යෙදුමෙන් කියවන්න

1. වස‍්සූපනායිකාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. වස්සූපනායිකා වර්ගය

වජ‍්ජසුත‍්තං

වජ්ජ සූත්‍රය

දුකනිපාතස‍්ස පඨමෙ වජ‍්ජානීති දොසා අපරාධා. දිට‍්ඨධම‍්මිකන‍්ති දිට‍්ඨෙව ධම‍්මෙ ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ උප‍්පන‍්නඵලං. සම‍්පරායිකන‍්ති සම‍්පරායෙ අනාගතෙ අත‍්තභාවෙ උප‍්පන‍්නඵලං. ආගුචාරින‍්ති පාපකාරිං අපරාධකාරකං. රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්තෙති චොරං ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා රාජපුරිසා කරොන‍්ති, රාජානො පන තා කාරෙන‍්ති නාම. තං චොරං එවං කම‍්මකාරණා කාරියමානං එස පස‍්සති. තෙන වුත‍්තං – “පස‍්සති චොරං ආගුචාරිං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්තෙ”ති. අද‍්ධදණ‍්ඩකෙහීති මුග‍්ගරෙහි, පහාරසාධනත්‍ථං වා චතුහත්‍ථදණ‍්ඩං ද‍්වෙධා ඡෙත්‍වා ගහිතදණ‍්ඩකෙහි. බිලඞ‍්ගථාලිකන‍්ති කඤ‍්ජියඋක‍්ඛලිකකම‍්මකාරණං. තං කරොන‍්තා සීසකටාහං උප‍්පාටෙත්‍වා තත‍්තං අයොගුළං සණ‍්ඩාසෙන ගහෙත්‍වා තත්‍ථ පක‍්ඛිපන‍්ති, තෙන මත්‍ථලුඞ‍්ගං පක‍්කුථිත්‍වා උත‍්තරති. සඞ‍්ඛමුණ‍්ඩිකන‍්ති සඞ‍්ඛමුණ‍්ඩකම‍්මකාරණං. තං කරොන‍්තා උත‍්තරොට‍්ඨඋභතොකණ‍්ණචූළිකගලවාටකපරිච‍්ඡෙදෙන චම‍්මං ඡින්‍දිත්‍වා සබ‍්බකෙසෙ එකතො ගණ‍්ඨිං කත්‍වා දණ‍්ඩකෙන වෙඨෙත්‍වා උප‍්පාටෙන‍්ති, සහ කෙසෙහි චම‍්මං උට‍්ඨහති. තතො සීසකටාහං ථූලසක‍්ඛරාහි ඝංසිත්‍වා ධොවන‍්තා සඞ‍්ඛවණ‍්ණං කරොන‍්ති. රාහුමුඛන‍්ති රාහුමුඛකම‍්මකාරණං. තං කරොන‍්තා සඞ‍්කුනා මුඛං විවරිත්‍වා අන‍්තොමුඛෙ දීපං ජාලෙන‍්ති, කණ‍්ණචූළිකාහි වා පට‍්ඨාය මුඛං නිඛාදනෙන ඛනන‍්ති, ලොහිතං පග‍්ඝරිත්‍වා මුඛං පූරෙති.

ද්විකනිපාතයේ පළමුවෙනි සූත්‍රයෙහි වජ්ජානි යනු දොෂයෝයි, අපරාධයෝයි. දිට්ඨධම්මිකං යනු ඉහාත්මයෙහි, මෙම ආත්මභාවයෙහි උපන් විපාකයි. සම්පරායිකං යනු පරලොවෙහි, අනාග ආත්මභාවයෙහි උපන් ප්‍රතිඵලයි. ආගුචාරිං යනු පාපකාරීවූ, අපරාධ කරන්නාවූ යනුයි. රාජනො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙනති යනු සොරුන්ගෙන රාජපුරුෂයෝ විවිධවූ වධබන්‍ධන කරත්. රජවරු එය කරවත් නම්වේ. මෙතෙම මෙසේ වධබන්‍ධන කරනුලබන සොරු බලයි. එහෙයින් ‘පස්සති චොරං ආගුචාරිං රාජනො ගහෙත්‍වා විවිධා කම්මකාරණා කාරෙනේත’යි කියනලදී. අද්ධදණ්ඩකෙහි යනු මුගුරුවලින් පහරදීම්වලින් හෝ පහරදෙනු සඳහා සිවුරියන් දඬුකඩක් දෙකට කඩා ගන්නාලද දඬුවලින් හෝයි. බිලඞ්ගථාලිකං යනු කැඳහැලියේ වධයයි. එය කරන්නාහු හිස්කබල උගුළුවා රත්වූ ලොහොගුලියක් අඬුවෙන් ගෙන එහි හෙළති. එයින් හිස්මොළය පැසී උතුරයි. සඞ්ඛමුණ්ඩකං යනු සඞ්ඛමුණ්ඩක නම් වධයයි. එය කරන්නාහු උඩුතොල දෙකන් සිළු ගලවළුව (බෙල්ලේවල) පිරිසිඳීමෙන් සමසිඳ සියලු කෙස් එකට ගැටයක් කොට දණ්ඩෙන් සොලවා උගුළුවත්, කෙස් සමඟ සම ගැලවී එයි. ඉක්බිති හිස්කබල තද ගලින් ගටා සෝදමින් හක්ගෙඩි පැහැය ඇත්තක් කරයි. රාහුමුඛං යනු රාහුමුඛ නම් වධයයි. එය කරන්නාහු අඬුවෙන් මුව විවර කොට මුවතුළ පහනක් දල්වත්. කන්සිළුවෙහි හෝ පටන් මුඛය නියනින් සාරත්, ලේ වැගිරී මුඛ්‍ය පිරෙයි.

ජොතිමාලිකන‍්ති සකලසරීරං තෙලපිලොතිකාය වෙඨෙත්‍වා ආලිම‍්පෙන‍්ති. හත්‍ථපජ‍්ජොතිකන‍්ති හත්‍ථෙ තෙලපිලොතිකාය වෙඨෙත්‍වා දීපං විය පජ‍්ජාලෙන‍්ති. එරකවත‍්තිකන‍්ති එරකවත‍්තකම‍්මකාරණං. තං කරොන‍්තා හෙට‍්ඨාගීවතො පට‍්ඨාය චම‍්මවට‍්ටෙ කන‍්තිත්‍වා ගොප‍්ඵකෙ ඨපෙන‍්ති, අථ නං යොත‍්තෙහි බන්‍ධිත්‍වා කඩ‍්ඪන‍්ති. සො අත‍්තනො චම‍්මවට‍්ටෙ අක‍්කමිත්‍වා අක‍්කමිත්‍වා පතති. චීරකවාසිකන‍්ති චීරකවාසිකකම‍්මකාරණං. තං කරොන‍්තා තථෙව චම‍්මවට‍්ටෙ කන‍්තිත්‍වා කටියං ඨපෙන‍්ති, කටිතො පට‍්ඨාය කන‍්තිත්‍වා ගොප‍්ඵකෙසු ඨපෙන‍්ති, උපරිමෙහි හෙට‍්ඨිමසරීරං චීරකනිවාසනනිවත්‍ථං විය හොති. එණෙය්‍යකන‍්ති එණෙය්‍යකකම‍්මකාරණං. තං කරොන‍්තා උභොසු කප‍්පරෙසු ච උභොසු ජාණුකෙසු ච අයවලයානි දත්‍වා අයසූලානි කොට‍්ටෙන‍්ති. සො චතූහි අයසූලෙහි භූමියං පතිට‍්ඨහති. අථ නං පරිවාරෙත්‍වා අග‍්ගිං කරොන‍්ති. “එණෙය්‍යකො ජොතිපරිග‍්ගහො යථා”ති ආගතට‍්ඨානෙපි ඉදමෙව වුත‍්තං. තං කාලෙන කාලං සූලානි අපනෙත්‍වා චතූහි අට‍්ඨිකොටීහියෙව ඨපෙන‍්ති. එවරූපා කම‍්මකාරණා නාම නත්‍ථි.

