යෙදුමෙන් කියවන්න

ජම‍්බුදීපපෙය්‍යාලො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ජම‍්බුදීපපෙය්‍යාලො

ජම්බුදීපපෙය්‍යාලය

චතුත්‍ථවග‍්ගස‍්ස පඨමෙ ජම‍්බුදීපෙති ජම‍්බුයා පඤ‍්ඤාතො පාකටො දීපොති ජම‍්බුදීපො. ඉමස‍්ස කිර දීපස‍්ස සඤ‍්ඤාණභූතා යොජනසතුබ‍්බෙධා පණ‍්ණාසයොජනසාඛා පඤ‍්චදසයොජනාවට‍්ටක‍්ඛන්‍ධා හිමවන‍්තපබ‍්බතෙ ජාතා කප‍්පට‍්ඨායිනී මහාජම‍්බූ නාම අත්‍ථි, තාය අයං දීපො ජම‍්බුදීපොති වුච‍්චති. යථා ච ඉමස‍්මිං දීපෙ ජම‍්බුරුක‍්ඛො කප‍්පට‍්ඨායී, තථා අපරගොයානෙ කදම‍්බරුක‍්ඛො, උත‍්තරකුරූසු කප‍්පරුක‍්ඛො, පුබ‍්බවිදෙහෙ සිරීසරුක‍්ඛො, අසුරානං චිත‍්තපාටලිරුක‍්ඛො, සුපණ‍්ණානං සිම‍්බලිරුක‍්ඛො, දෙවානං පාරිච‍්ඡත‍්තකොති ඉමෙපි කප‍්පට‍්ඨායිනොව.

සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි ජම්බුදීපෙ යනු දඹගසින් පැනුණු ප්‍රකටවුණු දිවයිනයි, ජම්බුදීපයයි. මේ දිවයින හඟවන්නාවූ යොදුන් සියයක් උස්වූ, පණස් යොදුන් ශාඛා ඇති, යොදුන් පසළොසක් වටවූ කඳ ඇති හිමවතෙහි හටගත් කල්පයක් පවත්නා මහාජම්බුනම්වූ ගසෙක් ඇත. ඒ ගස නිසා මේ දිවයින ජම්බුදීපයයි කියනු ලැබේ. යම් සේ මේ දිවයිනෙහි දඹගස කල්පයක් පවතින්නේද එසේ අපරගොයානයෙහි කඳම්බ (කොළොම්) ගසඳ උතුරුකුරු දිවයිනෙහි කප්රුකද පූර්‍ව විදෙහයෙහි මහරි ගසද, අසුරයන්ගේ චිත්තපාටලී ගසද සුපර්‍ණයන්ගේ ඉඹුල් ගසද දෙවියන්ගේ පරසතු ගසද යන මේවා කල්පයක් පවතින්නේමය.

“පාටලී සිම‍්බලී ජම‍්බූ, දෙවානං පාරිච‍්ඡත‍්තකො; කදම‍්බො කප‍්පරුක‍්ඛො ච, සිරීසො භවති සත‍්තමො”ති.

‘පළොල්, හිඹුල්, දඹ, දෙවියන්ගේ පරසතු, කොළොම් හා කප්රුකද සත්වෙනිවූ මහරි ගසද වේ.’

