අට්ඨානපාළි අට්ඨකථා
අට්ඨානපාළි
අට්ඨාන පාළිය
අට්ඨානපාළි-පඨමවග්ගවණ්ණනා
අට්ඨානපාළියා අට්ඨානන්ති හෙතුපටික්ඛෙපො. අනවකාසොති පච්චයපටික්ඛෙපො. උභයෙනාපි කාරණමෙව පටික්ඛිපති. කාරණඤ්හි තදායත්තවුත්තිතාය අත්තනො ඵලස්ස ඨානන්ති ච අවකාසොති ච වුච්චති. යන්ති යෙන කාරණෙන. දිට්ඨිසම්පන්නොති මග්ගදිට්ඨියා සම්පන්නො සොතාපන්නො අරියසාවකො. තස්ස හි දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙක්ඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙක්ඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතසමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපිති බහූනි නාමානි හොන්ති. කඤ්චි සඞ්ඛාරන්ති චතුභූමකෙසු සඞ්ඛතසඞ්ඛාරෙසු කඤ්චි එකං සඞ්ඛාරම්පි. නිච්චතො උපගච්ඡෙය්යාති නිච්චොති ගණ්හෙය්ය. නෙතං ඨානං විජ්ජතීති එතං කාරණං නත්ථි න උපලබ්භති. යං පුථුජ්ජනොති යෙන කාරණෙන පුථුජ්ජනො. ඨානමෙතං විජ්ජතීති එතං කාරණං අත්ථි. සස්සතදිට්ඨියා හි සො තෙභූමකෙසු සඞ්ඛතසඞ්ඛාරෙසු කඤ්චි සඞ්ඛාරං නිච්චතො ගණ්හෙය්යාති අත්ථො. චතුත්ථභූමකසඞ්ඛාරා පන තෙජුස්සදත්තා දිවසංසන්තත්තො අයොගුළො විය මක්ඛිකානං, දිට්ඨියා වා අඤ්ඤෙසං වා අකුසලානං ආරම්මණං න හොන්ති. ඉමිනා නයෙන කඤ්චි සඞ්ඛාරං සුඛතොතිආදීසුපි අත්ථො වෙදිතබ්බො.
අට්ඨනෙ පාළියෙහි අට්ඨානං යනු හේතු ප්රතික්ෂෙපයයි. අනවකාසො යනු ප්‍රත්‍යය ප්රතික්ෂෙපයයි. දෙකින්ම කාරණය (සාධකය)ම ප්රතික්ෂෙප කරයි. කාරණය වනාහි එයට අයත් පැවත්ම ඇති බැවින් තමන්ගේ ඵලයට ස්ථානයයිද අවකාශයයිද කියනු ලැබේ. යං යනු යම්කිසි කරුණකින්ය. දිට්ඨසම්පනේනා යනු මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේයි. ඔහුට වනාහි දෘෂ්ටියෙන් යුක්තවූයේ යනුද මේ සද්ධර්මයට පැමිණියේ යනුද මේ සද්ධර්මය දකියි යනුද ශෛක්ෂ ඥානයෙන් යුක්තවූයේ යනුද ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තවූයේ යනුද ධර්ම ශ්රොතසින් යුක්තවූයේ යනුද ආර්‍ය්‍යවූ තියුණු ප්‍රඥ ඇත්තේ යනුද අමා දොර පැහැර සිටී යනුද බොහෝ නම් වෙත්. කඤ්චි සංඛාරං යනු චාතුර් භුමික වූ සංස්කාරයන් අතුරෙන් කිසි එක් සංස්කාරයකුදු යනුයි. නිච්චතො උපගචේඡය්ය යනු නිත්‍යයයි ගන්නෙයි. නෙතං ඨානං විජ්ජති යනු මේ කාරණය නැත. නොඑළමේ යනුයි. යං පුථුජ්ජනො යනු යම් කරුණකින් පෘථග්ජනවූයේයි. ඨානමෙතං විජ්ජති යනු මේ කාරණය ඇත යනුයි. ශාශ්වත දෘස්ටියෙන් හෙතෙම ත්‍රෛභූමික සංස්කාරයන්ගෙන් කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යනාර්‍ත්‍ථයි. චාතුර්ථභූමක සංස්කාරයෝ වනාහි තෙද වැඩිබැවින් මැස්සන්ට දවසම රත්වූ යගුළියක් මෙන් දෘෂ්ටියට හෝ අනෙක් අකුසලයන්ට හෝ අරමුණක් නොවෙත්. මේ ක්‍රමයෙන් කංචි සංඛාරං සුඛතො යනාදියෙහිද අර්ත්ථය දතයුතුයි.
සුඛතො උපගච්ඡෙය්යාති “එකන්තසුඛී අත්තා හොති ආරොගො පරම්මරණා”ති (දී· නි· 1.76, 79; ම· නි· 3.21, 22) එවං අත්තදිට්ඨිවසෙන සුඛතො ගාහං සන්ධායෙතං වුත්තං. දිට්ඨිවිප්පයුත්තචිත්තෙන පන අරියසාවකො පරිළාහාධිභූතො පරිළාහවූපසමත්ථං මත්තහත්ථිපරිත්තාසිතො විය චොක්ඛබ්රාහ්මණො ගූථං කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡති.
සුඛතො උපගචේඡය්ය යනු ඒකාන්ත සුඛවූ ආත්මයක් වෙයි. මරණින් මතු රෝග නැත්තේයි මෙසේ ආත්මදෘෂ්ටි වශයෙන් ගැනීම සඳහා කියනලදී. පරිළාහයෙන් මැඩුණු ආර්යශ්‍රාවකතෙමේ දෘෂ්ටියෙන් තොර සිතින් මත් ඇතෙකු නිසා තැතිගත් පිරිසිදු බමුණෙකු අශූචියකට මෙන් කිසියම් සංස්කාරයකට එළමෙයි.
අත්තවාරෙ කසිණාදිපණ්ණත්තිසඞ්ගහත්ථං “සඞ්ඛාර”න්ති අවත්වා කඤ්චි ධම්මන්ති වුත්තං. ඉධාපි අරියසාවකස්ස චතුභූමකවසෙන පරිච්ඡෙදො වෙදිතබ්බො, පුථුජ්ජනස්ස තෙභූමකවසෙන. සබ්බවාරෙසු වා අරියසාවකස්සාපි තෙභූමකවසෙනෙව පරිච්ඡෙදො වට්ටති. යං යං හි පුථුජ්ජනො ගණ්හාති, තතො තතො අරියසාවකො ගාහං විනිවෙඨෙති. පුථුජ්ජනො හි යං යං නිච්චං සුඛං අත්තාති ගණ්හාති, තං තං අරියසාවකො අනිච්චං දුක්ඛං අනත්තාති ගණ්හන්තො තං ගාහං විනිවෙඨෙති. ඉති ඉමස්මිං සුත්තත්තයෙ පුථුජ්ජනත්තග්ගාහවිනිවෙඨනං නාම කථිතං.
ආත්මවාරයෙහි කසිණාදී ප්රඥප්ති සංග්‍රහ කරනු සඳහා සංස්කාරයයි නොකියා කංචධම්මංයි (කිසිධර්මයකැයි) කියනලදී. මෙහිදී ආර්‍ය්‍යශ්‍රාවකයාගේ චාතුර්භූමික වශයෙන් පරිච්ඡේදය (සීමාව) දතයුතුයි. පෘථග්ජනයාගේ ත්‍රෛභූමික වශයෙනි. සියලු වාරයෙහි හෝ ආර්ය්යශ්රමකයාගේද ත්‍රෛභූමික වශයෙන් පරිච්ඡේදය වටියි. පෘථග්ජනයා යමක් යමක් ගනීද එයින් ආර්‍ය්‍යශ්‍රාවකයා ගැනීම අන් අතට පෙරළයි. පෘථග්ජනයා වනාහි යමක් යමක් නිත්ය්ය, සැපය, ආත්මයයි ගනීද ආර්‍ය්‍යශ්‍රාවකයා එය අනිත්‍යය, දු:ඛය, අනාත්මයයි ගන්නේ ඒ ගැනීම අන් අතට පෙරළයි. මෙසේ මේ සූත්‍ර තුනෙහි පෘථග්ජනයාගේ ආත්ම ග්‍රහය පෙරළා දැමීම නම්වූ දෙය කියනලදී.
මාතරන්තිආදීසු ජනිකාව මාතා, ජනකොව පිතා, මනුස්සභූතොව ඛීණාසවො අරහාති අධිප්පෙතො. කිං පන අරියසාවකො අඤ්ඤං ජීවිතා වොරොපෙය්යාති? එතම්පි අට්ඨානං. සචෙපි භවන්තරගතං අරියසාවකං අත්තනො අරියසාවකභාවං අජානන්තම්පි කොචි එවං වදෙය්ය “ඉමං කුන්ථකිපිල්ලිකං ජීවිතා වොරොපෙත්වා සකලචක්කවාළගබ්භෙ චක්කවත්තිරජ්ජං පටිපජ්ජාහී”ති, නෙව සො තං ජීවිතා වොරොපෙය්ය. අථාපි නං එවං වදෙය්යුං “සචෙ ඉමං න ඝාතෙස්සසි, සීසං තෙ ඡින්දිස්සාමා”ති. සීසමෙවස්ස ඡින්දෙය්‍යුං, න ච සො තං ඝාතෙය්ය. පුථුජ්ජනභාවස්ස පන මහාසාවජ්ජභාවදස්සනත්ථං අරියසාවකස්ස ච බලවදීපනත්ථමෙතං වුත්තං. අයඤ්හෙත්ථ අධිප්පායො – සාවජ්ජො පුථුජ්ජනභාවො, යත්ර හි නාම පුථුජ්ජනො මාතුඝාතාදීනිපි ආනන්තරියානි කරිස්සති. මහාබලො ච අරියසාවකො, යො එතානි කම්මානි න කරොතීති.
මාතරං යනාදියෙහි උපදවන්නීම මවයි. උපදවන්නා පියායි. මිනිසෙක්වූ ක්ෂීණාශ්රවයන්වහන්සේ රහතන්වහන්සේයයි අදහස් කරනලදී. කිමෙක්ද ආර්යශ්‍රාවක තෙමේ අන්‍යයෙකු ජීවිතයෙන් තොරකරන්නේද? යන මෙයද අහේතුකය (නොසිදුවේ). ඉදින් තමන් ආර්ය්යශ්රාවකයෙකුබවට නොදන්නාවූ භවාන්තරගත (කළුරිය කළ) ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට යමෙක් ‘මේ කුරුකුහුඹියා ජීවිතයෙන් තොර කොට සියලු සක්වල ගැබෙහි සක්විති රජකම පිළිපදුව’යි මෙසේ කියන්නේද හෙතෙම ඒ කුරුකුහුමියා ජීවිතයෙන් තොර නොකරන්නේමය. තවද ඔහුට, ඉදින් මොහු නොමරන්නෙහි නම් ඔබේ හිස සිඳින්නෙමු’යි මෙසේ කියන්නහුද ඔහුගේ හිසම සිඳින්නාහුය. හෙතෙම ඔහු නොමරන්නේමය. පාථග්ජන භාවයාගේ මහා සාවද්‍යබව දැක්වීම සඳහාත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ බලය දැක්වීම සඳහාත් මෙය කියනලදී. මෙයම මෙහි අභිප්‍රායයි: ‘පෘථග්ජනභාවය සාවද්‍යය. යම් තැනක පෘථග්ජන තෙමේ මවුමැරීම් ආදී ආනන්තර්යයන් කරන්නේද යම් මහා බලවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් වේද හෙතෙම මේ කර්ම නොකරයි.’
පදුට්ඨචිත්තොති වධකචිත්තෙන පදුට්ඨචිත්තො. ලොහිතං උප්පාදෙය්යාති ජීවමානකසරීරෙ ඛුද්දකමක්ඛිකාය පිවනමත්තම්පි ලොහිතං උප්පාදෙය්ය.
