යෙදුමෙන් කියවන්න

අච‍්ඡරාසඞ‍්ඝාතවග‍්ගො අට‍්ඨකථා

අච‍්ඡරාසඞ‍්ඝාතවග‍්ගො

අච්ඡරාසඞ්ඝාත වර්ගය

අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පීති ඉදම‍්පි සුත‍්තං අග‍්ගික‍්ඛන්‍ධූපමඅට‍්ඨුප‍්පත‍්තියංයෙව (අ· නි· 7.72) වුත‍්තං. අප‍්පනාප‍්පත‍්තාය හි මෙත‍්තාය විපාකෙ කථායෙව නත්‍ථි. තස‍්සායෙව අට‍්ඨුප‍්පත‍්තියා අයං දෙසනා ආරද‍්ධාති වෙදිතබ‍්බා. තත්‍ථ පඨමන‍්ති “ගණනානුපුබ‍්බතා පඨමං, ඉදං පඨමං සමාපජ‍්ජතීති පඨම”න‍්ති විභඞ‍්ගෙ (විභ· 568) වුත‍්තත්‍ථමෙව. ඣානන‍්ති ඣානං නාම දුවිධං ආරම‍්මණූපනිජ‍්ඣානඤ‍්ච ලක‍්ඛණූපනිජ‍්ඣානඤ‍්චාති. තත්‍ථ ආරම‍්මණූපනිජ‍්ඣානං නාම අට‍්ඨ සමාපත‍්තියො. තා හි පථවීකසිණාදිනො ආරම‍්මණස‍්ස උපනිජ‍්ඣානතො ආරම‍්මණූපනිජ‍්ඣානන‍්ති වුච‍්චන‍්ති. ලක‍්ඛණූපනිජ‍්ඣානන‍්ති විපස‍්සනාමග‍්ගඵලානි. විපස‍්සනා හි අනිච‍්චාදිවසෙන සඞ‍්ඛාරලක‍්ඛණස‍්ස උපනිජ‍්ඣානතො ලක‍්ඛණූපනිජ‍්ඣානං නාම, විපස‍්සනාය පන ලක‍්ඛණූපනිජ‍්ඣානකිච‍්චං මග‍්ගෙන සිජ‍්ඣතීති මග‍්ගො ලක‍්ඛණූපනිජ‍්ඣානං, ඵලං සුඤ‍්ඤතඅනිමිත‍්තඅප‍්පණිහිත-ලක‍්ඛණස‍්ස නිබ‍්බානස‍්සෙව උපනිජ‍්ඣානතො ලක‍්ඛණූපනිජ‍්ඣානන‍්ති වුච‍්චති. තත්‍ථ ඉමස‍්මිං පන අත්‍ථෙ ආරම‍්මණූපනිජ‍්ඣානං අධිප‍්පෙතං. කො පන වාදො යෙ නං බහුලීකරොන‍්තීති යෙ නං පඨමජ‍්ඣානං බහුලී කරොන‍්ති, පුනප‍්පුනං කරොන‍්ති, තෙසු වත‍්තබ‍්බමෙව නත්‍ථි. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

අච්ඡරාසංඝාතමත්තම්පි යන මේ සූත්‍රය යන මේ සූත්‍රය අග්ගික්‍ඛන්‍ඛොපම සූත්‍ර අර්‍ත්‍ථොත්පත්තියෙහිම කියනලදී. අර්‍පණාවට නැඟුණු මෛත්‍රයට විපාක කථාවක් නැත. එහි අර්‍ත්‍ථොත්පත්තියෙහිම මේ දේශනාව ඇරඹිණැයි දතයුතුය. එහි පඨමං යනු සංඛ්‍යානුපූර්‍වතාවෙන් මෙය පළමුවැනිය, පළමුව සමවදීයයි පළමු නමැයි විභංගයෙහි කියනලදී. ක්‍ධානං යනු ධ්‍යාන නම් ද්විවිධය. ආරම්මණූපනිජක්‍ධාන, ලක්‍ඛණූපනිජක්‍ධාන වශයෙනි. එහි ආරම්මණුපනිජක්‍ධානය නම් අෂ්ටසමාපත්තීහුයි. ඒවා වනාහි පඨවිකසිණාදී අරමුණුවලට නැවත නැවත ධ්‍යානකිරීම හේතුවෙන් ආරම්මණපනිජක්‍ධානයයි කියනුලැබෙයි. ලක්‍ඛණුපනිජක්‍ඛාන යනු විදර්‍ශනාමාර්‍ගඵලයෝයි. විදර්‍ශනාව වනාහි අනිත්‍යාදි වශයෙන් සංස්කාර ලක්‍ෂණය නැවත නැවත සිහිපත්කිරීම (ධ්‍යාන වැඩීම) හේතුවෙන් ලක්‍ඛණුපනිජක්‍ධාන නම් වෙයි. විදර්‍ශනාවට ලක්‍ඛණූපනිජක්‍ධාන කෘත්‍යය මාර්‍ගයෙන් සිද්ධවේයයි මාර්‍ගය ලක්‍ඛණුපනිජක්‍ධානයයි. ඵලය සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත ලක්‍ෂණ ඇති නිර්‍වාණයෙහිම උපනිජක්‍ධානය වනබැවින් ලක්‍ඛණුපනිජක්‍ධානයයි කියනුලැබේ. එහි මේ අර්‍ත්‍ථයෙහි ආරම්මණුපනිජ්ක්‍ධානය අදහස් කරනලදී. කො පන වාදො යෙ නං බහුලීකරොන්ති යනු යමෙක් ඒ ප්‍රථමධ්‍යානය බොහෝ සෙයින් කරත්ද නැවත නැවත කරත්ද ඔවුන් කෙරෙහි කිවයුත්තක්ම නැත. මෙහි සෙස්සයට කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.

දුතියන‍්තිආදීසුපි “ගණනානුපුබ‍්බතා දුතිය”න‍්තිආදිනා (විභ· 579) නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

දුතියං ආදියෙහිද ගණනානුක්‍රමයෙන් දෙවැනිය ආදී නයින් අර්‍ත්‍ථය දතයුතුය.

මෙත‍්තන‍්ති සබ‍්බසත‍්තෙසු හිතඵරණං. චෙතොවිමුත‍්තින‍්ති චිත‍්තවිමුත‍්තිං. ඉධ අප‍්පනාප‍්පත‍්තාව මෙත‍්තා අධිප‍්පෙතා. කරුණාදීසුපි එසෙව නයො. ඉමෙ පන චත‍්තාරො බ්‍රහ‍්මවිහාරා වට‍්ටං හොන‍්ති, වට‍්ටපාදා හොන‍්ති, විපස‍්සනාපාදා හොන‍්ති, දිට‍්ඨධම‍්මසුඛවිහාරා හොන‍්ති, අභිඤ‍්ඤාපාදා වා නිරොධපාදා වා හොන‍්ති. ලොකුත‍්තරා පන න හොන‍්ති. කස‍්මා? සත‍්තාරම‍්මණත‍්තාති.

මෙත්තං යනු සියලු සතුන් කෙරෙහි හිතවත්බව පැතිරීමයි. චෙතොවිමුත්තිං යනු චිත්තවිමුක්තියයි. මෙහි අර්‍පණාවට පැමිණි මෛත්‍රියම අදහස් කරනලදී. කරුණා ආදියෙහිද මෙම ක්‍රමයමයි. මේ සතර බ්‍රහමවිහාරයෝ වට්ටවෙති, වට්ටපාදයෝ වෙති. විපස්සනාපාදයෝ වෙත්. දිට්ඨධම්මසුඛවිහරණයෝ වෙත්, අභිඥාපාදයෝ හෝ නිරෝධපාදයෝ හෝ වෙත්. ලෝකෝත්තර නොවෙත්. කුමක් හෙයින්දයත්? සත්වයෝ අරමුණුකොට ඇතිබැවිනි.

කායෙ කායානුපස‍්සීති ආනාපානපබ‍්බං, ඉරියාපථපබ‍්බං, චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං, පටිකූලමනසිකාරපබ‍්බං, ධාතුමනසිකාරපබ‍්බං, නවසිවථිකාපබ‍්බානි, අජ‍්ඣත‍්තපරිකම‍්මවසෙන චත‍්තාරි නීලාදිකසිණානීති ඉමස‍්මිං අට‍්ඨාරසවිධෙ කායෙ තමෙව කායං පඤ‍්ඤාය අනුපස‍්සන‍්තො. විහරතීති ඉරියති වත‍්තති. ඉමිනා ඉමස‍්ස අට‍්ඨාරසවිධෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවකස‍්ස භික‍්ඛුනො ඉරියාපථො කථිතො හොති. ආතාපීති තස‍්සෙව වුත‍්තප‍්පකාරස‍්ස සතිපට‍්ඨානස‍්ස භාවනකවීරියෙන වීරියවා. සම‍්පජානොති අට‍්ඨාරසවිධෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානස‍්ස පරිග‍්ගාහිකපඤ‍්ඤාය සම‍්මා පජානන‍්තො. සතිමාති අට‍්ඨාරසවිධෙන කායානුපස‍්සනාපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතො. විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති තස‍්මිංයෙව කායසඞ‍්ඛාතෙ ලොකෙ පඤ‍්චකාමගුණිකතණ‍්හඤ‍්ච පටිඝසම‍්පයුත‍්තදොමනස‍්සඤ‍්ච විනෙත්‍වා වික‍්ඛම‍්භෙත්‍වා කායෙ කායානුපස‍්සී විහරතීති වුත‍්තං හොති. එත‍්තාවතා කායානුපස‍්සනාසතිපට‍්ඨානවසෙන සුද‍්ධරූපසම‍්මසනමෙව කථිතන‍්ති වෙදිතබ‍්බං.

කායෙ කායානුපස්සී යනු ආනාපාන පබ්බ, ඉරියාපථපබ්බ චතුසම්පජඤ්ඤපබ්බ පටිකකූලමනසිකාරපබ්බ ධාතුමනසිකාරපබ්බ, නවසීවථිකාපබ්බ අධ්‍යාත්ම පරිකර්‍ම වශයෙන් නීලකසින සතර යන මේ අටළොස් වැදැරුම් කයෙහි එම කයම ප්‍රඥාවෙන් බලන්නේයි. විහරති යනු ඉරියව් පවත්වයි, පවතියි මෙයින්, අටළොස් ආකාරය කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩන මේ භික්‍ෂුවගේ ඉරියව් කියන ලද්දේ වෙයි. ආතාපි යනු ඒ කියනලද ආකාර ඇති සතිපට්ඨානභාවනාව වඩන වීර්යයෙන් වීර්‍ය්‍යවත්වූයේයි. සම්පජානො යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්‍රහණ ප්‍රඥාවෙන් මනාව දන්නේයි. සතිමා යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්‍රාහක සමෘතියෙන් යුක්ත වූයේයි. විනෙය්‍ය ලොකෙ අභිජක්‍ධා දොමනස්සං යනු ඒ කාය (ශරීර) සංඛ්‍යාතවූ ලොකයෙහි පඤචකාමගුණයන්ට අයත් තෘෂ්ණාවද ප්‍රතිඝසම්ප්‍රයුක්තවූ දොම්නසද දුරුකොට යටපත් කොට කයෙහි කය අනුව බලමින් වෙසේයයි කියනලද්දේ වෙයි. මෙපමණකින් කායානුපස්සනා වශයෙන් හුදුරූප (ස්කන්‍ධය) මෙනෙහි කිරීමම කියනලදැයි දතයුතුයි.

වෙදනාසු වෙදනානුපස‍්සීති සුඛාදිභෙදාසු වෙදනාසු “සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. දුක‍්ඛං, අදුක‍්ඛමසුඛං, සාමිසං වා සුඛං, නිරාමිසං වා සුඛං, සාමිසං වා දුක‍්ඛං, නිරාමිසං වා දුක‍්ඛං, සාමිසං වා අදුක‍්ඛමසුඛං, නිරාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාතී”ති (දී· නි· 2.380; විභ· 363; ම· නි· 1.113) එවං වුත‍්තං නවවිධං වෙදනං අනුපස‍්සන‍්තො. ආතාපීතිආදිනා පනෙත්‍ථ නවවිධෙන වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානස‍්ස භාවනාපරිග‍්ගාහිකානං වීරියපඤ‍්ඤාසතීනං වසෙන අත්‍ථො වෙදිතබ‍්බො. ලොකොති චෙත්‍ථ වෙදනා වෙදිතබ‍්බා.

වෙදනාසු වෙදනානුපස්සී යනු සුඛාදී ප්‍රභේද ඇති වේදනාවන්හි ‘සුඛ වේදනාවක් විඳින්නේ සුඛවේදනාවක් විඳිමියි දනියි දුක්‍ඛවෙදනාවක් අදුක්‍ඛමසුඛවේදනාවක් - ආමිෂසහිතවූ සුඛවේදනාවක් - හෝ ආමිෂරහිතවූ සුඛවේදනාවක් හෝ - ආමිෂ සහිතවූ දුක්‍ඛවෙදනාවක් හෝ - ආමිෂ රහිතවූ දුක්‍ඛ වේදනාවක් හෝ - ආමිෂ සහිතවූ අදුක්‍ඛමසුඛ වූ වේදනාවක් හෝ - ආමිෂ රහිතවූ අදුක්‍ඛමසුඛ වේදනාවක් හෝ - විඳිමින් ආමිෂ රහිතවූ අදුක්‍ඛමසුඛ වේදනාවක් විඳිමියි දනියි’ මෙසේ කියනලද නවවිධවූ වේදනානුපස්සනා සතිපට්ඨානයාගේ භාවනා පරිග්‍රහිකයන්ගේ වීර්ය ප්‍රඥා සති වශයෙන් අර්‍ත්‍ථය දතයුතුයි. මෙහි ලොකො යනු ඒ වේදනාවම දතයුතුයි.

චිත‍්තධම‍්මෙසුපි එසෙව නයො. එත්‍ථ පන චිත‍්තෙ චිත‍්තානුපස‍්සීති “සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාතී”ති (දී· නි· 2.381; විභ· 365; ම· නි· 1.114) එවං විත්‍ථාරිතෙ සොළසප‍්පභෙදෙ චිත‍්තෙ තමෙව චිත‍්තං පරිග‍්ගාහිකාය අනුපස‍්සනාය අනුපස‍්සන‍්තොති අත්‍ථො. ධම‍්මෙසු ධම‍්මානුපස‍්සීති “පඤ‍්ච නීවරණානි, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, ඡ අජ‍්ඣත‍්තිකබාහිරායතනානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, චත‍්තාරි අරියසච‍්චානී”ති (දී· නි· 2.382-403; විභ· 367-373; ම· නි· 1.115-136) එවං කොට‍්ඨාසවසෙන පඤ‍්චධා වුත‍්තෙසු ධම‍්මෙසු ධම‍්මපරිග‍්ගාහිකාය අනුපස‍්සනාය තෙ ධම‍්මෙ අනුපස‍්සන‍්තොති අත්‍ථො. එත්‍ථ පන වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානෙ ච චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානෙ ච සුද‍්ධඅරූපසම‍්මසනමෙව කථිතං, ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානෙ රූපාරූපසම‍්මසනං. ඉති ඉමානි චත‍්තාරිපි සතිපට‍්ඨානානි ලොකියලොකුත‍්තරමිස‍්සකානෙව කථිතානීති වෙදිතබ‍්බානි.

චිත්තධර්‍මයන්හිද මේ ක්‍රමයමයි. මෙහි වනාහි චිත්තෙ චිත්තානුපස්සී යනු ‘රාග සහිතවූ සිත රාගසහිත සිතයයි දැනගනී’ මෙසේ විස්තර කරනලද සොළොස් ආකාර සිතෙහි ඒ සිතම ච්ත්තපරිග්‍රාහිකවූ අනුපස්සනාවෙන් සිහිකරන්නේ යනු අර්‍ත්‍ථයයි. ධම්මෙසු ධම්මානුපස්සී යනු පංචනීවරණ, පංචඋපාදානක්‍ඛන්‍ධ, ආධ්‍යාත්මික බාහිර ආයතනසය, බොධංග සත ආර්‍ය්‍යසත්‍ය සතරයයි මෙසේ කොටස් වශයෙන් පස් ආකාරයයි. කියනලද ධර්‍මයන්හි ධර්‍මපරිග්‍රාහක අනුපස්සනාවෙන් ඒ ධර්‍මයන් සිහිකරන්නේයි අර්‍ත්‍ථයි. මෙහි වනාහි වේදනානුපසසනා සතිපට්ටානයෙහිද චිත්තානුපස්සනා සතිපට්ඨානයෙහිද හුදු අරූප (ස්කන්‍ධ)ය සිහිකිරීමම කියනලදී. ධම්මානුපස්සනා සති පට්ඨානයෙහි රූප අරූප සිහිකිරීමයි. මේ ලෞකික ලෝකොත්තර වශයෙන් මිශ්‍රවූම මේ සතර සතිපට්ඨාන කියනලදැයි දතයුතුය.

අනුප‍්පන‍්නානන‍්ති අනිබ‍්බත‍්තානං. පාපකානන‍්ති ලාමකානං. අකුසලානං ධම‍්මානන‍්ති අකොසල‍්ලසම‍්භූතානං ලොභාදිධම‍්මානං. අනුප‍්පාදායාති අනිබ‍්බත‍්තනත්‍ථාය. ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාකුසලච‍්ඡන්‍දං උප‍්පාදෙති. වායමතීති පයොගං පරක‍්කමං කරොති. වීරියං ආරභතීති කායිකචෙතසිකවීරියං කරොති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති තෙනෙව සහජාතවීරියෙන චිත‍්තං උක‍්ඛිපති. පදහතීති පධානවීරියං කරොති.

අනුප්පන්නානං යනු නුපන්නවුන්ගේයි. පාපකානං යනු ලාමකවූවන්ගේයි. අකුසලානං ධම්මානං යනු අදක්‍ෂතාවෙන් (අකුසල බවින්) හටගත් ලෝභාදී ධර්‍මයන්ගේයි. අනූප්පාදාය යනු නොඉපදවීම සඳහායි. ඡන්‍දං ජනෙති යනු කරනු කැමති කුසලය පිළිබඳ කැමැත්ත උපදවයි. වායමති යනු ප්‍රයෝගය උත්සාහය කරයි. විරියං ආරහති යනු කායිකවූ හා චෛතසිකවූ වීර්ය කරයි. චිත්තං පග්ගණ්හාති යනු ඒ සමඟ උපන් වීර්‍ය්‍යයෙන්ම සිත ඔසවයි. චිත්තං පග්ගණහාති යනු ඒ සමඟ උපන් වීර්‍ය්‍යයෙන්ම සිත ඔසවයි. පදහති යනු පධන් වීර්යය කරයි.

උප‍්පන‍්නානන‍්ති ජාතානං නිබ‍්බත‍්තානං. කුසලානං ධම‍්මානන‍්ති කොසල‍්ලසම‍්භූතානං අලොභාදිධම‍්මානං. ඨිතියාති ඨිතත්‍ථං. අසම‍්මොසායාති අනස‍්සනත්‍ථං. භිය්‍යොභාවායාති පුනප‍්පුනභාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. භාවනායාති වඩ‍්ඪියා. පරිපූරියාති පරිපූරණත්‍ථාය. අයං තාව චතුන‍්නං සම‍්මප‍්පධානානං එකපදිකො අත්‍ථුද‍්ධාරො.

උප්පන්නානං යනු හටගත්තවුන්ගේ උපන්නවුන්ගේයි. කුසලානං ධම්මානං යනු දක්‍ෂතාවෙන් හටගත් අලෝභාදී ධර්‍මයන්ගේයි. ඨිතියා යනු සිටීම (පැවැතීම) සඳහායි. අසම්මොසාය යනු නොමුළා බව සඳහායි. භීය්‍යොභාවාය යනු නැවත නැවත බව සඳහාය. වෙපුල්ලාය යනු බොහෝ බව සඳහායි. භාවනාය යනු වැඩීම සඳහායි. පරිපූරියා යනු සම්පූර්‍ණකරනු සඳහායි. මේ වනාහි සතර සම්‍යක් ප්‍රධානවීර්යයේ එක් පදයකට අයත්වූ අර්‍ත්‍ථමතුකොට දැක්වීමයි.

අයං පන සම‍්මප‍්පධානකථා නාම දුවිධා ලොකියා ලොකුත‍්තරා ච. තත්‍ථ ලොකියා සබ‍්බපුබ‍්බභාගෙ හොති, සා කස‍්සපසංයුත‍්තපරියායෙන ලොකියමග‍්ගක‍්ඛණෙයෙව වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හි තත්‍ථ –

මේ සම්‍යක්ප්‍රධාන කථාව ලෞකික ලෝකෝතර වශයෙන් ද්විවිධය. එහි ලෞකික (සම්‍යක් ප්‍රධාන)ය සියල්ලන්ට පූර්‍වභාගයෙහි වෙයි. එය කාශ්‍යප සංයුක්ත පර්යායෙන් ලෞකික ලෝකෝතර වශයෙන් ද්විවිධය. එහි ලෞකික (සම්‍යක් ප්‍රධාන)ය සියල්ලන්ට පූර්‍වභාගයෙහි වෙයි. එය කාශ්‍යප සංයුක්ත පර්යායයෙන් ලෞකික මාර්‍ගක්‍ෂණයෙදී දතයුතුය. එහි කියනලද්දේමය.

“චත‍්තාරොමෙ, ආවුසො, සම‍්මප‍්පධානා. කතමෙ චත‍්තාරො? ඉධාවුසො, භික‍්ඛු ‘අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා අනුප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොතී”ති (සං· නි· 2.145).

‘ඇවැත්නි, මේ සම්‍යක් ප්‍රධානයෝ සතරෙකි. කවර සතරක් යත්? ඇවැත්නි, මෙහි භික්‍ෂුවක් මාගේ නූපන්නාවූ පවිටු අකුශලධර්‍මයෝ උපදිනු ලබන්නාහු අනර්‍ත්‍ථය සඳහා පවතිතැයි වීර්‍ය්‍යකරයි. මාගේ උපන්නාවූ කුශලධර්‍මයෝ නිරුද්ධවනු ලබන්නාහු අනර්‍ත්‍ථය සඳහා පවතිතැයි වීර්යකරයි යනුවෙනි.

එත්‍ථ ච පාපකා අකුසලාති ලොභාදයො වෙදිතබ‍්බා. අනුප‍්පන‍්නා කුසලා ධම‍්මාති සමථවිපස‍්සනා චෙව මග‍්ගො ච. උප‍්පන‍්නා කුසලා නාම සමථවිපස‍්සනාව. මග‍්ගො පන සකිං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣමානො අනත්‍ථාය සංවත‍්තනකො නාම නත්‍ථි. සො හි ඵලස‍්ස පච‍්චයං දත්‍වාව නිරුජ‍්ඣති. පුරිමස‍්මිම‍්පි වා සමථවිපස‍්සනාව ගහෙතබ‍්බාති වුත‍්තං, තං පන න යුත‍්තං. එවං ලොකියා සම‍්මප‍්පධානකථා සබ‍්බපුබ‍්බභාගෙ කස‍්සපසංයුත‍්තපරියායෙන වෙදිතබ‍්බා. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පනෙතං එකමෙව වීරියං චතුකිච‍්චසාධනවසෙන චත‍්තාරි නාමානි ලභති.

මෙහිද පවිටු අකුශලයෝ යනු ලෝභදීහුයයි දතයුත්තාහ. නූපන් කුශලධර්‍මයෝ යනු සමථ විදර්‍ශනා මෙන්ම මාර්‍ගයද වෙත්. උපන් කුශලයෝ නම් සමථවිදර්‍ශනයෝමැයි. මාර්‍ගය වනාහි වරක් ඉපිද නිරුද්ධවනුලබන්නේ අනර්‍ත්‍ථය සඳහා පවතින්නේ නම් නොවේ. එය වනාහි ඵලයට ප්‍රත්‍යය දී (හේතුව වී)ම නිරුද්ධ වෙයි. මුල් එකෙහි හෝ සමථවිදර්‍ශන ගතයුතුයි කියනලදී. එය නොසුදුසුය. මෙසේ ලෞකික සම්‍යක්ප්‍රධාන කථාව සියල්ලන්ම පූර්‍වභාගයෙහි කාශ්‍යප සංයුක්ත පර්යායයෙන් දතයුතුය. ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහිදී මේ එකම වීර්යය කෘත්‍ය සතරක් කිරීම් වශයෙන් නම් සතරක් ලබයි.

තත්‍ථ අනුප‍්පන‍්නානං පාපකානන‍්ති එත්‍ථ “අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො”තිආදීසු වුත‍්තනයෙන අත්‍ථො වෙදිතබ‍්බො. උප‍්පන‍්නානං පාපකානන‍්ති එත්‍ථ චතුබ‍්බිධං උප‍්පන‍්නං වත‍්තමානුප‍්පන‍්නං, භුත්‍වාවිගතුප‍්පන‍්නං, ඔකාසකතුප‍්පන‍්නං, භූමිලද‍්ධුප‍්පන‍්නන‍්ති. තත්‍ථ යෙ කිලෙසා විජ‍්ජමානා උප‍්පාදාදිසමඞ‍්ගිනො, ඉදං වත‍්තමානුප‍්පන‍්නං නාම. කම‍්මෙ පන ජවිතෙ ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධවිපාකො භුත්‍වා විගතං නාම, කම‍්මං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධං භුත්‍වා විගතං නාම. තදුභයම‍්පි භුත්‍වාවිගතුප‍්පන‍්නන‍්ති සඞ‍්ඛං ගච‍්ඡති. කුසලාකුසලකම‍්මං අඤ‍්ඤකම‍්මස‍්ස විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කරොති, එවං කතෙ ඔකාසෙ විපාකො උප‍්පජ‍්ජමානො ඔකාසකරණතො පට‍්ඨාය උප‍්පන‍්නොති වුච‍්චති, ඉදං ඔකාසකතුප‍්පන‍්නං නාම. පඤ‍්චක‍්ඛන්‍ධා පන විපස‍්සනාය භූමි නාම, තෙ අතීතාදිභෙදා හොන‍්ති. තෙසු අනුසයිතකිලෙසා පන අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. අතීතක‍්ඛන්‍ධෙසු අනුසයිතාපි හි අප‍්පහීනාව හොන‍්ති, අනාගතක‍්ඛන්‍ධෙසු අනුසයිතාපි අප‍්පහීනාව හොන‍්ති, පච‍්චුප‍්පන‍්නක‍්ඛන්‍ධෙසු අනුසයිතාපි අප‍්පහීනාව හොන‍්ති, ඉදං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම. තෙනාහු පොරාණා – “තාසු තාසු භූමිසු අසමුග‍්ඝාතගතා කිලෙසා භූමිලද‍්ධුප‍්පන‍්නාති සඞ‍්ඛං ගච‍්ඡන‍්තී”ති.

එහි අනුප්පන්නානං පාපකානං යන මෙහි නූපන්නාවූම කාමච්ඡන්‍දය යනාදියෙහි කියන ලද ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුයි. උප්පන්නානං පාපකානං යන මෙහි උප්පන්න (උපන්) යනු සතරාකාරය: වත්තමානුප්පන්නය, භූත්‍වා විගතුප්පන්නය, ඔකාසකතුප්පන්නය, භූමිලද්ධුප්පන්නය යනුවෙනි. එහි උත්පාදාදියෙන් යුක්තවූ යම් කෙලෂයක් විද්‍යමාන වේද? මෙය වත්තමානුප්පන්න නම්වෙයි. කර්‍මය ජවනය වූවිට ආරම්මණ රසය අනුභව කොට නිරුද්ධවූ විපාක ඇත්තේ භුත්‍වා විගත නමි. කර්‍මයි ඉපිද නිරුද්ධවී විගත (පහවූයේ) නමි. ඒ දෙකම විඳ විගතුප්පන්නයයි පළටවෙයි. කුශලාකුශල කර්‍මය වෙනත් කර්‍මයක විපාකය යටපත්කොට තමාගේ විපාකයට ඉඩ සලසයි. මෙසේ කරනලද අවකාශ ඇති කල්හි උපදිනු ලබන විපාකය ඉඩ සැලසීමෙහි පටන් උපන්නේයයි කියනුලැබේ. මෙය ඔකාසකතුප්පන්න නමි. පංචස්කන්‍ධයෝ වනාහි විදර්‍ශනාවට භූමි නමි. ඔවුහු අතීතාදි භේද ඇත්තෝ වෙත්. ඔවුනතුරෙන් අනුසයගත (අනුසය බවට පත්වූ) කෙලෂයෝ අතීතවූවෝ හෝ අනාගතවූවෝ හෝ වර්‍තමානවූවෝ හෝයි නොකිව යුත්තාහ. අතීතසකන්‍ධයන්හි අනුශයගතවූවාහුද අප්‍රහීණවූවෝම වෙත්. මෙය භූමිලද්ධුප්පන්න නමි. එහෙයින් පෝරාණයෝ මෙසේ කීහ, ‘ඒ ඒ භූමීන්හි විනාශ නොවූ කෙළෂයෝ භූමිලද්ධුප්පන්න නමැයි ප්‍රසිද්ධියට යති’.