ජොතිමාලිකං යනු සියලු සිරුර තෙල් පෙඟූ කඩමාලු වෙළා ගිනි තබත්, හත්‍ථපජ්ජොතිකං යනු අතෙහි තෙල් පෙඟූ කඩමාලුවලින් වෙළා පහනක් මෙන් දල්වත්. එරකවතතිකං යනු එරකවත්ත නම් වධයයි. එය කරන්නාහු ගෙලෙන් යට පටන්ද සම්වටෙහි සාරා කපමින් ගොප් ඇටෙහි හෙළත්. හෙතෙම තමන්ගේ සම්‍වටේ ඇක්මිඇක්මී වැටෙයි. චිරකවාසිකං යනු චිරකවාසිකවධයයි. එය කරන්නාහු එසේම සම්වටෙහි සාරා කපමින් ඉඟෙහි තබත්. ඉගෙහිපටන් සාරා කපමින් ගොප් ඇටෙහි තබත්, යටිසිරුර මත්තෙහි හනවැහැරී ඇඳුමක් අඳිනලද්දාක් මෙන් වෙයි. ඵණෙය්‍යකං යනු ඵණෙය්‍යක නම් වධයයි. එය කරන්නාහු දෙවැලමිටෙහිද දෙදෙණෙහිද යකඩින් සිදුරුකොට යකඩ හුල් අනිත්. හෙතෙම යකඩ හුල් සතරකින් බිම පිහිටයි. ඉක්බිති ඔහු වටකොට ගිනිදල්වත්, ‘එණෙය්‍යකො ජොති පරිග්ගහො යථා’යි ආ තැන්හිද මෙයම කියනලදී. කලින් කලට යකඩහුල් ඉවත් කොට ඔහුට ඇට කෙළවර සතරින්ම තබත්. මෙබඳුවූ වධයක් නම් නැත.

බළිසමංසිකන‍්ති උභතොමුඛෙහි බළිසෙහි පහරිත්‍වා චම‍්මමංසන‍්හාරූනි උප‍්පාටෙන‍්ති. කහාපණිකන‍්ති සකලසරීරං තිණ‍්හාහි වාසීහි කොටිතො පට‍්ඨාය කහාපණමත‍්තං, කහාපණමත‍්තං පාතෙන‍්තා කොට‍්ටෙන‍්ති. ඛාරාපතච‍්ඡිකන‍්ති සරීරං තත්‍ථ තත්‍ථ ආවුධෙහි පහරිත්‍වා කොච‍්ඡෙහි ඛාරං ඝංසන‍්ති, චම‍්මමංසන‍්හාරූනි පග‍්ඝරිත්‍වා අට‍්ඨිකසඞ‍්ඛලිකාව තිට‍්ඨති. පලිඝපරිවත‍්තිකන‍්ති එකෙන පස‍්සෙන නිපජ‍්ජාපෙත්‍වා කණ‍්ණච‍්ඡිද‍්දෙන අයසූලං කොට‍්ටෙත්‍වා පථවියා එකාබද‍්ධං කරොන‍්ති. අථ නං පාදෙ ගහෙත්‍වා ආවිඤ‍්ඡන‍්ති. පලාලපීඨකන‍්ති ඡෙකො කාරණිකො ඡවිචම‍්මං අච‍්ඡින්‍දිත්‍වා නිසදපොතෙහි අට‍්ඨීනි භින්‍දිත්‍වා කෙසෙසු ගහෙත්‍වා උක‍්ඛිපති, මංසරාසියෙව හොති. අථ නං කෙසෙහෙව පරියොනන්‍ධිත්‍වා ගණ‍්හන‍්ති, පලාලවට‍්ටිං විය කත්‍වා පුන වෙඨෙන‍්ති. සුනඛෙහිපීති කතිපයානි දිවසානි ආහාරං අදත්‍වා ඡාතකසුනඛෙහි ඛාදාපෙන‍්ති. තෙ මුහුත‍්තෙන අට‍්ඨිකසඞ‍්ඛලිකමෙව කරොන‍්ති. සූලෙ උත‍්තාසෙන‍්තෙති සූලෙ ආරොපෙන‍්තෙ.

ඛලිසමංසිකං යනු දෙමුවක් ඇති බිලීකොකුවලින් පහරදී සම්මස් නහර උගුළුවත් කහාපණකං යනු සියලු සිරුර තියුණු වෑවලින් කෙළවරෙහි පටන් කහවණු පමණට හෙළමින් කොටස් ඛාරාපතච්ඡිකං යනු සිරුර ඒ ඒ තැන ආවුධවලින් ගසා කොසුවලින් ක්‍ෂාර (ලුණු) ගල්වයි. සම්මස් නහර වැගිරෙමින් ඇටසැකිල්ලක් මෙන් තිබෙයි. පලිඝපරිවත්තිකං යනු එක් පසකින් වැදහොවා කන්සිදුරෙන් යහුළ ඇන පොළොවට එක්කරයි. ඉක්බිති ඔහු පයින් ගෙන අදියි. පලාලපීඨකං යනු දක්‍ෂවූ වධකයෙක් සමඇද ඇඹරුම්ගල්වලින් ඇටබිඳ කෙස්වලින් ගෙන ඔසවයි. මස්ගොඩවල්ම වෙයි. ඉක්බිති ඔහුට කෙස්වලින්ම වෙළත්, පිදුරුවැටියක් මෙන් කොට යළි වෙළත්, සුනඛෙහිපි යනු කිහිපදිනක් කෑම නොදී බඩගිනිවූ බල්ලන් ලවා කවත්, ඔවුහු මොහොතකින්ම ඇටසැකිල්ලක්ම කරති. සූලෙඋත්තාසෙනේත යන හුලෙහි නංවන යනුයි.

න පරෙසං පාභතං විලුම‍්පන‍්තො චරතීති පරෙසං සන‍්තකං භණ‍්ඩං පරම‍්මුඛං ආභතං අන‍්තමසො අන‍්තරවීථියං පතිතං සහස‍්සභණ‍්ඩිකම‍්පි දිස‍්වා “ඉමිනා ජීවිස‍්සාමී”ති විලුම‍්පන‍්තො න විචරති, කො ඉමිනා අත්‍ථොති පිට‍්ඨිපාදෙන වා පවට‍්ටෙත්‍වා ගච‍්ඡති.

න පරෙසං පාහතං පලුම්පනතො චරති යනු ඉදිරියට ගෙනෙනලද අනුන් අයත් බඩුවක් යටත් පිරිසෙයින් ඇතුළුවීථියෙහි වැටුණු දහසක් බැඳි පොදියක්වුවද දැකමෙයින් ජීවත් වෙමැයි සොරා ගනිමින් නොහැසිරෙයි. මෙයින් කවර වැඩක්දැයි පාපිටින් පෙරළා යයි.

