යෙදුමෙන් කියවන්න

සුප‍්පවාසාවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සුප‍්පවාසාවත්‍ථු

සුප්පවාසා කොලියධිතා

ඡට‍්ඨෙ පණීතදායිකානන‍්ති පණීතරසදායිකානං උපාසිකානං, සුප‍්පවාසා කොලියධීතා, අග‍්ගාති දස‍්සෙති. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තා සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තී සත්‍ථාරං එකං උපාසිකං පණීතදායිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොලියනගරෙ ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්ති, සුප‍්පවාසාතිස‍්සා නාමං අකංසු. සා වයප‍්පත‍්තා එකස‍්ස සක්‍යකුමාරස‍්ස ගෙහං ගතා, පඨමදස‍්සනෙයෙව සත්‍ථු ධම‍්මකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සා අපරභාගෙ සීවලිං නාම දාරකං විජායි. තස‍්ස වත්‍ථු හෙට‍්ඨා විත්‍ථාරිතමෙව.

සයවැන්නෙහි පණීතදායිකානං යන්නෙන් මිහිරිරස දෙන උවැසියන් අතුරින් සුප්පවාසා කොලිය දියණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් උවැසියක මිහිරිරස දෙන්නියන් අතුරින් අග තන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කොලිය නුවරෙහි ක්‍ෂත්‍රිය කුලගෙයක උපන්නාය. ඇයට සුප්පවාසයි නම් කළාහුය. වියපත්වූ ඕ එක් ශාක්‍යකුමරුවකුගේ ගෙට ගියා පළමුදැක්මෙන්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා සෝවාන් පෙලෙහි පිහිටියාය. ඒ මෑත කාලයෙහි සීවලී නමු වූ දරුවෙකු බිහි කළාය. ඔහුගේ කථාවස්තුව යට විස්තරකරන ලද්දේමය.

සා එකස‍්මිං සමයෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නානග‍්ගරසපණීතභොජනං අදාසි. සත්‍ථා කතභත‍්තකිච‍්චො අනුමොදනං කරොන‍්තො සුප‍්පවාසාය ඉමං ධම‍්මං දෙසෙසි “භොජනං සුප‍්පවාසෙ දෙන‍්තී අරියසාවිකා පටිග‍්ගාහකානං පඤ‍්ච ඨානානි දෙති. ආයුං දෙති, වණ‍්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභානං දෙති. ආයුං ඛො පන දත්‍වා ආයුස‍්ස භාගිනී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා…පෙ… පටිභානං දත්‍වා පටිභානස‍්ස භාගිනී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා”ති. එවමෙතං වත්‍ථු සමුට‍්ඨිතං. අථ අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ නිසීදිත්‍වා උපාසිකායො ඨානන‍්තරෙසු ඨපෙන‍්තො සුප‍්පවාසං කොලියධීතරං පණීතදායිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෝතොමෝ එක් කලෙක බුදුපාමොක් බික් සඟනට නොයෙක් අග්‍රරසයෙන් යුත් ප්‍රණීත භෝජනයක් දුන්නාය. ශාස්තෘන් වහන්සේ කරනලද බත්කිද ඇති සේක් අනුමෝදනාව කරමින් සුප්පවාසාවට මේ ධර්‍මදේශනය කළසේක: ‘සුප්පවාසාවනි, බොජුන් දෙන ආර්යශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයන්ට කරුණු පසක් දෙයි: ආයුෂ දෙයි. වර්ණය දෙයි. සැපය දෙයි. බලය දෙයි. ප්‍රතිභාණය දෙයි. ආයුෂ දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ආයුෂයට කොටස් කාරියක්වෙයි. -පෙ- ප්‍රතිභාණය දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ප්‍රතිභාණයට කොටස්කාරියක් වෙයි.’ යනුවෙනි. මේ කථාවස්තුව මෙසේ නැඟීසිටියේයි. ඉක්බිති පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහිඳ උවැසියන් තනතුරුවල තබනසේක් සුප්පවාසා කොලිය දියණිය මිහිරිරසවත් බොජුන් දෙන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.

