යෙදුමෙන් කියවන්න

3. තතියොවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[3. තතියොවග‍්ගො]

[3. තෙවන වර්‍ගය]

1. 16. 3. 1.

1. 16. 3. 1.

එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. කතමො එකපුග‍්ගලො: මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරීතදස‍්සනො. සො බහුජනං සද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. අයං ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං.

මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙතෙම බොහෝ දෙනා (දශකුශලකර්‍මපථසඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් නඟා (දශ අකුශල කර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගල තෙමේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි.

1. 16. 3. 2.

1. 16. 3. 2.

එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො එකපුග‍්ගලො: සම‍්මාදිට‍්ඨිකො හොති අවිපරීතදස‍්සනො. සො බහුජනං අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා සද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. අයං ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලො ලොකෙ උපපජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: මහණෙනි, අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ තෙමෙ බොහෝ දෙනා අසද්ධර්‍මයෙන් නඟා සද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගලයා බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඬ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.

1. 16. 3. 3.

1. 16. 3. 3.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යං එවං මහාසාවජ‍්ජං, යථයිදං භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිපරමානි භික‍්ඛවෙ වජ‍්ජානීති.

මහණෙනි, යමෙක් මෙසේ මහාසාවද්‍ය වේ ද, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, දෝෂයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇතියහ.

1. 16. 3. 4.

1. 16. 3. 4.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකපුග‍්ගලම‍්පි සමනුපස‍්සාමි, යො එවං බහුජනාහිතාය පටිපන‍්නො බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං, යථයිදං භික‍්ඛවෙ මක‍්ඛලී මොඝපුරිසො. සෙය්‍යථාපි භික‍්ඛවෙ නදීමුඛෙ ඛිපං ඔඩ‍්ඩෙය්‍ය බහුන‍්නං මච‍්ඡානං අහිතාය දුක‍්ඛාය අනත්‍ථාය ව්‍යසනාය. එවමෙව ඛො භික‍්ඛවෙ මක‍්ඛලී මොඝපුරිසො මනුස‍්සඛිපං මඤ‍්ඤෙ ලොකෙ උප‍්පන‍්නො බහුන‍්නං සත‍්තානං අහිතාය දුක‍්ඛාය අනත්‍ථායාය ව්‍යසනායාති.

මහණෙනි, යමෙක් මෙසේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ද, මහණෙනි, මස්කරි මෝඝපුරුෂයා බඳු අන් එක පුඟුලකු මම නො දක්මි. මහණෙනි, යම්සේ හෝමුවදොර බොහෝ මස්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස කෙමිනක් බහා ලන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මස්කරි මෝඝපුරුෂයා බොහෝ සත්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස ලෙව්හි උපන් මිනිස් කෙමිනක් බඳු වේ.

1. 16. 3. 5.

1. 16. 3. 5.

දුරක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො ච සමාදපෙති, යඤ‍්ච සමාදපෙති, යො ච සමාදපිතො තථත‍්තාය පටිපජ‍්ජති, සබ‍්බෙ තෙ බහුං අපුඤ‍්ඤං පසවන‍්ති. තං කිස‍්ස හෙතු: දුරක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්ස.

මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.

1. 16. 3. 6.

1. 16. 3. 6.

ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො ච සමාදපෙති, යඤ‍්ච සමාදපෙති, යො ච සමාදපිතො තථත‍්තාය පටිපජ‍්ජති, සබ‍්බෙ තෙ බහුං පුඤ‍්ඤං පසවන‍්ති. තං කිස‍්ස හෙතු: ස‍්වාක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්සාති.

මහණෙනි, මොනොවට (ඒකාන්තනෛර්‍ය්‍යාණිකභාවයෙන්) දෙසන ලද ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.

1. 16. 3. 7.

1. 16. 3. 7.

දුරක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ දායකෙන මත‍්තා ජානිතබ‍්බා, නො පටිග‍්ගාහකෙන. තං කිස‍්ස හෙතු: දුරක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්ස.

මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.

1. 16. 3. 8.

1. 16. 3. 8.

ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ පටිග‍්ගාහකෙන මත‍්තා ජානිතබ‍්බා, නො දායකෙන. තං කිස‍්ස හෙතු: ස‍්වාක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්සාති.

මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.

1. 16. 3. 9.

1. 16. 3. 9.

දුරක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො ආරද‍්ධවිරියො, සො දුක‍්ඛං විහරති. තං කිස‍්ස හෙතු: දුරක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්ස.

මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.

1. 16. 3. 10.

1. 16. 3. 10.

ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො කුසීතො, සො දුක‍්ඛං විහරති. තං කිස‍්ස හෙතු: ස‍්වාක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්සාති.

මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මනාකොට දෙසන ලද බැවිනි.

1. 16. 3. 11.

1. 16. 3. 11.

දුරක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො කුසීතො, සො සුඛං විහරති. තං කිස‍්ස හෙතු: දුරක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්ස.

මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.

1. 16. 3. 12.

1. 16. 3. 12.

ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො ආරද‍්ධවිරියො, සො සුඛං විහරති. තං කිස‍්ස හෙතු: ස‍්වාක‍්ඛාතත‍්තා භික‍්ඛවෙ ධම‍්මස‍්සාති.

මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මොනොවට දෙසන ලද බැවිනි.

1. 16. 3. 13.

1. 16. 3. 13.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අප‍්පමත‍්තකොපි ගූථො දුග‍්ගන්‍ධො හොති, එවමෙවං ඛො අහං භික‍්ඛවෙ අප‍්පමත‍්තකම‍්පි භවං න වණ‍්ණෙමි, අන‍්තමසො අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පීති.

මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්‍ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්‍රතිසන්‍ධිය නො වණමි.

1. 16. 3. 14-17.

1. 16. 3. 14-17.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අප‍්පමත‍්තකම‍්පි මුත‍්තං දුග‍්ගන්‍ධං හොති -පෙ- අප‍්පමත‍්තකොපි ඛෙළො දුග‍්ගන්‍ධො හොති -පෙ- අප‍්පමත‍්තකොපි පුබ‍්බො දුග‍්ගන්‍ධො හොති -පෙ- අප‍්පමත‍්තකම‍්පි ලොහිතං දුග‍්ගන්‍ධං හොති, එවමෙවං ඛො අහං භික‍්ඛවෙ අප‍්පමත‍්තකම‍්පි භවං න වණ‍්ණෙමි, අන‍්තමසො අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පීති.

මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූ ද මුත්‍රය දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද කෙළ දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද පූයා දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද ලෙහෙ දුඟද වේ ද, මහණෙනි, එසෙයින් ම අල්පමාත්‍රකාලයකුදු යටත් පිරිසෙයින් ඇඟිලිවටන කලක් පමණකුදු භවය මම නො වණමි.

වග‍්ගො තතියො.

තෙවන වග යි.