පාපකොති ලාමකො. දුක‍්ඛොති අනිට‍්ඨො. කිඤ‍්ච තන‍්ති කිං නාම තං කාරණං භවෙය්‍ය. යාහන‍්ති යෙන අහං. කායදුච‍්චරිතන‍්ති පාණාතිපාතාදි තිවිධං අකුසලං කායකම‍්මං. කායසුචරිතන‍්ති තස‍්ස පටිපක‍්ඛභූතං තිවිධං කුසලකම‍්මං. වචීදුච‍්චරිතන‍්ති මුසාවාදාදි චතුබ‍්බිධං අකුසලං වචීකම‍්මං. වචීසුචරිතන‍්ති තස‍්ස පටිපක‍්ඛභූතං චතුබ‍්බිධං කුසලකම‍්මං. මනොදුච‍්චරිතන‍්ති අභිජ‍්ඣාදි තිවිධං අකුසලකම‍්මං. මනොසුචරිතන‍්ති තස‍්ස පටිපක‍්ඛභූතං තිවිධං කුසලකම‍්මං. සුද‍්ධං අත‍්තානං පරිහරතීති එත්‍ථ දුවිධා සුද‍්ධි – පරියායතො ච නිප‍්පරියායතො ච. සරණගමනෙන හි පරියායෙන සුද‍්ධං අත‍්තානං පරිහරති නාම. තථා පඤ‍්චහි සීලෙහි, දසහි සීලෙහි – චතුපාරිසුද‍්ධිසීලෙන, පඨමජ‍්ඣානෙන…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙන, සොතාපත‍්තිමග‍්ගෙන, සොතාපත‍්තිඵලෙන…පෙ… අරහත‍්තමග‍්ගෙන පරියායෙන සුද‍්ධං අත‍්තානං පරිහරති නාම. අරහත‍්තඵලෙ පතිට‍්ඨිතො පන ඛීණාසවො ඡින‍්නමූලකෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ න‍්හාපෙන‍්තොපි ඛාදාපෙන‍්තොපි භුඤ‍්ජාපෙන‍්තොපි නිසීදාපෙන‍්තොපි නිපජ‍්ජාපෙන‍්තොපි නිප‍්පරියායෙනෙව සුද‍්ධං නිම‍්මලං අත‍්තානං පරිහරති පටිජග‍්ගතීති වෙදිතබ‍්බො.

පාපකො යනු ලාමකවූ දුක්සහගතවූ අනිටුවූයි කිඤචතං යනු ඒ කාරණය කවරක් නම් වන්නේදැයි යාහං යනු යම් කරුණකින් මම යනුයි. කායදුච්චරිතං යනු ප්‍රාණාතිපාතාදී ත්‍රිවිධ අකුශලකායකර්‍මයි. කායසුචරිතං යනු එයට ප්‍රතිපක්‍ෂවූ ත්‍රිවිධ කුශල කර්‍මයයි. වචීදුච්චරිතං යනු බොරුකීම ආදීවූ සිවුවැදැරුම් අකුශලවාක් කර්‍මයයි. වචීසුචරිතං යනු එයට ප්‍රතිපක්‍ෂවූ සිවුවැදැරුම් කුශලකර්‍මයයි. මනොදුච්චරිතං යනු දැඩි ලෝභය ආදී ත්‍රිවිධ අකුශල කර්‍මයි. මනොසුචරිතං යනු එයට ප්‍රතිපක්‍ෂවූ ත්‍රිවිධ කුශලකර්‍මයයි. සුද්ධං අත්තානං පරිභරති යන මෙහි ශුද්ධිය (පිරිසුදුබව) පර්යාය වශයෙන් හා නිෂ්පර්යාය වශයෙන් දෙපරිදිය. ශරණාගමනයෙන් පරිසුදුවූ තමන් පවත්වා ගැනීම පරියාය වශයෙන් වේ. යම්සේ පන්සිල්වලින්, දසසිල්වලින්, සිවුපිරිසුදු සිල්වලින්, ප්‍රථමධ්‍යානයෙන්, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් සෝවාන් මගින් සෝවාන් පෙලෙන් -පෙ- රහති මගින් පර්යාය වශයෙන් තමන් පරිසුදුව පවත්වා ගිනියි නමි. රහත්පෙලෙහි පිහිටි කෙලෙසුන් දුරුකළ තැනැත්තා මුල් සිඳුණු පංචස්කන්‍ධයන් නහවන්නේද කවවන්නේද අනුභවකරවන්නේද හිඳුවන්නේද හොවවන්නේද නිෂ්පර්යායයෙන්ම පිරිසිදුවූ නිර්‍මලවූ තමන් පවත්වයි. පිළිදැඟුම් කරයියයි දතයුතුය.

තස‍්මාති යස‍්මා ඉමානි ද‍්වෙ වජ‍්ජානෙව, නො න වජ‍්ජානි, තස‍්මා. වජ‍්ජභීරුනොති වජ‍්ජභීරුකා. වජ‍්ජභයදස‍්සාවිනොති වජ‍්ජානි භයතො දස‍්සනසීලා. එතං පාටිකඞ‍්ඛන‍්ති එතං ඉච‍්ඡිතබ‍්බං, එතං අවස‍්සංභාවීති අත්‍ථො. යන‍්ති නිපාතමත‍්තං, කාරණවචනං වා යෙන කාරණෙන පරිමුච‍්චිස‍්සති සබ‍්බවජ‍්ජෙහි. කෙන පන කාරණෙන පරිමුච‍්චිස‍්සතීති? චතුත්‍ථමග‍්ගෙන චෙව චතුත්‍ථඵලෙන ච. මග‍්ගෙන හි පරිමුච‍්චති නාම, ඵලං පත‍්තො පරිමුත‍්තො නාම හොතීති. කිං පන ඛීණාසවස‍්ස අකුසලං න විපච‍්චතීති? විපච‍්චති, තං පන ඛීණාසවභාවතො පුබ‍්බෙ කතං. තඤ‍්ච ඛො ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ, සම‍්පරායෙ පනස‍්ස කම‍්මඵලං නාම නත්‍ථීති.

තස්මා යනු යම් හෙයකින් මේ දෙවරදම නොදනොවරදය. එහෙයිනියි. වජ්ජහීරුනො යනු වරදට බිය ඇත්තෝයි. වජ්ජභයදස්සාවිනො යනු බියෙන් වරද දකිනසුලු වූවෝයි. එතං පාටිකඞ්ඛං යනු මෙය කැමැතිවිය යුතුය. මෙය අවශ්‍යයෙන්ම වන්නේය යන අර්‍ත්‍ථයි. යං යනු නිපාතමාත්‍රයකි. යම් කරුණක් හේතුකොටගෙන සියලුවරදින් මිදෙයි යනුවෙන් කාරණය දක්වන වචනය හෝ වෙයි. කවර කරුණකින් මිදෙයිද යනුයි. සතර මගින් මෙන්ම සතර ඵලයෙන්ද වේ. මගින් වනාහි මිදෙයි නමි. ඵලයට පැමිණියේ මිදුණේ නම් වෙයි. කිම කෙලෙසුන් දුරකළ පුද්ගලයාගේ අකුශලය විපාක නොදෙයිද? විපාක දෙයි. එය වනාහි රහ්තවීමට කලින් කරනලද අකුශල කර්‍මයයි. එයද මෙම අත්බැව්හිදීය. පරලොවදී ඔහුට කර්‍ම ඵලයක් නැත.

