යෙදුමෙන් කියවන්න

පඨමොවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පඨමොවග‍්ගො.

පළමු වර්ගය

එකධම‍්මපාළියං එකධම‍්මොති එකසභාවො. එකන‍්තනිබ‍්බිදායාති එකන‍්තෙන වට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය උක‍්කණ‍්ඨනත්‍ථාය. විරාගායාති වට‍්ටෙ විරජ‍්ජනත්‍ථාය, රාගාදීනං වා කිලෙසානං විරජ‍්ජනාය විගමාය. නිරොධායාති රාගාදීනං නිරොධාය අප‍්පවත‍්තිකරණත්‍ථාය, වට‍්ටස‍්සෙව වා නිරුජ‍්ඣනත්‍ථාය. උපසමායාති කිලෙසවූපසමනත්‍ථාය, අභිඤ‍්ඤායාති අනිච‍්චාදිවසෙන ලක‍්ඛණත‍්තයං ආරොපෙත්‍වා අභිජානනත්‍ථාය. සම‍්බොධායාති චතුන‍්නං සච‍්චානං බුජ‍්ඣනත්‍ථාය, “බොධි වුච‍්චති චතූසු මග‍්ගෙසු ඤාණ”න‍්ති (මහානි· 191; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙසො 121) එවං වුත‍්තස‍්ස වා චතුමග‍්ගඤාණස‍්ස පටිවිජ‍්ඣනත්‍ථාය. නිබ‍්බානායාති අප‍්පච‍්චයනිබ‍්බානස‍්ස සච‍්ඡිකරණත්‍ථාය.

එකධම්මපාළියෙහි එකධම්මො යනු එක් එක් ස්වභාවයකි. එකනතනිබ්බිදාය යනු එකාන්තයෙන්ම සසරෙහි කළකිරීම, උකටලීවීම සඳහායි. විරාගය යනු සසරෙහි නොඇලීම සඳහායි. රාගාදීවූ කෙලෙසුන්ගේ නොඇලීම දුරුකිරීම සඳහාය යනුයි. නිරොධාය යනු රාගාදීන්ගේ නිරෝධය සඳහා නොපැවැත්ම ඇති කරනු සඳහායි. සසරෙහිම නිරුද්ධවීම සඳහායි. උපසමාය යනු කෙලෙසුන් ව්‍යාපසමනය කරනු සඳහායි. අභිඤ්ඤාය යනු අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණත්‍රයට නංවා මනාව දැනීම සඳහායි. සම්බොධාය යනු සිවුසස් අවබෝධ කර ගැනීම සඳහායි. සතර මාර්‍ගයන්හි ඥානය බෝධියයි කියනු ලැබේයයි මෙසේ කියනලද සතරමාර්‍ගඥානය හෝ අවබෝධ කිරීම සඳහායි නිබ්බානාය යනු ප්‍රත්‍යය රහිත නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරනු සඳහායි.

ඉති භගවා ඉමෙහි සත‍්තහි පදෙහි බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානස‍්ස වණ‍්ණං කථෙසි. කස‍්මා? මහාජනස‍්ස උස‍්සාහජනනත්‍ථං විසකණ‍්ටකවාණිජො විය අත‍්තනො පණියස‍්ස. විසකණ‍්ටකවාණිජො නාම ගුළවාණිජො වුච‍්චති. සො කිර ගුළඵාණිතඛණ‍්ඩසක‍්කරාදීනි සකටෙනාදාය පච‍්චන‍්තගාමං ගන‍්ත්‍වා “විසකණ‍්ටකං ගණ‍්හථ, විසකණ‍්ටකං ගණ‍්හථා”ති උග‍්ඝොසෙසි. තං සුත්‍වා ගාමිකා “විසං නාම කක‍්ඛළං ඝොරං. යො නං ඛාදති, සො මරති. කණ‍්ටකම‍්පි විජ‍්ඣිත්‍වා මාරෙති, උභොපෙතෙ කක‍්ඛළා. කො එත්‍ථ ආනිසංසො”ති ගෙහද‍්වාරානි ථකෙසුං, දාරකෙ ච පලාපෙසුං. තං දිස‍්වා වාණිජො ‘අවොහාරකුසලා ඉමෙ ගාමිකා, හන්‍ද නෙ උපායෙන ගාහාපෙමී”ති “අතිමධුරං ගණ‍්හථ, අතිසාදුං ගණ‍්හථ, ගුළං ඵාණිතං සක‍්කරං සමග‍්ඝං ලබ‍්භති, කූටමාසකකූටකහාපණාදීහි වාපි ලබ‍්භතී”ති උග‍්ඝොසෙසි. තං සුත්‍වා ගාමිකා තුට‍්ඨපහට‍්ඨා වග‍්ගවග‍්ගා ගන‍්ත්‍වා බහුම‍්පි මූලං දත්‍වා අග‍්ගහෙසුං.

මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ සත් පදයන්ගෙන් බුද්ධානුස්මෘති කර්‍මස්ථානයාගේ වර්‍ණනාව කළ සේක. කුමක් හෙයින්ද යත්? විසකණ්ඩක වෙළෙන්දා තමන්ගේ වෙළඳබඩුවලට මෙන් මහජනයාට උනන්දුව ඇති කරලනු සඳහායි. විසකණ්ටක වෙළෙන්දා නම් සකුරු වෙළෙන්දායයි කියනු ලැබේ. හෙතෙම උක්සකුරුපැණි කැටහකුරු ආදිය ගැලෙන් ගෙන පසල් ගමට ගොස් විසකණ්ටක ගනුව විසකණ්ටක ගනුවයි හඬනැඟීය. එය අසා ගැමියෝ විසය නම් දරුණුය, භයානකය යමෙක් ඒවා කයි නම් හෙතෙම මැරෙයි. කටුවද විද මරයි. මේ දෙකම දරුණුය. මෙහි කවර අගයක්දැයි දොරවල් වැසුවාහුය. දරුවන්ද පළවා හැරියහ. වෙළෙන්දා එය දැක මේ ගැමියෝ ව්‍යවහාරය නොදන්නහුය. උපායෙන් මොවුන් ලවා ගන්වන්නේමැයි ඉතා මිහිරි දෙය ගන්න, ඉතා රසවත් දෙය ගන්න, උක් හකුරු පැණි සම අගයට ලැබෙයි. කූට මසුරන් කූට කහවණු ආදියෙන්ද ලැබේයයි හඬ නැංවීය. එය අසා ගැමියෝ සතුටු සිත් ඇතිව ගොස් බොහෝවූද මිල දී ගත්තාහුය.

තත්‍ථ විසකණ‍්ටකවාණිජස‍්ස “විසකණ‍්ටකං ගණ‍්හථා”ති උග‍්ඝොසනං විය භගවතො බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානකථනං, විසකණ‍්ටකෙ වණ‍්ණං කථෙත්‍වා තස‍්ස ගහණත්‍ථාය මහාජනස‍්ස උස‍්සාහකරණං විය ඉමෙහි සත‍්තහි පදෙහි බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානස‍්ස වණ‍්ණභණනෙන තස‍්ස මහාජනස‍්ස උස‍්සාහකරණං.

එහි භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධානුස්සති කර්‍මස්ථානය කීම වෙළෙන්දාගේ විසකණ්ටක ගනුවයි හඬ නැඟීම මෙනි. මේ පදසතින් බුද්ධානුස්සති කර්‍මස්ථානයෙහි වර්‍ණනාව කීමෙන් එහි මහජනයා උනන්දු කරවීම විෂකණටකයෙහි ගුණ කියා එය ගැනීම සඳහා මහජනයා උනන්දු කරවීම මෙනි.

කතමො එකධම‍්මොති කථෙතුකම්‍යතාපුච‍්ඡා. බුද‍්ධානුස‍්සතීති බුද‍්ධං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති, බුද‍්ධගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. තං පනෙතං බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානං දුවිධං හොති චිත‍්තසම‍්පහංසනත්‍ථඤ‍්චෙව විපස‍්සනත්‍ථඤ‍්ච. කථං? යදා හි අසුභාරම‍්මණෙසු අඤ‍්ඤතරං භාවෙන‍්තස‍්ස භික‍්ඛුනො චිත‍්තුප‍්පාදො උපහඤ‍්ඤති උක‍්කණ‍්ඨති නිරස‍්සාදො හොති, වීථිං නප‍්පටිපජ‍්ජති, කූටගොණො විය ඉතො චිතො ච විධාවති. තස‍්මිං ඛණෙ එස මූලකම‍්මට‍්ඨානං පහාය “ඉතිපි සො භගවා”තිආදිනා නයෙන තථාගතස‍්ස ලොකියලොකුත‍්තරගුණෙ අනුස‍්සරති. තස‍්සෙවං බුද‍්ධං අනුස‍්සරන‍්තස‍්ස චිත‍්තුප‍්පාදො පසීදති, විනීවරණො හොති. සො තං චිත‍්තං එවං දමෙත්‍වා පුන මූලකම‍්මට‍්ඨානංයෙව මනසි කරොති. කථං? යථා නාම බලවා පුරිසො කූටාගාරකණ‍්ණිකත්‍ථාය මහාරුක‍්ඛං ඡින්‍දන‍්තො සාඛාපලාසච‍්ඡෙදනමත‍්තෙනෙව ඵරසුධාරාය විපන‍්නාය මහාරුක‍්ඛං ඡින්‍දිතුං අසක‍්කොන‍්තොපි ධුරනික‍්ඛෙපං අකත්‍වාව කම‍්මාරසාලං ගන‍්ත්‍වා තිඛිණං ඵරසුං කාරාපෙත්‍වා පුන තං ඡින්‍දෙය්‍ය. එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං. සො එවං බුද‍්ධානුස‍්සතිවසෙන චිත‍්තං පරිදමෙත්‍වා පුන මූලකම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො අසුභාරම‍්මණං පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා ඣානඞ‍්ගානි සම‍්මසිත්‍වා අරියභූමිං ඔක‍්කමති. එවං තාව චිත‍්තසම‍්පහංසනත්‍ථං හොති.