ආරාමරාමණෙය්‍යකන‍්ති පුප‍්ඵාරාමඵලාරාමානං රාමණෙය්‍යකං වෙළුවන-ජීවකම‍්බවන-ජෙතවනපුබ‍්බාරාමසදිසං. තං ඉමස‍්මිං ජම‍්බුදීපෙ අප‍්පමත‍්තකං පරිත‍්තකං, න බහුකන‍්ති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ වනරාමණෙය්‍යකන‍්ති නාගවනසාලවනචම‍්පකවනාදිසදිසං වඞ‍්කපබ‍්බතහිමවන‍්තපබ‍්බතපදෙසාදීසු අරඤ‍්ඤවනං වෙදිතබ‍්බං. භූමිරාමණෙය්‍යකන‍්ති ජෙතවනවිහාරමගධක‍්ඛෙත‍්තාදිසදිසං සමං භූමිට‍්ඨානං. පොක‍්ඛරණිරාමණෙය්‍යකන‍්ති ජෙතවනපොක‍්ඛරණිගග‍්ගරාපොක‍්ඛරණිසදිසානං වට‍්ටචතුරස‍්සදීඝවඞ‍්කාදිසණ‍්ඨානානං පොක‍්ඛරණීනං සන‍්නිවෙසනට‍්ඨානං. උක‍්කූලවිකූලන‍්ති උක‍්කූලඤ‍්ච විකූලඤ‍්ච. තත්‍ථ උක‍්කූලං උන‍්නතට‍්ඨානං, විකූලං නින‍්නට‍්ඨානං. නදීවිදුග‍්ගන‍්ති නදීනං භින‍්නට‍්ඨානං තං දුග‍්ගමත‍්තා නදීවිදුග‍්ගන‍්ති වුච‍්චති. ඛාණුකණ‍්ටකට‍්ඨානන‍්ති තත්‍ථජාතකානඤ‍්චෙව ආහරියමානානඤ‍්ච ඛාණුකණ‍්ටකාදීනං පතිට‍්ඨානට‍්ඨානං. පබ‍්බතවිසමන‍්ති ගිරිවිසමං. යෙ ඔදකාති යෙ ච උදකෙ ජායන‍්ති, තෙයෙව බහුතරා. ඉතො කිර සුවණ‍්ණභූමි සත‍්තමත‍්තානි යොජනසතානි හොති, එකෙන වාතෙන ගච‍්ඡන‍්තී නාවා සත‍්තහි අහොරත‍්තෙහි ගච‍්ඡති. අථෙකස‍්මිං සමයෙ එවං ගච‍්ඡන‍්තී නාවා සත‍්තාහම‍්පි නන්‍දියාවට‍්ටමච‍්ඡපිට‍්ඨෙනෙව ගතා. එවං ඔදකානං සත‍්තානං බහුභාවො වෙදිතබ‍්බො.

ආරාමරාමණෙය්‍යකං යනු වෙලුවන ජීවකම්බවන ජේතවන පුබ්බාරාම වැනිවූ මල්වතු පලතුරු වතුවල රමණීයබවයි. මේ දඹදිවෙහි එය අල්ප මාත්‍රය, මඳය බොහෝ නොවේයයි අර්‍ත්‍ථයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහි වනාහි වනරාමණෙය්‍යකං යනු නාවන සල්වන සපුවන ආදියට සමානවූ වඞකපර්‍වත හිමාලයපර්‍වත ප්‍රදේශදියෙහි ආරණ්‍යවන දතයුතුයි. භූමිරාමණෙය්‍යකං යනු දෙව්රම් පොකුණ හා ගග්ගරා පොකුණ වැනිවූ වට සතරැස් දිග අැද ආදී හැඩය ඇති පොකුණුවලට පිවිසෙන තැන දතයුතුය. උක්කුලවිකුලං යනු උස්වූ ඉවුරු ඇත්තාවූ හා පහත්වූ ඉවුරු ඇතියි. එහි උස්වූ ඉවුර උඩට නතුවූ තැනයි පහත්වූ ඉවුර පහතට නැමුණු තැනයි. නදීවිදුග්ගං යනු ගංගාවන්හි බිඳුණු තැනයි. එය යාමට අපහසු බැවින් නදීවිදුග්ගයයි කියනුලැබේ. ඛාණුකණ්ටකාධානං යනු එහි උපන්නාවූද ගෙනෙනු ලබන්නාවූද කණු කටුආදිය පිහිටි තැනයි. පබ්බතවිසමං යන පර්‍වත විෂමස්ථානයයි. යෙ ඔදකා යනු යමක් දියෙහි හටගනියිද ඒවාම බොහෝ වෙයි. මෙයින් (දඹදිවින්) ස්වර්‍ණභූමිය යොදුන් සත් සියයක් පමණ වෙයි. එක් සුළඟකින් යන නැවක සත් දිනක් යයි. ඉක්බිති එක් කලෙක මෙසේ යන නැවක් සත්දිනක්ම ගඟ සුළියෙහි මසුපිටෙන්ම ගියේය. මෙසේ ජලයෙහි උපන්නවුන්ගේ බොහෝබව දතයුතුය.

