කායගතාසතිවග්ගො අට්ඨකථා
කායගතාසතිවග්ගො
කායගතාසති වර්ගය
චෙතසා ඵුටොති එත්ථ දුවිධං ඵරණං ආපොඵරණඤ්ච දිබ්බචක්ඛුඵරණඤ්ච. තත්ථ ආපොකසිණං සමාපජ්ජිත්වා ආපෙන ඵරණං ආපොඵරණං නාම. එවං ඵුටෙපි මහාසමුද්දෙ සබ්බා සමුද්දඞ්ගමා කුන්නදියො අන්තොගධාව හොන්ති. ආලොකං පන වඩ්ඪෙත්වා දිබ්බචක්ඛුනා සකලසමුද්දදස්සනං දිබ්බචක්ඛුඵරණං නාම. එවං ඵුටෙපි මහාසමුද්දෙ සබ්බා මහාසමුද්දඞ්ගමා කුන්නදියො අන්තොගධාව හොන්ති. අන්තොගධා තස්සාති තස්ස භික්ඛුනො භාවනාය අබ්භන්තරගතාව හොන්ති. විජ්ජාභාගියාති එත්ථ සම්පයොගවසෙන විජ්ජං භජන්තීති විජ්ජාභාගියා, විජ්ජාභාගෙ විජ්ජාකොට්ඨාසෙ වත්තන්තීතිපි විජ්ජාභාගියා. තත්ථ විපස්සනාඤාණං මනොමයිද්ධි ඡ අභිඤ්ඤාති අට්ඨ විජ්ජා, පුරිමෙන අත්ථෙන තාහි සම්පයුත්තධම්මාපි විජ්ජාභාගියා. පච්ඡිමෙන අත්ථෙන තාසු යා කාචි එකා විජ්ජා විජ්ජා, සෙසා විජ්ජාභාගියාති එවං විජ්ජාපි විජ්ජාසම්පයුත්තධම්මාපි විජ්ජාභාගියාතෙව වෙදිතබ්බා.
චෙතසාඵුටො යන මෙහි අපොඵරණ හා දිබ්බචක්ඛුඵරණ යන දෙයාකාර පැතිරවීමයි. එහි අපොකසිණයට සමවැදී ජලයෙන් පැතිරවීම ආපොඵරණ නමි. මෙසේ පැතිරවූ මහසමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩා නදීහු ඇතුළත් වූවෝම වෙත්. ආලෝකය වඩා දිවැසින් සියලු සාගරය දැකීම දිබ්බචක්ඛුඵරණ නමි. මෙසේ පැතිරවූ කල්හිද මහ සමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩානදීහු ඇතුළත් වූවෝම වෙති. අන්තොගධා තස්ස යනු ඒ භික්ෂුවගේ භාවනාවට ඇතුළත් වූවෝම වෙත්. විජ්ජාභාගියා යන මෙහි එක්ව යෙදීම් වශයෙන් විද්‍යාව ඇසුරු කෙරේනුයි විජ්ජභාගියා නමි. එහි විපස්සනා ඤාණය මනොමයිද්ධි ඤාණය හා ඡඅභිඤ්ඤා යන විද්‍යා අටයි. මුල් අර්ත්ථයෙන් ඒවායින් (ඒ විද්‍යාවන්ගෙන්) යුක්තවූ ධර්මයෝද විච්චාභාගිය නම් වෙත්. පසු අර්ත්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් විද්‍යාවක් විද්‍යාවයි. සෙස්ස විජ්ජාභාගියයි මෙසේ විදයාවද විද්යාසම්ප්රයුක්ත ධර්මද විජ්ජාභාගියෝමයි දතයුතුය.
මහතො සංවෙගායාති මහන්තස්ස සංවෙගස්ස අත්ථාය. උපරිපදද්වයෙපි එසෙව නයො. එත්ථ ච මහාසංවෙගො නාම විපස්සනා, මහාඅත්ථො නාම චත්තාරො මග්ගා, මහායොගක්ඛෙමො නාම චත්තාරි සාමඤ්ඤඵලානි. අථ වා මහාසංවෙගො නාම සහ විපස්සනාය මග්ගො, මහාඅත්ථො නාම චත්තාරි සාමඤ්ඤඵලානි, මහායොගක්ඛෙමො නාම නිබ්බානං. සතිසම්පජඤ්ඤායාති සතියා ච ඤාණස්ස ච අත්ථාය. ඤාණදස්සනපටිලාභායාති දිබ්බචක්ඛුඤාණාය. දිට්ඨධම්මසුඛවිහාරායාති ඉමස්මිංයෙව පච්චක්ඛෙ අත්තභාවෙ සුඛවිහාරත්ථාය. විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියායාති විජ්ජාවිමුත්තීනං ඵලස්ස පච්චවෙක්ඛකරණත්ථාය. එත්ථ ච විජ්ජාති මග්ගපඤ්ඤා, විමුත්තීති තංසම්පයුත්තා සෙසධම්මා. තෙසං ඵලං නාම අරහත්තඵලං, තස්ස සච්ඡිකිරියායාති අත්ථො.
මභතා සංවෙගාය යනු මහත් සංවේගය සඳහාය. මත්තෙහි පදදෙකෙහිද මේ ක්‍රමයමයි. මෙහිද මහාසංවේගය නම් විදර්ශනාවයි. මහා අර්ත්ථය නම් සතර මාර්ගයයි. මහායොගක්ඛෙම නම් සාමඤ්ඤඵල සතරයි. නැතහොත් මහාසංවේගය යනු විදර්ශනාව සමඟවූ මාර්ගයයි. මහා අර්ත්ථය නම් සාමඤඤ්ඵල සතරයි. මහායොගක්ඛෙම නම් නිවනයි. සතිසම්පජඤ්ඤාය යනු ස්මෘතියද ඥානයද සඳහායි. ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්ඛු ඤාණය සඳහායි. දිට්ඨධම්මසුඛවිහාරාය යනු මේ ප්රත්යක්ෂවූ ආත්මභාවයෙහි සුවසේ විසීම සඳහායි. විජ්ජාවිමුත්තිඵලසච්ජිකිරියාය යනු විදයාවිමුක්තීන්ගේ ඵලය ප්රත්යවේක්ෂා කිරීම සඳහායි. මෙහිද විජ්ජා යනු මාර්ග ප්රඥාවයි. විමුත්ති යනු ඒ සමඟ වූ සෙසු ධර්මයෝයි. ඔවුන්ගේ ඵලය යනු අරහත්ඵලයයි. එය ප්රත්යක්ෂ කිරීම සඳහා යන අරුත්ය.
