යෙදුමෙන් කියවන්න

2. 1. 2. 6 අට‍්ඨකථා

2. 1. 2. 6

2. 1. 2. 6

ඡට‍්ඨෙ අඤ‍්ඤතරොති එකො අපාකටනාමො බ්‍රාහ‍්මණො. යෙන භගවා තෙනුපසඞ‍්කමීති යෙනාති භුම‍්මත්‍ථෙ කරණවචනං. තස‍්මා යත්‍ථ භගවා, තත්‍ථ උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස‍්සෙහි උපසඞ‍්කමිතබ‍්බො, තෙන කාරණෙන උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ‍්කමිතබ‍්බො ? නානප‍්පකාරගුණවිසෙසාධිගමාධිප‍්පායෙන, සාදුඵලූපභොගාධිප‍්පායෙන දිජගණෙහි නිච‍්චඵලිතමහාරුක‍්ඛො විය. උපසඞ‍්කමීති ගතොති වුත‍්තං හොති. උපසඞ‍්කමිත්‍වාති උපසඞ‍්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතො තතො ආසන‍්නතරං ඨානං භගවතො සමීපසඞ‍්ඛාතං ගන‍්ත්‍වාතිපි වුත‍්තං හොති.

සයවැන්නෙහි අඤ්ඤතරො යනු එක් අප්‍රසිද්ධ නම් ඇති බ්‍රාහ්මණයෙකි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු යෙන යනු ආධාරාථියෙහි කරණ විභක්ති වචනයි. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේයයි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. කවර කරුණකින් භාග්‍යවතුන්වහන්සේ (වෙත) එළඹියයුතුසේක්ද? නොයෙක් ආකාර ගුණ විශේෂයන්ට එළඹීමේ අදහසිනි. රසවත් ගෙඩි අනුභව කිරීමේ අදහසින් පක්‍ෂීසමූහයා විසින් නිබඳ පලබර මහගසක්මෙන් එළඹියේය, ගියේයයි කියනලද්දේ වෙයි. උපසඞ්කමිත්‍වා යනු එළඹීමේ අවසානය දැක්වීමයි. නැතහොත් මෙසේ ගියේ එයින් භාග්‍යවතුන්වහන්සේට සමීපවූ කිට්ටුම තැනකට ගොස් හෝයිද කියනලද්දේවෙයි.

භගවතා සද‍්ධිං සම‍්මොදීති යථා ච ඛමනීයාදීනි පුච‍්ඡන‍්තො භගවා තෙන, එවං සොපි භගවතා සද‍්ධිං සමප‍්පවත‍්තමොදො අහොසි, සීතොදකං විය උණ‍්හොදකෙන සම‍්මොදිතං එකීභාවං අගමාසි. යාය ච “කච‍්චි, භො ගොතම, ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි භොතො ගොතමස‍්ස ච සාවකානඤ‍්ච අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම‍්මොදි, තං පීතිපාමොජ‍්ජසඞ‍්ඛාතස‍්ස සම‍්මොදස‍්ස ජනනතො සම‍්මොදිතුං යුත‍්තභාවතො ච සම‍්මොදනීයං, අත්‍ථබ්‍යඤ‍්ජනමධුරතාය සුචිරම‍්පි කාලං සාරෙතුං නිරන‍්තරං පවත‍්තෙතුං අරහරූපතො සරිතබ‍්බභාවතො ච සාරණීයං. සුය්‍යමානසුඛතො වා සම‍්මොදනීයං, අනුස‍්සරියමානසුඛතො සාරණීයං, තථා බ්‍යඤ‍්ජනපරිසුද‍්ධතාය සම‍්මොදනීයං, අත්‍ථපරිසුද‍්ධතාය සාරණීයන‍්ති එවං අනෙකෙහි පරියායෙහි සම‍්මොදනීයං සාරණීයං කථං වීතිසාරෙත්‍වා පරියොසාපෙත්‍වා නිට‍්ඨපෙත්‍වා යෙනත්‍ථෙන ආගතො, තං පුච‍්ඡිතුකාමො එකමන‍්තං නිසීදි.

භගවතා සද්ධිං සම්මොදි යනු සුවදුක් ආදිය විමසමින් භාග්‍යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්‍යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්‍යවතුන්වහන්සේ සමඟ පවත්වන ලද සතුටුවීම් ඇත්තේවෙයි. උණු දියෙන් සතුටුවූ සිසිල් දියක් මෙන් ඒකීයබවට ගියේය. භවත් ගෞතමයිනි, ඔබට රුචිය ගෙනදෙනදේ කෙසේද ඔබට යැපීම ගෙනදෙනදේ කෙසේද? භවත්ගෞතමයන්ගේද ගෞතමශ්‍රාවකයන්ගේද අල්පාබාධබව නීරෝගීබව සැහැල්ලුබව බලය පහසුවිසීම කෙසේද යනාදී කථාවෙන් සතුටුවිය. ප්‍රීතිප්‍රමෝද සංඛ්‍යාතවූ සතුට දැනවීමෙන් සතුටුවිය යුතුබැවින්ද ඒ සතුටුවියයුතු කථාවයි. අර්‍ත්‍ථව්‍යංජනයන්ගේ මිහිරිබැවින් බොහෝ කලක්වුවද සිහිකිරීමට, නිතර පැවැත්වීමට සුදුසුබැවින් සිහිකළයුතුබැවින්ද සාරාණීයවෙයි. අසනුලබන සුවයෙන්ද සම්මොදනීය නම්වෙයි. සිහිකරනුලබන සුවයෙන් සාරාණීය නම්වෙයි. එසේ ව්‍යංජන පාරිශුද්ධියෙන්ද සම්මොදනීයවෙයි. අර්‍ත්‍ථපාරිශුද්ධියෙන් සාරාණීය වෙයි. යන මෙසේ නොයෙක් අයුරින් සම්මොදනීයං කථා සාරාණීයං විතිසාරෙත්‍වා අවසන්කොට නිමවා යම් අදහසකින් ආයේද එය අසනුකැමැත්තේ එකත්පසෙක හුන්නේය.

එකමන‍්තන‍්ති භාවනපුංසකනිද‍්දෙසො “විසමං චන්‍දිමසූරියා පරිවත‍්තන‍්තී”තිආදීසු (අ· නි· 4.70) විය. තස‍්මා යථා නිසින‍්නො එකමන‍්තං නිසින‍්නො හොති, තථා නිසීදීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. භුම‍්මත්‍ථෙ වා එතං උපයොගවචනං. නිසීදීති උපාවිසි. පණ‍්ඩිතා හි පුරිසා ගරුට‍්ඨානීයං උපසඞ‍්කමිත්‍වා ආසනකුසලතාය එකමන‍්තං නිසීදන‍්ති. අයඤ‍්ච නෙසං අඤ‍්ඤතරො, තස‍්මා එකමන‍්තං නිසීදි.

එකමනතං යනු සඳහිරු විසමව පෙරළෙයි (විසමං චන්‍දසුරියා පරිවත්තන්ති) යනාදී තන්හි මෙන් භාවනපුංසක (ක්‍රියාවිශේෂණ) නිර්දේශයයි. එහෙයින් යම්සේ හුන්නේ එකත්පසෙක හුන්නේවේද එසේ හුන්නේයයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්වියයුතුයි. ආධාරාර්‍ත්‍ථයෙහා හෝ මේ කර්‍මවිභක්ති වචනයි. නිසීදි යනු හිඳගත්තේයි. පණ්ඩිතපුරුෂයෝ වනාහි ගරුකළයුතු තැනට එළඹ අසුන පිළිබඳ දක්‍ෂතාවෙන් එකත්පසෙක හිඳිති. මෙතෙමේද ඔවුන්ගෙන් කෙනෙකි. එහෙයින් එකත්පසෙක හුන්නේය.