කතමො එක ධම්මො යනු කියනු කැමති(ව) විමසීමයි. බුද්ධානුස්සති යනු බුදුන් අරබයා උපන් යළියළිත් සිහිකිරීමයි. බුදුගුණය අරමුණු කොට ඇති සිහියට මෙය නමෙකි. ඒ මේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය දෙපරිදි වෙයි. සිත සතුටුවීම සඳහා මෙන්ම විපස්සනාව සඳහාද යනුවෙනි. කෙසේද? යම් විටෙක අසුහාරම්මණයන් අතුරෙන් යම් අරමුණක් වඩන්නාවූ භික්‍ෂුවගේ සිත හට ගැනීම වෙහෙසෙයි. කළකිරෙයි. ආස්වාද රහිත වෙයි. වීථියට නොඑළඹෙයි. කුළු ගොනෙකු මෙන් ඔබිමොබ දුවයි. එකෙණෙහි එය මුල් කොට ඇති කර්‍මස්ථානය හැර බුදුරජාණන් වහන්සේ ඒ කාරණයෙනුදු භාග්‍යවත් වනසේක. (ඉතිපිසො භගවා) යනාදී ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණයන් සිහි කරයිද මෙසේ බුදුන් සිහි කරන්නාවූ ඔහුගේ චිත්තොත්පාදය පහදියි. නීවරණ රහිත වූයේ වෙයි. හෙතෙම ඒ සිත දමනය කොට මනාව දමනය කොට නැවත මුල් කමටහනම සිහි කරයි. කෙසේද? යම් සේ නම් බලවත් පුරුෂයෙක් කුළුගෙයි කැණිමඬල සඳහා මහ ගසක් සිඳින්නේ අතුරපතර කැපීමේදී පොරෝ මුවත නැතිවූ විට මහගස කැපීමට නොහැක්කේ වුවද අදහස අත නොහැර කම්මලට ගොස් තියුණු පොරොවක් කරවා යළි ඒ ගස සිඳින්නේද එසේ මේ කාරණය දතයුතුය. හෙතෙම මෙසේ බුද්ධානුස්සති වශයෙන් සිත මනාව දමනය කොට යළි මුල් කමටහන මෙනෙහි කරන්නේ අසුභාරම්මණ සහිත වූ ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානාංග සම්මර්‍ශනය කොට ආර්‍ය්‍ය භූමියට බැස ගනී. මෙසේ සිත සතුටුවීම සඳහා වෙයි.

යදා පනෙස බුද‍්ධානුස‍්සතිං අනුස‍්සරිත්‍වා “කො අයං ඉතිපි සො භගවාතිආදිනා නයෙන අනුස‍්සරි, ඉත්‍ථි නු ඛො පුරිසො නු ඛො දෙවමනුස‍්සමාරබ්‍රහ‍්මානං අඤ‍්ඤතරො නු ඛො”ති පරිග‍්ගණ‍්හන‍්තො “න අඤ‍්ඤො කොචි, සතිසම‍්පයුත‍්තං පන චිත‍්තමෙව අනුස‍්සරී”ති දිස‍්වා “තං ඛො පනෙතං චිත‍්තං ඛන්‍ධතො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, තෙන සම‍්පයුත‍්තා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, තෙන සම‍්පයුත‍්තා සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සහජාතා ඵස‍්සාදයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති ඉමෙ චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා හොන‍්තී”ති අරූපඤ‍්ච වවත්‍ථපෙත්‍වා තස‍්ස නිස‍්සයං පරියෙසන‍්තො හදයවත්‍ථුං දිස‍්වා තස‍්ස නිස‍්සයානි චත‍්තාරි මහාභූතානි, තානි උපාදාය පවත‍්තානි සෙසඋපාදාරූපානි ච පරිග‍්ගහෙත්‍වා “සබ‍්බම‍්පෙතං රූපං රූපක‍්ඛන්‍ධො”ති වවත්‍ථපෙත්‍වා “ඉදඤ‍්ච රූපං පුරිමඤ‍්ච අරූප”න‍්ති සඞ‍්ඛෙපතො රූපාරූපං, පභෙදතො පඤ‍්චක‍්ඛන්‍ධෙ පුන “සඞ‍්ඛෙපතො පඤ‍්චපෙතෙ ඛන්‍ධා දුක‍්ඛසච‍්ච”න‍්ති දුක‍්ඛසච‍්චං වවත්‍ථපෙත්‍වා “තස‍්ස පභාවිකා තණ‍්හා සමුදයසච‍්චං, තස‍්සා නිරොධො නිරොධසච‍්චං, නිරොධපජානනා පටිපදා මග‍්ගසච‍්ච”න‍්ති එවං පුබ‍්බභාගෙ චත‍්තාරි ච සච‍්චානි වවත්‍ථපෙත්‍වා පටිපාටියා අරියභූමිං ඔක‍්කමති. තදාස‍්ස ඉමං කම‍්මට‍්ඨානං විපස‍්සනත්‍ථං නාම හොති. අයං ඛොතිආදි අප‍්පනාවාරො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

