යෙදුමෙන් කියවන්න

2. 1. 2. 1 අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. 1. 2. 1

2. 1. 2. 1

දුතියස‍්ස පඨමෙ බලානීති කෙනට‍්ඨෙන බලානි. අකම‍්පියට‍්ඨෙන බලානි නාම, තථා දුරභිභවනට‍්ඨෙන අනජ‍්ඣොමද‍්දනට‍්ඨෙන ච. පටිසඞ‍්ඛානබලන‍්ති පච‍්චවෙක‍්ඛණබලං. භාවනාබලන‍්ති බ්‍රූහනබලං වඩ‍්ඪනබලං. සුද‍්ධං අත‍්තානන‍්ති ඉදං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. තත්‍රාති තෙසු ද‍්වීසු බලෙසු. යමිදන‍්ති යං ඉදං. සෙඛානමෙතං බලන‍්ති සත‍්තන‍්නං සෙඛානං ඤාණබලමෙතං. සෙඛඤ‍්හි සො, භික‍්ඛවෙ, බලං ආගම‍්මාති සත‍්තන‍්නං සෙඛානං ඤාණබලං ආරබ‍්භ සන්‍ධාය පටිච‍්ච. පජහතීති මග‍්ගෙන පජහති. පහායාති ඉමිනා පන ඵලං කථිතං. යං පාපන‍්ති යං පාපකං ලාමකං. යස‍්මා පනෙතානි ද‍්වෙපි වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණාති, තස‍්මා එත්‍ථ එතදග‍්ගං නාගතන‍්ති වෙදිතබ‍්බං.

දෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි බලානි යනු කවර අර්‍ත්‍ථයකින් බලයෝදයත්? නොසැලෙනසුලු අරුතින් බලයෝ නම් වෙත්. එසේම මැඩපැවත්විය නොහැකි අර්‍ත්‍ථයෙන්ද යටපත් කළ නොහැකි යන අර්‍ත්‍ථයෙන්ද වේ. පටිසංඛාන බලං යනු ප්‍රත්‍යවෙක්‍ෂණබලයයි. භාවනාබලං යනු දියුණු කිරීමේ බලයයි. වැඩීමේ බලයයි. සුද්ධමත්තානං යන මෙය යට කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. තත්‍ර යන් ඒ බලදෙකෙහියි. යමිදං යනු යම් මේයි. සෙඛමෙතං බලං යනු මෙය ශෛක්‍ෂයන් සත්දෙනාගේ ඥානබලයයි. සෙඛං හි සො භික්‍ඛවෙ බලං ආගම්ම යනු ශෛක්‍ෂයන් සත් දෙනාගේ ඥානබලය ඇරඹ, නිසා යනුයි. පජහති යනු මගින් දුරුකරයි. යම් හෙයකින් මේ දෙකම වඩා රහත්බවට පැමිණෙයිද එහෙයින් මෙහි එතදග්ගය නොපැමිණියේයි දතයුතුය.

