යෙදුමෙන් කියවන්න

තතියොවග‍්ගො අට‍්ඨකථා

තතියොවග‍්ගො.

තෙවන වර්ගය

තතියස‍්ස පඨමෙ මිච‍්ඡාදිට‍්ඨිකොති අයාථාවදිට‍්ඨිකො. විපරීතදස‍්සනොති තායෙව මිච‍්ඡාදිට‍්ඨියා විපරීතදස‍්සනො. සද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වාති දසකුසලකම‍්මපථධම‍්මතො වුට‍්ඨාපෙත්‍වා. අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙතීති දසඅකුසලකම‍්මපථසඞ‍්ඛාතෙ අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. එකපුග‍්ගලොති චෙත්‍ථ ඡහි සත්‍ථාරෙහි සද‍්ධිං දෙවදත‍්තො ච අඤ‍්ඤෙ ච එවරූපා වෙදිතබ‍්බා.

තෙවැනි වර්‍ගයෙහි පළමුසූත්‍රයෙහි මිච්ඡාදිට්ඨිකො යනු වැරදි දෘෂ්ටි ඇත්තේයි. විපරීතදස්සනො යනු ඒ මිත්‍ථාදෘෂ්ටියෙන්ම විපරීතවූ දැකීම් ඇත්තෙයි. සද්ධම්මා උට්ඨාපෙත්‍වා යනු දශකුශලකර්‍මපථධර්‍මයන්ගෙන් නඟාසිටුවායි. අසද්ධම්මෙ පතිට්ඨාපෙති යනු දශඅකුසල කර්‍මපථ සංඛ්‍යාතවූ අසද්ධර්‍මයෙහි පිහිටවන්නේයි. එකපුග්ගලො යන්නෙහි ෂට්ශාස්තෘන් සමඟ දෙව්දත් මෙන්ම එබඳු අන්‍යයෝද දතයුත්තාහ.

දුතියෙ සම‍්මාදිට‍්ඨිකොති යාථාවදිට‍්ඨිකො. අවිපරීතදස‍්සනොති තායෙව සම‍්මාදිට‍්ඨියා අවිපරීතදස‍්සනො. අසද‍්ධම‍්මාති දසඅකුසලකම‍්මපථතො. සද‍්ධම‍්මෙති දසකුසලකම‍්මපථසඞ‍්ඛාතෙ සද‍්ධම‍්මෙ. එකපුග‍්ගලොති චෙත්‍ථ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ චක‍්කවත‍්තී රාජා සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තොති එවමාදයො ලබ‍්භන‍්ති, උප‍්පන‍්නෙ බුද‍්ධෙ බුද‍්ධො චෙව බුද‍්ධසාවකා ච.

දෙවැන්නෙහි සම්මාදිට්ඨිකො යනු මනා දෘෂ්ටි ඇත්තේයි. අවිපරිතදස්සනො යනු ඒ සම්‍යක් දෘෂ්ටියෙන්ම නොවිකලවූ දැකීම් ඇත්තේයි. අසද්ධම්මා යනු දශඅකුශල කර්‍මපථයන්ගෙනුයි. සද්ධම්මෙ යනු දශකුශල කර්‍මපථ සංඛ්‍යාතවූ සද්ධර්‍මයෙහියි. එකපුග්ගලො යනු මෙහි බුදුන් නූපන් කල්හි සක්විති රජ, සර්‍වඥ බෝධිසත්‍ව තෙමේ මේ ආදීහු ලබත්, බුදුන් උපන්කල්හි බුදුරජාණන්වහන්සේද ශ්‍රාවකයෝද වෙත්.

තතියෙ මිච‍්ඡාදිට‍්ඨිපරමානීති මිච‍්ඡාදිට‍්ඨි පරමා එතෙසන‍්ති මිච‍්ඡාදිට‍්ඨිපරමානි. පඤ‍්ච හි ආනන‍්තරියකම‍්මානි මහාසාවජ‍්ජානි නාම, තෙහිපි මිච‍්ඡාදිට‍්ඨියෙව මහාසාවජ‍්ජතරාති අධිප‍්පායො. කස‍්මා? තෙසඤ‍්හි පරිච‍්ඡෙදො අත්‍ථි. චත‍්තාරි හි ආනන‍්තරියකම‍්මානි නිරයෙ නිබ‍්බත‍්තාපෙන‍්තීති වුත‍්තානි. සඞ‍්ඝභෙදකම‍්මම‍්පි නිරයෙ කප‍්පට‍්ඨිතිකමෙව හොති. එවමෙතෙසං පරිච‍්ඡෙදො අත්‍ථි, කොටි පඤ‍්ඤායති. නියතමිච‍්ඡාදිට‍්ඨියා පන පරිච‍්ඡෙදො නත්‍ථි. සා හි වට‍්ටස‍්ස මූලං, තාය සමන‍්නාගතස‍්ස භවතො වුට‍්ඨානං නත්‍ථි. යෙ තස‍්ස සොතබ‍්බං මඤ‍්ඤන‍්ති, තෙපි විප‍්පටිපාදෙති. තාය ච සමන‍්නාගතස‍්ස නෙව සග‍්ගො අත්‍ථි න මග‍්ගො. කප‍්පවිනාසෙ මහාජනෙ බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තෙපි නියතමිච‍්ඡාදිට‍්ඨිකො තත්‍ථ අනිබ‍්බත‍්තිත්‍වා පිට‍්ඨිචක‍්කවාළෙ නිබ‍්බත‍්තති. කිං පන පිට‍්ඨිචක‍්කවාළං න ඣායතීති? ඣායති, තස‍්මිං ඣායමානෙපි එස ආකාසෙ එකස‍්මිං ඔකාසෙ පච‍්චතියෙවාති වදන‍්ති.

