවිසින්ද උදයෙන්ම තෙරුන්ට දැහැටි හා මුවදෙව්නා දිය දෙන ලදී. අද අපට සුබඋදයකි. තෙරුන්වහන්සේට හැම දෙයක්ම අප අයත් දෙයම විය.’ යනුවෙන් දෙදෙනාටම එකසමාන සිතක් වූයේය. ඉක්බිති පුණ්ණතෙමේ අහර කිස කොට බිරියගේ ඇකයෙහි හිස තබා මොහොතක් හොත්තේය. ඉක්බිති ඔහුට නින්ද එළඹියේය. හෙතෙම මදක් නිදා පිබිදියේ සීසෑ තැන බැලීය. බැලූ බැලූතැන මහවැටකොළු මලින් ගැවසුණක්මෙන්වූයේය. හෙතෙම බිරියට, සොඳුර, මේ නම් කිමෙක්ද? අද මගේ සීසෑතැන රන්වන්වී හැඟෙයි’යි කීවේය. ‘ආර්‍ය්‍යයෙනි, අද මුලුදවස ඔබ වෙහෙසුණු බැවින් ඇස් කැරකේයයි සිතමියි ඕ කීවාය. ‘සොඳු, මගේ (කීම) නොඅදහන්නී නම් තෙමේ (ඔබ) බලවයි හෙතෙම කීවේය. එකල්හි ඕ බලා, ‘ආර්‍ය්‍යයෙනි, ඔබ ස්වභාවය (පවත්නා සැටිය) කීවෙහිය. එය එසේම වන්නේය’යි (පිළිතුරු දුන්නාය)
පුණ්ණො උට්ඨාය එකං කට්ඨිං ගහෙත්වා නඞ්ගලසීසෙ පහරි, ගුළපිණ්ඩො විය නඞ්ගලසීසෙ අල්ලීයිත්වා අට්ඨාසි. සො භරියං පක්කොසිත්‍වා ආහ – “භද්දෙ, අඤ්ඤෙසං වපිතබීජං නාම තීහි වා චතූහි වා මාසෙහි ඵලං දෙති, අම්හාකං පන අය්යස්ස සාරිපුත්තත්ථෙරස්ස අන්තරෙ රොපිතෙන සද්ධාබීජෙන අජ්ජෙව අවස්සං ඵලං දින්නං. ඉමස්මිං කරීසමත්තෙ පදෙසෙ ආමලකමත්තොපි පංසුපිණ්ඩො අසුවණ්ණො නාම නත්ථී”ති. ඉදානි කිං කරිස්සාම, අය්යාති? “භද්දෙ, ඉමං එත්තකං සුවණ්ණං ථෙනෙත්වා ඛාදිතුං නාම න සක්කා”ති භරියං තස්මිං ඨානෙ ඨපෙත්වා භත්තස්ස පූරෙත්වා ආභතං පාතිං සුවණ්ණස්ස පූරෙත්වා ගන්ත්වා රඤ්ඤො ආරොචාපෙසි – “එකො මනුස්සො සුවණ්ණපාතිං ගහෙත්වා ඨිතො”ති. රාජා තං පක්කොසාපෙත්වා “කහං තෙ, තාත, ලද්ධ”න්ති පුච්ඡි. “දෙව, මය්හං එකං කසිතට්ඨානං සබ්බං සුවණ්ණමෙව ජාතං, පහිණිත්වා ආහරාපෙථා”ති ආහ. ත්වං කින්නාමොසීති? පුණ්ණො නාම අහං, දෙවාති. ගච්ඡථ, භණෙ, සකටානි යොජෙත්වා පුණ්ණස්ස කසිතට්ඨානතො සුවණ්ණමාහරථාති.