කායොපි පස්සම්භතීති නාමකායොපි කරජකායොපි පස්සම්භති, වූපසන්තදරථො හොති. විතක්කවිචාරාපීති එතෙ ධම්මා දුතියජ්ඣානෙන වූපසම්මන්ති නාම, ඉධ පන ඔළාරිකවූපසමං සන්ධාය වුත්තං. කෙවලාති සකලා, සබ්බෙ නිරවසෙසාති අත්ථො. විජ්ජාභාගියාති විජ්ජාකොට්ඨාසියා, තෙ හෙට්ඨා විභජිත්වා දස්සිතාව.
කායොපි පස්සම්හති යනු නාමකායද කරජකාය (මවුපියන් නිසා හටගත් ශරීරය) ද සංසිඳෙයි, සංසිඳුණු දාහය ඇත්තේ වෙයි. චිතක්කවිචාරාපි යනු මේ ධර්මයෝ ද්විතීයධ්‍යානයෙන් සංසිදෙත් නමි. මෙහි වනාහි ඕළාරික (රළු) සංසිඳීම සඳහා කියනලදී. කෙවලා යනු සියල්ලෝ, ඉතිරි නැතියන අරුත්ය. විජ්ජාභාගියා යනු විද්යාකොටඨාශයන්ට අයත්වූවෝයි. ඔවුහු යට බෙදා දක්වන ලද්දාහුමය.
අවිජ්ජා පහීයතීති අට්ඨසු ඨානෙසු වට්ටමූලකං බහලන්ධකාරං මහාතමං අඤ්ඤාණං පහීයති. විජ්ජා උප්පජ්ජතීති අරහත්තමග්ගවිජ්ජා උප්පජ්ජති. අස්මිමානො පහීයතීති අස්මීති නවවිධො මානො පහීයති. අනුසයාති සත්ත අනුසයා. සංයොජනානීති දස සංයොජනානි.
අවිඡ්ඡා පහීයති යනු ස්ථාන අටක සංසාරමුලකවූ දැඩි අඳුරුබව ඇතිකරන්නාවූ මහා කලුවරක්වූ නොදැනීමක් දුරුවේය යනුයි. විජ්ජා උප්පජ්ජති යනු අරහත් මාර්ග විද්‍යාව උපදියි. අස්මිමානො පහීයති යනු මම වෙමැයි ගන්නා නවවිධවූ මානය දුරුවෙයි. අනුසයා යනු අනුසය සතයි. සංයොජනා යනු සංයොජන දහයයි.
පඤ්ඤාපභෙදායාති පඤ්ඤාය පභෙදගමනත්ථං. අනුපාදාපරිනිබ්බානායාති අපච්චයපරිනිබ්බානස්ස සච්ඡිකිරියත්ථාය.
පඤ්ඤාපභෙදාය යනු ප්‍රඥාවගේ ප්රභේදයන්ට පැමිණීම සඳහායි. අනුපාදා පරිනිබ්බානාය යනු ප්රත්යරහිත පරිනිර්වාණය පසක්කරනු සඳහායි.
අනෙකධාතුපටිවෙධො හොතීති අට්ඨාරසන්නං ධාතූනං ලක්ඛණපටිවෙධො හොති. නානාධාතුපටිවෙධො හොතීති තාසංයෙව අට්ඨාරසන්නං ධාතූනං නානාභාවෙන ලක්ඛණපටිවෙධො හොති. අනෙකධාතුපටිසම්භිදා හොතීති ඉමිනා ධාතුභෙදඤාණං කථිතං. ධාතුපභෙදඤාණං නාම “ඉමාය ධාතුයා උස්සන්නාය ඉදං නාම හොතී”ති ජානනපඤ්ඤා. තං පනෙතං ධාතුභෙදඤාණං න සබ්බෙසං හොති, බුද්ධානමෙව නිප්පදෙසං හොති. තං සම්මාසම්බුද්ධෙන සබ්බසො න කථිතං. කස්මා? තස්මිං කථිතෙ අත්ථො නත්ථීති.
අනෙකධාතුපටිවෙධො හොති යනු අටළොස් ධාතූන්ගේ ලක්ෂණාවබෝධය වෙයි. නානාධාතුපටිවෙධො හොති යනු ඒ අටළොස් ධාතූන්ගේම විවිධත්වයෙන් ලක්ෂණ පටිවෙධය වෙයි. අනෙකධාතුපටිසම්හිදා හොති යන මෙයින් ධාතුප්රභේද ඥානය කියනලදී. ධාතුප්රභේදඥානයනම් මෙම ධාතුවේ උත්සන්න බව නිසා මේ නම වේයයි දැනගන්නා ප්රඥාවයි. මේ ධාතුප්රභදඥානය සියලු ශ්‍රාවකයන්ටම නොවෙයි. බුදුවරුන්ටම ඉතිරියක්නැතිවම වෙයි. එය සම්බුදුන්වහන්සේ විසින් සර්වප්රකාරයෙන් නොකියන ලදී. කුමක් හෙයින්ද යත්? එය කීකල්හි අර්‍ත්‍ථයක් නැති බැවිනි.
