1. පඨමොවග්ගො
[1. පඨමොවග්ගො]
[1. පළමු වර්ගය]
1. 16. 1. 1.
1. 16. 1. 1.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමො එකධම්මො: බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතීති.
මහණෙනි, එක් ම ධර්මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නේ ය.
1. 16. 1. 2-10.
1. 16. 1. 2-10.
එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමො එකධම්මො: ධම්මානුස්සති -පෙ- සඞ්ඝානුස්සති -පෙ- සීලානුස්සති -පෙ- චාගානුස්සති -පෙ- දෙවතානුස්සති -පෙ- ආනාපානසති -පෙ- මරණසති -පෙ- කායගතාසති -පෙ- උපසමානුස්සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතීති.
මහණෙනි, එක් ම ධර්මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්මයෙක? යත්: ධර්මානුස්මෘතිය යි. ... සඞ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්යාගානුස්මෘතිය යි. ... දේවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නේ ය.
වග්ගො පඨමො.
පළමු වග යි.