පුණ්ණ නැඟිට එක් කැටයක් ගෙන නඟුලිසෙහි ගැසීය. යකඩ පිඩක් මෙන් එය නඟුලිසෙහි ගැටී සිටියේය. හෙතෙම බිරිඳ කැඳවා ‘සොඳුර, අන්අයගේ වපුළ කල්හි බිජුවට තුන් මසකින් හෝ සිවුමසකින් පලදෙයි. අපගේ වනාහි ආර්‍ය්‍යවූ සැරියුත් තෙරුන්වහන්සේ අතරෙහි සිටවූ සැදැහැබිජුවටින් අදම ඒකාන්තයෙන් පලදෙනලදී. මේ කිරියක් පමණවූ පෙදෙසෙහි නෙල්ලිගෙඩියක් පමණ වූද පස්පිඩක් නොරන්ව නම් නැතැ’යි කීවේය., ‘ආර්‍ය්‍යයෙනි, දැන් කුමක් කරමුද? (බිරිඳ ඇසුවාය) ‘සොඳුර, මෙපමණක් මේ රන් සොරකම් කොට කෑමට නොහැකි’යි (පවසා) බිරිඳ එතැන්හි තබා බත්පුරවා ගෙනෙනලද බඳුන රනින් පුරවා ගෙන ගොස්, ‘එක් මිනිසෙක් රන් බඳුනක් ගෙන සිටියේය’යි රජුට සැළකරවූයේය. රජතෙමේ ඔහු කැඳවා, ‘දරුව ඔබ විසින් කොයින් ලබන ලදදැ’යි ඇසීය. දේවයන්වහන්නසට, මගේ එක් සෘසෑ තැනක් සියල්ල රන්ම වීය. (සේවකයන්) යවා ගෙන්වා ගනු මැනවැයි හෙතෙම කීය. ‘දරුව, නුඹ කවරෙක්නම් වූයේහිද? ‘දේවයිනි, මම පුණ්ණ නමි’යි (හෙතෙම පිළිතුරු දුන්නේය). ‘කොල යවු, ගැල්යොදා පුණ්ණගේ සීසෑ තැනින් රන් ගෙනෙව’යි (රජතෙමේ සේවකයන්ට අණ කළේය).
සකටෙහි සද්ධිං ගතරාජපුරිසා “රඤ්ඤො පුඤ්ඤ”න්ති වත්වා සුවණ්ණපිණ්ඩෙ ගණ්හන්ති, ගහිතගහිතම්පි කසිතලෙඩ්ඩුයෙව හොති. තෙ ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං. තෙන හි භණෙ ගන්ත්වා “පුණ්ණස්ස පුඤ්ඤ”න්ති වත්වා ගණ්හථාති. ගහිතගහිතං සුවණ්ණමෙව හොති. තෙ සබ්බම්පි තං සුවණ්ණං ආහරිත්වා රාජඞ්ගණෙ රාසිං අකංසු. රාසි උබ්බෙධෙන තාලප්පමාණො අහොසි. රාජා වාණිජෙ පක්කොසාපෙත්වා “කස්ස ගෙහෙ එත්තකං සුවණ්ණං අත්ථී”ති පුච්ඡි. නත්ථි, දෙව, කස්සචීති. එත්තකස්ස පන ධනස්ස සාමිනො කිං කාතුං වට්ටතීති? ධනසෙට්ඨිං නාම නං කාතුං වට්ටති, දෙවාති? තෙන හි පුණ්ණං ඉමස්මිං නගරෙ ධනසෙට්ඨිං නාම කරොථාති සබ්බං තං සුවණ්ණං තස්සෙව දත්වා තංදිවසංයෙවස්ස සෙට්ඨිට්ඨානං අදාසි. සො සෙට්ඨි මඞ්ගලං කරොන්තො සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදාසි. සත්තමෙ දිවසෙ දසබලස්ස භත්තානුමොදනාය පුණ්ණසෙට්ඨිපි භරියාපි ධීතාපි සබ්බෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු.