2. 1. 2. 2

2. 1. 2. 2

දුතියෙ සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතීතිආදීසු අයං හෙට‍්ඨා අනාගතානං පදානං වසෙන අත්‍ථවණ‍්ණනා – විවෙකනිස‍්සිතන‍්ති විවෙකං නිස‍්සිතං. විවෙකොති විවිත‍්තතා. ස‍්වායං තදඞ‍්ගවිවෙකො වික‍්ඛම‍්භන-සමුච‍්ඡෙද-පටිප‍්පස‍්සද‍්ධි-නිස‍්සරණවිවෙකොති පඤ‍්චවිධො. තස‍්මිං පඤ‍්චවිධෙ විවෙකෙ. විවෙකනිස‍්සිතන‍්ති තදඞ‍්ගවිවෙකනිස‍්සිතං, සමුච‍්ඡෙදවිවෙකනිස‍්සිතං, නිස‍්සරණවිවෙකනිස‍්සිතඤ‍්ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතීති අයමත්‍ථො වෙදිතබ‍්බො. තථා හි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගභාවනානුයුත‍්තො යොගී විපස‍්සනාක‍්ඛණෙ කිච‍්චතො තදඞ‍්ගවිවෙකනිස‍්සිතං, අජ‍්ඣාසයතො නිස‍්සරණවිවෙකනිස‍්සිතං, මග‍්ගකාලෙ පන කිච‍්චතො සමුච‍්ඡෙදවිවෙකනිස‍්සිතං, ආරම‍්මණතො නිස‍්සරණවිවෙකනිස‍්සිතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති. පඤ‍්චවිධවිවෙකනිස‍්සිතම‍්පීති එකෙ. තෙ හි න කෙවලං බලවවිපස‍්සනාමග‍්ගඵලක‍්ඛණෙසුයෙව බොජ‍්ඣඞ‍්ගෙ උද‍්ධරන‍්ති, විපස‍්සනාපාදකකසිණජ‍්ඣානආනාපානාසුභබ්‍රහ‍්මවිහාරජ‍්ඣානෙසුපි උද‍්ධරන‍්ති, න ච පටිසිද‍්ධා අට‍්ඨකථාචරියෙහි. තස‍්මා තෙසං මතෙන එතෙසං ඣානානං පවත‍්තික‍්ඛණෙ කිච‍්චතො එව වික‍්ඛම‍්භනවිවෙකනිස‍්සිතං. යථා ච “විපස‍්සනාක‍්ඛණෙ අජ‍්ඣාසයතො නිස‍්සරණවිවෙකනිස‍්සිත”න‍්ති වුත‍්තං, එවං “පටිප‍්පස‍්සද‍්ධිවිවෙකනිස‍්සිතම‍්පි භාවෙතී”ති වත‍්තුං වට‍්ටති. එස නයො විරාගනිස‍්සිතන‍්තිආදීසු. විවෙකත්‍ථා එව හි විරාගාදයො.

දෙවෙනි සූත්‍රයෙහි සතිසම්බොජක්‍ධංගං භාවෙති යනාදියෙහි මෙය යට නොආ පද වශයෙන් අර්‍ත්‍ථ වර්‍ණනාවයි. විවෙකනිස්සිතං යනු විවේකය ඇසුරුකොට ඇතියි. විවේකය යනු හුදෙකලා වීමයි. මේ විවෙකය, තදඞ්ග වික්‍ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ග වික්‍ඛම්භන සමුචේඡද පටිපස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ගවිවෙකනිශ්‍රිතවූද, සමුච්ඡේද විවෙක නිශ්‍රිතවූද නිස්සරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධංගය වඩයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය. එසේම සතිසම්බොජ්ක්‍ධංග භාවනාවෙහි යෙදුණු යෝගීතෙමේ විදර්‍ශනාක්‍ෂණයෙහි කෘත්‍යවශයෙන් තදඞ්ගවිවේක නිශ්‍රිතවූද අදහස් වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවූද මාර්‍ගකාලයෙහි කෘත්‍ය වශයෙන් සමුච්ඡෙද විවෙක නිශ්‍රිතවූද අරමුණවශයෙන් නිශ්ශරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩයි. පස් ආකර විවේකය ඇසුරු කොටඇති (සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩිතියිද) ඇතැම්හු කියති. ඔවුහු හුදෙක් බලවත් විදර්‍ශනාමාර්‍ග ඵලක්‍ෂණයන්හි පමණක්ම බොජ්ක්‍ධඞ්ගයන් ඔසවා නොක්වති. විදර්‍ශනාධ්‍යාන කසිණධ්‍යාන ආණාපාන සුබ බ්‍රහ්මවිහාර ධ්‍යානයන්හිදීද ඔසවති. (මෙය) අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂෙප නොකරනලදී. එබැවින් ඔවුන්ගේ මතයෙන් මේ ධ්‍යානයන්ගේ ප්‍රවෘත්ති ක්‍ෂණයෙහි යම්සේ විදර්‍ශනාක්‍ෂණයෙහි අදහස්වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවේද එසේ විස්කම්භන විවේක නිශ්‍රිතවේයයි කියනලදී. මෙසේ පටිප්පස්සද්ධිවිවෙක නිශ්‍රිතවූ බොද්ධ්‍යංගයද වඩන්නේයයි කීමටවටී. විරාගනිශ්‍රිතාදීන් කෙරෙහිද මේ ක්‍රමයයි. විරාගාදීහු විවෙකාර්‍ත්‍ථය ඇත්තෝමය.