සුප‍්පියාවත්‍ථු

සුප්පියා

සත‍්තමෙ ගිලානුපට‍්ඨාකීනන‍්ති ගිලානුපට‍්ඨාකීනං උපාසිකානං, සුප‍්පියා උපාසිකා, අග‍්ගාති දස‍්සෙති. අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තා අපරභාගෙ සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තී සත්‍ථාරං එකං උපාසිකං ගිලානුපට‍්ඨාකීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්ති, සුප‍්පියාතිස‍්සා නාමං අකංසු. අපරභාගෙ සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝපරිවාරො බාරාණසිං අගමාසි. සා තථාගතස‍්ස පඨමදස‍්සනෙයෙව ධම‍්මං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

සත්වැන්නෙහි ගිලානුපට්ඨාකීනං යන්නෙන් ගිලනුන්ට උවටැන් කරන උවැසියන් අතුරින් සුප්පියා උපාසිකාව අග්‍රයයි දැක්වෙයි. මෝ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් උවැසියක ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි බරණැස කුලගෙයක උපන්නීය. ඇයට සුප්පියායි නම් කළාහුය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරකොට ඇතිසේක් බරණැසට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේගේ පළමු දැක්මෙන් දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියාය.

අථෙකදිවසං ධම‍්මස‍්සවනත්‍ථාය විහාරං ගතා. විහාරචාරිකං චරමානා එකං භික‍්ඛුං ගිලානං දිස‍්වා අභිවාදෙත්‍වා පටිසන්‍ථාරං කත්‍වා “අය්‍යස‍්ස කිං ලද‍්ධුං වට‍්ටතී”ති පුච‍්ඡි. රසං ලද‍්ධුං වට‍්ටති, උපාසිකෙති. “හොතු, භන‍්තෙ, අහං පහිණිස‍්සාමී”ති ථෙරං අභිවාදෙත්‍වා අන‍්තොනගරං ගන‍්ත්‍වා පුනදිවසෙ පවත‍්තමංසත්‍ථාය දාසිං අන‍්තරාපණං පෙසෙසි. සා සකලනගරෙ පවත‍්තමංසං අලභිත්‍වා අලද‍්ධභාවං කථෙසි. උපාසිකා චින‍්තෙසි – “අහං අය්‍යස‍්ස රසං පහිණිස‍්සාමීති වත්‍වා සචෙ න පෙසෙස‍්සාමි, අය්‍යො අඤ‍්ඤතොපි අලභන‍්තො කිලමිස‍්සති, යංකිඤ‍්චි කත්‍වා පෙසෙතුං වට‍්ටතී”ති ගබ‍්භං පවිසිත්‍වා ඌරුමංසං ඡින්‍දිත්‍වා දාසියා අදාසි “ඉදං මංසං ගහෙත්‍වා සම‍්භාරෙහි යොජෙත්‍වා රසං කත්‍වා විහාරං නෙත්‍වා අය්‍යස‍්ස දෙහි. සො චෙ මං පුච‍්ඡති, ගිලානාති වදෙහී”ති. සා තථා අකාසි.

ඉක්බිති එක්දිනක් දහම් ඇසීම සඳහා විහාරයට ගියා විහාර චාරිකාවෙහි හැසිරෙන්නී එක් ගිලන් (භික්‍ෂුවක) දැක වැඳ පිළිසඳර කොට ආර්‍ය්‍යයන්වහන්සේට කුමක් ලැබීමට වටීදැයි ඇසුවාය. උවැසියනි, රසයක් ලැබීමට වටීයයි එම භික්‍ෂුව කීවේය. ‘වේවා! ස්වාමීනි, මම එවන්නෙමැ’යි තෙරුන් වැඳ ඇතුළුනුවරට ගොස් දෙවැනි දිනයෙහි අමුමස් (මාළු) සඳහා දැස්සක වෙළඳ පොළට යැව්වාය. ඕ තොමෝ මුළු නගරයෙහිම අමුමස් නොලැබ නොලදබව කීවාය. උවැසිය, ‘මම ආර්‍ය්‍යයන්වහන්සේට රසය එවන්නෙමැයි කියා ඉදින් නොයවන්නේ නම් ආර්‍ය්‍යයන්වහන්සේ අන්තැනකින්ද නොලබන්නෝ වෙහෙස වෙති. යම් කිසිවක් කොට යැවීමට වටීයයි සිතා ගෘහගර්‍භයට පිවිස කළවාමස් සිඳ මේ මස් ගෙන දුරුවර්‍ගයොදා රසයක් කොට විහාරයට යවා ආර්‍ය්‍යයන්වහන්සේට දෙව. උන්වහන්සේ ඉදින් මා විමසත් නම් මා ගිලන්යයි පිළිතුරු දෙවයි පවසා දාසියට දුන්නාය. ඕතොමෝ එසේ කළාය.