තෙවැන්නෙහි මිච්ඡාදිට්ඨිපරමානි යනු මිත්‍ථ්‍යා දෘෂ්ටිය මොවුන්ට පරමකොට ඇත්තේනුයි මිචඡාදිට්ට පරමානි නම් වේ. ආනන්තර්ය කර්‍මපස මහා සාවද්‍ය නම් වෙයි. ඔවුනතුරෙනුදු මිච්ඡාදිට්ටියම අතිශයින් සාවදයය යන අදහසයි. කුමක් හෙයින්ද යත් ඔවුනට සීමාවක් ඇත. ආනන්තර්ය කර්‍ම සතර නිරයෙහි උපදවතැයි කියන ලදී. සංඝභේද කර්‍මයද නිරයෙහි කල්පයක් සිටින්නේම වෙයි. මෙසේ ඔවුනට සීමාවක් ඇත. කෙළවරක් පෙනෙයි. නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියට පරිච්ඡේයක් නැත. එය සංසාරවෘත්තයේ මුලය. එයින් යුක්තවූවහුට භවයෙන් නැඟීසිටීමක් නැත. යමෙක් ඔහුට කන්දිය යුතුයයි හඟිත්ද වැරදි මගට යොමුකරවයි. එයින්ද යුක්තවූවහුට ස්වර්‍ගයද නැත. මාර්‍ගයද නැත. කල්ප විනාශයෙහිදී මහජනයා බඹලොව උපන්කල්හි නියත මිත්‍ථ්‍යාදෘෂ්ටිකයා එහි නොඉපිද පිටිසක්වළ උපදියි. කිම පිටිසක්වළ නොදැවෙයිද? දැවෙයි. එය දැවෙන කල්හිද මෙතෙම අහසෙහි එක් අවකාශයක පැසේමයයි කියත්.

චතුත්‍ථෙ මක‍්ඛලීති “මා ඛලී”ති වචනං උපාදාය එවංලද‍්ධනාමො තිත්‍ථකරො. නදීමුඛෙති ද‍්වින‍්නං නදීනං සමාගතට‍්ඨානෙ. දෙසනාමත‍්තමෙවෙතං, ද‍්වින‍්නං කන්‍දරානං, ද‍්වින‍්නං උදකානං, සමුද‍්දස‍්ස ච, ලොණියා ච, සමුද‍්දස‍්ස ච නදියා චාති එතෙසම‍්පි යස‍්ස කස‍්සචි සමාගතට‍්ඨානං, අඤ‍්ඤම‍්පි තථාරූපං උදකං. ඛිපන‍්ති කුමිනං. උඩ‍්ඩෙය්‍යාති ඔඩ‍්ඩෙය්‍ය. මනුස‍්සා හි නළෙහි වා උච‍්ඡූහි වා වෙළූහි වා පලාසන‍්තිසලාකාය වා එකං ද‍්වෙ තයො වා කුම‍්භෙ ගණ‍්හනප‍්පමාණකුමිනං කත්‍වා මුඛවට‍්ටියා යොත‍්තෙන බන්‍ධිත්‍වා නදීමුඛං නෙත්‍වා ද‍්වීසු පස‍්සෙසු ඛාණුකෙ කොට‍්ටෙත්‍වා යොත‍්තෙහි තත්‍ථ බන්‍ධන‍්ති, තං සන්‍ධායෙතං වුත‍්තං. තස‍්මිඤ‍්හි පවිට‍්ඨස‍්ස ඛුද‍්දකස‍්ස මච‍්ඡස‍්සාපි මොක‍්ඛො නත්‍ථි. අනයායාති අවඩ‍්ඪියා. බ්‍යාසනායාති විනාසාය. මක‍්ඛලි මොඝපුරිසොති අයං මක‍්ඛලි ගොසාලො තුච‍්ඡපුරිසො. මනුස‍්සඛිප‍්පං මඤ‍්ඤෙ ලොකෙ උප‍්පන‍්නොති මහාජනස‍්ස සග‍්ගමොක‍්ඛගමනමග‍්ගෙ තත්‍ථ ගමනනිවාරණත්‍ථං මනුස‍්සකුමිනං විය ලොකෙ උප‍්පන‍්නො.

සිවුවැන්නෙහි මක්‍ඛලී යනු මා ඛලී යන වචනය ඇසුරුකොට ලබන ලද නම් ඇති තීර්ථංකර තෙමේයි. නදීමුඛෙ යනු නදීන් දෙකක් එකතුවන තැනයි. මෙය දේශනාමාත්‍රයක්මය. කදුරැලි දෙකක දෙදියකද එක්වන තැනයි. මුහුදේ කලපුවේද මුහුදේ නදියකදැයි යන මේවායේද යම් කිසිවක එක්වූ තැනකි. වෙනත් එබඳුවූද දියය. ඛිපං යනු කෙමිනයි. ඔඩ්ඩෙය්‍ය අටවන්නේයි. මිනිස්සු බටවලින් හෝ උක්වලින් හෝ උණවලින් හෝ පෙඟූ ඉරටුවලින් හෝ කළ එකක් දෙකක් හෝ තුනක් කළ ගන්වන (තැබිය හැකි) පමණවූ කෙමියක් කොට මුවවිට යොතින් බැඳ ගං මුව දොරට ගෙන ගොස් දෙපසෙහි කණුවක කොටා යොත්වලින් එහි බඳිත්, එය සඳහා මෙය කියනලදී. එහි පිවිසි කුඩමස්සාටද ගැලවීමක් නැත. අනයාය යනු අවැඩටයි. ව්‍යසනාය යනු විනාශයටයි. මක්‍ඛලී මොඝපුරිසො යනු මේ මක්‍ඛලිගොසාල නම්වූ හිස්මිනිසායි. මනුස්සබිපං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො යනු මහජනයාගේ ස්වර්‍ගමොක්‍ෂ ගමන් මාර්‍ගයෙහි එහි යාම වැළැක්වීම සඳහාවූ මිනිස් කෙමිනක්මෙන් ලොව උපන්නෙකියි.

