යෙදුමෙන් කියවන්න

2. 1. 2. 2

2. 1. 2. 2.

2. 1. 2. 2.

12. ද‍්වෙමානි භික‍්ඛවෙ, බලානි. කතමානි ද‍්වෙ: පටිසඞ‍්ඛානබලඤ‍්ච, භාවනාබලඤ‍්ච. කතමඤ‍්ච භික‍්ඛවෙ, පටිසඞ‍්ඛානබලං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඉති පටිසඤ‍්චික‍්ඛති: කායදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්ච. වචීදුච‍්චරිතස‍්ස පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්ච. මනොදුච‍්චරිතස‍්ස පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති. සො ඉති පටිසඞ‍්ඛාය කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පටිසඞ‍්ඛානබලං. කතමඤ‍්ච භික‍්ඛවෙ, භාවනාබලං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොසග‍්ගපරිණාමිං. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොසග‍්ගපරිණාමිං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, භාවනාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ, ද‍්වෙ බලානීති.

12. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මෙ බල දෙකයි.