පඤ්ඤාපටිලාභායාතිආදීනි සොළස පදානි පටිසම්භිදාමග්ගෙ “සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති …පෙ… නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තී”ති එවං මාතිකං ඨපෙත්වා විත්ථාරිතානෙව. වුත්තඤ්හෙතං (පටි· ම· 3.4) –
පඤ්ඤාපටිලාභාය යන ආදී සොළොස් පදයේ පටිසම්හිදා මග්ගයේදී’ ‘සත්පුරුසයන් ඇසුරු කිරීම, සද්ධාර්මශවණය, යොනිසොමනසිකාරය, ධම්මානධම්මපටිපත්තිය යන මේ ධර්මසතර මහණෙනි, වඩනලද්දේ වැඩිදියුණු කරනලද්දේ ප්‍රඥා ප්‍රතිලාභය සඳහා පවතියි. -පෙ- තියුණු වැටහීම සඳහා පවතී’යයි මෙසේ මාතෘකා තබා විස්තර කරනලද්දේමය. මෙයද කියනලදී:
පඤ්ඤාපටිලාභාය සංවත්තන්තීති. “කතමො පඤ්ඤාපටිලාභො? චතුන්නං මග්ගඤාණානං, චතුන්නං ඵලඤාණානං, චතුන්නං පටිසම්භිදාඤාණානං, ඡන්නං අභිඤ්ඤාඤාණානං, තෙසත්තතීනං ඤාණානං, සත්තසත්තතීනං ඤාණානං ලාභො පටිලාභො පත්තිසම්පත්ති ඵස්සනා සච්ඡිකිරියා උපසම්පදා, පඤ්ඤාපටිලාභාය සංවත්තන්තීති අයං පඤ්ඤාපටිලාභො.
‘ප්‍රඥා ප්‍රතිලාභය සඳහා පවතී යනු කවර නම් ප්‍රඥා ප්රතිලායක්ද යත්? සතර මාර්ග ඥානයන්ගේ, සතර ඵලඥානයන්ගේ, සතර පටිසම්හිදා ඥානයන්ගේ, සවැදැරුම් අභිඥාඥානයන්ගේ තෙසැත්තෑ ඥානයන්ගේ සත්සැත්තෑඥානයන්ගේ ලාභය, ප්‍රතිලාභය, පැමිණීම, සමාපත්තිය, ස්පර්ශකිරීම, පසක් කිරීම, එළැඹීම, ප්‍රඥාප්‍රතිලාභය සඳහා පවතීයන මේ ප්‍රඥා ප්‍රතිලාභයයි.
පඤ්ඤාවුද්ධියා සංවත්තන්තීති. “කතමා පඤ්ඤාවුද්ධි? සත්තන්නඤ්ච සෙක්ඛානං පුථුජ්ජනකල්යාණකස්ස ච පඤ්ඤා වඩ්ඪති, අරහතො පඤ්ඤා වඩ්ඪිතවඩ්ඪනා, පඤ්ඤාවුද්ධියා සංවත්තන්තීති අයං පඤ්ඤාවුද්ධි.
‘ප්‍රඥාවගේ වැඩීම සඳහා පවතින් යන්නෙන් කවරනම් ප්රඥාවැඩීමක්ද යත්? ශෛක්ෂයන් සත්දෙනාගේද කල්‍යාණ පෘථග්ජනයාගේද ප්‍රඥාව වැඩෙයි. රහතන්වහන්සේගේ වැඩුණු ප්‍රඥාවේ වැඩීම වෙයි. ප්රඥාවර්ධනය සඳහා පවතී යන්නෙහි මේ ප්‍රඥා වැඩීමයි.
පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති. “කතමං පඤ්ඤාවෙපුල්ලං? සත්තන්නඤ්ච සෙක්ඛානං පුථුජ්ජනකල්යාණකස්ස ච පඤ්ඤා වෙපුල්ලං ගච්ඡති, අරහතො පඤ්ඤා වෙපුල්ලං ගතා, පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති ඉදං පඤ්ඤාවෙපුල්ලං.
‘ප්‍රඥාවේ විපුලත්වය සඳහා පවතිත්’ යැයිකවර ප්‍රඥා විපුලත්වයක්දයත්? ශෛක්ෂයන් සත්දෙනාගේද පෘථග්ජන කල්යාණයාගේද ප්‍රඥාව විපුලත්වයට යයි. රහතන්වහන්සේගේ ප්‍රඥාව විපුලත්වයට ගියේයි. ප්‍රඥාවේ විපුලත්වය සඳහා පවතිත් යන්නෙහි මේ ප්රඥාවිපුලත්වයයි.
මහාපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා මහාපඤ්ඤා? මහන්තෙ අත්ථෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ ධම්මෙ…පෙ… මහන්තා නිරුත්තියො, මහන්තානි පටිභානානි, මහන්තෙ සීලක්ඛන්ධෙ, මහන්තෙ සමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ, මහන්තානි ඨානාට්ඨානානි, මහන්තා විහාරසමාපත්තියො, මහන්තානි අරියසච්චානි, මහන්තෙ සතිපට්ඨානෙ, සම්මප්පධානෙ, ඉද්ධිපාදෙ, මහන්තානි ඉන්ද්රියානි, මහන්තානි බලානි, මහන්තෙ බොජ්ඣඞ්ගෙ, මහන්තෙ අරියමග්ගෙ, මහන්තානි සාමඤ්ඤඵලානි, මහාභිඤ්ඤායො, මහන්තං පරමත්ථං නිබ්බානං පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා, මහාපඤ්ඤතාය සංවත්තන්තීති අයං මහාපඤ්ඤා.
‘මහාපඤ්ඤතාය සංවත්තන්ති’ මහාප්‍රඥා ඇතිබව සඳහා පවතින් යන්නෙහි කවර මහා ප්‍රඥාවක්ද යත්? මහත් අර්ථයන් පරීක්ෂා කෙරේනුයි මහාපඤ්ඤ නමි. මහත් ධර්මයන් -පො- මහත් නිරුක්තීන්, මහත් ප්‍රතිභානයන් මහත් ශීලස්කන්‍ධයන් මහත් සමාධී ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් මහත් ස්ථානාස්ථානයන් මහාවිහාරසම්පත්තීන් මහත් ආර්‍ය්‍යසත්‍යයන් මහත් සතිපට්ඨානයන් සම්‍යක් ප්‍රධානයන් සාද්ධිපාදයන් මහත් ඉන්ද්රියයන් මහත් බලයන් මහත් බෝධ්‍යංගයන්, මහත්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, මහත් ශ්රමණඵලයන් මහා අභිඥාවන් මහත් පරමාර්ත්ථයවූ නිර්වාණය පරීක්ෂා කොට දනීනුයි මහාපඤ්ඤ නමි. මහාප්‍රඥා ඇතිබව සඳහා පවතිත්යන්නෙහි මේ මහාප්රඥාවයි.
පුථුපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා පුථුපඤ්ඤා? පුථු නානාක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා. පුථු නානාධාතූසු, පුථු නානාආයතනෙසු, පුථු නානාපටිච්චසමුප්පාදෙසු, පුථු නානාසුඤ්ඤතමනුපලබ්භෙසු, පුථු නානාඅත්ථෙසු, ධම්මෙසු, නිරුත්තීසු, පටිභානෙසු, පුථු නානාසීලක්ඛන්ධෙසු, සමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනක්ඛන්ධෙසු, පුථු නානාඨානාට්ඨානෙසු, පුථු නානාවිහාරසමාපත්තීසු, පුථු නානාඅරියසච්චෙසු, පුථු නානාසතිපට්ඨානෙසු, සම්මප්පධානෙසු, ඉද්ධිපාදෙසු, ඉන්ද්රියෙසු, බලෙසු, බොජ්ඣඞ්ගෙසු, පුථු නානාඅරියමග්ගෙසු, පුථු නානාසාමඤ්ඤඵලෙසු, පුථු නානාඅභිඤ්ඤාසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා. පුථු නානාජනසාධාරණෙ ධම්මෙ සමතික්කම්ම පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා. පුථුපඤ්ඤතාය සංවත්තන්තීති අයං පුථුපඤ්ඤා.
‘පුථුපඤ්ඤතාය සංවත්තනති’ පැතිරසිටි (වෙන්වෙන්වූ) ප්‍රඥා ඇතිබව සඳහා පවතිත් යන්නෙහි වෙන් වෙන්වූ ප්‍රඥාව කවරේදයත්, වෙන්වෙන්වූ නොයෙක් ස්කන්ධයන්හි ඥානය පවතීයයි (පුථුපඤ්ඤා) වෙන්වෙනවූ ප්‍රඥාව නමි. වෙන් වෙන්වූ නොයෙක් ධාතූන්හි, වෙන්වෙන්වූ නොයෙක් ආයතනයන්හි, වෙන්වෙන්වූ නොයෙක් ප්රතීත්යසමුත්පාදයන්හි වෙන්වෙන්වූ නොයෙක් ශූන්යතානුලබ්ධයන්හි වෙන්වෙන්වූ නොයෙක් ප්‍රතිභානයන්හි වෙන්වෙන්වූ නොයෙක් ශීලස්කන්ධයන්හි සමාධි විමුත්තීන්හි වෙන්වෙන්වූ නොයෙක් නිමුක්තිඥාන දර්ශනස්කන්ධයන්හි සමාධි විමුත්තීන්හි වෙන්වෙන්වූ නොයෙක් විමුක්තිඥාන දර්ශනස්කන්ධයන්හි වෙන්වෙන්වූ නොයෙක් ස්ථානාස්ථානයන්හි වෙන්වෙන්වූ නොයෙක් විහාරසමාපත්තීන්හි වෙන්වෙන්වූ නොයෙක් ආර්ය්යසත්යයන්හි වෙන්වෙන්වූ නොයෙක් සතිපට්ඨානයන්හි සම්‍යක් ප්‍රධානයන්හි සෘද්ධිපාදයන්හි ඉන්ද්රියයන්හි බලයන්හි බොධ්යංගයන්හි නොයෙක් ආර්‍ය්‍යමාර්‍ගයන්හි වෙන්වෙන්වූ නොයෙක් ශ්‍රමණ ඵලයන්හි වෙන්වෙන්වූ නොයෙක් අභිඥාවන්හි ඥානය පවතීනුයි පුථුපඤ්ඤානමි. වෙන් වෙන්වූ නොයෙක් ජනසාධාරණ ධර්මයන් ඉක්මවා පරමාර්ත්ථයවූ නිර්වාණයෙහි ඥානය පවතීනුයි පූථූපඤ්ඤානමි. වෙන්වෙන්වූ ප්‍රඥා ඇති බව සඳහා පවතිත් යන්නෙහි මේ පුථුපඤ්ඤානමි.
විපුලපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා විපුලපඤ්ඤා? විපුලෙ අත්ථෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා…පෙ… විපුලං පරමත්ථං නිබ්බානං පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලපඤ්ඤතාය සංවත්තන්තීති අයං විපුලපඤ්ඤා.
‘විපුල පඤ්ඤාතාය සංවත්තනතී’ පැතුරුණු ප්‍රඥාව ඇතිබව සඳහා පවතිත් යන්නෙහි පැතුරුණු ප්‍රඥාව කවරේදයත්? පැතුරුණු අර්‍ත්‍ථයන්හි පරීක්ෂා කෙරේනුයි පැතුරුණු ප්‍රඥානමි. -පෙ- පැතුරුණු පරමාර්ථයවූ නිර්වාණය පරීක්ෂා කොට ගනීනුයි පැතුරුණු ප්‍රඥානමි. පැතුරුණු ප්‍රඥාව ඇතිබව සඳහා පවතිත් යන්නෙහි මේපැතුරුණු ප්රඥාවයි.
ගම්භීරපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා ගම්භීරපඤ්ඤා? ගම්භීරෙසු ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා. පුථුපඤ්ඤාසදිසො විත්ථාරො. ගම්භීරෙ පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරපඤ්ඤතාය සංවත්තන්තීති අයං ගම්භීරපඤ්ඤා.
‘ගම්භීරපඤ්ඤතාය සංවත්තනති’ ගැඹුරු ප්‍රඥා ඇතිබව සඳහා පවතිත් යන්නෙහි ගැඹුරු ප්‍රඥාව කවරේද යත්? ගැඹුරුවූ ස්කන්ධයන්හි ඥානය පවතීනුයි ගැඹුරු ප්‍රඥාව කවරේද යත්? ගැඹුරුවූ ස්කන්ධයන්හි ඥානය පවතීනුයි ගැඹුරු ප්‍රඥාව නමි. විස්තරය පුථුපඤ්ඤා යන්නට සමානය. ගැඹුරුවූ පරමාර්ත්ථමය නිර්වාණයෙහි ඥානය පවතීනුයි ගැඹුරු ප්රඥාවනමි. ගැඹුරු ප්‍රඥාව ඇතිබව සඳහා පවතිත් යන්නෙහි මේ ගැඹුරු ප්රඥාවයි.