කෙවලං හෙත්‍ථ වොස‍්සග‍්ගො දුවිධො පරිච‍්චාගවොස‍්සග‍්ගො ච පක‍්ඛන්‍දනවොස‍්සග‍්ගො චාති. තත්‍ථ පරිච‍්චාගවොස‍්සග‍්ගොති විපස‍්සනාක‍්ඛණෙ ච තදඞ‍්ගවසෙන, මග‍්ගක‍්ඛණෙ ච සමුච‍්ඡෙදවසෙන කිලෙසප‍්පහානං. පක‍්ඛන්‍දනවොස‍්සග‍්ගොති විපස‍්සනාක‍්ඛණෙ තන‍්නින‍්නභාවෙන, මග‍්ගක‍්ඛණෙ පන ආරම‍්මණකරණෙන නිබ‍්බානපක‍්ඛන්‍දනං. තදුභයම‍්පි ඉමස‍්මිං ලොකියලොකුත‍්තරමිස‍්සකෙ අත්‍ථවණ‍්ණනානයෙ වට‍්ටති. තථා හි අයං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො යථාවුත‍්තෙන පකාරෙන කිලෙසෙ පරිච‍්චජති, නිබ‍්බානඤ‍්ච පක‍්ඛන්‍දති. වොස‍්සග‍්ගපරිණාමින‍්ති ඉමිනා පන සකලෙන වචනෙන වොස‍්සග‍්ගත්‍ථං පරිණමන‍්තං පරිණතඤ‍්ච, පරිපච‍්චන‍්තං පරිපක‍්කඤ‍්චාති ඉදං වුත‍්තං හොති. අයඤ‍්හි බොජ‍්ඣඞ‍්ගභාවනානුයුත‍්තො භික‍්ඛු යථා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො කිලෙසපරිච‍්චාගවොස‍්සග‍්ගත්‍ථං නිබ‍්බානපක‍්ඛන්‍දනවොස‍්සග‍්ගත්‍ථඤ‍්ච පරිපච‍්චති, යථා ච පරිපක‍්කො හොති, තථා නං භාවෙතීති. එස නයො සෙසබොජ‍්ඣඞ‍්ගෙසු.

මෙහි හුදෙක් වොස්සග්ගය (පරිත්‍යාගය) දෙයාකාරය. පරිච්චාගවොස්සග්ගයද පක්‍ඛන්‍දන වොස්සග්ගයද වශයෙනි. එහි පරිච්චාගවොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි තදඞ්ගවශයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි සමුච්ඡේද වශයෙන්ද කෙලෙසුන් දුරුකිරීමයි. පක්‍ඛන්‍දන වොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි එයට නැඹුරුවීම් වහයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි අරමුණු කිරීමෙන්ද නිවන තුළට වැදීමයි. ඒ දෙකම මේ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ අර්‍ත්‍ථවර්‍ණනා ක්‍රමයේදී සුදුසුය. මේ සති සම්බොජ්ක්‍ධඞ්ගය යම්සේ කියනලද ක්‍රමයෙන් කෙලෙසුන් දුරුකරයිද එසේම නිවනටද ඇතුළු වෙයි. වොස්සග්ගපරිනාමිං යන මෙම සියලු වචනයෙන් වොස්සග්ගාර්‍ත්‍ථය (පරිත්‍යාගාර්ථය) යොමුවන, යොමුවූ, පැසෙන පැසුණු යන (ලක්‍ෂණ ඇත) යන මෙය කියනලදී. මේ බොජක්‍ධඞ්ග භාවනාවෙහි යෙදුණු භික්‍ෂුව යම්සේ සතිසම්බොජක්‍ධඞ්ගය කිලෙසපරිච්චාග වොස්සග්ග අර්‍ත්‍ථයද නිබ්බාන පක්‍ඛන්‍දන වොස්සග්ග අර්‍ත්‍ථයද පැසවයිද යම්සේ මුහුකුරා ගියේවේද එසේ එම බොජක්‍ධඞ්ගය වඩයි යන මේ ක්‍රමය සෙසු බොධ්‍යංගයන්හිදවේ.