අපරම‍්පි චතුබ‍්බිධං උප‍්පන‍්නං සමුදාචාරුප‍්පන‍්නං, ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නං, අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං, අසමුග‍්ඝාතිතුප‍්පන‍්නන‍්ති. තත්‍ථ සම‍්පති වත‍්තමානංයෙව සමුදාචාරුප‍්පන‍්නං නාම. සකිං චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා ආරම‍්මණෙ නිමිත‍්තෙ ගහිතෙ අනුස‍්සරිතානුස‍්සරිතක‍්ඛණෙ කිලෙසා නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? ආරම‍්මණස‍්ස අධිග‍්ගහිතත‍්තා. යථා කිං? යථා ඛීරුක‍්ඛස‍්ස කුඨාරියා ආහතාහතට‍්ඨානෙ ඛීරං න නික‍්ඛමිස‍්සතීති න වත‍්තබ‍්බා, එවං. ඉදං ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නං නාම. සමාපත‍්තියා අවික‍්ඛම‍්භිතකිලෙසා පන ඉමස‍්මිං නාම ඨානෙන උප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? අවික‍්ඛම‍්භිතත‍්තා. යථා කිං? යථා ඛීරරුක‍්ඛං කුඨාරියා ආහනෙය්‍යුං, ඉමස‍්මිං නාම ඨානෙ ඛීරං න නික‍්ඛමෙය්‍යාති න වත‍්තබ‍්බං, එවං. ඉදං අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං නාම. මග‍්ගෙන අසමුග‍්ඝාතිතකිලෙසා පන භවග‍්ගෙ නිබ‍්බත‍්තස‍්සාපි උප‍්පජ‍්ජන‍්තීති පුරිමනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. ඉදං අසමුග‍්ඝාතිතුප‍්පන‍්නං නාම.

වෙනත් සතරාකාරවූ උප්පන්නයක්ද වෙයි. සමුදාචාරුප්පන්න ආරම්මණාධිග්ගහිතුප්පන්න, අවික්‍ඛමභුතුප්පන්න, අසමුගඝාතිතුප්පන්න යනුවෙනි. එහි දැන් වර්‍තමානයම සමුදාචාරුප්පන්න නමි. වරක් ඇස් හැර අරමුණෙහි නිමිති ගත් කල්හි සිහිකළ සිහිකළ කෙණෙහි කෙලෙස් නූපදිතැයි නොකිව යුතුය. කුමක් හෙයින්දයත්? අරමුණ දැඩිව ගෙන ඇති බැවිනි. කුමක් මෙන්දයත්? යම්සේ කිරිගසකට කෙටේරියෙන් ගැසූ ගැසූ තැන කිරි නොනික්මේයයි නොකිව යුතුද එමෙන්ම මෙය අරමුණ දැඩිව ගෙන උපන්නේ නම්, සමවතින් යටපත් නොකළ කෙලෙස් මෙනම්වූ තන්හි නූපදින්නේයයි නොකිව යුතුය. කුමක් හෙයින්දයත්? යටපත් කරනලද බැවිනි, කුමක් මෙන්දයත්? යම් සේ ඉදින් කිරිගසට කෙට්රියෙන් අනීද මෙනම් තැන්හි කිරි නොනික්මෙන්නේයයි නොකිවයුතුය. මෙසේ මෙය අවික්‍ඛම්හිතුප්පන්න නමි. මාර්‍ගයෙන් විනාශ නොකළ කෙලෙස් භවාග්‍රයෙහි උපන්නහුටද හට ගනිතැයි පෙර ක්‍රමයෙන්ම විස්තර කළයුතුය. මෙය අසමුග්ඝාතිතඋපන්න නමි.

ඉමෙසු උප‍්පන‍්නෙසු වත‍්තමානුප‍්පන‍්නං, භුත්‍වාවිගතුප‍්පන‍්නං, ඔකාසකතුප‍්පන‍්නං, සමුදාචාරුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං උප‍්පන‍්නං න මග‍්ගවජ‍්ඣං, භූමිලද‍්ධුප‍්පන‍්නං, ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නං, අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං, අසමුග‍්ඝාතිතුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං මග‍්ගවජ‍්ඣං. මග‍්ගො හි උප‍්පජ‍්ජමානො එතෙ කිලෙසෙ පජහති. සො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. වුත‍්තම‍්පි චෙතං –

මේ උත්පන්නයන් අතුරින් වත්තමානුප්පන්නය, භූත්‍වා විගතුප්පන්නය ඔකාසකතුප්පන්නය, සමුදාචාරුප්පන්නය යන සතරාකාර උප්පන්නය මාර්‍ගවධ්‍ය (මාර්‍ගයෙන් විනාශ කළයුතු) නොවෙයි. භූමිලද්ධුප්පන්නය, ආරම්මණාධිග්ගහිතුප්පන්නය අවික්‍ඛම්හිතුප්පන්නය අසමුග්ඝාතිතුප්පන්නය යන සතරාකාරය මාර්‍ගවධ්‍ය නමි. මාර්‍ගග උපදින්නේ මේ කෙලෙසුන් දුරලයි. එය යම් කෙලෙසුන් දුරලයිද ඒ කෙලෙස් අතීතය, අනාගතය වර්‍තමානයයි නොකිව යුතුය. මෙය කියන ලද්දේවෙයි.

“හඤ‍්චි අතීතෙ කිලෙසෙ පජහති? තෙන හි ඛීණංයෙව ඛෙපෙති, නිරුද‍්ධං නිරොධෙති, අත්‍ථඞ‍්ගතං අත්‍ථඞ‍්ගමෙති, අතීතං යං නත්‍ථි, තං පජහති. හඤ‍්චි අනාගතෙ කිලෙසෙ පජහති? තෙන හි අජාතං පජහති, අනිබ‍්බත‍්තං අනුප‍්පන‍්නං අපාතුභූතං පජහති, අනාගතං යං නත්‍ථි, තං පජහති. හඤ‍්චි පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති? තෙන හි රත‍්තො රාගං පජහති, දුට‍්ඨො දොසං, මූළ‍්හො මොහං, විනිබද‍්ධො මානං, පරාමට‍්ඨො දිට‍්ඨිං, අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡං, ථාමගතො අනුසයං පජහති, කණ‍්හසුක‍්කා ධම‍්මා යුගනද‍්ධා වත‍්තන‍්ති, සංකිලෙසියා මග‍්ගභාවනා හොතීති…පෙ… තෙන හි නත්‍ථි මග‍්ගභාවනා, නත්‍ථි ඵලසච‍්ඡිකිරියා, නත්‍ථි කිලෙසප‍්පහානං, නත්‍ථි ධම‍්මාභිසමයොති. අත්‍ථි මග‍්ගභාවනා…පෙ… අත්‍ථි ධම‍්මාභිසමයොති. යථා කථං විය? සෙය්‍යථාපි තරුණො රුක‍්ඛො…පෙ… අපාතුභූතායෙව න පාතුභවන‍්තී”ති (පටි· ම· 3.21).

‘ඉදින් අතීත කෙලෙසුන් දුරලයිනම්? එසේ වීනම් ක්‍ෂයවුවක්ම ක්‍ෂයකරවයි. නැතිවූ දෙයක් නැතිකරවයි. අසතංගතවූවක් අසතංගතකරවයි. අතීතවූ යමක් නැත්ද එය දුරුකරයි. අනාගතයෙහි කෙලෙසුන් දුරලයි නම් එසේ වීනම් නොහටගත් දෙයක් දුරුකරයි. අනාගතවූ යමක් නැත්ද එය දුරලයි. වර්‍තමානයෙහි කෙලෙසුන් දුරලන්නේ නම්? එසේ වීනම් රාගීවූයේ රාගය දුරලයි. දූෂ්‍යවූයේ දේවෂයද මුළාවූයේ මෝහයද එකට බැඳුනේ මානයද සිතින් දැඩිසේ ගත්තේ දෘෂ්ටියද අවිනිශ්චිතවූයේ විචිකිච්ඡාවද තහවුරුබවට පත්වූයේ අනුසයද දුරලයි. පාපපුණ්‍යධර්‍මයෝ එකට වෙළී පවතිත්, කිලුටට පමණුවන මාර්‍ගභාවනාවක් ඇත්තේවෙයි. එහෙයින් මාර්‍ග භාවනාවක් නැත. ඵල ක්‍ෂාත් කිරීමක් නැත. කෙලෙස් දුරුකිරීමක් නැත. ධර්‍මාභිසමයක් නැත. මාර්‍ගභාවනාවක් ඇත -පෙ- ධර්‍මාභිසමයක් ඇත. කෙසේ නම්වේදයත්? යම්සේ නම් තුරුණු රුකක් -පෙ- නොහට ගත් දෙයම පහළකරත්’

ඉති පාළියං අජාතඵලරුක‍්ඛො ආගතො, ජාතඵලරුක‍්ඛො පන දීපෙතබ‍්බො. යථා හි සඵලො තරුණම‍්බරුක‍්ඛො, තස‍්ස ඵලානි මනුස‍්සා පරිභුඤ‍්ජෙය්‍යුං, සෙසානි පාතෙත්‍වා පච‍්ඡියො පූරෙය්‍යුං, අථඤ‍්ඤො පුරිසො තං ඵරසුනා ඡින්‍දෙය්‍ය. තෙනස‍්ස නෙව අතීතානි ඵලානි නාසිතානි හොන‍්ති, න අනාගතපච‍්චුප‍්පන‍්නානි ච නාසිතානි. අතීතානි හි මනුස‍්සෙහි පරිභුත‍්තානි, අනාගතානි අනිබ‍්බත‍්තානි, න සක‍්කා නාසෙතුං. යස‍්මිං පන සමයෙ සො ඡින‍්නො, තදා ඵලානියෙව නත්‍ථීති පච‍්චුප‍්පන‍්නානිපි අනාසිතානි. සචෙ පන රුක‍්ඛො අච‍්ඡින‍්නො අස‍්ස, අථස‍්ස පථවීරසඤ‍්ච ආපොරසඤ‍්ච ආගම‍්ම යානි ඵලානි නිබ‍්බත‍්තෙය්‍යුං, තානි නාසිතානි හොන‍්ති. තානි හි අජාතානෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තානෙව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතානෙව න පාතුභවන‍්ති. එවමෙව මග‍්ගො නාපි අතීතාදිභෙදෙ කිලෙසෙ පජහති, නාපි න පජහති. යෙසඤ‍්හි කිලෙසානං මග‍්ගෙන ඛන්‍ධෙසු අපරිඤ‍්ඤාතෙසු උප‍්පත‍්ති සියා, මග‍්ගෙන උප‍්පජ‍්ජිත්‍වා ඛන්‍ධානං පරිඤ‍්ඤාතත‍්තා තෙ කිලෙසා අජාතාව න ජායන‍්ති, අනිබ‍්බත‍්තාව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතාව න පාතුභවන‍්ති. තරුණපුත‍්තාය ඉත්‍ථියා පුන අවිජායනත්‍ථං බ්‍යාධිතානං රොගවූපසමනත්‍ථං පීතභෙසජ‍්ජෙහි වාපි අයමත්‍ථො විභාවෙතබ‍්බො. එවං මග‍්ගො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. න ච මග‍්ගො කිලෙසෙ න පජහති. යෙ පන මග‍්ගො කිලෙසෙ පජහති, තෙ සන්‍ධාය “උප‍්පන‍්නානං පාපකාන”න‍්තිආදි වුත‍්තං.

මෙසේ පෙළෙහි හට නොගත් ගෙඩි ඇති ගසක් (නිදසුන් වශයෙන්) ආයේය. හටගත් පල ඇති ගසින් දැක්විය යුතුයි. යම්සේ ගෙඩි සහිත තරුණ අඹගසක් වේද එහි ගෙඩි මිනිස්සු අනුභව කරන්නාහුද ඉතිරිවා හෙළා කූඩා පුරවන්නාහුද ඉක්බිති වෙනත් මිනිසෙක් ඒ ගස පොරොවෙන් කපන්නේද ඒ හේතුවෙන් ඒ ගසේ ඉකුත් ගෙඩි නසනලද්දේ නොවෙයි. අතීත ගෙඩි මිනිසුන් විසින් අනුභවකරනලදී. අනාගත ගෙඩි නොනිපැයිණි. නැසීමට නොහැකිය. යම් විටෙක ඒ ගස සිඳිනලද්දේද එවිට ගෙඩිද නැතැයි වත්මන් ගෙඩිද නොනසනලද්දේය. ඉදින් ගස නොසිඳිනලද්දේවේද? ඉක්බිති ඊට පොළෝරසයද ජලරසයද පැමිණ යම් ගෙඩි හටගන්වයිද ඒවා නසනලද්දේවේද? ඉක්බිති ඊට පොළෝ රසයද ජලරසයද පැමිණ යම් ගෙඩි හටගන්වයිද ඒවා නසනලද්දේ වෙයි. නූපන් ඒවා නූපදියි. නොනිපන් ඒවා නොනිපැයෙයි. නොපහළවූ ඒවා පහළ නොවෙයි. මෙසේම මාර්‍ගයද අතීතාදි භේද ඇති කෙලෙසුන් දුරුනොකරයි. නොද නොදුරු කරන්නේද වෙයි. යම් වූ කෙලෙසුන්ට මාර්‍ගයෙන් මනාව පිරිසිඳ නොදත් ස්කන්‍ධයන්හි උපතක් වේද? මාර්‍ගයෙන් ඉපිද ස්කන්‍ධයන් මනාව පිරිසිඳ දත් හෙයින් ඒ කෙලෙස් නොහටගත්තේම නොඋපදියි. නූපන්නේම නොහට ගනියි. පහළ නොවූයේම නොපහළ වෙයි. තරුණ පුතුන් ඇති ස්ත්‍රියක විසින් නැවත (දරුවන්) නොවදනු සඳහාද රෝගාදියෙන් පෙළුනවුන්ගේ රෝග සංසිඳීම සඳහාද බොනලද බෙහෙත්වලින්ද මේ අර්‍ත්‍ථය ප්‍රකට කළයුතුය. මෙසේ මාර්‍ගය යම් කෙලෙසුන් දුරුකරයිද ඒවා අතීත හෝ අනාගත හෝ වර්‍තමාන හෝයයි නොකිවයුතුය. [missing trans]

න කෙවලඤ‍්ච මග‍්ගො කිලෙසෙයෙව පජහති, කිලෙසානං පන අප‍්පහීනත‍්තා යෙ උප‍්පජ‍්ජෙය්‍යුං උපාදින‍්නක‍්ඛන්‍ධා, තෙපි පජහතියෙව. වුත‍්තම‍්පි චෙතං – “සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන සත‍්ත භවෙ ඨපෙත්‍වා අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච, එත්‍ථෙතෙ නිරුජ‍්ඣන‍්තී”ති (චූළව· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙසො 6) විත්‍ථාරො. ඉති මග‍්ගො උපාදින‍්නතො අනුපාදින‍්නතො ච වුට‍්ඨාති. භවවසෙන පන සොතාපත‍්තිමග‍්ගො අපායභවතො වුට‍්ඨාති, සකදාගාමිමග‍්ගො සුගතිභවෙකදෙසතො, අනාගාමිමග‍්ගො සුගතිකාමභවතො, අරහත‍්තමග‍්ගො රූපාරූපභවතො වුට‍්ඨාති. සබ‍්බභවෙහි වුට‍්ඨාතියෙවාතිපි වදන‍්ති.

මාර්‍ගය කෙලෙසුන් පමණක්ම දුරුනොකරයි. කෙලෙසුන් ප්‍රහීණ නොවී ඇති බැවින් යම් උපාදිණ්ණ ස්කන්‍ධයෝ උපදින්නාහුද ඒවාද දුරුකරන්නේමය. මෙය කියනලද්දේම වෙයි සොතාපත්ති මාර්‍ග ඥානයෙන් කර්‍ම රැස්කරන විඥානයාගේ නිරුද්ධවීම හේතුකොටගෙන සත්වභවය හැර අග්මුල් නැති සසරෙහි යම් කෙලෙස් නාමයද රූපයද උපදවයිද ඒවා මෙහි නිරුද්ධ වේය යනු විස්තරයයි. මෙසේ මාර්‍ගය උපාදින්න ආනුපාදින්නයන්ගෙන් නැඟිසිටියි. භව වශයෙන් වනාහි සොතාපත්ති මාර්‍ගය අපාය භවයෙන් නැඟී සිටියි. සකෘදාගාමී මාර්‍ගය සුගති භවයෙහි එක් කොටසකින් නැඟී සිටියි. අනාගාමී මාර්‍ගය සුගතිකාමභවයෙන් නැඟී සිටියි. අර්හත්මාර්‍ගය රූපාරූප භවයන්ගෙන් නැඟී සිටියි. සියලු භවයන්ගෙන් නැඟී සිටින්නේමයයි කියති.

අථ මග‍්ගක‍්ඛණෙ කථං අනුප‍්පන‍්නානං උප‍්පාදාය භාවනා හොති, කථං වා උප‍්පන‍්නානං ඨිතියාති? මග‍්ගප‍්පවත‍්තියා එව. මග‍්ගො හි පවත‍්තමානො පුබ‍්බෙ අනුප‍්පන‍්නපුබ‍්බත‍්තා අනුප‍්පන‍්නො නාම වුච‍්චති. අනාගතපුබ‍්බඤ‍්හි ඨානං ගන‍්ත්‍වා අනනුභූතපුබ‍්බං වා ආරම‍්මණං අනුභවිත්‍වා වත‍්තාරො භවන‍්ති; “අනාගතට‍්ඨානං ආගතම‍්හ, අනනුභූතං ආරම‍්මණං අනුභවාමා”ති. යා චස‍්ස පවත‍්ති, අයමෙව ඨිති නාමාති “ඨිතියා භාවෙතී”ති වත‍්තුං වට‍්ටති. එවමෙතස‍්ස භික‍්ඛුනො ඉදං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ වීරියං “අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදායා”තිආදීනි චත‍්තාරි නාමානි ලභති. අයං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ සම‍්මප‍්පධානකථා. ඉමස‍්මිං පන සුත‍්තෙ ලොකියලොකුත‍්තරමිස‍්සකානෙව සම‍්මප‍්පධානානි කථිතානි.

ඉක්බිති මාර්‍ගක්‍ෂණයෙහි නූපන්නවුන්ගේ ඉපදවීම සඳහා කෙසේ නම් භාවනාව වේද? කෙසේ නම් උපන්නවුන්ගේ පැවැත්ම සඳහා හෝ වේද? මාර්‍ගය පැවතීමෙහිදීමය. පවත්නාවූ මාර්‍ගය වනාහි පෙර නූපන්වරූ හෙයින් නූපන්නේ නමැයි කියනුලැබේ. නොආවිරූ තැනට ගොස් නොවිඳිවිරූ අරමුණ හෝ විඳ නොආ තැනට පැමිණියෙමු. නොවිඳි අරමුණු වින්දෙමු’යි කියන්නෝ වෙත්. එහි පැවැත්ම යම්තාක්ද මෙයම ඨිතිය නමැයි පැවැත්ම සඳහා වඩන්නේයයි කීමට වටී. මෙසේ මේ භික්‍ෂුවගේ ලො‍්කෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි මේ වීර්ය නූපන්නාවූ පවිටු අකුශලයන්ගේ නොඉපදවීම සඳහායි ආදී නම් සතර ලබයි. මේ ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි සම්‍යක්ප්‍රධාන කථාවයි. මේ සූත්‍රයෙහිදී ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍රවූම සම්‍යක්ප්‍රධාන කියනලදී.

ඉද‍්ධිපාදෙසු ඡන්‍දං නිස‍්සාය පවත‍්තො සමාධි ඡන්‍දසමාධි, පධානභූතා සඞ‍්ඛාරා පධානසඞ‍්ඛාරා. සමන‍්නාගතන‍්ති තෙහි ධම‍්මෙහි උපෙතං. ඉද‍්ධියා පාදං, ඉද‍්ධිභූතං වා පාදන‍්ති ඉද‍්ධිපාදං. සෙසෙසුපි එසෙව නයො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ (විභ· 431 ආදයො) ආගතො එව. විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.382) පනස‍්ස අත්‍ථො දීපිතො. තත්‍රායං භික‍්ඛු යදා ඡන්‍දාදීසු එකං ධුරං නිස‍්සාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණාති, තදාස‍්ස පඨමිද‍්ධිපාදො පුබ‍්බභාගෙ ලොකියො, අපරභාගෙ ලොකුත‍්තරො. එවං සෙසාපීති. ඉමස‍්මිම‍්පි සුත‍්තෙ ලොකියලොකුත‍්තරාව ඉද‍්ධිපාදා කථිතා.

සෘද්ධිපාදයන්හි ඡන්‍දය ඇසුරු කොට පැවති සමාධි ඡන්‍දසමාධියි. ප්‍රධානවූ සංස්කාරයෝ පධානසංඛාරා නමි. සමන්නාගතං යනු ඒ ධර්‍මයන්ගෙන් යුක්තවූයේයි. සෘද්ධියෙහි පාදය හෝ සෘද්ධමයවූ පාදය ඉද්ධිපාද නමි. සෙස්සෙහිද මේ ක්‍රමයමැයි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි සෘද්ධිපාද විභංගයෙහි ආයේය. විසුද්ධිමග්ගයෙහි මෙහි අර්‍ත්‍ථය දක්වන ලදී. එහි මේ භික්‍ෂුව යම් විටෙක ඡන්දාදීන් අතුරෙන් එක් ධූරයක් ඇසුරු කොට විදර්‍ශනාව වඩා රහත් බවට පැමිණෙයිද එවිට ඔහුගේ ප්‍රථම සෘද්ධිපාදය පූර්‍වභාගයෙහි ලෞකිකද අපරභාගයෙහි ලෝකෝත්තරද වෙයි. සෙස්සෝද එසේමය. මේ සූත්‍රයෙහිද ලෞකික ලෝකෝත්තර සෘද්ධිපාදයෝ කියන ලද්දාහ.

සද‍්ධින්‍ද්‍රියං භාවෙතීතිආදීසු සද‍්ධාව අත‍්තනො සද‍්ධාධුරෙ ඉන්‍දට‍්ඨං කරොතීති සද‍්ධින්‍ද්‍රියං. වීරියින්‍ද්‍රියාදීසුපි එසෙව නයො. භාවෙතීති එත්‍ථ පන ආදිකම‍්මිකො යොගාවචරො තීහි කාරණෙහි සද‍්ධින්‍ද්‍රියං විසොධෙන‍්තො සද‍්ධින්‍ද්‍රියං භාවෙති නාම. වීරියින්‍ද්‍රියාදීසුපි එසෙව නයො. වුත‍්තඤ‍්හෙතං –

සද්ධින්‍ද්‍රියංභාවෙති යනාදියෙහි ශ්‍රද්ධාවම තමාගේ ශ්‍රද්ධාධුරයෙහි ප්‍රධානතැන කරන්නෙනුයි සද්ධින්‍ද්‍රියං නමි. විරියින්‍ද්‍රියාදියෙහිද මේ ක්‍රමයමැයි. භාවෙති යන මෙහි වනාහි ආදිකර්මික වූ යෝගාවචර තෙමේ කරුණු තුනකින් ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය පිරිසිදු කරන්නේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රි වඩයි නම් වේ. වීර්ය ඉන්‍ද්‍රියාදියෙහිද මේ ක්‍රමයමැයි. මෙය කියනලද්දේමය.

“අස‍්සද‍්ධෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, සද‍්ධෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පසාදනීයෙ සුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සද‍්ධින්‍ද්‍රියං විසුජ‍්ඣති.

සැදැහැවත් නොවන පුද්ගලයන් දුරලීමෙන් සැදැහැවත් පුද්ගලයන් සේවනය කිරීමෙන් ඇසුරු කිරීමෙන් එක්ව විසීමෙන් පහදවනසුලු සූත්‍රාන්තයන් සිහි කිරීමෙන් යන මේ තුන් ආකාරයෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය පිරිසුදුවෙයි.

“කුසීතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, ආරද‍්ධවීරියෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සම‍්මප‍්පධානෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි වීරියින්‍ද්‍රියං විසුජ‍්ඣති.

කුසීත පුද්ගලයන් දුරලීමෙන් පටන්ගත් වීර්ය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් එක්ව විසීමෙන් සම්‍යක්ප්‍රධාන වීර්ය සිහි කිරීමෙන් යන මේ තුන් කරුණින් වීර්යඉන්‍ද්‍රිය පිරිසුදුවෙයි.

“මුට‍්ඨස‍්සතී පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, උපට‍්ඨිතස‍්සතී පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සතිපට‍්ඨානෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සතින්‍ද්‍රියං විසුජ‍්ඣති.

මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරලීමෙන් එළඹසිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් එක්ව විසීමෙන් සතිපට්ඨානය සිහි කිරීමෙන් යන මේ තුන් කරුණින් සමෘති ඉන්‍ද්‍රිය පිරිසුදුවෙයි.

“අසමාහිතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, සමාහිතෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ඣානවිමොක‍්ඛෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සමාධින්‍ද්‍රියං විසුජ‍්ඣති.

සමාහිත නොවූ (සිත් එකඟ නොවූ) පුද්ගලයන් දුරලීමෙන් සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් එක්ව විසීමෙන් ධ්‍යාන විමොක්‍ෂයන් සිහිකිරීමෙන් යන මේ තුන් කරුණින් සමාධින්‍ද්‍රිය පිරිසිදුවෙයි.

“දුප‍්පඤ‍්ඤෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, පඤ‍්ඤවන‍්තෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ගම‍්භීරඤාණචරියං පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි පඤ‍්ඤින්‍ද්‍රියං විසුජ‍්ඣතී”ති (පටි· ම· 1.184-185).

අනුවණ පුද්ගලයන් දුරලීමෙන් නුවණැති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් එක්ව විසීමෙන් ගැඹුරු ඥාන චර්යාව සිහි කිරීමෙන් යන මේ තුන් කරුණින් පුඥ ඉන්‍ද්‍රිය පිරිසුදුවෙයි.’

එත්‍ථ ච ගම‍්භීරඤාණචරියං පච‍්චවෙක‍්ඛතොති සණ‍්හසුඛුමං ඛන්‍ධන‍්තරං, ආයතනන‍්තරං, ධාතන‍්තරං, ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගන‍්තරං, මග‍්ගන‍්තරං, ඵලන‍්තරඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාති අත්‍ථො. ඉමෙසඤ‍්හි තිණ‍්ණං තිණ‍්ණං කාරණානං වසෙන අකතාභිනිවෙසො ආදිකම‍්මිකො යොගාවචරො සද‍්ධාධුරාදීසු අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා භාවෙන‍්තො අවසානෙ විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හති. සො යාව අරහත‍්තමග‍්ගා ඉමානි ඉන්‍ද්‍රියානි භාවෙති නාම, අරහත‍්තඵලෙ පත‍්තෙ භාවිතින්‍ද්‍රියො නාම හොතීති. එවං ඉමානිපි පඤ‍්චින්‍ද්‍රියානි ලොකියලොකුත‍්තරානෙව කථිතානීති.