සත්‍ථා තං කාරණං ඤත්‍වා පුනදිවසෙ භික‍්ඛාචාරවෙලාය භික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපාසිකාය ගෙහං අගමාසි. සා තථාගතස‍්ස ආගතභාවං සුත්‍වා සාමිකං ආමන‍්තෙසි – “අය්‍යපුත‍්ත, අහං සත්‍ථු සන‍්තිකං ගන‍්තුං න සක‍්කොමි, ගච‍්ඡ ත්‍වං සත්‍ථාරං අන‍්තොගෙහං පවෙසෙත්‍වා නිසීදාපෙහී”ති. සො තථා අකාසි. සත්‍ථා “කහං සුප‍්පියා”ති පුච‍්ඡි. ගිලානා, භන‍්තෙති. පක‍්කොසථ, නන‍්ති. අථ තෙ ගන‍්ත්‍වා “සත්‍ථා තං පක‍්කොසතී”ති ආහංසු. සා චින‍්තෙසි – “සබ‍්බලොකස‍්ස හිතානුකම‍්පකො සත්‍ථා න ඉමං කාරණං අදිස‍්වා පක‍්කොසාපෙස‍්සතී”ති සහසා මඤ‍්චම‍්හා වුට‍්ඨාසි. අථස‍්සා බුද‍්ධානුභාවෙන තංඛණංයෙව වණො රුහිත්‍වා සුච‍්ඡවි අහොසි සෙසට‍්ඨානතො අතිරෙකතරං විප‍්පසන‍්නවණ‍්ණො. තස‍්මිං ඛණෙ උපාසිකා සිතං කත්‍වා දසබලං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා “ඉමිස‍්සා උපාසිකාය කිං අඵාසුක”න‍්ති පුච‍්ඡි. සා අත‍්තනා කතකාරණං සබ‍්බං කථෙසි. සත්‍ථා කතභත‍්තකිච‍්චො විහාරං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා තං භික‍්ඛුං අනෙකපරියායෙන විගරහිත්‍වා සික‍්ඛාපදං (මහාව· 280) පඤ‍්ඤපෙසි. එවමෙතං වත්‍ථු සමුට‍්ඨිතං. අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ නිසින‍්නො උපාසිකායො ඨානන‍්තරෙසු ඨපෙන‍්තො සුප‍්පියං උපාසිකං ගිලානුපට‍්ඨාකීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ශාස්තෘන්වහන්සේ එම කරුණ දැන දෙවැනි දිනයෙහි පිඬුහැසිරෙන වේලෙහි බික්සඟන විසින් පිරිවරණලද සේක් උවැසියගේ ගෙට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේ වැඩි බව අසා, ‘ආර්‍ය්‍යපුත්‍රය, මම ශාස්තෘන් සමීපයට යාමට නොහැක්කෙමි. ඔබ ශාස්තෘන්වහන්සේ ඇතුළුගෙට පිවිසුවා වඩා හිඳුවන්න’යි සැමියා ඇමතුවාය. හෙතෙම එසේ කළේය. ශාස්තෘන්වහන්සේ, ‘සුප්පියා කොහිදැ,යි විමසූසේක. ‘ස්වාමීනි. ගිලන්ය’යි කීවේය. ‘ඇය කැඳවන්න.’ ඉක්බිති ඔවුහු. ‘ශාස්තෘන්වහන්සේ ඔබ කැඳවනසේකැයි කීවාහුය. ඕතොමෝ, සියලු ලෝකයාට හිතානුකම්පා ඇති ශාස්තෘන්වහන්සේ මෙකරුණ නොදැක නොකැඳවනසේකැ’යි සිතුවාය. (එසේ සිතා) ඉක්මණින් ඇඳෙන් නැඟිට්ටාය. ඉක්බිති බුද්ධානුභාවයෙන් ඇයගේ තුවාලය එකෙණෙහිම මස් වැඩී සම ඇත්තේ විය. සෙසු තැන්වලට වඩා පැහැපත් වූයේ විය. එකෙණෙහි උවැසිය සිනහවක් පහළකොට භාග්‍යවතුන්වහන්සේ පසඟ පිහිටුවීමෙන් වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ මේ උවැසියගේ අපහසුව කුමකුදැයි ඇසූසේක. ඕතොමෝ තමාවිසින් කරනලද සියලු කරුණු පැවසුවාය. ශාස්තෘන්වහන්සේ කරනලද බත්කිස ඇතිසේක් විහාරයට වැඩමවා බික්සඟන රැස්කරවා ඒ භික්‍ෂුවට නොයෙක් අයුරින් නින්දාකොට ශික්‍ෂාපදයක් පැනවූසේක. මේ කථා වස්තුව මෙසේ හටගත්තේයි. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහුන්සේක් උවැසියන් තනතුරුවල තබමින් සුප්පියා උවැසිය ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.