කථං නිසින‍්නො පන එකමන‍්තං නිසින‍්නො හොතීති? ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා. සෙය්‍යථිදං – අතිදූරං, අච‍්චාසන‍්නං, උපරිවාතං, උන‍්නතප‍්පදෙසං, අතිසම‍්මුඛං අතිපච‍්ඡාති. අතිදූරෙ නිසින‍්නො හි සචෙ කථෙතුකාමො හොති, උච‍්චාසද‍්දෙන කථෙතබ‍්බං හොති. අච‍්චාසන‍්නෙ නිසින‍්නො සඞ‍්ඝට‍්ටනං කරොති. උපරිවාතෙ නිසින‍්නො සරීරගන්‍ධෙන බාධති. උන‍්නතප‍්පදෙසෙ නිසින‍්නො අගාරවං පකාසෙති. අතිසම‍්මුඛා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, චක‍්ඛුනා චක‍්ඛුං ආහච‍්ච දට‍්ඨබ‍්බං හොති. අතිපච‍්ඡා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, ගීවං පසාරෙත්‍වා දට‍්ඨබ‍්බං හොති. තස‍්මා අයම‍්පි එතෙ ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා නිසීදි. තෙන වුත‍්තං “එකමන‍්තං නිසීදී”ති.

කෙසේ හුන්නේ වනාහි එකත්පසෙක හුන්නේවෙයිද? හිඳීමේ දොස් සය වරායි. එය කෙසේදයත්? ඉතාදුර, ඉතාලඟ, උඩුසුළඟ, උස්තැන, ඉතා ඉදිරිය, ඉතාපිටුපස යනුයි. ඉතා දුර හුන් තැනැත්තේ වනාහි ඉදින් කතාකරනු කැමැත්තේවෙයිද උස්හහඬින් කථාකළයුතුවෙයි. ඉතාළඟ හුන් තැනැත්තේ (හඬ) එකට ගැටීම කරයි. උඩුසුළඟෙහි හුන් තැනැත්තේ සිරුරුගඳින් පෙළෙයි. උස් තැනක හුන්නේ අගෞරවය ප්‍රකාශකරයි. ඉතා ඉදිරියෙන් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ වෙයිද ඇසින් ඇස ගටා දැකියයුතුය. ඉතා පිටුපසින් හුන්නේ ඉදින් දකිනු කැමැත්තේවෙයිද බෙල්ල දිගුකොට දැකියයුතුවෙයි. එහෙයින් මෙතෙමේත් මේ හිඳීමේ දොස් සය අතහැර හුන්නේය. එහෙයින් එකත්පසෙක හුන්නේයයි කියනලදී.

එතදවොචාති දුවිධා හි පුච‍්ඡා – අගාරිකපුච‍්ඡා, අනගාරිකපුච‍්ඡා ච. තත්‍ථ “කිං, භන‍්තෙ, කුසලං, කිං අකුසල”න‍්ති (ම· නි· 3.296) ඉමිනා නයෙන අගාරිකපුච‍්ඡා ආගතා. “ඉමෙ නු ඛො, භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා”ති (ම· නි· 3.86) ඉමිනා නයෙන අනගාරිකපුච‍්ඡා. අයං පන අත‍්තනො අනුරූපං අගාරිකපුච‍්ඡං පුච‍්ඡන‍්තො එතං “කො නු ඛො, භො ගොතම, හෙතු කො පච‍්චයො”තිආදිවචනං අවොච. තත්‍ථ හෙතු පච‍්චයොති උභයම‍්පෙතං කාරණවෙවචනමෙව. අධම‍්මචරියාවිසමචරියාහෙතූති අධම‍්මචරියාසඞ‍්ඛාතාය විසමචරියාය හෙතු, තංකාරණා තප‍්පච‍්චයාති අත්‍ථො. තත්‍රායං පදත්‍ථො – අධම‍්මස‍්ස චරියා අධම‍්මචරියා, අධම‍්මකාරණන‍්ති අත්‍ථො. විසමං චරියා, විසමස‍්ස වා කම‍්මස‍්ස චරියාති විසමචරියා. අධම‍්මචරියා ච සා විසමචරියා චාති අධම‍්මචරියාවිසමචරියා. එතෙනුපායෙන සුක‍්කපක‍්ඛෙපි අත්‍ථො වෙදිතබ‍්බො. අත්‍ථතො පනෙත්‍ථ අධම‍්මචරියාවිසමචරියා නාම දස අකුසලකම‍්මපථා, ධම‍්මචරියාසමචරියා නාම දස කුසලකම‍්මපථාති වෙදිතබ‍්බා.

එතදවොච යනු අගාරික පුච්ඡා අනගාරික පුච්ඡාවශයෙන් විචාරීම ද්විවිධය, එහි ස්වාමීනි යහපත කුමක්ද? අහයපත කුමක්දැයි මේ අයුරින් අගාරික පුච්ඡාව ආවේය. ස්වාමීනි මේ පංච උපාදාන ස්කන්‍ධයෝයි මේ අයුරින් අගාරික පුච්ඡාව ආවේය. ස්වාමීනි මේ පංච උපාදාන ස්කන්‍ධයේයි මේ අයුරින් අනගාරික පුච්ඡාවයි. මෙතෙමවනාහි තමන්ට සුදුසුවූ අගාරික පුච්ඡාව විචාරන්නේ ගෞතමයන්වහන්ස කවරනම් හේතුවක්ද කවර නම් ප්‍රත්‍යයක්ද යන මේ වචනය ඇසීය. එහි හෙතුපච්චයො යන මේ කාරණය යන්නට පර්‍ය්‍යාය වචනයි. අධම්මචරියාවිසමචරියාහෙතු යනු අධර්‍මචර්‍ය්‍යාව සංඛ්‍යාතවූ විෂමචර්යාවට හේතුව ඊට කාරණය ඊට ප්‍රත්‍යය යන අර්‍ත්‍ථයයි. විෂමවූ චර්යාව හෝ විෂමවූ කර්‍මයෙහි හැසිරීම විසමචරියායි. අධර්‍මචර්යාව වූයේත් එයමය විෂමචර්‍ය්‍යාව වූයේත් එයමයයි අධම්මචරියා විසමචරියා නමි. මේ අයුරින් හොඳපැත්තෙහිද අර්‍ත්‍ථය දතයුතුයි. අර්‍ත්‍ථවශයෙන් මෙහි අධම්මචරියා විසමචරියා නම් දස අකුශල කර්‍මපථයෝයි. ධම්මචරියා, සමචරියා නම් දශකුශල කර්‍මපථයෝයයි දතයුතුය.

අභික‍්කන‍්තං, භො ගොතමාති එත්‍ථ අයං අභික‍්කන‍්තසද‍්දො ඛයසුන්‍දරාභිරූපඅබ‍්භනුමොදනෙසු දිස‍්සති. “අභික‍්කන‍්තා, භන‍්තෙ, රත‍්ති, නික‍්ඛන‍්තො පඨමො යාමො, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො”තිආදීසු (උදා· 45; චූළව· 383; අ· නි· 8.20) හි ඛයෙ දිස‍්සති. “අයං ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චා”තිආදීසු (අ· නි· 4.100) සුන්‍දරෙ.