මෙහිද ගැඹුරු ඥානචර්යාව සිහි කිරීමෙන් යනු මෙලෙක් සියුම් ස්කන්‍ධ අන්තරය, ධාතු අන්තරය, ආයතන අන්තරය, ඉන්‍ද්‍රිය බල බොජ්ක්‍ධංග අන්තරය මාර්‍ග අන්තරය, හාඵල අන්තරයද සිහි කරන්නාට යනු අර්‍ත්‍ථයි. මේ තුන් තුන් කරුණු වශයෙන් සිත පිහිටුවීම් නොකළ ආදි කර්මිකවූ යෝගාවචර තෙමේ ශ්‍රද්ධාධුර ආදියෙහි සිත පිහිටුවා භාවනා කරමින් අවසානයෙහි විවර්තනය කොට රහත්බව ගනියි. හෙතෙම රහත් මග දක්වා මේ ඉන්‍ද්‍රියයන් වඩයි නමි. රහත්ඵලයට පැමිණිකල්හි වැඩූ ඉන්‍ද්‍රිය ඇත්තේ නමි. මෙසේ මේ ලෞකික ලෝකෝත්තර පඤ්ච ඉන්‍ද්‍රියයෝද කියනලද්දාහුය.

සද‍්ධාබලාදීසු සද‍්ධායෙව අකම‍්පියට‍්ඨෙන බලන‍්ති සද‍්ධාබලං. වීරියබලාදීසුපි එසෙව නයො. එත්‍ථ හි සද‍්ධා අස‍්සද‍්ධියෙ න කම‍්පති, වීරියං කොසජ‍්ජෙන න කම‍්පති, සති මුට‍්ඨස‍්සච‍්චෙන න කම‍්පති, සමාධි උද‍්ධච‍්චෙ න කම‍්පති, පඤ‍්ඤා අවිජ‍්ජාය න කම‍්පතීති සබ‍්බානිපි අකම‍්පියට‍්ඨෙන බලානීති වුච‍්චන‍්ති. භාවනානයො පනෙත්‍ථ ඉන්‍ද්‍රියභාවනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති. ඉමානි ලොකියලොකුත‍්තරානෙව කථිතානීති.

ශ්‍රද්ධාබල ආදියෙහි ශ්‍රද්ධාවම නොසැලෙන තැන්හි බලය වේනුයි සද්ධාබලං නමි. වීර්ය බල ආදියෙහිද මේ ක්‍රමයමයි. මෙහි වනාහි ශ්‍රද්ධාව නැති බවින් නොසැලෙයි. වීර්ය කුසීත බවින් නොසැලෙයි. සිහිය මුළා වූ සත්‍යයෙන් නොසැලෙයි. සමාධිය උද්ධච්චබවින් නොසැලෙයි. ප්‍රඥාව අවිද්‍යාවෙන් නොසැලේයයි සියල්ලම නොසැලෙස අර්ථයෙන් බලයයි කියති. මෙහි භාවනානය ඉන්‍ද්‍රියභාවනාවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. ලෞකික ලෝකෝත්තරවුම මේවාද කියනලදී.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතීති එත්‍ථ අයං ආදිකම‍්මිකානං කුලපුත‍්තානං වසෙන සද‍්ධිං අත්‍ථවණ‍්ණනාය භාවනානයො. තත්‍ථ සතිසම‍්බොජ‍්ඣඞ‍්ගන‍්තිආදිනා නයෙන වුත‍්තානං සත‍්තන‍්නං ආදිපදානං තාව අයමත්‍ථවණ‍්ණනා – සතිසම‍්බොජ‍්ඣඞ‍්ගෙ තාව සරණට‍්ඨෙන සති, සා පනෙසා උපට‍්ඨානලක‍්ඛණා, අපිලාපනලක‍්ඛණා වා. වුත‍්තම‍්පි චෙතං – “යථා, මහාරාජ, රඤ‍්ඤො භණ‍්ඩාගාරිකො රඤ‍්ඤො සාපතෙය්‍යං අපිලාපෙති ‘එත‍්තකං, මහාරාජ, හිරඤ‍්ඤං, එත‍්තකං සුවණ‍්ණං, එත‍්තකං සාපතෙය්‍ය’න‍්ති. එවමෙව ඛො, මහාරාජ, සති උප‍්පජ‍්ජමානා කුසලාකුසලසාවජ‍්ජානවජ‍්ජහීනප‍්පණීතකණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ අපිලාපෙති ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා”ති (මි· ප· 2.1.13) විත්‍ථාරො. අපිලාපනරසා, කිච‍්චවසෙනෙව හිස‍්සා එතං ලක‍්ඛණං ථෙරෙන වුත‍්තං. අසම‍්මොසරසා වා, ගොචරාභිමුඛීභාවපච‍්චුපට‍්ඨානා. සති එව සම‍්බොජ‍්ඣඞ‍්ගොති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො.

සතිසම්බෝජඤ්‍ධංගං භාවෙති යන මෙහි මෙය ආදිකර්මිකවූ කුලපුත්‍රයන්ගේ වශයෙන් සමඟ අර්‍ත්‍ථ වර්ණනාවෙහි භාවනාක්‍රමයයි. එහි සතිසම්බොජ්ක්‍ධඞගං යනාදී ක්‍රමයෙන් කියනලද මුල්පද සතෙහි මේ අර්‍ත්‍ථ වර්‍ණනාවයි. සතිසම්බොජක්‍ධංගයෙහි වනාහි පිහිටවීම් අර්‍ත්‍ථයෙන් සතියයි. එය වැටහීම ලක්‍ෂණකොට ඇත්තේද යළියළිත් සැලකීම ලක්‍ෂණකොට ඇත්තේදවෙයි. මෙය කියන ලද්දේමය. ‘මහරජ, යම්සේ රජුගේ අයකැමි තෙමේ රජුගේ ධනය මහරජ, අමුරන් මෙපමණය, රන් මෙපමණය, ධනය මෙපමණ’යැයි ගණන් ගෙන කියයිද මහරජ, මෙසේම සතිය උපදදිනු ලබන්නේ කුසල් අකුසල් වරද නිවරද හීන ප්‍රණීත කිළිටි පිවිතුරු වශයෙන් සමානවූ ධර්‍මයන් නැවත නැවත සලකා බලයිද මේ සතර සතිපට්ටානයෝය යනු විස්තරයයි. නැවත සලකාබැලීම රසය කොට ඇත්තේය. මෙහි කෘත්‍ය වශයෙන්ම තෙරුන්වහන්සේ විසින් මෙය කියනලදී. නොමුළා වීම රසයකොට ඇත්තේ හෝ වෙයි. අරමුණ ඉදිරියට එළඹසිටීමයි. සතියම සම්බොජක්‍ධංගවූයේ සතිසමබොජක්‍ධඞගයි.

තත්‍ථ බොධියා, බොධිස‍්ස වා අඞ‍්ගොති බොජ‍්ඣඞ‍්ගො. කිං වුත‍්තං හොති? යා හි අයං ධම‍්මසාමග‍්ගීයාය ලොකියලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහනකාමසුඛඅත‍්තකිලමථානුයොගඋච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද‍්දවානං පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣතීති කත්‍වා බොධීති වුච‍්චති, බුජ‍්ඣතීති කිලෙසසන‍්තානනිද‍්දාය උට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොතීති වුත‍්තං හොති. යථාහ – “සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො”ති (සං· නි· 5.378; දී· නි· 3.143). තස‍්සා ධම‍්මසාමග‍්ගිසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගොතිපි බොජ‍්ඣඞ‍්ගො ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගාදයො විය. යොපෙස යථාවුත‍්තප‍්පකාරාය එතාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකො බොධීති වුච‍්චති, තස‍්ස අඞ‍්ගොතිපි බොජ‍්ඣඞ‍්ගො සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය. තෙනාහු අට‍්ඨකථාචරියා – “බුජ‍්ඣනකස‍්ස පුග‍්ගලස‍්ස අඞ‍්ගාති වා බොජ‍්ඣඞ‍්ගා”ති.

එහි බුදුබවට හෝ බුදුබවේ අංගයෝයි බොජක්‍ධඞ්ගා නමි. (මෙයින්) කුමක් කියනලද්දේද? යම් මේ ධර්‍ම සාමග්‍රියයි: ලෞකික ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි උපදිනුලබන්නාවූ සැඟවුණු උද්ධච්චය පිහිටීම රැස් කිරීම, කාමසුඛ අත්තකිලමථානුයෝග උච්ඡේද ශාශ්වත ආදී නොයෙක් ආකාරවූ උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂවූ සතිධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපෙක්‍ඛා සංඛ්‍යාතවූ යම් ධර්‍මසාමග්‍රියකින් ආර්යශ්‍රාවක තෙමේ අවබෝධ කරයි. කෙලෙස් සන්තාන නින්දනේ නැගීසිටියි. සතර ආර්‍ය්‍ය සත්‍යයන් හෝ අවබෝධකරයි. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂකරයි කියනලද්දේවෙයි. යම්සේ කියන ලද්දේද? සප්ත බොධ්‍යංගයන් වඩා අනුත්තරවූ සම්මා සම්බෝධිය මනාව අවබෝධ කරනලද්දේ යනුවෙනි. ඒ ධර්‍ම සාමග්‍රි සංඛ්‍යාත බෝධියෙහි අංගය යනුවෙන්ද බොජක්‍ධඞ්ග නම්වේ. සේනාංග රථාංගාදිය මෙනි. එහෙයින් අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යවරු අවබෝධ කරන පුද්ගලයාගේ අංගය යනුවෙන් හෝ බොජක්‍ධඞ්ගය’යි කීහ.

අපිච “බොජ‍්ඣඞ‍්ගාති කෙනට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගා? බොධාය සංවත‍්තන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, අනුබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, පටිබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, සම‍්බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා”ති ඉමිනා පටිසම‍්භිදානයෙනාපි (පටි· ම· 2.17) බොජ‍්ඣඞ‍්ගත්‍ථො වෙදිතබ‍්බො. පසත්‍ථො සුන්‍දරො ච බොජ‍්ඣඞ‍්ගො සම‍්බොජ‍්ඣඞ‍්ගො, සති එව සම‍්බොජ‍්ඣඞ‍්ගො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං.

තවද, බොජක්‍ධඞ්ගයයි කවර අර්‍ත්‍ථයෙන් බොජක්‍ධඞ්ග වේද? අවබෝධය සඳහා පවතිත්යයි බොජක්‍ධඞ්ග වේද? අවබෝධය සඳහා පවතිත්යයි බොජ්ක්‍ධඞ්ගයෝයි, අවබෝධ කරත්නුයි බොජක්‍ධඞ්ගයෝයි, අනුව අවබෝධ කරත්නුයි බොජක්‍ධඞ්ගයෝසි, ප්‍රතිබෝධ කරත්නුයි බොජක්‍ධඞ්ගයෝසි, මනාව අවබෝධ කරත්නුයි බොජක්‍ධංගයෝයි මේ ආදී පටිසම්හිදා ක්‍රමයෙන්ද බෝධ්‍යංගාර්ථය දතයුතුය. ප්‍රශස්තවූ සුන්දරවූ බෝධ්‍යංගය හෝ සම්බෝධ්‍යංගය වේ. සතියම සම්බෝධ්‍යංගවූයේ සතිසම්බෝජක්‍ධඞ්ගයයි. ඒ සති සම්බෝජක්‍ධංගයයි.

ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගන‍්තිආදීසුපි චතුසච‍්චධම‍්මෙ විචිනතීති ධම‍්මවිචයො. සො පවිචයලක‍්ඛණො, ඔභාසනරසො, අසම‍්මොහපච‍්චුපට‍්ඨානො. වීරභාවතො, විධිනා ඊරයිතබ‍්බතො ච වීරියං. තං පග‍්ගහලක‍්ඛණං, උපථම‍්භනරසං, අනොසීදනපච‍්චුපට‍්ඨානං. පීණයතීති පීති. සා ඵරණලක‍්ඛණා, තුට‍්ඨිලක‍්ඛණා වා, කායචිත‍්තානං පීණනරසා, නෙසංයෙව ඔදග්‍යපච‍්චුපට‍්ඨානා. කායචිත‍්තදරථප‍්පස‍්සම‍්භනතො පස‍්සද‍්ධි. සා උපසමලක‍්ඛණා, කායචිත‍්තදරථමද‍්දනරසා, කායචිත‍්තානං අපරිප‍්ඵන්‍දසීතිභාවපච‍්චුපට‍්ඨානා. සමාධානතො සමාධි. සො අවික‍්ඛෙපලක‍්ඛණො, අවිසාරලක‍්ඛණො වා, චිත‍්තචෙතසිකානං සම‍්පිණ‍්ඩනරසො, චිත‍්තට‍්ඨිතිපච‍්චුපට‍්ඨානො. අජ‍්ඣුපෙක‍්ඛනතො උපෙක‍්ඛා. සා පටිසඞ‍්ඛානලක‍්ඛණා, සමවාහිතලක‍්ඛණා වා, ඌනාධිකනිවාරණරසා, පක‍්ඛපාතුපච‍්ඡෙදනරසා වා, මජ‍්ඣත‍්තභාවපච‍්චුපට‍්ඨානා. සෙසං වුත‍්තනයමෙව. භාවෙතීති බ්‍රූහෙති වඩ‍්ඪෙති, උප‍්පාදෙතීති අත්‍ථො.

ධම්මවිචයසම්බොජක්‍ධඞ්ගං යනාදියෙහිද චතුරාර්ය සත්‍යධර්‍මයන් විමසන්නේනුයි ධම්මවිචය නමි. එය මනාව විමසීම ලක්‍ෂණකොට ඇත්තේ බැබලීම රසයකොට ඇත්තේය. නොමුළාව වැටහීමකොට ඇත්තේය. වීරභාවයෙන්ද ක්‍රමයෙන් සෙලවිය යුතු හෙයින්ද වීරිය නමි. එය දැඩිව ගැනීම ලක්‍ෂණයකොට ඇත. උපකාරවීම රසයකොට ඇත. ගිලා නොබැසීම වැටහීමයි. පිනවන්නේනුයි පීති නමි. පැතිරීම ලක්‍ෂණකොට ඇත. හෝ සතුටුවීම ලක්‍ෂණකොට ඇත. කයසිත පිනවීම රසයකොට ඇත. ඒවාම ප්‍රීතිමත් කරවීම වැටහීමකොට ඇත. කායචිත්ත දාහය සංසිදවන බැවින් පස්සද්ධි නමි. එය සංසිඳවීම ලක්‍ෂණයකොට ඇත්තේය. කායචිත්ත දාහය මැඩීම රසයකොට ඇත. කායචිත්තයන්ගේ නොසැලෙන්නාවූ සිසිල්බව වැටහීමකොට ඇත. එකඟ කරන බැවින් සමාධි නමි. එය නොවිසිරීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ නොපැතිරීම ලක්‍ෂණකොට ඇත්තේ වේ. චිත්ත චෛතසිකයන් එක්කිරීම රසයකොට ඇත. සිතේ පැවැත්ම වැටහීමකොට ඇත. මධ්‍යස්ථවීම් වශයෙන් උපෙක්‍ඛා නමි. එය නුවණින් සලකා බැලීම ලක්‍ෂණයකොට ඇත්තේ හෝ තැන්පත් වීම ලක්‍ෂණ කොට ඇත්තේ හෝ වේ. අඩුවැඩි නැති කිරීම රසයකොට ඇත. පක්‍ෂපාතිත්විය වැළැක්වීම රසයකොට ඇත්තේ හෝ වේ. මැදහත් බව වැහීමකොට ඇත. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේමය. භාවෙති යනු වර්‍ධනය කරයි, වඩයි. උපදවයි යන අර්‍ත්‍ථයි.

තත්‍ථ චත‍්තාරො ධම‍්මා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්තීති වෙදිතබ‍්බා සතිසම‍්පජඤ‍්ඤං මුට‍්ඨස‍්සතිපුග‍්ගලපරිවජ‍්ජනතා උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. අභික‍්කන‍්තාදීසු හි සත‍්තසු ඨානෙසු සතිසම‍්පජඤ‍්ඤෙන, භත‍්තනික‍්ඛිත‍්තකාකසදිසෙ මුට‍්ඨස‍්සතිපුග‍්ගලෙ පරිවජ‍්ජනෙන, තිස‍්සදත‍්තත්‍ථෙරඅභයත්‍ථෙරාදිසදිසෙ උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලෙ සෙවනෙන, ඨානනිසජ‍්ජාදීසු සතිසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතාය ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි චතූහි කාරණෙහි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

එහි ධර්‍මසතරක් සතිසම්බොජක්‍ධඞ්ගයාගේ ඉපදීම සඳහා පවතිත්යයි දතයුතුයි. ඒවා නම් සති සම්පජඤ්ඤය, මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරලීම, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, එහි ඇලීසිටීම යනුයි. අභික්කන්තාදීවූ සත් තැන්හි සතිසම්පජ්ඤඤ රහිතවූ බතට වැසූ කවුඩන් වැනිවූ මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරලීමෙන් තිස්සදත්ත තෙරුන් අභයතෙරුන් වැනි එළඹසිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් හා සිටීම් හිඳීම් ආදියෙහි සිහිය නැංවීම සඳහා නතුවූ යොමුවූ නැඹුරුවූ සිතෙන් සති සම්බෝජක්‍ධංගය උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත්තෙමේ මේ කරුණු සතරින් සතිසම්බොජක්‍ධඞ්ගය ඔසවා එයම ධුරයකොට ඇලීම පිහිටුවා කෙමෙන් රහත්බව ගනියි. හෙතෙම අරහත් මාර්ගය දක්වා සතිසම්බොජක්‍ධඞ්ගය වඩයිනමි. ඵලය පැමිණිකල්හි වඩනලද්දේ නම්වෙයි.

සත‍්ත ධම‍්මා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති පරිපුච‍්ඡකතා, වත්‍ථුවිසදකිරියා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා, දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා, පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා, ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා, තදධිමුත‍්තතාති. තත්‍ථ පරිපුච‍්ඡකතාති ඛන්‍ධධාතුආයතනඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගඣානසමථවිපස‍්සනානං අත්‍ථසන‍්නිස‍්සිතපරිපුච‍්ඡාබහුලතා.

ධර්‍මසතක් ධර්‍මවිචය සම්බොධ්‍යංගයාගේ ඉපදීම සඳහා පවතියි. විමසීම, වස්තුව ප්‍රකට කිරීම, ඉන්‍ද්‍රිය සමතාව පිළියෙල කිරීම, අනුවණ පුද්ගලයන් දුරලීම, නුවණැති පුද්ගලයන් ඇසුරු කිරීම, ගැඹුරු ඥානචර්යාව සිහිකිරීම හා එහිම යෙදීම යනුයි. එහි පරිපුච්ඡකතා (විමසීම) යනු ස්කන්‍ධ ධාතු ආයතන ඉන්‍ද්‍රිය බල බොජ්ක්‍ධඞ්ග, මග්ගඞ්ගක්‍ධාන සමථ විපස්සනා යන මොවුන් පිළිබඳ අර්‍ත්‍ථසන්නිශ්‍රිත විචාරීමෙහි බහුලතාවයි.

වත්‍ථුවිසදකිරියාති අජ‍්ඣත‍්තිකබාහිරානං වත්‍ථූනං විසදභාවකරණං. යදා හිස‍්ස කෙසනඛලොමා දීඝා හොන‍්ති, සරීරං වා උප‍්පන‍්නදොසඤ‍්චෙව සෙදමලමක‍්ඛිතඤ‍්ච, තදා අජ‍්ඣත‍්තිකං වත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. යදා පන චීවරං ජිණ‍්ණං කිලිට‍්ඨං දුග‍්ගන්‍ධං වා හොති, සෙනාසනං වා උක‍්ලාපං, තදා බාහිරං වත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. තස‍්මා කෙසාදිච‍්ඡෙදනෙන උද‍්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි සරීරසල‍්ලහුකභාවකරණෙන උච‍්ඡාදනනහාපනෙන ච අජ‍්ඣත‍්තිකවත්‍ථු විසදං කාතබ‍්බං. සූචිකම‍්මධොවනරජනපරිභණ‍්ඩකරණාදීහි බාහිරවත්‍ථු විසදං කාතබ‍්බං. එතස‍්මිඤ‍්හි අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි අවිසදෙ උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි අවිසදං හොති අපරිසුද‍්ධං අපරිසුද‍්ධානි දීපකපල‍්ලවට‍්ටිතෙලාදීනි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. විසදෙ පන අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි විසදං හොති පරිසුද‍්ධානි දීපකපල‍්ලවට‍්ටිතෙලාදීනි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. තෙන වුත‍්තං – “වත්‍ථුවිසදකිරියා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තතී”ති.

වත්‍ථුවිසද කිරියා (වස්තුව ප්‍රකටකිරීම) යනු ආධ්‍යාත්මික බාහිර වස්තූන් ප්‍රකටබවට පත්කිරීමයි. යම් විටෙක මොහුගේ කෙස් නිය ලොම් දිග් වෙයිද ශරීරය හෝ උත්සන්නවූ දොස් ඇත්තේ දහඩිය හා අශූචියෙන් ගැවසී ගත්තේද එවිට ආධ්‍යාත්මික වස්තු අප්‍රකට වෙයි. අපිරිසිදු වෙයි. යම් විටෙක සිවුර දිරුණේ කිළිටිවූයේ දුගඳවූයේ වෙයිද සෙනසුන හෝ කුණු බැඳුනේ වේද බාහිර වස්තුව අප්‍රකට වෙයි. අපවිත්‍ර වෙයි. එහෙයින් කෙස් ආදිය කැපීමෙන් අද්ධවිරෙචන අධොවිරෙචන ආදීයෙන් සිරුර සැහැල්ලුබව ඇති කිරීමෙන් ඇඟ ඇලීම් නෑම් ආදියෙන්ද ආධ්‍යාත්මික වස්තුව ප්‍රකටකළයුතුය. පිරිසිදුකිරීම් සේදීම් පඬුපෙවීම් පිරියම්කිරීම් ආදියෙන් බාහිර වස්තුව ප්‍රකටකළයුතුය. මේ ආධ්‍යාත්මික බාහිර වස්තු අප්‍රකටවූකල්හි උපන්නාවූ චිත්ත චෛතසිකයන්හි ඥානයද අපිරිසුදුවෙයි. අපිරිසුදුවූ පහන් කබල්වට්ටි තෙල්ආදිය නිසා උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙනි. ආධ්‍යාත්මික බාහිර වස්තු ප්‍රකටකල්හි චිත්ත තෛසිකයන්හි උපන්නාවූ ඥානයද ප්‍රකටවෙයි. පිරිසුදුවෙයි. පිරිසුදුවූ පහන්කබලු වට්ටිතෙල් ආදිය නිසා උපන් පහන්සිළුවෙහි ආලෝකය මෙනි. එහෙයින්, වස්තු ප්‍රකටකිරීම ධම්මවිචය සම්බොධ්‍යංගයාගේ ඉපදීම සඳහා පවතීයයි කියනලදී.

ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා නාම සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං සමභාවකරණං. සචෙ හිස‍්ස සද‍්ධින්‍ද්‍රියං බලවං හොති, ඉතරානි මන්‍දානි, තතො වීරියින්‍ද්‍රියං පග‍්ගහකිච‍්චං, සතින්‍ද්‍රියං උපට‍්ඨානකිච‍්චං, සමාධින්‍ද්‍රියං අවික‍්ඛෙපකිච‍්චං, පඤ‍්ඤින්‍ද්‍රියං දස‍්සනකිච‍්චං කාතුං න සක‍්කොති. තස‍්මා තං ධම‍්මසභාවපච‍්චවෙක‍්ඛණෙන වා, යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකාරෙන හාපෙතබ‍්බං. වක‍්කලිත්‍ථෙරවත්‍ථු චෙත්‍ථ නිදස‍්සනං. සචෙ පන වීරියින්‍ද්‍රියං බලවං හොති, අථ නෙව සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛකිච‍්චං කාතුං සක‍්කොති, න ඉතරානි ඉතරකිච‍්චභෙදං. තස‍්මා තං පස‍්සද‍්ධාදිභාවනාය හාපෙතබ‍්බං. තත්‍රාපි සොණත්‍ථෙරස‍්ස වත්‍ථු දස‍්සෙතබ‍්බං. එවං සෙසෙසුපි එකස‍්ස බලවභාවෙ සති ඉතරෙසං අත‍්තනො කිච‍්චෙසු අසමත්‍ථතා වෙදිතබ‍්බා.

ඉන්‍ද්‍රිය සමතාව පිළියෙල කිරීම නම් ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් සමභාවයට ගැනීමයි. ඉදින් ඔහුගේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය බලවත්වෙයිද අනෙක් ඒවා මඳ වේද එයින් වීර්ය ඉන්‍ද්‍රි දැඩිව ගැනීමේ කෘත්‍යයද ස්මෘති ඉන්‍ද්‍රි වැටහීමේ කෘත්‍යද සමාධි ඉන්‍ද්‍රිය නොවිසිර සිටිමේ කෘත්‍යයද ප්‍රඥා ඉන්‍ද්‍රිය දර්‍ශන කෘත්‍යයද කිරීමට නොහැකිවෙයි. ඉතිරි ඒවා ඉතිරි කෘත්‍යයන් කිරීමටද නොහැකිවෙයි. එබැවින් ඒ ධර්‍මස්වභාවය මෙනෙහි කිරීමෙන් හෝ යම්සේ මෙනෙහි කිරීමෙන් බලවත්වූ දෙයක් වේද එය එසේ මෙනෙහි නොකිරීමෙන් හෝ අඩුකළ යුතුය. වක්කලී ස්ථවිර වස්තුව මෙහිලා නිදර්‍ශනයයි. ඉදින් වීර්‍ය්‍ය ඉන්‍ද්‍රි බලවත්වෙයි නම් එවිට ශ්‍රද්ධාඉන්‍ද්‍රිය අධිමොක්‍ෂ (සිතේ ස්ථිරත්වය) කෘත්‍යය කිරීමට අසමත්වෙයි. සෙසු ඒවා සෙසු කෘත්‍ය භේදයන් කිරීමට අසමත්වෙයි. එහෙයින් එය පස්සද්ධිභාවනාවෙන් අඩුකළ යුතුයි. එහිද සොණ තෙරුන්ගේ කථාවස්තුව දැක්විය යුතුයි. මෙසේ අන්තන්හිද එකක බලවත්බව ඇතිකල්හි ඉතිරිවා තමන්ගේ කෘත්‍යයන්ගේ අසමත් වනබව දතයුතුය.

විසෙසතො පනෙත්‍ථ සද‍්ධාපඤ‍්ඤානං සමාධිවීරියානඤ‍්ච සමතං පසංසන‍්ති. බලවසද‍්ධො හි මන්‍දපඤ‍්ඤො මුධප‍්පසන‍්නො හොති, අවත්‍ථුම‍්හි පසීදති. බලවපඤ‍්ඤො මන්‍දසද‍්ධො කෙරාටිකපක‍්ඛං භජති, භෙසජ‍්ජසමුට‍්ඨිතො විය රොගො අතෙකිච‍්ඡො හොති. චිත‍්තුප‍්පාදමත‍්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්‍වා දානාදීනි අකරොන‍්තො නිරයෙ උප‍්පජ‍්ජති. උභින‍්නං සමතාය වත්‍ථුස‍්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්‍දවීරියං සමාධිස‍්ස කොසජ‍්ජපක‍්ඛත‍්තා කොසජ‍්ජං අභිභවති. බලවවීරියං මන්‍දසමාධිං වීරියස‍්ස උද‍්ධච‍්චපක‍්ඛත‍්තා උද‍්ධච‍්චං අභිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ‍්ජෙ පතිතුං න ලභති, වීරියං සමාධිනා සංයොජිතං උද‍්ධච‍්චෙ පතිතුං න ලභති. තස‍්මා තං උභයං සමං කත‍්තබ‍්බං. උභයසමතාය හි අප‍්පනා හොති.

මෙහිලා විශේෂ වශයෙන් ශ්‍රද්ධා ප්‍රඥාවන්ගේද සමාධි වීර්යයන්ගේද සමතාව පසසත්. බලවත් ශ්‍රද්ධාව ඇති මඳනුවණැත්තේ මෝඩ පැහැදීම් ඇත්තෙකි. නොසුදුසු වස්තුවෙහි පහදියි. බලවත් ප්‍රඥා ඇති මඳ සැදැහැ ඇත්තේ කෛරාටික පක්‍ෂය ඇසුරුකරයි. බෙහෙතින් හටගත් රෝගයක් මෙන් අසාධ්‍යවෙයි. සිත ඉපදවීම් මාත්‍රයකින්ම කුශලය වේයයි අතිධාවනය කොට දානාදිය නොකරන්නේ නිරයෙහි උපදියි. දෙකම සමව ඇති කල්හි (සුදුසු) වස්තුයෙහිම පහදියි. අඩුවීර්‍ය්‍යය ඇති බලවත් සමාධිය සමාධියේ කුසීත පක්‍ෂතාවෙන් කුසීත බව බලවත්කරයි. අඩු සමාධිය ඇති බලවත් වීර්යය විර්යයේ උද්ධච්ච පක්‍ෂතාවෙන් උද්ධච්චය බලවත්කරයි. සමාධිය වීර්යයෙන් එක්වූයේ කුසීතබවෙහි නොවැටෙයි. වීර්යය සමාධියෙන් එක්වූයේ උද්ධච්ච බවෙහි නොවැටෙයි. එබැවින් ඒ දෙක සමකළයුතුය. දෙකෙහි සමබවින් අර්පණාවවෙයි.