ගැල් සමඟ ගිය රාජපුරුෂයෝ රජුගේ පිනයයි කියා රන්පිඬු ගනිති. ගත්ගත් දෙය සීසෑ මැටිකැටම වෙයි. ඔවුහු ගොස් රජුට සැළකළාහුය. ‘එසේනම් කොල, ගොස් පුණ්ණගේ පිනයයි කියා ගනිවු’ (එසේ) ගත්ගත් දෙය රන්ම වෙයි. ඔවුහු ඒ සියලු රන් ගෙනවුත් රාජඞ්ගනයෙහි ගොඩ ගැසුහ. ගොඩ උසින් තල්ගසක් පමණවිය. රජතෙමේ වෙළඳුන් කැඳවා කවරකුගේ ගෙහි මෙපමණ රන් ඇත්දැයි ඇසීය. ‘දේවයිනි, කිසිවකුට නැත’ ‘මෙපමණ ධනයකට හිමිකරුවාට කුමක් කිරීමට වටනේද?’ ‘දේවයිනි, ඔහු ධන සිටුවරයකු කිරීමට වටනේය.’ එසේ වීනම් පුණ්ණ මේ නුවරෙහි ධනසිටාණ නම් කරව’යි ඒ සියලු රන් ඔහුටම දී එදවසෙහිම සිටුතනතුර දුන්නේය. ඒ සිටුතෙමේ මංගල (උත්සවය) කරන්නේ සත්දිනක් බුදුපාමොක් බික්සඟනට මහදන් දුන්නේය. සත්වැනි දිනයෙහි භාග්‍යවතුන්වහන්සේගේ භුත්තානුමෝදනාවෙන් පුණ්ණ සිටාණෝද බිරිඳද දියණියද යන සියල්ලෝ සෝවාන්පෙලෙහි පිහිටියාහ.
අපරභාගෙ රාජගහසෙට්ඨි “පුණ්ණසෙට්ඨිනො වයප්පත්තා දාරිකා අත්ථී”ති සුත්වා අත්තනො පුත්තස්ස කාරණා තස්ස ගෙහං පෙසෙසි. සො තස්ස සාසනං සුත්වා “නාහං ධීතරං දස්සාමී”ති පටිසාසනං පෙසෙසි. සුමනසෙට්ඨිපි පුන පෙසෙසි – “ත්වං මම ගෙහං නිස්සාය වසිත්වා ඉදානි එකප්පහාරෙනෙව ඉස්සරො හුත්වා මය්හං දාරිකං න දෙසී”ති. තතො පුණ්ණසෙට්ඨි ආහ – “ඉමං තාව තුම්හාකං සෙට්ඨි සභාවමෙව කථෙසි, පුරිසො නාම සබ්බකාලෙ එවංවිධොයෙවාති න සල්ලක්ඛෙතබ්බො. අහඤ්හි ඉදානි තාදිසෙ පුරිසෙ දාසෙ කත්වා ගහෙතුං සක්කොමි, තුය්හං පන ජාතිං වා ගොත්තං වා න කොපෙමි. අපිච ඛො මම ධීතා සොතාපන්නා අරියසාවිකා දෙවසිකං කහාපණග්ඝනකෙහි පුප්ඵෙහි පූජං කරොති, තමහං තුම්හාදිසස්ස මිච්ඡාදිට්ඨිකස්ස ගෙහං න පෙසෙස්සාමී”ති. එවං පුණ්ණසෙට්ඨිස්ස පටිබාහකභාවං ඤත්වා රාජගහසෙට්ඨි පුන සාසනං පෙසෙසි – “පොරාණකං විස්සාසං මා භින්දතු, අහං මය්හං සුණිසාය දෙවසිකං ද්වින්නං කහාපණානං අන්ධනකානි පුප්ඵානි සජ්ජාපෙස්සාමී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ධීතරං තස්ස ඝරං පෙසෙසි.
පසුකලෙක රජගහසිටුතෙමේ පුණ්ණසිටුගේ වියපත් දැරියක් ඇතැයි අසා තමන්ගේ පුතා වෙනුවෙන් (අසා) ඔහුගේ නිවසට (පණිවිඩ) යැවීය. හෙතෙම ඔහුගේ හසුන අසා ‘මම දියණිය නොදෙමැ’යි පිළිතුරුහසුනක් යැවීය. සුමන සිටුතෙමේ යළිදු ‘නුඹ මගේ ගෙය නිසා වැස දැන් එකවිටම ඉසුරෙක් වී මට දැරිය නොදෙහිදැයි හසුන් යැවීය. අනතුරුව පුණ්ණ සිටුතෙමේ, ‘නුඹලාගේ සිටුතුමා ස්වභාවයම කීවේය. පුද්ගලයා නම් හැමකල්හි මෙබඳුමයයි නොසැලකිය යුතුය. මම දැන් එබඳුවූ පුද්ගලයන් දාසයන් කොට ගැනීමට හැක්කෙමි. නුඹගේ ජාතිය හෝ ගෝත්‍රය හෝ නොයිවසන්නේ නොවෙමි. එතකුදුවුවක් මගේ දියණිය සෝවාන්වූ ආර්ය්යශ්රාවිකාවකි. දිනපතා කහවණුවක් අගනා මල්වලින් (බුදුන්) පුදයි. මම ඇය නුඹ වැනි මිසදිටුවකුගේ ගෙට නොයවන්නෙමි’යි පුණ්ණසිටුතෙමේ පිළිතුරු යැවීය. මෙසේ පුණ්ණක සිටු පිළිකෙව්කරන බව දැන රජගහසිටු තෙමේ යළිත්, පැරණි විශ්වාසය නොමඬීවා! මම මගේ ලේලියට දිනපතා කහවණු දෙකක මල් පිළියෙළ කරවන්නෙමි’යි හසුනක් යැවීය. හෙතෙම මැනවැයි පිළිගෙන දියණිය ඔහුගේ ගෙට යැවීය.