කාතියානීවත්‍ථු

කාතියානි

අට‍්ඨමෙ අවෙච‍්චප‍්පසන‍්නානන‍්ති අධිගතෙන අචලප‍්පසාදෙන සමන‍්නාගතානං උපාසිකානං, කාතියානී, අග‍්ගාති දස‍්සෙති. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තා සත්‍ථාරං එකං උපාසිකං අවෙච‍්චප‍්පසන‍්නානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුරරඝරනගරෙ නිබ‍්බත‍්ති, කාතියානීතිස‍්සා නාමං අකංසු.

අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යනු ලබනලද නොසැලෙන පැහැදීමෙන් යුක්තවූ උවැසියන් අතුරින් කාතියානි උවැසිය අග්‍රයයි දැක්වෙයි. ඕ වනාහි පියුමුතුරා බුදුන්කල්හි හංසවතියෙහි කුලගෙයක උපන්නී එක් උවැසියක නොසැලෙන පැහැදීම් ඇත්තියන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි කුරරඝර නුවරෙහි උපන්නාය. ඇයට කාතියානියයි නම් කළාහුය.

සා අපරභාගෙ වයප‍්පත‍්තා කුරරඝරිකාය, කාළියා සහායිකා, දළ‍්හමිත‍්තා අහොසි. යදා පන කුටිකණ‍්ණසොණත්‍ථෙරො “දසබලස‍්ස කථිතනියාමෙන මය‍්හම‍්පි ධම‍්මං කථෙහී”ති මාතරා යාචිතො රත‍්තිභාගෙ අන‍්තොනගරෙ අලඞ‍්කතධම‍්මාසනෙ නිසීදිත්‍වා මාතරං කායසක‍්ඛිං කත්‍වා ධම‍්මදෙසනං ආරභි, තදා අයං කාතියානී උපාසිකා කාළියා සද‍්ධිං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ධම‍්මං සුණන‍්තී අට‍්ඨාසි. තස‍්මිං සමයෙ පඤ‍්චමත‍්තානි චොරසතානි අන‍්තොනගරෙ දිවා කතසඤ‍්ඤාය කොටිතො පට‍්ඨාය උම‍්මඞ‍්ගං ඛනිත්‍වා ඉමිස‍්සා කාතියානියා ඝරං සම‍්පාපුණිංසු. තෙසං චොරජෙට‍්ඨකො තෙහි සද‍්ධිං අපවිසිත්‍වා “කිං නු ඛො අයං පරිසා සන‍්නිපතිතා”ති වීමංසනත්‍ථාය සොණත්‍ථෙරස‍්ස ධම‍්මකථනට‍්ඨානං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ තිට‍්ඨමානො ඉමිස‍්සා කාතියානියා පිට‍්ඨිපස‍්සෙ අට‍්ඨාසි.

මෑතකාලයෙහි වියපත්වූවා කුරරඝරික කාලිය සමඟ යහළුවූවා දැඩි මිතුරියක්වූවාය. යම් දිනක කුටිකණ්ණ තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට කියනලද අයුරින්ම මටද ධර්‍මය දෙසනු මැනවැයි මව විසින් අයදිනලද්දාහු රාත්‍රිකාලයෙහි ඇතුළුනුවරෙහි සරසනලද ධර්‍මාසනයෙහි හිඳ මව කායසක්‍ෂ්‍ය කොට ධර්‍මදේශනය අරඹූසේක්ද, එකල්හි මේ කාතියානි උවැසිය කාලි සමඟ ගොස් සිහි එළවා දහම් අසමින් සිටියාය. එකල්හි සොරු නවසියයක් පමණ ඇතුළ් නුවරෙහි දහවලෙහි කරන ලද සංඥාවෙන් කෙළවරෙහි පටන් උමගක් කැණ මේ කාතියානියගේ ගෙට පැමිණියහ. ඔවුන්ගේ සොර දෙටුවා එවුන් සමඟ නොපිවිස කුමක් නිසා මේ පිරිස රැස් වීදැයි විමසනු සඳහා සොණ තෙරුන්ගේ ධර්‍මදේශනා ස්ථානයට ගොස් පිරිස් කෙළවර සිටිමින් මේ කාතියානියගේ පිටු පසෙහි සිටියේය.