අපිච සමාධිකම‍්මිකස‍්ස බලවතීපි සද‍්ධා වට‍්ටති. එවඤ‍්හි සද‍්දහන‍්තො ඔකප‍්පෙන‍්තො අප‍්පනං පාපුණිස‍්සති. සමාධිපඤ‍්ඤාසු පන සමාධිකම‍්මිකස‍්ස එකග‍්ගතා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො අප‍්පනං පාපුණාති. විපස‍්සනාකම‍්මිකස‍්ස පඤ‍්ඤා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො ලක‍්ඛණපටිවෙධං පාපුණාති. උභින‍්නං පන සමතායපි අප‍්පනා හොතියෙව. සති පන සබ‍්බත්‍ථ බලවතී වට‍්ටති. සති හි චිත‍්තං උද‍්ධච‍්චපක‍්ඛිකානං සද‍්ධාවීරියපඤ‍්ඤානං වසෙන උද‍්ධච‍්චපාතතො කොසජ‍්ජපක‍්ඛිකෙන ච සමාධිනා කොසජ‍්ජපාතතො රක‍්ඛති. තස‍්මා සා ලොණධූපනං විය සබ‍්බබ්‍යඤ‍්ජනෙසු, සබ‍්බකම‍්මිකො අමච‍්චො විය ච සබ‍්බරාජකිච‍්චෙසු, සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බා. තෙනාහ – “සති ච පන සබ‍්බත්‍ථිකා වුත‍්තා (සං· නි· 5.234) භගවතා. කිං කාරණා? චිත‍්තඤ‍්හි සතිපටිසරණං, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා ච සති, න විනා සතියා චිත‍්තස‍්ස පග‍්ගහනිග‍්ගහො හොතී”ති.

තවද සමාධි භාවනාව කරන්නාගේ බලවත්වූද ශ්‍රද්ධාව වටී. මෙසේ අදහමින් සිතතහවුරු කරන්නෙ අර්පණාවට පැමිණෙයි. සමාධි ප්‍රඥාවන් අතුරෙන් සමාධිය කරන්නාගේ එකඟබව වටියි. මෙසේ හෙතෙම අර්පණාවට පැමිණෙයි. විදර්‍ශනාව කරන්නාගේ බලවත් ප්‍රඥාව වටියි. මෙසේ හෙතෙම (ත්‍රි) ලක්‍ෂණ අවබෝධයට පැමිණෙයි. දෙකේම සමතාවෙන්ද අර්පණාව වේමය. සියලු තන්හි සතිය බලවත්වන්නේ වටියි. සතිය වනාහි සිත උද්ධච්චයට පක්‍ෂපාතීවූ ශ්‍රද්ධාවීර්ය ප්‍රඥාවන්ගේ වශයෙන් උද්ධච්ඡයට වැටීමෙන්ද කුසීත බවට පක්‍ෂවූ සමාධියෙන් කුසිතබවට වැටීමෙන්ද රකියි. එබැවින් ඒ සතිය සියලු ව්‍යංජනයන්හි ලුණු දැමීමක් මෙන්ද සියලු රාජකාර්‍ය්‍යයන්හි සියලු කටයුතුවල නිරත අමාත්‍යයකු මෙන්ද සියලුතන්හි කැමතිවිය යුතුය. එහෙයින් කියනලදී: ‘සතිය වනාහි සියලුතන්හි අර්‍ත්‍ථයයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලදී. කුමක් හෙයින්ද යත්? සිත සතිය පිළිසරණකොට ඇත්තේය. සතිය ආරක්‍ෂාව, වැටහීමකොට ඇත්තේය. සතියෙන් තොරව සිතේ දැඩි කිරීම හා යටපත් කිරීම නොවෙයි’ යනුවෙනි.

දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා නාම ඛන්‍ධාදිභෙදෙසු අනොගාළ‍්හපඤ‍්ඤානං දුම‍්මෙධපුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා නාම සමපඤ‍්ඤාසලක‍්ඛණපරිග‍්ගාහිකාය උදයබ‍්බයපඤ‍්ඤාය සමන‍්නාගතපුග‍්ගලසෙවනා. ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා නාම ගම‍්භීරෙසු ඛන්‍ධාදීසු පවත‍්තාය ගම‍්භීරපඤ‍්ඤාය පභෙදපච‍්චවෙක‍්ඛණා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි සත‍්තහි කාරණෙහි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

අනුවණ පුද්ගලයන් දුරලීම නම් ස්කන්‍ධාදී භේදයන්හි නොබැසගත් ප්‍රඥාව ඇති නුනුවණ පුද්ගලයන් දුරින් දුරුකිරීමයි. පැනවත් පුද්ගලයන් ඇසුරුකිරීම නම් සම පණස් ලක්‍ෂණ විමසන්නාවූ උදයව්‍යය ප්‍රඥාවෙන් යුක්තවූ පුද්ගලයන් ඇසුරුකිරිමයි. ගැඹුරුඥානචර්යාව මෙනෙහිකිරීම නම්: ගැඹුරුවූ ස්කන්‍ධාදියෙහි පවතින ගැඹුරු ප්‍රඥාවෙන් ප්‍රභේදයන් මෙනෙහි කිරීමයි. එහි යෙදී සිටීම නම් සිටීම් හිඳීම් ආදියෙහි ධම්මවිචය සම්බොජක්‍ධංය නංවාලනු සඳහා නැඹුරුවූ යොමුවූ නතුවූ සිතැති බවයි. එබැවින් ආදිකර්මික කුලපුත්‍ර තෙමේ මේ කරුණු සතින් ධම්මවිචය සම්බෝධංගය නඟා සිටුවා එයම ධුරය කොට සිත ඇලීම පිහිටුවා අනුක්‍රමයෙන් රහත්බව ගනියි. හෙතෙම අර්හත්මාර්‍ගය දක්වා ධම්මවිචය සම්බොජ්ක්‍ධංගය වඩයි නම්වේ. ඵලය පැමිණි කල්හි වැඩුවේ නම් වෙයි.

එකාදස ධම‍්මා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – අපායභයපච‍්චවෙක‍්ඛණතා, ආනිසංසදස‍්සාවිතා, ගමනවීථිපච‍්චවෙක‍්ඛණතා, පිණ‍්ඩපාතාපචායනතා, දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, සබ්‍රහ‍්මචාරිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, කුසීතපුග‍්ගලපරිවජ‍්ජනතා, ආරද‍්ධවීරියපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති.

විරිය සම්බොජක්‍ධංගයේ ඉපදීම සඳහා එකොළොස් ධර්‍ම කෙනෙක් පවතිත්: අපායභය පච්චචෙක්‍ඛනතා (අපායබිය මෙනෙහි කිරීම), ආනිසංසදස්සාවිතා (අනුසස් දක්නා බව), ගමනවීථි පච්චවෙක්‍ඛනතා (ගමන්මග මෙනෙහි කිරීම), පිණ්ඩපාතාපචායනතා (පිණ්ඩාහාරයට ගරු කිරීම) දායජ්ජමහත්තපච්ච වෙක්‍ඛනතා (දායාදමහත්වය සැලකීම), සත්‍ථුමහත්තපච්චවෙක්‍ඛනතා (ශාසතෘමහත්වය සැලකීම) ජාතිමහත්තපච්චවෙක්‍ඛනතා (ජාතිමහත්වය සැලකීම). සබ්‍රහ්මචාරිමහත්තපච්ච වෙක්‍ඛනතා (සබ්‍රහමචාරිමහත්වය සැලකීම), කුසීතපුග්ගල පරිවජ්ජනතා (කුසීතපුද්ගලයන් දුරලීම), ආරද්ධවිරිය පුග්ගල සෙවනතා (පටන්ගත් වීර්ය ඇති පුද්ගලයින් ඇසුරු කිරිම), තදධිමුත්තතා (එහි නියැලී සිටීම) යන මේවායි.

තත්‍ථ “නිරයෙසු පඤ‍්චවිධබන්‍ධනකම‍්මකරණතො පට‍්ඨාය මහාදුක‍්ඛං අනුභවනකාලෙපි, තිරච‍්ඡානයොනියං ජාලක‍්ඛිපකුමිනාදීහි ගහිතකාලෙපි, පාජනකණ‍්ටකාදිප‍්පහාරතුන‍්නස‍්ස පන සකටවහනාදිකාලෙපි, පෙත‍්තිවිසයෙ අනෙකානිපි වස‍්සසහස‍්සානි එකං බුද‍්ධන‍්තරම‍්පි ඛුප‍්පිපාසාහි ආතුරීභූතකාලෙපි, කාලකඤ‍්ජිකඅසුරෙසු සට‍්ඨිහත්‍ථඅසීතිහත්‍ථප‍්පමාණෙන අට‍්ඨිචම‍්මමත‍්තෙනෙව අත‍්තභාවෙන වාතාතපාදිදුක‍්ඛානුභවනකාලෙපි න සක‍්කා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං උප‍්පාදෙතුං. අයමෙව තෙ භික‍්ඛු කාලො”ති එවං අපායභයං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති.

එහි, නිරයන්හි පස් ආකාර බන්‍ධන කර්‍ම කිරීමේ පටන් මහදුකක් විදින කල්හිද තිරිසන් යෝනියෙහි දැල්, උගුල් කෙම් ආදියෙහි ගන්නාලද කල්හිද කෙවිටි කටු ආදී පහරින් විදන ලද්දහුගේ ගැල් ඇදීම් ආදි කල්හිද ප්‍රෙතවිෂයෙහි නොයෙක් වසර දහස්ගණන් එක් බුද්ධාන්තරයකුදු සාපිසාදියෙන් මැඩුණු කල්හිද, කාලකඤජක අසුරයන් අතුරෙහි සැටරියන් අසුරියන් පමණවූ අටසම්පමණක්මවූ ආතමභාවයෙන් අවුසුළං ආදී දුක් විඳින කල්හිද වීර්ය සම්බොජක්‍ධංගය උපදවීමට නොහැකිය. භිකෂුව මේ ඔබට සුදුසු කාලයමයයි මෙසේ අපායභය සලකන්නහුටද වීර්ය සම්බොජක්‍ධංගය උපදියි

“න සක‍්කා කුසීතෙන නව ලොකුත‍්තරධම‍්මා ලද‍්ධුං, ආරද‍්ධවීරියෙනෙව සක‍්කා, අයමානිසංසො වීරියස‍්සා”ති එවං ආනිසංසදස‍්සාවිනොපි උප‍්පජ‍්ජති. “සබ‍්බබුද‍්ධපච‍්චෙකබුද‍්ධමහාසාවකෙහි ගතමග‍්ගොව ගන‍්තබ‍්බො, සො ච න සක‍්කා කුසීතෙන ගන‍්තු”න‍්ති එවං ගමනවීථිං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති.

කුසීන තැනැත්තකු විසින් නවලෝකොත්තර ධර්‍මය ලැබීමට නොහැකිය. පටන්ගත් වීර්යය ඇත්තහු විසින්ම ලැබිය හැකිය. මෙය වීර්යයේ ආනිසංසයයි මෙසේ ආනිසං දකින්නාටද උපදියි. බුදු පසේබුදු මහසව්වන් විසින් ගිය මගම යායුතුය. කුසීතයකු විසින් එයද යාමට නොහැකියයි මෙසේ ගමන් මග සලකන්නාටද උපදියි.

“යෙ තං පිණ‍්ඩපාතාදීහි උපට‍්ඨහන‍්ති, ඉමෙ තෙ මනුස‍්සා නෙව ඤාතකා, න දාසකම‍්මකරා, නාපි තං නිස‍්සාය ජීවිස‍්සාමාති තෙ පණීතානි පිණ‍්ඩපාතාදීනි දෙන‍්ති. අථ ඛො අත‍්තනො කාරානං මහප‍්ඵලතං පච‍්චාසීසමානා දෙන‍්ති. සත්‍ථාරාපි ‘අයං ඉමෙ පච‍්චයෙ පරිභුඤ‍්ජිත්‍වා කායදළ‍්හීබහුලො සුඛං විහරිස‍්සතී’ති න එවං සම‍්පස‍්සතා තුය‍්හං පච‍්චයා අනුඤ‍්ඤාතා, අථ ඛො ‘අයං ඉමෙ පරිභුඤ‍්ජමානො සමණධම‍්මං කත්‍වා වට‍්ටදුක‍්ඛතො මුච‍්චිස‍්සතී’ති තෙ පච‍්චයා අනුඤ‍්ඤාතා. සො දානි ත්‍වං කුසීතො විහරන‍්තො න තං පිණ‍්ඩපාතං අපචායිස‍්සසි. ආරද‍්ධවීරියස‍්සෙව හි පිණ‍්ඩාපචායනං නාම හොතී”ති එවං පිණ‍්ඩපාතාපචායනං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති මහාමිත‍්තත්‍ථෙරස‍්ස විය පිණ‍්ඩපාතියතිස‍්සත්‍ථෙරස‍්ස විය ච.

යමෙක් ඔහුට පිණ්ඩපාතාදියෙන් උවටැන් කරත්ද, ඒ මින්ස්සු ඔහුගේ ඥතීහු නොවෙත්, දැසිකම්කරුවෝ නොවෙත්, ඔහු නිසා ජීවත් වෙමුයි ඔහුට ප්‍රණීතවූ පිණ්ඩපාතාදිය නොදෙති. ඉක්බිති තමන් උදෙසා මහත්ඵලබවක් බලාපොරොත්තු වෙමින් දෙත් ශාස්තෘන්වහන්සේ විසින්ද මෙතෙම මේ ප්‍රත්‍යයන් අනුභවකොට කායශක්ති බහුලව සුවසේ වෙසෙන්නේයයි මෙසේ බලමින් නුඹලාට ප්‍රත්‍යය නොඅනුදන්නාලදී. මෙතෙම මේ ප්‍රත්‍යයන් වළඳමින් මහණදම් කොට සසරදුකින් මිදෙන්නේයයි නුඹලාට ප්‍රත්‍යය අනුදන්නා ලදී. ඒ ඔබ දැන් කුසීතව වසමින් ඒ පිණ්ඩාහාරයට ගරු නොකරන්නෙහි. අරඹූ වීර්‍ය්‍යය ඇත්තහුටම පිණ්ඩාහාරයට ගරුකිරීම නම් වෙයි. මෙසේ පිණ්ඩාහාරයට ගරුකිරීම මෙනෙහි කරන්නාටම උපදියි මහාමිත්ත තෙරුන්ගේද පිණ්ඩපාතිය තිස්ස තෙරුන්ගේද මෙනි.

මහාමිත‍්තත්‍ථෙරො කිර කස‍්සකලෙණෙ නාම පටිවසති. තස‍්ස ච ගොචරගාමෙ එකා මහාඋපාසිකා ථෙරං පුත‍්තං කත්‍වා පටිජග‍්ගති. සා එකදිවසං අරඤ‍්ඤං ගච‍්ඡන‍්තී ධීතරං ආහ – “අම‍්ම, අසුකස‍්මිං ඨානෙ පුරාණතණ‍්ඩුලා, අසුකස‍්මිං ඛීරං, අසුකස‍්මිං සප‍්පි, අසුකස‍්මිං ඵාණිතං, තව භාතිකස‍්ස අය්‍යමිත‍්තස‍්ස ආගතකාලෙ භත‍්තං පචිත්‍වා ඛීරසප‍්පිඵාණිතෙහි සද‍්ධිං දෙහි, දත්‍වා ත්‍වඤ‍්ච භුඤ‍්ජෙය්‍යාසි. අහං පන හිය්‍යො පක‍්කං පාරිවාසිකභත‍්තං කඤ‍්ජියෙන භුත‍්තම‍්හී”ති. දිවා කිං භුඤ‍්ජිස‍්සසි, අම‍්මාති? සාකපණ‍්ණං පක‍්ඛිපිත්‍වා කණතණ‍්ඩුලෙහි අම‍්බිලයාගුං පචිත්‍වා ඨපෙහි, අම‍්මාති.

මහාමිත්ත තෙරුන්ගේද පිණ්ඩපාතිය තිස්ස තෙරුන්ගේද මෙනි. මහාමිත්ත තෙරණුවෝ කස්සක නම් ලෙනෙහි වෙසෙති. ඔහුගේ ගොදුරු ගමෙහි එක් උවැසියක් තෙරුන් පුතුන්කොට පිළිදැඟුම් කරයි. ඕතොමෝ දිනක් අරණට යන්නී දියණියට, ‘දියණියනි, අසුවල් තන්හි පැරණි සහල්ද අසුවල් තන්හි කිරිද අසුවල් තන්හි ගිතෙල්ද අසුවල් තන්හි පැණිද ඇත. ඔබගේ සොහොයුරු ආර්ය මිත්ත පැමිණිකල්හි බත් පිස කිරිගිතෙල් පැණි සමඟ දෙව. නුඹද අනුභව කරව. මම ඊයේ පිසූ හීල්බත් කැඳ සමඟ අනුභව කෙළෙමි’යි කීවාය. ‘මෑණියනි, දහවලට කුමක් අනුභව කරන්නෙහිදැ’යි දියණිය ඇසුවය. පළාවර්‍ග පිස සුන්සහලින් ඇඹුල් කැඳක් පිස තබන්න දියණිය’යි මව කීවාය.

ථෙරො චීවරං පාරුපිත්‍වා පත‍්තං නීහරන‍්තොව තං සද‍්දං සුත්‍වා අත‍්තානං ඔවදි – “මහාඋපාසිකා කිර කඤ‍්ජියෙන පාරිවාසිකභත‍්තං භුඤ‍්ජි, දිවාපි කණපණ‍්ණම‍්බිලයාගුං භුඤ‍්ජිස‍්සති, තුය‍්හං අත්‍ථාය පන පුරාණතණ‍්ඩුලාදීනි ආචික‍්ඛති. තං නිස‍්සාය ඛො පනෙසා නෙව ඛෙත‍්තං න වත්‍ථුං න භත‍්තං න වත්‍ථං පච‍්චාසීසති, තිස‍්සො පන සම‍්පත‍්තියො පත්‍ථයමානා දෙති. ත්‍වං එතිස‍්සා තා සම‍්පත‍්තියො දාතුං සක‍්ඛිස‍්සසි, න සක‍්ඛිස‍්සසීති, අයං ඛො පන පිණ‍්ඩපාතො තයා සරාගෙන සදොසෙන සමොහෙන න සක‍්කා ගණ‍්හිතු”න‍්ති පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා ගණ‍්ඨිකං මුඤ‍්චිත්‍වා නිවත‍්තිත්‍වා කස‍්සකලෙණමෙව ගන‍්ත්‍වා පත‍්තං හෙට‍්ඨාමඤ‍්චෙ, චීවරඤ‍්ච චීවරවංසෙ ඨපෙත්‍වා, “අරහත‍්තං අපාපුණිත්‍වා න නික‍්ඛමිස‍්සාමී”ති වීරියං අධිට‍්ඨහිත්‍වා නිසීදි. දීඝරත‍්තං අප‍්පමත‍්තො හුත්‍වා නිවුත්‍ථභික‍්ඛු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පුරෙභත‍්තමෙව අරහත‍්තං පත්‍වා විකසමානමිව පදුමං මහාඛීණාසවො සිතං කරොන‍්තොව නික‍්ඛමි. ලෙණද‍්වාරෙ රුක‍්ඛම‍්හි අධිවත්‍ථා දෙවතා –

තෙරුණුවෝ සිවුරු පොරවා පාත්‍රය (අතට) ගන්නාහුම ඒ හඬ අසා අසා තමන්ට අවවාද දුන්හ: ‘මහ උවැසිය වනාහි කැඳ සමඟ හීල්බත් කෑවාය දහවල් ද සුන්සහල් කොළ ඇඹුල් මුසු බතක් අනුභව කරන්නීය. නුම සඳහා පැරණි සහල් ආදිය ගැන කියයි. ඒ සඳහා මොතොමෝ කෙත් වත් බත් හා ඇඳුම් බලාපොරොත්තු නොවෙයි. ත්‍රිවිධ සම්පත් ප්‍රාර්‍ත්‍ථනාකරමින් දෙයි. නුඹ මැයට ඒ සම්පත් දීමට හැක්කෙහිද නොහැක්කෙහිද?’ යනුවෙනි. මේ පිණ්ඩපාතය නුඹ විසින් රාගසහිතව දේවෂ සහිතව මොහ සහිතව ගැනීමට නොහැකියයි පාත්‍රය පසුම්බියෙහි බහා ගැටඔටුව මුදු ආපසු හැරී කස්සක ලෙණටම ගොස් පාත්‍රයා ඇඳයටද සිවුර සිවුරුවැටෙහිද තබා රහත්බවට නොපැමිණ නොනික්මෙමැයි විර්යය අදිටන්කොට හුන්හ. දිගුකලක් අප්‍රමාදීව විසූ භික්‍ෂූන්වහන්සේ විදර්‍ශනා වඩා පෙරබතෙහිම රහත්බවට පත්ව පිපෙන පියුමක් මෙන් මහරහත්ව සිනහවක් පහළ කරමින්ම නික්මුණුසේක. ලෙන්දොර අධිගෘහීත දේවතාවා:

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; යස‍්ස තෙ ආසවා ඛීණා, දක‍්ඛිණෙය්‍යොසි මාරිසා”ති. –

‘ශ්‍රෙෂ්ඨ පුරුෂය ඔබට නමස්කාර වේවා! පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා! පින්වත, ඔබගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූවාහුද ඔබ දක්‍ෂිණාවට සුදුස්සෙක්වූවෙහිය’යි

උදානං උදානෙත්‍වා, “භන‍්තෙ, පිණ‍්ඩාය පවිට‍්ඨානං තුම‍්හාදිසානං අරහන‍්තානං භික‍්ඛං දත්‍වා මහල‍්ලකිත්‍ථියො දුක‍්ඛා මුච‍්චිස‍්සන‍්තී”ති ආහ. ථෙරො උට‍්ඨහිත්‍වා ද‍්වාරං විවරිත්‍වා කාලං ඔලොකෙන‍්තො “පාතොයෙවා”ති ඤත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං පාවිසි.

උදන් අනන්නී ‘ස්වාමීනි, පිඬු පිවිසි ඔබ වැනි රහතන්වහන්සේලාට භික්‍ෂාවදී මහලු ස්ත්‍රීහු දුකින් මිදෙතියි කීවාය. තෙරණුවෝ නැඟිට දොර හැර කල්බලන්නාහු උදෑසනමයයි දැන පාසිවුරු ගෙන ගමට පිවිසුනහ.

දාරිකාපි භත‍්තං සම‍්පාදෙත්‍වා “ඉදානි මෙ භාතා ආගමිස‍්සති, ඉදානි මෙ භාතා ආගමිස‍්සතී”ති ද‍්වාරං ඔලොකයමානා නිසීදි. සා ථෙරෙ ඝරද‍්වාරං සම‍්පත‍්තෙ පත‍්තං ගහෙත්‍වා සප‍්පිඵාණිතයොජිතස‍්ස ඛීරපිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා හත්‍ථෙ ඨපෙසි. ථෙරො “සුඛං හොතූ”ති අනුමොදනං කත්‍වා පක‍්කාමි. සාපි තං ඔලොකයමානාව අට‍්ඨාසි. ථෙරස‍්ස හි තදා අතිවිය පරිසුද‍්ධො ඡවිවණ‍්ණො අහොසි, විප‍්පසන‍්නානි ඉන්‍ද්‍රියානි, මුඛං බන්‍ධනා පවුත‍්තතාලපක‍්කං විය අතිවිය විරොචිත්‍ථ.

දැරියද බත් පිළියෙළ කොට දැන් මගේ සොහොයුරා එන්නේය, දැන් එන්නේයයි දොරටුව බලමින් හුන්නාය. ඕතොමෝ තෙරුන් ගෙදොරට සපැමිණි කල්හි පාත්‍රය ගෙන ගිතෙල් පැණි යෙදූ කිරිපිඩුඅහර පුරවා අතෙහි තැබුවාය. තෙරණුවෝ සුවපත්වේවායි අනුමෙවෙනි වදාරා වැඩියහ. ඕතොමෝත් උන්වහන්සේ දෙස බලමින් සිටියාය. එදින තෙරුන්වහන්සේගේ සමේ පැහැය බෙහෙවින් පිවිතුරුවූයේ විය. පසන් ඉඳුරෝවූහ. මුහුණ නටුවෙන් මිදුණු තල් ගෙඩියක් මෙන් අතිශයින්ම බැබලීය.

මහාඋපාසිකා අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා “කිං, අම‍්ම, භාතිකො තෙ ආගතො”ති පුච‍්ඡි. සා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. උපාසිකා “අජ‍්ජ මෙ පුත‍්තස‍්ස පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්ත”න‍්ති ඤත්‍වා “අභිරමති තෙ, අම‍්ම, භාතා බුද‍්ධසාසනෙ, න උක‍්කණ‍්ඨතී”ති ආහ.

මහඋවැසිය, වනයෙන් අවුත් ‘කිම දරුව? ඔබගේ සොහොයුරා අවේදැයි ඇසුවාය. ඕතොමෝ සියලු පවත් සැළකළාය. උවැසිය අද මපුතණුවන්ගේ පැවිදි කිස මුදුන් පැමිණියේයයි දැන දරුව ඔබගේ සොහොයුරා බුදු සසුනෙහි ඇලෙයි. උකටලී නොවෙයි කීවාය.

පිණ‍්ඩපාතිකතිස‍්සත්‍ථෙරවත්‍ථු පන එවං වෙදිතබ‍්බං – මහාගාමෙ කිර එකො දලිද‍්දපුරිසො දාරුවික‍්කයෙන ජීවිකං කප‍්පෙති. සො තෙනෙව කාරණෙන නාමං ලභිත්‍වා දාරුභණ‍්ඩකමහාතිස‍්සො නාම ජාතො. සො එකදිවසං අත‍්තනො භරියං ආහ – “කිං අම‍්හාකං ජීවිතං නාම, සත්‍ථාරා දළිද‍්දදානස‍්ස මහප‍්ඵලභාවො කථිතො, මයඤ‍්ච නිබද‍්ධං දාතුං න සක‍්කොම, පක‍්ඛිකභත‍්තමත‍්තං දත්‍වා පුන උප‍්පන‍්නං සලාකභත‍්තම‍්පි දස‍්සාමා”ති. සා “සාධු සාමී”ති සම‍්පටිච‍්ඡිත්‍වා පුනදිවසෙ යථාලාභෙන පක‍්ඛිකභත‍්තං අදාසි. භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච පච‍්චයෙහි නිප‍්පරිස‍්සයකාලො හොති, දහරසාමණෙරා පණීතභොජනානි භුඤ‍්ජිත්‍වා “අයං ලූඛාහාරො”ති තෙසං පක‍්ඛිකභත‍්තං ගහිතමත‍්තකමෙව කත්‍වා තෙසං පස‍්සන‍්තානංයෙව ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති.

පිණ්ඩපාතික තෙරුන්ගේ කථාවස්තුව මෙසේ දතයුතුය: මාගම එක් දිළිඳු පුරුෂයෙක් දැව විකිණීමෙන් දිවි ගෙවයි. හෙතෙම එකරුනින්ම නම ලබා දාරුභණ්ඩක මහා තිස්ස නම් වූයේය. හෙතෙම එක් දිනක් තම බිරියට ‘අපගේ ජීවිතය නම් කිමෙක්ද? ශාස්තාන්වහන්සේ විසින් දිළිඳු දානයේ මහත්ඵල භාවය කියනලදී. අපිත් නිබඳව දීමට නොහැක්කෝ වෙමු. වාරබතක් පමණක්දී යළි ඇතිකල්හි ලහබතක්ද දෙන්නෙමු’යි කීවේය. ඒ මැනවි ස්වාමිනියි පිළිගෙන දෙවැනි දිනයෙහි ලැබුනු පරිද්දෙන් වාරබතක් දුන්නාය. බික්සඟනටද ප්‍රත්‍යයන්ගෙන් නොඅඩු කලක් විය. කුඩා සාමණේරවරු ප්‍රණීත භෝජන වළඳා මේ රළු අහරකැයි ඔවුන්ගේ වාරබත ගත් පමණින්ම ඔවුන් බලාසිටියදීම ඉවත දමා යති.

