යෙදුමෙන් කියවන්න

1. 16. 2. 1

සම්පූර්ණ පරිච්ඡේදය

1. 16. 2. 1.

1. 16. 2. 1.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති, යථයිදං භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.

1. 16. 2. 2.

1. 16. 2. 2.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති, යථයිදං භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨි. සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති.

මහණෙනි,යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුලබව පිණිස පවතිත් නම්, මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.

1. 16. 2. 3.

1. 16. 2. 3.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා කුසලා ධම‍්මා නුප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා කුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා නුප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා පරිහායන‍්ති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිත්‍යදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 16. 2. 4.

1. 16. 2. 4.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා නුප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, යථයිදං භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨි. සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා නූප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පරිහායන‍්ති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.

1. 16. 2. 5.

1. 16. 2. 5.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා මිච‍්ඡාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා වා මිච‍්ඡාදිට‍්ඨි පවඩ‍්ඪති, යථයිදං භික‍්ඛවෙ අයොනිසොමනසිකාරො. අයොනිසො භික‍්ඛවෙ මනසි කරොතො අනුප‍්පන‍්නා චෙව මිච‍්ඡාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච මිච‍්ඡාදිට‍්ඨි පවඩ‍්ඪති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අනුපාය මනසිකාරයෙන් මෙනෙහි කරනුවහුට නූපන්නා වු ද මිථ්‍යාදෘෂ්ටිය උපදී. උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ.

1. 16. 2. 6.

1. 16. 2. 6.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යෙන අනුප‍්පන‍්නා වා සම‍්මාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා වා සම‍්මාදිට‍්ඨි පවඩ‍්ඪති, යථයිදං භික‍්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික‍්ඛවෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව සම‍්මාදිට‍්ඨි උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච සම‍්මාදිට‍්ඨි පවඩ‍්ඪති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරනුවහට නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදී. උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ.

1. 16. 2. 7.

1. 16. 2. 7.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යෙනෙව සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති, යථයිදං භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨියා භික‍්ඛවෙ සමන‍්නාගතා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි වශයෙන්) පැමිණෙත් නම්, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.

1. 16. 2. 8.

1. 16. 2. 8.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යෙනෙවං සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති, යථයිදං භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨි. සම‍්මාදිට‍්ඨියා භික‍්ඛවෙ සමන‍්නාගතා සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) පැමිණෙත් නම්, මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙත්.