යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤොජනීය සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 1. 1. 6.

2. 1. 1. 6.

සඤ‍්ඤොජනීය සුත‍්තං.

සඤ්ඤෝජනීය සූත්‍රය

6. ද‍්වෙමෙ භික‍්ඛවෙ, ධම‍්මා. කතමෙ ද‍්වෙ: යා ච සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිතා, යා ච සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු නිබ‍්බිදානුපස‍්සිතා.

6. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දශවිධ සංයෝජනයනට ප්‍රත්‍යය වූ ත්‍රෛභූමක ධර්‍මයන් විෂයෙහි යම් ආස්වාද විසින් බලන සුලු බවෙකුදු වේ නම්, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි යම් උකටලි විසින් බලන සුලු බවෙකුදු වේ නම්, යන මේ දෙකය.

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සී විහරන‍්තො රාගං නප‍්පජහති, දොසං නප‍්පජහති, මොහං නප‍්පජහති. රාගං අප‍්පහාය, දොසං අප‍්පහාය, මොහං අප‍්පහාය, න පරිමුච‍්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, සංයෝජනීය ධර්‍මයන් විෂයෙහි ආස්වාද විසින් දක්නාසුලු ව වෙසෙන්නේ රාගය නො හරනේ ය. ද්වේෂය නො හරනේ ය. මෝහය නො හරනේ ය. රාගය නො හැර ද්වේෂය නො හැර මෝහය නො හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් නො මිදෙයි. වට දුකින් නො මිදේය යි කියමි.

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු නිබ‍්බිදානුපස‍්සී විහරන‍්තො රාගං පජහති, දොසං පජහති, මොහං පජහති. රාගං පහාය, දොසං පහාය, මොහං පහාය, පරිමුච‍්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ ධම‍්මාති.

මහණෙනි, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි නිර්වේද වශයෙන් බලන සුලු ව වෙසෙන්නේ රාගය හරනේය, ද්වේෂය හරනේය, මෝහය හරනේය, රාගය හැර ද්වේෂය හැර මෝහය හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් මිදෙයි. වට දුකින් මිදේය යි කියමි. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන යි.

2. 1. 1. 7.

2. 1. 1. 7.

කණ‍්හසුත‍්තං

කණ්හ සූත්‍රය

7. ද‍්වෙමෙ භික‍්ඛවෙ, ධම‍්මා කණ‍්හා. කතමෙ ද‍්වෙ: අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ ධම‍්මා කණ‍්හාති.

7. මහණෙනි, මේ කෘෂ්ණ (පාප) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිනැති බව වූ) අහිරිකය ද (පවට බිරිනැති බව වූ) අනොත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ කෘෂ්ණධර්‍මයෝ දෙදෙන ය.

2. 1. 1. 8.

2. 1. 1. 8.

සුක‍්කසුත‍්තං

සුක්ක සූත්‍රය

8. ද‍්වෙමෙ භික‍්ඛවෙ, ධම‍්මා සුක‍්කා. කතමෙ ද‍්වෙ: හිරි ච ඔත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ ධම‍්මා සුක‍්කාති.

8. මහණෙනි, මේ ශුක්ල (කුශල) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිඇති බව වූ) හිරිය ද (පවට බිරිඇති බව වූ) ඔත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ය.

2. 1. 1. 9.

2. 1. 1. 9.

චරියාසුත‍්තං

චරියා සූත්‍රය

9. ද‍්වෙමෙ භික‍්ඛවෙ, සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්ති. කතමෙ ද‍්වෙ: හිරි ච ඔත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං න පාලෙය්‍යුං, නයිධ පඤ‍්ඤායෙථ මාතාති වා මාතුච‍්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වා, සම‍්භෙදං ලොකො අගමිස‍්ස, යථා අජෙළකා කුක‍්කුටසූකරා සොනසිගාලා. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, ඉමෙ ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්ති, තස‍්මා පඤ‍්ඤායති මාතාති වා මාතුච‍්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වාති.

9. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක යත්: හිරිය හා ඔත්තප්පය වේ. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව නොපල්නාහු නම්, මෙලෙව්හි වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) නො පැණෙයි. ලෝකයෝ එළු තිරෙළුවන් මෙන් ද කුකුළු හූරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද පණත් බිඳුමට යන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව රකිත් ද, එහෙයින් වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) පැණෙයි.

2. 1. 1. 10.

2. 1. 1. 10.

වස‍්සූපනායිකාසුත‍්තං

වස්සූපනායිකා සූත්‍රය

10. ද‍්වෙමා භික‍්ඛවෙ, වස‍්සූපනායිකා. කතමා ද‍්වෙ: පුරිමිකා ච පච‍්ඡිමිකා ච. ඉමා ඛො භික‍්ඛවෙ, ද‍්වෙ වස‍්සූපනායිකාති.

10. මහණෙනි, මේ වස් එළැඹීම් දෙකෙකි. කවර දෙකෙක යත්: පෙරවස් එළැඹීම ය, පසුවස් එළැඹීම ය (යන දෙකයි) මහණෙනි, මේ වනාහි වස් එළැඹීම් දෙක යි.

වස‍්සුපනායිකාවග‍්ගො පඨමො.

පළමු වස්සූපනායිකා වගයි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

වජ‍්ජා පධානා ද‍්වෙ තපනීයා උපඤ‍්ඤාතෙන පඤ‍්චමං සඤ‍්ඤොජනඤ‍්ච කණ‍්හඤ‍්ච සුක‍්කං චරියා වස‍්සූපනායිකෙන වග‍්ගො.

වජ්ජ සූත්‍රය, පධාන සූත්‍රය, තපනීය සූත්‍ර දෙකය, පස්වන උපඤ්ඤාත සූත්‍රය, සංයෝජන සූත්‍රය, කණ්හ සූත්‍රය, සුක්ක සූත්‍රය, චරියා සූත්‍රය, වස්සූපනායිකා සූත්‍රය දැයි මෙයින් වර්‍ගය වේ.