සා ඉත්‍ථී තං දිස‍්වා සාමිකස‍්ස කථෙසි, “මයා දින‍්නං ඡඩ‍්ඩෙන‍්තී”ති න පන විප‍්පටිසාරිනී අහොසි. තස‍්සා සාමිකො ආහ – “මයං දුග‍්ගතභාවෙන අය්‍යානං සුඛෙන පරිභුඤ‍්ජාපෙතුං නාසක‍්ඛිම‍්හ. කිං නු ඛො කත්‍වා අය්‍යානං මනං ගහෙතුං සක‍්ඛිස‍්සාමා”ති? අථස‍්ස භරියා ආහ – “කිං වදෙසි, සාමි, සපුත‍්තකා දුග‍්ගතා නාම නත්‍ථීති අයං තෙ ධීතා, ඉමං එකස‍්මිං කුලෙ ඨපෙත්‍වා ද‍්වාදස කහාපණෙ ගණ‍්හිත්‍වා එකං ඛීරධෙනුං ආහර, අය්‍යානං ඛීරසලාකභත‍්තං දස‍්සාම, එවං තෙසං චිත‍්තං ගණ‍්හිතුං සක‍්ඛිස‍්සාමා”ති. සො සාධූති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකාසි. තෙසං පුඤ‍්ඤෙන සා ධෙනු සායං තීණි මාණිකානි, පාතො තීණි මාණිකානි ඛීරං දෙති. සායං ලද‍්ධං දධිං කත්‍වා පුනදිවසෙ තතො ගහිතනවනීතෙන සප‍්පිං කත්‍වා සසප‍්පිපරිසෙකං ඛීරසලාකභත‍්තං දෙන‍්ති. තතො පට‍්ඨාය තස‍්ස ගෙහෙ සලාකභත‍්තං පුඤ‍්ඤවන‍්තාව ලභන‍්ති.

ඒ ස්ත්‍රිය එය දැක සැමියාට මාදුන් දෙය ඉවතදමතියි කීවාය. එතෙකුදුවුවත් විපිළිසර නොවූවාය. ඇයගේ සැමියා මෙසේ කීවේය. ‘අපි දිළිඳු බවින් ආර්‍ය්‍යයන්ට සුවසේ වළඳවන්නට නොහැක්කම්හ. කුමක්නම්කොට ආර්‍ය්‍යයන්ගේ සිත ගැනීමට හැක්කමෝද?’ ඉක්බිති ඔහුට බිරිඳ මෙසේ කීවාය: කුමක් කියහිද? දරුවන් සහිතවූ දිළින්දෝ නම් ඇත්ද? මෝ ඔබේ දුවයි. මැය එක් කුලයක තබා කහවණු දොළසක් ගෙන එක් කිරිදෙනක් ගෙනෙනු මැනව. ආර්‍ය්‍යවරුන්ට කිරිසලාක බතක් දෙන්නෙමු. මෙසේ ඔවුන්ගේ සිත ගැනීමට හැකි වන්නෙමු.’ හෙතෙම මැනවයි පිළිගෙන එසේ කළේය. ඔවුන්ගේ පිනෙන් ඒ දෙන සවස මාණික (දොණසතර) තුනක්ද උදය මාණික තුනක්ද කිරි දෙයි. සවස ලැබූ කිරි දී බවට පමුණුවා දෙවන දිනයෙහි එයින් ගත් නවතීත (වෙඩරු) වලින් ගිතෙල්කොට ගිතෙල් මුසු කිරිසලාක බතක් දෙයි එතැන්පටන් ඔහුගේ ගෙහි ලහබත පින්වත්තුම ලබති.

සො එකදිවසං භරියං ආහ – “මයං ධීතු අත්‍ථිතාය ලජ‍්ජිතබ‍්බතො ච මුත‍්තා, ගෙහෙ ච නො භත‍්තං අය්‍යානං පරිභොගාරහං ජාතං. ත්‍වං යාව අහං ආගච‍්ඡාමි, තාව ඉමස‍්මිං කල්‍යාණවත‍්තෙ මා පමජ‍්ජි. අහං කිඤ‍්චිදෙව කත්‍වා ධීතරං මොචෙස‍්සාමී”ති. සො එකං පදෙසං ගන‍්ත්‍වා උච‍්ඡුයන‍්තකම‍්මං කත්‍වා ඡහි මාසෙහි ද‍්වාදස කහාපණෙ ලභිත්‍වා “අලං එත‍්තකං මම ධීතු මොචනත්‍ථායා”ති තෙ කහාපණෙ දුස‍්සන‍්තෙ බන්‍ධිත්‍වා “ගෙහං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි.

හෙතෙතම එක් දිනෙක බිරියට, අපි දුව ඇති බැවින් ලජ්ජාවිය යුතු බවින් මිදුනෙමු. අපගේ ගෙහිද ආර්‍ය්‍යයන්ගේ පරිභෝගයට සුදුසු බත්ද හට ගැණින. මා එන තෙක් මේ යහපත් ක්‍රියාමාර්ගයෙහි පමා නොවව. මම යම් කිසිවක්කොට දියණිය මුදාගන්නෙමි’යි කීවේය. හෙතෙම එක් පෙදෙසකට ගොස් උක් ඇඹරුම් හලක වැඩකොට සමසකින් කහවණු දෙළසක් ලැබ මගේ දුව මුදා ගැනීම සඳහා මෙපමණක් ඇතැයි ඒ කහවණු දසරුවෙහි බැඳ ගෙදර යමැයි මගට පිළිපන්නේය.

තස‍්මිං සමයෙ අම‍්බරියමහාවිහාරවාසී පිණ‍්ඩපාතියතිස‍්සත්‍ථෙරො “තිස‍්සමහාවිහාරං ගන‍්ත්‍වා චෙතියං වන්‍දිස‍්සාමී”ති අත‍්තනො වසනට‍්ඨානතො මහාගාමං ගච‍්ඡන‍්තො තමෙව මග‍්ගං පටිපජ‍්ජි. සො උපාසකො ථෙරං දූරතොව දිස‍්වා “එකකොව අගන‍්ත්‍වා ඉමිනා අය්‍යෙන සද‍්ධිං එකං ධම‍්මකථං සුණන‍්තො ගමිස‍්සාමි. සීලවන‍්තො හි සබ‍්බකාලං දුල‍්ලභා”ති වෙගෙන ථෙරං සම‍්පාපුණිත්‍වා අභිවාදෙත්‍වා සද‍්ධිං ගච‍්ඡන‍්තො වෙලාය උපකට‍්ඨාය චින‍්තෙසි – “මය‍්හං හත්‍ථෙ පුටකභත‍්තං නත්‍ථි, අය්‍යස‍්ස ච භික‍්ඛාකාලො සම‍්පත‍්තො, අයඤ‍්ච මෙ පරිබ‍්බයො හත්‍ථෙ අත්‍ථි, එකං ගාමද‍්වාරං පත‍්තකාලෙ අය්‍යස‍්ස පිණ‍්ඩපාතං දස‍්සාමී”ති.

එසමයෙහි අම්බරියවිහාරවාසී පිණ්ඩපාතිය තිස්ස තෙරණුවෝ තිස්ස මහා විහාරයට ගොස් සෑය වඳින්නෙමැයි තමන් වසන තැනින් මහගමට වඩින්නාහු ඒ මගටම පිළිපන්හ. ඒ උවසුතෙමේ තෙරුන් දුරදීම දැක තනිව නොගොස් මේ ආර්‍ය්‍යයන්වහන්සේ සමඟ එක් ධර්‍මකථාවක් අසමින් යන්නෙමි. සිල්වතුන් නම් හැම කල්හිම ලැබීම අමාරුයයි ඉක්මණින් තෙරුන් වෙතට පැමිණ වැඳ සමඟ යන්නේ (වළඳන) වේලාව ළං වූවිට, මෙසේ සිතුවේය: ‘මගේ අතේ බත්මුලක් නැත. ආර්‍ය්‍යයන්වහන්සේගේද භික්‍ෂා කාලය සපැමිණියේය. මාගේ මේ වියදම් මුදලද අතේ ඇත. එක් ගම්දොරකට පැමිණි කල ආර්‍ය්‍යයන්වහ්නසේට පිණ්ඩපාතය දෙමි’

තස‍්සෙවං චිත‍්තෙ උප‍්පන‍්නමත‍්තෙයෙව එකො පුටකභත‍්තං ගහෙත්‍වා තං ඨානං සම‍්පත‍්තො. උපාසකො තං දිස‍්වා, “භන‍්තෙ, ථොකං ආගමෙථා”ති වත්‍වා තං උපසඞ‍්කමිත්‍වා ආහ – “කහාපණං තෙ, භො පුරිස, දම‍්මි, තං මෙ පුටකභත‍්තං දෙහී”ති. සො චින‍්තෙසි – “ඉමං භත‍්තං ඉමස‍්මිං කාලෙ මාසකම‍්පි න අග‍්ඝති, අයඤ‍්ච මය‍්හං එකවාරෙනෙව කහාපණං දෙති, භවිස‍්සතෙත්‍ථ කාරණ”න‍්ති චින‍්තෙත්‍වා “නාහං කහාපණෙන දෙමී”ති ආහ. එවං සන‍්තෙ ද‍්වෙ ගණ‍්හ, තීණි ගණ‍්හාති ඉමිනා නියාමෙන සබ‍්බෙපි තෙ කහාපණෙ දාතුකාමො ජාතො. ඉතරො “අඤ‍්ඤෙපිස‍්ස අත්‍ථී”ති සඤ‍්ඤාය “න දෙමි”ච‍්චෙව ආහ. අථ නං සො ආහ – “සචෙ මෙ, භො, අඤ‍්ඤෙපි අස‍්සු, තෙපි දදෙය්‍යං. න ඛො පනාහං අත‍්තනො අත්‍ථාය ගණ‍්හාමි, එතස‍්මිං මෙ රුක‍්ඛමූලෙ එකො අය්‍යො නිසීදාපිතො, තුය‍්හම‍්පි කුසලං භවිස‍්සති, දෙහි මෙ භත‍්ත”න‍්ති. තෙන හි, භො, ගණ‍්හ, ආහර තෙ කහාපණෙති කහාපණෙ ගහෙත්‍වා පුටකභත‍්තං අදාසි. උපාසකො භත‍්තං ගහෙත්‍වා හත්‍ථෙ ධොවිත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා “පත‍්තං නීහරථ, භන‍්තෙ”ති ආහ. ථෙරො පත‍්තං නීහරිත්‍වා උපඩ‍්ඪභත‍්තෙ දින‍්නෙ පත‍්තං පිදහි. උපාසකො ආහ – “අයං, භන‍්තෙ, එකස‍්සෙව පටිවිසො, න සක‍්කා මයා ඉතො භුඤ‍්ජිතුං. තුම‍්හාකංයෙව මෙ අත්‍ථාය ඉමං පරියෙසිත්‍වා ලද‍්ධං, ගණ‍්හථ නං මං අනුකම‍්පං උපාදායා”ති. ථෙරො “අත්‍ථි එත්‍ථ කාරණ”න‍්ති ගහෙත්‍වා සබ‍්බං පරිභුඤ‍්ජි. උපාසකො ධමකරණෙන පානීයං පරිස‍්සාවෙත්‍වා අදාසි. තතො නිට‍්ඨිතභත‍්තකිච‍්චෙ ථෙරෙ උභොපි මග‍්ගං පටිපජ‍්ජිංසු.

ඔහුට මෙසේ සිත උපන් කෙණෙහි එක් පුද්ගලයෙක් බත්මුලක් ගෙන එතැනට පැමිණියේය. උවසු තෙමේ ඔහු දැක ස්වාමීනි, බලාපොරොත්තු වන්නැයි පවසා ඒ පුද්ගලයා වෙතට ගොස් ‘පින්වත් පුරුෂය, ඔබට කහවණුවක් දෙමි මට මේ බත්මුල දෙව’යි කීවේය. හෙතෙම මේ බත මෙකල මාසකයකයකුදු නොවටියි. මෙතෙමේත් මට එකවරින්ම කහවණුවක් දෙයි. මෙහි කුමන හෝ කරුණක් ඇතැයි සිතුවේය. සිතා මම කහවණුවකට නොදෙමියි කීවේය. එසේ නම් දෙකක් ගනුව, තුනක් ගනුවයි මේ ක්‍රමයෙන් සියලුම කහවණු ඔහුට දෙනු කැමැත්තේ විය. ඒ පුද්ගලයා මොහුට වෙනත් කහවණුද ඇතැයි හැඟීමෙන් නොදෙමැයි කීවේය. එවිට උපාසක තෙමේ ඔහුට මෙසේ කීය. ‘පින්වත, ඉදින් මට තවත් ඇත්නම් ඒවාද දෙන්නෙමි. මම මෙය මා සඳහා නොගනිමි. මවිසින් මේ ගසමුල එක් ආර්‍ය්‍යයන්වහන්සේ නමක් හිඳුවනලදසේක. මට බත්මුල දෙන්න. නුඹටද පින් සිදු වන්නේය.’ ‘පින්වත, එසේ නම් ගන්න. ඔබගේ කහවණු ගෙනෙව’යි කහවණු ගෙන බත්මුල දුන්නේය. උවසුතෙමේ බත ගෙන අත දොවා තෙරුන් වෙත එළඹ ස්වාමීනි, පාත්‍රය එළවනු මැනවැයි කීවේය. තෙරුන්වහන්සේ පාත්‍රය එළවා බත් අඩක් දුන් කල්හි අත වැසූහ. උවසු තෙමේ, ‘ස්වාමීනි, මේ එකම කොටසකි. මෙයින් මට අනුභව කිරීමට නොහැක. මවිසින් නුඹවහන්සේම උදෙසා සොයා ලබනලද්දකි. මෙය මට අනුකම්පා උපදවා ගනුමැනවැ’යි කීවේය. තෙරණුවෝ මෙහි යම් කරුනක් ඇතැයි ගෙන සියල්ල වැළඳූහ. උවසුතෙමේ පෙරහනින් දිය පෙරා දුන්නේය. ඉක්බිති තෙරුන්වහන‍්සේ බත්කිස නිමවූකල්හි දෙදෙනාමමගට පිළිපන්හ.

ථෙරො උපාසකං පුච‍්ඡි – “කෙන කාරණෙන ත්‍වං න භුඤ‍්ජසී”ති. සො අත‍්තනො ගමනාගමනවිධානං සබ‍්බං කථෙසි. ථෙරො තං සුත්‍වා සංවෙගප‍්පත‍්තො චින‍්තෙසි – “දුක‍්කරං උපාසකෙන කතං, මයා පන එවරූපං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා එතස‍්ස කතඤ‍්ඤුනා භවිතබ‍්බං. සප‍්පායසෙනාසනං ලභිත්‍වා තත්‍ථෙව ඡවිමංසලොහිතෙසු සුක‍්ඛන‍්තෙසුපි නිසින‍්නපල‍්ලඞ‍්කෙනෙව අරහත‍්තං අප‍්පත්‍වා න උට‍්ඨහිස‍්සාමී”ති. සො තිස‍්සමහාවිහාරං ගන‍්ත්‍වා ආගන‍්තුකවත‍්තං කත්‍වා අත‍්තනො පත‍්තසෙනාසනං පවිසිත්‍වා පච‍්චත්‍ථරණං අත්‍ථරිත්‍වා තත්‍ථ නිසින‍්නො අත‍්තනො මූලකම‍්මට‍්ඨානමෙව ගණ‍්හි. සො තාය රත‍්තියා ඔභාසමත‍්තම‍්පි නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. පුනදිවසතො පට‍්ඨාය භික‍්ඛාචාරපලිබොධං ඡින්‍දිත්‍වා තදෙව කම‍්මට‍්ඨානං අනුලොමපටිලොමං විපස‍්සි. එතෙනුපායෙන විපස‍්සන‍්තො සත‍්තමෙ අරුණෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා චින‍්තෙසි – “අතිවිය මෙ කිලන‍්තං සරීරං, කිං නු ඛො මෙ ජීවිතං චිරං පවත‍්තිස‍්සති, න පවත‍්තිස‍්සතී”ති. අථස‍්ස අප‍්පවත‍්තනභාවං දිස‍්වා සෙනාසනං පටිසාමෙත්‍වා පත‍්තචීවරමාදාය විහාරමජ‍්ඣං ගන‍්ත්‍වා භෙරිං පහරාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙසි.

තෙරුන්වහන්සේ ‘කුමන කරුණක් නිසා නුඹ අනුභව නෞකෙළෙහිදැයි ඇසූහ. හෙතෙම තමන්ගේ සියලු ගමනාගමන විධානය කීවේය තෙරණුවෝ එය අසා සංවේගයට පත්වූවාහු උවසුවා විසින් අමාරු වැඩක් කරනලදී. මවිසින් මෙබඳුවූ පිණ්ඩපාතයක් වළඳා මොහුට කෙළෙහි ගුණ දන්නකු වියයුතුය. සුදුසු සෙනසුනක් ලැබ එහිම සම් මස් ලේ වියලීගියද හුන් පළඟින්ම රහත්බවට නොපැමිණ නොනැගිටිමැ’යි සිතූහ. උන්වහන්සේ තිස්සමහා විහාරයට වැඩමවා ආගන්තුකවත් කොට තමාට ලැබුණු සෙනසුනට පිවිස පසුතුරුන අතුරා එහි වැඩ හුන්නාහු මූලකර්‍මස්තානයම ගත්හ. හෙතෙම එම රාත්‍රියෙහි ආලෝක මාත්‍රයකුදු ඉපදවීමට නොහැකි වූයේය. දෙවැනි දිනයෙහි පටන් භික්‍ෂාචාර බාධකයන් සිඳ එම කර්‍මස්ථානයම අනුලෝම පටිලෝම වශයෙන් බැලීය. මේ ක්‍රමයෙන් විදර්‍ශනා වඩන්නේ සත්වැනි අරුණෙහි පටිසම්භිදාවන් සමඟ රහත්බවට පැමිණ, ‘මගේ ශරීරය අතිශයින්ම ක්ලාන්තය. කිම මගේ ආයුසංස්කාරය බොහෝ කල් පවතීද නැත්දැය සිතුවේය. ඉක්බිති නොපවතින බව දැන සෙනසුන සකස්කොටබා පාසිවුරු ගෙන විහාරයමැදට ගොස් බෙරය හඬවා බික්සඟන රුස්කරවූයේ ය.

සඞ‍්ඝත්‍ථෙරො “කෙන භික‍්ඛුනාසඞ‍්ඝො සන‍්නිපාතිතො”ති පුච‍්ඡි. මයා, භන‍්තෙති. කිමත්‍ථං සප‍්පුරිසාති. භන‍්තෙ, අඤ‍්ඤං කම‍්මං නත්‍ථි, යෙසං පන මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, තෙ මං පුච‍්ඡන‍්තූති. සප‍්පුරිස තාදිසා නාම භික‍්ඛූ අසන‍්තං ගුණං න කථෙන‍්ති, අම‍්හාකං එත්‍ථ කඞ‍්ඛා නත්‍ථි. කිං පන තෙ සංවෙගකාරණං අහොසි, කිං පච‍්චයං කත්‍වා අරහත‍්තං නිබ‍්බත‍්තන‍්ති. භන‍්තෙ, ඉමස‍්මිං මහාගාමෙ වල‍්ලියවීථියං දාරුභණ‍්ඩකමහාතිස‍්සො නාම උපාසකො අත‍්තනො ධීතරං බහි ඨපෙත්‍වා ද‍්වාදස කහාපණෙ ගණ‍්හිත්‍වා තෙහි එකං ඛීරධෙනුං ගහෙත්‍වා සඞ‍්ඝස‍්ස ඛීරභත‍්තසලාකං පට‍්ඨපෙසි, සො “ධීතරං මොචෙස‍්සාමී”ති ඡ මාසෙ යන‍්තසාලාය භතිං කත්‍වා ද‍්වාදස කහාපණෙ ලභිත්‍වා “ධීතරං මොචෙස‍්සාමී”ති අත‍්තනො ගෙහං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ මං දිස‍්වා භික‍්ඛාචාරවෙලාය සබ‍්බෙපි තෙ කහාපණෙ දත්‍වා පුටකභත‍්තං ගණ‍්හිත්‍වා සබ‍්බං මය‍්හං අදාසි. අහං තං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා ඉධාගන‍්ත්‍වා සප‍්පායසෙනාසනං ලභිත්‍වා “පිණ‍්ඩාපචායනකම‍්මං කරිස‍්සාමී”ති විසෙසං නිබ‍්බත‍්තෙසිං, භන‍්තෙති. තං ඨානං සම‍්පත‍්තා චතස‍්සොපි පරිසා ථෙරස‍්ස සාධුකාරං අදංසු. සකභාවෙන සණ‍්ඨාතුං සමත්‍ථො නාම නාහොසි. ථෙරො සඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිත්‍වා කථෙන‍්තො කථෙන‍්තොව “මය‍්හං කූටාගාරං දාරුභණ‍්ඩකමහාතිස‍්සස‍්ස හත්‍ථෙන ඵුට‍්ඨකාලෙයෙව චලතූ”ති අධිට‍්ඨාය අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

සංඝස්ථවිර ‘කවුරුන් බික්සඟන රුස්කරවූයේ දැ’යි පිළිවිසූහ. ‘ස්වාමීනි, මවිසිනැ’යි කීවේය. ‘සත්පුරුෂය, කුමක් සඳහාද?’ ‘ස්වාමීනි, වෙනත් වැඩක් නැත. යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද ඔවුහු මා විමසත්වා’යි කීවේය. ‘සත්පුරුෂය, කුමක් සඳහාද?’ ‘ස්වාමීනි, වෙනත් වැඩක් නැත. යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද ඔවුහු මා විමසත්වා’යි කීවේය. ‘සත්පුරුෂය, ඔබ වැනි භික්‍ෂුහු නොපවත්නා ගුණයක් නොකියත්. අපට මෙහි සැකයක් නැත. ඔබගේ සංවෙග කාරණය කුමක්වීද? කුමක් ප්‍රත්‍යකොට රහත්බව ඉපදවීදැ’යි අසූහ. ‘සුවාමීනි. මේ මාගම වල්ලිය වීථියෙහි දාරුභණ්ඩක මහාතිස්ස නම් උපාසක තෙමේ තමන්ගේ දියණිය පිටත තබා දොළොස් කහවණුවක් ගෙන ඒවායින් කිරි දෙනක් ගෙන සංඝයාට කිරි සලාක බතක් පිහිටවූයේය. හෙමෙ දියණිය මුදා ගන්නෙමැයි සමසක් යන්ත්‍ර ශාලාවක බැළකොට දොළොස් කහවණුවක් ලැබ දුව මුදාගනිමැයි තමාගේ ගෙදර යන්නේ අතරමගදී මා දැක පිඬු හැසිරෙන වේලෙහි ඔහුගේ සියලු කහවණුදි බත්මුලක් ගෙන සියල්ල මට දුන්නේය. මම ඒ පිණ්ඩපාතය වළඳා මෙහි අවුත් සුදුසු සෙනසුනක් ලැබ පිණ්ඩපාතයට සැලකීමේ කර්‍මය කරමැයි විශේෂයක් ඉපදවූයෙමි ස්වාමීනි’යි කීවේය. එතැනට සැපැමිණි සිවු පිරිසම තෙරුන්ට සාධුකාර දුන්නාහුය. ස්වකීය ස්වභාවයෙන් සිටින්නට සමතෙක් නම් නොවූයේය. තෙරණුවෝ සඟමැද හිඳ කථා කරමින්ම මගේ කුළුගෙය (සිරුර බහා තැබූ දෙන) දාරුභණ්ඩක මහාතිස්සගේ අතින් පැහැසූ කෙණෙහිම සෙලෙවේවායි අදිටන් කොට අනුපාදිසෙස නිවනින් පිරිනිවන් පෑහ.

කාකවණ‍්ණතිස‍්සමහාරාජා “එකො කිර ථෙරො පරිනිබ‍්බුතො”ති සුත්‍වා විහාරං ගන‍්ත්‍වා සක‍්කාරසම‍්මානං කත්‍වා කූටාගාරං සජ‍්ජෙත්‍වා ථෙරං තත්‍ථ ආරොපෙත්‍වා “ඉදානි චිතකට‍්ඨානං ගමිස‍්සාමා”ති උක‍්ඛිපන‍්තො චාලෙතුං නාසක‍්ඛි. රාජා භික‍්ඛුසඞ‍්ඝං පුච‍්ඡි – “අත්‍ථි, භන‍්තෙ, ථෙරෙන කිඤ‍්චි කථිත”න‍්ති. භික‍්ඛූ ථෙරෙන කථිතවිධානං ආචික‍්ඛිංසු. රාජා තං උපාසකං පක‍්කොසාපෙත්‍වා “තයා ඉතො සත‍්තදිවසමත්‍ථකෙ කස‍්සචි මග‍්ගපටිපන‍්නස‍්ස භික‍්ඛුනො පුටකභත‍්තං දින‍්න”න‍්ති පුච‍්ඡි. ආම, දෙවාති. කෙන තෙ නියාමෙන දින‍්නන‍්ති? සො තං කාරණං සබ‍්බං ආරොචෙසි. අථ නං රාජා ථෙරස‍්ස කූටාගාරට‍්ඨානං පෙසෙසි – “ගච‍්ඡ තං ථෙරං සඤ‍්ජාන, සො වා අඤ‍්ඤො වා”ති. සො ගන‍්ත්‍වා සාණිං උක‍්ඛිපිත්‍වා ථෙරස‍්ස මුඛං දිස‍්වා සඤ‍්ජානිත්‍වා ද‍්වීහි හත්‍ථෙහි හදයං සන්‍ධාරෙන‍්තො රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා, “දෙව, මය‍්හං අය්‍යො”ති ආහ. අථස‍්ස රාජා මහාපසාධනං දාපෙසි. තං පසාධෙත්‍වා ආගතං “ගච‍්ඡ භාතික මහාතිස‍්ස මය‍්හං, අය්‍යාති වත්‍වා කූටාගාරං උක‍්ඛිපා”ති ආහ. උපාසකො “සාධු, දෙවා”ති ගන‍්ත්‍වා ථෙරස‍්ස පාදෙ වන්‍දිත්‍වා උභොහි හත්‍ථෙහි උක‍්ඛිපිත්‍වා අත‍්තනො මත්‍ථකෙ අකාසි. තස‍්මිංයෙව ඛණෙ කූටාගාරං ආකාසෙ උප‍්පතිත්‍වා චිතකමත්‍ථකෙ පතිට‍්ඨාසි. තස‍්මිං කාලෙ චිතකස‍්ස චතූහිපි කණ‍්ණෙහි සයමෙව අග‍්ගිජාලා උට‍්ඨහිංසූති.

කාවන්තිස් මහරජ තෙමේ එක් තෙරණුකෙනෙක් පිරිනිවන් පෑහයි අසා විහාරයට ගොස් සත්කාර සම්මානකොට කුළුගෙයක් පිළියෙළ කරවා තෙරුන් එහි තබා දැන් චිත්කස්ථානයට යම්භයි ඔසවන්නාහු සෙලවීමට නොහැකිවූහ. රජතෙමේ ‘තෙරුන් කිසිවක් කියන ලදදැ’යි බික්සඟන විමසීය. භික්‍ෂුහු තෙරුන් විසින් කියන ලද විධිය පැවසූහ. රජතෙමේ ඒ උවසුවා ගෙන්වා ‘ඔබ විසින් මෙයින් සත් දිනකට මත්තෙහි මගට පිළිපන් කිසියම් භික්‍ෂුවකට බත්මුලක් දෙන ලදදැයි ඇසීය. ‘එසේය දේවයිනි’යි පැවසීය. ‘ඔබවිසින් කවර අයුරකින් දෙන ලද්දේද?’ හෙතෙම ඒ සියලු කාරණය පැවසීය. ඉක්බිති රජතෙමේ ‘යව, හෙතෙමේද අනෙකෙක්දැයි හැඳින ගනුව’යි ඔහු කුළුගෙය තිබෙන තැනට යැවීය. හෙතෙම ගොස් තිරය ඔසවා තෙරුන්ගේ මුහුණ දැක හැඳින දෙඅතින් උරය අල්ලාගෙන රජු සමීපයට ගොස් දේවයිනි, මගේ ආර්‍ය්‍යයන්වහන්සේයයි පැවසීය. ඉක්බිති රජතෙමේ ඔහුට මහා පළඳනාවක් දෙවූයේය. සැරසී ආ ඔහුට රජතෙමේ, ‘සොහොයුරු මහාතිස්ස, යව මගේ ආර්‍ය්‍යයන් වහන්සේට වැඳ කුළුගෙය ඔසවවයි පැවසීය. උවසුතෙමේ ‘මැනව දේවයිනි’යි ගොස් තෙරුන්ගේ පාදයන් විවිර කොට දෑතින්ම ඔසවා තම හිසමත තැබීය. එකෙණෙහිම කුළුගෙය අහසට නැඟී සෑය මත්තෙහි පිහිටියේය. එවේලෙහි සෑයේ සිවු කොණින්ම ගිනිදැල් තෙමේම නැංගේය.