පඨමං.

පළමු වෙනි සූත්‍රයයි.

පධානසුත‍්තං

පධාන සූත්‍රය

දුතියෙ පධානානීති වීරියානි. වීරියඤ‍්හි පදහිතබ‍්බතො පධානභාවකරණතො වා පධානන‍්ති වුච‍්චති. දුරභිසම‍්භවානීති දුස‍්සහානි දුප‍්පූරියානි, දුක‍්කරානීති අත්‍ථො. අගාරං අජ‍්ඣාවසතන‍්ති අගාරෙ වසන‍්තානං. චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානුප‍්පදානත්‍ථං පධානන‍්ති එතෙසං චීවරාදීනං චතුන‍්නං පච‍්චයානං අනුප‍්පදානත්‍ථාය පධානං නාම දුරභිසම‍්භවන‍්ති දස‍්සෙති. චතුරතනිකම‍්පි හි පිලොතිකං, පසතතණ‍්ඩුලමත‍්තං වා භත‍්තං, චතුරතනිකං වා පණ‍්ණසාලං, තෙලසප‍්පිනවනීතාදීසු වා අප‍්පමත‍්තකම‍්පි භෙසජ‍්ජං පරෙසං දෙථාති වත‍්තුම‍්පි නීහරිත්‍වා දාතුම‍්පි දුක‍්කරං උභතොබ්‍යූළ‍්හසඞ‍්ගාමප‍්පවෙසනසදිසං. තෙනාහ භගවා –

දෙවෙනි සූත්‍රයෙහි පධානානි යනු වීර්යයෝයි වීර්යය වනාහි උත්සාහකළයුතු බැවින් ප්‍රධානභාවය කිරීම් වශයෙන් හෝ ප්‍රධානයයි කියනුලැබේ. දුරභිසම්භවානි යනු ඉවසිය නොහැකි, දුකසේ සපිරියයුතු දුකසේ කළයුතුය යන අර්‍ත්‍ථයි. අගාරමජ්ක්‍ධාවසතං යනු ගිහිගෙහි වසන්නවුන්ගේයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්‍ඛාරානුප්පදානත්‍ථං පධානං යනු මේ චීවරාදී ප්‍රත්‍යසතර දීම සඳහා වීර්යය නම් අමාරුවෙන් ඇති වන්නකැයි දැක්වෙයි. සිවුරියන් පමණවූ කඩමාල්ලක්ද අල්ලක සහල් පමණවූ බක්ස සිවුරියනක් පමණවූ පන්සලක්ද ගිතෙල් වෙඬරු ආදිය අතුරෙන් සුළුවූ බෙහෙතක්ද අනුන්ට දෙවුයයි කීමට හෝ රැගෙන දීමට දුෂ්කරය. දෙපසින් පෙළගැසුණු සටනට පිවිසීමකට සමානය. එහෙයින් භග්‍යවතුන්වහන්සේ (මෙසේ) පැවසූසේක.

“දානඤ‍්ච යුද‍්ධඤ‍්ච සමානමාහු, අප‍්පාපි සන‍්තා බහුකෙ ජිනන‍්ති; අප‍්පම‍්පි චෙ සද‍්දහානො දදාති, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති. (ජා· 1.8.72; සං· නි· 1.33);

දීමද සටනද සමානයයි කීහ. යහපත් ටිකදෙනෙක් බොහෝ දෙයක් දිනති. ඉදින් සැදැහැ ඇත්තේ ටිකක් හෝ දෙයිද එහෙයින්ම හෙතෙම පරලොව සුව ඇත්තේ වෙයි.

අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතානන‍්ති ගෙහතො නික‍්ඛමිත්‍වා අගාරස‍්ස ඝරාවාසස‍්ස හිතාවහෙහි කසිගොරක‍්ඛාදීහි විරහිතං අනගාරියං පබ‍්බජ‍්ජං උපගතානං. සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගත්‍ථාය පධානන‍්ති සබ‍්බෙසං ඛන්‍ධූපධිකිලෙසූපධිඅභිසඞ‍්ඛාරූපධිසඞ‍්ඛාතානං උපධීනං පටිනිස‍්සග‍්ගසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස අත්‍ථාය විපස‍්සනාය චෙව මග‍්ගෙන ච සහජාතවීරියං. තස‍්මාති යස‍්මා ඉමානි ද‍්වෙ පධානානි දුරභිසම‍්භවානි, තස‍්මා.

අගාරස්මා අනගාරියං පබ්බජිතානං යනු ගෙයින් නික්ම ගෙට, ගිහිගෙහි විසීමට හිතඑළවන ගොවිතැන ගවයන් රැකීම් ආදියෙන් වෙන්වූ අනගාරික පැවිද්දට එළඹුනවුන්ගේය. සබ්බූපධිපටිනිස්සග්ගත්‍ථාය පධානං යනු සියලු ස්කන්‍ධඋපාධි කේලශඋපධි අභිසංස්කාර උපාධි සංඛ්‍යාතවූ උපධීන් අත්හැරීම් සංඛ්‍යාතවූ නිර්‍වාණය සඳහා විදර්‍ශනාවෙන් මෙන්ම මාර්‍ගයෙන්ද එකට උපන් වීර්යයයි. තස්මා යනු යම් හෙයකින් මේ වීර්ය දෙක දුකසේ හටගනියිද එහෙයිනියි.

දුතියං.

දෙවෙනි සූත්‍රයයි.

තපනීයසුත‍්තං

තපනීය සූත්‍රය

තතියෙ තපනීයාති ඉධ චෙව සම‍්පරායෙ ච තපන‍්තීති තපනීයා. තප‍්පතීති චිත‍්තසන‍්තාපෙන තප‍්පති අනුසොචති කායදුච‍්චරිතං කත්‍වා නන්‍දයක‍්ඛො විය නන්‍දමාණවො විය නන්‍දගොඝාතකො විය දෙවදත‍්තො විය ද‍්වෙභාතිකා විය ච. තෙ කිර ගාවං වධිත්‍වා මංසං ද‍්වෙ කොට‍්ඨාසෙ අකංසු. තතො කනිට‍්ඨො ජෙට‍්ඨකං ආහ – “මය‍්හං දාරකා බහූ, ඉමානි මෙ අන‍්තානි දෙහී”ති. අථ නං සො “සබ‍්බං මංසං ද‍්වෙධා විභත‍්තං, පුන කිං මග‍්ගසී”ති පහරිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසි. නිවත‍්තිත්‍වා ච නං ඔලොකෙන‍්තො මතං දිස‍්වා “භාරියං මෙ කම‍්මං කත”න‍්ති චිත‍්තං උප‍්පාදෙසි. අථස‍්ස බලවසොකො උප‍්පජ‍්ජි. සො ඨිතට‍්ඨානෙපි නිසින‍්නට‍්ඨානෙපි තදෙව කම‍්මං ආවජ‍්ජෙති, චිත‍්තස‍්සාදං න ලභති. අසිතපීතඛායිතසායිතම‍්පිස‍්ස සරීරෙ ඔජං න ඵරති, අට‍්ඨිචම‍්මමත‍්තමෙව අහොසි. අථ නං එකො ථෙරො දිස‍්වා – “උපාසක, ත්‍වං පහූතඅන‍්නපානො, අට‍්ඨිචම‍්මමත‍්තමෙව තෙ අවසිට‍්ඨං, අත්‍ථි නු ඛො තෙ කිඤ‍්චි තපනීයකම‍්ම”න‍්ති? සො “ආම, භන‍්තෙ”ති සබ‍්බං ආරොචෙසි. අථ නං ථෙරො “භාරියං තෙ උපාසක කම‍්මං කතං, අනපරාධට‍්ඨානෙ අපරද‍්ධ”න‍්ති ආහ. සො තෙනෙව කම‍්මෙන කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තො. වචීදුච‍්චරිතෙන සුප‍්පබුද‍්ධසක‍්කකොකාලිකචිඤ‍්චමාණවිකාදයො විය තප‍්පති. සෙසමෙත්‍ථ චතුත්‍ථෙ ච උත‍්තානත්‍ථමෙව. තතියං.