පඤ‍්චමාදීසු දුරක‍්ඛාතෙ, භික‍්ඛවෙ, ධම‍්මවිනයෙති දුරක‍්ඛාතධම‍්මවිනයො නාම බාහිරකසාසනං. තත්‍ථ හි සත්‍ථාපි අසබ‍්බඤ‍්ඤූ හොති, ධම‍්මොපි දුරක‍්ඛාතො, ගණොපි දුප‍්පටිපන‍්නො. යො ච සමාදපෙතීති යො ආචරියපුග‍්ගලො සමාදපෙති. යඤ‍්ච සමාදපෙතීති යං අන‍්තෙවාසිකං සමාදපෙති. යො ච සමාදපිතො තථත‍්තාය පටිපජ‍්ජතීති යො අන‍්තෙවාසිකො ආචරියෙන සමාදපිතො තස‍්ස වචනං කරොන‍්තො තථාභාවාය පටිපජ‍්ජති. බහුං අපුඤ‍්ඤං පසවන‍්තීති සමාදපකො හි පාණාතිපාතාදීසු ජඞ‍්ඝසතං සමාදපෙන‍්තො තෙසං සබ‍්බෙසම‍්පි අකුසලෙන සමකමෙව අකුසලං පාපුණාති. තෙනාහ – “සබ‍්බෙ තෙ බහුං අපුඤ‍්ඤං පසවන‍්තී”ති.

පස්‍වැන්න ආදියෙහිද දුරුක්‍ඛාතෙ භික්‍ඛවෙ ධම්මවිනයෙ යනු නරකට කියනලද ධර්‍මවිනය නම් (බුදුසසුනෙන්) බාහිරවූ ශාසනයයි. එහි ශාස්තෘවරයාද අසර්‍වඥ වෙයි. ධර්‍මයද නරකට දෙසනලද්දේය. පිරිසද වැරදියට පිළිපන්නේය. යො ච සමාදපෙති යනු යම් ආචාර්‍ය්‍යවූ පුද්ගලයෙක් පිළිගන්වයිද යනුයි. යංච සමාදපෙති යනු අතවැස්සන්ට යමක් පිළිගන්වයිද යනුයි. යොච සමාදපිතො තථත්තාය පටිපජ්ජති යනු යම් අතවැස්සෙක් ආචාර්‍ය්‍යයන් විසින් පිළිගන්වනලද්දේ ඔහුගේ වචනය (ඉටු) කරන්නේ එ(එබඳු) බවට පිළිපදියි. බහුං අපුඤ්ඤං පසවන්ති යනු පිළිගන්වන්නාද පරපණ නැසීම් ආදියෙහි පාදසියයක් පිළිගන්වනනේ ඒ සියල්ලන්ටම අකුශලයෙන් සමානවූම අකුශලයක් පමුණුවයි. එහෙයින් ඒ සියල්ලෝ බොහෝ පව් උපදවතියි කියනලදී.

ස‍්වාක‍්ඛාතෙති සුට‍්ඨු අක‍්ඛාතෙ සුදෙසිතෙ. එවරූපෙ හි ධම‍්මවිනයෙ සත්‍ථා ච සබ‍්බඤ‍්ඤූ හොති, ධම‍්මො ච ස‍්වාක‍්ඛාතො, ගණො ච සුප‍්පටිපන‍්නො. සබ‍්බෙ තෙ බහුං පුඤ‍්ඤං පසවන‍්තීති සමාදපකො හි භික‍්ඛූ පිණ‍්ඩාය පවිට‍්ඨෙ දිස‍්වා යාගුභත‍්තාදීනි සමාදපෙන‍්තො සබ‍්බෙසම‍්පි දායකානං කුසලෙන සමකං කුසලං පාපුණාති. තෙන වුත‍්තං – “බහුං පුඤ‍්ඤං පසවන‍්තී”ති.

ස්වාක්‍ඛාතෙ යනු මනාව කියනලද මනාව දෙසන ලද්දෙහියි. එබඳුවූ ධර්‍මවිනයෙහි ශාස්තෘවරයාද සර්‍වඥවෙති. ධර්‍මයද මැනවින් දේශිතය, සංඝයාද මනාව පිළිපන්හ. සබ්බෙ තෙ බහුං පුඤ්ඤං පසවන්ති යනු සමාදන් කරවන්නාවූ භික්‍ෂුව පිඬු හැසිරෙනකල්හි දැක කැඳබත් ආදියෙන් සමාදන් කරවන්නේ සියලුම දායකයන්ට කුසලයෙන් සමානවූ කුශලයක් පමුණුවයි. එහෙයින් බොහෝ පින් උපදවතියි කියනලදී.

දායකෙන මත‍්තා ජානිතබ‍්බාති දායකපුග‍්ගලෙන පමාණං ජානිතබ‍්බං, පමාණෙන දාතබ‍්බං, පූරෙත්‍වා අතිරෙකං න දාතබ‍්බං. න දාතබ‍්බන‍්ති හි අවත්‍වා පමාණවසෙන ථොකං දාතබ‍්බන‍්ති වුත‍්තං. කස‍්මා? පූරෙත්‍වා අතිරෙකෙ දින‍්නෙපි හි අතිරෙකා මනුස‍්සසම‍්පත‍්ති වා දිබ‍්බසම‍්පත‍්ති වා නිබ‍්බානසම‍්පත‍්ති වා නත්‍ථි. නො පටිග‍්ගාහකෙනාති පටිග‍්ගාහකස‍්ස පන මත‍්තං ජානිත්‍වා පටිග‍්ගහණකිච‍්චං නාම නත්‍ථි. කස‍්මා? තස‍්ස හි මත‍්තං ඤත්‍වා පූරෙතබ‍්බා මත‍්තපටිග‍්ගහණමූලිකා අප‍්පිච‍්ඡපටිපදා නාම නත්‍ථි. යත‍්තකං පන ලභති, තත‍්තකං ගහෙතබ‍්බං. අතිරෙකග‍්ගහණමූලං හිස‍්ස පුත‍්තදාරභරණං භවිස‍්සති.