යම් කලෙක වනාහි මෙතෙම බුද්ධානුස්මෘතිය සිහි කොට කවරෙක් මේ භාග්‍යවතුන් වහන්සේ වන සේක්දැයි ආදි ක්‍රමයෙන් සිහි කළේද? ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දෙවිමිනිස් මාර බ්‍රහ්මයන් අතුරෙන් යම් කෙනක්දැයි සලකන්නේ, අන් කිසිවෙක් නොවේ. සිහියෙන් යුත් සිතම සිහි කළේයයි දැක ඒ මේ සිත ස්කන්‍ධ වශයෙන් විඥානස්කන්‍ධය වෙයි. එයින් යුක්තවූ වේදනාව වේදනාස්කන්‍ධයයි. එයින් යුක්තවූ සංඥාව සංඥාස්කන්‍ධයයි.එක්ව හටගත් ස්පර්‍ශාදිය සංස්කාරස්කන්‍ධයයි. මේ සතර අරූප ස්කන්‍ධයෝ වෙතැයි අරූපයද ව්‍යවස්ථාපනය කොට එයට නිශ්‍රයක් සොයන්නේ හෘදයවස්තුව දැක එයට නිශ්‍රයවූ සතර මහාභුතද ඒවා උපාදාය කොට පැවති සෙසු උපාදාරූපද සලකා මේ සියලු රූපය රූපස්කන්ධයයි නිගමනය කොට මේ රූපයද පළමු අරූපයදැයි සැකෙවින් රූපාරූපය ප්‍රභේදවශයෙන් පඤචස්කන්‍ධයන් යළි සැකෙවින් මේ ස්කන්‍ධ පස දුක්‍ඛ සත්‍යයි දුක්‍ඛසත්‍යය නිශ්චය කොට එය උපදවන්නාවූ තෘෂ්ණාව සමුදය සත්‍යයයිද එහි නිරෝධ නිරෝධ සත්‍යයයයිද නිරෝධය උපදවන්නාවූ ප්‍රතිපදාව මාර්‍ග සත්‍යයයිද මෙසේ පූර්‍වභාගයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයන් ව්‍යවස්ථාපනය කොට පිළිවෙළින් ආර්‍ය්‍ය භූමියට එළඹෙයි. එකල්හි ඔහුට මේ කමටහන විදර්‍ශනාව සඳහා නම් වෙයි. අයං ඛො යනාදීවූ අපර්ණා වාරය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි.

ධම‍්මානුස‍්සතිආදීසුපි එසෙව නයො. අයං පනෙත්‍ථ වචනත්‍ථො – ධම‍්මං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති ධම‍්මානුස‍්සති, ස‍්වාක‍්ඛාතතාදිධම‍්මගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සඞ‍්ඝං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සඞ‍්ඝානුස‍්සති, සුප‍්පටිපන‍්නතාදිසඞ‍්ඝගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සීලං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සීලානුස‍්සති, අඛණ‍්ඩතාදිසීලගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. චාගං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති චාගානුස‍්සති, මුත‍්තචාගතාදිචාගගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. දෙවතා ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති දෙවතානුස‍්සති, දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. ආනාපානෙ ආරබ‍්භ උප‍්පන‍්නා සති ආනාපානස‍්සති, අස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. මරණං ආරබ‍්භ උප‍්පන‍්නා සති මරණස‍්සති, ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදාරම‍්මණාය සතියා එතං අධිවචනං. කෙසාදිභෙදං රූපකායං ගතා, කායෙ වා ගතාති කායගතා, කායගතා ච සා සති චාති කායගතාසතීති වත‍්තබ‍්බෙ රස‍්සං අකත්‍වා කායගතාසතීති වුත‍්තා. කෙසාදිකායකොට‍්ඨාසනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. උපසමං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති උපසමානුස‍්සති, සබ‍්බදුක‍්ඛූපසමාරම‍්මණාය සතියා එතං අධිවචනං. දුවිධො වා උපසමො අච‍්චන‍්තූපසමො ච ඛයූපසමො ච. තත්‍ථ අච‍්චන‍්තූපසමො නාම නිබ‍්බානං, ඛයූපසමො නාම මග‍්ගො. එවමෙතං දුවිධම‍්පි උපසමං අනුස‍්සරන‍්තස‍්ස උප‍්පන‍්නා සති උපසමානුස‍්සතීති අයමෙත්‍ථ අත්‍ථො. ඉති ඉමෙසු දසසු කම‍්මට‍්ඨානෙසු ආනාපානස‍්සති මරණස‍්සති කායගතාසතීති ඉමානි තීණි විපස‍්සනත්‍ථානෙව හොන‍්ති, සෙසානි සත‍්ත චිත‍්තසම‍්පහංසනත්‍ථානිපි හොන‍්තීති.

ධම්මානුස්සති ආදියෙහිද මේ ක්‍රමයෙන්ම දතයුතුයි. ධම්මානුස්සති ආදියෙහිද මේ ක්‍රමය ඇත්තේමැයි. මේ වනාහි වචනාර්ථයයි. ධර්‍මය අරභයා උපන් අනුසමෘතිය ධම්මානුස්සතියයි (භාග්‍යවතුන්වහන්සේ විසින්) මනාව දෙසනලදැයි ආදී ධර්‍මයේ ගුණ අරමුණකොට ඇති සිහියට මේ නමකි. සංඝයා අරභයා උපන් අනුස්මෘතිය සංඝානුස්සතියයි. මනාව පිළිපන් ආදී සංඝගුණ අරමුණුකොට ඇති සිහියට මේ නමකි. ශීලය අරභයා උපන්නාවූ අනුස්මෘතිය සීලානුස්සතියයි. කඩනොවීම් ආදී සිල් ගුණ අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. ත්‍යාගය (අත්හැරීම) අරභයා උපන්නාවූ අනුසමෘතිය චගානුස්සතියයි. මුත්තචාගතා ආදී ත්‍යාග ගුණ අරමුණුකොට ඇතිසිහියට මේ නමකි. දෙවියන් අරභයා උපන්නාවූ අනුස්මෘතිය දෙවතානුස්සතියයි. දෙවියන් සාක්‍ෂිස්ථානයෙහි තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. ආනාපානයන් (ආශ්වාස ප්‍රශ්වාසයන්) අරභයා උපන්නාවූ අනුස්මෘතිය ආනාපානසතියයි. හුස්ම ඉහලට ගැනීමේ හා පහලට ගැනීමේ නිමිති අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. මරණය අරභයා උපන්නාවූ අනුස්මෘතිය මරණානුස්සතියයි. ජීවිතින්‍ද්‍රිය විනාශවීම අරමුණු කොට ඇතිවන සිහියට මේ නමකි. කේශාදි ප්‍රභේද ඇති රූපකායට ගියේ හෝ කයෙහි ගියේනුයි කායගතානමි. කායගතවූයේත් සතියවූයේත් එමනුයි කායගතසතියයි කිවයුතුකල්හි හ්‍රස්වය නොකොට කායගතා සතියයි කියනලදී. කෙශාදි ශරීර කොටස් නිමිති අරමුණුකොට ඇති සිහියට මේ නමකි. සංසිදීම අරභයා උපන්නාවූ අනුස්මෘතිය උපසමානුස්සතියි. සියලුදුක් සංසිදීම අරමුණුකොට ඇති සිහියට මේ නමකි. අච්චන්තූපසමය ඛයුපසමයයි සංසිඳීම දෙපරිදි හෝ වෙයි. එහි අච්චන්තඋපසමය (අත්‍යන්ත ව්‍යුපශමනය) නම් නිවනයි. ඛයූපසමය නම් මාර්‍ගයයි. මෙසේ මේ දෙයාකාරවූ සංසිඳීම සිහි කරන්නාට උපන් සිහිය උපසමානුස්සතියයි. මෙහි මේ අර්‍ත්‍ථයයි. මෙසේ මේ දශ කර්‍මස්ථානයන් අතුරෙන් ආනාපානසති මරණසති. කායගතාසති යන මේ තුන විදර්‍ශනාව සඳහා වෙයි. සෙසුසත සිත සතුටු කිරීම සඳහා වූයේ වෙයි.