තුන්වෙනි සූත්‍රයෙහි තපනීයා යනු මෙලොවෙහිද පරලොවෙහිද තැවෙත්නුයි තපනීයා නම් වේ. තප්පති යනු සිත්තැවුලෙන් තැවෙයි. ශෝක කරයි. කාය දුශ්චරිතය කොට නන්‍දයක්‍ෂයා මෙන් නන්‍දමානවකයා මෙන් නන්ද ගෝඝාතකයා මෙන් දෙව්දත් මෙන් දෙබෑයන් මෙන්ද තැවෙයි. ඔවුහු දෙනක මරා මස් දකොටසකට කළහ. ඉක්බිති කනිටු බෑයා දෙටු බෑයනට, මගේ දරුවෝ බොහෝය. මේ බඩවැල් දෙක දෙන්නැයි කීවේය. ඉක්බිති හෙතෙම ඔහුට සියලුමස් දෙකට බෙදනලදී. යළි කුමක් සොයහිදැයි (පවසා) පහරදී දිවිතොර කළේය. ආපසු හැරී ඔහු දෙස බලමින් මියගියහු බලා මවිසින් බැරෑරුම් දෙයක් කරනලදැයි සිතක් ඉපදවීය. ඉක්බිති ඔහුට බලවත් ශෝකයක් උපන්නේය. හෙතෙම සිටි තැනද හුන්තැනද ඒ ක්‍රියාවම සිහිකරයි. සිත් සතුටක් නොලබයි. කෑ බිව් අනුභවකළ විඳි දෙයද ඔහුගේ සිරුරෙහි ඔද ඇති නොකරයි. ඇට සම් පමණක්ම වීය. ඉක්බිති එක් තෙරකෙනෙක් ඔහු දැක උවසුව, නුඹ බොහෝ කෑම් පීම් ඇත්තෙකි. ඔබේ ඇටසම පමණක් ඉතිරිව ඇත. ඔබගේ කිසියම් ශෝකකළයුතු කර්‍මයක් ඇත්දැයි ඇසූහ. හෙතෙම එසේය ස්වාමීනියි සියල්ල පැවසීය. ඉක්බිති ඔහුට තෙරණුවෝ උවසුව ඔබ බැරෑරුම් කර්‍මයක් කරනලදී. අපරාධ නොකළයුතු තැන අපරාධ කෙළෙහියි පැවසූහ. හෙතෙම ඒ කර්‍මයෙන්ම කළුරිය කොට නිරයෙහි උපන්නේය. වාග් දුශ්චරිතයෙන් සුප්‍රබුද්ධ ශාක්‍ය, කොකාලික චිඤ්විමානවිකාදීන් මෙන් තැවෙයි. ඉතිරිය මෙහිද සතර වෙන් සූත්‍රයෙහිද පැහැදිලි අරුත් ඇත්තේමය.

උපඤ‍්ඤාතසුත‍්තං

උපඤ්ඤාත සූත්‍රය

පඤ‍්චමෙ ද‍්වින‍්නාහන‍්ති ද‍්වින‍්නං අහං. උපඤ‍්ඤාසින‍්ති උපගන‍්ත්‍වා ගුණං අඤ‍්ඤාසිං, ජානිං පටිවිජ‍්ඣින‍්ති අත්‍ථො. ඉදානි තෙ ධම‍්මෙ දස‍්සෙන‍්තො යා ච අසන‍්තුට‍්ඨිතාතිආදිමාහ. ඉමඤ‍්හි ධම‍්මද‍්වයං නිස‍්සාය සත්‍ථා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, තස‍්මා තස‍්සානුභාවං දස‍්සෙන‍්තො එවමාහ. තත්‍ථ අසන‍්තුට‍්ඨිතා කුසලෙසු ධම‍්මෙසූති ඉමිනා ඉමං දීපෙති – “අහං ඣානමත‍්තකෙන වා ඔභාසනිමිත‍්තමත‍්තකෙන වා අසන‍්තුට‍්ඨො හුත්‍වා අරහත‍්තමග‍්ගමෙව උප‍්පාදෙසිං. යාව සො න උප‍්පජ‍්ජි, න තාවාහං සන‍්තුට‍්ඨො අහොසිං. පධානස‍්මිං ච අනුක‍්කණ‍්ඨිතො හුත්‍වා අනොසක‍්කනාය ඨත්‍වායෙව පධානකිරියං අකාසි”න‍්ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො යා ච අප‍්පටිවානිතාතිආදිමාහ. තත්‍ථ අප‍්පටිවානිතාති අප‍්පටික‍්කමනා අනොසක‍්කනා. අප‍්පටිවානී සුදාහං, භික‍්ඛවෙ, පදහාමීති එත්‍ථ සුදන‍්ති නිපාතමත‍්තං. අහං, භික‍්ඛවෙ, අනොසක‍්කනායං ඨිතො බොධිසත‍්තකාලෙ සබ‍්බඤ‍්ඤුතං පත්‍ථෙන‍්තො පධානමකාසින‍්ති අයමෙත්‍ථ අත්‍ථො.

පස්වැන්නෙහි ද්වින්නාහං යනු දෙදිනකි. උපඤ්ඤාසිං යනු එළඹ ගුණය දැනගත්තේය. වටහා ගත්තේය, අවබෝධ කළේය යන අර්‍ත්‍ථයි. දැන් ඒ ධර්‍මයන් දක්වමින් යාච අසන්තුට්ඨිතා යනාදිය පැවසූසේක. මේ ධර්‍මදෙක නිසා ශාස්තෘන්වහන්සේ සර්‍වඥතාඥානයට පත්සේක. එබැවින් එහි බලය දක්වමින් මෙසේ පැවසූසේක. එහි ‘ක්‍ුසලධර්‍මයන්හි අසතුටු බව’ යන මෙයින් මෙය ප්‍රකටකරයි. මම ධ්‍යානමාත්‍රයකින් හෝ අවභාසනිමිත්තමාත්‍රයකින් හෝ අසතුටුවී රහත්මගම ඉපදවූයෙමි. යම්තාක් එය නූපන්නේද ඒතාක් සතුටුවූයේ නොවෙමි. බවුන් වැඩීමෙහිදිද උකටලී නොවී නොපසුබටවම බවුන්වැඩීම කෙළෙමි යන මේ අර්‍ත්‍ථය දක්වමින් යාච අප්පටිවානිතා යනාදිය පැවසූසේක. එහි අප්පටිවානිතා යනු පසු නොබැසීමයි. නොපසුබටවීමයි. අප්පටිවානී සුදාහං භික්‍ඛවෙ පදහාමි යන මෙහි සුදං යනු නිපාතමාත්‍රයකි. ‘මහණෙනි, මම නොපසුබැසීමෙහි සිටියෙමි. බෝසත්කල්හි සර්‍වඥතා ඥානය පතමින් ප්‍රධන් වීර්‍ය්‍යය කෙළෙමි යන මෙය මෙහි අදහසයි.