“මහන‍්තං ඛො පනෙතං සත්‍ථු දායජ‍්ජං, යදිදං සත‍්ත අරියධනානි නාම, තං න සක‍්කා කුසීතෙන ගහෙතුං. යථා හි විප‍්පටිපන‍්නං පුත‍්තං මාතාපිතරො ‘අයං අම‍්හාකං අපුත‍්තො’ති පරිබාහිරං කරොන‍්ති, සො තෙසං අච‍්චයෙන දායජ‍්ජං න ලභති, එවං කුසීතොපි ඉදං අරියධනදායජ‍්ජං න ලභති, ආරද‍්ධවීරියොව ලභතී”ති දායජ‍්ජමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

යම් මේ සප්ත ආර්‍ය්‍ය ධනයක් වේද ඒ මේ ශාස්තෘ දායාදය ඉතා මහත්ය. එය කුසීතයකු විසින් ගත නොහැකිය යම්සේ මව්පියෝ නොමඟට පත් පුතකු මේ අපේ පුතෙක් නොවේයයි පිට කරත්ද හෙතෙම ඔවුන්ගේ ඇවෑමෙන් දායාද නොලබයිද එසේ කුසීතයාද මේ ආර්‍ය්‍යධන දායාදය නොලබයි. ඇරඹූ විර්‍ය්‍ය ඇත්තාම ලබන්නේයයි දායාද මහත්වය සැලකීමෙන්ද උපදියි.

“මහා ඛො පන තෙ සත්‍ථා. සත්‍ථුනො හි තෙ මාතුකුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගහණකාලෙපි, අභිනික‍්ඛමනෙපි, අභිසම‍්බොධියම‍්පි, ධම‍්මචක‍්කප‍්පවත‍්තනයමකපාටිහාරියදෙවොරොහනආයුසඞ‍්ඛාරවොස‍්සජ‍්ජනෙසුපි, පරිනිබ‍්බානකාලෙපි දසසහස‍්සිලොකධාතු කම‍්පිත්‍ථ. යුත‍්තං නු තෙ එවරූපස‍්ස සත්‍ථුනො සාසනෙ පබ‍්බජිත්‍වා කුසීතෙන භවිතු”න‍්ති එවං සත්‍ථුමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ඔබගේ ශාස්තෘවරයා ශ්‍රේෂ්ඨය. ඔබගේ ශාස්තෘවරයා මව්කුස පිළිසිඳ ගන්නා කාලයෙහිද අභිනිෂ්ක්‍රමණයෙහිදීද බුද්ධත්වයේදීද දම්සක් පැවතුම් යමා මහ පෙළහර දේවාරොහන ආයුසංස්කාර හරණ යන අවස්ථාවන්හිද පිරිනිවන් පානා කල්හිද දසදහසක් ලෝකධාතුව කම්පාවූයේය. එබඳුවූ ශාස්තෘශාසනයෙහි පැවිදිව කුසීතයකු වීමට ඔබට සුදුසුදැයි මෙසේ ශාස්තෘමහත්වය සැලකීමෙන්ද උපදියි.

“ජාතියාපි ත්‍වං ඉදානි න ලාමකජාතිකො, අසම‍්භින‍්නාය මහාසම‍්මතපවෙණියා ආගතඔක‍්කාකරාජවංසෙ ජාතොසි, සුද‍්ධොදනමහාරාජස‍්ස ච මහාමායාදෙවියා ච නත‍්තා, රාහුලභද‍්දස‍්ස කනිට‍්ඨො, තයා නාම එවරූපෙන ජිනපුත‍්තෙන හුත්‍වා න යුත‍්තං කුසීතෙන විහරිතු”න‍්ති එවං ජාතිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ජාතියෙන්ද ඔබ දැන් පහත් ජාතිකයෙක් නොවෙහි. නොබිඳුණු මහා සම්මත පරපුරෙන් ආ ඔක්කාක රාජවංශයෙහි උපන්නෙහි. සුද්ධොදන මහරජුගේත් මහාමහායා දේවියගේත් මුණුබුරුවූ රාහුල භද්‍රයන්ගේ කනිෂ්ඨයෙහි. ඔබ එවැනි ජින පුත්‍රයකුවී කුසීතයකුව විසීමට නොසුදුසුයයි මෙසේ ජාතිමහත්වය සැලකීමෙන්ද උපදියි.

“සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා චෙව අසීති මහාසාවකා ච වීරියෙනෙව ලොකුත‍්තරධම‍්මං පටිවිජ‍්ඣිංසු, ත්‍වං එතෙසං සබ්‍රහ‍්මචාරීනං මග‍්ගං පටිපජ‍්ජසි, න පටිපජ‍්ජසී”ති එවං සබ්‍රහ‍්මචාරිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා මෙන්ම අසූ මහ සව්වෝද විර්යයෙන්ම ලෝකෝත්තර ධර්‍මයන් අවබෝධ කළාහුය. නුඹ ඒ සබ්‍රම්සරුන්ගේ මගට පිළිපන්නෙහිද නොපිළිපන්නෙහිදැයි මෙසේ සබ්‍රහ්මචාරි මහත්වය සැලකීනේද උපදියි.

කුච‍්ඡිං පූරෙත්‍වා ඨිතඅජගරසදිසෙ විස‍්සට‍්ඨකායිකචෙතසිකවීරියෙ කුසීතපුග‍්ගලෙ පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ පුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු විරියුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි එකාදසහි කාරණෙහි වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

කුසපුරා සිටි පිඹුරකුසේ අත්හළ කායිකචෛතසික වීර්ය ඇති කුසීත පුද්ගලයන් දුරලන්නාටද ඇරඹූ විර්ය ඇති ප්‍රධාන වීර්යයෙහි යෙදුණු පුද්ගලයන් ඇසුරු කරන්නාටද සිටීම් හිඳීම් ආදියෙහි වීර්ය ඉපදවීම සඳහා නතුවූ යොමුවූ නැඹුරුවූ සිතැත්තාටද උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත්‍ර තෙමේ මේ එකොළොස් ආකාර කරුණින් වීර්ය සම්බෝධ්‍යංගය නංවා එයම ධුරය කොට සිත නිරත කොට අනුක්‍රමයෙන් රහත්බව ගනියි. හෙතෙම රහත් මග දක්වා වීරිය සම්බොජක්‍ධඞගය වඩයි නමි. ඵලය පැමිණි කල වඩන ලද්දේ නම් වෙයි.

එකාදස ධම‍්මා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – බුද‍්ධානුස‍්සති, ධම‍්මසඞ‍්ඝසීලචාගදෙවතානුස‍්සති උපසමානුස‍්සති, ලූඛපුග‍්ගලපරිවජ‍්ජනතා, සිනිද‍්ධපුග‍්ගලසෙවනතා, පසාදනීයසුත‍්තන‍්තපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති.

එකොළොස් ධර්‍ම කෙනෙක් පීති සම්බෝජක්‍ධංගයාගේ ඉපදීම සඳහා පවතිත්. බුද්ධානුස්සතිය, ධම්ම සංඝ සීල චාග දෙවතා අනුස්සති, උපසමානුස්සතිය, රළු පුද්ගලයන් දුරලීම, මෘදු පුද්ගලයන් ඇසුරු කිරීම, ප්‍රසාදය ඇති කරවන සූත්‍රාන්තයන් මෙනෙහි කිරීම එහිම නියුක්ත වීම යනුවෙනි.

බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි හි යාව උපචාරා සකලසරීරං ඵරමානො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, ධම‍්මසඞ‍්ඝගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි, දීඝරත‍්තං අඛණ‍්ඩං කත්‍වා රක‍්ඛිතං චතුපාරිසුද‍්ධිසීලං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනො දසසීලං පඤ‍්චසීලං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, දුබ‍්භික‍්ඛභයාදීසු පණීතභොජනං සබ්‍රහ‍්මචාරීනං දත්‍වා “එවංනාම අදම‍්හා”ති චාගං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනොපි එවරූපෙ කාලෙ සීලවන‍්තානං දින‍්නදානං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, යෙහි ගුණෙහි සමන‍්නාගතා දෙවත‍්තං පත‍්තා, තථාරූපානං ගුණානං අත‍්තනි අත්‍ථිතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, සමාපත‍්තියා වික‍්ඛම‍්භිතෙ කිලෙසා සට‍්ඨිපි සත‍්තතිපි වස‍්සානි න සමුදාචරන‍්තීති පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, චෙතියදස‍්සනබොධිදස‍්සනථෙරදස‍්සනෙසු අසක‍්කච‍්චකිරියාය සංසූචිතලූඛභාවෙ බුද‍්ධාදීසු පසාදසිනෙහාභාවෙන ගද්‍රභපිට‍්ඨෙ රජසදිසෙ ලූඛපුග‍්ගලෙ පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, බුද‍්ධාදීසු පසාදබහුලෙ මුදුචිත‍්තෙ සිනිද‍්ධපුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි, රතනත‍්තයගුණපරිදීපකෙ පසාදනීයසුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පීතිඋප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි එකාදසහි කාරණෙහි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

බුදුගුණයෙන් සිහි කරන්නාටද උපචාරය තෙක් සියල් සිරුරෙහි පැතිරෙමින් පීති සමාබොජක්‍ධඞ්ගය උපදියි. දහම් සඟුන් ගුණ සිහි කරන්නාටද බොහෝ කලක් නොකඩ කොට රක්නාලද සතර සංවරසීලය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාටද දසසිල් පන්සිල් සිහිකරන ගිහියාටද දුර්භික්‍ෂභායාදියෙහි සබ්‍රම්සරුන්ට මෙබඳු නම් ප්‍රණීත භෝජනයක් දුනිමියි ත්‍යාගය සිහි කරන්නාටද එබඳු කල්හි සිල්වතුන්ට දෙනලද දානය සිහිපත් කරන ගිහියාටද යම් ගුණයන්ගෙන් යුක්තවූවාහු දේවත්වයට පැමිණියාහුද එබඳු ගුණයන් තමන් වෙත ඇති බව සිහිපත් කරන්නාටද සමවතින් කෙලෙසුන් මැඩපැවැත්වූකල්හි අවුරුදු සැටක්ද සැත්තෑවක්ද නොපවතිතැයි සිහි කරන්නාටද චෛත්‍ය දර්‍ශන බෝධිදර්‍ශන ස්ථවිරදර්‍ශනයන්හිදී නොසකස් ක්‍රියාවෙන් ප්‍රකට කළ රළුබව ඇති, බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදවත්බවක් සෙනෙහවත්බවක් නොමැති කමින් කොටළුවකු පිටෙහි දූවිලි මෙන් වූ රළු පුද්ගලයන් දුරලන්නාටද බුද්ධාදීන් කෙරෙහි පැහැදීම් බහුලවූ මෙලෙක් සිතැති සිනිඳු පුද්ගලයන් ඇසුරු කරන්නාටද රත්නත්‍රය ගුන ප්‍රකටවන පැහැඳීම් ඇතිකරවන සුලු සූත්‍රාන්තයන් සිහි කරන්නාටද සිටීම් හිදීම් ආදියෙහි ප්‍රීතිය ඉපදවීම් සඳහා නැමුණු නතුවූ නැඹුරුවූ සිත ඇත්තාටද උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත්‍ර තෙමේ මේ එකොළොස් ආකර කරුණින් පීතිසම්බෝජක්‍ධඞ්ගය උපදවා එයම ධුරය කොට අභිනිවේශය පිහිටුවා අනුක්‍රමයෙන් රහත්බව ගනී. හෙතෙම රහත් මග දක්වා පීති සම්බෝජක්‍ධඞ්ගය වඩයි නමි. ඵලය පැමිණිකල්හි වඩන ලද්දේ නම්වෙයි.

සත‍්ත ධම‍්මා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා, ඉරියාපථසුඛසෙවනතා, මජ‍්ඣත‍්තපයොගතා, සාරද‍්ධකායපුග‍්ගලපරිවජ‍්ජනතා, පස‍්සද‍්ධකායපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති.

ධර්‍ම සතක් පස්සද්ධි සම්බෝජක්‍ධංගය ඉපදීම සඳහා පවතියි. ප්‍රණීත භෝජන සේවනය කරනබව, සෘතු සුඛසේවනය කරනබව, ඉරියව් සුවය සෙව්නා බව, මැදහත් ප්‍රයෝග ඇතිබව, දාහසහිත පුද්ගලයන් දුරලන බව, සන්සුන් කාය සහිත පුද්ගලයන් ඇසුරු කරනබව, එහිම නිරතවීම යනුවෙනි. ප්

පණීතඤ‍්හි සිනිද‍්ධං සප‍්පායභොජනං භුඤ‍්ජන‍්තස‍්සාපි, සීතුණ‍්හෙසු ච උතූසු ඨානාදීසු ච ඉරියාපථෙසු සප‍්පායඋතුඤ‍්ච ඉරියාපථඤ‍්ච සෙවන‍්තස‍්සාපි පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති. යො පන මහාපුරිසජාතිකො සබ‍්බඋතුඉරියාපථක‍්ඛමො හොති, න තං සන්‍ධායෙතං වුත‍්තං. යස‍්ස සභාගවිසභාගතා අත්‍ථි, තස‍්සෙව විසභාගෙ උතුඉරියාපථෙ වජ‍්ජෙත්‍වා සභාගෙ සෙවන‍්තස‍්ස උප‍්පජ‍්ජති. මජ‍්ඣත‍්තපයොගො වුච‍්චති අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතපච‍්චවෙක‍්ඛණා. ඉමිනා මජ‍්ඣත‍්තපයොගෙන උප‍්පජ‍්ජති. යො ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පරං විහෙඨයමානො විචරති, එවරූපං සාරද‍්ධකායං පුග‍්ගලං පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, සංයතපාදපාණිං පස‍්සද‍්ධකායං පුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පස‍්සද‍්ධිඋප‍්පාදනත්‍ථාය නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි සත‍්තහි කාරණෙහි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

රණීතවූ සිනිඳු ගැලපෙන බොජුන් වළඳන්නාටද ශීත උෂ්ණ සෘතුන්හිද සිටීම් ආදී ඉරියව් වළදීද ගැලපෙන සෘතුව, ඉරියව්ව ඇසුරු කරන්නාටද ශාන්ත බව උපදියි. යමෙක් වනාහි මහාපුරුෂ ජාතිකයෙක් වේද හෙතෙම සියලු සෘතු ඉරියව් ඉවසන්නෙක්ම වෙයි. මෙය ඔහු සඳහා නොකියනලදී. යමෙකුට අනුකූලතා හා අනනුකූලතා ඇත්ද අනනුකූල සෘතු ඉරියව් අතහැර අනුකූල සෘතු ඉරියව් ඇසුරු කරන ඔහුට උපදියි. තමන්ගේද අනුන්ගේද කරනලද කර්‍මයන් පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂාව මධ්‍යස්ථප්‍රයෝගයයි කියනුලැබේ. මේ මධ්‍යස්ථ ප්‍රයෝගයෙන්ද උපදියි. යමෙක් ගල්මුඟුරු ආදියෙන් අනුන් වෙහෙසෙමින් වෙසෙයිද මෙබඳුවූ දැඩි සිරුර ඇති පුද්ගලයන් දුරලන්නාටද උපදියි. සංවරවූ අත්පා ඇති සන්සුන් කය ඇති පුද්ගලයන් ඇසුරු කරන්නාටද උපදියි. සිටීම් හිඳීම් ආදියෙහි සන්සුන් බව උපදවන සඳහා නතුවූ යොමුවූ නැඹුරුවූ සිතැත්තාටද උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත්‍ර තෙමේ එයම ධුරය කොට අභිනිවේශය පිහිටුවා අනුකුමයෙන් රහත්බව ගනියි. හෙතෙම රහත් මග දක්වා පස්සද්ධි ස‍්ම්බොජක්‍ධඞ්ගය වඩයි නමි. ඵලය පැමිණි කල වඩනලද්දේ නම් වෙයි.

එකාදස ධම‍්මා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – වත්‍ථුවිසදකිරියතා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා, නිමිත‍්තකුසලතා, සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතා, සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනතා, සමයෙ සම‍්පහංසනතා, සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා, අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා, සමාහිතපුග‍්ගලසෙවනතා, ඣානවිමොක‍්ඛපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති. තත්‍ථ වත්‍ථුවිසදකිරියතා ච ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

එකොළොස් ධර්‍මකෙනෙක් සමාධි සම්බෝධ්‍යංගය ඉපදීම සඳහා පවතිත්. වස්තුව ප්‍රකට කරනබව, ඉන්‍ද්‍රියසමතාව සපයනබව, නිමිති ගැනීමේ කුශලතාව, සුදුසු කල්හි සි දැඩිකර ගැනීම, සුදුසු කල්හි සත යටපත් කරගැනීම, සුදුසුකල්හි සිත සතුටුකර ගැනීම, සුදුසුකල්හි මධ්‍යස්ථවීම, සමාහිත නොවූ පුද්ගලයන් දුරලීම, සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම, ධ්‍යාන විමොක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම, හා එහි නියැලී සිටීම යනුයි. එහි වස්තුව ප්‍රකටකිරීමද ඉන්‍ද්‍රි සමතාව පිළියෙල කිරීමද කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.

නිමිත‍්තකුසලතා නාම කසිණනිමිත‍්තස‍්ස උග‍්ගහකුසලතා. සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ ධම‍්මවිචයවීරියපීතිසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස පග‍්ගණ‍්හනං. සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ අච‍්චාරද‍්ධවීරියතාදීහි උද‍්ධතං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස නිග‍්ගණ‍්හනං. සමයෙ සම‍්පහංසනතාති යස‍්මිං සමයෙ චිත‍්තං පඤ‍්ඤාපයොගමන්‍දතාය වා උපසමසුඛානධිගමෙන වා නිරස‍්සාදං හොති, තස‍්මිං සමයෙ අට‍්ඨසංවෙගවත්‍ථුපච‍්චවෙක‍්ඛණෙන සංවෙජෙති. අට‍්ඨ සංවෙගවත්‍ථූනි නාම – ජාතිජරාබ්‍යාධිමරණානි චත‍්තාරි, අපායදුක‍්ඛං පඤ‍්චමං, අතීතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, අනාගතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, පච‍්චුප‍්පන‍්නෙ ආහාරපරියෙට‍්ඨිමූලකං දුක‍්ඛන‍්ති. රතනත‍්තයගුණානුස‍්සරණෙන ච පසාදං ජනෙති. අයං වුච‍්චති “සමයෙ සම‍්පහංසනතා”ති.

නිමිති ගැනීමේ කුශලතාව නම් කසිණ නිමිත්ත උද්ග්‍රහණය කිරීමේ දක්‍ෂතාවයි. සුදුසු කාලයෙහි සිත දැඩිකර ගැනීම යනු යම් විටෙක ඉතා ලිහිල් වීර්‍ය්‍යාදීන්ගෙන් සිත සැඟවුනේ වෙයි. එකල්හි ධම්මවිචයවිරිය පීති සම්බොධ්‍යංගයන් ඔසවා ගැනීමෙන් ඒ සිත දැඩි කොට ගැනීමයි. සුදුසු කාලයෙහි සිත යටපත් කරගැනීම යනු යම් විටෙක අතිශයින් ඇරඹූ වීර්ය බව ආදියෙන් සිත නොසන්සුන්වූයේ වෙයිද එවිය පස්සදධි උපෙක්‍ඛා සම්බෝධ්‍යංගයන් නැංවීමෙන් එය යටපත් කිරීමයි. සුදුසු කල්හි සිත සතුටු කරගැනීම යනු යම් විටෙක සිත ප්‍රඥාව යෙදීමේ අඩුබවින් හෝ සංසිඳීමේ සුවයට නොපැමිණීමෙන් හෝ ආස්වාද රහිතවූයේ වෙයි. එවිට සංවේග වස්තු අට සිහි කිරීමෙන් සංවේගයට පත්වෙයි. සංවේග වස්තු අට නම්: ජාති ජරා ව්‍යාධි මරණ සතරද පස්වැනිවූ අපාය දුකද අතීතයෙහි සංසාරමූලක දුකද අනාගතයෙහි සංසාරමූලක දුකද වර්‍තමානයෙහි ආහාර සෙවීම මුල්කොට ඇති දුකද යනුයි. රතනත්‍රය ගුණ සිහිකිරීමෙන්ද පැහැදීම ඇතිකරයි. මේ සුදුසුකාලයෙහි සිත සතුටු කර ගැනීමයි කියනුලැබේ.

සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා නාම යස‍්මිං සමයෙ සම‍්මාපටිපත‍්තිං ආගම‍්ම අලීනං අනුද‍්ධතං අනිරස‍්සාදං ආරම‍්මණෙ සමප‍්පවත‍්තං සමථවීථිපටිපන‍්නං චිත‍්තං හොති, තදාස‍්ස පග‍්ගහනිග‍්ගහසම‍්පහංසනෙසු න බ්‍යාපාරං ආපජ‍්ජති සාරථි විය සමප‍්පවත‍්තෙසු අස‍්සෙසු. අයං වුච‍්චති “සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා”ති. අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා නාම උපචාරං වා අප‍්පනං වා අප‍්පත‍්තානං වික‍්ඛිත‍්තචිත‍්තානං පුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. සමාහිතපුග‍්ගලසෙවනතා නාම උපචාරෙන වා අප‍්පනාය වා සමාහිතචිත‍්තානං සෙවනා භජනා පයිරුපාසනා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු සමාධිඋප‍්පාදනත්‍ථංයෙව නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. එවඤ‍්හි පටිපජ‍්ජතො එස උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි එකාදසහි කාරණෙහි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති.

සුදුසුකල්හි මධ්‍යස්ථවීම යනු යම් විටෙක සම්‍යක් ප්‍රතිපත්තියට පැමිණ යටපත් නොවූ නොසන්සුන් නොවූ ආස්වාද සහිතවූ අරමුණෙහි සමව පැවතියාවූ සමථ වීථියට පිළිපන්නාවූ සිතක්වේද? එකල්හි ඔහුට දැඩිකිරීම් යටපත් කිරීම් සතුටුවීම් ආදියෙහි ව්‍යාපාරයක් (නිරතවීමක්) නොවේ. සමව පැවති අශ්වයන් ඇතිවිට රියදුරකුට මෙනි. මෙය සුදුසු කාලයෙහි මධ්‍යස්ථාවීමයයි කියනු ලැබේ. සමාහිත නොවූ පුද්ගලයන් දුරලීම යනු උපචාරයට හෝ අර්පණාවට හෝ නොපත් විසුරුණු සිතැති පුද්ගලයන් දුරින් දුරුකිරීමයි. සමාහිත පුද්ගලයන් ඇසුරුකිරීම යනු උපචාරයෙන් හෝ අර්පණාවෙන් හෝ සන්සුන් සිතැති පුද්ගලයන් ඇසුරුකිරීමයි, එක්ව විසීමයි. එහිම නිරතව සිටීම යනු සිටීම් හිඳීම් ආදියෙහි සමාධිය උපදවීම සඳහාම නතුවූ යොමුවූ නැඹුරුවූ සිතැතිබවයි. මෙසේ පිළපදින්නාට මෙය උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත් තෙමේ මේ එකොළොස් කරුණින් සමාධිය නංවා එයම ධුරය කොට අභිනිවේශය පිහිටුවා අනුක්‍රමයෙන් රහත්බව ගනියි. හෙතෙම රහත්මග දක්වා සමාධි බොධ්‍යංගය වඩයි නම් වේ. ඵලය පැමිණිකල වඩන ලද්දේ නමි.

පඤ‍්ච ධම‍්මා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – සත‍්තමජ‍්ඣත‍්තතා, සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතා, සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතා, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. තත්‍ථ ද‍්වීහාකාරෙහි සත‍්තමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති “ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සසි, එසොපි අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සති, ත්‍වං කං කෙලායසී”ති එවං කම‍්මස‍්සකතපච‍්චවෙක‍්ඛණෙන ච, “පරමත්‍ථතො සත‍්තොයෙව නත්‍ථි, සො ත්‍වං කං කෙලායසී”ති එවං නිස‍්සත‍්තපච‍්චවෙක‍්ඛණෙන චාති. ද‍්වීහෙවාකාරෙහි සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති “ඉදං චීවරං අනුපුබ‍්බෙන වණ‍්ණවිකාරඤ‍්චෙව ජිණ‍්ණභාවඤ‍්ච උපගන‍්ත්‍වා පාදපුඤ‍්ඡනචොළකං හුත්‍වා යට‍්ඨිකොටියා ඡඩ‍්ඩනීයං භවිස‍්සති, සචෙ පනස‍්ස සාමිකො භවෙය්‍ය, නාස‍්ස එවං විනස‍්සිතුං දදෙය්‍යා”ති එවං අස‍්සාමිකභාවපච‍්චවෙක‍්ඛණෙන ච, “අනද‍්ධනියං ඉදං තාවකාලික”න‍්ති එවං තාවකාලිකභාවපච‍්චවෙක‍්ඛණෙන චාති. යථා ච චීවරෙ, එවං පත‍්තාදීසුපි යොජනා කාතබ‍්බා.

ධර්‍මපසක් උපෙක්‍ෂා සම්බෝධ්‍යංගයාගේ ඉපදීම සඳහා පවතියි. සත්‍වමධ්‍යස්ථතාව, සංස්කාර මධ්‍යස්ථතාව. සත්‍වසංස්කාරම්මත්‍වයෙන් ගත් පුද්ගලයන් දුරලීම, සත්‍වසංස්කාර කෙරෙහි මධ්‍යස්ථබව ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, සත්‍ව මධ්‍යස්ථතාව නඟා සිටුවයි. නුඹ තමන්ගේ කර්‍මයෙන් අවුත් තමන්ගේ කර්‍මයෙන්ම යන්නෙහි. මෙතෙමේත් තමාගේ කර්‍මයෙන්ම අවුත් තමාගේ කර්‍මයෙන්ම යන්නේය. නුඹ කුමක් මමත්වයෙන් ගන්නෙහිදැයි මෙසේ කරනලද කර්‍මයන් මෙනෙහිකිරීමෙන්ද පරමාර්‍ත්‍ථ වශයෙන් සත්වයෙක් නැත. ඒ ඔබ කුමක් මමායනයෙන් ගන්නෙහිදැයි මෙසේ නිස්සත්ව වශයෙන් මෙනෙහි කිරීමෙන්ද යනුවෙනි. ආකාර දෙකින් සංස්කාර මධ්‍යස්ථතාව නංවාලයි. මේ සිවුර පිළිවෙළින් පැහැය වෙනස්වීමටද දිරනබවටකද එළඹ පාපිසින රෙදිකඩක්වී සැරමිටි කෙළවරින් ඉවත්කළ යුත්තක්බවට පත්වන්නේය. ඉදින් මෙයට අයිතිකරු වන්නේ නම් එයට මෙසේ විනාශවීමට ඉඩ නොදෙන්නේය. මෙසේ අස්වාමිකබව මෙනෙහි කිරීමෙන්ද මෙය කල්නොපවතින්නකි, තාවකාලිකවූවැකැයි මෙසේ තාවකාලික බව මෙනෙහි කිරීමෙන්ද යනුයි. සිවුරෙහි යම්සේද පාත්‍රාදියෙහිද එසේ යෝජනා කළ යුතුය.

සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතාති එත්‍ථ යො පුග‍්ගලො ගිහී වා අත‍්තනො පුත‍්තධීතාදිකෙ, පබ‍්බජිතො වා අත‍්තනො අන‍්තෙවාසිකසමානුපජ‍්ඣායකාදිකෙ මමායති, සහත්‍ථෙනෙව නෙසං කෙසච‍්ඡෙදනසූචිකම‍්මචීවරධොවනරජනපත‍්තපචනාදීනි කරොති, මුහුත‍්තම‍්පි අපස‍්සන‍්තො “අසුකො සාමණෙරො කුහිං, අසුකො දහරො කුහි”න‍්ති භන‍්තමිගො විය ඉතො චිතො ච ඔලොකෙති, අඤ‍්ඤෙන කෙසච‍්ඡෙදනාදීනං අත්‍ථාය “මුහුත‍්තං තාව අසුකං පෙසෙථා”ති යාචියමානොපි “අම‍්හෙපි තං අත‍්තනො කම‍්මං න කාරෙම, තුම‍්හෙ නං ගහෙත්‍වා කිලමිස‍්සථා”ති න දෙති, අයං සත‍්තකෙලායනො නාම. යො පන චීවරපත‍්තථාලකකත‍්තරයට‍්ඨිආදීනි මමායති, අඤ‍්ඤස‍්ස හත්‍ථෙන පරාමසිතුම‍්පි න දෙති, තාවකාලිකං යාචිතො “මයම‍්පි ඉමං ධනායන‍්තා න පරිභුඤ‍්ජාම, තුම‍්හාකං කිං දස‍්සාමා”ති වදති, අයං සඞ‍්ඛාරකෙලායනො නාම.

සත්වසංස්කාර මමත්වයෙන් ගන්නා පුද්ගලයන් දුරලීම යනු යම් පුද්ගලයෙක් ගිහිවූයේ තමන්ගේ පුතුන් හා දූවරුන් ආදීන්ද පැවිදිවූයේ තමන්ගේ අතවැසි සමාන උපාද්‍යායකාදීන්ද මමත්වයෙන් ගනියි. සියතින්ම ඔවුන්ගේ කෙස් කැපීම් පිරිසිදු කිරීම් සිවුරු සේදීම් පඬුපෙවීම් පාත්‍රපිසීම් ආදිය කරයි. මොහොතකට හෝ නොදකින්නේ අසූවල් හෙරණ කොහිද අසුවල් දරුවා කොහිදැයි නැතිගත් මුවකු මෙන් ඔබිමොබ බලයි. අනෙකෙකු විසින් කෙස් කැපීම් ආදීයක් සඳහා මොහොතකට අසුවලා එවන්නැයි අයදිනු ලබන්නේද අපිද ඔහුලවා තමාගේම වැඩක්වත් නොකරවමු. නුඹලා ඔහුගෙන වෙහෙසවන්නාහුයයි නොදෙයි. මේ සත්වයන් මමත්වයෙන් ගැනීමයි. යමෙක් වනාහි සිවුරු පාත්‍ර තලි සැරයටි ආදිය මමත්වයෙන් ගිනියිද අනෙකකුගේ අතින් පැහැසීමටද නොදෙයි. කෙටිකලකට ඉල්වන ලද්දේ අපිද මෙය ධනයක්කොට සැලකීමෙන් පරිභෝග නොකරමු. නුඹට කෙසේ දෙන්නෙමුදැයි කියයිද මෙය සංස්කාර මමත්වයයි.

යො පන තෙසු ද‍්වීසුපි වත්‍ථූසු මජ‍්ඣත‍්තො උදාසිනො, අයං සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තො නාම. ඉති අයං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො එවරූපං සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලං ආරකා පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු තදුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. තස‍්මා ආදිකම‍්මිකො කුලපුත‍්තො ඉමෙහි පඤ‍්චහි කාරණෙහි උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙත්‍වා තදෙව ධුරං කත්‍වා අභිනිවෙසං පට‍්ඨපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං ගණ‍්හාති. සො යාව අරහත‍්තමග‍්ගා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති නාම, ඵලෙ පත‍්තෙ භාවිතො නාම හොති. ඉති ඉමෙපි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ලොකියලොකුත‍්තරමිස‍්සකාව කථිතා.

යමෙක් වනාහි මේවස්තු දෙකෙහිම මැදහත්වූයේ උදාසීනවුයේ වේද මෙතෙම සත්‍ව සංස්කාර මධ්‍යස්ථවූයේ නමි. මෙසේ මේ උපෙක්‍ෂා සම්බෝධංගය මෙසේ සත්වසංස්කාර මමත්වයෙන් ගන්නා පුද්ගලයන් දුරින්ම දුරලන්නාටද සත්‍වසංස්කාර මධ්‍යස්ථාව ඇති පුද්ගලයන් ඇසුරු කරන්නාටද සිටීම් හිඳීම් ආදියෙහි එය ඉපදවීම සඳහා නතුවූ යොමුවූ නැඹුරුවූ සිතැත්තාටද උපදියි. එබැවින් ආදිකර්මික කුලපුත්‍ර තෙමේ මේ පස් කරුණින් උපෙක්‍ෂා සම්බෝධ්‍යංගය නගා සිටුටා එයම වගකීමකොට අභිනිවේශය පිහිටුවා අනුක්‍රමයෙන් රහත්බව ගනියි. හෙතෙම රහත් මග දක්වා උපෙක්‍ෂා සම්බොධංගය වඩයි නමි. ඵලය පැමිණිකල වඩනලද්දේ නමි. මෙසේ මේ සප්ත බෞධ්‍යංගයෝ ලෞකික ලෝකොත්තර වශයෙන් මිශ්‍රකවම කියනලද්දාහ.

සම‍්මාදිට‍්ඨිං භාවෙතීති අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස ආදිභූතං සම‍්මාදිට‍්ඨිං බ්‍රූහෙති වඩ‍්ඪෙති. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ පන සම‍්මාදස‍්සනලක‍්ඛණා සම‍්මාදිට‍්ඨි. සම‍්මාඅභිනිරොපනලක‍්ඛණො සම‍්මාසඞ‍්කප‍්පො. සම‍්මාපරිග‍්ගාහලක‍්ඛණා සම‍්මාවාචා. සම‍්මාසමුට‍්ඨාපනලක‍්ඛණො සම‍්මාකම‍්මන‍්තො. සම‍්මාවොදාපනලක‍්ඛණො සම‍්මාආජීවො. සම‍්මාපග‍්ගහලක‍්ඛණො සම‍්මාවායාමො. සම‍්මාඋපට‍්ඨානලක‍්ඛණා සම‍්මාසති. සම‍්මාසමාධානලක‍්ඛණො සම‍්මාසමාධි.

සම්මාදිට්ඨිං භාවෙති යනු අෂ්ඨාංගික මාර්‍ගයෙහි මුලටම ඇති සම්‍යක්දෘෂ්ටිය වඩයි. වර්‍ධනයකරයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහි වනාහි මනාදැකීම ලක්‍ෂණ කොට ඇත්තේ සම්මාදිට්ඨියයි. මනාව සිත අරමුණට යොමුකිරීම ලක්‍ෂණකොට ඇත්තේ සම්මා සංකප්පයි. මනාව හාත්පසින් ගැනීම ලක්‍ෂණකොට ඇත්තේ සම්මාවාචායි. මනාව නංවාතැබීම (සමුට්ඨාපන) ලක්‍ෂණකොට ඇත්තේ සම්මාකම්මන්තයි. මනාව පිරිසිදු කිරීම (වොදාපන) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා ආජීවයි. මනා උත්සාහය (පග්ගහ) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මාවායාමයි. මනා වැටහීම (උපට්ඨාන) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා සතියි. මනාව එකඟකිරීම (සමාධාන) ලක‍්‍ෂණකොට ඇත්තේ සම්මා සමාධියි.

තෙසු එකෙකස‍්ස තීණි තීණි කිච‍්චානි හොන‍්ති. සෙය්‍යථිදං, සම‍්මාදිට‍්ඨි තාව අඤ‍්ඤෙහිපි අත‍්තනො පච‍්චනීකකිලෙසෙහි සද‍්ධිං මිච‍්ඡාදිට‍්ඨිං පජහති, නිරොධං ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච පස‍්සති තප‍්පටිච‍්ඡාදකමොහවිධමනවසෙන අසම‍්මොහතො. සම‍්මාසඞ‍්කප‍්පාදයොපි තථෙව මිච‍්ඡාසඞ‍්කප‍්පාදීනි ච පජහන‍්ති, නිරොධඤ‍්ච ආරම‍්මණං කරොන‍්ති. විසෙසතො පනෙත්‍ථ සම‍්මාසඞ‍්කප‍්පො සහජාතධම‍්මෙ සම‍්මා අභිනිරොපෙති, සම‍්මාවාචා සම‍්මා පරිග‍්ගණ‍්හාති, සම‍්මාකම‍්මන‍්තො සම‍්මා සමුට‍්ඨාපෙති, සම‍්මාආජීවො සම‍්මා වොදාපෙති, සම‍්මාවායාමො සම‍්මා පග‍්ගණ‍්හාති, සම‍්මාසති සම‍්මා උපට‍්ඨාති, සම‍්මාසමාධි සම‍්මා පදහති.

ඒවා අතුරින් එකිනෙකට කෘත්‍ය තුනතුන වෙයි. කෙලෙසද යත්? සම්‍යක් දෘෂ්ටිය වනාහි අන්‍යවූද තමන්ට විරුද්ධවූ කෙලෙසුන් සමඟ මිථ්‍යාදෘෂ්ටිය දුරලයි. නිරෝධය අරමුණු කරයි. එය වළක්වන මෝහය විනාශ කිරීම් වශයෙන් නොමුළා වීමෙන් එක්ව යෙදෙන ධර්‍මයන්ද දකියි. සම්මාසංකප්ප ආදිහුද එසේම මිත්‍ථ්‍යාසංකල්පාදීන් දුරුකරත්, නිරෝධයද අරමුණුකරත්, මෙහි විශේෂ වශයෙන් සම්‍යක් සංකල්පය එකට හටගන්නා ධර්‍මයන් අරමුණට යොමුකරයි. සම්මාවාචාව හාත්පසින් ගනියි. සම්මාකම්මන්තය මනාව නංවා තබයි. සම්මා ආජීවය මනාව පිරිසිදුකරයි. සම්මා වායාමය මනාව උත්සාහකරයි. සම්මා සතිය මනාව වටහා දෙයි. සම්මා සමාධිය මනාව එකඟ කරවයි.

අපි චෙසා සම‍්මාදිට‍්ඨි නාම පුබ‍්බභාගෙ නානාක‍්ඛණා නානාරම‍්මණා හොති, මග‍්ගකාලෙ එකක‍්ඛණා එකාරම‍්මණා. කිච‍්චතො පන දුක‍්ඛෙ ඤාණන‍්තිආදීනි චත‍්තාරි නාමානි ලභති. සම‍්මාසඞ‍්කප‍්පාදයොපි පුබ‍්බභාගෙ නානක‍්ඛණා නානාරම‍්මණා හොන‍්ති, මග‍්ගකාලෙ එකක‍්ඛණා එකාරම‍්මණා. තෙසු සම‍්මාසඞ‍්කප‍්පො කිච‍්චතො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො අවිහිංසාසඞ‍්කප‍්පො අබ්‍යාපාදසඞ‍්කප‍්පොති තීණි නාමානි ලභති. සම‍්මාවාචාදයො තයො පුබ‍්බභාගෙ විරතියොපි හොන‍්ති චෙතනායොපි, මග‍්ගක‍්ඛණෙ පන විරතියොව. සම‍්මාවායාමො සම‍්මාසතීති ඉදම‍්පි ද‍්වයං කිච‍්චතො සම‍්මප‍්පධානසතිපට‍්ඨානවසෙන චත‍්තාරි නාමානි ලභති. සම‍්මාසමාධි පන පුබ‍්බභාගෙපි මග‍්ගක‍්ඛණෙපි සම‍්මාසමාධියෙව.

තවද මේ සම්මාදිට්ඨිය නම්පූර්‍වභාගයෙහි නොයෙක් ක්‍ෂණ ඇත්තේද නොයෙක් අරමුණු ඇත්තේද වෙයි. මාර්‍ගකාලයෙහි ඒකක්‍ෂණිකද ඒකාරම්මණිකද වෙයි. කාත්‍ය වශයෙන් දුක්‍ඛෙ ඤාණ ආදී වශයෙන් නම් සතරක් ලබයි. සම්‍යක් සංකල්පාදීහුද පූර්‍වභාගයෙහි නානක්‍ෂණිකද නානාරම්මණිකද වෙති. මාර්‍ග කාලයෙහි එකක්‍ෂණිකද එකාරම්මණිකද වෙති. ඔවුනතුරින් සම්‍යක් සංකල්පය කෘත්‍ය වශයෙන් නෙක්‍ඛම්ම සංකප්පය ආදීවූ නම් තුනක් ලබයි. සම්මාවාචාදී තුන විරතීහුද වෙති. චෙතනාවෝද වෙති. මාර්‍ගක්‍ෂණයෙහි විරතීහුමයි. සම්මාවායාම, සම්මා සති යන මේ දෙකද කාත්‍ය වශයෙන් (සතර) සම්‍යක් ප්‍රධාන (සතර) සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය වනාහි පූර්‍වභාගයෙහිද මාර්‍ගක්‍ෂණයෙහිද සම්මා සමාධියමයි.

ඉති ඉමෙසු අට‍්ඨසු ධම‍්මෙසු භගවතා නිබ‍්බානාධිගමාය පටිපන‍්නස‍්ස යොගිනො බහුකාරත‍්තා පඨමං සම‍්මාදිට‍්ඨි දෙසිතා. අයඤ‍්හි “පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාසත්‍ථ”න‍්ති (ධ· ස· 16, 20, 29, 34) ච වුත‍්තා. තස‍්මා එතාය පුබ‍්බභාගෙ විපස‍්සනාඤාණසඞ‍්ඛාතාය සම‍්මාදිට‍්ඨියා අවිජ‍්ජන්‍ධකාරං විධමිත්‍වා කිලෙසචොරෙ ඝාතෙන‍්තො ඛෙමෙන යොගාවචරො නිබ‍්බානං පාපුණාති. තෙන වුත‍්තං – “නිබ‍්බානාධිගමාය පටිපන‍්නස‍්ස යොගිනො බහුකාරත‍්තා පඨමං සම‍්මාදිට‍්ඨි දෙසිතා”ති.

මේ මේ ධර්‍ම අට අතුරින් භාග්‍යවතුන්වහ්නසේ විසින් නිර්‍වාණාධිගමය සඳහා පිළිපන් යෝගියාට බොහෝ උපකාරවත් බැවින් පළමුව සම්‍යක් දෘෂ්ටිය දේශනා කරනලදී. ‘ප්‍රඥා ප්‍රදීපයය. ප්‍රඥා ආයුධය යන මෙයද කියනලදී. එබැවින් පූර්‍වභාගයෙහි විදර්‍ශනා ඥාන සංඛ්‍යාතවූ මේ සම්‍යක්දෘෂ්ටියෙන් අවිදු අඳුර නසා කෙලෙස් සොරුන් වනසමින් යෝගාවචරයා සුරැකිව නිවනට පමුණුවයි. එබැවින්, නිවන් අවබෝධයට පිළිපන් යෝගියාට බොහෝ උපකාරවත් බැවින් සමෘක්දෘෂ්ටිය පළමුව දේශනා කරනලැදැ’යි කියන ලදී.

සම‍්මාසඞ‍්කප‍්පො පන තස‍්සා බහුකාරො, තස‍්මා තදනන‍්තරං වුත‍්තො. යථා හි හෙරඤ‍්ඤිකො හත්‍ථෙන පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා චක‍්ඛුනා කහාපණං ඔලොකෙන‍්තො ‘අයං කූටො, අයං ඡෙකො”ති ජානාති, එවං යොගාවචරොපි පුබ‍්බභාගෙ විතක‍්කෙන විතක‍්කෙත්‍වා විතක‍්කෙත්‍වා විපස‍්සනාපඤ‍්ඤාය ඔලොකයමානො “ඉමෙ ධම‍්මා කාමාවචරා, ඉමෙ ධම‍්මා රූපාවචරාදයො”ති ජානාති. යථා වා පන පුරිසෙන කොටියං ගහෙත්‍වා පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා දින‍්නං මහාරුක‍්ඛං තච‍්ඡකො වාසියා තච‍්ඡෙත්‍වා කම‍්මෙ උපනෙති, එවං විතක‍්කෙන විතක‍්කෙත්‍වා විතක‍්කෙත්‍වා දින‍්නධම‍්මෙ යොගාවචරො පඤ‍්ඤාය “ඉමෙ ධම‍්මා කාමාවචරා, ඉමෙ ධම‍්මා රූපාවචරා”තිආදිනා නයෙන පරිච‍්ඡින්‍දිත්‍වා කම‍්මෙ උපනෙති. තෙන වුත‍්තං – “සම‍්මාසඞ‍්කප‍්පො පන තස‍්සා බහුකාරො, තස‍්මා තදනන‍්තරං වුත‍්තො”ති.

සම්මාසංකල්පය එයට (සම්මාදිට්ඨියට) උපකාරවත්ය. එහෙයින් ඊට අනතුරුව කියනලදී. රන් පිරික්සන්නෙක් අතින් පෙරල පෙරලා ඇසින් කහවණුව බලන්නේ මෙය වංචාසහගතය, මෙය මනාව තනා ඇතැයි දැන ගනියිද එසේ යෝගාවචර තෙමේද පූර්‍වභාගයෙහි චිතර්‍කනයෙන් චිතර්‍කනය කරමින් විදසුන් නුවණින් බලමින් මේ ධර්‍ම කාමාචාරය, මේ ධර්‍මයෝ රූපාවචරයෝසි දැන ගනියි. යම්සේ වනාහි පුරුෂයෙකු විසින් කෙළවරින් ගෙන පෙරල පෙරලා දුන් මහගසක් වඩුවෙක් වෑයෙන් සැස කටයුත්තට යොමු කරයිද මෙසේ චිතර්‍කයෙන් චිතර්‍කනය කරමින් දෙනලද ධර්‍මයන් යෝගාවචර තෙමේ මේ කාමාවචරයෝය, මේ රූපාවචරයෝය ආදි ක්‍රමයෙන් පිරිසිඳිමින් ක්‍රියාවෙහි යොදයි. එබැවින් ‘සම්‍යක් සංකල්පය ඒ සම්‍යක් දෘෂ්ටියට උපකාරය, එහෙයින් ඊට අනතුරුව කියන ලදැ’යි සඳහන් කරනලදී.

ස‍්වායං යථා සම‍්මාදිට‍්ඨියා, එවං සම‍්මාවාචායපි උපකාරකො. යථාහ – “පුබ‍්බෙ ඛො, ගහපති, විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දතී”ති (ම· නි· 1.463). තස‍්මා තදනන‍්තරං සම‍්මාවාචා වුත‍්තා.

ඒ මේ සම්‍යක් සංකල්පය සම්‍යක් දෂ්ටියට යම්සේද එසේ සම්මා වාචාවටද උපකාරකය. ‘ගෘහපති පුත්‍රය, මුලදීම විතර්‍කනය කොට විචාරණය කොට පසුව වචනයට නඟයි’යි යම්සේ කියන ලද්දේද එබැවින් ඊට අනතුරුව සම්මා වාචාව ප්‍රකාශ කරනලදී.

යස‍්මා පන ඉදඤ‍්චිදඤ‍්ච කරිස‍්සාමාති පඨමං වාචාය සංවිදහිත්‍වා ලොකෙ කම‍්මන‍්තෙ පයොජෙන‍්ති, තස‍්මා වාචා කායකම‍්මස‍්ස උපකාරිකාති සම‍්මාවාචාය අනන‍්තරං සම‍්මාකම‍්මන‍්තො වුත‍්තො.

යම් හෙයකින් වනාහි මේ මේ දෙය කරන්නෙමුයයි පළමුව වචනයෙන් සංවිධානය කොට ලොව කර්‍මාන්තයන්හි යොදවත්ද එබැවින් වචනය කායකර්‍මයට උපකාරීයයි සම්මාවාචාවට අනතුරුව සම්‍යක් කර්‍මාන්තය කියනලදී.

චතුබ‍්බිධං පන වචීදුච‍්චරිතං, තිවිධං කායදුච‍්චරිතං පහාය උභයසුචරිතං පූරෙන‍්තස‍්සෙව යස‍්මා ආජීවට‍්ඨමකසීලං පූරෙති, න ඉතරස‍්ස. තස‍්මා තදුභයානන‍්තරං සම‍්මාආජීවො වුත‍්තො.

සිවු ආකාර වාග් දුශ්චරිතයත් තුන් ආකාර කාය දුශ්චරිතයත් අත්හැර උභය සුචරිතයෙහි යෙදෙන්නාට යම්හෙයකින් ආජීවාෂ්ටමක ශීලය පිරෙයිද, අන්‍යයාට නොවේ, එහෙයින් ඒ දෙකට අනතුරුව සම්මා ආජීවය කියනලදී.

එවං සුද‍්ධාජීවෙන “පරිසුද‍්ධො මෙ ආජීවො”ති එත‍්තාවතා පරිතොසං කත්‍වා සුත‍්තප‍්පමත‍්තෙන විහරිතුං න යුත‍්තං, අථ ඛො සබ‍්බඉරියාපථෙසු ඉදං වීරියමාරභිතබ‍්බන‍්ති දස‍්සෙතුං තදනන‍්තරං සම‍්මාවායාමො වුත‍්තො.

මෙසේ පිරිසිදු ආජීවය ඇති තැනැත්තා විසින් මගේ ආජීවය පිරිසුදුයයි මෙපමණකින් නිදිගත් පමණින් වාසය කිරීමට නොසුදුසුය. සියලු ඉරියව්වල මේ වීර්යය ඇරඹිය යුතුයයි දැක්වීමට ඊට අනතුරුව සම්මාවායාමය කියනලදී.

තතො ආරද‍්ධවීරියෙනාපි කායාදීසු චතූසු වත්‍ථූසු සති සූපට‍්ඨිතා කාතබ‍්බාති දස‍්සනත්‍ථං තදනන‍්තරං සම‍්මාසති දෙසිතා.

ඉක්බිති ඇරඹූ වීර්යය ඇත්තා විසින්ද කායාදී සතරවස්තූන්හි සිහිය මනාව පිහිටුවිය යුතුයයි දැක්වීම සඳහා ඊට අනතුරුව සම්මාසතිය දෙසනලදී.

යස‍්මා පන එවං සූපට‍්ඨිතා සති සමාධිස‍්ස උපකාරානුපකාරානං ධම‍්මානං ගතියො සමන්‍වෙසිත්‍වා පහොති එකත‍්තාරම‍්මණෙ චිත‍්තං සමාධෙතුං, තස‍්මා සම‍්මාසතියා අනන‍්තරං සම‍්මාසමාධි දෙසිතොති වෙදිතබ‍්බො. ඉති අයම‍්පි අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ලොකියලොකුත‍්තරමිස‍්සකොව කථිතො.

යම්යෙහයකින් මෙසේ මනාව පිහිටුවන ලද සිහිය සමාධියට උපකාරක හා අපකාරක ධර්‍මයන්ගේ ස්වභාවයන් විමසා ඒකත්‍වාරම්මණයක සිත එකඟ කිරීමට සමත් වෙයි. එහෙයින් සම්මාසතියට අනතුරුව සම්මාසමාධිය දෙසන ලද්දේයයි දතයුතුය. මෙසේ මේ අෂ්ඨාංගික මාර්‍ගයද ලෞකික ලෝකොත්තර මිශ්‍රකවම කියනලදී.

අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤීතිආදීසු අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මවසෙන අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී නාම හොති. අජ‍්ඣත‍්තඤ‍්හි නීලපරිකම‍්මං කරොන‍්තො කෙසෙ වා පිත‍්තෙ වා අක‍්ඛිතාරකාය වා කරොති, පීතපරිකම‍්මං කරොන‍්තො මෙදෙ වා ඡවියා වා හත්‍ථපාදතලෙසු වා අක‍්ඛීනං පීතකට‍්ඨානෙ වා කරොති, ලොහිතපරිකම‍්මං කරොන‍්තො මංසෙ වා ලොහිතෙ වා ජිව‍්හාය වා අක‍්ඛීනං රත‍්තට‍්ඨානෙ වා කරොති, ඔදාතපරිකම‍්මං කරොන‍්තො අට‍්ඨිම‍්හි වා දන‍්තෙ වා නඛෙ වා අක‍්ඛීනං සෙතට‍්ඨානෙ වා කරොති. තං පන සුනීලං සුපීතං සුලොහිතකං සුඔදාතකං න හොති, අවිසුද‍්ධමෙව හොති.

අජක්‍ධත්තං රූපසඤ්ඤී යනාදියෙහි ආධ්‍යාත්මික රූපයෙහි පරිකර්‍ම (පිළියෙළවීම්) වශයෙන් අජක්‍ධත්තං රූපසඤ්ඤී නම් වෙයි. ආධ්‍යාත්මික නීල පරිකර්‍මය කරන්නෙ කෙස්වල හෝ පිතෙහි හෝ කලුඉංගිරියාවෙහි හෝ කරයි. පීත ( කහ පැහැය) පරිකර්‍මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ අත්පාතලයන්හි හෝ ඇස්වල කසාවන් තන්හි හෝ කරයි. ලෝහිත (ලේ පැහැය) පරිකර්‍මය කරන්නෙ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ ඇස්වල රතු තන්හි හෝ කරයි. ඔදාත (සුදු පැහැය) පරිකර්‍මය කරන්නෙ ඇටෙහි හෝ දත්හි හෝ නියෙහි හෝ ඇස්වල සුදු තන්හි හෝ කරයි. එය වනාහි මනාව නිල්වූයේ මනාව කසාවන්වූයේ මනාව රත්පැහැවූයේ මනාව සුදුවූයේ නොවේ. අපිරිසුදුම වෙයි.

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්සෙවං පරිකම‍්මං අජ‍්ඣත‍්තං උප‍්පන‍්නං හොති, නිමිත‍්තං පන බහිද‍්ධා. සො එවං අජ‍්ඣත‍්තං පරිකම‍්මස‍්ස බහිද‍්ධා ච අප‍්පනාය වසෙන “අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. පරිත‍්තානීති අවඩ‍්ඪිතානි. සුවණ‍්ණදුබ‍්බණ‍්ණානීති සුවණ‍්ණානි වා හොන‍්ති දුබ‍්බණ‍්ණානි වා, පරිත‍්තවසෙනෙව ඉදං අභිභායතනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තානි අභිභුය්‍යාති යථා නාම සම‍්පන‍්නගහණිකො කටච‍්ඡුමත‍්තං භත‍්තං ලභිත්‍වා “කිං එත්‍ථ භුඤ‍්ජිතබ‍්බං අත්‍ථී”ති සඞ‍්කඩ‍්ඪිත්‍වා එකකබලමෙව කරොති, එවමෙව ඤාණුත‍්තරිකො පුග‍්ගලො විසදඤාණො “කිං එත්‍ථ පරිත‍්තකෙ ආරම‍්මණෙ සමාපජ‍්ජිතබ‍්බං අත්‍ථි, නායං මම භාරො”ති තානි රූපානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො. ජානාමි පස‍්සාමීති ඉමිනා පනස‍්ස ආභොගො කථිතො. සො ච ඛො සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස, න අන‍්තොසමාපත‍්තියං. එවංසඤ‍්ඤී හොතීති ආභොගසඤ‍්ඤායපි ඣානසඤ‍්ඤායපි එවංසඤ‍්ඤී හොති. අභිභවසඤ‍්ඤා හිස‍්ස අන‍්තොසමාපත‍්තියම‍්පි අත්‍ථි, ආභොගසඤ‍්ඤා පන සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්සෙව.