දුට්ඨචිත්තෝ යනු වධක සිතින් ප්රදුෂ්යවූ සිත් ඇත්තෙයි. ලොහිතං උප්පාදෙය්ය, යනු ජීවත් වන ශරීරයෙහි කුඩා මැස්සකු බෙනා තරම්වූද ලේ උපදවන්නේයි
සඞ්ඝං භින්දෙය්යාති සමානසංවාසකං සමානසීමාය ඨිතං පඤ්චහි කාරණෙහි සඞ්ඝං භින්දෙය්ය. වුත්තම්පි චෙතං “පඤ්චහුපාලි, ආකාරෙහි සඞ්ඝො භිජ්ජති – කම්මෙන, උද්දෙසෙන, වොහරන්තො, අනුස්සාවනෙන, සලාකග්ගාහෙනා”ති (පරි· 458).
සංඝංහින්දෙය්ය යනු සමාන සංවාසකවූ සමාන සීමාවෙහි සිටියාවූ සංඝයා කරුණු පසකින් බිඳුවන්නේය. මෙය කියනලද්දේමැයි: ‘උපාලි, පස් ආකාරයකින් සංඝයා බිඳෙයි. (සංඝ) කර්මයෙන්, උදෙසීමෙන්, (අධර්මය ධර්මයයි ආදී වශයෙන්) බැවහර කරමින්, අනුශ්රාවනයෙන් ලහගැනීමෙන් (යන කරුණු පසිනි.)
තත්ථ කම්මෙනාති අපලොකනාදීසු චතූසු කම්මෙසු අඤ්ඤතරෙන කම්මෙන. උද්දෙසෙනාති පඤ්චසු පාතිමොක්ඛුද්දෙසෙසු අඤ්ඤතරෙන උද්දෙසෙන. වොහරන්තොති කථයන්තො, තාහි තාහි උප්පත්තීහි අධම්මං ධම්මොතිආදීනි අට්ඨාරස භෙදකරවත්ථූනි දීපෙන්තො. අනුස්සාවනෙනාති “නනු තුම්හෙ ජානාථ මය්හං උච්චාකුලා පබ්බජිතභාවං බහුස්සුතභාවඤ්ච, මාදිසො නාම උද්ධම්මං උබ්බිනයං සත්ථු සාසනං ගාහෙය්යාති චිත්තම්පි උප්පාදෙතුං න තුම්හාකං යුත්තං, කිං මය්හං අවීචි නීලුප්පලවනං විය සීතලා, කිං අහං අපායතො න භායාමී”තිආදිනා නයෙන කණ්ණමූලෙ වචීභෙදං කත්වා අනුස්සාවනෙන. සලාකග්ගාහෙනාති එවං අනුස්සාවෙත්වා තෙසං චිත්තං උපත්ථම්භෙත්වා අනිවත්තිධම්මෙ කත්වා “ගණ්හථ ඉමං සලාක”න්ති සලාකග්ගාහෙන.
එහි කම්මේන යනු අපලොකනාදී කර්ම සතර අතුරින් එක්තරා කර්මයකිනි. උද්දේසෙන යනු පාමොක් උදෙසීම් පසින් එක්තරා උදෙසීමකිනි. වොහරනතො යනු කියන්නේයි, ඒ ඒ උත්පත්නීන්ගෙන් අධර්මය ධර්මයයයි ආදී වශයෙන් වූ අටළොස් භේදකරවස්තූන් දක්වන්නේයි. අනුසාවනෙන යනු ‘නුඹලා මගේ උසස් කුලයෙන් පැවිදිවූබවද බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබවද නොදන්නහුද? මා වැන්නෙක් නම් ධර්මයට විරුද්ධවූ විනයට විරුද්ධවූ ශාස්තෘශාසනයක් ගන්නේයයි සිතක් උපදවන්නටද නුඹලාට සුදුසුද? කිම මට අවීචිය නිලුපුල්වනයක් මෙන් සිසිල්ද? කිම මම අපායට බිය නොවෙම්ද ආදී ක්‍රමයෙන් කන්මුල වාග්භේදයකොට අනුශ්රාවනය කිරීමෙනි. සලාකගාහෙන යනු මෙසේ අනුශ්රාවණයකොට ඔවුන්ගේ සිත් දැඩිකොට නොපෙරෙලෙනසුලුකොට මේ සලාකය ගනුවයි ලහගැන්වීමෙනි.
එත්ථ ච කම්මෙව උද්දෙසො වා පමාණං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගා. අට්ඨාරසවත්ථුදීපනවසෙන හි වොහරන්තෙන තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙත්වා සලාකාය ගහිතායපි අභින්නොව හොති සඞ්ඝො. යදා පන එවං චත්තාරො වා අතිරෙකා වා සලාකං ගහෙත්වා ආවෙණිකං කම්මං වා උද්දෙසං වා කරොන්ති, තදා සඞ්ඝො භින්නො නාම හොති. එවං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්යාති නෙතං ඨානං විජ්ජති. එත්තාවතා මාතුඝාතාදීනි පඤ්ච ආනන්තරියකම්මානි දස්සිතානි හොන්ති, යානි පුථුජ්ජනො කරොති, න අරියසාවකො. තෙසං ආවිභාවත්ථං –
මෙහිද කර්මයම හෝ උද්දේශය හෝ ප්රමාණවත්ය. ව්‍යවහාරය අනුසාවනය හා ලහගැන්වීම වනාහි පූර්වභාගයෝයි. අටළොස් වස්තූන් දැක්වීම් වශයෙන් ව්‍යවහාර කරන්නහු විසින් එහි කැමැත්ත දැනවීම සඳහා අනුශ්‍රාවණය කොට සලාකය ගත් කල්හිද සංඝයා නොබිඳුනේම වෙයි. යම් විටෙක වනාහි මෙසේ සතරක් හෝ වැඩියමක් ලහගෙන ආවෙණික් කර්ම හෝ උද්දේශය කරත්ද එකල්හි සංඝයා බිඳුනේනම් වෙයි. මෙසේ දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගල තෙමේ සංඝයා බිඳින්නේය යන මෙයට හේතුවක් නොපෙනේ (නොසිදුවෙයි). මෙපමණකින් මව මැරීම ආදී ආනන්තර්ය කර්ම පස දක්වනලද්දේ වෙයි. පෘථග්ජනයා යමක් කෙරේද ආර්‍ය්‍යශ්‍රාවකයා ඒවා නොකරයි. එය ප්‍රකට කරනු සඳහා:-
“කම්මතො ද්වාරතො චෙව, කප්පට්ඨිතියතො තථා; පාකසාධාරණාදීහි, විඤ්ඤාතබ්බො විනිච්ඡයො”.
කර්මවශයෙන්ද ද්වාර වශයෙන්ද කල්පයක් තිබීම් වශයෙන්ද විපාකසාධාරණාදියෙන්ද විනිශ්ය දතයුත්තේය.
තත්ථ කම්මතො තාව – එත්ථ හි මනුස්සභූතස්සෙව මනුස්සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්තලිඞ්ගං ජීවිතා වොරොපෙන්තස්ස කම්මං ආනන්තරියං හොති, තස්ස විපාකං පටිබාහිස්සාමීති සකලචක්කවාළං මහාචෙතියප්පමාණෙහිපි කඤ්චනථූපෙහි පූරෙත්වාපි සකලචක්කවාළං පූරෙත්වා නිසින්නස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වාපි බුද්ධස්ස භගවතො සඞ්ඝාටිකණ්ණං අමුඤ්චන්තො විචරිත්වාපි කායස්ස භෙදා නිරයමෙව උපපජ්ජති. යො පන සයං මනුස්සො තිරච්ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච්ඡානභූතො මනුස්සභූතං, තිරච්ඡානභූතොයෙව වා තිරච්ඡානභූතං ජීවිතා වොරොපෙති, තස්ස කම්මං ආනන්තරියං න හොති, භාරියං පන හොති, ආනන්තරියං ආහච්චෙව තිට්ඨති. මනුස්සජාතිකානංව පන වසෙන අයං පඤ්හො කථිතො.
එහි කර්මවශයෙන් වනාහි, නොපෙරලුණු ලිංග ඇති මිනිස් මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරන්නාවූ මිනිසෙකුගේම කර්මය ආනන්තර්ය වෙයි. ඔහුගේ විපාකය වළක්වන්නෙමැයි සියලු සක්වළ මහා සෑය පමණවූ ස්වර්ණමය ස්තූපයන්ගෙන් පුරවාද සියලු සක්වල පුරවා හුන්නාවූ බික් සඟනට මහදන් දීද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ සඟළ සිවුරු කොණ නොමුදමින් හැසිරීද කය බිඳීමෙන් නිරයෙහිම උපදියි. යමෙක් වනාහි තෙමේ මිනිසෙක්වූයේ තිරිසන්වූ මවක හෝ පියෙකු, තෙමේ තිරිසන්වූයේ මිනිස් මවක හෝ පියෙකු, (තෙමේ) තිරිසන්වූයේ තිරිසන්වූම මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරයිද ඔහුගේ කර්මය ආනන්තර්ය නොවෙයි. බැරෑරුම් නම් වෙයි. ආනන්තර්යයට ගැටී සිටී. මනුෂ්‍ය ජාතිකයන්ගේ වශයෙන්ම මේ ප්රශ්නය කියනලදී.
තත්ථ එළකචතුක්කං, සඞ්ගාමචතුක්කං, චොරචතුක්කඤ්ච කථෙතබ්බං. එළකං මාරෙස්සාමීති අභිසන්ධිනාපි හි එළකට්ඨානෙ ඨිතං මනුස්සො මනුස්සභූතං මාතරං වා පිතරං වා මාරෙන්තො ආනන්තරියං ඵුසති. එළකාභිසන්ධිනා මාතාපිතිඅභිසන්ධිනා වා එළකං මාරෙන්තො ආනන්තරියං න ඵුසති, මාතාපිතිඅභිසන්ධිනා මාතාපිතරො මාරෙන්තො ඵුසතෙව. එස නයො ඉතරස්මිම්පි චතුක්කද්වයෙ. යථා ච මාතාපිතූසු, එවං අරහන්තෙපි එතානි චතුක්කානි වෙදිතබ්බානි. මනුස්සඅරහන්තමෙව ච මාරෙත්වා ආනන්තරියං ඵුසති, න යක්ඛභූතං. කම්මං පන භාරියං, ආනන්තරියසදිසමෙව. මනුස්සඅරහන්තස්ස ච පුථුජ්ජනකාලෙයෙව සත්ථප්පහාරෙ වා විසෙ වා දින්නෙපි යදි සො අරහත්තං පත්වා තෙනෙව මරති, අරහන්තඝාතකො හොතියෙව. යං පන පුථුජ්ජනකාලෙ දින්නං දානං අරහත්තං පත්වා පරිභුඤ්ජති, පුථුජ්ජනස්සෙව තං දින්නං හොති. සෙසඅරියපුග්ගලෙ මාරෙන්තස්ස ආනන්තරියං නත්ථි, කම්මං පන භාරියං, ආනන්තරියසදිසමෙව.