පඨමවග‍්ගවණ‍්ණනා.

පළමුවැනි වර්‍ගයයි.

දුතියොවග‍්ගො.

දෙවන වර්ගය

දුතියෙ මිච‍්ඡාදිට‍්ඨීති ද‍්වාසට‍්ඨිවිධායපි මිච‍්ඡාදිට‍්ඨියා එතං අධිවචනං. මිච‍්ඡාදිට‍්ඨිකස‍්සාති තාය දිට‍්ඨියා සමන‍්නාගතස‍්ස.

දෙවැන්නෙහි මිච්ඡාදිට්ඨ යනු දෙසැට ආකාරවූ මිථ්‍යාදෘෂ්ටියට මේ නමකි. මිච්ඡාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්ත වූවහුටයි.

සම‍්මාදිට‍්ඨීති පඤ‍්චවිධායපි සම‍්මාදිට‍්ඨියා එතං අධිවචනං. සම‍්මාදිට‍්ඨිකස‍්සාති තාය දිට‍්ඨියා සමන‍්නාගතස‍්ස.

සම්මාදිට්ඨ යනු පස් ආකාරවූ සම්‍යක්දාෂ්ටියට මේ නමකි. සම්මාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්තවූවහුටයි.

අයොනිසො මනසිකාරොති අනුපායමනසිකාරො.

අයොනිසො මනසිකාරො යනු වැරදි අයුරින් සලකා බැලීමයි.

යොනිසො මනසිකාරොති උපායමනසිකාරො. තත්‍ථ අයොනිසො මනසිකරොතො පුබ‍්බෙ අනුප‍්පන‍්නා මිච‍්ඡාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා පන යාව නියාමොක‍්කමනා පවඩ‍්ඪති. නියාමෙ ඔක‍්කන‍්තෙ වඩ‍්ඪිතා නාම හොති. යොනිසො මනසිකරොතො පුබ‍්බෙ අනුප‍්පන‍්නා සම‍්මාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා පන යාව අරහත‍්තමග‍්ගා පවඩ‍්ඪති. අරහත‍්තඵලෙ පත‍්තෙ වඩ‍්ඪිතා නාම හොති.

යොනිසොමනසිකාරො යනු නිවැරදි අයුරින් මෙනෙහි කිරීමයි. එහි වැරදිලෙස මෙනෙහි කරන්නාට පෙර නූපන් මිත්‍ථ්‍යාදෘෂටිය උපදියි. උපන් මිථ්‍යාදෘෂ්ටිය පිළිවෙළට බැස ගැන්ම තෙක් වැඩෙයි. පිළිවෙළට බැස ගත් විට වැඩුනේ නම් වෙයි. [missing trans]

මිච‍්ඡාදිට‍්ඨියා, භික‍්ඛවෙ, සමන‍්නාගතා සත‍්තාති එත්‍ථ එකච‍්චා මිච‍්ඡාදිට‍්ඨි සග‍්ගාවරණා චෙව හොති මග‍්ගාවරණා ච, එකච‍්චා මග‍්ගාවරණාව, න සග‍්ගාවරණා, එකච‍්චා නෙව සග‍්ගාවරණා න මග‍්ගාවරණා. තත්‍ථ අහෙතුකදිට‍්ඨි, අකිරියදිට‍්ඨි, නත්‍ථිකදිට‍්ඨීති අයං තිවිධා සග‍්ගාවරණා චෙව හොති මග‍්ගාවරණා ච. දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා මිච‍්ඡාදිට‍්ඨි මග‍්ගාවරණාව හොති න සග‍්ගාවරණා. වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි නෙව සග‍්ගාවරණා න මග‍්ගාවරණා. ඉදං පන විධානං පටික‍්ඛිපිත්‍වා ඉමස‍්මිං සුත‍්තෙ “මිච‍්ඡාදිට‍්ඨියා, භික‍්ඛවෙ, සමන‍්නාගතා”ති වචනතො අන‍්තමසො වීසතිවත්‍ථුකං සක‍්කායදිට‍්ඨිං උපාදාය දිට‍්ඨි නාම සග‍්ගං උපනෙතුං සමත්‍ථා නාම නත්‍ථි, එකන‍්තං නිරයස‍්මිංයෙව නිමුජ‍්ජාපෙතීති වුත‍්තං. යථා හි මුග‍්ගමාසප‍්පමාණාපි පාසාණසක‍්ඛරා උදකෙ පක‍්ඛිත‍්තා උප‍්පිලවමානා නාම නත්‍ථි, එකන‍්තං හෙට‍්ඨාව පවිසති, එවමෙවං අන‍්තමසො සක‍්කායදිට‍්ඨිපි සග‍්ගං උපනෙතුං සමත්‍ථා නාම නත්‍ථි, එකන‍්තං අපායෙසුයෙව නිමුජ‍්ජාපෙතීති.

මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා සත්තා යනු මෙහි ඇතැමි මිත්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. ඇතැම් දෘෂ්ටියක් මාර්‍ගය වළහන්නේම ස්වර්‍ගය වළහන්නේ නොවෙයි. ඇතැම් මිථ්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය නොවළහන්නේ ද මාර්‍ගය නොවළහන්නේද වෙයි. එයි අහෙතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තිකදෘෂ්ටිය, යන මේ තුන් ආකාර දෘෂ්ටිය ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. දශවස්තුක වූ අන්තග්‍රාහී මිත්‍ථ්‍යා දෘෂ්ටිය මාර්‍ගය වළහන්නේම වෙයි. ස්වර්‍ගය නොවළහන්නේද මාර්‍ගය නොවළහන්නේද වෙයි. මේ නියමය ප්‍රතික්‍ෂෙප කොට මේ සූත්‍රයෙහි මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා’ යන වචනයෙන් යටත්පිරිසෙයින් විංශතිවස්තුක මිත්‍ථ්‍යාදෘෂටියගෙන ස්වර්‍ගය එළවීමට සමත් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් නම් නැත. ඒකාන්තයෙන් නිරයෙහිම ගිල්වන්නේයයි කියනලදී. යම්සේ වනාහි දියෙහි හෙලන ලද මුං මෑ ප්‍රමාණවූද ගල් කැබැලිත්ත පාවන්නේ නම් නොවේ. ඒකාන්තයෙන් යටටම පිවිසෙයි. මෙසේම යටත් පිරිසෙයින් සත්කාය දෘෂ්ටියද ස්වර්‍ගයට එළඹවීමට සමත් වන්නේ නම් නැත. ඒකාන්තයෙන් අපායයන්හිම ගිල්වන්නේයයි කියනලදී.

සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතාති එත්‍ථ කම‍්මස‍්සකතසම‍්මාදිට‍්ඨි, ඣානසම‍්මාදිට‍්ඨි, විපස‍්සනාසම‍්මාදිට‍්ඨි, මග‍්ගසම‍්මාදිට‍්ඨි, ඵලසම‍්මාදිට‍්ඨීති පඤ‍්චවිධා සම‍්මාදිට‍්ඨි. තත්‍ථ කම‍්මස‍්සකතසම‍්මාදිට‍්ඨි සම‍්පත‍්තිභවං ආකඩ‍්ඪති, ඣානසම‍්මාදිට‍්ඨි රූපාරූපභවෙ පටිසන්‍ධිං දෙති, මග‍්ගසම‍්මාදිට‍්ඨි වට‍්ටං විද‍්ධංසෙති, ඵලසම‍්මාදිට‍්ඨි භවං පටිබාහති. විපස‍්සනාසම‍්මාදිට‍්ඨි කිං කරොතීති? සාපි පටිසන්‍ධිං නාකඩ‍්ඪති. තිපිටකචූළාභයත්‍ථෙරො පනාහ “සචෙ විපස‍්සනාසම‍්මාදිට‍්ඨි භාවිතා දිට‍්ඨෙව ධම‍්මෙ අරහත‍්තං පාපෙතුං සක‍්කොති, ඉච‍්චෙතං කුසලං. සචෙ න සක‍්කොති, සත‍්ත භවෙ දෙති, ආවුසො”ති. එවමයං ලොකියලොකුත‍්තරා සම‍්මාදිට‍්ඨි කථිතා. ඉමස‍්මිං පනත්‍ථෙ ලොකිකා භවනිප‍්ඵාදිකාව වෙදිතබ‍්බා.

සම්මාදිටඨියා සමන්නාගතා යනු මෙහි කම්මාසස්කත සම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි යනුවෙන් සම්‍යක්දෘෂ්ටිය පස්ආකාරය. එහි කම්මස්සකත සම්මාදිට්ඨිය සම්පත්ති භවය අදියි (කැඳවයි.) ක්‍ධානසම්මාදිට්ඨිය රූපාරූප භවයන්හි ප්‍රතිසන්‍ධිය දෙයි. මග්ගසම්මාදිට්ඨිය සංසාරවෘතය විනාශකරයි. ඵලසම්මාදිට්ඨිය භවය මැඬලයි. විපස්සනා සම්මාදිට්ඨිය කුමක් කෙරේද? එයද ප්‍රතිසන්‍ධිය නොඅදියි. ත්‍රපිටක චූලාභය තෙරුන්වහන්සේ ‘ඇවැත්නි, ඉදින් විපස්සනා සම්මාදිට්ටිය වඩනා ලද්දේ ඉහාත්මයෙහිම රහත්බවට පැමිණවීමට හැකිය යන මෙය මැනවි. ඉදින් නොහැකි වුවහොත් භවසතෙක්හි දෙතැ’යි කීහ. මෙසේ මේ ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය කියනලදී. මෙහි වනාහි ලෞකිකවූ භවය ඇති කරන සම්‍යක් දෘෂ්ටියම දත යුතුය.

යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නන‍්ති එත්‍ථ යථාදිට‍්ඨීති යා යා දිට‍්ඨි, තස‍්සා තස‍්සා අනුරූපං. සමත‍්තන‍්ති පරිපුණ‍්ණං. සමාදින‍්නන‍්ති ගහිතං. තදෙතං යථාදිට‍්ඨියං ඨිතකායකම‍්මං, දිට‍්ඨිසහජාතං කායකම‍්මං, දිට‍්ඨානුලොමිකං කායකම‍්මන‍්ති තිවිධං හොති. තත්‍ථ “පාණං හනතො අදින‍්නං ආදියතො මිච‍්ඡාචාරං චරතො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො”ති යං එවංලද‍්ධිකස‍්ස සතො පාණාතිපාත-අදින‍්නාදාන-මිච‍්ඡාචාරසඞ‍්ඛාතං කායකම‍්මං, ඉදං යථාදිට‍්ඨියං ඨිතකායකම‍්මං නාම. “පාණං හනතො අදින‍්නං ආදියතො මිච‍්ඡාචාරං චරතො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො”ති ඉමාය පන ලද‍්ධියා ඉමිනා දස‍්සනෙන සහජාතං කායකම‍්මං දිට‍්ඨිසහජාතං කායකම‍්මං නාම. තදෙව පන සමත‍්තං සමාදින‍්නං ගහිතං පරාමට‍්ඨං දිට‍්ඨානුලොමිකං කායකම‍්මං නාම. වචීකම‍්මාදීසුපි එසෙව නයො. යථා පනෙත්‍ථ “පාණං හනතො අදින‍්නං ආදියතො මිච‍්ඡාචාරං චරතො නත්‍ථි තතොනිදානං පාප”න‍්ති යොජනා කතා, එවං වචීකම‍්මමනොකම‍්මෙසු “මුසා භණතො, පිසුණං කථෙන‍්තස‍්ස, ඵරුසං කථෙන‍්තස‍්ස, සම‍්ඵං පලපන‍්තස‍්ස, අභිජ‍්ඣාලුනො, බ්‍යාපන‍්නචිත‍්තස‍්ස, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ච සතො නත්‍ථි තතොනිදානං පාප”න‍්ති යොජනා කාතබ‍්බා.

යං චෙව කායකම්මං යථාදිට්ඨ සමතතං සමාදින්නං යන මෙහි යථාදිට්ඨ යනු යම් මේ දෘෂ්ටියක් වේද ඊට අනුරූපවයි. සමත්තං යනු සම්පූර්ණවූයි. සමාදින්නං යනු ගන්නාලද යනුයි. ඒ මෙය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මයය. දෘෂ්ටිය සමඟ උපන් කාකර්‍මයය, දෘෂ්ටියට අනුලොම්වූ කාය කර්‍මයයයි ත්‍රිවිධ වෙයි. එහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා, මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන ‘එය හේතුකොටගෙන පාපයක් නැත. පාපයක පැමිණීමක් නැතැයි මෙබදු ලබ්ධි ඇත්තහුගේ ප්‍රාණාතිපාත අදින්නාදාන මිත්‍ථ්‍යාචාර සංඛ්‍යාතවූ යම් කායකර්‍මයක් වේද එය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මය නමි. පරපණ නසන, නොදුන්දෙය ගන්නා, මිථ්‍යාචාරයෙහි යෙදෙන තැනැත්තාගේ මේ හේතුකොටගෙන පවක් නැත. පවේ පැමිණිමක් නැතැයි යන මේ දෘෂ්ටිය මේ දැක්ම සමඟ හටගත් කාය කර්‍මය දිට්ඨිසහජාත කාය කර්‍මය නමි. එයින් පිරුණු, සමාදන්වූ, ගන්නාලද සිතෙහි මුල්බැසගත් යමක්වේද එය දිට්ඨානුලෝමිකකායකර්‍මය නමි. වාක් කර්‍මාදියෙහිද මේ ක්‍රමයමැයි. යම් සේ වනාහි මෙහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන්නහුට එය හේතුකොටගෙන පාපයක් නැත යන යෝජනාව කරනලද්දේද එසේ වාක්කර්‍මමනොකර්‍මයන්හි බොරුකියන, කේලාම් කියන රළු වචන කියන හිස්වචන දොඩන දැඩිලෝභය ඇති කෝපවූ සිත් ඇති මිත්‍ථ්‍යාදෘෂ්ටිකයාටද එය හේතුකොටගෙන පවක් නැත යන යෝජනාව කළ යුතුය.