අපිච ථලට‍්ඨානස‍්ස පරිත‍්තභාවෙන උදකස‍්ස ච බහුභාවෙනාපි අයමත්‍ථො වෙදිතබ‍්බො. යථා හි මහාතළාකෙ එකොව උප‍්පලගච‍්ඡො අස‍්ස, තස‍්ස චත‍්තාරි ච පණ‍්ණානි, මජ‍්ඣෙ ච එකං උප‍්පලමකුලං අස‍්ස. එවමෙවං චත‍්තාරි පණ‍්ණානි විය චත‍්තාරො දීපා, මජ‍්ඣෙ උප‍්පලමකුලං විය සිනෙරුපබ‍්බතො, සෙසං උදකං විය උදකපරික‍්ඛිත‍්තො ඔකාසො. තස‍්ස මහන‍්තභාවො ඉද‍්ධිමන‍්තානං පාකටො හොති. තෙසඤ‍්හි ආකාසෙන ගච‍්ඡන‍්තානං චත‍්තාරො මහාදීපා චත‍්තාරි පණ‍්ණානි විය උපට‍්ඨහන‍්ති, සිනෙරුපබ‍්බතො මජ‍්ඣෙ උප‍්පලමකුලං විය, සෙසං උදකං විය උදකපරික‍්ඛිත‍්තො ඔකාසො. එවං මහන‍්තෙ උදකෙ ජාතත‍්තා ඔදකාව බහුතරා වෙදිතබ‍්බා.

යම්සේ මහවිලක එකම උපුල් පදුරක් වේද එහි කොළ සතරක්ද මැද එක් උපුල් පොහොට්ටුවක්ද වේද, එසේම සිවුදිවයින කොළසතර මෙනි. මහාමේරු පර්‍වතය මැදවූ උපුල් පොහොට්ටුව මෙනි. ජලයෙන් වටවූ අවකාශය සෙසු ජලය මෙනි. එහි මහත්බව සෘද්ධිමතුන්ට ප්‍රකටය. අහසින් යන්නාවූ ඔවුනට සතර මහා දිවයින කොළ සතර මෙන් හැඟෙයි. මැද උපුල් පොහොට්ටුව මෙන් මහාමේරු පර්‍වතයයි. සෙසු ජලය මෙන් දියෙන් වටවූ අවකාශයයි. මෙසේ මහත් ජලයෙහි උපන් බැවින් දියෙහි හටගත්තෝම බොහෝයයි දතයුත්තාහ.

දුතියාදීසු අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහීති ඉධ චත‍්තාරො අපායා අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහීති අධිප‍්පෙතා.

දෙවැනි සූත්‍රාදියෙහි අඤ්ඤත්‍ර මනුසේසහි යනු මෙහි මිනිසුන් හැර සතර අපාය අදහස් කරනලදී.