එහි ඵළක චතුක්කයද සංගාමචතුක්කයද චොර චතුක්කයද දතයුතුය. එළුවෙකු මරමැයි මිනිසෙක් එළුවන් සිටින තැන සිටි මිනිස් මව හෝ පියා එකට ගැලපීමෙන් (එළුවෙකැයි වරදවා සමානකොට සිතීමෙන්) හෝ මරයිද ආනන්තර්යය ස්පර්ශ කෙරේමැයි. එළුවෙකැයි ගැලපීමෙන් හෝ මවපියායි ගැලපීමෙන් එළුවෙකු මරන්නේ ආනන්තර්යය ස්පර්ශ නොකරයි. මවුපියන් ගැලපීමෙන් මවුපියන් මරන්නේ ස්පර්ශ කෙරේමැයි. සෙසු චතුක්ක දෙකෙහිද මේ ක්‍රමයමයි. මවුපියන් කෙරෙහි යම්සේද එසේම රහතුන්වහන්සේ කෙරෙහිද මේ චතුෂකයෝ දතයුත්තාහ. මිනිස් රහත් කෙනෙකුම මරා ආනන්තර්යය ස්පර්ශ කරයි. යක්ෂයෙකුවූ රහත් කෙනෙකු (මැරීමෙන්) නොවේ. කර්මය වනාහි බැරෑරුම්ය. ආනන්තර්යයක් සමාන වේමයි. මිනිස් රහතන්වහන්සේටද පෘථග්ජන කාලයෙහිම අවිපහරක් හෝ විෂයක් දුන් කල්හි ඉදින් හෙතෙම රහත්බවට පත්ව එයින්ම මැරෙයිද අරහන්ත ඝාතකයෙක් වේමයි. පෘථග්ජන කාලයෙහි දුන්නාවූ යම් දානයක් රහත්බවට පැමිණ වළඳයිද එය පෘථග්ජනයාටම දුන් දෙයක් වෙයි. සෙසු ආර්‍ය්‍ය පුද්ගලයන් මරන්නහුට ආනන්තර්යයක් නැත. කර්මය නම් ආනන්තර්යයකට සමාන ලෙසින්ම බැරෑරුම්ය.
ලොහිතුප්පාදෙ තථාගතස්ස අභෙජ්ජකායතාය පරූපක්කමෙන චම්මච්ඡෙදං කත්වා ලොහිතපග්ඝරණං නාම නත්ථි, සරීරස්ස පන අන්තොයෙව එකස්මිං ඨානෙ ලොහිතං සමොසරති. දෙවදත්තෙන පවිද්ධසිලතො භිජ්ජිත්වා ගතා සකලිකාපි තථාගතස්ස පාදන්තං පහරි, ඵරසුනා පහටො විය පාදො අන්තොලොහිතොයෙව අහොසි. තථා කරොන්තස්ස ආනන්තරියං හොති. ජීවකො පන තථාගතස්ස රුචියා සත්ථකෙන චම්මං ඡින්දිත්වා තම්හා ඨානා දුට්ඨලොහිතං නීහරිත්වා ඵාසුකමකාසි. තථා කරොන්තස්ස පුඤ්ඤකම්මමෙව හොති.
ලොහිතුප්පාද (ආනන්තර්ය) යෙහි තථාගතයන්වහන්සේගේ නොබිඳෙන කය ඇතිබැවින් අනුන්ගේ උපක්‍රමයෙන් සම සිඳීමකොට ලේ වැගිරීමක් නම් නැත. ශරීරයාගේ ඇතුළතම එක් තැනක ලේ එක්තැන් වෙයි. දෙව්දත්විසින් හෙළූ ගලින් බිඳීගිය ගල් කැබලිත්තද තථාගතයන්වහන්සේගේ පා කෙළවර ගැටිණි. පොරවකින් පහර ලද්දාක් මෙන් පාදය ඇතුළත ලෙහෙ ඇත්තේම විය. එසේ කරන්නහුට ආනන්තර්යය වෙයි. ජීවකතෙමේ වනාහි තථාගතයන්වහන්සේගේ කැමැත්තෙන් සැතින් සම සිඳ එතැනින් නරක්වූ ලෙය ඉවත්කොට පහසුව ඇති කළේය. එසේ කරන්නහුට පුණ්‍ය කර්මයක්ම වෙයි.
අථ යෙ පරිනිබ්බුතෙ තථාගතෙ චෙතියං භින්දන්ති, බොධිං ඡින්දන්ති, ධාතුම්හි උපක්කමන්ති, තෙසං කිං හොතීති? භාරියං කම්මං හොති, ආනන්තරියසදිසං. සධාතුකං පන ථූපං වා පටිමං වා බාධයමානං බොධිසාඛං ඡින්දිතුං වට්ටති. සචෙපි තත්ථ නිලීනා සකුණා චෙතියෙ වච්චං පාතෙන්ති, ඡින්දිතුං වට්ටතියෙව. පරිභොගචෙතියතො හි සරීරචෙතියං මහන්තතරං. චෙතියවත්ථුං භින්දිත්වා ගච්ඡන්තං බොධිමූලම්පි ඡින්දිත්වා හරිතුං වට්ටති. යා පන බොධිසාඛා බොධිඝරං බාධති, තං ගෙහරක්ඛණත්ථං ඡින්දිතුං න ලභති. බොධිඅත්ථඤ්හි ගෙහං, න ගෙහත්ථාය බොධි. ආසනඝරෙපි එසෙව නයො. යස්මිං පන ආසනඝරෙ ධාතු නිහිතා හොති, තස්ස රක්ඛණත්ථාය බොධිසාඛං ඡින්දිතුං වට්ටති. බොධිජග්ගනත්ථං ඔජාහරණසාඛං වා පූතිසාඛං වා ඡින්දිතුං වට්ටතියෙව, සරීරපටිජග්ගනෙ විය පුඤ්ඤම්පි හොති.
තථාගතයන්වහන්සේ පිරිනිවන් පෑකල්හි යමෙක් චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ධාතූන් විෂයෙහි (පැහැරගැනීම් සඳහා) උපක්‍රම යොදත්ද ඔවුනට කුමක් වේද? ආනන්තර්යය සමානවූ බැරෑරුම් කර්මයක් වෙයි. ධාතු සහිතවූ ස්තූපයකට හෝ ප්‍රතිමාවකට හෝ බාධා කරන්නාවූ බෝඅත්තක් සිඳීම වටී. තවද එහි සැඟවුණු පක්ෂීහු චෛත්‍යයෙහි වසුරු හෙළත්ද සිඳීමට වටනේමය. පාරිභොගික චෛත්‍යයට වඩා ශරීර චෛත්‍යය මාහැඟි වෙයි. චෛත්යවස්තුවක් බිඳ යන්නාවූ බෝමුලක් වුවද සිඳ ඉවත්කිරීම වටී. යම් බෝ අත්තක් බෝධිඝරය වළහා සිටීද එය ගෙය රැකීම සඳහා සිඳීමට සුදුසු නොවෙයි. ගෙය බෝධිය සඳහාය. ගෙය සඳහා බෝධිය නොවේ. ආසනඝරයෙහිද මේ ක්‍රමයමයි. යම් ආසනඝරයක ධාතු තැන්පත් කරනලද්දේ වේද? එය ආරක්ෂා කිරීම සඳහා බෝඅත්ත සිඳීම වටී. බෝධිය පිළිදැඟුම් කිරීම සඳහා ඉස්ම වැගිරෙන අත්තක් හෝ කුණුවීගිය තැනක් හෝ සිඳීමට වටනේමය. සිරුර පිළිදැඟුම් කිරීමෙහි මෙන් පිණද වෙයි.
සඞ්ඝභෙදෙපි සීමට්ඨකසඞ්ඝෙ අසන්නිපතිතෙ විසුං පරිසං ගහෙත්වා කතවොහාරානුස්සාවනසලාකග්ගාහස්ස කම්මං වා කරොන්තස්ස උද්දෙසං වා උද්දිසන්තස්ස භෙදො ච හොති ආනන්තරියකම්මඤ්ච. සමග්ගසඤ්ඤාය පන වට්ටතීති සඤ්ඤාය වා කරොන්තස්ස භෙදොව හොති, න ආනන්තරියකම්මං. තථා නවතො ඌනපරිසාය. සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන නවන්නං ජනානං යො සඞ්ඝං භින්දති, තස්ස ආනන්තරියකම්මං හොති. තස්ස අනුවත්තකානං අධම්මවාදීනං මහාසාවජ්ජකම්මං, ධම්මවාදිනො පන අනවජ්ජා. තත්ථ නවන්නමෙව සඞ්ඝභෙදෙ ඉදං සුත්තං – “එකතො, උපාලි, චත්තාරො හොන්ති, එකතො චත්තාරො, නවමො අනුස්සාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා’ති. එවං ඛො, උපාලි, සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච. නවන්නං වා, උපාලි, අතිරෙකනවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති (චූළව· 351). එතෙසු ච පන පඤ්චසු සඞ්ඝභෙදො වචීකම්මං, සෙසානි කායකම්මානීති එවං කම්මතො විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සංඝභේද කර්මයෙහිද සීමාවෙහි සිටින සංඝයා රැස් නොවී සිටියදී වෙන්වූ පිරිසක් වෙත ගොස් කරනලද ව්‍යවහාර අනුසාවන හා සලාක ගැන්වීම් ඇතිව සංඝකර්මය කරන්නහුට හෝ පාමොක් උදෙසීම උදෙසවන්නහුට සංඝභේදයද වෙයි. ආනන්තර්ය කර්මයද වෙයි. සමඟිවූ හැඟීමෙන් සුදුසුයයි (එම) හැඟීමෙන් කරන්නාට භේදයම වෙයි. ආනන්තර්ය කර්මය නොවෙයි. එසේ නවදෙනකුගෙන් අඩු පිරිසෙහි යටත් පිරිසෙයින් නවදෙනා අතුරින් යමෙක් සංඝයා බිඳියිද ඔහුට ආනන්තර්ය කර්මය වෙයි. අනුවර්තක (අනුගමනය කරන්නා) වූ අධර්මවාදීන්ට මහා සාවද්‍ය කර්මයක් වෙයි. ධර්මවාදීහු වැරදි නැත්තෝය. එසේ නවදෙනෙකුගේ සංඝභේදයෙහි මේ සූත්‍රයයි: ‘උපාලි එක්පසෙක සිවුදෙනෙකි. තවත් පසෙකින් සිවු දෙනෙකි. නව වැන්නා, මේ ධර්මයයි, මේ විනයයි, මේ හාස්තෘශාසනයයි, මෙය ගනුමැනව, මෙය කැමතිවනු මැනවයි අනුශ්‍රාවණය කරවයි. ලහගන්වයි. උපාලි මෙසේ සංඝරාජිය (සඟපෙළ) ද සංඝභේදයද වෙයි. නව දෙනෙකුගේ හෝ නවදෙනෙකුට වැඩි සංඝයාගේ සංඝරාජියද සංඝභේදයද වෙයි! මේ ආනන්තර්ය පසෙහි සංඝභේදය වාග්කර්මයි. සෙස්ස කාය කර්මයි. මෙසේ කර්මවශයෙන් විනිශ්චය දතයුතුයි.
ද්වාරතොති සබ්බානෙව චෙතානි කායද්වාරතොපි වචීද්වාරතොපි සමුට්ඨහන්ති. පුරිමානි පනෙත්ථ චත්තාරි ආණත්තිකවිජ්ජාමයප්පයොගවසෙන වචීද්වාරතො සමුට්ඨහිත්වාපි කායද්වාරමෙව පූරෙන්ති, සඞ්ඝභෙදො හත්ථමුද්ධාය භෙදං කරොන්තස්ස කායද්වාරතො සමුට්ඨහිත්වාපි වචීද්වාරමෙව පූරෙතීති එවමෙත්ථ ද්වාරතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
දොරටු වශයෙන් යන්නෙන් මේ සියල්ලම කායද්වාරයෙන්ම වාග්ද්වාරයෙන්ද හටගනියි. මෙහි මුල් සතර ආණත්තික විජ්ජාමය හා පයෝග වශයෙන් වාග්ද්වාරයෙන් හට ගෙනද කායද්වාරයම පුරවයි. සංඝභේදය හස්තමුද්රවෙන් භේදය කරන්නහුට කායද්වාරයෙන් හට ගෙනද වාග් ද්වාරයම පුරවන්නේයයි මෙසේ මෙහි ද්වාර වශයෙන්ද විනිශ්චය දතයුතුයි.