තස‍්මිං සමයෙ, කාතියානී, දාසිං ආමන‍්තෙසි – “ගච‍්ඡ ජෙ, ගෙහං පවිසිත්‍වා දීපතෙලං ආහර, මයං දීපෙ ජාලෙත්‍වා ධම‍්මං සොස‍්සාමා”ති. සා ඝරං ගන‍්ත්‍වා උම‍්මඞ‍්ගෙ චොරෙ දිස‍්වා දීපතෙලං අගණ‍්හිත්‍වාව ආගන‍්ත්‍වා අත‍්තනො අය්‍යාය ආරොචෙසි – “අය්‍යෙ, ගෙහෙ චොරා උම‍්මඞ‍්ගං ඛනන‍්තී”ති. තං සුත්‍වා චොරජෙට‍්ඨකො චින‍්තෙසි – “සචායං ඉමිස‍්සා කථං ගණ‍්හිත්‍වා ගෙහං ගමිස‍්සති, එත්‍ථෙව නං අසිනා ද‍්වෙධා ඡින්‍දිස‍්සාමි. සචෙ පන ගහිතනිමිත‍්තෙනෙව ධම‍්මං සුණිස‍්සති, චොරෙහි ගහිතභණ‍්ඩකම‍්පි පුන දාපෙස‍්සාමී”ති. කාතියානීපි ඛො දාසියා කථං සුත්‍වා, “අම‍්ම, මා සද‍්දං කරි, චොරා නාම හරන‍්තා අත‍්තනා දිට‍්ඨමෙව හරිස‍්සන‍්ති, අහං පන අජ‍්ජ දුල‍්ලභස‍්සවනං සුණාමි, මා ධම‍්මස‍්ස අන‍්තරායං කරොහී”ති ආහ. චොරජෙට‍්ඨකො තස‍්සා වචනං සුත්‍වා චින‍්තෙසි – “ඉමිනා අජ‍්ඣාසයෙන ඨිතාය නාම ගෙහෙ භණ‍්ඩං හරන‍්තෙහි අම‍්හෙහි මහාපථවී පවිසිතබ‍්බා භවෙය්‍යා”ති. සො තාවදෙව ගන‍්ත්‍වා චොරෙහි ගහිතභණ‍්ඩං ඡඩ‍්ඩාපෙත්‍වා චොරෙහි සද‍්ධිං ආගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො පරිසපරියන‍්තෙ අට‍්ඨාසි. කාතියානීපි උපාසිකා ථෙරස‍්ස දෙසනාපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

එකෙණෙහි කාතියානි දැස්ස ඇමතුවාය: ‘එම්බල ගෙට ගොස් පහන්තෙල් ගෙනෙව, අපිද පහන් දල්වන්නෙමු. යෙහෙළි කාලියගේ පින්කමෙහි භාගයක් ගන්නෙමැ’යි කීවාය. ඕ ගෙට ගොස් උපගෙහි සොරුන්දැක පහන් තෙල් නොගෙනම තමන්ගේ ස්වාමී දියණියට, ආර්‍ය්‍යාවනි ගෙහි සොරු උමගක් කණිතියි කීවාය. සොරදෙටුවා, ඉදින් මෝ මැයගේ කථාව පිළිගෙන ගෙටයන්නීද මෙහිම ඇය කඩුවෙන් දෙකඩ කොට සිඳින්නෙමි. ඉදින් ගත් නිමිත්තෙන්ම ධර්‍මය අසන්නීද සොරුන් ගත් බඩුද යළිදෙන්නෙමැ’යි සිතුවේය. කාතියානීද දාසියගේ ශබ්දය අසා, ‘දරුව ශබ්ද නොකරව. සොරුනම් ගන්නාහු අප දුටු දෙයම ගෙනයති. මම අද දුලබ වදනක් අසමි. දහමට බාධාවක් නොකරව’යි කීවාය. සොරදෙටුවා ඇයගේ වචනය අසා, ‘මේ අදහසින් සිටින තැනැත්තියගේ ගෙහි බඩු සොරාගන්නා අපි මහපොළෙවට පිවිස යුතු (වැළලිය යුතු) වන්නමෝ වෙමුයි සිතුවේය. හෙතෙම එකෙණෙහිම ගොස් සොරුන් පැහැරගත් බඩු ඉවත දමා සොරුන් සමඟ අවුත් දහම් අසමින් පිරිස කෙළෙවරෙහි සිටියේය. කාතියානි උවැසියද තෙරුන්ගේ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටියාය.