මජ‍්ඣිමෙසු ජනපදෙසූති “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො, තස‍්ස පරෙන මහාසාලා, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය සල‍්ලවතී නාම නදී, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. උත‍්තරාය දිසාය උසීරද‍්ධජො නාම පබ‍්බතො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ”ති (මහාව· 259) එවං පරිච‍්ඡින‍්නෙ ජනපදෙති අත්‍ථො. අයඤ‍්හි ජනපදො මුදිඞ‍්ගසණ‍්ඨානො උජුකෙන කත්‍ථචි අසීතියොජනො හොති, කත්‍ථචි යොජනසතිකො, කත්‍ථචි ද‍්වියොජනසතිකො, මජ‍්ඣෙන පන තියොජනසතිකො, පරියන‍්තපරික‍්ඛෙපෙන නවමත‍්තයොජනසතිකො හොති. එත‍්තකෙ ඨානෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධා මහාසාවකා බුද‍්ධුපට‍්ඨාකා බුද‍්ධසාවකා බුද‍්ධමාතා බුද‍්ධපිතා චක‍්කවත‍්තී රාජාති ඉමෙ සත‍්තා නිබ‍්බත‍්තන‍්ති. අපිච උපාදායුපාදායාපි මජ‍්ඣිමපදෙසො ලබ‍්භති. සකලොපි හි ජම‍්බුදීපො මජ‍්ඣිමපදෙසො නාම, සෙසදීපා පච‍්චන‍්තිමා ජනපදා. තම‍්බපණ‍්ණිදීපෙ අනුරාධපුරං මජ‍්ඣිමපදෙසො නාම, සෙසො පච‍්චන‍්තොති එවං නයො වෙදිතබ‍්බො.

මජ්ක්‍ධිමෙසු ජනපදෙසු යනු පෙරදිගෙහි කජංගල නම්වූ නියම්ගමයි. එයින් මෑත මහාසාලයෝයි. එයින් පසු මෙහා මැද පසල් දනවුය. පෙර දකුණු අනුදිශාවෙහි සලලවතී නම්වූ ගඟය. එයින්පසු මෙහා මැඳ පසල් දනවුය. දකුණු දිගෙහි සෙතකණ්ණික නම්වූ නියම්ගමයි. එයින් පසු මෙහාමැද පසල් දනවුය. පැසුළු දිගෙහි ථූන නම්වූ බමුණු ගමයි. එයින් පසු මෙහා මැද පසල් දනවුය. උතුරුදිගෙහි උසීරුද්ධවජ නම් වූ පර්‍වතයයි. එයින් පසු මෙහා මැද පසල්දනවුය. මෙසේ සීමාවූ ජනපදයෙහි යන අර්‍ත්‍ථයි. මේ ජනපදය වනාහි මිහිඟු බෙරයක හැඩය ඇත්තේයි. කෙළින් කිසිතැනක අසූ යොදුනක් වෙයි. කිසිතැනක සියක් යොදුනක් ඇත්තෙයි. කිසි තැනක යොදුන් දෙසීයක් ඇත්තේයි. මැදින් යොදුන් තුන් සියයක් ඇත්තේයි. කෙළවර වටින් නවසියයක් පමණ යොදුන් ඇත්තේ වෙයි. මෙපමණවූතන්හි බුදු පසේබුදුවරු මහසව්වෝ බුදුඋවටැන් කරන්නෝ, බුදුමව, බුදුපියා, සක්විති රජ යන මේ සත්වයෝ උපදිති. තවද ඇසුරු කොට ඇසුරුකොට මධ්‍යමදේශය ලැබෙයි. සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.

පඤ‍්ඤවන‍්තො අජළා අනෙළමූගාති එත්‍ථ කම‍්මස‍්සකතපඤ‍්ඤා, ඣානපඤ‍්ඤා විපස‍්සනාපඤ‍්ඤා, මග‍්ගපඤ‍්ඤා, ඵලපඤ‍්ඤාති එතාහි සමන‍්නාගතා පඤ‍්ඤවන‍්තො නාම, අමූළ‍්හා අජළා නාම. යෙසං එළා මුඛතො න ගලති, තෙ අනෙළමූගා නාම, අනෙළමුඛා නිද‍්දොසමුඛාති අත්‍ථො. පටිබලාති සමත්‍ථා, කායබලෙන චෙව ඤාණබලෙන ච සමන‍්නාගතා. අත්‍ථමඤ‍්ඤාතුන‍්ති අත්‍ථානත්‍ථං කාරණාකාරණං ජානිතුං. දුප‍්පඤ‍්ඤාති අප‍්පඤ‍්ඤා නිප‍්පඤ‍්ඤා. ජළාති මන්‍දා මොමූහා.