අසාමන්තපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා අසාමන්තපඤ්ඤා? යස්ස පුග්ගලස්ස අත්ථවවත්ථානතො අත්ථපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය. ධම්මනිරුත්තිපටිභානවවත්ථානතො පටිභානපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්ස අත්ථෙ ච ධම්මෙ ච නිරුත්තියා ච පටිභානෙ ච න අඤ්ඤො කොචි සක්කොති අභිසම්භවිතුං, අනභිසම්භවනීයො ච සො අඤ්ඤෙහීති අසාමන්තපඤ්ඤො.
‘අසමාන්තපඤ්ඤතාය සංවත්තනති’ අසාමන්ත (අසමීප) ප්‍රඥාව කවරේදයත්? යම්කිසි පුද්ගලයකුට අර්ත්ථ නිගමනය කිරීම් වශයෙන් අර්ත්ථ පටිසම්භිදාව අවබෝදවූයේ වේද ප්‍රඥාවෙන් පසක්කරනලද්දේ ස්පර්ශ කරනලද්දේවේද ප්‍රඥාවෙන් පසක් කරනලද්දේ ස්පර්ශ කරනලද්දේ වේද ධර්මනිරුක්තිප්රතිභාන නිගමනය කිරීම් වශයෙන් පටිභාන පටිසම්භිදාව අවබෝද කරනලද්දේ ප්‍රඥාවෙන් පසක්කරනලද්දේ ස්පර්ශ කරනලද්දේ වේද ඔහුට අර්ත්ථයෙහිද ධර්මයෙහිද නිරුක්තියෙහිද ප්‍රතිභානයෙහිද ලඟාවීමට (යටපත් කිරීමට) අන්කිසිවෙක් සමත් නොවෙයි. හෙතෙම අනුන් විසින් ලඟාවිය නොහැක්කේනුයි අසාමන්ත ප්‍රඥා ඇත්තේ නම් වෙයි.
පුථුජ්ජනකල්යාණකස්ස පඤ්ඤා අට්ඨමකස්ස පඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, පුථුජ්ජනකල්යාණකං උපාදාය අට්ඨමකො අසාමන්තපඤ්ඤො. අට්ඨමකස්ස පඤ්ඤා සොතාපන්නස්ස පඤ්ඤාය දූරෙ…පෙ… අට්ඨමකං උපාදාය සොතාපන්නො අසාමන්තපඤ්ඤො. සොතාපන්නස්ස පඤ්ඤා සකදාගාමිස්ස පඤ්ඤාය. සකදාගාමිස්ස පඤ්ඤා අනාගාමිස්ස පඤ්ඤාය. අනාගාමිස්ස පඤ්ඤා අරහතො පඤ්ඤාය. අරහතො පඤ්ඤා පච්චෙකබුද්ධස්ස පඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, අරහන්තං උපාදාය පච්චෙකබුද්ධො අසාමන්තපඤ්ඤො. පච්චෙකබුද්ධඤ්ච සදෙවකඤ්ච ලොකං උපාදාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො අග්ගො අසාමන්තපඤ්ඤො.
කල්‍යාණ පෘථග්ජන පුද්ගලයාගේ ප්‍රඥාව අටවැන්නහුගේ (රහතන්වහන්සේගේ) ප්‍රඥාවෙන් දුරෙහිය. ඈතය. ඉතා දුරෙහි. සමීපයෙහි නොවේ. ලඟ නොවේ. කල්‍යාණ පෘථග්ජනයා ඇසුරුකොට (සලකන විට) අටවැනි පුද්ගලයා අසමාන්ත (අසමීප) ප්‍රඥා ඇත්තෙකි. සෝවාන් තැන්තාගේ ප්‍රඥාව සකෘදාගාමී තැනැත්තාගේ ප්‍රඥාවෙන්, සකෘදාගාමී තැනැත්තාගේ ප්‍රඥාව අනාගාමී තැනැත්තාගේ ප්‍රඥාවෙන්, අනාගාමී තැනැත්තාගේ ප්‍රඥාව රහතන්වහන්සේගේ ප්‍රඥාවෙන් රහතන් වහන්සේගේ ප්‍රඥාව පසේබුදුන් වහන්සේගේ ප්‍රඥාවෙන් දුරෙහිය. ඈතය, ඉතා දුරෙහිය. සමීපයෙහි නොවේ. ලඟ නොවේ. රහතන්වහන්සේ ගෙන සලකන විට පසේබුදුන්වහන්සේ අසාමන්ත ප්‍රඥා ඇත්තෙකි. පසේබුදුන්වහන්සේද සදේවක ලෝකයාද ගෙන සලකනවිට තථාගතවූ අරහත් සම්මාසම්බුදුරජාණන්වහන්සේ අග්‍රයහ. අසාමන්ත ප්‍රඥා ඇතිසේක.
පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො…පෙ… තෙ පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච, කථිතා විසජ්ජිතා ච තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා, උපක්ඛිත්තකා ච තෙ භගවතා සම්පජ්ජන්ති. අථ ඛො භගවා තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති අග්ගො අසාමන්තපඤ්ඤො, අසාමන්තපඤ්ඤතාය සංවත්තන්තීති අයං අසාමන්තපඤ්ඤා.
‘ප්රඥාප්රභෙදයන්හි දක්ෂවූ විශේෂ විභාගයට පැමිණි ප්‍රඥා ඇති -පෙ- ඔවුහු ප්‍රශ්න පිළියෙළ කරමින් තථාගතයන්වහන්සේ වෙත එළඹ ගූඨවූද සැඟවුණ අරුත් ඇත්තාවූද ප්‍රශ්න අසති. භාග්‍යවතුන්වහන්සේ විසින් ඒ ප්‍රශ්නයෝ කියනලද්දාහුද විසඳන ලද්දාහුදවෙත්. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේම එහිලා අතිශයින් බබලනසේක. යම් මේ ප්‍රඥාවක් වේද එම ප්‍රඥාවෙනි’ යන්නෙන් අග්‍රය. අසාමනතයප්රඥා ඇත්තෝය. අසාමනතප්රඥාව සඳහා පවතිත් යන්නෙහි මේ අසාමන්ත ප්රඥාවයි.
භූරිපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා භූරිපඤ්ඤා? රාගං අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා. දොසං, මොහං, කොධං, උපනාහං, මක්ඛං, පලාසං, ඉස්සං, මච්ඡරියං, මායං, සාඨෙය්යං, ථම්භං, සාරම්භං, මානං, අතිමානං, මදං, පමාදං, සබ්බෙ කිලෙසෙ, සබ්බෙ දුච්චරිතෙ, සබ්බෙ අභිසඞ්ඛාරෙ, සබ්බෙ භවගාමිකම්මෙ අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා. රාගො අරි, තං අරිං මද්දනිපඤ්ඤාති භූරිපඤ්ඤා, දොසො, මොහො…පෙ… සබ්බෙ භවගාමිකම්මා අරි, තං අරිං මද්දනිපඤ්ඤාති භූරිපඤ්ඤා. භූරි වුච්චති පථවී, තාය පථවිසමාය විත්ථතාය විපුලාය පඤ්ඤාය සමන්නාගතොති භූරිපඤ්ඤො. අපිච පඤ්ඤාය එතං අධිවචනං භූරි මෙධා පරිණායිකාති, භූරිපඤ්ඤතාය සංවත්තන්තීති අයං භූරිපඤ්ඤා.
‘භූරි පඤ්ඤතාය සංවත්තනති’ යන්නෙහි භූරිපඤ්ඤාච කවරේද යත්? රාගය මැඩපවත්වන්නේනුයි භූරිපඤ්ඤ නමි. මැඩපවත්වනලද්දේනුයි භූරිපඤ්ඤා නමි. දොස, මොහ, කොධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය මයා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යන සියලු කෙලෙසුන් සියලු දුසිරිත් සියලු අභිසංස්කාරයන් සියලු භවගාමී කර්මයන් මැඩපවත්වන්නේනුයි භූරිපඤ්ඤනමි. මැඩපවත්වනලද්දේනුයි භූරිපඤ්ඤ නමි. රාගය සතුරෙකි. ඒ සතුරා මඩනා ප්‍රඥාව යන්නෙන් භූරිපඤ්ඤායි ද්වේෂය, මොහය -පෙ- සියලුභවගාමීකර්ම සතුරෙකි. ඒ සතුරා මඩනා ප්‍රඥාව යන්නෙන් භූරිපඤ්ඤායි. පෘථිවිය භූරියයි කියනුලැබේ. ඒ පෘථිවිය සමානව පළල්වූද මහත්වූද ප්‍රඥාවෙන් යුක්තවූයේයි භූරි ප්‍රඥා ඇත්තෙනමි. තවද ප්‍රඥාවට මෙය නමෙකි. ‘භූරි මෙධා පරිණායිකා’ යනු හෙයින්ද භූරිපඤ්ඤනමි. ‘භූරිපඤ්ඤතාය සංවත්තන්ති’ යන්නෙහි මේ භූරිපඤ්ඤායි.
පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තීති. “කතමං පඤ්ඤාබාහුල්ලං? ඉධෙකච්චො පඤ්ඤාගරුකො හොති පඤ්ඤාචරිතො පඤ්ඤාසයො පඤ්ඤාධිමුත්තො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො ඔක්ඛායනබහුලො සමොක්ඛායනබහුලො සම්පෙක්ඛායනධම්මො විභූතවිහාරී තච්චරිතො තග්ගරුකො තබ්බහුලො තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තො තදාධිපතෙය්යො, යථා ගණගරුකො වුච්චති ගණබාහුලිකොති, චීවරගරුකො පත්තගරුකො සෙනාසනගරුකො වුච්චති සෙනාසනබාහුලිකොති, එවමෙවං ඉධෙකච්චො පඤ්ඤාගරුකො හොති පඤ්ඤාචරිතො…පෙ… තදාධිපතෙය්යො, පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තීති ඉදං පඤ්ඤාබාහුල්ලං.
‘පඤ්ඤාබාහුල්ලාය සංවත්තනති’ යන්නෙහි ප්රඥාබාහුල්යය කවරේද යත්? මෙහි කිසිවෙක් ප්රඥාගරුකවූයේ වෙයි. ප්‍රඥාචරිත ඇත්තේ, ප්‍රඥා ආසය ඇත්තේ, ප්රඥාධිමුක්තවූයේ, ප්රඥාධවජවූයේ, ප්රඥාකේතුවූයේ, ප්‍රඥාව අධිපති කොඇත්තේ, පරීක්ෂාබහුලවූයේ, දැඩිපරීක්ෂාව බහුලකොට ඇත්තේ, ගැඹුරට යොමුවීම බහුලකොට ඇත්තේ, මනාව විමසා බැලීම ස්වභාවයකොට ඇත්තේ, ප්‍රකට පැවැතුම් ඇත්තේ, එය චරිතයකොටඇත්තේ, එය ගරුකකොට ඇතේතේ, එය බහුලකොට ඇත්තේ, එයට නතුවූයේ, එයට යොමු වූයේ එදෙසට නැඹුරු වූයේ, එහි ඇලී සිටින්නේ, එය අධිපතිකොටඇත්තේයි. යම්සේ ගණයා (සමුහයා) ගෙන්බරවූ තැනැත්තේ ගනබාහුලිකයි කියනුලැබේද චීවරගරුක පත්තගරුක සෙනාසනගරුක තැනැත්තේ සෙනාසනබාහුලිකයයි කියනුලැබේද මෙසේම මෙහි කිසිවෙක් ප්රඥාගරුකවූයේ වෙයි. ප්රඥාචරිතවූයේ -පෙ- ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වෙයි. ‘ප්රඥාබාහුල්යය සඳහා පවතිත්’ යන්නෙහි මේ ප්රඥාබාහුල්යයයි
සීඝපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා සීඝපඤ්ඤා? සීඝං සීඝං සීලානි පරිපූරෙතීති සීඝපඤ්ඤා. සීඝං සීඝං ඉන්ද්රියසංවරං, භොජනෙ මත්තඤ්ඤුතං, ජාගරියානුයොගං, සීලක්ඛන්ධං, සමාධි-පඤ්ඤා-විමුත්ති-විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා. සීඝං සීඝං ඨානාට්ඨානානි පටිවිජ්ඣති. විහාරසමාපත්තියො පරිපූරෙති. අරියසච්චානි පටිවිජ්ඣති. සතිපට්ඨානෙ භාවෙති. සම්මප්පධානෙ ඉද්ධිපාදෙ ඉන්ද්රියානි බලානි බොජ්ඣඞ්ගෙ අරියමග්ගං භාවෙතීති සීඝපඤ්ඤා. සීඝං සීඝං සාමඤ්ඤඵලානි සච්ඡිකරොතීති සීඝපඤ්ඤා. සීඝං සීඝං අභිඤ්ඤායො පටිවිජ්ඣතීති සීඝපඤ්ඤා. සීඝං සීඝං පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති සීඝපඤ්ඤා, සීඝපඤ්ඤතාය සංවත්තන්තීති අයං සීඝපඤ්ඤා.