ඉධ පන නිබ‍්බානංයෙව සබ‍්බසඞ‍්ඛතෙහි විවිත‍්තත‍්තා විවෙකො, සබ‍්බෙසං විරාගභාවතො විරාගො, නිරොධභාවතො නිරොධොති වුත‍්තං. මග‍්ගො එව ච වොස‍්සග‍්ගපරිණාමී, තස‍්මා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකං ආරම‍්මණං කත්‍වා පවත‍්තියා විවෙකනිස‍්සිතං, තථා විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං. තඤ‍්ච ඛො අරියමග‍්ගක‍්ඛණුප‍්පත‍්තියා කිලෙසානං සමුච‍්ඡෙදතො පරිච‍්චාගභාවෙන ච නිබ‍්බානපක‍්ඛන්‍දනභාවෙන ච පරිණතං පරිපක‍්කන‍්ති අයමෙව අත්‍ථො දට‍්ඨබ‍්බො. එස නයො සෙසබොජ‍්ඣඞ‍්ගෙසු. ඉති ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ලොකියලොකුත‍්තරමිස‍්සකා කථිතා. ඉමෙසුපි ද‍්වීසු බලෙසු එතදග‍්ගභාවො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මෙහි වනාහි නිවනම සියලු සංඛතධර්‍මයනගෙන් වෙන්වූ බැවින් විවේකයයි. සියල්ලන්ගේ වෙන්වීම බැවින් විරාගයයි. නිරෝධභාවයෙන් නිරෝධයයි කියනලදී. මාර්ගයමද වොස්සග්ගපරිනාමීය. එබැවින් සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩයි. විවේකය අරමුණුකොට පැවතීමෙන් විවෙකනිශ්‍රිතවෙයි. එසේ විරාගය (අරමුණුකොට පැවතීමෙන්) විරාගනිශ්‍රිතවේ. නිරොධ නිශ්‍රිතද වේ. එයද ආර්යමාර්‍ගක්‍ෂණයෙහි පැවතීමෙන් කෙලෙසුන් සහමුලින් විනාශවීමෙන් පරිත්‍යාග භාවයෙන්ද නිබ්බානපක්‍ඛන්‍දන භාවයෙන්ද මුහුකුරාගියේය. පැසුණේය යන මෙම අර්‍ත්‍ථයම දැක්විය යුතුය. සෙසු බොජක්‍ධඞ්ගයන්හි මේ ක්‍රමයයි. මෙසේ මේ බොධ්‍යංග සත ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී. මේ බලදෙකෙහිද ඒතදග්‍රභාවය කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.

2. 1. 2. 3

2. 1. 2. 3

තතියෙ විවිච‍්චෙව කාමෙහීතිආදීනං චතුන‍්නං ඣානානං පාළිඅත්‍ථො ච භාවනානයො ච සබ‍්බො සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.69-70) විත්‍ථාරිතොයෙව. ඉමානි පන චත‍්තාරි ඣානානි එකො භික‍්ඛු චිත‍්තෙකග‍්ගත්‍ථාය භාවෙති, එකො විපස‍්සනාපාදකත්‍ථාය, එකො අභිඤ‍්ඤාපාදකත්‍ථාය, එකො නිරොධපාදකත්‍ථාය, එකො භවවිසෙසත්‍ථාය. ඉධ පන තානිපි විපස‍්සනාපාදකානි අධිප‍්පෙතානි. අයං හි භික‍්ඛු ඉමානි ඣානානි සමාපජ‍්ජිත්‍වා සමාපත‍්තිතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා හෙතුපච‍්චයපරිග‍්ගහං කත්‍වා සප‍්පච‍්චයං නාමරූපඤ‍්ච වවත්‍ථපෙත්‍වා ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගානි සමොධානෙත්‍වා අරහත‍්තං පාපුණාති. එවමෙතානි ඣානානි ලොකියලොකුත‍්තරමිස‍්සකානෙව කථිතානි. ඉමස‍්මිම‍්පි බලද‍්වයෙ එතදග‍්ගභාවො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