අථ අරුණෙ උග‍්ගතෙ චොරජෙට‍්ඨකො ගන‍්ත්‍වා උපාසිකාය පාදෙසු පතිත්‍වා, “අය්‍යෙ, සබ‍්බෙසංයෙව නො ඛමාහී”ති ආහ. කිං පන තුම‍්හෙහි මය‍්හං කතන‍්ති? සො සබ‍්බං අත‍්තනා කතදොසං ආරොචෙසි. තෙන හි, තාතා, ඛමාමි තුම‍්හාකන‍්ති. අය්‍යෙ, අම‍්හාකං එවං ඛමිතං නාම න හොති, තුම‍්හාකං පන පුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ සබ‍්බෙසංයෙව නො පබ‍්බජ‍්ජං දාපෙහීති. සා සබ‍්බෙපි තෙ ගහෙත්‍වා කුටිකණ‍්ණසොණත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බාජෙසි. තෙපි ඛො චොරා ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතා සබ‍්බෙව අරහත‍්තං පාපුණිංසු. එවමෙතං වත්‍ථු සමුට‍්ඨිතං. අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උපාසිකායො ඨානන‍්තරෙසු ඨපෙන‍්තො කාතියානිං උපාසිකං අවෙච‍්චප‍්පසන‍්නානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඉක්බිති අරුණ නැඟුණු කල්හි සොරදෙටුවා ගොස් උවැසියගේ දෙපාලඟ වැටී ‘ආර්‍ය්‍යාවනි, අප හැම දෙනාටම ක්‍ෂමා කරනු මැනවැ’යි කීවේය. ‘නුඹලා විසින් මට කුමක් කරන ලද්දේද? හෙතෙම තමන් විසින් කරනලද සියලු දොෂය සැළකළේය. ‘එසේනම් දරුවනි නුඹලාට ක්‍ෂමා කරමැ’යි ඕ කීවාය. ‘ආර්‍ය්‍යාවනි, අපට මෙසේ ක්‍ෂමා කරනලද්දේ නම් නොවෙයි. නුඹගේ පුත්තෙරණුව් සමීපයෙහි අප සියල්ලන්ටම පැවිද්ද ලබා දෙනුමැනවැ’යි සොර දෙටුවා කීවේය. ඒ සොරුද තෙරුන් සමීපයෙහි පැවිදිවූවාහු සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. මෙසේ මේ කථාවස්තුව උපන්නේය. ඉක්බිති මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේ දෙව්රමෙහි වැඩසිටිනසේක් උවැසියන් තනතුරුවල තබමින් කාතියානි උවැසිය නොසැලෙන පැහැදීම් ඇත්තියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

නකුලමාතාවත්‍ථු

නකුලමාතා

නවමෙ විස‍්සාසිකානන‍්ති විස‍්සාසකථං කථෙන‍්තීනං උපාසිකානං, නකුලමාතා ගහපතානී, අග‍්ගාති දස‍්සෙති. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං, තං සබ‍්බං හෙට‍්ඨා උපාසකපාළියං වුත‍්තමෙව. කෙවලං ඉධ නකුලමාතරං ධුරං කත්‍වා වෙදිතබ‍්බන‍්ති.

නවවැන්නෙහි විස්සාසිකානං යන්නෙන් නිසැක කථා කියන උවැසියන් අතුරින් නකුලමාතා ගෘහපතිනිය අග්‍රයයි දැක්වෙයි. මෙහි කිවයුතු යමක් වේද ඒ සියල්ල යට උපාසක පාලියෙහි කියනලද්දේමය. හුදෙක් මෙහි නකුලමාතාව ප්‍රධානකොට දතයුතුය.

කාළීකුරරඝරිකාවත්‍ථු

කාළි කුරරඝරිකා

දසමෙ අනුස‍්සවප‍්පසන‍්නානන‍්ති අනුස‍්සවෙනෙව උප‍්පන‍්නෙන පසාදෙන සමන‍්නාගතානං උපාසිකානං අන‍්තරෙ, කාළී උපාසිකා, කුරරඝරිකා අග‍්ගාති දස‍්සෙති. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුරරඝරනගරෙ නිබ‍්බත‍්තා සත්‍ථු ධම‍්මකථං සුණන‍්තී සත්‍ථාරං එකං උපාසිකං අනුස‍්සවප‍්පසන‍්නානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්ති, කාළීතිස‍්සා නාමං අකංසු.

දසවැන්නෙහි අනුස්සවප්පසන්නානං යන්නේන් ඇසීමෙන් උපන් පැහැදීමෙන් යුත් උවැසියන් අතුරින් කාළි කුරරඝරිකා උවැසිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නා ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් උවැසිය ඇසීමෙන් පැහැදුනවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර කුලගෙයක උපන්නාය. ඇයට කාළීයයි නම් කළාහුය.

සා වයප‍්පත‍්තා කුරරඝරනගරෙ කුලගෙහං ගතා. අථස‍්සා සංවාසෙන ගබ‍්භො පතිට‍්ඨහි. සා පරිපුණ‍්ණගබ‍්භා “පරෙසං ගෙහෙ ගබ‍්භවුට‍්ඨානං නාම අප‍්පතිරූප”න‍්ති අත‍්තනො කුලනගරමෙව ආගන‍්ත්‍වා රත‍්තිභාගසමනන‍්තරෙ අත‍්තනො පාසාදස‍්ස උපරි ආකාසෙ ඨිතානං සාතාගිරහෙමවතානං රතනත‍්තයස‍්ස වණ‍්ණං කථෙන‍්තානං කථං සුත්‍වා අනුස‍්සවිකප‍්පසාදං උප‍්පාදෙත්‍වා සත්‍ථු අදස‍්සනෙනෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, අපරභාගෙ පනස‍්සා ගබ‍්භවුට‍්ඨානං අහොසීති සබ‍්බං වත්‍ථු හෙට‍්ඨා විත්‍ථාරිතමෙව. අපරභාගෙ පන සත්‍ථා ජෙතවනෙ භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිත්‍වා උපාසිකායො ඨානන‍්තරෙසු ඨපෙන‍්තො ඉමං උපාසිකං අනුස‍්සවප‍්පසන‍්නානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

වියපත්වූ ඕ කුරරඝර නුවරෙහි කුලගෙයකට ගියාය. ඉක්බිති ඇයට සංවාසයෙන් ගැබක් පිහිටියේය. පිරිපුන් ගැබ ඇත්තී අනුන්නගේ ගෙයක දරුවකු බිහිකිරීමට නම් නුසුදුසුයයි (සිතා) තමන්ගේ කුලනගරයටම අවුත් රාත්‍රිකාලයෙහි තමන්ගේ පහය මත්තෙහි අහසෙහි සිට රත්නත්‍රය වර්‍ණනාව කරන්නා වූ සාතාගිරහේමවත දෙදෙනාගේ කථාව අසා ඇසීමෙන් පැහැදීම ඇතිකොට ගෙන ශාස්තෘන්වහන්සේ නොදැකීමෙන්ම සෝවාන් පෙලෙහි පිහිටියාය. මෑත කාලයෙහි ඇයගේ දරුඋපත විය. සියලු කථාවස්තුව යට විස්තර කරන ලද්දේමය. මෑතකාලයෙහි ශාසතෘන්වහන්සේ දෙව්රම්හි බික්සඟන මැද වැඩහුන්සේක් උවැසියන් තනතුරුවල තබමින් මේ උවැසිය ඇසීමෙන් පැහැදුනවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

දසසුත‍්තපරිමාණාය උපාසිකාපාළියා වණ‍්ණනා නිට‍්ඨිතා.

උපාසිකා පාළිවර්‍ණනාව නිමියේයි.

එත‍්තාවතා ච මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය සබ‍්බාපි එතදග‍්ගපාළිවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙපමණකින් මනොරථපූරණි අංගුත්තරනිකායට්ඨකථාවෙහි සියලුම එතදග්ග පාළිවර්‍ණනාව නිමියේයි.