කප්පට්ඨිතියතොති සඞ්ඝභෙදොයෙව චෙත්ථ කප්පට්ඨිතියො. සණ්ඨහන්තෙ හි කප්පෙ වා කප්පවෙමජ්ඣෙ වා සඞ්ඝභෙදං කත්වා කප්පවිනාසෙයෙව මුච්චති. සචෙපි හි ‘ස්වෙ කප්පො විනස්සිස්සතී”ති අජ්ජ සඞ්ඝභෙදං කරොති, ස්වෙව මුච්චති, එකදිවසමෙව නිරයෙ පච්චති. එවං කරණං පන නත්ථි. සෙසානි චත්තාරි කම්මානි ආනන්තරියානෙව හොන්ති, න කප්පට්ඨිතියානීති එවමෙත්ථ කප්පට්ඨිතියතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කල්පයක් සිටීම් වශයෙන් යනු මෙහි සංඝභේදය කල්පයක් කල් පැවතියේවෙයි. කල්පය නැවත හටගැනීමේදී හෝ කල්පය මැද හෝ සංඝභේදයකොට කල්ප විනාශයෙහිම මිදෙයි. ඉදින් හෙට කල්පය විනාශවන්නේයයි අද සංඝභේදය කරයිද හෙට මිදෙයි. එක් දිනයක්ම නිරයෙහි පැසෙයි. මෙයට හේතුවක් නම් නැත. සෙසු ඒවා නොවේයයි මෙසේ මෙහි කල්පයක් තිබීම් වශයෙන් විනිශ්චය දතයුතුය.
පාකතොති යෙන ච පඤ්චපෙතානි කම්මානි කතානි හොන්ති, තස්ස සඞ්ඝභෙදොයෙව පටිසන්ධිවසෙන විපච්චති, සෙසානි “අහොසිකම්මං නාහොසි කම්මවිපාකො”ති එවමාදීසු සඞ්ඛං ගච්ඡන්ති. සඞ්ඝභෙදාභාවෙ ලොහිතුප්පාදො, තදභාවෙ අරහන්තඝාතො, තදභාවෙ සචෙ පිතා සීලවා හොති, මාතා දුස්සීලා, නො වා තථා සීලවතී, පිතුඝාතො පටිසන්ධිවසෙන විපච්චති. සචෙ මාතා සීලවතී, මාතුඝාතො. ද්වීසුපි සීලෙන වා දුස්සීලෙන වා සමානෙසු මාතුඝාතොව පටිසන්ධිවසෙන විපච්චති. මාතා හි දුක්කරකාරිනී බහූපකාරා ච පුත්තානන්ති. එවමෙත්ථ පාකතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
විපාකවශයෙන් යනු යම්කිසිවෙකු විසින් මේ කර්මපස කරනලද්දේ වේද ඔහුට සංඝභේදයම ප්රතිසන්ධිවශයෙන් විපාක දෙයි. සෙස්ස අහෝසි කර්මයයි. අහෝසි කර්මවිපාකයක් නොමැත. මේ ආදී වශයෙන් ප්රසිද්ධවෙයි. සංඝභේදයක් නොමැති විට ලොහිතුප්පාදයද එය නැතිවිට අරහන්ත ඝාතනයද එය නැති කල්හි ඉදින් පියා සිල්වත් වෙයි. මව දුශ්ශීලය; නැතහොත් එසේ සිල්පත් නොවේ නම් පිතෘඝාතය ප්රතිසන්ධි වශයෙන් විපාක දෙයි. දෙදෙනාම සිල්වත්බවින් හෝ දුසිල්වත්බවින් සමාන වන කල්හි මාතෘඝාතයම ප්රතිසන්ධි වශයෙන් විපාක දෙයි. මව වනාහි දුකසේ කටයුතු කරන්නියයි. පුතුනට බොහෝ උපකාර ඇත්තීය. මෙසේ මෙහි විපාක වශයෙන්ද විනිශ්චය දතයුතුයි.
සාධාරණාදීහීති පුරිමානි චත්තාරි සබ්බෙසම්පි ගහට්ඨපබ්බජිතානං සාධාරණානි. සඞ්ඝභෙදො පන “න ඛො, උපාලි භික්ඛුනී, සඞ්ඝං භින්දති, න සික්ඛමානා, න සාමණෙරො, න සාමණෙරී, න උපාසකො, න උපාසිකා සඞ්ඝං භින්දති. භික්ඛු ඛො, උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දතී”ති (චූළව· 351) වචනතො වුත්තප්පකාරස්ස භික්ඛුනොව හොති, න අඤ්ඤස්ස, තස්මා අසාධාරණො. ආදිසද්දෙන සබ්බෙපෙතෙ දුක්ඛවෙදනාය සහගතා දොසමොහසම්පයුත්තා චාති එවමෙත්ථ සාධාරණාදීහිපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සාධාරණාදීන්ගෙන් වනාහි මුල් සතර ගිහි පැවිද්දන්ට සාධාරණය. සංඝභේදය වනාහි ‘උපාලි, භික්ෂුණිය සංඝයා නොබිඳියි. ශික්ෂමානාවක නොබිඳියි. සාමණේරයෙක් සාමණේරිණියක් සංඝයා නොබිඳියි. උවසුවෙක් උවැසියක් සංඝයා නොබිඳියි. ප්රකෘතිතත්වයෙහිවූ සමානසංවාසක එක්සීමාවෙක්හි සිටි භික්ෂුවම සංඝයා බිදී’ යන වචන වශයෙන් කියන ලද ආකාර ඇති භික්ෂුවටම වෙයි. අනෙකෙකුට නොවේ. එහෙයින් අසාධාරණය. ආදී ශබ්දයෙන් මේ සියල්ලම දුක්ඛ වේදනාවෙන් යුක්ත වූයේ ද්වේෂමොහයන්ගෙන් සමප්‍රයුක්ත වූයේයයිද මෙසේ මෙහි සාධාරණාදීන්ගෙන්ද විනිශ්චය දතයුතුයි.
අඤ්ඤං සත්ථාරන්ති “අයං මෙ සත්ථා සත්ථු කිච්චං කාතුං අසමත්ථො”ති භවන්තරෙපි අඤ්ඤං තිත්ථකරං ‘අයං මෙ සත්ථා”ති එවං ගණ්හෙය්ය, නෙතං ඨානං විජ්ජතීති අත්ථො.
‘අඤ්ඤං සත්ථාරං’ යනු මේ මාගේ ශාස්තෘවරයා ශාස්තෘ කෘත්‍යය කිරීමට අසමත්යයි භවාන්තරයෙහිද අන්‍ය තීර්ථංකරයෙකු ‘මේ මාගේ ශාස්තෘවරයායි’ මෙසේ ගනීද එම කාරණය විද්‍යාමාන නොවේ යන අත්ථියි.
එකිස්සා ලොකධාතුයාති දසසහස්සිලොකධාතුයා. තීණි හි ඛෙත්තානි ජාතිඛෙත්තං, ආණාඛෙත්තං විසයඛෙත්තන්ති. තත්ථ ජාතිඛෙත්තං නාම දසසහස්සී ලොකධාතු. සා හි තථාගතස්ස මාතුකුච්ඡිස්මිං ඔක්කමනකාලෙ නික්ඛමනකාලෙ සම්බොධිකාලෙ ධම්මචක්කප්පවත්තනෙ ආයුසඞ්ඛාරවොස්සජ්ජනෙ පරිනිබ්බානෙ ච කම්පති. කොටිසතසහස්සචක්කවාළං පන ආණාඛෙත්තං නාම. ආටානාටියපරිත්තමොරපරිත්තධජග්ගපරිත්තරතනපරිත්තාදීනඤ්හි එත්ථ ආණා පවත්තති. විසයඛෙත්තස්ස පන පරිමාණං නත්ථි. බුද්ධානඤ්හි “යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං, යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණ”න්ති (මහානි· 69; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙසො 85; පටි· ම· 3.5) වචනතො අවිසයො නාම නත්ථි.
එකිස්සා ලොකධාතුයා යනු දස සහස්සී ලොකධාතුවෙහිය. ජාතික්‍ෂෙත්‍රය, ආඥා ක්ෂෙත්රය, විෂය ක්ෂෙත්රයයි ක්ෂෙත්ර තුනකි. එහි ජාතික්‍ෂෙත්‍රය නම් යමක් තථාගතයන්වහන්සේගේ මව්කුස පිළිසිඳගන්නාකල්හි උපදිනකල්හි බුදුවනකල්හි, දම්සක් පවත්වනකල්හි ආයුසංස්කාරය හරිනකල්හි පිරිනිවන් පානාකල්හි කම්පා වෙයිද ඒ දහ සහස්‍රී ලෝකධාතුවයි. කෝටි ලක්ෂයක්වූ චකුවාලය ආඥා ක්ෂෙත්රයයි. ආටානාටිය මෝරපරිත්ත, ධජග්ගපරිත්ත, රතනපරිත්ත ආදී පිරිත්වල ආඥාව මෙහි පවතියි, බුදුවරුන්ගේ වනාහි විෂයක්ෂෙත්රයාගේ පරිමාණයක් නැත. ඥානය යම්තාක්ද ඥෙය (දතයුතුදෙය) ද එපමණෙකි. ඥෙය යම්තාක්ද ඥානය එපමණකි. ඥෙය ඥානය සීමා කොට ඇත. ඥානය ඥෙය්යය සීමා කොට ඇතයි යන වචනයෙන් අවිෂයවන්නාවූ දෙයක් නම් නැත.
ඉමෙසු පන තීසු ඛෙත්තෙසු ඨපෙත්වා ඉමං චක්කවාළං අඤ්ඤස්මිං චක්කවාළෙ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි. තීණි හි පිටකානි – විනයපිටකං, සුත්තන්තපිටකං, අභිධම්මපිටකං. තිස්සො සඞ්ගීතියො – මහාකස්සපත්ථෙරස්ස සඞ්ගීති, යසත්ථෙරස්ස සඞ්ගීති, මොග්ගලිපුත්තත්ථෙරස්ස සඞ්ගීති. ඉමා තිස්සො සඞ්ගීතියො ආරුළ්හෙ තෙපිටකෙ බුද්ධවචනෙ ඉමං චක්කවාළං මුඤ්චිත්වා අඤ්ඤත්ථ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි.
මේ ක්ෂෙත්රයන් තුනෙහි මෙම සක්වළ හැර අන් සක්වලෙක බුදුවරු උපදිත්යයි සූත්‍රයක් නැත. නොඋපදිතැයි (සූත්‍රයක්) ඇත. විනය පිටකය සූත්‍රාන්තපිටකය, අභිධර්මපිටකයයි පිටක තුනකි. මහාකාශ්යපස්ථවරයන්ගේ සංගීතියයයි සංගීති තුනකි. මේ සංගීති තුනට නැඟුණු ත්‍රිපිටක බුද්ධවචනයෙහි මේ සක්වළ හැර අන තැනක බුදුවරු උපදිතැයි සූත්‍රයක් නැත. නොපදිතැයි ඇත.
අපුබ්බං අචරිමන්ති අපුරෙ අපච්ඡා, එකතො න උප්පජ්ජන්ති. පුරෙ වා පච්ඡා වා උප්පජ්ජන්තීති වුත්තං හොති. තත්ථ බොධිපල්ලඞ්කෙ “බොධිං අප්පත්වා න උට්ඨහිස්සාමී”ති නිසින්නකාලතො පට්ඨාය යාව මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණං, තාව පුබ්බෙති න වෙදිතබ්බං. බොධිසත්තස්ස හි පටිසන්ධික්ඛණෙ දසසහස්සචක්කවාළකම්පනෙනෙව ඛෙත්තපරිග්ගහො කතො, එත්ථන්තරෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතාව හොති. පරිනිබ්බානතො පට්ඨාය යාව සාසපමත්තාපි ධාතු තිට්ඨති, තාව පච්ඡාති න වෙදිතබ්බං. ධාතූසු හි ඨිතාසු බුද්ධා ඨිතාව හොන්ති. තස්මා එත්ථන්තරෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතාව හොති. ධාතුපරිනිබ්බානෙ පන ජාතෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති න නිවාරිතා.