අභික්කන්තං හො ගොතම අභික්කන්තං යනු මෙහි අභික්කන්ත ශබ්දය ඉක්මයාම සොඳුරුබව, මනාරූඇතිබව, අනුව සතුටුවීම යන අර්‍ත්‍ථයන්හි දක්නා ලැබේ. ‘අභික්කන්තා භනේත රත්ති නික්‍ඛනේතා පඨමො යාමො චිරනිසිනේනා භිකඛුසඞ්ඝො’ යනාදියෙහි ඉකුත්වීම් අර්‍ත්‍ථයෙහි දක්නාලැබේ. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණිතතරො ච යනාදියෙහි සොඳුරු යන අරුත්හිය.

“කො මෙ වන්‍දති පාදානි, ඉද‍්ධියා යසසා ජලං; අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”ති. –

‘කොමෙ චන්‍දති පාදානි ඉද්ධියා යසසා ජලං- අභිකකනේතන වණේණන සබ්බා ඔභාසයං දිසා’

ආදීසු (වි· ව· 857) අභිරූපෙ. “අභික‍්කන‍්තං, භන‍්තෙ”තිආදීසු (දී· නි· 1.250; පාරා· 15) අබ‍්භනුමොදනෙ. ඉධාපි අබ‍්භනුමොදනෙයෙව. යස‍්මා ච අබ‍්භනුමොදනෙ, තස‍්මා සාධු සාධු, භො ගොතමාති වුත‍්තං හොතීති වෙදිතබ‍්බං.

යනාදියෙහි මනාරූ ඇති යන අරුත්හිය. ‘අභික්කන්තං භනේත’ යනාදියෙහි සතුටුවීමෙහිය. මෙහිද අනුව සතුටු වීමෙහිම වේ. අනුව සතුටුවීමෙහි යම් අයුරිකින් වේද එහෙයින් මැනවි ගෞතමයිනි මැනවි ගෞතමයිනියි කියනලද්දේ වේයයි දතයුතුය.

“භයෙ කොධෙ පසංසායං, තුරිතෙ කොතූහලච‍්ඡරෙ; හාසෙ සොකෙ පසාදෙ ච, කරෙ ආමෙඩිතං බුධො”ති. –

බියෙහි තරහවෙහි පැසසීමෙහි ඉක්මණෙහි කුතුහලෙහි අසිරියෙහි සිනහවෙහි සොවෙහි පැහැදීමෙහි නුවණැත්තේ ආමෙණ්ඩිතය (දෙවරක් කීම) කරන්නේය.

ඉමිනා ච ලක‍්ඛණෙන ඉධ පසාදවසෙන පසංසාවසෙන චායං ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තොති වෙදිතබ‍්බො. අථ වා අභික‍්කන‍්තන‍්ති අභික‍්කන‍්තං අතිඉට‍්ඨං අතිමනාපං, අතිසුන්‍දරන‍්ති වුත‍්තං හොති.

මේ ලක්ෂණයෙන්ද මෙහි පැහැදීම්වශයෙන්ද පැසසීම්වශයෙන්ද මෙය දෙවරක් කියනලදැයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යනු ඉතා සිත් ඇදගන්නා, ඉතාහොඳ, ඉතා කැමති ඉතා සොඳුරුයයි කියනලද්දේ වෙයි.

තත්‍ථ එකෙන අභික‍්කන‍්තසද‍්දෙන දෙසනං ථොමෙති, එකෙන අත‍්තනො පසාදං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – අභික‍්කන‍්තං, භො ගොතම, යදිදං භොතො ගොතමස‍්ස ධම‍්මදෙසනා, අභික‍්කන‍්තං යදිදං භොතො ගොතමස‍්ස ධම‍්මදෙසනං ආගම‍්ම මම පසාදොති. භගවතොයෙව වා වචනං ද‍්වෙ ද‍්වෙ අත්‍ථෙ සන්‍ධාය ථොමෙති – භොතො ගොතමස‍්ස වචනං අභික‍්කන‍්තං දොසනාසනතො, අභික‍්කන‍්තං ගුණාධිගමනතො, තථා සද‍්ධාජනනතො, පඤ‍්ඤාජනනතො, සාත්‍ථතො, සබ්‍යඤ‍්ජනතො, උත‍්තානපදතො, ගම‍්භීරත්‍ථතො, කණ‍්ණසුඛතො, හදයඞ‍්ගමතො, අනත‍්තුක‍්කංසනතො, අපරවම‍්භනතො, කරුණාසීතලතො, පඤ‍්ඤාවදාතතො, ආපාථරමණීයතො, විමද‍්දක‍්ඛමතො, සුය්‍යමානසුඛතො, වීමංසියමානහිතතොති එවමාදීහි යොජෙතබ‍්බං.

එහි එක් අභික්කන්තං යනු ඉතා සිත් ඇදගන්නා, ඉතාහොඳ, ඉතා කැමති ඉතා සොඳුරුයයි කියනලද්‍දේවෙයි. එහි එක් අභික්කන්ත ශබ්දයකින් දෙශනයට පසසයි. එක් ශබ්දයකින් තමාගේ පැහැදීම පවසයි. මේ මෙහි අදහසයි. භවත් ගෞතමයන්ගේ යම් මේ ධර්‍මදේශනයක් වේද භවත් ගෞතමය එය මැනවි. භවත් ගෞතමයන්ගේ දේශනයට පැමිණ මගේ යම් පැහැදීමක් හෝ භාග්‍යවතුන්වහන්සේගේම වචනයට යම් පැහැදීමක් වේද එය මැනවියි අර්‍ත්‍ථදෙකක් සඳහා පසසයි. දොස් නැසීම්වශයෙන් භවත් ගෞතමයන්ගේ වචනය මැනවි. ගුණයන්ට එළඹීම්වශයෙන්ද මැනවි. එසේම සැදැහැ දැනවීම් වශයෙන්ද නුවණ දැනවීම් වශයෙන්ද මැනවි. අර්‍ත්‍ථවශයෙන්ද ව්‍යංජනවශයෙන්ද මැනවි. පැහැදිලි පද ආතිබැවින්ද ගැඹුරු අරුත් ඇතිබැවින්ද මැනවි. කන්කලුබැවින්ද සිත්ගන්නාසුලුබැවින්ද මැනවි. තමන් උසස් නොකිරීමෙන්ද අනුන් පහත් නොකිරීමෙන්ද කුළුණින් සිහිල්බැවින්ද නුවණින් පැහැසරබැවින්ද ඉදිරියට යොමුවීම සිත්කලුබැවින්ද මැඩීමෙහි දක්‍ෂබැවින්ද අසනුලබන සුවයෙන්ද විමසනුලබන හිතවත් බැවින්ද මැනවි මේ ආදියෙන් යෙදියයුතුය.