ඉදානි යථා තෙන තං පධානං කතං, තං දස‍්සෙන‍්තො කාමං තචො චාතිආදිමාහ. තත්‍ථ පත‍්තබ‍්බන‍්ති ඉමිනා පත‍්තබ‍්බං ගුණජාතං දස‍්සෙති. පුරිසථාමෙනාතිආදිනා පුරිසස‍්ස ඤාණථාමො ඤාණවීරියං ඤාණපරක‍්කමො ච කථිතො. සණ‍්ඨානන‍්ති ඨපනා අප‍්පවත‍්තනා ඔසක‍්කනා, පටිප‍්පස‍්සද‍්ධීති අත්‍ථො. එත‍්තාවතා තෙන චතුරඞ‍්ගසමන‍්නාගතං වීරියාධිට‍්ඨානං නාම කථිතං. එත්‍ථ හි කාමං තචො චාති එකං අඞ‍්ගං, න‍්හාරු චාති එකං, අට‍්ඨි චාති එකං, මංසලොහිතන‍්ති එකං, ඉමානි චත‍්තාරි අඞ‍්ගානි. පුරිසථාමෙනාතිආදීනි අධිමත‍්තවීරියාධිවචනානි. ඉති පුරිමෙහි චතූහි අඞ‍්ගෙහි සමන‍්නාගතෙන හුත්‍වා එවං අධිට‍්ඨිතං වීරියං චතුරඞ‍්ගසමන‍්නාගතං වීරියාධිට‍්ඨානං නාමාති වෙදිතබ‍්බං. එත‍්තාවතා තෙන බොධිපල‍්ලඞ‍්කෙ අත‍්තනො ආගමනීයපටිපදා කථිතා.

දැන් යම්සේ මෙතුමා විසින් ඒ ප්‍රධන් වීර්‍ය්‍යය කරනලද්දේද එය දක්වමින් කාමං තචො ච යනාදිය පැවසූසේක. එහි යන්තං යන මෙයින් ලැබියයුතු ගුණසමූහය දක්වයි. පුරිසත්ථාමෙන යනාදියෙහි පුරුෂයාගේ ඥාන ශක්තිය, ඥානවීර්ය, හා ඥානපරාක්‍රමයද කියනලදී. සන්‍ථානං යනු පිහිටුවීම, නැවැත්ම, පසුබැසීම, සංසිඳීමයයි අර්‍ත්‍ථයි. මෙපමණකින් මෙයින් සතර අංගයකින් යුක්තවූ විර්ය අධිෂ්ඨානය කියන ලද්දේ නමි. මෙහිද කාමං තචො යනු එක් අංගයකි. අට්ඨි යනුද තවත් අංගයකි. මංසලොහිතං යනුද එක් අංගයකි. මේ සතර අංගයෝයි. පුරිසත්‍ථාමෙන (පුරුෂවීර්යයෙන්) යනාදිය බලවත් වීර්ය සඳහාවූ වෙනත් නම්ය. මෙසේ මුලින් සඳහන් කළ සතරින් යුක්තවී මෙසේ අධිෂ්ඨාන කරනලද වීර්යය චතුරංග සමන්වාගත වීර්යාධිෂ්ඨානය නමැයි දතයුතුය. මෙපමණකින් මෙතුමා විසින් බෝධිපර්‍ය්‍යංකයේහිදී තමාගේ පැමිණියයුතු ප්‍රතිපදාව කියනලදී.

ඉදානි තාය පටිපදාය පටිලද‍්ධගුණං කථෙතුං තස‍්ස මය‍්හං, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අප‍්පමාදාධිගතාති සතිඅවිප‍්පවාසසඞ‍්ඛාතෙන අප‍්පමාදෙන අධිගතා, න සුත‍්තප‍්පමත‍්තෙන ලද‍්ධා. සම‍්බොධීති චතුමග‍්ගඤාණඤ‍්චෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්ච. න හි සක‍්කා එතං සුත‍්තප‍්පමත‍්තෙන අධිගන‍්තුන‍්ති. තෙනාහ – “අප‍්පමාදාධිගතා සම‍්බොධී”ති. අනුත‍්තරො යොගක‍්ඛෙමොති න කෙවලං බොධියෙව, අරහත‍්තඵලනිබ‍්බානසඞ‍්ඛාතො අනුත‍්තරො යොගක‍්ඛෙමොපි අප‍්පමාදාධිගතොව.

දැන් ඒ ප්‍රතිපදාවෙන් ලබනලද ගුණය කීමට තස්ස මයහං භික්‍ඛවෙ (මහණෙනි. ඒ මට) යනාදිය පැවසූසේක. එහි අප්පමාදාධිගතා යනු සිහියෙන් නොවෙන්ව විසීම් සංඛ්‍යාත අප්‍රමාදයෙන් ලබනලදී. නිදාගෙන පමාවූවහු විසින් නොලබනලදී. බොධි යනු සිවුමග නුවණ හා සියල්දත් නුවණයි. මෙයි නිදාගෙන පමාවුවහු විසින් ලැබීමට නොහැක. එහෙයින් බෝධිය අප්‍රමාදයෙන් ලබනලදැයි කියනලදී. අනුත්තරො යොගක්‍ඛෙමො යනු හුදෙක් බෝධිය පමණක් නොව අර්හත්ඵලනිර්‍වාණ සංඛ්‍යාතවූ අනුත්තර යොගක්‍ෂෙමයද අප්‍රමාදීව ලබන ලද්දේමය.

ඉදානි අත‍්තනා පටිලද‍්ධගුණෙසු භික‍්ඛුසඞ‍්ඝං සමාදපෙන‍්තො තුම‍්හෙ චෙපි භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ යස‍්සත්‍ථායාති යස‍්ස අත්‍ථාය, යං උපසම‍්පජ‍්ජ විහරිතුකාමා හුත්‍වාති අත්‍ථො. තදනුත‍්තරන‍්ති තං අනුත‍්තරං. බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස පරියොසානභූතං අරියඵලං. අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අභිඤ‍්ඤාය උත‍්තමපඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා. උපසම‍්පජ‍්ජ විහරිස‍්සථාති පටිලභිත්‍වා පාපුණිත්‍වා විහරිස‍්සථ. තස‍්මාති යස‍්මා අප‍්පටිවානපධානං නාමෙතං බහූපකාරං උත‍්තමත්‍ථසාධකං, තස‍්මා. පඤ‍්චමං.

දැන් තමන් විසින් ලබනලද ගුණයන්හි බික්සඟන සමාදන් කරවමින් තුමේහ චෙපි භික්‍ඛවෙ යනාදිය පැවසූසේක. එහි යස්සත්‍ථාය යනු යමක් සඳහා, යමකට එළඹ විසීමට කැමැතිව යන අර්‍ත්‍ථයි. තදනුත්තරං යනු ඒ ශ්‍රෙෂ්ඨවූ දෙයයි. බ්‍රහ්මචරියපරියොසානං යනු මාර්‍ග බ්‍රහ්මචර්යාවේ අවසානයවූ ආර්යඵලයයි. අභිඤ්ඤා සච්ඡික්‍වා යනු අභිඥාවෙන්, උත්තම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂකොටයි. උප්සම්පජ්ජ විහරිස්සථ යනු ලැබ පැමිණ වාසයකරවු යනුයි. තස්මා යනු යම්හෙයකින් නොපසුබස්නා උත්සාහය නම්වූ මෙය බොහෝ උපකාර ඇත්තේද උතුම් අර්‍ත්‍ථ ඉටුකරන්නේද, එහෙයිනි.