දායකෙන ජානිතබ්බා යනු දායක පුද්ගලයා විසින් ප්‍රමාණය දතයුතුය. පමණින් දිය යුතුය. පුරවා වැඩිපුර නොදිය යුතුය. නොදිය යුතුයයි නොකියා ප්‍රමාණ වශයෙන් ටික ටික දියයුතුයයි කියනලදී. පුරවා වැඩිපුර දුන් කල්හි වැඩිමිනිස් සැපතක් හෝ දෙව්සැපතක් හෝ නිවන් සැපතක් හෝ නැත. නො පටිග්ගාහකෙන යනු පිළිගන්නාගේ පමණ දැන පිළිගැනීමේ කිසක් නම් නැත. කුමක් හෙයින්ද යත්? ඔහුට වනාහි පමණ දැන පිරියයුතු පමණට පිළිගැනීම මුල්කොට ඇති අපිස් පටිපදාවක් නම් නැත. යම් පමණක් ලබයිද එපමණක් ගතයුතුය. ඔහුගේ අඹුදරුවන් රැකීම අතිරේකව ගැනීම මුල්කොට ඇත්තේ වෙයි.

පටිග‍්ගාහකෙන මත‍්තා ජානිතබ‍්බාති පටිග‍්ගාහකපුග‍්ගලෙන පමාණං ජානිතබ‍්බං. කථං? තෙන හි දායකස‍්ස වසො වෙදිතබ‍්බො, දෙය්‍යධම‍්මස‍්ස වසො වෙදිතබ‍්බො, අත‍්තනො ථාමො වෙදිතබ‍්බො. යදි හි දෙය්‍යධම‍්මො බහු හොති, දායකො අප‍්පං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හිතබ‍්බං. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හිතබ‍්බං. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණෙනෙව ගණ‍්හිතබ‍්බං. එවං මත‍්තං ඤත්‍වා පටිග‍්ගණ‍්හන‍්තො හි අප‍්පිච‍්ඡපටිපදං පූරෙති. අනුප‍්පන‍්නස‍්ස ලාභො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ලාභො ථාවරොව හොති. අප‍්පසන‍්නා පසීදන‍්ති, පසන‍්නාපි භිය්‍යො පසාදමාපජ‍්ජන‍්ති, මහාජනස‍්ස චක‍්ඛුභූතො හොති, සාසනං චිරට‍්ඨිතිකං කරොති.

පටිග්ගාහකෙන මත්තා ජාතිතබ්බා යනු ප්‍රතිග්‍රාහක පුද්ගලයා විසින් පමණ දතයුතුය. කෙසේද යත්? ඔහු විසින් දායකයාගේ හැකියාව දතයුතුය. දෙය්‍යධර්‍මයාගේ (දානවස්තුවේ) හැකියාව දතයුතුය. තමන්ගේ ශක්තිප්‍රමාණය දතයුතුය. ඉදින් ද්‍යෙධර්‍මය බොහෝ වේද දායකයා ටිකක් දෙනු කැමැත්තේද දායකයාගේ වශයෙන් ටිකක් ගතයුතුය. දෙය්‍යධර්‍මය අල්පය, දායකයා බොහෝ දෙනු කැමැත්තේය, එවිට දෙය්‍යධර්‍මය වශයෙන් ටිකක් ගතයුතුය. දෙය්‍යධර්‍මයද බොහෝය, දායකයාද බොහෝ දෙනු කැමැත්තේය. එවිට තමන්ගේ ශක්තිප්‍රමාණය දැන පමණින්ම ගතයුතුය. මෙසේ පමණ දැන පිළිගන්නා වනාහි අල්පෙච්ඡප්‍රතිපදාව පුරයි. නූපන්නහුට ලාභය උපදියි. උපන් ලාභය තහවුරු වෙයි. නොපැහැදුනෝ පහදිත්, පැහැදුනෝද බොහෝ පැහැදීමට පැමිණෙත්, මහජනයාට ඇසක්වූයේ වෙයි. සසුන බොහෝකල් පවතින්නක් කරයි.

තත්‍රිමානි වත්‍ථූනි – රොහණජනපදෙ කිර කුටිම‍්බියවිහාරෙ එකො දහරො දුබ‍්භික‍්ඛසමයෙ තස‍්මිං ගාමෙ එකස‍්ස කම‍්මකාරස‍්ස ගෙහෙ භුඤ‍්ජනත්‍ථාය කටච‍්ඡුභත‍්තං ගහෙත්‍වා ගමනත්‍ථාය ච කටච‍්ඡුභත‍්තමෙව ලභති. සො එකදිවසං තස‍්මිං ගෙහෙ එකං ආගන‍්තුකං දිස‍්වා එකමෙව කටච‍්ඡුභත‍්තං ගණ‍්හි. අථස‍්ස “කෙන කාරණෙනා”ති වුත‍්තෙ තමත්‍ථං වත්‍වා සො කුලපුත‍්තො පසීදිත්‍වා “අම‍්හාකං කුලූපකභදන‍්තො එවරූපො නාමා”ති රාජද‍්වාරෙ මිත‍්තාමච‍්චානං කථෙසි. තෙ සබ‍්බෙපි තස‍්ස අප‍්පිච‍්ඡගුණෙ පසන‍්නා එකදිවසෙනෙව සට‍්ඨි ධුරභත‍්තානි ඨපෙසුං. එවං අප‍්පිච‍්ඡො අනුප‍්පන‍්නලාභං උප‍්පාදෙති.