යා ච චෙතනාතිආදීසු දිට‍්ඨිසහජාතාව චෙතනා චෙතනා නාම, දිට‍්ඨිසහජාතාව පත්‍ථනා පත්‍ථනා නාම, චෙතනාපත්‍ථනානං වසෙන චිත‍්තට‍්ඨපනා පණිධි නාම, තෙහි පන චෙතනාදීහි සම‍්පයුත‍්තා ඵස‍්සාදයො සඞ‍්ඛාරා නාම. දිට‍්ඨි හිස‍්ස, භික‍්ඛවෙ, පාපිකාති යස‍්මා තස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨි පාපිකා ලාමිකා. නික‍්ඛිත‍්තන‍්ති රොපිතං. උපාදියතීති ගණ‍්හාති. කටුකත‍්තායාති ඉදං පුරිමස‍්සෙව වෙවචනං.

යාච චෙතනා ආදියෙහි දෘෂ්ටිය සමඟ එකට උපන් චෙතනාවම චෙතනා නමි. දෘෂ්ටිය සමඟ එක්ව උපන් ප්‍රර්‍ත්‍ථනාවම නාවම පත්‍ථනා නමි. චේතනා ප්‍රර්‍ත්‍ථනා වශයෙන් සිත පිහිටුවීම පණිධි නමි. මේ චේතනාදීන් සමඟ යුක්තවූ ස්පර්‍ශාදිය සංඛාර නමි. දිට්ඨිහි භික්‍ඛවෙ පාපිකා යනු යම්හෙයකින් ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය පවිටු ලාමක වේද යනුයි. නික්‍ඛිතතං යනු රොපණය කරනලද්දේයි. උපාදියති යනු ගනියි. කටුකත්තාය යන මෙය මුලින් කියනලද්දේටම පර්‍ය්‍යාය වචනයි.

“වණ‍්ණගන්‍ධරසූපෙතො, අම‍්බොයං අහුවා පුරෙ; තමෙව පූජං ලභමානො, කෙනම‍්බො කටුකප‍්ඵලො.

පෙර මේ අඹ පැහැයෙන් සුවඳින් හා රසින් යුක්තවිය. ඒ පූජාවම ලබමින් කෙසේ නම් අඹ අමිහිරි පලවූයේද?

“පුචිමන්‍දපරිවාරො, අම‍්බො තෙ දධිවාහන; මූලං මූලෙන සංසට‍්ඨං, සාඛා සාඛා නිසෙවරෙ; අසාතසන‍්නිවාසෙන, තෙනම‍්බො කටුකප‍්ඵලො”ති. (ජා· 1.2.71-72) –

දධිවාහනය, ඔබේ අඹගස කොසඹ ගස් පිරිවර කොට ඇත්තේය. මුලෙන් මුල එකට ගැටී අතැ. අතු අතු සමඟ එක්ව ඇත්තේය. ඒ අමිහිරි දෙය සමඟ එක්වීමෙන් අඹගස අමිහිරි පල ඇත්තේයි

ආගතට‍්ඨානෙ විය හි ඉධාපි කටුකන‍්ති තිත‍්තකං වෙදිතබ‍්බං. අසාතත‍්තායාති අමධුරත‍්තාය.

යනුවෙන් ආ තැන්හි මෙන් මෙහිද කටුකං යනු තිත්තරස ඇත්තේයි දතයුතුය. අසාතත්තාය යනු අමිහිරිබවටය.

ඉමස‍්මි පන බීජූපමසුත‍්තෙ “දිට‍්ඨීති නියතමිච‍්ඡාදිට‍්ඨි ගහිතා”ති පොරාණකත්‍ථෙරා ආහංසු. තං පන පටික‍්ඛිපිත්‍වා “සබ‍්බානිපි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි ගහිතානී”ති වුත‍්තං. අනන‍්තරසුත‍්තෙ “පාණාතිපාතා විරමන‍්තස‍්ස, අදින‍්නාදානා විරමන‍්තස‍්ස, මිච‍්ඡාචාරා විරමන‍්තස‍්ස නත්‍ථි තතොනිදානං පුඤ‍්ඤ”න‍්තිආදිනා නයෙන යථාදිට‍්ඨියං ඨිතකායකම‍්මාදීනි යොජෙත්‍වා වෙදිතබ‍්බානි. ඉධ පන සම‍්මාදිට‍්ඨිසහජාතා චිත‍්තට‍්ඨපනාව පත්‍ථනාති වෙදිතබ‍්බා. සම‍්මාදිට‍්ඨි පනෙත්‍ථ ලොකියලොකුත‍්තරා කථිතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මේ බීජෝපම සූත්‍රයෙහි දිට්ඨියනු නියත මිත්‍ථ්‍යාදෘෂ්ටිය ගන්නාලදැයි පොරාණක ස්ථවිරවරු කීහ. එය ප්‍රතික්‍ෂෙප කොට සියලු දෙසැටක් දෘෂ්ටිගතයන් ගන්නාලදැයි කියනලදී. අනතුරු සූත්‍රයෙහි පරපණ නැසීමෙන් වෙන්වූ ‘නුදුන්දෙය ගැනීමෙන් වෙන්වූ’ මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූ පුද්ගලයාට එය හේතකොටගෙන පිණක් නැතැයි ආදී ක්‍රමයෙන් දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මාදීන් යොදා දතයුතුයි. මෙහි වනාහි සම්‍යක් දෘෂ්ටිය සමඟ උපන් සිත පිහිටුවීමට ප්‍රර්‍ත්‍ථනාවයයි දතයුතුය. මෙහි ලෞකික ලෝකෝත්තරවූ සම්‍යක්දෘෂ්ටියම කියනලදී. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

දුතියවග‍්ගවණ‍්ණනා.

දෙවන වර්‍ගයයි.