සඤ‍්ඤොජනීය සුත‍්තං

සඤ්ඤොජනීය සූත්‍රය

ඡට‍්ඨෙ සංයොජනියෙසු ධම‍්මෙසූති දසන‍්නං සංයොජනානං පච‍්චයභූතෙසු තෙභූමකධම‍්මෙසු. අස‍්සාදානුපස‍්සිතාති අස‍්සාදතො පස‍්සිතා පස‍්සනභාවොති අත්‍ථො. නිබ‍්බිදානුපස‍්සිතාති නිබ‍්බිදාවසෙන උක‍්කණ‍්ඨනවසෙන පස‍්සනභාවො. ජාතියාති ඛන්‍ධනිබ‍්බත‍්තිතො. ජරායාති ඛන්‍ධපරිපාකතො. මරණෙනාති ඛන්‍ධභෙදතො. සොකෙහීති අන‍්තොනිජ‍්ඣායනලක‍්ඛණෙහි සොකෙහි. පරිදෙවෙහීති තන‍්නිස‍්සිතලාලප‍්පිතලක‍්ඛණෙහි පරිදෙවෙහි. දුක‍්ඛෙහීති කායපටිපීළනදුක‍්ඛෙහි. දොමනස‍්සෙහීති මනොවිඝාතදොමනස‍්සෙහි. උපායාසෙහීති අධිමත‍්තායාසලක‍්ඛණඋපායාසෙහි. දුක‍්ඛස‍්මාති සකලවට‍්ටදුක‍්ඛතො. පජහතීති මග‍්ගෙන පජහති. පහායාති එත්‍ථ පන ඵලක‍්ඛණො කථිතො. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං. ඡට‍්ඨං.

සයවෙනි සූත්‍රයෙහි සංයොජනීයෙසු ධම්මේසු යනු දස සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ත්‍රෛභූමික ධර්‍මයන්හියි. අස්සාදානුපස්සිතා යනු ආස්වාද වශයෙන් දක්නාලද, බලනබව යන අර්‍ත්‍ථයි. නිබ්බිදානුපස්සිතා යනු නිර්‍වෙද වශයෙන් උකටලීවිම්වශයෙන් බලනබවයි. ජාතියා යනු ස්කන්‍ධයන්ගේ හටගැනීමෙනි. ජරාය යනු ස්කන්‍ධයන් මුහුකුරා යාමෙනි. මරණතො යනු ස්කන්‍ධයන්ගේ බිඳීමෙනි. විනාශවීමෙනි. සොකෙහි යනු ඇතළත පසුතැවිලි වීම ලක්‍ෂණ කොට ඇති ශෝකයෙනි. පරිදෙවෙහි යනු එය ඇසුරු කොට විලාපකීම් ලක්‍ෂණකොට ඇති හැඬීමෙනි, දුක්‍ඛෙහි යනු කය පෙළෙන දුකෙනි. දොමනස්සෙහි යනු සිත තවන දොම්නසිනි. උපායාසෙහි යනු දැඩි ආයාසය (වෙහෙස) ලක්‍ෂණකොට ඇති උපායාසයෙනි. දුක්‍ඛසමා යනු සියලු සංසාර දුකෙනි. පජහති යනු මාර්‍ගයෙන් දුරුකරයි. පහාය යන මෙහි වනාහි ඵලලක්‍ෂණය කියනලදී. මේ සූත්‍රයෙහි සසර සහ නිවන කියනලදී.

කණ‍්හසුත‍්තං

කණ්හ සූත්‍රය

සත‍්තමෙ කණ‍්හාති න කාළවණ‍්ණතාය කණ‍්හා, කණ‍්හතාය පන උපනෙන‍්තීති නිප‍්ඵත‍්තිකාළතාය කණ‍්හා. සරසෙනාපි වා සබ‍්බාකුසලධම‍්මා කණ‍්හා එව. න හි තෙසං උප‍්පත‍්තියා චිත‍්තං පභස‍්සරං හොති. අහිරිකන‍්ති අහිරිකභාවො. අනොත‍්තප‍්පන‍්ති අනොත‍්තාපිභාවො. සත‍්තමං.

සත්වැනි සූත්‍රයෙහි කණ්හා යනු කළුපැහැය නිසා කළුවූයේ නොවෙයි. කළුබවට (පවිටුබවට) පමුණුවන්නේනුයි හටගැනීමෙන් පවිටුබැවින් කණ්හා නමි. ස්වකීය කෘත්‍යයෙන් හෝ සියලු අකුශල ධර්‍මයෝ කෘෂ්ණයෝමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර නොවෙයි. අභිරිකං යනු ලජ්ජා නැති බවයි. අනොත්තප්පං යනු (පවට) බිය නැති බවයි.

සුක‍්කසුත‍්තං

සුක්ක සූත්‍රය

අට‍්ඨමෙ සුක‍්කාති න වණ‍්ණසුක‍්කතාය සුක‍්කා, සුක‍්කතාය පන උපනෙන‍්තීති නිප‍්ඵත‍්තිසුක‍්කතාය සුක‍්කා. සරසෙනාපි වා සබ‍්බකුසලධම‍්මා සුක‍්කා එව. තෙසං හි උප‍්පත‍්තියා චිත‍්තං පභස‍්සරං හොති. හිරී ච ඔත‍්තප‍්පඤ‍්චාති එත්‍ථ පාපතො ජිගුච‍්ඡනලක‍්ඛණා හිරී, භායනලක‍්ඛණං ඔත‍්තප‍්පං. යං පනෙත්‍ථ විත්‍ථාරතො වත‍්තබ‍්බං සියා, තං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තමෙව. අට‍්ඨමං.

අටවැන්නෙහි සුක්කා යන පැහැයෙන් සුදුබවින් සුදුනොවේ. සුදුබවට (පිවිතුරු බවට) පමුණුවත්නුයි සුදුයි. ස්වකීය කෘත්‍යයෙන් හෝ සියලු කුශලධර්‍මයෝ සුදුමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර වෙයි. හිරි චඔත්තපපං ච යනු මෙහි පවින් පිළිකුල් කරන ලක්‍ෂණය හිරියි. බියවන බව ඔත්තප්පයයි. මෙහි යමක් විස්තර වශයෙන් කිවයුතු ද එය විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය.

චරියාසුත‍්තං

චරියා සූත්‍රය

නවමෙ ලොකං පාලෙන‍්තීති ලොකං සන්‍ධාරෙන‍්ති ඨපෙන‍්ති රක‍්ඛන‍්ති. නයිධ පඤ‍්ඤායෙථ මාතාති ඉමස‍්මිං ලොකෙ ජනිකා මාතා “අයං මෙ මාතා”ති ගරුචිත‍්තීකාරවසෙන න පඤ‍්ඤායෙථ. සෙසපදෙසුපි එසෙව නයො. සම‍්භෙදන‍්ති සඞ‍්කරං මරියාදභෙදං වා. යථා අජෙළකාතිආදීසු එතෙ හි සත‍්තා “අයං මෙ මාතා”ති වා “මාතුච‍්ඡා”ති වා ගරුචිත‍්තීකාරවසෙන න ජානන‍්ති. යං වත්‍ථුං නිස‍්සාය උප‍්පන‍්නා, තත්‍ථෙව විප‍්පටිපජ‍්ජන‍්ති. තස‍්මා උපමං ආහරන‍්තො “යථා අජෙළකා”තිආදිමාහ. නවමං.