එහිලා මේ කථාවස්තුහු වෙත්: රෝහණ ජනපදයෙහි කුටුම්බිය වෙහෙරෙහි එක් තරුණ භික්‍ෂුවක් දුර්භික්‍ෂ සමයෙක්හි එගම එක් ලමබකණ්ණ ගොත්‍රිකයෙකුගේ නිවසෙහි වැළදීම සඳහා හැඳිබතක් (හැන්දක් පමණ බත්) ගෙන ගමන සඳහා ද හැඳිබතක්ම ලබයි. හෙතෙම එක්දිනක ඒ නිවසෙහි එක් අමුත්තෙකු දැක එක් හැඳිබතක්ම ගත්තේය. ඉක්බිති එකරුණින් කුලපුත්‍රයා ඔහුට පැහැදී අපගේ ගෙදරට පැමිණෙන ස්වාමීන්වහන්සේ මෙවැන්නෙකැයි රජගෙදර මිත්‍ර ඇමතිවරුනට පැවසීය. ඒ සියල්ලෝ ඔහුගේ අපිස් ගුණයෙන් පැහැදුනාහු එක් දිනකින්ම නිතිබත් සැටක් පිහිටවූහ. මෙසේ අපිස් තැනැත්තේ නූපන් ලාභය උපදවයි.

සද‍්ධාතිස‍්සමහාරාජාපි චූළුපට‍්ඨාකං තිස‍්සාමච‍්චං වීමංසිත්‍වා තෙන එකං තිත‍්තිරං පචාපෙත්‍වා ආහරාපෙසි. අථ පරිභොගසමයෙ “අග‍්ගං දත්‍වා පරිභුඤ‍්ජිස‍්සාමී”ති අට‍්ඨකසාලපරිවෙණෙ මහාථෙරස‍්ස භණ‍්ඩග‍්ගාහසාමණෙරස‍්ස තිත‍්තිරමංසං දෙන‍්තො තස‍්මිං ථොකංයෙව පටිග‍්ගණ‍්හන‍්තෙ තස‍්ස අප‍්පිච‍්ඡගුණෙ පසීදිත්‍වා “පසන‍්නොස‍්මි, තාත, අට‍්ඨ තෙ ධුරභත‍්තානි දෙමී”ති ආහ. මහාරාජ, උපජ‍්ඣායස‍්ස දෙමීති. අපරානිපි අට‍්ඨ දෙමීති. තානි අම‍්හාකං ආචරියස‍්ස දෙමීති. අපරානිපි අට‍්ඨ දම‍්මීති. තානි සමානුපජ‍්ඣායානං දම‍්මීති. අපරානිපි අට‍්ඨ දම‍්මීති. තානි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දම‍්මීති. අපරානිපි අට‍්ඨ දම‍්මීති. සාමණෙරො අධිවාසෙසි. එවමස‍්ස උප‍්පන‍්නො ලාභො ථාවරො හොති.

සද්ධාතිස්ස මහරජතුමා වනාහි චුළ්භඋපට්ඨාක තිස්ස ඇමතියා විමසා ඔහුලවා එක් වටුවකු පිසවා ගෙන්වා ගත්තේය. ඉක්බිති වළඳන කල්හි අග්‍රයදී වළඳන්නෙමැයි කන්‍ථකසාල පිරිවෙණෙහි මහතෙරුන්ගේ භාණ්ඩග්‍රාහක තෙරණුන්ට වටුමස් දෙන්නේ උන්වහන්සේ ටිකක්ම පිළිගන්නාකල්හි ඔහුගේ අපිස් ගුණයෙහි පැහැදී ‘ස්වාමිදරුවනි, පැහැදුනෙමි. ඔබට නිතිබත් අටක් දෙමියි පැවසීය. ‘මහරජ මම උපාද්‍යායයන්ට දෙමැයි භික්‍ෂුව කීවේය. ‘තවත් අටක් දෙමැ’යි රජ කීවේය.’ ‘ඒවා අපගේ ආචාර්‍ය්‍යයන්ට දෙමි.’ ‘තවත් අටක්ද දෙමි.’ ‘ඒවා බික් සඟනට දෙමි’ ‘වෙනත් අටක්ද දෙමි.’ සාමණේරයෝ ඉවසූහ. මෙසේ ඔහුට උපන් ලාභය තහවුරු වූයේය.

අප‍්පසන‍්නා පසීදන‍්තීති එත්‍ථපි – දීඝබ්‍රාහ‍්මණො කිර බ්‍රාහ‍්මණෙ භොජෙන‍්තො පඤ‍්ච පඤ‍්ච භත‍්තසරකානි දත්‍වා සන‍්තප‍්පෙතුං නාසක‍්ඛි. අථෙකදිවසං “සමණා කිර නාම අප‍්පිච‍්ඡා”ති කථං සුත්‍වා වීමංසනත්‍ථාය භත‍්තං ගාහාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස භත‍්තකිච‍්චකරණවෙලාය විහාරං ගන‍්ත්‍වා තිංසමත‍්තෙ භික‍්ඛූ භොජනසාලායං භුඤ‍්ජන‍්තෙ දිස‍්වා එකං භත‍්තසරකං ගහෙත්‍වා සඞ‍්ඝත්‍ථෙරස‍්ස සන‍්තිකං අගමාසි. ථෙරො අඞ‍්ගුලිං චාලෙත්‍වා ථොකමෙව අග‍්ගහෙසි. එතෙනෙව නියාමෙන එකං භත‍්තසරකං සබ‍්බෙසං සම‍්පාපුණි. තතො බ්‍රාහ‍්මණො “සච‍්චොයෙව එතෙසං සමණානං ගුණො”ති අප‍්පිච‍්ඡතාය පසන‍්නො සහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා තස‍්මිංයෙව විහාරෙ චෙතියං කාරෙසි. එවං අප‍්පසන‍්නා පසීදන‍්ති.