එකොබහිද්ධාරූපානි පස්සති යනු යමෙකුට මෙසේ ආධ්‍යාත්මික පරිකර්‍මය උපන්නේ වෙයිද නිමිත්තද බාහිරය. හෙතෙම මෙසේ ආධ්‍යාත්මික පරිකර්‍මයාගේද බාහිර අර්පණාවගේද වශයෙන් ‘ආධ්‍යාත්මික රූප සංඥා ඇති කෙනෙක් බාහිර රූප දකීය’යි කියනු ලැබේ. පරිත්තානි යනු නොවැඩුණුයි. සුවණ්ණදුඛ්ඛණ්ණානි යනු මනා පැහැය ඇත්තේ හෝ වෙයි. දුර්වර්ණ වූයේ වෙයි. පරිත්ත වශයෙන්ම මෙම අභිභායතනය කියනලදැයි දතයුතුයි. තානි අභිභුය්‍ය යනු යම්සේ නම් තදින් කුසගිනි ඇත්තෙක් හැන්දක් පමණ බත්ලැබ කිම මෙහි කෑයුතු දෙයක් තිබේදැයි එකතුකොට එක් බත්පිඩක් කරයිද මෙසේම ඥානයෙන් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලතෙමේ ප්‍රකටවූ ඥානය ඇත්තේ කිම මෙහි කුඩා අරමුණෙහි සමවැදියයුත්තක් ඇත්ද මෙය මට බරක් නොවේයයි ඒ රූප යටපත්කොට සවදියි. නිමිත්ත ඉපදීමත් සමගම මෙහි අර්‍පණාවට පමුණුවයි යන අරුත්ය. ජානාමි පස්සාමි යන මෙයින් මෙහි ආභොගය (සිතා බැලීම) කියනලදී. එයද සමවතින් නැගීසිටියහුටය. සමාපත්තිය අතුරෙහි නොවේ. එවං සඤ්ඤී හොති යනු ආභොග සංඥාවෙන්කද ධ්‍යානසංඥාවෙන්ද එබඳු සංඥා ඇත්තෙවෙයි. ඔහුට අභිභව සංඥාව සමාපත්තිය අතුරෙහිම ඇත. ආභොග සංඥාව වූකලී සමාපත්තියෙන් නැගී සිටි තැනැත්තාටමවේ.

අප‍්පමාණානීති වඩ‍්ඪිතප‍්පමාණානි, මහන‍්තානීති අත්‍ථො. අභිභුය්‍යාති එත්‍ථ පන යථා මහග‍්ඝසො පුරිසො එකං භත‍්තවඩ‍්ඪිතකං ලභිත්‍වා “අඤ‍්ඤම‍්පි හොතු, කිං එතං මය‍්හං කරිස‍්සතී”ති තං න මහන‍්තතො පස‍්සති, එවමෙව ඤාණුත‍්තරො පුග‍්ගලො විසදඤාණො “කිං එත්‍ථ සමාපජ‍්ජිතබ‍්බං, නයිදං අප‍්පමාණං, න මය‍්හං චිත‍්තෙකග‍්ගතාකරණෙ භාරො අත්‍ථී”ති තානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො.

අප්පමාණානි යනු මහත්වූ, වැඩූ ප්‍රමාණය යන අර්‍ත්‍ථයි. අභිභුය්‍ය යන මෙහි යම්සේ දැඩි කුසගින්න ඇති පුරුෂයෙක් එක් බත් වැඩුමක් ලැබ අනිකක්ද වේවා! අනිකක්ද වේවා මෙය මට කවර වැඩක් නම් කරයිදැයි එය මහත්සේ නොදකියිද මෙසේම ශ්‍රෙෂ්ඨඥානය ඇති පුද්ගල තෙමේද ප්‍රකටවූ විඥානය ඇත්තේ එහි සමවැදියයුත්ත කුමක්ද? මෙය අප්‍රමාණ නොවේ. මගේ සිත එකඟ කිරීමෙහි බරක් ඇතැයි ඒවා යටපත්කොට සමවදියි. නිමිත්ත ඉපදීමත් සමඟම මෙහි අර්‍පණාවට පැමිණේයයි අර්‍ත්‍ථයි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අලාභිතාය වා අනත්‍ථිකතාය වා අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මසඤ‍්ඤාවිරහිතො.

අජක්‍ධත්තං අරූපසඤ්ඤී යනු නොලැබෙන බැවින් හෝ නොමැති බැවින් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා විරහිතවූ කෙනෙකි.

බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්ස පරිකම‍්මම‍්පි නිමිත‍්තම‍්පි බහිද‍්ධාව උප‍්පන‍්නං, සො එවං බහිද‍්ධා පරිකම‍්මස‍්ස චෙව අප‍්පනාය ච වසෙන “අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකොව බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. සෙසමෙත්‍ථ චතුත්‍ථඅභිභායතනෙ වුත‍්තනයමෙව. ඉමෙසු පන චතූසු පරිත‍්තං විතක‍්කචරිතවසෙන ආගතං, අප‍්පමාණං මොහචරිතවසෙන, සුවණ‍්ණං දොසචරිතවසෙන, දුබ‍්බණ‍්ණං රාගචරිතවසෙන. එතෙසඤ‍්හි එතානි සප‍්පායානි, සා ච නෙසං සප‍්පායතා විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ චරියනිද‍්දෙසෙ වුත‍්තා.

බහිද්ධා රූපානි පස්සති යනු යමෙකුගේ පරිකර්‍මයද නිමිත්තද බාහිරවම උපන්නේවේද හෙතෙම මෙසේ බාහිර පරිකර්‍මයාගේ වශයෙන්ම අධ්‍යාත්ම අරූපසංඥා ඇත්තේ බාහිරව රූප දකීයයි කියනුලැබේ. මෙහි සෙස්ස සතරවැනි අභිභායතනයෙහි කියනලද ක්‍රමය ඇත්තේමය. මේ සතරෙහි පරිත්තය විතර්‍කචරිත වශයෙන් එන ලදී. අප්‍රමාණය මොහචරිත වහයෙනි. මනාවර්‍ණය දේවෂ චරිත වශයෙනි දුරුවර්‍ණය රාගචරිත වශයෙනි. මොවුන්ට ඒවා සත්ප්‍රායයෝයි (සුදුසු, ගැලපෙන ඒවායි). මොවුන්ගේ ඒ ගැලපෙනබවද විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි චරියා නිර්දේශයෙහිදී කියනලදී.

පඤ‍්චමඅභිභායතනාදීසු නීලානීති සබ‍්බසඞ‍්ගාහකවසෙන වුත‍්තං. නීලවණ‍්ණානීති වණ‍්ණවසෙන. නීලනිදස‍්සනානීති නිදස‍්සනවසෙන, අපඤ‍්ඤායමානවිවරානි අසම‍්භින‍්නවණ‍්ණානි එකනීලානෙව හුත්‍වා දිස‍්සන‍්තීති වුත‍්තං හොති. නීලනිභාසානීති ඉදං පන ඔභාසවසෙන වුත‍්තං, නීලොභාසානි නීලප‍්පභායුත‍්තානීති අත්‍ථො. එතෙන නෙසං සුවිසුද‍්ධතං දස‍්සෙති. විසුද‍්ධවණ‍්ණවසෙනෙව හි ඉමානි චත‍්තාරි අභිභායතනානි වුත‍්තානි. “නීලකසිණං ගණ‍්හන‍්තො නීලස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වා”තිආදිකං පනෙත්‍ථ කසිණකරණඤ‍්ච පරිකම‍්මඤ‍්ච අප‍්පනාවිධානඤ‍්ච සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරතො වුත‍්තමෙව. ඉමානි පන අට‍්ඨ අභිභායතනජ‍්ඣානානි වට‍්ටානිපි හොන‍්ති වට‍්ටපාදකානිපි විපස‍්සනාපාදකානිපි දිට‍්ඨධම‍්මසුඛවිහාරානිපි අභිඤ‍්ඤාපාදකානිපි නිරොධපාදකානිපි, ලොකියානෙව පන න ලොකුත‍්තරානීති වෙදිතබ‍්බානි.

පස්වැනි අභිභායතනාදියෙහි නීලානි යනු සියල්ල ඇතුළත්වන පරිද්දෙන් කියනලදී. නීලවණ්ණානි යනු වර්‍ණ වශයෙනි. නීලනිදස්සනානි යනු නිදසුන් වශයෙන් නොපෙනෙන සිදුරු ඇති, නොමුසු පැහැය ඇති තනි නිල්මවී දක්නා ලැබේයයි කියන ලද්දේවෙයි. නීලනිභසානි යන මෙය බැබලීම් වශයෙන් කියනලදී. නිල්පැහැය ඇති නිල්පැහැයෙන් යුක්තවූ යන අර්‍ත්‍ථයි. මෙයින් ඔවුන්ගේ මනාව පිරිසිදු බව දක්වනුලැබේ. පිරිසුදු වර්‍ණ වශයෙන්ම මේ සතර අභිභායතන කියනලදී. නීල කසිණය උද්ග්‍රහණය කරමින් නිලෙහි නිමිත්ත ගනියි. මලෙහි හෝ වස්ත්‍රයෙහි හෝ වර්‍ණධාතුවෙහි හෝයි ආදිකර්මිකයා විසින් මෙහි කසිණ කිරීමද පරිකර්‍මයද අර්පණා විධානයද යන සියල්ල විසුද්ධිමග්ගයෙහිදී විසිත්ර වශයෙන් කියනලද්දේමය. මේ අභිභායතනධ්‍යාන අට වට්ටයද වෙයි. වට්ටපාදකද විපස්සනා පාදකද දිට්ඨධම්මසුඛවිහාරද අභිඥාපාදකද වෙයි. මේවා ලෞකිකමය: ලෝකෝත්තර නොවේයයි දතයුතුය.

රූපී රූපානි පස‍්සතීති එත්‍ථ අජ‍්ඣත‍්තං කෙසාදීසු නීලකසිණාදීසු නීලකසිණාදිවසෙන උප‍්පාදිතං රූපජ‍්ඣානං රූපං, තං අස‍්ස අත්‍ථීති රූපී. බහිද‍්ධා රූපානි පස‍්සතීති බහිද‍්ධාපි නීලකසිණාදීනි රූපානි ඣානචක‍්ඛුනා පස‍්සති. ඉමිනා අජ‍්ඣත‍්තබහිද‍්ධාවත්‍ථුකෙසු කසිණෙසු උප‍්පාදිතජ‍්ඣානස‍්ස පුග‍්ගලස‍්ස චත‍්තාරිපි රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අජ‍්ඣත‍්තං න රූපසඤ‍්ඤී, අත‍්තනො කෙසාදීසු අනුප‍්පාදිතරූපාවචරජ‍්ඣානොති අත්‍ථො. ඉමිනා බහිද‍්ධාපරිකම‍්මං කත්‍වා බහිද‍්ධාව උප‍්පාදිතජ‍්ඣානස‍්ස පුග‍්ගලස‍්ස රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි.

රූපී රූපානි පස්සති යන මෙහි අධ්‍යාත්ම කේශාදියෙහි නීලකසිණාදි වශයෙන් උපදවන ලද රූපධ්‍යානයයි. ඒ රූපය ඔහුට ඇත්තේනුයි රූපී නමි. බහිද්ධාරූපානි පස්සති යනු බාහිරවූද නීලකසීණාදීවූ රූප ධ්‍යාන ඇසින් බලයි, මෙයින් ආධ්‍යාත්මික බාහිර වස්තූන්ට අයත් කසිණයන්හි උපදවනලද ධ්‍යාන ඇති පුද්ගලයාගේ රූපාවචරධ්‍යාන සතරද දක්වනලදී. අජක්‍ධතතං අරූපසඤ්ඤී යනු ආධ්‍යාත්මිකවූ රූප සංඥා නැත්තේයි. තමන්ගේ කෙස් ආදියෙහි නූපදවන ලද රූපාවචරධ්‍යාන ඇත්තේ යන අරුත්ය. මෙයින් බාහිර පරිකර්‍මය කොට බාහිරවම උපදවනලද ධ්‍යාන ඇත්තාගේ රූපාවචරධ්‍යාන දක්වනලදී.

සුභන‍්ත්‍වෙව අධිමුත‍්තො හොතීති ඉමිනා සුවිසුද‍්ධෙසු නීලාදීසු වණ‍්ණකසිණෙසු ඣානානි දස‍්සිතානි. තත්‍ථ කිඤ‍්චාපි අන‍්තොඅප‍්පනායං සුභන‍්ති ආභොගො නත්‍ථි, යො පන විසුද‍්ධං සුභං කසිණාරම‍්මණං කත්‍වා විහරති, සො යස‍්මා “සුභන‍්ති අධිමුත‍්තො හොතී”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති, තස‍්මා එවං දෙසනා කතා. පටිසම‍්භිදාමග‍්ගෙ පන “කථං සුභන‍්ත්‍වෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො – ඉධ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති…පෙ… මෙත‍්තාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටික‍්කූලා හොන‍්ති. කරුණාසහගතෙන…පෙ… මුදිතාසහගතෙන…පෙ… උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති…පෙ… උපෙක‍්ඛාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටික‍්කූලා හොන‍්ති. එවං සුභන‍්ත්‍වෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො”ති (පටි· ම· 1.212) වුත‍්තං. සබ‍්බසො රූපසඤ‍්ඤානන‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තමෙව.

සුභනේතව අධිමුතේතා හොති යන මෙයින් සුපිරිසුදුවූ නීලාදී වර්‍ණකසිණයන්හි ධ්‍යානයෝ දක්වනලද්දාහ. එහි අර්‍පණාව තුළ සුභයයි කිසි ආභෝගයක් නැත. යමෙක් වනාහි සුපිරිසුදු සුභ කසිණාරම්මණයක් කොට වසයිද හෙතෙම යම්හෙයකින් සුභයයි සිතාගන්නා ලද්දේවේයයි කිවයුතුබවට පැමිණෙයි. එහෙයින් මෙබඳු දේශනාවක් කරනලදී. පටිසම්හිදා මග්ගයෙහි වනාහි කෙසේ සුභයයි තීරණය කරනලද්දේ විමෝක්‍ෂය වේදයත් මේ සසුනෙහි භික්‍ෂුව මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් -පෙ- පතුරුවා වාසය කරයිද මෛත්‍රිය වැඩූ බැවින් සත්වයෝ පිළිකුල් නොවූවෝ වෙත්. කරුණා - මුදිතා උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් -පො- පතුරුවා වෙසෙයිද උපේක්‍ෂාව වැඩූ බැවින් සත්වයෝ පිළිකුල් නොවූවෝ වෙත් මෙසේ සුභයයි, තීරණය කරනලද්දේ විමොක්‍ෂය වේයයි කියනලදී. සබ්බසො රූපසඤ්ඤානං යන ආදියෙහි යමක් කිවයුතුද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහිදී කියනලදී.

පථවිකසිණං භාවෙතීති එත්‍ථ පන සකලට‍්ඨෙන කසිණං, පථවි එව කසිණං පථවිකසිණං. පරිකම‍්මපථවියාපි උග‍්ගහනිමිත‍්තස‍්සාපි පටිභාගනිමිත‍්තස‍්සාපි තං නිමිත‍්තං ආරම‍්මණං කත්‍වා උප‍්පන‍්නජ‍්ඣානස‍්සාපි එතං අධිවචනං. ඉධ පන පථවිකසිණාරම‍්මණං ඣානං අධිප‍්පෙතං. තං හෙස භාවෙති. ආපොකසිණාදීසුපි එසෙව නයො.

පඨවිකසිණං භාවෙති යන මෙහි සියලු අර්‍ත්‍ථයෙන් කසිණයයි, පෘථිවියෙහිම කසිණයවූයේ පටවිකසිණයි. පරිකර්‍ම පෘථිවියෙහිද උද්ග්‍රහනිමිත්තේද පටිභාග නිමිත්තේද ඒ නිමිත්ත අරමුණුකොට උපන්නාවූද ධ්‍යානයට මෙය නමකි. මෙහි වනාහි පෘථිවිකසිණාරම්මණවූ ධ්‍යානය අදහස් කරනලදී. හෙතෙම එය වඩයි. අපෝ කසිණාදියෙහිද මේ ක්‍රමයමැයි.

ඉමානි පන කසිණානි භාවෙන‍්තෙන සීලානි සොධෙත්‍වා පරිසුද‍්ධසීලෙ පතිට‍්ඨිතෙන ය‍්වාස‍්ස දසසු පලිබොධෙසු පලිබොධො අත්‍ථි, තං උපච‍්ඡින්‍දිත්‍වා කම‍්මට‍්ඨානදායකං කල්‍යාණමිත‍්තං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො චරියානුකූලවසෙන යං යස‍්ස සප‍්පායං, තං තෙන ගහෙත්‍වා කසිණභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහරන‍්තෙන ඛුද‍්දකපලිබොධුපච‍්ඡෙදං කත්‍වා සබ‍්බං භාවනාවිධානං අපරිහාපෙන‍්තෙන භාවෙතබ‍්බානි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.38 ආදයො) වුත‍්තො. කෙවලඤ‍්හි තත්‍ථ විඤ‍්ඤාණකසිණං නාගතං, තං අත්‍ථතො ආකාසකසිණෙ පවත‍්තවිඤ‍්ඤාණං. තඤ‍්ච ඛො ආරම‍්මණවසෙන වුත‍්තං, න සමාපත‍්තිවසෙන. තඤ‍්හි අනන‍්තං විඤ‍්ඤාණන‍්ති ආරම‍්මණං කත්‍වා එස විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං භාවෙන‍්තො විඤ‍්ඤාණකසිණං භාවෙතීති වුච‍්චති. ඉමානිපි දස කසිණානි වට‍්ටානිපි හොන‍්ති වට‍්ටපාදකානිපි විපස‍්සනාපාදකානිපි දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථානිපි අභිඤ‍්ඤාපාදකානිපි නිරොධපාදකානිපි, ලොකියානෙව පන න ලොකුත‍්තරානීති.

මේ කසීණ වඩන්නාවූ ශීලයන් පිරිසුදුකොට සුපිරිසුදු ශීලයෙහි පිහිටි තැනැත්තා විසින් ඔහුට දශවිධ පළිබෝධයන් අතුරින් යම් පළිබෝධයක් වේද එය සිඳ කමටහන් දෙන්නාවූ කලණමිතුරෙකු වෙත එළඹ තමන්ගේ චරිතයට අනුකූල පරිද්දෙන් යමක් යමෙකුට යෝග්‍ය වේද එය ගෙන කසිණ භාවනාවට නොගැලපෙන විහාරය අතහැර සුදුසු තැනක වෙසෙමින් කුඩා බාධක නසා සියලු භාවනා විධානයන් අත්නොහාරිමින් වැඩියයුතුය. මෙහි මේ කෙටි විවරණයයි. විස්තර විසුද්ධිමග්ගයෙහි කියනලදි. හුදෙක් එහි විඤ්ඤාණ කසිණය නොආවේය. එය අර්‍ත්‍ථවශයෙන් ආකාස කසිණයෙහි පැවති විඤ්ඤාණයයි. එයද අරමුණු වශයෙන් කියනලදී. සමාපත්ති වශයෙන් නොවේ. එය විඥානය අනන්තයි අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය වඩන තැන්ත්තේ විඤ්ඤාණ කසිණය වඩන්නේයයි කියනුලැබේ. මේ දස කසිණයෝද වට්ටද වෙත්. වට්ටපාදකද විදර්‍ශනාපාදකද දිට්ඨධම්මසුඛිවිහාර අර්‍ත්‍ථයෝද අභිඥාපාදකයෝද නිරෝධපාදකයෝද වෙත්. ලෞකික මෙන්ම ලෝකෝත්තරද වෙත්.

අසුභසඤ‍්ඤං භාවෙතීති අසුභසඤ‍්ඤා වුච‍්චති උද‍්ධුමාතකාදීසු දසසු ආරම‍්මණෙසු උප‍්පන‍්නා පඨමජ‍්ඣානසහගතා සඤ‍්ඤා, තං භාවෙති බ්‍රූහෙති වඩ‍්ඪෙති, අනුප‍්පන‍්නං උප‍්පාදෙති, උප‍්පන‍්නං අනුරක‍්ඛතීති අත්‍ථො. දසන‍්නං පන අසුභානං භාවනානයො සබ‍්බො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.102 ආදයො) විත්‍ථාරිතොයෙව. මරණසඤ‍්ඤං භාවෙතීති සම‍්මුතිමරණං, ඛණිකමරණං, සමුච‍්ඡෙදමරණන‍්ති තිවිධම‍්පි මරණං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති, අනුප‍්පන‍්නං උප‍්පාදෙති, උප‍්පන‍්නං අනුරක‍්ඛතීති අත්‍ථො. හෙට‍්ඨා වුත‍්තලක‍්ඛණා වා මරණස‍්සතියෙව ඉධ මරණසඤ‍්ඤාති වුත‍්තා, තං භාවෙති උප‍්පාදෙති වඩ‍්ඪෙතීති අත්‍ථො. භාවනානයො පනස‍්සා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.167 ආදයො) විත්‍ථාරිතොයෙව. ආහාරෙ පටිකූලසඤ‍්ඤං භාවෙතීති අසිතපීතාදිභෙදෙ කබළීකාරෙ ආහාරෙ ගමනපටිකූලාදීනි නව පටිකූලානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති, උප‍්පාදෙති වඩ‍්ඪෙතීති අත්‍ථො. තස‍්සාපි භාවනානයො විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතොයෙව. සබ‍්බලොකෙ අනභිරතිසඤ‍්ඤං භාවෙතීති සබ‍්බස‍්මිම‍්පි තෙධාතුකෙ ලොකෙ අනභිරතිසඤ‍්ඤං උක‍්කණ‍්ඨිතසඤ‍්ඤං භාවෙතීති අත්‍ථො. අනිච‍්චසඤ‍්ඤං භාවෙතීති පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං උදයබ‍්බයඤ‍්ඤථත‍්තපරිග‍්ගාහිකං පඤ‍්චසු ඛන්‍ධෙසු අනිච‍්චන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤං භාවෙතීති අනිච‍්චෙ ඛන්‍ධපඤ‍්චකෙ පටිපීළනසඞ‍්ඛාතදුක‍්ඛලක‍්ඛණපරිග‍්ගාහිකං දුක‍්ඛන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤං භාවෙතීති පටිපීළනට‍්ඨෙන දුක‍්ඛෙ ඛන්‍ධපඤ‍්චකෙ අවසවත‍්තනාකාරසඞ‍්ඛාතඅනත‍්තලක‍්ඛණපරිග‍්ගාහිකං අනත‍්තාති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. පහානසඤ‍්ඤං භාවෙතීති පඤ‍්චවිධං පහානං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. විරාගසඤ‍්ඤං භාවෙතීති පඤ‍්චවිධමෙව විරාගං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. නිරොධසඤ‍්ඤං භාවෙතීති සඞ‍්ඛාරනිරොධං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤන‍්තිපි වදන‍්ති. එත්‍ථ ච සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා, අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤාති ඉමාහි තීහි සඤ‍්ඤාහි බලවවිපස‍්සනා කථිතා. පුන අනිච‍්චසඤ‍්ඤං භාවෙතීතිආදිකාහි දසහි සඤ‍්ඤාහි විපස‍්සනාසමාරම‍්භොව කථිතො.

අසුභසඤ්ඤාං භාවෙති යනු උද්ධමාතකආදීවූ දස අසුභාරම්මණයන්හි උපන්නාවූ ප්‍රථමධ්‍යානයෙන් යුක්ත සංඥාව අසුභසඤ්ඤායයි කියනුලැබේ. එය වඩයි. දියුණු කරයි. වර්‍ධනය කරයි. නූපන් අසුභ සංඥාව උපදවයි. උපන් අසුභ සංඥාව ආරක්ෂා කරයි. යනාර්‍ත්‍ථයි. දශ අශූභයන්ගේ සියලු භාවනාක්‍රමය විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදී. මරණසඤ්ඤං භාවෙති යනු සම්මුති මරණය ක‍්‍ෂණික මරණය, සමුචේඡද මරණය යන ත්‍රිවිධ වූම මරණය අරමුණුකොට උපදින සංඥාව වඩයි. නූපන් සංඥාව උපදවයි. උපන් සංඥාව ආරක්‍ෂා කරයි යන අර්‍ත්‍ථයයි. යට කියනලද ලක්‍ෂණ ඇති මරණසතියම මෙහි මරණසඤ්ඤායයි කියනලදී. එය වඩයි. දියුණු කරයි. වධර්‍නය කරයි යන අර්‍ත්‍ථයයි. මෙහි භාවනාක්‍රමය විසුද්ධිමග්ගයේදී විස්තර කරන ලද්දේමය. ආහාරෙ පටික්කුලසඤ්ඤං භාවෙති යනු අසිත (කනලද) පීත (බොනලද ආදී ප්‍රභේද ඇති කබලිංකාර (පිඬු වශයෙන් අනුභව කරන) ආහාරයෙහි ගමනපටිකකූල ආදීවූ පටිකකූල නවය මෙනෙහි කරන්නාට උපදින සංඥාව වඩයි දියුණු කරයි වර්‍ධනය කරයි යන අර්‍ත්‍ථයි. එහිද භාවනාක්‍රමය විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය. සබ්බලොකෙ අනභිරතසඤ්ඤං භාවෙති යනු සියලුම ත්‍රෛධාතුකවූ ලෝකයෙහි නොඇලුණු සංඥාව, උකටලී සංඥාව වඩයි යන අරුත්ය. අනිච්චසඤ්ඤං භාවෙති යනු පංච උපාදන ස්කන්‍ධයන්ගේ හටගැනීම විනාශය, වෙනස්වීම ඇතුළත් කොට ඇත්තාවූ පංචස්කන්‍ධයන්හි අනිත්‍යයි උපදින සංඥාව වඩයි. අනිචේච දුක්‍ඛසඤ්ඤං භාවති යනු අනිත්‍යවූ ස්කන්‍ධ පංචකයෙහි පෙළීම් සංඛ්‍යාතවූ දුක්‍ඛලක්‍ෂණය ඇතුළත්වන දුකයයි උපදින සංඥාව වඩයි. දුක්ඛේ අනත්තසඤ්ඤං භාවෙති යනු පෙළීම් අරුතින් දුක්වූ ස්කන්‍ධපංචකයෙහි තමන්වසඟයෙහි නොපවත්නා ආකාර සංඛ්‍යාතවූ අනාත්ම ලක්‍ෂණය ඇතුළත් කොට ඇති අනාත්මයයි උපදින සංඥාව වඩයි පභානසඤ්ඤං භාවෙති යනු පස් අාකර ප්‍රභානය අරමුණු කොට උපදින සංඥාව වඩයි. විරාගසඤ්ඤං භාවෙති යනු පස් ආකාරවූම විරාගය අරමුණු කොට උපදින සංඥාව වඩයි. නිරොධසඤ්ඤං භාවෙති යනු සංස්කාර නිරෝධය අරමුණු කොටගෙන උපදින සංඥාවවඩයි. නිවන අරමුණුකොට උපදින සංඥාව නමැයිද කියත්. මෙහිද සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චේදුක්‍ඛසඤ්ඤා යන මේ සංඥා තුනෙන් බලවත් විදර්‍ශනාව කියනලදී. යළි අනිත්‍යසංඥාව වඩයි යනාදීවූ දස සංඥාවන්ගෙන් විදර්‍ශනාසමාරම්භයම කියනලදී.

බුද‍්ධානුස‍්සතින‍්තිආදීනි වුත‍්තත්‍ථානෙව.

බුද්ධානුස්සතිං යනාදිය කියනලද අරුත් ඇත්තේමය.

පඨමජ‍්ඣානසහගතන‍්ති පඨමජ‍්ඣානෙන සද‍්ධිං ගතං පවත‍්තං, පඨමජ‍්ඣානසම‍්පයුත‍්තන‍්ති අත්‍ථො.

පටමජ්ක්‍ධානසහගතං යනු ප්‍රථමධ්‍යානය සමඟ ගිය, පැවති, ප්‍රථමධ්‍යානයෙන් යුක්තවූ යන අරුත්ය.

සද‍්ධින්‍ද්‍රියං භාවෙතීති පඨමජ‍්ඣානසහගතං කත්‍වා සද‍්ධින්‍ද්‍රියං භාවෙති බ්‍රූහෙති වඩ‍්ඪෙති. එස නයො සබ‍්බත්‍ථ.

සද්ධින්‍ද්‍රියං භවෙති යනු ප්‍රථමධ්‍යානය සමඟ එක්කොට ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය වඩයි, දියුණු කරයි. වර්‍ධනය කරයි. සියලු තන්හි මෙම ක්‍රමයයි.

අපරඅච‍්ඡරාසඞ‍්ඝාතවග‍්ගවණ‍්ණනා.