1. 16. 2. 16-22
1. 16. 2. 16-22.
1. 16. 2. 16-22.
සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා - යා ච පත්‍ථනා - යො ච පණිධි - යෙ ච සඞ‍්ඛාරා - සබ‍්බෙ තෙ ධම‍්මා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ භද‍්දිකා. සෙය්‍යථාපි භික‍්ඛවෙ උච‍්ඡුබීජං වා සාලිබීජං වා මුද‍්දිකාබීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති, යඤ‍්ච ආපොරසං උපාදියති, සබ‍්බං තං මධුරත‍්තාය සාතත‍්තාය අසෙචකත‍්තාය සංවත‍්තති. තං කිස‍්ස හෙතු: බීජං හි භික‍්ඛවෙ භද‍්දකං. එවමෙව ඛො භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා - යා ච පත්‍ථනා - යො ච පණිධි - යෙ ච සඞ‍්ඛාරා - සබ‍්බෙ තෙ ධම‍්මා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ භද‍්දිකාති.
මහණෙනි, සම්‍යග්දෘෂ්ටික වූ පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ, සමාදන් වූ යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් චිත්තප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය කල්‍යාණය, එහෙයිනි. මහණෙනි, යම් බඳු උක් බිජුවටෙක් වේවයි, හැල් බිජුවටෙක් වේවයි, මිදි බිජුවටෙක් වේවයි, තෙත් බිමෙහි ඇද බහාලන ලද්දේ යම් ම පෘථිවි රසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල මධුරභාවය පිණිස, ප්‍රියභාවය පිණිස අසේචනකභාවය (අමුතු රස නො ඉසිය යුතු බව = අත්‍යන්තප්‍රියභාවය) පිණිස පවත්නේය. ඒ කවර හෙයින: මහණෙනි, බිජුවට සොඳුරුය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය සොඳුරු ය, එහෙයිනි.
වග‍්ගො දුතියො.
දෙවන වග යි.