තතො පරම‍්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්‍ථ නික‍්කුජ‍්ජිතන‍්ති අධොමුඛඨපිතං, හෙට‍්ඨාමුඛජාතං වා. උක‍්කුජ‍්ජෙය්‍යාති උපරිමුඛං කරෙය්‍ය. පටිච‍්ඡන‍්නන‍්ති තිණපණ‍්ණාදිඡාදිතං. විවරෙය්‍යාති උග‍්ඝාටෙය්‍ය. මූළ‍්හස‍්සාති දිසාමූළ‍්හස‍්ස. මග‍්ගං ආචික‍්ඛෙය්‍යාති හත්‍ථෙ ගහෙත්‍වා “එස මග‍්ගො”ති වදෙය්‍ය. අන්‍ධකාරෙති කාළපක‍්ඛචාතුද‍්දසීඅඩ‍්ඪරත‍්තඝනවනසණ‍්ඩමෙඝපටලෙහි චතුරඞ‍්ගෙ තමෙ. අයං තාව අනුත‍්තානපදත්‍ථො.

එයින් මත්තෙහි උපමා සතරින් දේශනයම පසසයි. එහි නික්කුජජිතිං යනු යටිකුරුව තැබූ හෝ මුවවිට යටට හැරවුණු යනුයි. උක්කුජ්ජෙය්‍ය යනු උඩුකුරු කරන්නේයි. පටිච්ඡන්නං යනු තණකොළ ආදියෙන් වැසූයි. විචරෙය්‍ය යනු විවරකරන්නේයි. මූළභස්ස යනු මංමුළාවූවහුටයි. මග්ගං ආචික්‍ඛෙය්‍ය යනු අතගෙන මේ මගයයි කියන්නේයි. අන්‍ධකාරෙ යනු කලුවර පක්‍ෂයෙහිතුදුස්වක අඩරැය ඝනවනලැහැබ වළාපටලයන අංගසතරින් යුක්ත අඳුරෙහියි. මේ වනාහි නොපැහැදිලි පදයන්ගේ අර්‍ත්‍ථයයි.

අයං පන අධිප‍්පායයොජනා – යථා කොචි නික‍්කුජ‍්ජිතං උක‍්කුජ‍්ජෙය්‍ය, එවං සද‍්ධම‍්මවිමුඛං අසද‍්ධම‍්මෙ පතිතං මං අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙන‍්තෙන, යථා පටිච‍්ඡන‍්නං විවරෙය්‍ය, එවං කස‍්සපස‍්ස භගවතො සාසනන‍්තරධානතො පභුති මිච‍්ඡාදිට‍්ඨිගහනපටිච‍්ඡන‍්නං සාසනං විවරන‍්තෙන, යථා මූළ‍්හස‍්ස මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, එවං කුම‍්මග‍්ගමිච‍්ඡාමග‍්ගප‍්පටිපන‍්නස‍්ස මෙ සග‍්ගමොක‍්ඛමග‍්ගං ආවිකරොන‍්තෙන, යථා අන්‍ධකාරෙ තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, එවං මොහන්‍ධකාරෙ නිමුග‍්ගස‍්ස මෙ බුද‍්ධාදිරතනරූපානි අපස‍්සතො තප‍්පටිච‍්ඡාදකමොහන්‍ධකාරවිද‍්ධංසකදෙසනාපජ‍්ජොතධාරණෙන මය‍්හං භොතා ගොතමෙන එතෙහි පරියායෙහි පකාසිතත‍්තා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතොති.

අභිප්‍රාය යෝජනාව මෙසේ වෙයි: යම්සේ කිසිවෙක් යටිකුරුවූවක් උඩුකුරු කරන්නේද එසේ දහමෙහි පරාංමුඛවූ අදහමෙහි වැටුණු මා අදහමින් නගා සිටුවන්නාවූ, යම්සේ වැසුණු දෙයක් විවරකරන්නේද එසේ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ ශාසනාන්තර්ධානයේ සිට මිසදිටු සමූහයෙන් වැසුණු සසුන විවරකරන්නාවූ, යම්සේ මංමුළාවූවෙකුට මඟ කියා දෙන්නේද එසේ නොමගට වැරදි මගට පිළිපන් මට සගමොක් මඟ ප්‍රකට කරන්නාවූ යම්සේ අඳුරෙහි තෙල්පහනක් දරන්නේද එසේ මොහඳුරෙහි ගැළුණු බුද්ධාදී රුවන්රූප නොදකින්නාවූ මට එය වසන මොහඳුරු නසන දෙසුම් පහන දල්වන්නාවූ භවත් ගෞතමයන් විසින් මට මේ ආකාරයන්ගෙන් ප්‍රකාශකළබැවින් නොයෙක් අයුරින් දහම පවසනලදී.

එවං දෙසනං ථොමෙත්‍වා ඉමාය දෙසනාය රතනත‍්තයෙ පසන‍්නචිත‍්තො පසන‍්නාකාරං කරොන‍්තො එසාහන‍්තිආදිමාහ. තත්‍ථ එසාහන‍්ති එසො අහං. භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමීති භවං මෙ ගොතමො සරණං පරායණං අඝස‍්ස තාතා හිතස‍්ස ච විධාතාති ඉමිනා අධිප‍්පායෙන භවන‍්තං ගොතමං ගච‍්ඡාමි භජාමි සෙවාමි පයිරුපාසාමි, එවං වා ජානාමි බුජ‍්ඣාමීති. යෙසඤ‍්හි ධාතූනං ගති අත්‍ථො, බුද‍්ධිපි තෙසං අත්‍ථො. තස‍්මා ගච‍්ඡාමීති ඉමස‍්ස ජානාමි බුජ‍්ඣාමීති අයමත්‍ථො වුත‍්තො. ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්චාති එත්‍ථ පන අධිගතමග‍්ගෙ සච‍්ඡිකතනිරොධෙ යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානෙ ච චතූසු අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම‍්මො. සො අත්‍ථතො අරියමග‍්ගො චෙව නිබ‍්බානඤ‍්ච. වුත‍්තඤ‍්හෙතං – “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති (අ· නි· 4.34) විත්‍ථාරො. න කෙවලඤ‍්ච අරියමග‍්ගො චෙව නිබ‍්බානඤ‍්ච, අපිච ඛො අරියඵලෙහි සද‍්ධිං පරියත‍්තිධම‍්මොපි. වුත‍්තඤ‍්හෙතං ඡත‍්තමාණවකවිමානෙ –

මෙසේ දෙසුම පසසා මේ දෙසුමෙන් තෙරුවනෙහි පහන්සිත් ඇත්තේ පැහැදුනු ආකාරය දක්වමින් ‘මේ මම” යනාදිය කීය. එහි එසාහං යනු මේ මමයි. භව්න්තං ගොතමං සරණං ගච්ඡාමි යනු භවත් ගෞතමයන්වහන්සේ මාගේ සරණය, පිහිටය, විපතින් ආරක්‍ෂාකරන්නාය. යහපත සලසන්නායයි මේ අදහසින් භවත් ගෞතමයන් වෙත යමි ඇසුරු කරමි. සේවනය කරමි. මෙසේ දනිමි. වටහා ගනිමි. යම් (ශබ්ද) ධාතූන්ගේ ගමනාර්ථයක්වේද අවබෝධ කිරීමද ඔවුන්ගේ අර්ථයකි. එහෙයින් ගච්ඡාමි යන මෙය දනිමි අවබෝධ කරමි යන මේ අර්‍ත්‍ථය කියනලදී. ධම්මඤ්ච භික්‍ඛුසඞඝඤ්ච යනු මෙහි වනාහි අවබෝධකළ මාර්‍ගය ඇති පසක්කළ නිවන ඇති අනුශාසනාකරනලද අයුරින් පළිපදින්නවුන් සතර අපායෙහි නොවැටෙන්නවුන්කොට දරයිනුයි ධර්‍ම නමි. එය අර්‍ත්‍ථවශයෙන් ආර්යමාර්‍ගයද නිවනදවේ. ‘මහණෙනි යම්තාක් ධර්‍මයෝ ගණන් ගැනෙත්ද ඒවා අතුරින් ආර්‍ය්‍යඅෂ්ඨාංගිකමාර්‍ගය අග්‍රයයි කියනුලැබේ.’ යන මෙය කියනලදී විස්තරය (මෙසේයි): හුදෙක් ආර්‍ය්‍යමාර්‍ගය සහ නිවනම පමණක් ධර්‍මය නොවෙයි. තවද ආර්‍ය්‍ය ඵලයන් සමඟ පර්යාප්ති ධර්‍මයද වේ. ඡත්තමානවක විමානවස්තුවෙහි මෙය කියනලදී:

“රාගවිරාගමනෙජමසොකං, ධම‍්මමසඞ‍්ඛතමප‍්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත‍්තං, ධම‍්මමිමං සරණත්‍ථමුපෙහී”ති. (වි· ව· 887);

රාගය දුරුකළ, තෘෂ්ණා රහිත ශොකරහිත, නිවන(ද) ප්‍රියවූ මිහිරිවූ මනාව පුරුදුකළ මනාව බෙදා දක්වනලද මේ ධර්‍මයද සරණයමි’

එත්‍ථ රාගවිරොගොති මග‍්ගො කථිතො. අනොජමසොකන‍්ති ඵලං. ධම‍්මමසඞ‍්ඛතන‍්ති නිබ‍්බානං. අප‍්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත‍්තන‍්ති පිටකත‍්තයෙන විභත‍්තා සබ‍්බධම‍්මක‍්ඛන්‍ධාති. දිට‍්ඨිසීලසඞ‍්ඝාතෙන සංහතොති සඞ‍්ඝො. සො අත්‍ථතො අට‍්ඨඅරියපුග‍්ගලසමූහො. වුත‍්තඤ‍්හෙතං තස‍්මියෙව විමානෙ –

මෙහි රාගවිරාග යන්නෙන් මාර්‍ගය කියනලදී. අනෙජං අසොතං යන්නෙන් ඵලයයි. ධම්මං අසංඛතං යන්නෙන් නිවනයි. අප්පටිකූලං මධුරං ඉමං පගුණ සුවිභත්තං යන්නෙන් පිටකත්‍රයකින් බෙදා දක්වනලද සියලු ධර්‍මස්කන්‍ධයෝයි. (සම්‍යක්) දෘෂ්ටි ශීල සමුහයාගෙන් ස්ථිරවුයේයි සංඝ නම්වේ. ඒ සංඝ්‍යා අර්‍ත්‍ථ වශයෙන් අෂ්ටාර්‍ය්‍යපුද්ගල සමූහයායි. ඒ විමාන වස්තුවෙහිදීම මෙය පවසනලදී.

“යත්‍ථ ච දින‍්නමහප‍්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු; අට‍්ඨ ච පුග‍්ගලධම‍්මදසා තෙ, සඞ‍්ඝමිමං සරණත්‍ථමුපෙහී”ති. (වි· ව· 888);

යම් පිරිසුදුවූ සතර පුද්ගල යුගලයන්හි දෙනලද්ද මහත්ඵලයයි කීවාහුද ධර්‍මය දකින්නාවූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි. මේ සඞ්ඝයා සරණකොට යමි.

භික‍්ඛූනං සඞ‍්ඝො භික‍්ඛුසඞ‍්ඝො. එත‍්තාවතා බ්‍රාහ‍්මණො තීණි සරණගමනානි පටිවෙදෙසි.

භික්‍ෂූන්ගේ සමූහයා භික්‍ෂුසංඝයායි. මෙපමණිකින් බමුණු තෙමේ තෙරුවන් සරණයාම සැළකළේය.

ඉදානි තෙසු සරණගමනෙසු කොසල‍්ලත්‍ථං සරණං, සරණගමනං, යො ච සරණං ගච‍්ඡති, සරණගමනප‍්පභෙදො, සරණගමනඵලං, සංකිලෙසො, භෙදොති අයං විධි වෙදිතබ‍්බො.

දැන් ඒ තෙරුවන් සරණයාමෙහි දක්‍ෂතාම (මානදැනුම) සඳහා සරණය, සරණයාම, සරණයන පුද්ගලයා, සරණාගමන ප්‍රභෙදය සරණාගමන ඵලය, කිලුට, භේදය යන මේ ආකාර දතයුතුයි.

සෙය්‍යථිදං – පදත්‍ථතො තාව හිංසතීති සරණං, සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන‍්තාසං දුක‍්ඛං දුග‍්ගතිපරිකිලෙසං හනති විනාසෙතීති අත්‍ථො, රතනත‍්තයස‍්සෙවෙතං අධිවචනං. අථ වා හිතෙ පවත‍්තනෙන අහිතා ච නිවත‍්තනෙන සත‍්තානං භයං හිංසතීති බුද‍්ධො, භවකන‍්තාරා උත‍්තාරණෙන ලොකස‍්ස අස‍්සාසදානෙන ච ධම‍්මො, අප‍්පකානම‍්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ‍්ඝො. තස‍්මා ඉමිනාපි පරියායෙන රතනත‍්තයං සරණං. තප‍්පසාදතග‍්ගරුතාහි විහතකිලෙසො තප‍්පරායණතාකාරප‍්පවත‍්තො චිත‍්තුප‍්පාදො සරණගමනං. තංසමඞ‍්ගීසත‍්තො සරණං ගච‍්ඡති, වුත‍්තප‍්පකාරෙන චිත‍්තුප‍්පාදෙන “එතානි මෙ තීණි රතනානි සරණං, එතානි පරායණ”න‍්ති එවං උපෙතීති අත්‍ථො. එවං තාව සරණං සරණගමනං යො ච සරණං ගච‍්ඡති ඉදං තයං වෙදිතබ‍්බං.

කෙසේදයත්? පදාර්‍ත්‍ථවශයෙන් පීඩා කෙරේනුයි සරණ නමි. සරණගියවුන්ගේ ඒ සරණයාමෙන්ම බිය, තැතිගැන්ම, දුක, දුගතිගාමී නරක පීඩාකරයි විනාශ කරයි යන අර්‍ත්‍ථයයි. තෙරුවනටම මේ නමෙකි. නැතහොත් යහපත පැවැත්වීමෙන්ද අයහපත නොපැවැත්වීමෙන්ද සත්වයන්ගේ බිය වළක්න්නේනුයි බුදුරජාණන්වහන්සේ සසර කතරින් එතර කරවීමෙන්ද සැනසිල්ල දීමෙන් ධර්‍මයද සුළුවූද උපකාරයක් කරන්නවුනට මහත් ප්‍රතිඵල ලබාදීමෙන් සංඝයාද වශයෙන් පිහිටවෙයි. මෙසේ මේ ආකාරයෙන්ද තෙරුවන පිහිටවේ. එයට පැහැදීමෙන් එයට ගරු කිරීමෙන් දුරුකළ කෙලෙස් ඇති එය පිහිටකොට යෑම් ආකාරයෙන් පැවති සිත පහළවීම සරණයාම නමින් සැලකෙයි. එයින් යුක්තවූ පුද්ගලතෙමේ සරණයයි. කියනලද ආකාර ඇති සිත පහළවීමෙන් මේ රත්නත්‍රය මට පිහිටය. සරණයයි මෙසේ එළඹේය යන අර්‍ත්‍ථයි. මෙසේ සරණය, සරණයාම සරණයන පුද්ගලයා යන තුන දතයුතුය.