තෙවෙනි සූත්‍රයෙහි විචිචේච්ච කාමෙහි යනාදී ධ්‍යාන සතරේ පෙළ අර්‍ත්‍ථයද භාවනාක්‍රමයද යන සියල්ල විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. මෙම සතර ධාන්‍යයන් ඇතැම් භික්‍ෂුහු චිත්තවිවේකය සඳහා වඩාත් ඇතමෙක් විදර්‍ශනාපාදකවීම සඳහාද ඇතමෙක් අභිඥාපාදකවීම සඳහාද ඇතමෙක් නිරෝධපාදකවීම සඳහාද ඇතමෙක් භවවිශෙෂාර්ථය සඳහා ද වඩාත් මෙහි මේවාද විදර්‍ශනාපාදක වූවෝයයි අදහස් කරනලදහ. මේ භික්‍ෂුව මේ ධ්‍යානයන්ට සමවැද සමවතින් නැඟිට සංස්කාරයන් විමසා බලා හේතු ප්‍රත්‍යය පරීක්‍ෂාකොට ප්‍රත්‍යය සහිතවූ නාමරූපයන් නිශ්චයකොට ඉන්‍ද්‍රියබල බෝධ්‍යංගයන් ගලපා රහත්බවට පැමිණෙයි. මෙසේ මේ ධ්‍යානයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලද්දාහුය. මේ බලදෙකෙහිම එතදග්‍රභාවය කියනලද ක්‍රමයෙන්ම දතයුත්තාහුය.

2. 1. 2. 4

2. 1. 2. 4

චතුත්‍ථෙ සංඛිත‍්තෙන ච විත්‍ථාරෙන චාති සංඛිත‍්තධම‍්මදෙසනා විත්‍ථාරධම‍්මදෙසනා චාති ද‍්වෙයෙව ධම‍්මදෙසනාති දස‍්සෙති. තත්‍ථ මාතිකං උද‍්දිසිත්‍වා කථිතා දෙසනා සංඛිත‍්තදෙසනා නාම. තමෙව මාතිකං විත්‍ථාරතො විභජිත්‍වා කථිතා විත්‍ථාරදෙසනා නාම. මාතිකං වා ඨපෙත්‍වාපි අට‍්ඨපෙත්‍වාපි විත්‍ථාරතො විභජිත්‍වා කථිතා විත්‍ථාරදෙසනා නාම. තාසු සංඛිත‍්තදෙසනා නාම මහාපඤ‍්ඤස‍්ස පුග‍්ගලස‍්ස වසෙන කථිතා, විත්‍ථාරදෙසනා නාම මන්‍දපඤ‍්ඤස‍්ස. මහාපඤ‍්ඤස‍්ස හි විත්‍ථාරදෙසනා අතිපපඤ‍්චො විය හොති. මන්‍දපඤ‍්ඤස‍්ස සඞ‍්ඛෙපදෙසනා සසකස‍්ස උප‍්පතනං විය හොති, නෙව අන‍්තං න කොටිං පාපුණිතුං සක‍්කොති. සඞ‍්ඛෙපදෙසනා ච උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස වසෙන කථිතා, විත්‍ථාරදෙසනා ඉතරෙසං තිණ‍්ණං වසෙන. සකලම‍්පි හි තෙපිටකං සඞ‍්ඛෙපදෙසනා විත්‍ථාරදෙසනාති එත්‍ථෙව සඞ‍්ඛං ගච‍්ඡති.