අපුබ්බං අචරිමං යනු පෙර පසු නොවීයි. එකට නොඋපදිති. පෙර හෝ පසුව උපදිතැයි කියන ලද්දේ වෙයි. එහි බෝධි පර්ය්යංකයෙහි බෝධියට නොපැමිණ නොනැගිටිමියි හුන්කල්හි පටන් යම්තාක් මවුකුසෙහි පිළිසඳ ගැනීම වෙයිද එතෙක් පෙරකාලයයි නොදත යුතුයි. බෝසතුන්ගේ පිළිසිඳ ගැනීමෙහිදී දස දහසක් සක්වළ කම්පාවීමෙන්ම ක්ෂෙත්ර පිළිගැනීම කරනලදී. මෙදැතුරෙහි අන්බුදු කෙනකුගේ උපත නවත්වනලද්දේ වෙයි. පිරිනිවනෙහි පටන් යම්තාක් අබැටක් පමණවූද ධාතුවක් සිටීද ඒතාක් පසුකාලයයි නොදත යුතුය. ධාතූන් සිටි කල්හි බුදුවරු සිටියාහු වෙත්, එබැවින් මේ අතරෙහි අන්බුදුකෙනෙකුගේ උපත නොවළහනලද්දේ වෙයි.
කස්මා පන අපුබ්බං අචරිමං න උප්පජ්ජන්තීති? අනච්ඡරියත්තා. බුද්ධා හි අච්ඡරියමනුස්සා. යථාහ – “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.172). යදි ච ද්වෙ වා චත්තාරො වා අට්ඨ වා සොළස වා එකතො උප්පජ්ජෙය්යුං, අනච්ඡරියා භවෙය්යුං. එකස්මිඤ්හි විහාරෙ ද්වින්නං චෙතියානම්පි ලාභසක්කාරො උළාරා න හොන්ති, භික්ඛූපි බහුතාය අනච්ඡරියා ජාතා, එවං බුද්ධාපි භවෙය්යුං. තස්මා න උප්පජ්ජන්ති.
කුමක් නිසා පෙරපසු නොවී නොඋපදිත්ද යත් ආශ්චර්ය්යවත් නොවන බැවිනි. බුදුවරු වනාහි ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝයි. යම්සේ කියන ලද්දේද: මහණෙනි, ආශ්තර්ය්ය මනුෂ්‍යවූ එක් පුද්ගලයෙක් මෙලොව උපදින්නේ උපදියි. කවර එක් පුද්ගලයෙක්ද යත් තථාගතවූ අරහත් සම්මාසම්බුදුන්වහන්සේයි.’ ඉදින් දෙදෙනෙක් සිවුදෙනෙක් අටදෙනෙක් හෝ සොළොස් දෙනෙක් එකට උපදින්නාහු නම් ආහ්චර්ය්යවත් නොවූවෝ වෙත්. එක් වෙහෙරෙක චෛත්‍යය දෙකකට ලාභසත්කාරය මහත් නොවෙයි. භික්ෂුහුද බොහෝ බැවින් ආශ්චර්ය්යවත් නොවූහ. බුදුවරුද එසේ වන්නාහුය. එබැවින් නොඋපදිත්.
දෙසනාය ච විසෙසාභාවතො. යඤ්හි සතිපට්ඨානාදිකං ධම්මං එකො දෙසෙති, අඤ්ඤෙන උප්පජ්ජිත්වාපි සොව ධම්මො දෙසෙතබ්බො සියා. තතො අනච්ඡරියො සියා. එකස්මිං පන ධම්මං දෙසෙන්තෙ දෙසනාපි අච්ඡරියාව හොති.
දේශනාවගේද විශේෂයක් නොමැති බැවිනි. යමෙක් සතිපට්ඨානාදී ප්‍රභේද ඇති යම් ධර්මයක් එක්කෙනෙක් දෙසයිද අනෙකෙකුවිසින් ඉපදීද එයම දෙසියයුතු වන්නේය. එයින් ආශ්චර්‍ය්‍යයක් නැත්තේ වෙයි. එකම ධර්මයක් දේශනා කරන කල්හි දේශනාවද ආශචර්ය්යවත් වෙයි.
විවාදභාවතො ච. බහූසු ච බුද්ධෙසු උප්පන්නෙසු බහූනං ආචරියානං අන්තෙවාසිකා විය “අම්හාකං බුද්ධො පාසාදිකො, අම්හාකං බුද්ධො මධුරස්සරො ලාභී පුඤ්ඤවා”ති විවදෙය්යුං, තස්මාපි එවං න උප්පජ්ජන්ති.
විවාදවත් බවින්ද (අනාශ්චර්ය්ය වෙයි) බොහෝ බුදුවරුන් උපන් කල්හි බොහෝ ආචාර්ය්යවරුන්ගේ අතවැස්සන් මෙන් අපගේ බුදුහු ප්රසාදවත්හ. අපගේ බුදුහු මිහිරි හඬ ඇත්තාහුය. ලැබීම් ඇත්තෙකි. පින්වත්ය යනුවෙන් විවාද කරන්නාහුය. එනිසාද එසේ නොඋපදින්නාහුය.
අපිචෙතං කාරණං මිලින්දරඤ්ඤා පුට්ඨෙන නාගසෙනත්ථෙරෙන විත්ථාරිතමෙව. වුත්තඤ්හි තත්ථ (මි· ප· 5.1.1) –
තවද මේ කාරණය මිළිඳු රජුවිසින් විමසන ලදුව නාගසේන තෙරුන් විසින් විස්තර කරන ලද්දේමය. කියනලද්දේමයි:
“භන්තෙ, නාගසෙන, භාසිතම්පි හෙතං භගවතා – ‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති. දෙසෙන්තා ච, භන්තෙ නාගසෙන, සබ්බෙපි තථාගතා සත්තතිංස බොධිපක්ඛියධම්මෙ දෙසෙන්ති, කථයමානා ච චත්තාරි අරියසච්චානි කථෙන්ති, සික්ඛාපෙන්තා ච තීසු සික්ඛාසු සික්ඛාපෙන්ති, අනුසාසමානා ච අප්පමාදපටිපත්තියං අනුසාසන්ති. යදි, භන්තෙ නාගසෙන, සබ්බෙසම්පි තථාගතානං එකො උද්දෙසො එකා කථා එකා සික්ඛා එකා අනුසිට්ඨි, කෙන කාරණෙන ද්වෙ තථාගතා එකක්ඛණෙ න උප්පජ්ජන්ති. එකෙනපි තාව බුද්ධුප්පාදෙන අයං ලොකො ඔභාසජාතො, යදි දුතියොපි බුද්ධො භවෙය්ය, ද්වින්නං පභාය අයං ලොකො භිය්යොසොමත්තාය ඔභාසජාතො භවෙය්ය. ඔවදමානා ච ද්වෙ තථාගතා සුඛං ඔවදෙය්යුං, අනුසාසමානා ච සුඛං අනුසාසෙය්යුං. තත්ථ මෙ කාරණං දෙසෙහි, යථාහං නිස්සංසයො භවෙය්යන්ති”.
‘ස්වාමීනි, නාගසේනයිනි, එහි භාග්‍යවතුන්වහන්සේ විසින් ‘මහණෙනි, එකම ලෝකධාතුවෙක්හි අර්හත් සම්මා සම්බුදුවරු දෙදෙනෙක් පෙරපසු නොවී උපදින්නාහුය. යන යමක් වේද එය අවකාශරහතිය; කරුණු රහිතය, එයට හේතුවක් නොපෙනේ’යි කියනලදී. ස්වාමීනි, නාගසේනයිනි, සියලුම තථාගතවරු දහම් දෙසමින් තිසක්වූ බෝධිපාක්ෂික ධර්මයන් දෙසත්, කියන්නාහු සතර ආර්‍ය්‍ය සත්‍යයන් කියත්. හික්මවන්නාහු ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මවත්, අනුශාසනා කරන්නාහු අප්‍රමාද ප්‍රතිපත්තිය දෙසත්. ඉදිත් ස්වාමීනි, නාගසේනයිනි, සියලුම බුදුවරුන්ට එක් උදෙසීමක්, එක් කථාවක්, එක් අනුශාසනාවක් ඇත්නම් කුමන කරුණකින් තථාගතවරු දෙදෙනෙක් එකවිට නූපදිත්ද? එක් බුද්ධෝත්පාදයකින්ම මේ ලෝකය ආලෝකමත් වූයේ නම් ඉදින් දෙවෙනි බුදුවරයෙක්ද උපන්නේ නම් දෙදෙනාගේම පැහැයෙන් මේ ලෝකය බොහෝසෙයින් අලෝකමත් වන්නේය. අවවාද කරමින් කථාගතවරු දෙදෙන සුවසේ අවවාද රකත්. අනුශාසනා කරමින් සුවසේ අනුශාසනා කරත්. යම් සේ යම්සේ මම නිසැක වන්නෙම්ද කෙරුණෙහිලා මට කරුණු දක්වනු මැනැවැයි’ (කීවේය).
“අයං, මහාරාජ, දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති. යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය.
‘මහරජ මෙම දශසහශ්‍රී ලෝකධාතුව එක් බුදු කෙනකුම දරන්නේය. එක් බුදුකෙනෙකුගේම ගුණය දරන්නේය. ඉඳින් දෙවැනි බුදුවරයෙක් උපදිත් නම් මේ දශසහශ්‍රී ලෝකධාතුව නො දරන්නේය. සැලෙන්නේය; කම්පා වන්නේය; නැමෙන්නේය, පාත්වන්නේය, හැකිලෙන්නේය, විසිරෙන්නේය, විනාශවන්නේය, කැඩෙන්නේය, විනාශයට යන්නේය.
“යථා, මහාරාජ, නාවා එකපුරිසසන්ධාරණී භවෙය්ය. එකස්මිං පුරිසෙ අභිරූළ්හෙ සා නාවා සමුපාදිකා භවෙය්ය. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය තාදිසො ආයුනා වණ්ණෙන වයෙන පමාණෙන කිසථූලෙන සබ්බඞ්ගපච්චඞ්ගෙන, සො තං නාවං අභිරුහෙය්‍ය. අපි නු සා, මහාරාජ, නාවා ද්වින්නම්පි ධාරෙය්යාති? න හි, භන්තෙ, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය, ඔසීදෙය්ය උදකෙති. එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති, යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය…පෙ… න ඨානමුපගච්ඡෙය්ය.
යම්සේ මහරජ, නැවක් එක්පුරුෂයකු දරන්නේ වේද? එක් පුරුෂයකු නැඟුණු කල්හි මනාව (පරතරට) එළඹෙන්නේ වේද? ඉක්බිති දෙවැනි පුරුෂයෙක් එබඳුවූ ආයුෂයෙන් වර්ණයෙන් වයසින් ප්‍රමාණයෙන් කෙට්ටු මහත බවින්, සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් සමානවූයේ පැමිණෙයිද? හෙතෙම ඒ නැවට නැඟෙන්නේ නම් මහරජ, ඒ නැව දෙදෙනාම දරන්නේද? ‘නැත ස්වාමීනි, සැලෙන්නේය; කම්පාවන්නේය, නැමෙන්නේය, පහත්වන්නේය, හැකිලෙන්නේය, විසිරෙන්නේය, විනාශවන්නේය, කැඩෙන්නේය, විනාශයට යන්නේය, දියෙහි ගිලෙන්නේය,’ ‘මහරජ, එසේම, මේ දශසහශ්‍රී ලෝකධාතුව නොදරන්නේය. සෙලවෙන්නේය. -පෙ- විනාශයට එළඹෙන්නේය.