නොපැහැදුනෝ පහදිත් යන මෙහි දීඝබ්‍රාහ්මණ නම් ඇත්තෙක් බමුණන් වළඳවන්නේ බඳුන් පස බැගින්දී සතුටු කරන්නට නොහැකි විය. ඉක්බිති එක් දිනක් ශ්‍රමණයෝ වනාහි අල්පේච්ඡයෝය යන කථාව අසා විමසනු සඳහා බත් ගෙන්වා ගෙන බික්සඟන බත් කිස කරන වේලාවෙහි විහාරයට ගොස් තිහක් පමණ භික්‍ෂූන් බෝජුන් හලෙහි වළඳනු දැක එක්බත් සරලුවක් ගෙන සංඝස්ථවිරයන් සමීපයට ගියේය. තෙරණුවෝ ඇඟිල්ල පොවා ටිකක්ම ගත්තේය. මේ ක්‍රමයෙන්ම එක් බත් සරලුව සියල්ලන්ට පැමිණියේය. ඉක්බිති බමුණු තෙමේ මේ ශ්‍රමණ සමූහයා සත්‍යයි අපිස් බැව්හි පැහැදුනේ දහසක් වියදම් කොට ඒ වෙහෙරෙහිම සෑයක් කරවීය. මෙසේ නොපැහැදුනෝ පැහැදෙත්

පසන‍්නා භිය්‍යො පසීදන‍්තීති එත්‍ථ වත්‍ථුනා කිච‍්චං නත්‍ථි. පසන‍්නානඤ‍්හි අප‍්පිච‍්ඡං දිස‍්වා පසාදො භිය්‍යො වඩ‍්ඪතියෙව.

පැහැදුනෝ වැඩියත් පහදිත් යන මෙහි කථාවස්තුවෙන් වැඩක් නැත. අල්පෙච්ඡ බව දැක පැහැදුනවුන්ගේ පැහැදීම බෙහෙවින් වැඩේමය.

මජ‍්ඣන‍්තිකතිස‍්සත්‍ථෙරසදිසෙ පන අප‍්පිච‍්ඡෙ දිස‍්වා මහාජනො අප‍්පිච‍්ඡො භවිතුං මඤ‍්ඤතීති අප‍්පිච‍්ඡො මහාජනස‍්ස චක‍්ඛුභූතො නාම හොති.

මජක්‍ධන්තිකතිස්ස තෙරුන් සමාන අපිස් ඇත්තවුන් දැක මහජනයා අපිස්වීමට හඟිතියි අපිස් ඇත්තා මහජනයාට ඇසක්වූයේ නම් වෙයි.

“අප‍්පිච‍්ඡතා, භික‍්ඛවෙ, සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තතී”ති (අ· නි· 1.116-129) වචනතො පන අප‍්පිච‍්ඡො සාසනං චිරට‍්ඨිතිකං කරොති නාම.

‘මහණෙනි, අපිස් බව සද්ධර්‍මයාගේ පැවැත්ම සඳහා අමතක නොවීම සඳහා විනාශ නොවීම සඳහා පවතී’ යන වචනයෙන් අපිස් ඇත්තේ සසුන බොහෝකල් පවතින්නක් කරයි නම් වේ.

නො දායකෙනාති ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පන දායකස‍්ස පමාණං ඤත්‍වා දාතබ‍්බකිච‍්චං නාම නත්‍ථි. යත‍්තකො දෙය්‍යධම‍්මො අත්‍ථි, තත‍්තකං අවත්‍ථරිත්‍වා දාතුං වට‍්ටති. අවත්‍ථරිත්‍වා දින‍්නකාරණා හි එස මනුස‍්සසම‍්පත‍්තිං, දිබ‍්බසම‍්පත‍්තිං, නිබ‍්බානසම‍්පත‍්තිඤ‍්ච අවත්‍ථරිත්‍වා උත‍්තරුත‍්තරි පණීතපණීතමෙව ලභති.

නොදායකෙන යනු මනාව දෙහිත ධර්‍මවිනයෙහි දායකයාගේ පමණ දැන දියයුතු කිසක් නම් නැත. දෙය්‍යධර්‍මය යම් පමණක් ඇත්ද? එපමණක් වසා මැඬගෙන දීමට වටීයි. වසා මැඬගෙන දුන් හේතුවෙන් මෙතෙම මනුෂ්‍ය සම්පත්, දිව්‍යසම්පත් හා නිවන්සම්පත්ද වසා මැඬගෙන වඩවඩාත් ප්‍රණීත ප්‍රණීතව ලබයි.

යො ආරද‍්ධවීරියො, සො දුක‍්ඛං විහරතීති පඤ‍්චාතපතප‍්පනමරුප‍්පපාතපතනාදිච‍්චානුපරිවත‍්තන-උක‍්කුටිකප‍්පධානාදීනි අනුයුඤ‍්ජන‍්තො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ දුක‍්ඛං විහරති, තස‍්සෙව බාහිරසමයෙ සමාදින‍්නස‍්ස තපචරණස‍්ස විපාකෙන නිරයෙ උප‍්පජ‍්ජිත්‍වා සම‍්පරායෙපි දුක‍්ඛං විහරති.

සො ආරද්ධවිරියො සො දුක්‍ඛං විහරති යන පංචතාපයෙන් තැවීම, වැළි ප්‍රපාතයෙහි පෙරළීම, හිරු අනුව පැවතීම, ඇනතබාගෙන බවුන් වැඩීම ආදියෙහි යෙදෙන්නා ඉහාත්මයෙහිම දුකසේ වෙසෙයි. බැහැරි සසුනෙක පිළිගත් තපස්වරණයෙහි විපාකයෙන් නරකයෙහි ඉපිද පරලොවෙහිද දුකසේ වෙසෙයි.