පඤ්ඤාවනේතා අජළා අනෙළමුගා යනු මෙහි කම්මස්සකත පඤ්ඤා ක්‍ධානපඤ්ඤ විපස්සනා පඤ්ඤ මග්ගපඤ්ඤ ඵලපඤ්ඤා යන මේවායින් යුක්තවූවාහු ප්‍රඥාවන්තයෝ නමි. නොමුලාවූවෝ අජළා නම් වෙත්. යමෙකුන්ගේ මුවෙන් කෙළ නොගලයිද ඔවුහු අනෙළමුගා නම් වෙත්, කෙළතොළු නොවූ නිදොස් මුව ඇත්තාහුයි අර්‍ත්‍ථයි පටිබලා යනු සමර්‍ත්‍ථයෝයි. කායබලයෙන් මෙන්ම ඤාණබලයෙන්ද යුක්තවූවෝයි. අත්‍ථමඤ්ඤාතුං යනු අර්‍ත්‍ථ අනර්‍ත්‍ථ කාරණ අකාරණ දැනීමටයි. දුප්පඤ්ඤා යනු ඥානය නැති ප්‍රඥාව නැති අයයි. ජළා යනු මෝඩ මුළාවූ අයයි.

අරියෙන පඤ‍්ඤාචක‍්ඛුනාති සහවිපස‍්සනෙන මග‍්ගෙන. අවිජ‍්ජාගතාති අවිජ‍්ජන්‍ධකාරෙන සමන‍්නාගතා.

අරියෙන පඤ්ඤාචක්‍ඛුනා යනු විදර්‍ශනා සහිත මාර්‍ගයෙනුයි. අවිජ්ජාගතා යනු අවිද්‍යා අන්‍ධකාරයෙන් යුක්තවූවාහුයි.

යෙ ලභන‍්ති තථාගතං දස‍්සනායාති යෙ තථාගතස‍්ස ගුණෙ ජානිත්‍වා තථාගතං චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සිතුං ලභන‍්ති.

යෙ ලභන්ති තථාගතං දස්සනාය යනු යමෙක් තථාගතයන්ගේ ගුණය දැන ථාගතයන්වහන්සේ චක්‍ඛු විඤ්ඤාණයෙන් දකීමට ලබත්.

තථාගතප‍්පවෙදිතන‍්ති තථාගතෙන පවෙදිතං පකාසෙත්‍වා කථිතං. සවනායාති සොතවිඤ‍්ඤාණෙන සොතුං.

තථාගතප්පචෙදිතං යනු තථාගතයන්වහ්නසේ විසින් දන්නාලද පවසපවසා කියනලද යනුයි. ස්වණාය යනු ශොත්‍ර විඥානයාගෙන් ඇසීමටයි.

ධාරෙන‍්තීති න පම‍්මුස‍්සන‍්ති.

ධාරෙන්ති යනු නොමුළාවෙත් (අමතක නොවෙත්)

ධාතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛන‍්තීති පගුණාය පාළියා අත්‍ථානත්‍ථං උපපරික‍්ඛන‍්ති.

ධතානං ධම්මානං අත්‍ථං උපපරික්‍ඛන්ති යනු ප්‍රගුණවු පෙළෙහි අර්‍ත්‍ථ අනර්‍ත්‍ථ විමසත්.

අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤායාති අට‍්ඨකථඤ‍්ච පාළිඤ‍්ච ජානිත්‍වා. ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජන‍්තීති අනුලොමපටිපදං පූරෙන‍්ති.

අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු අටුවාද පෙළද දැනයි. ධම්මානුධම්මං පටිපජ්ජන්ති යනු අනුලොම් (අනුකූල) පිළිවෙත පුරත්.

සංවෙජනීයෙසු ඨානෙසූති සංවෙගජනකෙසු කාරණෙසු. සංවිජ‍්ජන‍්තීති සංවෙගං ආපජ‍්ජන‍්ති.

සංවෙජනීයෙසු ඨානෙසු යනු සංවේග උපදවන්නාවූ කාරණයන්හියි. සංවිජ්ජන්ති යනු සංවේගයට පැමිණෙත්.

යොනිසො පදහන‍්තීති උපායෙන පධානවීරියං කරොන‍්ති.

යොනිසො පදහන්ති යනු උපායයෙන් (නුවණින්) ප්‍රධන් වීර්ය කරත්.

වවස‍්සග‍්ගාරම‍්මණන‍්ති වවස‍්සග‍්ගො වුච‍්චති නිබ‍්බානං, තං ආරම‍්මණං කරිත්‍වාති අත්‍ථො. ලභන‍්ති සමාධින‍්ති මග‍්ගසමාධිඤ‍්ච ඵලසමාධිඤ‍්ච පාපුණන‍්ති.

වචස්සග්ගාරම්මණං යනු නිවන වවස්සග්ගයයි කියනු ලැබේ. එය අරමුණුකොට යන අර්‍ත්‍ථයි. ලභන්ති සමාධිං යනු මාර්‍ගසමාධියටද ඵලසමාධියටද පැමිණෙත්.

අන‍්නග‍්ගරසග‍්ගානන‍්ති උත‍්තමන‍්නානඤ‍්ච උත‍්තමරසානඤ‍්ච. උඤ‍්ඡෙන කපාලාභතෙන යාපෙන‍්තීති උඤ‍්ඡාචාරෙන වනමූලඵලාඵලෙන වා කපාලෙන ආභතභත‍්තෙන වා යාපෙන‍්ති. එත්‍ථ ච යො කස‍්සචිදෙව ඛාදනීයස‍්ස භොජනීයස‍්ස අත්‍ථාය චිත‍්තෙ උප‍්පන‍්නෙ තංඛණංයෙව න තං ලභති, අයං අන‍්නග‍්ගරසග‍්ගානං න ලාභී නාම. යස‍්සපි තංඛණංයෙව ලභිත්‍වා ඔලොකෙන‍්තස‍්ස වණ‍්ණගන්‍ධරසා අමනාපා හොන‍්ති, අයම‍්පි අන‍්නග‍්ගරසග‍්ගානං න ලාභී නාම. යස‍්ස පන වණ‍්ණගන්‍ධරසා පටිලභන‍්ති, මනාපා හොන‍්ති, අයං අන‍්නග‍්ගරසග‍්ගානං ලාභී නාම. සො උත‍්තමකොටියා චක‍්කවත‍්තී රාජා, හෙට‍්ඨිමකොටියා ධම‍්මාසොකො වෙදිතබ‍්බො. සඞ‍්ඛෙපතො හි යස‍්ස භත‍්තස‍්ස එකපාති සතසහස‍්සං අග‍්ඝති, ඉදං අන‍්නග‍්ගරසග‍්ගං නාම. යං පන භික‍්ඛුසඞ‍්ඝං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා මනුස‍්සා උත‍්තමපණීතං භත‍්තං දෙන‍්ති, ඉදං කිං නාමාති? ඉදං උඤ‍්ඡෙන කපාලාභතෙන යාපෙන‍්තෙ උපාදාය අන‍්නග‍්ගරසග‍්ගං නාම වුච‍්චතීති.