අථෙකදිවසං සා පුණ්ණසෙට්ඨිනො ධීතා උත්තරා අත්තනො සාමිකං එවමාහ – “අහං අත්තනො කුලගෙහෙ මාසස්ස අට්ඨ දිවසානි නිබද්ධං උපොසථකම්මං කරොමි, ඉදානිපි තුම්හෙසු සම්පටිච්ඡන්තෙසු උපොසථඞ්ගානි අධිට්ඨහෙය්ය”න්ති. සො “න සක්කා”ති තං න සම්පටිච්ඡි. සා තං සඤ්ඤාපෙතුං අසක්කොන්තී තුණ්හී අහොසි. පුන අන්තොවස්සෙ “උපොසථිකා භවිස්සාමී”ති තදාපි ඔකාසං කාරෙන්තී නෙව අලත්ථ. සා අන්තොවස්සෙ අඩ්ඪතියෙසු මාසෙසු අතික්කන්තෙසු අඩ්ඪමාසෙ අවසිට්ඨෙ මාතාපිතූනං සාසනං පෙසෙසි – “අහං තුම්හෙහි චාරකෙ පක්ඛිත්තා එත්තකෙ අද්ධානෙ එකදිවසම්පි උපොසථඞ්ගානි අධිට්ඨාතුං න ලභාමි, පඤ්චදස මෙ කහාපණසහස්සානි පෙසෙථා”ති. තෙ ධීතු සාසනං සුත්වා “කිංකාරණා”ති අපුච්ඡිත්වාව පහිණිංසු. උත්තරා තෙ කහාපණෙ ගණ්හිත්වා තස්මිං නගරෙ සිරිමා නාම ගණිකා අත්ථි, තං පක්කොසාපෙත්වා “අම්ම සිරිමෙ, අහං ඉමං අඩ්ඪමාසං උපොසථඞ්ගානි අධිට්ඨහිස්සාමි, ත්වං ඉමානි පඤ්චදස කහාපණසහස්සානි ගහෙත්වා ඉමං අඩ්ඪමාසං සෙට්ඨිපුත්තං පරිචරාහී”ති. සා “සාධු, අය්යෙ”ති සම්පටිච්ඡි. තතො පට්ඨාය සෙට්ඨිපුත්තො “අහං සිරිමාය සද්ධිං මොදිස්සාමී”ති උත්තරාය අඩ්ඪමාසං උපොසථකම්මං සම්පටිච්ඡි.