‘සීඝපඤ්ඤතාය සංවත්තන්ති’ යන්නෙහි සීඝපඤ්ඤා යනු කවරේදයත්? වහවහා සිල් සපුරන්නේනුයි සීඝපඤ්ඤා නමි. වහවහා ඉන්ද්රි සංවරය, බොජුනෙහි පමණ දන්නාබව, අවදියෙන් සිටීම, ශීලස්කන්ධය, සමාධි, ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන දර්ශන ස්කන්ධයන් වහවහා සපුරන්නේනුයි සීඝපඤ්ඤා නමි. වහවහා තැන නොතැන දනීනුයි, විහාර සමවත් සපුරන්නේයි ආර්ය සත්‍යයන් අවබෝධ කරන්නේයි සතිපට්ඨානයන් වඩන්නේයි සම්‍යක්ප්‍රධානයන් සෘද්ධිපාදයන් ඉනද්රයයන් බලයන් බොධ්‍යංගයන් ආර්යමාර්ගය වඩන්නේනුයි සීඝපඤ්ඤානමි. වහවහා ශ්රමණඵලයන් පසක් කෙරේනුයි සීඝපඤ්ඤානමි. වහවහා අභිඥාවන් දැනගනීනුයි සීඝපඤ්ඤානමි. වහවහා පරමාර්ථමය වූ නිර්වාණය ප්රත්යක්ෂ කෙරේනුයි සීඝපඤ්ඤානමි. සීඝපඤ්ඤතාය සංවත්තනතී යන්නෙහි මේ සීඝපඤ්ඤාවයි.
ලහුපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා ලහුපඤ්ඤා? ලහුං ලහුං සීලානි පරිපූරෙතීති ලහුපඤ්ඤා…පෙ… ලහුපඤ්ඤතාය සංවත්තන්තීති අයං ලහුපඤ්ඤා.
‘ලහුපඤ්ඤතාය සංවත්තනති’ යන්නෙහි ලහුපඤ්ඤා යනු කවරේදයත්? ඉක්මණින් ඉක්මණින් ශීලයන් සපුරන්නේනුයි ලහුපඤ්ඤානමි. -පෙ- ඉක්මණින් ඉක්මණින් ශීලයන් සපුරන්නේනුයි ලහපඤ්ඤානමි. -පෙ- ඉක්මණින් ඉක්මණින් පරමාර්ථමයවූ නිර්වාණය පසක්කෙරේනුයි ලහුපඤ්ඤානමි. ලහපඤ්ඤතාය සංවත්තන්ති යන මෙහි මේ ලහුපඤ්ඤානම් වේ.
හාසපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා හාසපඤ්ඤා? ඉධෙකච්චො වෙදබහුලො තුට්ඨිබහුලො හාසබහුලො පාමොජ්ජබහුලො සීලානි පරිපූරෙතීති හාසපඤ්ඤා…පෙ… පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති හාසපඤ්ඤා, හාසපඤ්ඤතාය සංවත්තන්තීති අයං හාසපඤ්ඤා.
හාසුපඤ්ඤතාය සංවත්තන්ති යන්නෙහි හාසුපඤ්ඤා යනු කවරේදයත්? මෙහි යම්කිසි සතුටුබහුලවූ විඳීම් බහුලවූ තුටුවීම් බහුලවූ තැනැත්තෙක් සිල් සපුරන්නේනුයි හාසුපඤ්ඤානමි -පෙ- පරමාර්ථමයවූ නිර්වාණය පසක්කරන්නේනුයි හාසුපඤ්ඤානමි. හාසුපඤ්ඤතාය සංවත්තනති යන්නෙහි මේ හාසුපඤ්ඤානමි.
ජවනපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා ජවනපඤ්ඤා? යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙචි සඞ්ඛාරා, යංකිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, දුක්ඛතො, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. චක්ඛුං…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා…පෙ… ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. රූපං…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, ජවනපඤ්ඤතාය සංවත්තන්තීති අයං ජවනපඤ්ඤා.