“යථා වා පන, මහාරාජ, පුරිසො යාවදත්ථං භොජනං භුඤ්ජෙය්ය ඡාදෙන්තං යාව කණ්ඨමභිපූරයිත්වා. සො ධාතො පීණිතො පරිපුණ්ණො නිරන්තරො තන්දිකතො අනොනමිතදණ්ඩජාතො පුනදෙව තත්තකං භොජනං භුඤ්ජෙය්ය. අපි නු ඛො සො, මහාරාජ, පුරිසො සුඛිතො භවෙය්‍යාති? න හි, භන්තෙ, සකිංභුත්තොව මරෙය්යාති. එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී…පෙ… න ඨානමුපගච්ඡෙය්යාති.
මහරජ, යම්සේ වනාහි පුරුෂයෙක් උගුර වැසෙන තෙක් මනාව පුරවා’ ඇතිපමණ බොජුන් අනුභව කරන්නේද හෙතෙම තෘප්තවූයේ ‘පිණාගියේ, සම්පූරණවූයේ, අතරක් නැතිවූයේ’ නොනැමෙන දණ්ඩක් මෙන්වූයේ, නැවතත් එපමණකම බොජුනක් වළඳ හෙතෙම මහරජ, සුවපත් වන්නේද? ‘නැත ස්වාමීනි, වරක් වැළඳුයේම මැරෙන්නේය.’ ‘එසේම මහරජ, මේ දශසහශ්‍රී ලෝකධාතුව එක් බුදුවරයකු දරන්නේය. -පෙ- විනාශයට යන්නේය.
“කිං නු ඛො, භන්තෙ නාගසෙන, අතිධම්මභාරෙන පථවි චලතීති? ඉධ, මහාරාජ, ද්වෙ සකටා රතනපරිපූරිතා භවෙය්යුං යාව මුඛසමා. එකස්මා සකටතො රතනං ගහෙත්වා එකස්මිං සකටෙ ආකිරෙය්යුං, අපි නු තං, මහාරාජ, සකටං ද්වින්නම්පි සකටානං රතනං ධාරෙය්යාති? න හි, භන්තෙ, නාභිපි තස්ස ඵලෙය්ය, අරාපි තස්ස භිජ්ජෙය්යුං, නෙමීපි තස්ස ඔපතෙය්යුං, අක්ඛොපි තස්ස භිජ්ජෙය්යාති. කිං නු ඛො, මහාරාජ, අතිරතනභාරෙන සකටං භිජ්ජතීති ? ආම, භන්තෙති. එවමෙව ඛො, මහාරාජ, අතිධම්මභාරෙන පථවී චලතීති.
‘කිමෙක්ද ස්වාමීනි, නාගසේනයිනි, බොහෝ ධර්මබරින් පොළොව සැලෙන්නේද?’ ‘මහරජ, මෙහි ගැලදෙකක් මුවවිට රුවනින් පුරවන ලද්දේමවෙයි. එක් ගැලකින් රුවන්ගෙන එක් ගැලකම හෙලන්නේ නම් මහරජ, ඒගැල ගැල් දෙකේම රුවන් දරන්නේද?’ ‘නැත ස්වාමීනි, එහි ගැලද පැළෙන්නේය, එහි අරද (ගරාදි) බිඳෙන්නේය. ‘කිමෙක්ද මහරජ, බොහෝ රුවන් බරින් ගැල බිඳෙන්නේද?’ ‘එසේය ස්වාමීනි,’ ‘මහරජ එපරිද්දෙන්ම අතිධර්මභාරයෙන් පොළොව සැලෙයි.
“අපි ච, මහාරාජ, ඉමං කාරණං බුද්ධබලපරිදීපනාය ඔසාරිතං. අඤ්ඤම්පි තත්ථ අභිරූපං කාරණං සුණොහි, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ න උප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, පරිසාය විවාදො උප්පජ්ජෙය්ය, ‘තුම්හාකං බුද්ධො, අම්හාකං බුද්ධො’ති උභතොපක්ඛජාතා භවෙය්යුං. යථා, මහාරාජ, ද්වින්නං බලවාමච්චානං පරිසාය විවාදො උප්පජ්ජති, ‘තුම්හාකං අමච්චො අම්හාකං අමච්චො’ති උභතොපක්ඛජාතා හොන්ති. එවමෙව ඛො, මහාරාජ, යදි ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, පරිසාය විවාදො උප්පජ්ජෙය්ය, ‘තුම්හාකං බුද්ධො, අම්හාකං බුද්ධො’ති උභතොපක්ඛජාතා භවෙය්යුං. ඉදං පඨමං කාරණං සුණොහි, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ න උප්පජ්ජන්ති.
තවද මහරජ, මේ කාරණය බුද්ධබලය දැක්වීම සඳහා විස්තර කරන ලදී. යම් කරුණකින් බුදුවරු දෙදෙනෙක් එක්විට නූපදීත්ද? එහිලා අන්‍යවූද මනා කරුනක් ඇත. එයද අසව ඉදින් මහරජ, සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එක්විට උපදින්නාහු නම් පිරිසෙහි විවාද උපදින්නේය. නුඹලාගේ බුදුන්ය අපේ බුදුන්යයි දෙපසට පක්ෂවූවාහු වන්නාහුය. යම් සේ මහරජ, බලවත් ඇමතිවරුන් දෙදෙනෙකුගේ පිරිසෙහි විවාද උපදීද නුඹලාගේ ඇමතිය අපේ ඇමතියයි දෙපසට පක්ෂ වූවාහු වෙත්ද එසේම මහරජ, සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එකවිට උපදින්නාහු නම් පිරිසෙහි විවාදයක් උපදියි, නුඹලාගේ බුදුන්ය අපේ බුදුන්යයි දෙපසට පක්ෂවූවාහු වන්නාහුය. යම් කරුණකින් සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එක්වර නූපදිත්ද අසව, මේ පළමුවැනි කරුණයි.
“අපරම්පි, මහාරාජ, උත්තරිං කාරණං සුණොහි, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ න උප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, අග්ගො බුද්ධොති යං වචනං, තං මිච්ඡා භවෙය්ය. ජෙට්ඨො බුද්ධොති…පෙ… සෙට්ඨො බුද්ධොති. විසිට්ඨො බුද්ධොති, උත්තමො බුද්ධොති, පවරො බුද්ධොති, අසමො බුද්ධොති, අසමසමො බුද්ධොති, අප්පටිසමො බුද්ධොති, අප්පටිභාගො බුද්ධොති, අප්පටිපුග්ගලො බුද්ධොති යං වචනං, තං මිච්ඡා භවෙය්ය. ඉමම්පි ඛො ත්වං, මහාරාජ, කාරණං අත්ථතො සම්පටිච්ඡ, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ න උප්පජ්ජන්ති.
යම් කරුණකින් සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එක්වර නුපදිත්ද අසව, මත්තෙහි වෙනත් කරුණක්ද වෙයි. ඉදින් මහරජ සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එක්වර උපදින්නාහු නම් බුදුහු අග්‍රයහ යන නම් වචනයක් වේද එය මුසාවක් වන්නේය. බුදුහු ජ්යෙෂ්ටය යන යම් වචනයක් වේද එය මුසාවක් වන්නේය. බුදුහු ශ්රෙස්ටයහ, බුදුහු විශිෂ්ටයහ, බුදුහු උතුම්යහ, බුදුහු අතිඋතුම්යහ, බුදුහු අසමයහ, බුදුහු අසමසමයහ, බුදුහු අප්පටිසමයහ, බුදුහු අප්රතිභාගයහ, බුදුහු අප්රතිපුද්ගලයහ යන යම් වචනයක් වේද එය මුසාවක් වන්නේය. යම් කරුණකින් සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එක්වර නූපදිත්ද මහරජ, එබ මේ කරුණත් අර්‍ත්‍ථවශයෙන් පිළිගන්න.
“අපිච, මහාරාජ, බුද්ධානං භගවන්තානං සභාවපකතිකා එසා, යං එකොයෙව බුද්ධො ලොකෙ උප්පජ්ජති. කස්මා? කාරණමහන්තත්තා සබ්බඤ්ඤුබුද්ධගුණානං. අඤ්ඤම්පි, මහාරාජ, යං මහන්තං හොති, තං එකංයෙව හොති. පථවී, මහාරාජ, මහන්තී, සා එකායෙව. සාගරො මහන්තො, සො එකොයෙව. සිනෙරු ගිරිරාජ මහන්තො, සො එකොයෙව. ආකාසො මහන්තො, සො එකොයෙව. සක්කො මහන්තො, සො එකොයෙව. බ්රහ්මා මහන්තො, සො එකොයෙව. තථාගතො අරහං සම්මාසම්බුද්ධො මහන්තො, සො එකොයෙව. යත්ථ තෙ උප්පජ්ජන්ති, තත්ථ අඤ්ඤෙසං ඔකාසො න හොති. තස්මා තථාගතො අරහං සම්මාසම්බුද්ධො එකොයෙව ලොකෙ උප්පජ්ජතීති. සුකථිතො, භන්තෙ නාගසෙන, පඤ්හො ඔපම්මෙහි කාරණෙහී”ති.
තවද මහරජ, තනිවම ලෝකයෙහි උපදියි යන මෙය බුදුවරුන්ගේ ස්වභාව ප්‍රකෘතියයි. කුමක් හෙයින්ද යත්? සර්වඥබුද්ධගුණයන්ගේ හේතු මහත්වය හෙයිනි. මහරජ වෙනත් යමක් මහත් වේද එය එකක්ම වෙයි. සයුර මහත්ය, එය එකක්මය, මහාමේරු පර්වත රජයා මහත්ය, එය එකක්මය, අහස මහත්ය, එය එකක්මය, මහාමේරු පවර්‍ත රජයා මහත්ය, එය එකක්මය, අහස මහත්ය, එය එකක්මය, ශක්‍රයා මහත්ය, හෙතෙමෙ එකෙක්මය, බ්‍රහ්මයා මහත්ය, හෙතෙම එකෙක්මයි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන්වහන්සේ මහත්ය, හෙතෙම එක්කෙනෙක්මය. යම් තැනක ඔවුහු උපදිත්ද, එහි අනෙක් අයට අවකාශයක් නැත. එබැවින් අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ තනිවම ලොව උපදිත්.’ ‘ස්වාමීනි, නාගසේනයිනි, උපමා කාරණයන්ගෙන් ප්රශ්නය මනාව විසඳන ලදී.’
එකිස්සා ලොකධාතුයාති එකස්මිං චක්කවාළෙ. හෙට්ඨා ඉමිනාව පදෙන දස චක්කවාළසහස්සානි ගහිතානි, තානිපි එකචක්කවාළෙනෙව පරිච්ඡින්දිතුං වට්ටන්ති. බුද්ධා හි උප්පජ්ජමානා ඉමස්මිංයෙව චක්කවාළෙ උප්පජ්ජන්ති, උප්පජ්ජනට්ඨානෙ පන වාරිතෙ ඉතො අඤ්ඤෙසු චක්කවාළෙසු න උප්පජ්ජන්තීති වාරිතමෙව හොති.
එකිස්සා ලොකධාතුයා යනු එක් සක්වළෙක්හියි යට මේ පදයෙන්ම දසදහසක් සක්වළ ගන්නා ලදී. ඒවාද එක් සක්වළකින්ම සීමා කරන්නට වටීයි. බුදුවරු වනාහි උපදින්නාහු මේ සක්වළෙහිම උපදිත්. උපදින තැන වළහන ලද කල්හි මෙයින් අන්‍යවූ සක්වළවල්හි නූපදිතැයි වළහන ලද්දේම වෙයි.
පඨමවග්ගවණ්ණනා.
අට්ඨානපාළි-දුතියවග්ගවණ්ණනා
අපුබ්බං අචරිමන්ති එත්ථ චක්කරතනපාතුභාවතො පුබ්බෙ පුබ්බං, තස්සෙව අන්තරධානතො පච්ඡා චරිමං. තත්ථ ද්විධා චක්කරතනස්ස අන්තරධානං හොති චක්කවත්තිනො කාලකිරියාය වා පබ්බජ්ජාය වා. අන්තරධායමානඤ්ච පන තං කාලකිරියතො වා පබ්බජ්ජතො වා සත්තමෙ දිවසෙ අන්තරධායති, තතො පරං චක්කවත්තිනො පාතුභාවො අවාරිතො.
