අමතවග්ගො අට්ඨකථා
අමතවග්ගො
අමෘත වර්ගය
අමතං තෙ, භික්ඛවෙ, න පරිභුඤ්ජන්තීති මරණවිරහිතං නිබ්බානං න පරිභුඤ්ජන්තීති අත්ථො. නනු ච නිබ්බානං ලොකුත්තරං, කායගතාසති ලොකියා, කථං තං පරිභුඤ්ජන්තා අමතං පරිභුඤ්ජන්තීති? තං භාවෙත්වා අධිගන්තබ්බතො. කායගතඤ්හි සතිං භාවෙන්තො අමතමධිගච්ඡති, අභාවෙන්තො නාධිගච්ඡති. තස්මා එවං වුත්තං. එතෙනුපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. අපි චෙත්ථ විරද්ධන්ති විරාධිතං නාධිගතං. ආරද්ධන්ති පරිපුණ්ණං. පමාදිංසූති පමජ්ජන්ති. පමුට්ඨන්ති සම්මුට්ඨං විස්සරිතං නට්ඨං වා. ආසෙවිතන්ති ආදිතො සෙවිතං. භාවිතන්ති වඩ්ඪිතං. බහුලීකතන්ති පුනප්පුනං කතං. අනභිඤ්ඤාතන්ති ඤාතඅභිඤ්ඤාය අජානිතං. අපරිඤ්ඤාතන්ති ඤාතපරිඤ්ඤාවසෙනෙව අපරිඤ්ඤාතං. අසච්ඡිකතන්ති අපච්චක්ඛකතං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අමතං තෙ භික්ඛවෙ න පරිභූඤ්ජන්ති යනු මරණයෙන් තොරවූ නිවන නොවිඳිති යන අර්ථයි. නිවන ලෝකෝත්තරවූයේ කායගතාසතිය ලෞකික වූයේ නොවේද? කෙසේනම් එය නොවිඳින්නාහු අමෘතය නොවිඳිත්දයත්? එය වඩා අවබෝධ කටයුතු බැවිනි. කායගතාසතිය වඩන්නේ අමෘතය අවබෝධ කරයි. නොවඩන්නේ අවබෝධ නොකරයි එබැවින් මෙසේ කියනලදී. මේ අයුරින් සියලු තන්හි අර්ථය දතයුතුය. තවද මෙහි විරද්ධං යනු වළකනු ලැබූයි. අවබෝධ නොකළා වූයි. ආරද්ධං යනු සපිරුණුයි. පමාදිංසු යනු පමාවෙත් යනුයි. පමුට්ඨං යනු මුළාවට පත්වූ අමතක කළ හෝ නැසීගිය යනුයි. ආසෙවිතං යනු මුලසිට සෙවුනාලදයි. භාවිතං යනු වඩනාලදයි බහුලීකතං යනු යළියළිත් කරනලදයි. අනභිඤ්ඤාතං යනු ප්රකට අභිඥාවෙන් නොදන්නාලදයි. අපරිඤ්ඤාතං යනු ප්රකට පරිඤ්ඤා වශයෙන් වෙන්කොට නොදන්නාලද යනුයි. අසච්ජිකතං යනු ප්රත්යක්ෂ නොකරනලදයි. සච්ඡිකතං යනු ප්රත්යක්ෂකරනලද යනුයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
අමතවග්ගවණ්ණනා.
මනොරථපූරණියා අඞ්ගුත්තරනිකාය-අට්ඨකථාය සහස්සසුත්තන්තපරිමාණස්ස එකකනිපාතස්ස සංවණ්ණනා නිට්ඨිතා.
මනොරථපුරණි නම්වූ අංගුත්තරනිකායට්ඨකථාවෙහි සූත්රාන්ත දහසකින් පරිමිතවූ එක්කනිපාත වර්ණනාව නිමියේයි.