ඉක්බිති එක් දිනක් පුණ්ණ සිටුගේ දියණිය ඒ උත්තරාතොමෝ තම සැමියාට ‘මම තමන්ගේ කුලගෙහි මාසයට අට දිනක් නිබඳ පෙහෙවස් කම් කරමි. දැනුදු නුඹවහන්සේ පිළිගන්නා කල්හි උපොෂථාංගයන් අදිටන් කරන්නෙමි’යි කීවාය. හෙතෙම නොහැකැයි එය නොපිළිගත්තේය. ඕ තොමෝ ඔහුට අදහස් ගන්වන්නට නොහැකිවන්නී නිහඬ වූවාය. යළි ඇතුළුවස පෙහෙවස් රකින්නී වන්නෙමැයි සිතුවාය. එකල්හිද අවකාශ ලැබීමට තැත්කරන්නී නොලැබුවාය. ඕතොමෝ ඇතුළුවස මාස දෙකහමාරක් ඉක්මුණු කල්හි අඩමසක් ඉතිරිව තිබියදී මාපියන්ට, ‘ඔබලා විසින් මම සිරගෙයක බහනු ලැබුවෙමි. මෙපමණ කලකින් එක්දිනකුදු උපොෂථාංගයන් අදිටන් කිරීමට නොලබමි. මට කහවණු පසළොස් දහසක් එවනුමැනවැ’යි හසුනක් යැව්වාය. ඔවුහු දියණියගේ හසුන අසා කරුණ කිමෙක්දැයි නොවිමසාම (මුදල) යැවූහ. උත්තරා තොමෝ ඒ කහවණු රැගෙන එනුවරෙහි සිරිමා නම්වූ ගණිකාවක් ඇත. ඇය කැඳවා, ‘සිරිමාවනි, මම මේ අඩමස උපොෂථාංග අදිටන් කරමි. ඔබ මේ පසළොස් දහසක් කහවණු රැගෙන මේ අඩමස සිටුපුතුට සේවය කරව’යි කීවාය. ඇය, මැනවි ආර්‍ය්‍යාවනි’යි පිළිගත්තාය. එතැන්පටන් සිටුපුත් තෙමේ මම සිරිමාව සමඟ සතුටුවෙමැයි උත්තරාවට අඩමසක් පෙහෙවස් කම් කිරීමට අවසර දුන්නේය.
සා තෙන සම්පටිච්ඡිතභාවං ඤත්වා දිවසෙ දිවසෙ පාතොව දාසිගණපරිවුතා සත්ථු සහත්ථා ඛාදනීයභොජනීයං සංවිදහිත්වා සත්ථරි භත්තකිච්චං කත්වා විහාරං ගතෙ උපොසථඞ්ගානි අධිට්ඨාය පාසාදවරං ආරුය්හ අත්තනො සීලානි ආවජ්ජමානා නිසීදති. එවං අඩ්ඪමාසං වීතිනාමෙත්වා උපොසථං විස්සජ්ජනදිවසෙ පාතොව යාගුඛජ්ජකාදීනි සංවිදහන්තී විචරති. තස්මිං සමයෙ සෙට්ඨිපුත්තො සිරිමාය සද්ධිං උපරිපාසාදවරගතො ජාලවාතපානං විවරිත්වා අන්තරවත්ථුං ඔලොකෙන්තො අට්ඨාසි. උත්තරා, වාතපානච්ඡිද්දෙන උද්ධං ඔලොකෙසි. සෙට්ඨිපුත්තො උත්තරං ඔලොකෙත්වා “නෙරයිකජාතිකා වතායං එවංවිධං නාම සම්පත්තිං පහාය උක්ඛලිකමසිමක්ඛිතා හුත්වා නික්කාරණා දාසීනං අන්තරෙ විචරතී”ති සිතං අකාසි. උත්තරා, තස්ස පමාදභාවං ඤත්වා “අයං බාලො නාම අත්තනො සම්පත්ති සබ්බකාලං ථාවරාති සඤ්ඤී භවිස්සතී”ති සයම්පි සිතං අකාසි. තතො සිරිමා “අයං චෙටිකා මයි ඨිතාය එවං මම සාමිකෙන සද්ධිං සිතං කරොතී”ති කුපිතා වෙගෙන ඔතරි. උත්තරා, තස්සා ආගමනාකප්පෙනෙව “අයං බාලා අඩ්ඪමාසමත්තං ඉමස්මිං ගෙහෙ වසිත්වා මය්හමෙවෙතං ගෙහන්තිසඤ්ඤී ජාතා”ති ඤත්වා තඞ්ඛණඤ්ඤෙව මෙත්තාඣානං සමාපජ්ජිත්වා අට්ඨාසි. සිරිමාපි දාසීනං අන්තරෙන ආගන්ත්වා උළුඞ්කං ගහෙත්වා පූවපචනට්ඨානෙ පක්කුථිතතෙලස්ස පූරෙත්වා උත්තරාය මත්ථකෙ ආසිඤ්චි, මෙත්තාඣානස්ස විප්ඵාරෙන උත්තරාය මත්ථකෙ ආසිත්තං පක්කුථිතතෙලං පදුමපත්තෙ ආසිත්තඋදකං විය විනිවත්තිත්වා ගතං.