අපුබ්බං අචරිමං යන මෙහි සක්රුවන පහළවීමට කලින් පෙරය. එයම අතුරුදහන් වීමට පසු පසුය. එහි සක්රුවනේ අතුරුදහන් වීම දෙපරිදිය. සක්විති රජුගේ මරණයෙන් හෝ පැවිද්දෙන් වශයෙනිය. අතුරුදහන් වන එය කළුරිය කිරීමෙන් හෝ පැවිදි වීමෙන් සත්වැනි දිනයෙහි අතුරුදහන් වෙයි. එයින් මත්තෙහි සක්විති රජුගේ පහළවීම නොවළහන ලද්දේය.
කස්මා පන එකචක්කවාළෙ ද්වෙ චක්කවත්තිනො න උප්පජ්ජන්තීති? විවාදුපච්ඡෙදතො, අච්ඡරියභාවතො, චක්කරතනස්ස මහානුභාවතො ච. ද්වීසු හි උප්පජ්ජන්තෙසු “අම්හාකං රාජා මහන්තො, අම්හාකං රාජා මහන්තො”ති විවාදො උප්පජ්ජෙය්ය, “එකස්මිං දීපෙ චක්කවත්තී, එකස්මිං දීපෙ චක්කවත්තී”ති ච අනච්ඡරියො භවෙය්ය. යො චායං චක්කරතනස්ස ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු ඉස්සරියානුප්පදානසමත්ථො මහානුභාවො, සොපි පරිහායෙථ. ඉති විවාදුපච්ඡෙදතො අච්ඡරියභාවතො චක්කරතනස්ස මහානුභාවතො ච න එකචක්කවාළෙ ද්වෙ උප්පජ්ජන්ති.
කුමක් හෙයින් එක් සක්වළෙක සක්විති රජවරු දෙදෙනෙක් නූපදිත්ද? විවාද දුරලීම් වශයෙන්ද අසිරිමත් බවින්ද සක්රුවනේ මහත් ආනුභාවයෙන්ද වෙයි. දෙදෙනෙකු උපදනා කල්හි අපගේ රජ මහත්ය. අපගේ රජ මහත්යයි විවාදයක් හටගන්නේය, මේ දිවයිනෙහි සක්විති රජය, මේ දිවයිනෙහි සක්විති රජයයි අනාශ්චර්ය්යයක් වෙයි. සක්රුවනේ දෙදෙහසක් දිවයින් පිරිවර කොට ඇති සතර මහාදිවයින්හි ඉසුරු දීමේ යම් සමත් මහානුභාවයක් වේද? එය පිරිහෙන්නේය. මෙසේ විවාද දුරලීම් වශයෙන්ද අසිරිමත්බවින්ද සක්රුවනේ මහත් ආනුභාවයෙන්ද එක් සක්වළක දෙදෙනෙක් නූපදිත්,
යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධොති එත්ථ තිට්ඨතු තාව සබ්බඤ්ඤුගුණෙ නිබ්බත්තෙත්වා ලොකනිත්ථරණසමත්ථො බුද්ධභාවො, පණිධානමත්තම්පි ඉත්ථියා න සම්පජ්ජති.
යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො යනු මෙහි සර්වඥ තා ගුණයෙන් උපදවා ලෝකයා (සසරින්) එතෙර කිරීමට සමත් බුදුබව තිබියේවා? ස්ත්‍රියකට ප්රර්ත්ථනා මාත්‍රයක්වත් නොඑළඹෙයි.
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨ ධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59) –
මිනිසත්බව, ලිංගසම්පත්තිය, හේතුව, ශස්තෘවරයකු දැකීම, පැවිද්ද, ගුණසම්පත්තිය, ප්රාර්ත්ථනව කැමැත්ත යන ධර්මඅට එක්වීමෙන් අභිනීහාරය (බුදුබව පැතීම) ඉටුවෙයි.
ඉමානි හි පණිධානසම්පත්තිකාරණානි. ඉති පණිධානම්පි සම්පාදෙතුං අසමත්ථාය ඉත්ථියා කුතො බුද්ධභාවොති. “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො”ති වුත්තං. සබ්බාකාරපරිපූරොව පුඤ්ඤුස්සයො සබ්බාකාරපරිපූරමෙව අත්තභාවං නිබ්බත්තෙතීති පුරිසොව අරහං හොති සම්මාසම්බුද්ධො, න ඉත්ථී.
මේවා ප්‍රාර්‍ත්‍ථනාව ඉටුවීමේ කරුණයි. මෙසේ ප්රාර්ත්ථනවද ඉටුකර ගැනීමට අසමත් බැවින් ස්ත්‍රියට බුදුබවක් කොයින්ද? ‘මහණෙනි, ස්ත්‍රිය අරහත් සම්මා සම්බුදු වේය යන යමක් වේද? එයට කරුණු රහිතය, අවකාශ රහිතය’යි කියනලදී. සියළු අයුරින් සපිරුණු පින් රැසම සියලු අයුරින් පිරිපුන් ආත්මභාවයක් උපදවන්නෙයි පිරිමියෙක්ම අරහත් සම්මා සම්බුදු වෙයි, ස්ත්‍රිය නොවෙයි.
රාජා අස්ස චක්කවත්තීතිආදීසුපි යස්මා ඉත්ථියා කොසොහිතවත්ථගුය්හතාදීනං අභාවෙන ලක්ඛණානි න පරිපූරන්ති, ඉත්ථිරතනාභාවෙන සත්තරතනසමඞ්ගිතා න සම්පජ්ජති, සබ්බමනුස්සෙහි ච අධිකො අත්තභාවො න හොති. තස්මා “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී”ති වුත්තං.
රාජා අස්ස චක්කවත්ති යනාදියෙහිද යම් හෙයකින් ස්ත්‍රියගේ කොපුවකින් වැසුණු අංගජාතාදිය නොමැති බැවින් ලකුණු නොපිරෙයි. ස්ත්රීරත්නයක අභාවයෙන් සත්රුවනින් යුක්තවීම නොලැබෙයි. සියලු මිනිසුන් කෙරෙහිද වැඩි වූ අත්බැවක් නොවෙයි. එහෙයින්, ‘මහණෙනි, ස්ත්‍රිය සක්විති රජ වේ යන යමක් වේද? එය කරුණු රහිතය. අවකාශ රහිතය’යි කියනලදී.
යස්මා ච සක්කත්තාදීනි තීණි ඨානානි උත්තමානි, ඉත්ථිලිඞ්ගඤ්ච හීනං, තස්මා චස්සා සක්කත්තාදීනිපි පටිසිද්ධානි.
යම් හෙයකින් ශක්‍ර බව ආදී තැන් තුනක් උතුම් වේද? ස්ත්‍රීලිංගය පහත්ය, එබැවින් ඇයට සක්බව ආදියද වැළකිණි.
නනු ච යථා ඉත්ථිලිඞ්ගං, එවං පුරිසලිඞ්ගම්පි බ්රහ්මලොකෙ නත්ථි. තස්මා “යං පුරිසො බ්රහ්මත්තං කාරෙය්ය, ඨානමෙතං විජ්ජතී”තිපි න වත්තබ්බං සියාති. නො න වත්තබ්බං. කස්මා? ඉධ පුරිසස්ස තත්ථ නිබ්බත්තනතො. බ්රහ්මත්තන්ති හි මහාබ්රහ්මත්තං අධිප්පෙතං. ඉත්ථී ච ඉධ ඣානං භාවෙත්වා කාලං කත්වා බ්රහ්මපාරිසජ්ජානං සහබ්යතං උපපජ්ජති, න මහාබ්රහ්මානං. පුරිසො පන තත්ථ නුප්පජ්ජතීති න වත්තබ්බො. සමානෙපි චෙත්ථ උභයලිඞ්ගාභාවෙ පුරිසසණ්ඨානාව බ්රහ්මානො, න ඉත්ථිසණ්ඨානා. තස්මා සුවුත්තමෙවෙතං.
ස්ත්‍රීලිංගය පමණක් නොව පුරුෂලිංගයද බ්‍රහ්ම ලෝකයෙහි නැත. එහෙයින් පුරුෂයෙක් බ්‍රහ්මබව කරන්නේය යන යමක් වේද? මෙකරුණ විද්‍යාමාන වේයයිද නොකිය යුතු වන්නේය. නොකිවයුතු වන්නේද නොවේ. කුමක් හෙයින්ද යත්? මෙහිලා පුරුෂයා එහි උපදින බැවිනි. බ්රහ්මත්තං යන්නෙන් මහාබ්‍රහ්ම බව අදහස් කරලදී ස්ත්‍රියද මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්රහ්මපාරිසද්යයන් සමඟ සහවාසයෙහි උපදියි. මහාබ්‍රහ්මයන් සමඟ නොවේ. පුරුෂයා වනාහි එහි නූපදිතැයි නොකිව යුතුය. (ස්ත්‍රීපුරුෂ) උභය ලිංගයාගේ අභාවය සමානව ඇති කල්හි බ්‍රහ්මයෝ පිරිමි සටහන් ඇත්තෝම වෙත්, ගැහුණු සටහන් ඇත්තෝ නොවෙත්, එබැවින් මෙය මනාව කියන ලද්දේම වෙයි.
කායදුච්චරිතස්සාතිආදීසු යථා නිම්බබීජකොසාතකිබීජාදීනි මධුරං ඵලං න නිබ්බත්තෙන්ති, අසාතං අමධුරමෙව නිබ්බත්තෙන්ති, එවං කායදුච්චරිතාදීනි මධුරං විපාකං න නිබ්බත්තෙන්ති, අමධුරමෙව නිබ්බත්තෙන්ති. යථා ච උච්ඡුබීජසාලිබීජාදීනි මධුරං සාදුරසමෙව ඵලං නිබ්බත්තෙන්ති, න අසාතං කටුකං. එවං කායසුචරිතාදීනි මධුරමෙව විපාකං නිබ්බත්තෙන්ති, න අමධුරං. වුත්තම්පි චෙතං –
කායදුච්චරිතස්ස යනාදියෙහි කොහොඹ ඇට කරවිල ඇට ආදිය මිහිරිපල නොඋපදවයි. කටුක අමිහිර පලම උපදවයි. එසේ කායදුශ්චරිතාදිය මිහිර විපාක නූපදවයි. අමිහිරි විපාකම උපදවයි. යම්සේ උක් හැල්බීජාදිය මිහිරි මනාරස ඇති පල උපදවයිද අමිහිරි කටුක පල නූපදවයිද එසේම කායසුචරිතාදිය මිහිරිවූම විපාකයක් උපදවයි, අමිහිරි විපාකයක් නූපදවයි. මෙයද කියනලදී.
“යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපක”න්ති. (සං· නි· 1.256);
‘යම්බඳු බීජයක් වපුරයිද එබඳුම පලයක් ගෙනෙනු ලැබේ. යහපත කරන්නා යහපත් පලයක්ද පවුකරන්නා පවිටුපලයක්ද ගෙනෙනු ලැබේ
තස්මා “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං කායදුච්චරිතස්සා”තිආදි වුත්තං.
එහෙයින් අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං කායදුච්චරිතස්ස’ ආදිය කියනලදී.