සරණගමනප‍්පභෙදෙ පන දුවිධං සරණගමනං ලොකුත‍්තරං ලොකියඤ‍්චාති. තත්‍ථ ලොකුත‍්තරං දිට‍්ඨසච‍්චානං මග‍්ගක‍්ඛණෙ සරණගමනුපක‍්කිලෙසසමුච‍්ඡෙදෙන ආරම‍්මණතො නිබ‍්බානාරම‍්මණං හුත්‍වා කිච‍්චතො සකලෙපි රතනත‍්තයෙ ඉජ‍්ඣති. ලොකියං පුථුජ‍්ජනානං සරණගමනුපක‍්කිලෙසවික‍්ඛම‍්භනෙන ආරම‍්මණතො බුද‍්ධාදිගුණාරම‍්මණං හුත්‍වා ඉජ‍්ඣති. තං අත්‍ථතො බුද‍්ධාදීසු වත්‍ථූසු සද‍්ධාපටිලාභො, සද‍්ධාමූලිකා ච සම‍්මාදිට‍්ඨි දසසු පුඤ‍්ඤකිරියාවත්‍ථූසු දිට‍්ඨිජුකම‍්මන‍්ති වුච‍්චති.

සරණාගමන ප්‍රභේදයන්හි ලෝකෝත්තර ලෞකික වශයෙන් සරණාගමනය දෙයාකාරය. එහි ලෝකෝත්තර සරණාගමනය දක්නාලද සත්‍යයන්ගේ මාර්‍ගක්‍ෂණයෙහිදි සරණාගමන බාධාවන් විනාශවීමෙන් අරමුණුවශයෙන් නිවන අරමුණුවී සරණාගමන බාධාවන් විනාශවීමෙන් අරමුණුවශයෙන් නිවන අරමුණුවී කෘත්‍යවශයෙන් සියලු තෙරුවනෙහිම සමෘද්ධවෙයි. ලෞකික පෘථග්ජන පුද්ගලයන්ට සරණාගමනබාධක යටපත්වීමෙන් අරමුණුවශයෙන් බුදුගුන අරමුණු වී සමෘද්ධවෙයි. එය අර්‍ත්‍ථවශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධාප්‍රතිලාභයයි. ශ්‍රද්ධාමූලකවූ සම්‍යක්දෘෂ්ටිය දශ පුණ්‍යක්‍රියා වස්තූන්හි දෘෂ්ටිය සෘජු කිරීමයයි කියනුලැබේ.

තයිදං චතුධා පවත‍්තති අත‍්තසන‍්නිය්‍යාතනෙන තප‍්පරායණතාය සිස‍්සභාවූපගමනෙන පණිපාතෙනාති. තත්‍ථ අත‍්තසන‍්නිය්‍යාතනං නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං අත‍්තානං බුද‍්ධස‍්ස නිය්‍යාතෙමි, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්සා”ති එවං බුද‍්ධාදීනං අත‍්තපරිච‍්චජනං. තප‍්පරායණතා නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං බුද‍්ධපරායණො, ධම‍්මපරායණො, සඞ‍්ඝපරායණො ඉති මං ධාරෙථා”ති එවං තප‍්පරායණභාවො. සිස‍්සභාවූපගමනං නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං බුද‍්ධස‍්ස අන‍්තෙවාසිකො, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්ස ඉති මං ධාරෙථා”ති එවං සිස‍්සභාවූපගමො. පණිපාතො නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං අභිවාදන-පච‍්චුට‍්ඨාන-අඤ‍්ජලිකම‍්ම-සාමීචිකම‍්මං බුද‍්ධාදීනංයෙව තිණ‍්ණං වත්‍ථූනං කරොමි ඉති මං ධාරෙථා”ති එවං බුද‍්ධාදීසු පරමනිපච‍්චකාරො. ඉමෙසඤ‍්හි චතුන‍්නම‍්පි ආකාරානං අඤ‍්ඤතරම‍්පි කරොන‍්තෙන ගහිතංයෙව හොති සරණගමනං.

එය සතරාකාරයකින් පවතියි. ආත්මසන්නිර්යාතනයෙන් තත්පරායනතායෙන් ශිෂ්‍යභාවොපගමනයෙන් හා ප්‍රණිපාතයෙන් යනුවෙනි. එහි ආත්මසන්නිර්‍ය්‍යාතනය නම් අද පටන් කොට මම මා බුදුන්ට දහමට හා සඟනට පවරමියි මෙසේ බුද්ධාදීන්ට ආත්මපරිත්‍යාගය කිරීමයි. තත්පරායනතා යනු අද පටන්කොට මම බුදුන් පිහිටකොට ධර්‍මය පිහිටකොට සංඝයා පිහිටකොට පවතිමියි සලකන්නැයි මෙසේ එය (තෙරුවන) පිහිටකොට ඇතිබවයි. ශිෂ්‍යභාවොපගමනය යනු අද පටන්කොට මම බුදුන්ගේ ධර්‍මයේ හා සංඝයාගේ අතවැසියෙක්මියි මා සලකන්නැයි මෙසේ ශිෂ්‍යභාවයට එළැඹීමයි. ප්‍රණීපාතය යනු අද පටන්කොට වැදීම අසුනෙන් නැගී සිටීම වැඳීම සුවදුක් විමසීම බුද්ධාදී වස්තුතුනට පමණක් කරමියි මෙසේ මා සලකන්නැයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි දක්වන පරම ගෞරවයයි. මේ සතර ආකාරයන්ගෙන් කිසිවක් හෝ කරන්නහු විසින් සරණාගමනය ගන්නා ලද්දේම වෙයි.

අපිච “භගවතො අත‍්තානං පරිච‍්චජාමි, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්ස අත‍්තානං පරිච‍්චජාමි, ජීවිතං පරිච‍්චජාමි, පරිච‍්චත‍්තොයෙව මෙ අත‍්තා, පරිච‍්චත‍්තංයෙව මෙ ජීවිතං, ජීවිතපරියන‍්තිකං බුද‍්ධං සරණං ගච‍්ඡාමි, බුද‍්ධො මෙ සරණං ලෙණං තාණ”න‍්ති එවම‍්පි අත‍්තසන‍්නිය්‍යාතනං වෙදිතබ‍්බං. “සත්‍ථාරඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං, භගවන‍්තමෙව පස‍්සෙය්‍යං, සුගතඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං, භගවන‍්තමෙව පස‍්සෙය්‍යං, සම‍්මාසම‍්බුද‍්ධඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං, භගවන‍්තමෙව පස‍්සෙය්‍ය”න‍්ති (සං· නි· 2.154) එවම‍්පි මහාකස‍්සපස‍්ස සරණගමනෙ විය සිස‍්සභාවූපගමනං දට‍්ඨබ‍්බං.