අන්නග්ගරසග්ගානං යනු උතුම් ආහාරයන්ගේද උතුම් රසයන්ගේද යනුයි. උඤඡේන කපාලාහතෙන යාපෙන්ති යනු පිඬු හැසිරීමෙන් හෝ වනමුල්පලවැලින් හෝ කබලින් රැගෙන එනලද බතින් හෝ යැපෙත්. මෙහි ද යමෙක් කිසියම් කෑයුතු බිදිය යුතු දෙයක් සඳහා සිත උපන් කල්හි එකෙණෙහිම එය නොලැබෙයිද මෙතෙම උතුම් ආහාර උතුම් රසයන් නොලැබෙන්නෙක් නමි. එකෙණෙහිම ලැබ බලන්නාවූ යමෙකුට වර්‍ණගන්‍ධරසයෝ නොකැමති වෙත් නම් මෙතෙමේත් උතුම් ආහාර හා උතුම් රස නොලැබෙන්නෙක් නම් වේ. යමෙකුට වනාහි වර්‍ණගන්‍ධරසයෝ ලැබෙත්ද ප්‍රිය වෙත්ද මෙතෙම උතුම් ආහාරයන් හා උතුම් රසයන් ලබන්නේ නමි. හෙතෙම උපරිම කෙළවරින් සක්විති රජය අවම කෙළවරින් ධර්‍මාශෝදයයි දතයුතුය. සැකෙවින් යමෙකුගේ එක් අහර බඳුනක් ලක්‍ෂයක් අගීද මෙය උතුම් අහර උතුම් රසය නමි. පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුසංඝයා දැක මිනිස්සු යම් උතුම් ප්‍රණීත බතක් දෙත්ද මෙය කිනම් වේද? මෙය පිඬු සිඟීමෙන් කබලින් ගෙනා අහරින් යැපෙන්නන් ඇසුරුකොට අග්‍රරසයයි කියනුලැබේ.

අත්‍ථරසස‍්සාතිආදීසු අත්‍ථරසො නාම චත‍්තාරි සාමඤ‍්ඤඵලානි, ධම‍්මරසො නාම චත‍්තාරො මග‍්ගා, විමුත‍්තිරසො නාම අමතනිබ‍්බානං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අත්‍ථරසස්ස ආදී තන්හි සතර ශ්‍රමණ ඵලයන් අර්‍ත්‍ථරස නම්වෙයි. සතර මාර්‍ගය ධර්‍මරසය නම්වෙයි. අමාතවූ නිර්‍වාණය විමුක්තිරස නම් වෙයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.

චතුත්‍ථවග‍්ගවණ‍්ණනා.

සිවුවැනි වර්‍ගයයි.

ජම‍්බුදීපපෙය්‍යාලො නිට‍්ඨිතො.

ජම්බුදීප පෙය්‍යාලය නිමියේයි.