ඕතොමෝ ඔහුවිසින් පිළිගත් බව දැන දිනපතා උදයෙන්ම දාසි සමූහයා විසින් පිරිවරණ ලද්දී ශාස්තෘන්වහන්සේට සියතින් කෑයුතු බිඳියයුතු දේ සංවිධානය කොට ශාස්තෘන්වහන්සේ බත්කිස කොට විහාරයට වැඩි කල්හි උපොසථාංග අධිෂ්ඨානකොට පහයට නැගී තමන්ගේ සිල් සිහිපත්කරමින් හිඳියි. මෙසේ අඩමස ඉක්මවා පෙහෙවස අත්හරින දිනයෙහි උදෑසනම කැඳබත් ආදිය සංවිධානය කරමින් හැසිරෙයි. එකල්හි සිටුපුත් තෙමේ සිරිමා සමඟ පහයෙහි මතුමහලට නැඟුනේ දැල්වාකවුළු හැර වටපිටාව බලමින් සිටියේය. උත්තරාතොමෝ වාකවුළු සිදුරෙන් උඩ බැලුවාය. සිටුපුත්තෙමේ උත්තරාව දැක ‘මෝ ඒකාන්තයෙන්ම නිරාසතෙකි. මෙබඳු වූ සැපතක් අතහැර හැලිවළං දැලිවලින් වැකුනීම නිකරුණේ දැස්සන් අතුරෙහි හැසිරේ’යයි සිනහවක් පහළ කළේය. එකල්හි උත්තරා තොමෝ ඔහුගේ (කුසල් දහම්හි) ප්‍රමාදබව දැන මේ මෝඩ පුරුෂයා මේ තම සැපත් හැම කල්හි ස්ථාවරයයි හැඟීම් ඇත්තේ වේයයි තොමෝත් සිනහවක් පෑවාය. ඉක්බිති සිරිමා මේ මෙහෙකාරිය මා සිටියදී මගේ සැමියා සමඟ සිනහසේයයි කිපියා වේගයෙන් (පහයෙන්) බැස්සාය. උත්තරාතොමෝ ඇයගේ එන අයුරින්ම ‘මේ මෝඩිය අඩමසක් පමණ මේගෙහි වැස මේ ගෙය මගේමයයි හැඟීම් ඇත්තීයයි දැන එකෙණෙහිම මෛත්‍රීධ්‍යානයට සමවැද සිටියාය. සිරිමාත් දැස්සන් අතුරින් අවුත් හැන්ද ගෙන කැවුම් පිසින තන්හි පැසෙමින් තිබූ තෙලින් පුරවා උත්තරාවගේ හිසමත වත් කළාය. මෛත්රීධ්යානයාගේ පැතිරීමෙන් උත්තරාවගේ හිසමත වත්කළ කකාළතෙල පියුම් පතක වැටුණු දියත්තක් මෙන් ඉවතට පෙරළී ගියේය.
තස්මිං ඛණෙ සිරිමාය සමීපෙ ඨිතා දාසියො තං ඔලොකෙත්වා, “භො ජෙ, ත්වං අම්හාකං අය්යාය හත්ථතො මූලං ගහෙත්වා ආගතා ඉමස්මිං ගෙහෙ වසමානා අම්හාකං අය්යාය සදිසා භවිතුං වායමසී”ති සම්මුඛට්ඨානෙ තං පරිභාසිංසු. තස්මිං ඛණෙ සිරිමා අත්තනො ආගන්තුකභාවං අඤ්ඤාසි. සා තතොව ගන්ත්වා උත්තරාය පාදෙසු පතිත්වා, “අය්යෙ, අනුපධාරෙත්වා මෙ කතං, ඛමථ මය්හ”න්ති ආහ. අම්ම සිරිමෙ, නාහං තව ඉමස්මිං ඨානෙ ඛමිස්සාමි, අහං සපිතිකා ධීතා, දසබලෙ ඛමන්තෙයෙව ඛමිස්සාමීති.