තවද භාග්‍යවතුන්වහන්සේට තමන් පරිත්‍යාගකරමි. ධර්‍මයටද සංඝයාටද තමන් පරිත්‍යාග කරමි. ජීවිතය පරිත්‍යාග කරමි. මවිසින් තමා බුදුන්ට පරිත්‍යාග කරන ලද්දේමය. මගේ ජීවිතය පරිත්‍යාග කරනලද්දේමය. ජීවිතාවසානය තෙක් බුදුන් සරණ යමි. බුදුන්වහන්සේ මගේ සරණයි. පිහිටයි. ආරක්‍ෂාවයි මෙසේ ආත්මසන්නිර්යාතනය දතයුතුයි. ‘මම ඒකාන්තයෙන් ශාස්තෘන්වහන්සේම දක්නෙමි. භාග්‍යවතුන්වහන්සේවම දක්නෙමි. සුගතයන්වහන්සේවම දක්නෙමි. සම්මා සම්බුදුන්වහන්සේම දක්නෙමි. භාග්‍යවතුන්වහන්සේවම දක්නෙමි’යි මෙසේද මහා කාශ්‍යපතෙරුන්වහන්සේගේ බුදුන් සරණයාමෙහි මෙන් ශිෂ්‍යභාවොපගමනය දැක්විය යුතුයි.

“සො අහං විචරිස‍්සාමි, ගාමා ගාමං පුරා පුරං; නමස‍්සමානො සම‍්බුද‍්ධං, ධම‍්මස‍්ස ච සුධම‍්මත”න‍්ති. (සු· නි· 194; සං· නි· 1.246);

‘ඒ මම ගමින් ගමට නුවරින් නුවරට බුදු රජාණන් වහන්සේද ධර්‍මයේ ශ්‍රේෂ්ඨ ධර්‍මතාව ද නමදිමින් හැසිරෙන්නෙමි

එවම‍්පි ආළවකාදීනං සරණගමනං විය තප‍්පරායණතා වෙදිතබ‍්බා. “අථ ඛො බ්‍රහ‍්මායු බ්‍රාහ‍්මණො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම‍්බති, පාණීහි ච පරිසම‍්බාහති, නාමඤ‍්ච සාවෙති – ‘බ්‍රහ‍්මායු අහං, භො ගොතම, බ්‍රාහ‍්මණො; බ්‍රහ‍්මායු අහං, භො ගොතම, බ්‍රාහ‍්මණො’”ති (ම· නි· 2.394) එවම‍්පි පණිපාතො වෙදිතබ‍්බො.

මෙසේද ආළවකාදීන්ගේ සරණාගමනය මෙන් තත්පරායනතාව දතයුතුය. ‘ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණතෙමේ අසුනින් නැගිට උතුරුසළුව එකස්කොට භාග්‍යවතුන්වහන්සේගේ දෙපාලඟ හිසින් වැටී භාග්‍යවතුන්වහන්සේගේ දෙපා මුවෙන් සිඹී. අත්වලින්ද පිරිමදියි. භවත් ගෞතමය, මම බ්‍රහ්මායු වෙමි. භවත් ගෞතමය, බ්‍රහ්මායු බ්‍රාහ්මණ වෙමි’යි නමද අස්වයි. මෙසේ ප්‍රණිපාතය දැක්වියයුතුයි.

සො පනෙස ඤාතිභයාචරියදක‍්ඛිණෙය්‍යවසෙන චතුබ‍්බිධො හොති. තත්‍ථ දක‍්ඛිණෙය්‍යපණිපාතෙන සරණගමනං හොති, න ඉතරෙහි. සෙට‍්ඨවසෙනෙව හි සරණං ගණ‍්හාති, සෙට‍්ඨවසෙන ච භිජ‍්ජති. තස‍්මා යො සාකියො වා කොලියො වා “බුද‍්ධො අම‍්හාකං ඤාතකො”ති වන්‍දති, අග‍්ගහිතමෙව හොති සරණං. යො වා “සමණො ගොතමො රාජපූජිතො මහානුභාවො අවන්‍දියමානො අනත්‍ථම‍්පි කරෙය්‍යා”ති භයෙන වන්‍දති, අග‍්ගහිතමෙව හොති සරණං. යො වා බොධිසත‍්තකාලෙ භගවතො සන‍්තිකෙ කිඤ‍්චි උග‍්ගහිතං සරමානො බුද‍්ධකාලෙ වා –

මේ ප්‍රණිපාතය වනාහි ඥාති, භය, ආචාර්‍ය්‍ය, දක්‍ෂිණෙය්‍යවශයෙන් සතරාකාර වෙයි. එහිලා දක්‍ෂිණෙය්‍ය ප්‍රණිපාතයෙන් සරණාගමනය වෙයි. ඉතිරි ඒවායින් නොවේ. ශ්‍රේෂ්ඨ වශයෙන්ම සරණ ගැනෙයි. ශ්‍රෙෂ්ඨවශයෙන්ම සරණ බිඳෙයි. එබැවින් යම් ශාක්‍යයෙක් හෝ කොළිය වංශිකයෙක් හෝ බුදුන්වහන්සේ අපගේ නෑයෙකැයි වඳියිද සරණය නොගන්නා ලද්දේමවෙයි. ඒ භාග්‍යවතුන්වහන්සේගෙන් උගත් යමක් සිහිකරමින් බුදුකල්හිද,

“එකෙන භොගෙ භුඤ‍්ජෙය්‍ය, ද‍්වීහි කම‍්මං පයොජයෙ; චතුත්‍ථඤ‍්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස‍්සතී”ති. (දී· නි· 3.265) –

(උපයාගත්) භෝගයන්ගෙන් එක් කොටසකින් අනුභව කරන්නේය. කොටස් දෙකක් කටයුතුවල (කර්‍මාන්ත ආදියෙහි) යොදන්නේය. අනාගතයෙහි ආපදාකාලයන්හි (ප්‍රයෝජනය සඳහා) සිවුවැනි කොටස තැන්පත්කොට තබන්නේය.’

එවරූපං අනුසාසනිං උග‍්ගහෙත්‍වා “ආචරියො මෙ”ති වන්‍දති, අග‍්ගහිතමෙව හොති සරණං. යො පන “අයං ලොකෙ අග‍්ගදක‍්ඛිණෙය්‍යො”ති වන්‍දති, තෙනෙව ගහිතං හොති සරණං.

මෙබඳුවූ අනුශාසනයක් උගෙන මගේ ඇදුරුවරයායි වඳියිද සරණ නොගත්තේම වෙයි. යමෙක් මෙලොව මෙතෙම අග්‍ර දක්‍ෂිණාර්හ පුද්ගලයායි වඳියිද එයින්ම සරණ ගත්තේවෙයි.

එවං ගහිතසරණස‍්ස ච උපාසකස‍්ස වා උපාසිකාය වා අඤ‍්ඤතිත්‍ථියෙසු පබ‍්බජිතම‍්පි ඤාතිං “ඤාතකො මෙ අය”න‍්ති වන්‍දතො සරණගමනං න භිජ‍්ජති, පගෙව අපබ‍්බජිතං. තථා රාජානං භයවසෙන වන්‍දතො. සො හි රට‍්ඨපූජිතත‍්තා අවන්‍දියමානො අනත්‍ථම‍්පි කරෙය්‍යාති. තථා යං කිඤ‍්චි සිප‍්පං සික‍්ඛාපකං තිත්‍ථියං “ආචරියො මෙ අය”න‍්ති වන්‍දතොපි න භිජ‍්ජතීති එවං සරණගමනප‍්පභෙදො වෙදිතබ‍්බො.