සොළසපසාදකරධම‍්මා

සොළොස්ප්‍රසාදකරධර්‍ම

අද‍්ධමිදන‍්තිආදීසු අද‍්ධන‍්ති එකංසාධිවචනමෙතං, අද‍්ධා ඉදං ලාභානං, එකංසො එස ලාභානන‍්ති වුත‍්තං හොති. යදිදං ආරඤ‍්ඤිකත‍්තන‍්ති යො එස ආරඤ‍්ඤිකභාවො. ඉදං වුත‍්තං හොති – ආරඤ‍්ඤිකභාවො නාම ලාභානං එකංසො අවස‍්සභාවිතා න සක‍්කා ආරඤ‍්ඤිකෙන ලාභං න ලභිතුන‍්ති. ආරඤ‍්ඤිකො හි භික‍්ඛු “අත‍්තනො අරඤ‍්ඤවාසස‍්ස අනුච‍්ඡවිකං කරිස‍්සාමී”ති පාපකං නාම න කරොති, අථස‍්ස “ආරඤ‍්ඤිකො අයං භික‍්ඛූ”ති සඤ‍්ජාතගාරවො මහාජනො චතුපච‍්චයෙන පූජං කරොති. තෙන වුත‍්තං – “අද‍්ධමිදං, භික‍්ඛවෙ, ලාභානං යදිදං ආරඤ‍්ඤිකත‍්ත”න‍්ති. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ පන බාහුසච‍්චන‍්ති බහුස‍්සුතභාවො. ථාවරෙය්‍යන‍්ති චිරපබ‍්බජිතත‍්තා ථාවරප‍්පත‍්තභාවො. ආකප‍්පසම‍්පදාති චීවරග‍්ගහණාදිනො ආකප‍්පස‍්ස සම‍්පත‍්ති. පරිවාරසම‍්පදාති සුචිපරිවාරතා. කොලපුත‍්තීති කුලපුත‍්තභාවො. වණ‍්ණපොක‍්ඛරතාති සම‍්පන‍්නරූපතා. කල්‍යාණවාක‍්කරණතාති වචනකිරියාය මධුරභාවො. අප‍්පාබාධතාති ආරොග්‍යසම‍්පත‍්ති. අරොගො හි භික‍්ඛු අත‍්තනො සරීරකල්‍යාණතාය විපස‍්සනාධුරෙ ච ගන්‍ථධුරෙ ච පරිපූරකාරී හොති, තෙනස‍්ස ලාභො උප‍්පජ‍්ජතීති.

අද්ධමිදං යනාදියෙහි අද්ධං යන මෙය ඒකාන්ත යන්නට නමෙකි. ලාභයනගෙන් මෙය ඒකාන්තය, ලාභයන්ගෙන් මෙය නිශ්චිතයයි කියනලද්දෙවෙයි යදිදං ආරඤ්ඤකත්තං යනු යම් මේ ආරණ්‍යකභාවය ලාභයන්ට ඒකාන්තය. අවශ්‍යභාවිතයකි. ආරණ්‍යකයා විසින් ලාභ නොලැබීමට නොහැකියයි මෙය කියනලද්දේවෙයි. ආරණ්‍යක භික්‍ෂුව වනාහි තමන්ගේ අරණ්‍ය වාසයට සුදුස්සක් කරමැයි පවක් නම් නොකරයි. මේ භික්‍ෂුව ආරණ්‍යවාසියෙකැයි ඔහුට හටගත් ගෞරවය ඇති මහජනයා සිවුපසයෙන් පූජා කරයි. ‘මහණෙනි, යම් මේ ආරණ්‍යක භාවයක් වේද? මෙය ලාභයන්ට ඒකාන්ත’යයි එහෙයින් කියනලදී. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහි වනාහි බාහුසච්චං යනු බහුශ්‍රැතභාවයයි. ථාවරෙය්‍යං යනු බොහෝකල් පැවිදිව සිටීමෙන් තහවුරුබවට පත්බවයි. ආකප්පසම්පදා යනු සිවුරු ගැනීම් ආදී ආකල්ප සම්පත්තියයි. පරිවාරසම්පදා යනු පිරිසුදු පිරිවර ඇති බවයි. කොලපුත්තී යනු කුලපුත්‍ර භාවයයි. වණ්ණපොක්‍ඛරතා යනු සපැමිණි රූපවත් බවයි. කල්‍යාණවාක්කරණතා යනු වචන ක්‍රියාවෙහි (කථාකිරීමෙහි) මිහිරිබවයි. අප්පබාධතා යනු නීරෝගී සම්පත්තියයි. නීරෝගී භික්‍ෂුව තමන්ගේ ශරීරයෙහි යහපත්බවින් වාස (විදර්‍ශනා) ධුරයන්ද ග්‍රන්ථධුරයන්ද සම්පූර්‍ණ කරන්නෙක් වෙයි. එහෙයින් ඔහුට ලාභය උපදියි.

සොළස පසාදකරධම‍්මා නිට‍්ඨිතා.

සොළොස් ප්‍රසාදකර ධර්‍මයෝ නිමියෝයි.