නව වැන්නෙහි ලොකං පාලෙනති යනු ලෝකය දරත් පිහිටුවත් රකිති යනුයි. නයිධ පඤ්ඤායෙථ මාතා යනු මේ ලෝකයෙහි ජනනය කරන මව මේ මගේ මවයයි ගරු කිරීම් වශයෙන් නොපැනෙයි. ඉතිරි පදයන්හිද මේ ක්‍රමයමයි. සමේහදං යනු මිශ්‍රවීම හෝ සීමා බිඳීමයි. යථා අජෙළකා යනාදියෙහි මේ සත්වයෝ මේ මගේ මවය හෝ නැන්දාය හෝයි ගරුකිරීම් වශයෙන් නොදනිත්. යම් වස්තුවක් නිසා උපන්නාහුද එහිම වරදවා හැසිරෙත්. එබැවින් උපමාවක් එළවමින් එළුබැටලුවන් මෙනැයි ආදිය පැවසීය.

වස‍්සූපනායිකාසුත‍්තං

වස්සූපනායිකා සූත්‍රය

දසමං අට‍්ඨුප‍්පත‍්තියං වුත‍්තං. කතරඅට‍්ඨුප‍්පත‍්තියං? මනුස‍්සානං උජ‍්ඣායනෙ. භගවතා හි පඨමබොධියං වීසති වස‍්සානි වස‍්සූපනායිකා අප‍්පඤ‍්ඤත‍්තා අහොසි. භික‍්ඛූ අනිබද‍්ධවාසා වස‍්සෙපි උතුවස‍්සෙපි යථාසුඛං විචරිංසු. තෙ දිස‍්වා මනුස‍්සා “කථඤ‍්හි නාම සමණා සක්‍යපුත‍්තියා හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරිස‍්සන‍්ති හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා. ඉමෙ හි නාම අඤ‍්ඤතිත්‍ථියා දුරක‍්ඛාතධම‍්මා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති සංකසායිස‍්සන‍්ති, ඉමෙ නාම සකුණා රුක‍්ඛග‍්ගෙසු කුලාවකානි කත්‍වා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති සංකසායිස‍්සන‍්තී”තිආදීනි වත්‍වා උජ‍්ඣායිංසු. තමත්‍ථං භික‍්ඛූ භගවතො ආරොචෙසුං. භගවා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ඉමං සුත‍්තං දෙසෙන‍්තො පඨමං තාව “අනුජානාමි, භික‍්ඛවෙ, වස‍්සං උපගන‍්තු”න‍්ති (මහාව· 184) එත‍්තකමෙවාහ. අථ භික‍්ඛූනං “කදා නු ඛො වස‍්සං උපගන‍්තබ‍්බ”න‍්ති උප‍්පන‍්නං විතක‍්කං සුත්‍වා “අනුජානාමි, භික‍්ඛවෙ, වස‍්සානෙ වස‍්සං උපගන‍්තු”න‍්ති ආහ. අථ ඛො භික‍්ඛූනං එතදහොසි – “කති නු ඛො වස‍්සූපනායිකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. තං සුත්‍වා සකලම‍්පි ඉදං සුත‍්තං දෙසෙන‍්තො ද‍්වෙමා, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ වස‍්සූපනායිකාති වස‍්සූපගමනානි. පුරිමිකාති අපරජ‍්ජුගතාය ආසාළ‍්හියා උපගන‍්තබ‍්බා පුරිමකත‍්තිකපුණ‍්ණමිපරියොසානා පඨමා තෙමාසී. පච‍්ඡිමිකාති මාසගතාය ආසාළ‍්හියා උපගන‍්තබ‍්බා පච‍්ඡිමකත‍්තිකපරියොසානා පච‍්ඡිමා තෙමාසීති. දසමං.

දසවැන්න අත්‍ථෙර්‍ාත්පත්තියෙහි (කරුණක් ඇතිවීමෙහි) කියනලදී. කවර අත්‍ථෙර්‍ාත්පත්තියකදීද? මිනිසුන්ගේ උද්ඝොෂණයෙහිය. භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රථම බෝධියෙහි විසිවසක් වස් එළඹීම නොපනවන ලද්දේවිය. භික්‍ෂූහු නිබඳවාසයක් නැත්තාහු වැස්සෙහිද වැසි සමයෙහිද කැමති පරිද්දෙන් විසූහ. ඔවුන් දැක මිනිස්සු කෙසේ නම් ශාකයපුත්‍ර ශ්‍රමණයෝ ශීත කාලයෙහිද උෂ්ණකාලයෙහිද වැසිකල්හිද නිල්තණ මඩිමින් ඒකේන්‍ද්‍රිය ජීවීන් වෙහෙසෙමින් බොහෝ කුඩා ප්‍රාණීන් විනාශයට පමුණුවමින් සැරිසරත්ද? නපුරුසේ කියනලද ස්වභාවය ඇති මේ අන්‍යතීර්ථකයෝ වස් විසීමෙහි ඇලෙත් මේ ලිහිණියෝ ගස් අග කැදලි තනා ඒවායේ වැසිකල ගෙවත්යයි ආදිය කියා උද්ඝෝෂණය කළාහුය. භික්‍ෂූහු එකරුණ භාග්‍යවතුන්වහන්සේට සැලකළාහුය. භාග්‍යවතුන්වහන්සේ එකරුන නිදානකොට මේ සූත්‍රය දෙසනසේක් පළමුව ‘මහණෙනි වස් එළඹෙන්නට අනුදනිමි’යි මෙපමණක්ම පැවසූසේක. ඉක්බිති භික්‍ෂූන්ට කවදා නම් වස් එළැඹිය යුතුදැයි උපන් සැකය ගැන අසා ‘මහණෙනි වැසි සමයෙහි වස් එළඹෙන්නට අනුදනිමි’යි පැවසූසේක. ඉක්බිති භික්‍ෂූන්ට වස් එළැඹීම් කීයක්දැයි අදහසක් පහළවිය. භාග්‍යවතුන්වහ්නසේට මෙකරුණ සැළකළාහුය. එය අසා සියලු මෙම සූත්‍රය දෙසමින් දේවමා භික්ඛවෙ යනාදිය දෙසූසේක. එහි වස්සූපනායිකා යනු වස් එළඹීම්ය. පුරිමිකා යනු දිනක් ගතවූ ඇසළ මස එළඹිය යුතු වප්මස පුන්පොහෝ දිනය අවසන් කොටඇති පළමු තෙමස ඇත්තාවූයි. පච්ඡිමිකා යනු මසක් ගතවූ ඇසළ මස එළඹිය යුතු ඉල්මස අවසන්කොට ඇති පැසුළු තෙමස ඇත්තාවූයි.

කම‍්මකාරණවග‍්ගො පඨමො.

පළමුවෙනි වස්සුපනායික වර්‍ගයයි.