සිවුවැන්නෙහි සඞ්ඛිතේතන ච චිත්‍ථාරෙනච යනු සංක්‍ෂිපත ධර්‍මදේශනාව විස්තාරධර්‍මදේශනාව යන ධර්‍මදේශනා දෙකම දක්වනුලබයි. එහි මාතෘකාව උද්දෙශකොට කියනලද දේශනාව සංක්‍ෂිප්ත දේශනා නමි. එම මාතෘකාවම විස්තරවශයෙන් බෙදා කියනලද දේශනාව විස්තාර දේශනා නමි. මාතෘකාව තබාද නොතබාද විස්තරවශයෙන් බෙදා කියනලද්දේ විස්තාර දේශනාමය. ඔවුනතුරෙන් සංක්‍ෂිප්ත දේශනාව නම් මහනුවණැති පුද්ගලයන්ගේ වශයෙන් කියනලද්දේයි. මහපැනවතාට වනාහි විස්තාර දේශනාව දැඩි ප්‍රමාදයක් (අනවශය කල්මැරීමක්) මෙන්වෙයි. මඳපැනවතාට සංක්‍ෂෙපදේශනාව හාවාගේ පැනීමක් මෙන්වෙයි. අගට හෝ කෙළවරට පැමිණීමට නොහැකිවෙයි. සංක්‍ෂෙපදේශනාවද උද්ඝටිතඤඤු පුද්ගලයාගේ වශයෙන් කියනලදී. විස්තාරදේශනාව අනෙක් පුද්ගලයන් තිදෙනාගේ වශයෙනි. සියලුම ත්‍රිපිටකය සංක්‍ෂෙපදේශනා විස්තාර දේශනායයි මෙහිම ප්‍රසිද්ධියට යයි.

2. 1. 2. 5

2. 1. 2. 5

පඤ‍්චමෙ යස‍්මිං, භික‍්ඛවෙ, අධිකරණෙති විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණන‍්ති ඉමෙසං චතුන‍්නං අධිකරණානං යස‍්මිං අධිකරණෙ. ආපන‍්නො ච භික‍්ඛූති ආපත‍්තිං ආපන‍්නො භික‍්ඛු ච. තස‍්මෙතන‍්ති තස‍්මිං එතං. දීඝත‍්තායාති දීඝං අද‍්ධානං තිට‍්ඨනත්‍ථාය. ඛරත‍්තායාති දාස-කොණ‍්ඩ-චණ‍්ඩාල-වෙනාති එවං ඛරවාචාපවත‍්තනත්‍ථාය. වාළත‍්තායාති පාණි ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පහරණවසෙන කක‍්ඛළභාවත්‍ථාය. භික‍්ඛූ ච න ඵාසුං විහරිස‍්සන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං විවාදාපන‍්නෙ භික‍්ඛුසඞ‍්ඝෙ යෙපි උද‍්දෙසං වා පරිපුච‍්ඡං වා ගහෙතුකාමා පධානං වා අනුයුඤ‍්ජිතුකාමා, තෙ ඵාසුං න විහරිස‍්සන‍්ති. භික‍්ඛුසඞ‍්ඝස‍්මිං හි උපොසථපවාරණාය ඨිතාය උද‍්දෙසාදීහි අත්‍ථිකා උද‍්දෙසාදීනි ගහෙතුං න සක‍්කොන‍්ති, විපස‍්සකානං චිත‍්තුප‍්පාදො න එකග‍්ගො හොති, තතො විසෙසං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොන‍්ති. එවං භික‍්ඛූ ච න ඵාසුං විහරිස‍්සන‍්ති. න දීඝත‍්තායාතිආදීසු වුත‍්තපටිපක‍්ඛනයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