යො කුසීතො, සො දුක‍්ඛං විහරතීති අයම‍්පි දිට‍්ඨෙ ධම‍්මෙ චෙව සම‍්පරායෙ ච දුක‍්ඛං විහරති. කථං? යස‍්ස හි පබ‍්බජිතකාලතො පට‍්ඨාය යොනිසො මනසිකාරො නත්‍ථි, බුද‍්ධවචනං න උග‍්ගණ‍්හාති, ආචරියුපජ‍්ඣායවත‍්තං න කරොති, චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවත‍්තං න කරොති. ජනස‍්ස පන සද‍්ධාදෙය්‍යං අපච‍්චවෙක‍්ඛිතපරිභොගෙන පරිභුඤ‍්ජිත්‍වා දිවසං සෙය්‍යසුඛං පස‍්සසුඛං අනුයුඤ‍්ජිත්‍වා පබුද‍්ධකාලෙ තයො විතක‍්කෙ විතක‍්කෙති. සො කතිපාහෙනෙව භික‍්ඛුභාවා චවති? එවං දිට‍්ඨධම‍්මෙ ච දුක‍්ඛං විහරති. පබ‍්බජිත්‍වා පන සමණධම‍්මස‍්ස සම‍්මා අකතත‍්තා ච –

යො කුසීතො සො දුක්‍ඛං විහරති යනු මෙතෙමේද ඉහාත්මයෙහිද පරලොවෙහිද දුකසේ වෙසෙයි. කෙසේදයත්? යමෙකුට පැවිදිවීමේ පටන් නුවණින් මෙනෙහි කිරීමක් නැත්ද, බුදුවදන් නොඋගනියි. ආචාර්‍ය්‍ය උපාධ්‍යායවත් නොකරයි. සෑමලු බෝමලුවත් නොකරයි. ජනයාගේ සැදැහැයෙන් දෙන දෙය ප්‍රත්‍යවේක්‍ෂා නොකළ පරිභෝගයෙන් වළඳා දවසෙහි නිදිසුවයෙන් පහස් සුවයෙන් කල්යවා අවදිවූකල තුන විතර්‍කයන් විතර්කනය කරයි. හෙතෙම කිහිප දිනකින්ම භික්‍ෂු භාවයෙන් මිදෙයි. මෙසේ ඉහාත්මයෙහි දුකසේ වෙසෙයි. පැවිදිව මහණදම් මනාව නොකළ නිසාද,

“කුසො යථා දුග‍්ගහිතො, හත්‍ථමෙවානුකන‍්තති; සාමඤ‍්ඤං දුප‍්පරාමට‍්ඨං, නිරයායුපකඩ‍්ඪතී”ති. (ධ· ප· 311) –

‘යම්සේ නොමනාව ගත් කුසතණ අතම කපයිද එසේ අයහපත්සේ ගන්නාලද ශ්‍රමණබව නිරයට ඇද දමයි.

අපායස‍්මිංයෙව පටිසන්‍ධිං ගණ‍්හති. එවං සම‍්පරායෙපි දුක‍්ඛං විහරති.

අපායෙහිම පිළිසිඳ ගන්වයි. මෙසේ පරලෙව්හිද දුකසේම වෙසෙයි.

යො කුසීතො, සො සුඛං විහරතීති කාලෙන කාලං වුත‍්තප‍්පකාරෙ තපචරණෙ කිඤ‍්චි කිඤ‍්චි තපචරණං කත්‍වා කාලෙන කාලං ඔදාතවත්‍ථවසනො මාලාගන්‍ධවිලෙපනධරො මධුරභොජනං භුඤ‍්ජන‍්තො මුදුකාසු සෙය්‍යාසු සයන‍්තො දිට‍්ඨෙ ධම‍්මෙ චෙව සුඛං විහරති සම‍්පරායෙ ච. සො හි තස‍්ස තපචරණස‍්ස ගාළ‍්හං අග‍්ගහිතත‍්තා නාතිබහුං නිරයෙ දුක‍්ඛං අනුභවති. තස‍්මා සම‍්පරායෙ සුඛං විහරති නාම.

යො කුසීතො සො සුඛං විහරතී යනු කලින්කලට කියනලද අයුරු ඇති තපශ්වරණයෙහි යම් යම් තවුස් හැසීමෙහි යෙදී කලින්කලට සුදු ඇඳුම් හඳින්නේ මල්ගඳ විලවුන් දරන්නේ මිහිරි බොජුන් බුදින්නේ මුදුමොළොක් යහන්වල නිදන්නේ ඉහාත්මයෙහිද සුවසේ වෙසෙයි පරලෙව්හිද සුවසේ වෙසෙයි. හෙතෙම වනාහි ඒ තවුස් හැසිරීම දැඩි සේ නොගත් බැවින් නිරයෙහි බොහෝ දුක් අනුභව නොකරයි. එබැවින් පරලෙව්හි සුවසේ වෙසෙයි නම් වේ.

යො ආරද‍්ධවීරියො, සො සුඛං විහරතීති ආරද‍්ධවීරියො හි පබ‍්බජිතකාලතො පට‍්ඨාය වත‍්තෙසු පරිපූරකාරී හොති, බුද‍්ධවචනං උග‍්ගණ‍්හාති, යොනිසො මනසිකාරෙ කම‍්මං කරොති. අථස‍්ස වත‍්තපූරණඤ‍්චෙව උග‍්ගහිතබුද‍්ධවචනඤ‍්ච සමණධම‍්මකිරියඤ‍්ච ආවජ‍්ජෙන‍්තස‍්ස චිත‍්තං පසීදති. එවං දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරති. දිට‍්ඨධම‍්මෙ පන අරහත‍්තං පාපුණිතුං අසක‍්කොන‍්තො නිබ‍්බත‍්තභවෙ ඛිප‍්පාභිඤ‍්ඤො හොතීති සම‍්පරායෙපි සුඛං විහරති නාම.