කායදුච්චරිතසමඞ්ගීතිආදීසු සමඞ්ගීති පඤ්චවිධා සමඞ්ගිතා – ආයූහනසමඞ්ගිතා, චෙතනාසමඞ්ගිතා, කම්මසමඞ්ගිතා, විපාකසමඞ්ගිතා, උපට්ඨානසමඞ්ගිතාති. තත්ථ කුසලාකුසලකම්මායූහනක්ඛණෙ ආයූහනසමඞ්ගිතාති වුච්චති. තථා චෙතනාසමඞ්ගිතා. යාව පන සත්තා අරහත්තං න පාපුණන්ති, තාව සබ්බෙපි සත්තා පුබ්බෙ උපචිතචෙතනාය සමඞ්ගිතාය චෙතනාසමඞ්ගිනොති වුච්චන්ති. එසා චෙතනාසමඞ්ගිතා. යාව අරහත්තං න පාපුණන්ති, තාව සබ්බෙපි සත්තා පුබ්බෙ උපචිතං විපාකාරහං කම්මං සන්ධාය “කම්මසමඞ්ගිනො”ති වුච්චන්ති. එසා කම්මසමඞ්ගිතා. විපාකසමඞ්ගිතා විපාකක්ඛණෙයෙව වෙදිතබ්බා. යාව පන සත්තා අරහත්තං න පාපුණන්ති, තාව තෙසං තතො තතො චවිත්වා නිරයෙ උප්පජ්ජමානානං අග්ගිජාලාලොහකුම්භිආදීහි උපට්ඨානාකාරෙහි නිරයො, ගබ්භසෙය්යකත්තං ආපජ්ජමානානං මාතුකුච්ඡි, දෙවෙසු උප්පජ්ජමානානං කප්පරුක්ඛවිමානාදීහි උපට්ඨානාකාරෙහි දෙවලොකොති එවං උපපත්තිනිමිත්තං උපට්ඨාති. ඉති නෙසං ඉමිනා උපපත්තිනිමිත්තඋපට්ඨානෙන අපරිමුත්තතා උපට්ඨානසමඞ්ගිතා නාම. සා චලති, සෙසා නිච්චලා. නිරයෙ හි උපට්ඨිතෙපි දෙවලොකො උපට්ඨාති, දෙවලොකෙ උපට්ඨිතෙපි නිරයො උපට්ඨාති, මනුස්සලොකෙ උපට්ඨිතෙපි තිරච්ඡානයොනි උපට්ඨාති, තිරච්ඡානයොනියා ච උපට්ඨිතායපි මනුස්සලොකො උපට්ඨාතියෙව.
කායදුච්චරිතසමඞ්ගී යනාදියෙහි ‘සමඞ්ගී’ යනු ආයුහන සමඞ්ගිතා, චෙතනා සමඞ්ගිතා, කම්මසමඞ්ගිතා, විපාක සමඞ්ගිතා යන පස්ආකාර සමඞ්ගිතාව (යුක්ත බව)යි. එහි කුශලාකුශලකර්ම රැස්වන කෙණෙහි ආයුහන සමඞ්ගිතාවයි කියනු ලැබේ. චෙතනා සමඞ්ගිතා යනුද එසේමයි. රහත් බවට නොපැමිණෙන තෙක් සියලුම සත්වයෝ පෙර රැස කරනලද විපාකයකට සුදුසු කර්මයන් නිසා කර්මයෙන් යුක්තවූවෝයයි කියනු ලැබෙත්. මෙය කර්මසමඞ්ගිතාවයි. විපාක සමඞ්ගිතාව විපාකක්ෂණයෙහිම දතයුතුය. සත්වයෝ යම්තාක් රහත්බවට නොපැමිණෙත්ද එතෙක් ඔවුන්ගෙන් ඒ ඒ තැනින් සැව නිරයෙහි උපදිනවුන්ට ගිනිදැල් ලොහොකුඹු ආදී වැටහෙන ආකාරයන්ගෙන් නිරයද මවුකුසට එළඹෙන්නවුන්ට මවුකුසද දෙවියන් අතුරෙහි උපදිනවුන්ට කප්රුක්වීමන් ආදී වැටහෙන ආකාරයෙන් දෙව්ලොවදැයි මෙසේ උප්පත්ති නිමිත්ත වැටහෙයි. මෙසේ ඔවුනට උත්පත්ති නිමිත්ත වැටහීමෙන් නොමිදෙනබැවින් උපට්ඨාන සමඞ්ගිතා නමි. එය සෙලවෙයි, සෙස්ස නිසලය. නිරයෙහි එළඹුනුකල්හිද දෙව්ලොවද වැටහෙයි. දෙව්ලොවෙහි එළඹුණු කල්හි නිරයද වැටහෙයි. මිනිස් ලොව එළඹුණු කල්හිද තිරිසන් යෝනියද තිරිසන් යෝනියෙහි එළඹුණු කල්හි මිනිස් ලොවද වැටහේමැයි
තත්රිදං වත්ථු – සොණගිරිපාදෙ කිර අචෙලවිහාරෙ සොණත්ථෙරො නාම එකො ධම්මකථිකො. තස්ස පිතා සුනඛවාජිකො නාම අහොසි, ථෙරො තං පටිබාහන්තොපි සංවරෙ ඨපෙතුං අසක්කොන්තො “මා නස්සි වරාකො”ති මහල්ලකකාලෙ අකාමකං නං පබ්බාජෙසි. තස්ස ගිලානසෙය්යාය නිපන්නස්ස නිරයො උපට්ඨාසි. සොණගිරිපාදතො මහන්තා සුනඛා ආගන්ත්වා ඛාදිතුකාමා විය සම්පරිවාරෙසුං. සො මහාභයභීතො “වාරෙහි, තාත සොණ, වාරෙහි, තාත සොණා”ති ආහ. කිං මහාථෙරාති? න පස්සසි, තාතාති තං පවත්තිං ආචික්ඛි. සොණත්ථෙරො “කථඤ්හි නාම මාදිසස්ස පිතා නිරයෙ නිබ්බත්තිස්සති, පතිට්ඨාස්ස භවිස්සාමී”ති සාමණෙරෙහි නානාපුප්ඵානි ආහරාපෙත්වා චෙතියඞ්ගණබොධියඞ්ගණෙසු තලසන්ථරණපූජං ආසනපූජඤ්ච කාරෙත්වා පිතරං මඤ්චකෙන චෙතියඞ්ගණං හරිත්වා මඤ්චෙ නිසීදාපෙත්වා “අයං, මහාථෙර, පූජා තුම්හාකං අත්ථාය කතා, ‘අයං මෙ භගවා දුග්ගතපණ්ණාකාරො’ති වත්වා භගවන්තං වන්දිත්වා චිත්තං පසාදෙහී”ති ආහ. සා මහාථෙරො පූජං දිස්වා තථා කරොන්තො චිත්තං පසාදෙසි. තාවදෙවස්ස දෙවලොකො උපට්ඨාසි. නන්දනවන-චිත්තලතාවන-මිස්සකවන-ඵාරුසකවන-විමානානි චෙව දෙවනාටකානි ච පරිවාරෙත්වා ඨිතානි විය අහෙසුං. සො “අපෙථ, සොණ, අපෙථ, සොණා”ති ථෙරං ආහ. කිමිදං, මහාථෙරාති? එතා තෙ මාතරො ආගච්ඡන්තීති. ථෙරො “සග්ගො උපට්ඨිතො මහාථෙරස්සා”ති චින්තෙසි. එවං උපට්ඨානසමඞ්ගිතා චලතීති වෙදිතබ්බා. එතාසු සමඞ්ගිතාසු ඉධ ආයූහනචෙතනාකම්ම-සමඞ්ගිතාවසෙන “කායදුච්චරිතසමඞ්ගී”තිආදි වුත්තං.
එහිලා මේ කථාවස්තුවයි - සොණ ගිරි පාමුලෙහි පංචල විහාරයෙහි සොණ තෙරුන් නම් වූ එක් ධර්මකථිකයෙක් වූයේය. ඔහුගේ පියා සුනඛයින් මෙහෙයවා සතුන් දඩයම් කරන්නෙක් වූයේය. තෙරුන්වහන්සේ ඔහු වළහන්නහුද සංවරයෙහි තැබීමට නොහැකි වන්නෝ අසරණයා නොනැසේවායි මහළු කල නොකැමැත්තෙන්ම පැවිදි කරවූහ. ගිලන් ඇඳෙහි වැදහොත්තාවූ ඔහුට නිරය වැටහුනේය. සොණ ගිරි පාමුලින් මහත් සුණඛයෝ අවුත් කනුකැමැත්තවුන් මෙන් වටකළාහුය. හෙතෙම මහත් බියෙන් බියපත්වූයේ ‘දරුව, සොණ වළක්වන්න, දරුව සෝණ වළක්වන්නැ’යි කීය, ‘කිමෙක්ද මහතෙර’යි සොණ තෙරණුවෝ ඇසූහ.’දරුව නොදක්නෙහිදැ’යි එපුවත සැළකළේය. සොණ තෙරණුවෝ ‘කෙසේනම් මා වැන්නෙකුගේ පියෙක් නරකයෙහි උපදින්නේද? මොහුට පිහිටක් වන්නේමැයි සාමණේරයන් ලවා නොයෙක් මල් ගෙන්වා සෑමලු බෝමලුවල මල් අතුරා කරන පූජාවක්ද ආසන පූජාවක්ද කරවා පියා ඇඳකින් සෑමලුවට යවා ඇඳෙහි හිඳුවා ‘මහතෙරුන්වහන්ස, මේ පූජාව ඔබ වෙනුවෙන් කරනලදී. භාග්‍යවතුන්වහන්ස, මේ මාගේ දිළිඳු පඬුරකැයි කියා භාග්‍යවතුන්වහන්සේ වැඳ සිත පහදවා ගනුමැනවැයි කීහ. මහතෙරණුවෝ පූජාව දැක එසේ කරමින් සිත පැහැදවූහ. එකෙණෙහිම ඔහුට දෙව්ලොව (නිමිති වශයෙන්) වැටහුණේය. නන්දන වනය, චිත්‍රලතා වනය, මිශ්‍රක වනය, පාරසක වන විමානයන් මෙන්ම දෙව් නිළියන්ද පිරිවරා සිටියාක් මෙන් විය. හෙතෙම ‘සොණ ඉවත්වන්නැයි කීවේය. ‘තෙරුන් වහන්ස, මේ කිමෙක්දැ’යි ඇසීය. මේ ඔබේ මවුවරු පැමිණෙති’යි කීවේය. තෙරණුවෝ ‘තෙරුන්ට ස්වර්ගය එළඹ සිටියේයයි සිතූහ. මෙසේ උපට්ඨාන සමඞ්ගිතාව වෙනස් වේයයි දතයුතුය. මේ සමංගිතාවන් අතුරෙහි මෙහි ආයුහන, චෙතනා, කර්මසමංගිතා වශයෙන්ද කායදුශ්චරිත සමංගිතා වශයෙන්ද කායදුච්චරිත සමංගි යනාදිය කියනලදී.
තත්ථ එකෙ ආචරියා “යස්මිං ඛණෙ කම්මං ආයූහති, තස්මිංයෙව ඛණෙ තස්ස සග්ගො වාරිතො”ති වදන්ති. අපරෙ පන “ආයූහිතකම්මං නාම විපාකවාරං ලභන්තම්පි අත්ථි අලභන්තම්පි. තත්ථ යදා කම්මං විපාකවාරං ලභති, තස්මිංයෙව කාලෙ තස්ස සග්ගො වාරිතො”ති වදන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එහි ඇතැම් ආචාර්ය්යවරු ‘යම්විටෙක කර්මය රැස්වේද? එකෙණෙහිම ඔහුට ස්වර්ගය වැළකිණැ’යි කියති. අන්‍යයෝ වනාහි, ‘විපාකවාර ලබන්නාවූද නොලබන්නාවූද ආයුහිත (රැස්වූ) කර්ම ඇත. එහි යම්විටෙක කර්මය විපාකාවාරයක් ලබයිද එකෙණෙහිම ඔහුට ස්වර්ගය වැළකිණැ’යි කියත්, සෙස්ස සියලුතන්හි ප්‍රකට අරුත් ඇත්තේමය.
අට්ඨානපාළිවණ්ණනා නිට්ඨිතා.
අට්ඨාන පාළිවර්ණනාව නිමියේයි.