පස්වැන්නෙහි යසමිං භික්‍ඛවෙ අධිකරණෙ යනු විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය කිච්චාධිකරණය යන මේ අධිකරණයෙන් අතුරෙන් යම් අධිකරණයකය. අපෙනනො ච භිකඛු යනු ඇවතට පැමිණි භික්‍ෂුවයි. තසෙම්තං යනු එහි මෙයයි. දීඝත්තාය යනු දිගුකලක් පැවතීම සඳහායි. ඛරත්තාය යනු දාසකොණ්ඩචණඩාලබවින් යන මෙසේ රළුවචන පැවැත්වීම සඳහායි. වාළත්තාය යනු ගල්කැබලිති දඬුමුගුරුවලින් පහරදීම්වශයෙන් රුදුරුබව සඳහායි. භික්‍ඛු ච න ඵාසුකං විහරිස්සන්ති යනු භික්‍ෂුසංඝයා අන්‍යොන්‍යවශයෙන් විවාදයට එළඹි කල්හි උදෙසීම් හෝ විමසීම් ගනු කැමැත්තෝ හෝ ප්‍රධන්වීර්යයෙහි යෙදෙනු කැමැත්තෝ පහසුසේ නොවසත්, භික්‍ෂුසංඝයා උපොෂථ පවාරණයන් සඳහා සිටිකල්හි උදෙසීම් ආදියෙන් ප්‍රයෝජන ඇත්තෝ උද්දෙශාදිය ගැනීමට නොහැකිවෙත්. විපස්සනා වඩන්නවුන්ගේ සිත හටගැනීම එකඟ නොවෙයි. එයින් විශේෂයක් උපදවීමට නොහැකිවෙත්, මෙසේ භික්‍ෂුහුද පහසුසේ නොවසත්, නදීඝත්තාය යනාදියෙහි කියනලද විරුද්ධ ක්‍රමයෙන්ම අර්‍ත්‍ථය දතයුතුය.

ඉධාති ඉමස‍්මිං සාසනෙ. ඉති පටිසඤ‍්චික‍්ඛතීති එවං පච‍්චවෙක‍්ඛති. අකුසලං ආපන‍්නොති එත්‍ථ අකුසලන‍්ති ආපත‍්ති අධිප‍්පෙතා, ආපත‍්තිං ආපන‍්නොති අත්‍ථො. කඤ‍්චිදෙව දෙසන‍්ති න සබ‍්බමෙව ආපත‍්තිං, ආපත‍්තියා පන කඤ‍්චිදෙව දෙසං අඤ‍්ඤතරං ආපත‍්තින‍්ති අත්‍ථො. කායෙනාති කරජකායෙන. අනත‍්තමනොති අතුට‍්ඨචිත‍්තො. අනත‍්තමනවාචන‍්ති අතුට‍්ඨවාචං. මමෙවාති මංයෙව. තත්‍ථාති තස‍්මිං අධිකරණෙ. අච‍්චයො අච‍්චගමාති අපරාධො අතික‍්කමිත්‍වා මද‍්දිත්‍වා ගතො, අහමෙවෙත්‍ථ අපරාධිකො. සුඞ‍්කදායකංව භණ‍්ඩස‍්මින‍්ති යථා සුඞ‍්කට‍්ඨානං පරිහරිත්‍වා නීතෙ භණ‍්ඩස‍්මිං සුඞ‍්කදායකං අපරාධො අභිභවති, සො ච තත්‍ථ අපරාධිකො හොති, න රාජානො න රාජපුරිසාති අත්‍ථො.

ඉධ යන මේ සසුනෙහියි ඉතිපටිසංචික්‍ඛති යනු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂාකරයි. අකුසලං ආපනනො යන මෙහි අකුසලය යන්නෙන් ඇවත අදහස් කරනලදී. ඇවතට පැමිණියේය යන අර්‍ත්‍ථය. කඤචිදෙව දෙසං යනු සියලු ඇවත්ම නොවේ. ඇවතින් කිසියම් කොටසක්, කිසියම් ඇවතක් යන අර්‍ත්‍ථයි. කායෙන යනු මවුපියන් නිසා හටගත් සිරුරෙනි, අනත්තමනො යනු අසතුටු සිතයි. අනත්තමනවාචං යනු අසතුටු වචනයයි. මමෙව යන මාම යන අර්‍ත්‍ථයි. තත්‍ථ යනු ඒ අධිකරණයෙහියි. අච්චයො අච්චගමා යනු වැරද්ද ඉක්මවා මැඩ ගියේය. මෙහි වැරදිකරු මමමය. සුඞ්කදායිකංච භණ්ඩස්මිං යනු යම්සේ අයබදු ගන්නා තැන පරිහරණයකොට ගෙනයනලද භාණ්ඩයෙහි වරද අයබදු දෙන්නා යටපත් කරයි. එහි ඔහු වරදකරු වෙයි. රජවරු හෝ රාජපුරුෂයෝ හෝ නොවෙති යන අර්‍ත්‍ථයි.