එකෙණෙහි අසළ සිටි දැස්සෝ ඇය බලා එම්බල හැතිරිය, තෝ අපගේ ආර්ය්යාවගේ අතින් මුදල් ගෙන ආවා, මේ ගෙහි වෙසෙමින් අපගේ ආර්ය්යවට සමානවීමට වෑයම් කරහිදැයි හමුවූ හමුවූ තැනින් නැඟී අපහාස කළහ. එකෙණෙහි සිරිමා තමන්ගේ ආගන්තුක බව දැනගත්තාය. ඕ එයින්ම ගොස් උත්තරාවගේ දෙපතුල වැටී, ආර්‍ය්‍යාවනි, නොසලකා මා විසින් කරනලදී. මට ක්ෂා වුව මැනවි’යි කීවාය. ‘සිරිමාවනි, මම මෙතැන්හි එබට ක්ෂමා නොකරමි. මම පියකු ඇති දියණියක්මි. භාග්‍යවතුන්වහන්සේ ක්ෂමා කළ කල්හිම ක්ෂමා කරන්නෙමි’යි කීවාය.
සත්ථාපි ඛො භික්ඛුසඞ්ඝපරිවාරො ආගන්ත්වා උත්තරාය නිවෙසනෙ පඤ්ඤත්තාසනෙ නිසීදි. සිරිමා ගන්ත්වා සත්ථු පාදෙසු පතිත්වා, “භන්තෙ, මයා අය්යාය උත්තරාය අන්තරෙ එකො දොසො කතො, තුම්හෙසු ඛමන්තෙසු ඛමිස්සාමීති වදති, ඛමථ මය්හං භගවා”ති. ඛමාමි තෙ සිරිමෙති. සා තස්මිං කාලෙ ගන්ත්වා උත්තරං ඛමාපෙසි. තංදිවසඤ්ච සිරිමා දසබලස්ස භත්තානුමොදනං සුත්වා –
බික්සඟන පිරිවර කොට ඇති ශාස්තෘන්වහන්සේද වැඩමවා උත්තරාවගේ නිවසෙහි පනවනලද අසුන්හි වැඩහුන්සේක. සිරිමා ගොස් ශාස්තෘන්වහන්සේගේ දෙපතුළ ළඟ වැටී, ‘ස්වාමීනී, මවිසින් උත්තරා ආර්‍ය්‍යාව කෙරෙහි එක් දෙසක් කළෙමි. ඔබවහන්සේ ක්ෂමා කරන කල්හි ක්ෂමා කරන්නෙමැයි කියයි. භාග්‍යවතුන්වහන්සේ මට ක්ෂමා කරනසේක්වායි කීවාය. ‘සිරිමා, ඔබට ක්ෂමාකරමි’යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. ඕතොමෝ එකල්හි ගොස් උත්තරාව ක්ෂමා කරවූවාය. සිරිමා ඒ දිනයෙහි භාග්‍යවතුන්වහන්සේගේ භූත්තානුමෝදනාව අසා -
“අක්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ; ජිනෙ කදරියං දානෙන, සච්චෙනාලිකවාදින”න්ති. (ධ· ප· 223) –
‘අක්රොධයෙන්ම ක්‍රොධය දිනන්නේය. අයහපත යහපතින් දිනන්නේය., ලෝභය දානයෙන් දිනන්නේය. බොරුකියන්නා සත්‍යයෙන් දිනන්නේය.’
ගාථාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨිතා දසබලං නිමන්තෙත්වා පුනදිවසෙ මහාදානං අදාසි. එවමෙතං වත්ථු සමුට්ඨිතං. අපරභාගෙ පන සත්ථා ජෙතවනෙ නිසීදිත්වා උපාසිකායො ඨානන්තරෙසු ඨපෙන්තො උත්තරං නන්දමාතරං ඣායීනං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ගාථාවගේ කෙළවර සෝවාන් පෙලෙහි පිහිටියාය. ඕ භාග්‍යවතුන්වහන්සේට නිමන්ත්‍රණය කොට දෙවැනි දිනයෙහි මහාදානයක් දුන්නාය. මේ කථාවස්තුව මෙසේ නැඟීසිටියේය. මෑතභාගයෙහි ශාස්තෘන් වහන්සේ දෙව්රමෙහි වැඩහිඳ උවැසියන් තනතුරුවල පිහිටුවමින් උත්තරා නන්දමාතාව ධ්‍යානී උවැසියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.