1. 16. 2. 9-15
1. 16. 2. 9-15.
1. 16. 2. 9-15.
මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා-යා ච පත්‍ථනා-යො ච පණිධි-යෙ ච සඞ‍්ඛාරා-සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ පාපිකා. සෙය්‍යථාපි භික‍්ඛවෙ නිම‍්බබීජං වා කොසාතකීබීජං වා තිත‍්තකලාබුබීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති, යඤ‍්ච ආපොරසං උපාදියති, සබ‍්බං තං තිත‍්තකත‍්තාය කටුකත‍්තාය අසාතත‍්තාය සංවත‍්තති. තං කිස‍්ස හෙතු: බීජං හි භික‍්ඛවෙ පාපකං. එවමෙවං ඛො භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා - යා ච පත්‍ථනා - යො ච පණිධි - යෙ ච සඞ‍්ඛාරා - සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ පාපිකාති.
මහණෙනි, මිසදිටුගත් පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ සමාප්ත වූ (නිඃශේෂ වූ) සමාදින්න වූ (මුල මැද අග සමකොට ගත්) යම් කායකර්‍මයෙකුත් වේ ද, ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ මොනවට ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, ... (දෘෂ්ටිසහජාත වූ) යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද … යම් චිත්තප්‍රණිධියෙකුත් (චේතනා ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ වශයෙන් සිත පිහිටුවාලීමෙක්) වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙද් ද, ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ මන නොවඩන්නා වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි. මහණෙනි, යම්සේ කොසඹ බිජුවටෙක් වේවයි, වැටකොළු බිජුවටෙක් වේවයි, තිත්ත ලබු බිජුවටෙක් වේවයි, තෙත් බිම බහාලන ලද්දේ යම් ම පෘථිවිරසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල තිත්තරස බව පිණිස, කටුකරස බව පිණිස, නොමිහිරි රස බව පිණිස පවත්නේ ය. ඒ කවරහෙයින: මහණෙනි, බිජුවට ලාමක ය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මිසදිටු ගත් පුරුෂ පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද ... ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ නොකල් වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි.