2. 1. 2. 3
2. 1. 2. 3.
2. 1. 2. 3.
13. ද‍්වෙමානි භික‍්ඛවෙ, බලානි. කතමානි ද‍්වෙ: පටිසඞ‍්ඛානබලඤ‍්ච භාවනාබලඤ‍්ච. කතමඤ‍්ච භික‍්ඛවෙ, පටිසඞ‍්ඛානබලං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඉති පටිසඤ‍්චික‍්ඛති කායදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්ච, වචීදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්ච, මනොදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති. සො ඉති පටිසඞ‍්ඛාය කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පටිසඞ‍්ඛානබලං. කතමඤ‍්ච භික‍්ඛවෙ, භාවනාබලං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, භාවනාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ, ද‍්වෙ බලානීති.
13. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පිරිවටයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ ඒකාග්‍රභාවය ඇති විතර්‍කරහිත වූ විචාරරහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ද්විතීයධ්‍යානයට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ඇත්තේ ද ස්මෘතිමත් වූයේ ද සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව පිළිවිදියි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තෙකැ”යි යම් ධ්‍යානලාභියකු (ගෙණ) කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.