2. 1. 2. 1
2. 1. 2. 1.
2. 1. 2. 1.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. ද්වෙමානි භික්ඛවෙ, බලානි. කතමානි ද්වෙ: පටිසඞ්ඛානබලඤ්ච, භාවනාබලඤ්ච. කතමඤ්ච භික්ඛවෙ, පටිසඞ්ඛානබලං: ඉධ භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති: කායදුච්චරිතස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච, වචීදුච්චරිතස්ස පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච, මනොදුච්චරිතස්ස පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ, පටිසඞ්ඛානබලං. කතමඤ්ච භික්ඛවෙ, භාවනාබලං. තත්ර භික්ඛවෙ, යමිදං භාවනාබලං. සෙඛමෙතං බලං. සෙඛං හි සො භික්ඛවෙ, බලං ආගම්ම රාගං පජහති, දොසං පජහති, මොහං පජහති. රාගං පහාය, දොසං පහාය, මොහං පහාය යං අකුසලං, තං න කරොති. යං පාපං, තං න සෙවති. ඉදං වුච්චති භික්ඛවෙ, භාවනාබලං. ඉමානි ඛො භික්ඛවෙ, ද්වෙ බලානීති.
11. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: “කායදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වේය” යි. හෙතෙම මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මෙය පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, එහි ලා යම් භාවනාබලයෙක් වේ නම්, මෙය ශෛක්ෂබලය වේ. මහණෙනි, හේ ශෛක්ෂබලයට පැමිණ රාගය හැර ලා, ද්වේෂය හැරලයි. මෝහය හැරලයි. රාගය හැර ලා, ද්වේෂය හැර ලා, මෝහය හැර ලා යමෙක් අකුශල වේ නම් එය නො කෙරෙයි. යමෙක් පව් වේ නම් එය නො සෙව්නේය. මහණෙනි, මෙය භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.