ජවනපඤ්ඤතාය සංවත්තන්ති යන්නෙහි ජවනපඤ්ඤා යනු කවරේදයත්? අතීත අනාගත හා වර්තමානයන්ට අයත්වූ යම්කිසි රූපයක් යම්කිසි වේදනාවක්, යම්කිසි සංඥාවක්, යම්කිසි සංස්කාරයක්, යම්කිසි විඥානයක් අතීත අනාගත හා වර්තමානයන්ට අයත්වූ ආධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ රළුවූ හෝ මෘදුවූ හීන වූ හෝ ප්‍රණීතවූ දුරෙහිවූ හෝ සමීපයෙහිවූ රළුවූ හෝ මෘදුවූ හීන වූ හෝ ප්‍රණීතවූ දුරෙහිවූ හෝ සමීපයෙහිවූ සියලුම විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් වහා දිවේනුයි ජවනපඤ්ඤානමි. දුක් වශයෙන් අනාත්ම වශයෙන් වහා දිවේනුයි ජවන පඤ්ඤානමි. අතීත අනාගතහා වර්තමානයන්ට අයත්වූ ඇස -පෙ- ජරාමරණ අනිත්‍යවශයෙන් දු:ඛවශයෙන් අනාත්ම වශයෙන් වහා දිවේනුයි ජවනපඤ්ඤා නමි. අතීත අනාගත හා වර්තමානවූ රූපය වැයවීම් අරුතින් අනිත්‍යය, බියදනවසුලු අරුතින් දුක්ඛ්ය, නිසරු අරුතින් අනාත්මයයි සසඳා තීරණයකොට ප්‍රකටකොට පැහැදිලිකොට රූපනිරෝධයවූ නිවනෙහි වහා දිවේනුයි ජවනපඤ්ඤානමි. -පෙ- ජරාමරණයන්ගේ නිරෝධයවූ නිවනෙහි වහා දිවේනුයි ජවනපඤ්ඤානමි. රූපය -පෙ- ජරාමරණය අතීත අනාගත හා වර්තමානයන්හි උපන්නෙකි. අනිත්‍යය, සංස්කෘතය, ප්රතීත්යසමුත්පන්නය: ක්ෂයවීම ස්වභාවකොට ඇත. විනාශය ස්වභාවකොට ඇත. අත්හැරීම ස්වභාවකොට ඇත. නිරොධය ස්වභාවකොට ඇතැයි සසඳා තීරණයකොට ප්‍රකටකොට පැහැදිලිකොට ජරාමරණ නිරෝදයවූ නිවනෙහි වහා දිවේනුයි ජවනපඤ්ඤා නමි. ‘ජවනපඤ්ඤතාය සංවත්තන්ති යන්නෙහි මේ ජවනපඤ්ඤානමි.
තික්ඛපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා තික්ඛපඤ්ඤා? ඛිප්පං කිලෙසෙ ඡින්දතීති තික්ඛපඤ්ඤා. උප්පන්නං කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා. උප්පන්නං රාගං, දොසං, මොහං…පෙ… සබ්බෙ භවගාමිකම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා. එකස්මිං ආසනෙ චත්තාරො අරියමග්ගා චත්තාරි සාමඤ්ඤඵලානි චතස්සො පටිසම්භිදායො ඡ අභිඤ්ඤායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤායාති තික්ඛපඤ්ඤා, තික්ඛපඤ්ඤතාය සංවත්තන්තීති අයං තික්ඛපඤ්ඤා.
තික්ඛපඤ්ඤතාය සංවත්තනති යන්නෙහි තික්ඛපඤ්ඤායනු කවරේදයත්? වහා කෙලෙසුන් සිඳින්නේනුයි තික්ඛපඤ්ඤානමි. උපන් කාමවිතර්කය ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, උපනුපන් පවිටු අකුසල් දහම් නොඉවසයි. පහකරයි දුරුකරයි විනාශකරයි. නොපවත්නා බවට පමුණුවයි. යන්නෙන් තික්ඛපඤ්ඤායි. උපන් රාගය, ද්වේෂය, මෝහය -පෙ- සියලු භවගාමී කර්මයන් නොඉවසයි. පහකරයි. දුරුකරයි. විනාශ කරයි. නොපවත්නා බවට පමුණුවයි යන්නෙන් තික්ඛපඤ්ඤායි. එකම අසුනෙක්හි සතර ආර්ය්යමාර්ග, සතර ශ්‍රමණඵල සතර ප්‍රතිසම්භිදා අභිඥාසය, අවබෝධ කරන්ලද්දාහු වෙත්. ප්‍රඥාවෙන් පසක් කරන ලද්දාහුය, ස්පර්ශකරන ලද්දාහුයයි තික්ඛපඤ්ඤානමි
නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තීති. “කතමා නිබ්බෙධිකපඤ්ඤා? ඉධෙකච්චො සබ්බසඞ්ඛාරෙසු උබ්බෙගබහුලො හොති උත්තාසබහුලො උක්කණ්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ්බසඞ්ඛාරෙසු, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං දොසක්ඛන්ධං, මොහක්ඛන්ධං, කොධං, උපනාහං…පෙ… සබ්බෙ භවගාමිකම්මෙ නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තීති අයං නිබ්බෙධිකපඤ්ඤා”.
නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තී නිබේබධිකපඤ්ඤා යනු කවරේදයත්? මෙහි යම් කිසිවෙක් සියලු සංස්කාරයන්හි උද්වේගය බහුල කොට ඇත්තේ, උත්‍රාස බහුල කොට ඇත්තේ කළකිරීම බහුල කොට ඇත්තේ, නොඇලීම බහුල කොට ඇත්තේ, අනභිරතිය බහුලකොට ඇත්තේ, පරාංමුඛවූයේ සියලු සංස්කාරයන්හි නොඇලෙයි. නොකැඩුණු, නොපැළුණු ලොභස්කන්ධය සිඳියි, පළාලයි යන්නෙන් නිබේබධික පඤ්ඤා නමි. නොකැඩුණු, නොපැළුණු දොසක්ඛන්ධය, මොහක්ඛන්ධය ක්‍රොධය, උපනාහය -පෙ- සියලු භවගාමී කර්මයන් සිඳියි පළාලයි යන්නෙන් නිබේබධිකපඤ්ඤානමි. නිබේබධික පඤ්ඤාව සඳහා පවතිත් යන්නෙහි මේ නිබේබධිකපඤ්ඤාවයි.
එවං පටිසම්භිදාමග්ගෙ වුත්තනයෙනෙවෙත්ථ අත්ථො වෙදිතබ්බො. කෙවලඤ්හි තත්ථ බහුවචනං, ඉධ එකවචනන්ති අයමෙව විසෙසො. සෙසං තාදිසමෙවාති. ඉමා ච පන සොළස මහාපඤ්ඤා ලොකියලොකුත්තරමිස්සකාව කථිතා.
මෙසේ පටිසමභිදා මග්ගයෙහි කියනලද අයුරින්ම අර්ථය දත යුතුය. හුදෙක් එහි බහුවචනයය. මෙහි එකවචනයය යන මෙයම විශේෂයයි. සෙස්ස එබඳුමය. මේ සොළොස් මහා ප්‍රඥාවද ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලදී.
කායගතාසතිවග්ගවණ්ණනා.