යො ආරද්ධවිරියො සො සුඛං විහරති යනු අරඹූ වීර්ය ඇත්තා වනාහි පැවිදිවූ කල්පටන් වත් සම්පූර්ණ කරන්නේ වෙයි. බුදුවදන් උගනියි. නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරයි. ඉක්බිති වත් පිරිමද උගත් බුදුවදන්ද මහණදම්හි හැසිරීම්ද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. මෙසේ ඉහාත්මයෙහිම සුවසේ වෙසෙයි. ඉහාත්මයෙහි රහත්බවට පැමිණීමට නොහැක්කේ උපන් භවයෙහි වහාවැටහෙන අභිඥා ඇත්තේ වේනුයි පරලෙව්හිද සුවසේ වෙසෙයි නමි.

සෙය්‍යථාපි, භික‍්ඛවෙ, අප‍්පමත‍්තකොපි ගූථො දුග‍්ගන්‍ධො හොතීති ඉදං සුත‍්තං අට‍්ඨුප‍්පත‍්තියං වුත‍්තං. කතරඅට‍්ඨුප‍්පත‍්තියන‍්ති? නවකනිපාතෙ (අ· නි· 9.12) සත‍්තුප‍්පාදසුත‍්ත අට‍්ඨුප‍්පත‍්තියං. තථාගතො හි තං අත්‍ථං කථෙන‍්තො – “නව පුග‍්ගලා නිරයතො මුත‍්තා, තිරච‍්ඡානයොනිතො මුත‍්තා, පෙත‍්තිවිසයතො මුත‍්තා”ති කථෙසි. අථස‍්ස එතදහොසි – “සචෙ ඛො පන මෙ පුත‍්තා ඉමං ධම‍්මදෙසනං සුත්‍වා ඛීණනිරයම‍්හා ඛීණතිරච‍්ඡානයොනිකා ඛීණපෙත‍්තිවිසයා ඛීණාපායදුග‍්ගතිවිනිපාතාති මඤ‍්ඤමානා උපරිමග‍්ගඵලත්‍ථාය වායමිතුං න මඤ‍්ඤෙය්‍යුං, තෙසං සංවෙගං ජනෙස‍්සාමී”ති සංවෙගජනනත්‍ථං “සෙය්‍යථාපි, භික‍්ඛවෙ”ති ඉමං සුත‍්තමාරභි. තත්‍ථ අප‍්පමත‍්තකොති ථොකමත‍්තකො පරිත‍්තප‍්පමාණො, අන‍්තමසො කුසග‍්ගෙනපි ගහෙත්‍වා උපසිඞ‍්ඝියමානො දුග‍්ගන්‍ධොව හොති. අප‍්පමත‍්තකම‍්පි භවං න වණ‍්ණෙමීති අප‍්පමත‍්තකම‍්පි කාලං භවෙ පටිසන්‍ධිං න වණ‍්ණයාමි. ඉදානිස‍්ස උපමං දස‍්සෙන‍්තො ආහ – අන‍්තමසො අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පීති. සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන ද‍්වෙ අඞ‍්ගුලියො එකතො කත්‍වා පහරණමත‍්තම‍්පි කාලන‍්ති වුත‍්තං හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සෙය්‍යථාපි භික්‍ඛවෙ අප්පමත්තකොපි ගූථො දුග්ගන්‍ධො හොති යන මේ සූත්‍රය අර්‍ත්‍ථොත්පත්තියෙහිදී කියනලදී. කවර අර්‍ත්‍ථොත්පත්තියකදී යත්? නව නිපාතයෙහි සතුප්පාද සූත්‍ර අර්‍ත්‍ථොත්පත්තියෙහිය. තථාගතයන්වහන්සේ තථාගතයන්වහන්සේ එම සූත්‍රය දෙසන සේක් පුද්ගලයෝ නවදෙනෙක් නිරයෙන් මිදුනහ. තිරිසන් යෝනියෙන් මිදුනහ. ප්‍රේතවිෂයෙන් මිදුනහයි වදාළසේක. ඉක්බිති උන්වහන්සේට මෙසේ අදහසක්විය. ඉදින් මගේ පුත්‍රයෝ මේ දම් දෙසුම අසා ක්‍ෂයකළ නිරය ඇත්තාහු ක්‍ෂයකළ තිරිසන් යොනි ඇත්තාහු ක්‍ෂයකළ ප්‍රෙතවිෂය ඇත්තාහු ක්‍ෂයකළ අපාය දුගතියෙහි වැටීම් ඇත්තාහු වෙමුයි හඟින්නාහු මත්තෙහි මාර්‍ගඵල සඳහා වෑයම් කිරීමට නොසිතන්නාහු නම් ඔවුනට සංවේග උපදවන්නෙමියි සංවේග දැනවීම සඳහා ‘යම්සේ මහණෙනි’යි මේ සූත්‍රය පටන්ගත්සේක. එහි අප්පමත්තකො යනු මඳ පමණවූ, කුඩා ප්‍රමාණයක්වුයි යටත් පිරිසෙයින් කුසතණ අගකින් ගෙන හිඹ බලනුලබන්නේ දුගඳ ඇත්තේම වෙයි. අප්පමත්තකම්පි භවංන වණ්ණෙමි යනු කෙටි කලකටද භවයෙහි ප්‍රතිසන්‍ධිය නොවණමියි. දැන් එයට උපමාවක් දක්වමින් මෙසේ වදාළසේක. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි යනු යටත් පිරිසෙයින් ඇඟිලි දෙකක් එකට තබා අසුරු ගසන පමණවූ කාලයකැයි කියනලද්දේ වෙයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිවූයේයමැයි.

තතියවග‍්ගවණ‍්ණනා.

තෙවෙනි වර්‍ගයයි.