ඉදං වුත‍්තං හොති – යො හි රඤ‍්ඤා ඨපිතං සුඞ‍්කට‍්ඨානං පරිහරිත්‍වා භණ‍්ඩං හරති, තං සහ භණ‍්ඩසකටෙන ආනෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙන‍්ති. තත්‍ථ නෙව සුඞ‍්කට‍්ඨානස‍්ස දොසො අත්‍ථි, න රඤ‍්ඤො න රාජපුරිසානං, පරිහරිත්‍වා ගතස‍්සෙව පන දොසො, එවමෙවං යං සො භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො, තත්‍ථ නෙව ආපත‍්තියා දොසො, න චොදකස‍්ස. තීහි පන කාරණෙහි තස‍්සෙව භික‍්ඛුනො දොසො. තස‍්ස හි ආපත‍්තිං ආපන‍්නභාවෙනපි දොසො, චොදකෙ අනත‍්තමනතායපි දොසො, අනත‍්තමනස‍්ස සතො පරෙසං ආරොචනෙනපි දොසො. චොදකස‍්ස පන යං සො තං ආපත‍්තිං ආපජ‍්ජන‍්තං අද‍්දස, තත්‍ථ දොසො නත්‍ථි. අනත‍්තමනතාය චොදනාය පන දොසො. තම‍්පි අමනසිකරිත්‍වා අයං භික‍්ඛු අත‍්තනොව දොසං පච‍්චවෙක‍්ඛන‍්තො “ඉති මමෙව තත්‍ථ අච‍්චයො අච‍්චගමා සුඞ‍්කදායකංව භණ‍්ඩස‍්මි”න‍්ති එවං පටිසඤ‍්චික‍්ඛතීති අත්‍ථො. දුතියවාරෙ චොදකස‍්ස අනත‍්තමනතා ච අනත‍්තමනතාය චොදිතභාවො චාති ද‍්වෙ දොසා, තෙසං වසෙන “අච‍්චයො අච‍්චගමා”ති එත්‍ථ යොජනා කාතබ‍්බා. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

මෙය කියනලද්දේ වෙයි. යමෙක් රජවිසින් පිහිටුවනලද අයබදු අයකරන තැන පරිහරණයකොට බඩු ගෙනයයිද ඔහු බඩු සහිත ගැලෙන් ගෙනවුත් රජුට දක්වත්, එහි අයබදු ගන්නා තැන වරදනැත. රජුගේ හෝ රාජපුරුසයන්ගේද නොවේ. පරිහරණයකොට ගිය තැනැත්තාගේම වරදවෙයි. මෙසේම ඒ භික්‍ෂුව යම් ඇවතකට එළඹියේ එහි ඇවතේ වරද නොවේ. චෝදනා කරන්නාගේද නොවේ. කරුණුතුනකින් ඒ භික්‍ෂුවගේම වරදයි. ඔහුට වනාහි ඇවතට අවන් බැවින්ද වරදයි. චෝකයා කෙරෙහි අසතටු සිත ඇති බැවින්ද වරදයි. අසතුටු සිත ඇතත්හුගේ අනුන්ට සැලකිරීමෙන්ද වරදයි. චෝදකයාට වනාහි හෙතෙම ඒ ඇවතට පැමිණි යමෙකු දුටුවේද එහි වරදක් නැත. අසතුටු සිතින් දොස් නැඟීම වනාහි වරදකි. එයද සිහිනොකොට මේ භික්‍ෂුව තමන්ගේම දෝෂය මෙනෙහි කරමින් මෙසේ එහිවරද මගේමය. භාණ්ඩයෙහි අයබුදුගෙවන්නා මෙන් වරදට පිළිපන්නේයයි මෙසේ මෙනෙහිකරයි යන අර්‍ත්‍ථයි. දෙවැනිවාරයෙහි චෝදකයාට නොසතුටු සිත ඇතිබවද නොසතුටු සිතින් චෝදනා කරනලදබවද යන වරද දෙකෙකි. ඔවුන්ගේ වශයෙන් වරද එළඹියේයයි මෙහි යෝජනාව කළයුතුය. මෙහි ඉතිරිය පැහැදිලි අරුත් ඇත්තේමය.