මෙසේ ගන්නාලද සරණ ඇති, අන්‍යතීර්ථකයන් කෙරෙහි පැවිදවූවකුට මෙතෙම නෑයකැයි වඳින්නාවූද උවසුවකුගේ හෝ උවැසියකගේ සරණාගමනය නොබිඳෙයි. පැවිදිනොවූවකුට වඳින්නකු ගැන කිවයුත්තක් නැත. එසේම රජුනට බියෙන්, ‘මෙතෙම රටවැසියන් විසින් පුදනලදබැවින් නොවඳිනුලබන්නේ අනර්ථයක්ම කරන්නේ’යි වඳින්නාගේද එසේම යම්කිසි ශිල්පයක් උගැන්වූ තීර්ථකයකුටද මෙතෙම මගේ ආචාර්‍ය්‍යවරයායි වඳින්නාගේද සරණාගමනය නොබිඳෙයි. මෙසේ සරණාගමන ප්‍රභේදයද දතයුතුය.

එත්‍ථ ච ලොකුත‍්තරස‍්ස සරණගමනස‍්ස චත‍්තාරි සාමඤ‍්ඤඵලානි විපාකඵලං, සබ‍්බදුක‍්ඛක‍්ඛයො ආනිසංසඵලං. වුත‍්තඤ‍්හෙතං –

මෙහිද ලෝකෝත්තර සරණාගමනයාගේ සතර ශ්‍රමණ ඵලයද විපාකඵලයවූ සියලු දුක් නැතිකිරීමද වෙයි. විපාක ඵලය කියනලද්දේමය:

“යො ච බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච, සඞ‍්ඝඤ‍්ච සරණං ගතො; චත‍්තාරි අරියසච‍්චානි, සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. (ධ· ප· 190);

යමෙක් බුදුන්ද දහම්ද සඟුන්ද සරණ ගියේවෙයිද, දුක, දුක හටගැනීම දුක ඉක්මවීම දුක් නැති කරවන්නාවූ ආර්‍ය්‍ය අෂ්ටාංගක මාර්‍ගය යන සතර ආර්‍ය්‍ය සත්‍යයන් මනා නුවණින් දකියිද, මේ සරණය බියරහිතය. මෙය උතුම් සරණයි. මේ සරණයට එළඹ සියලු දුකින් මිදෙන්නේය.

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං. (ධ· ප· 191);

“එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත‍්තමං; එතං සරණමාගම‍්ම, සබ‍්බදුක‍්ඛා පමුච‍්චතී”ති. (ධ· ප· 192);

අපිච නිච‍්චතො අනුපගමනාදිවසෙනපෙතස‍්ස ආනිසංසඵලං වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං –

තවද නිත්‍ය ලෙස සැලකීමට නොඑළැඹීම් ආදි වශයෙන්ද මේ සරණාගමනයේ විපාකඵලය දතයුතුය.

“අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො උපගච‍්ඡෙය්‍ය, සුඛතො උපගච‍්ඡෙය්‍ය, කඤ‍්චි ධම‍්මං අත‍්තතො උපගච‍්ඡෙය්‍ය, මාතරං ජීවිතා වොරොපෙය්‍ය, පිතරං, අරහන‍්තං ජීවිතා වොරොපෙය්‍ය, පදුට‍්ඨචිත‍්තො තථාගතස‍්ස ලොහිතං උප‍්පාදෙය්‍ය, සඞ‍්ඝං භින්‍දෙය්‍ය, අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසෙය්‍ය, නෙතං ඨානං විජ‍්ජතී”ති (ම· නි· 3.128-130; අ· නි· 1.272-277).

මෙය කියනලදී: මහණෙනි, සම්‍යක්දෘෂ්ටි සම්පන්නවූ පුද්ගලයෙක් කිසි සංස්කාරයක් නිත්‍ය ලෙස සලකයිද සැපවශයෙන් සලකයිද කිසි සංස්කාරයක් ආත්මවහයෙන් සලකයිද මව ජීවිතයෙන් තොරකරයිද පියා ජීවිතයෙන් තොරකරයිද රහතන්වහන්සේ කෙනෙකු ජීවිතයෙන් තොරකරයිද දුෂ්ට සිතැතිව තතාගතයන්වහන්සේගේ සිරුරෙන් ලේ සොලවයිද සංඝයා බිඳුවයිද අන්ශාස්තෘවරයකු උදෙසයිද යන මෙම කරුණ විද්‍යමාන නොවෙයි. මෙය කරුණු රහිතය. ඊට ඉඩ නැත.

ලොකියස‍්ස පන සරණගමනස‍්ස භවසම‍්පදාපි භොගසම‍්පදාපි ඵලමෙව. වුත‍්තඤ‍්හෙතං –

ලෞකික සරණාගමනයාගේ (සුගති) භව සම්පත්තියත් භොගසම්පත්තියත් ඵලයමය. මෙය කියනලදී.

“යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්තී”ති. (සං· නි· 1.37);

යම්කිසිවෙක් බුදුන් සරණගියාහුද ඔවුහු අපායට නොයති. මිනිස් සිරුර අතහැර දෙව්සිරුර පුරවත්

අපරම‍්පි වුත‍්තං –

වෙනත් දෙයක්ද කියනලදී.

“අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අසීතියා දෙවතාසහස‍්සෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි…පෙ… එකමන‍්තං ඨිතං ඛො සක‍්කං දෙවානමින්‍දං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච – ‘සාධු ඛො, දෙවානමින්‍ද, බුද‍්ධසරණගමනං හොති. බුද‍්ධසරණගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරං මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා දිබ‍්බෙන වණ‍්ණෙන සුඛෙන යසෙන ආධිපතෙය්‍යෙන දිබ‍්බෙහි රූපෙහි සද‍්දෙහි ගන්‍ධෙහි රසෙහි ඵොට‍්ඨබ‍්බෙහී’”ති (සං· නි· 4.341).

‘ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍රතෙමේ අසූදහසක් දෙවියන් සමඟ මහමුගලන් තෙරණුවෝ යම් තැනකද එතැනට එළැඹියේය. -පෙ- එකත් පසෙක සිටියාවූ ඒ සක්දෙවිඳුන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ පැවසූහ. දෙවිඳුනි, බුදුන්සරණයාම යහපතකි. බුදුන් සරණයාම හේතුකොටගෙන සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු ස්වර්‍ග ලෝකයෙහි උපදිත්, ඔවුහු අනෙක් දෙවිවරුන් කරුණු දසයකින් අබිබවා සිටිත්, දිව්‍යමය ආයුෂයෙන්ද දිව්‍යමය වර්‍ණයෙන්ද දිව්‍යමය සැපයෙන්ද දිව්‍යමය යසසින්ද දිව්‍යමය අධිපතිබවින්ද දිව්‍යමය රූපයෙන්ද ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් ස්පර්‍ශයෙන්ද යනු කරුණිනි.’

එසෙව නයො ධම‍්මෙ සඞ‍්ඝෙ ච. අපිච වෙලාමසුත‍්තාදිවසෙනාපි (අ· නි· 9.20 ආදයො) සරණගමනස‍්ස ඵලවිසෙසො වෙදිතබ‍්බො. එවං සරණගමනඵලං වෙදිතබ‍්බං.

ධර්‍මය හා සංඝයා සරණයාමෙහිද මෙම ක්‍රමයමයි. තවද, වෙලාම සූත්‍රාන්තාදී වශයෙන්ද සරණාගමනයාගේ අනුසස් වෙසෙස දතයුතුය. මෙසේ සරණාගමන විපාකය දතයුතුය.

තත්‍ථ ලොකියසරණගමනං තීසු වත්‍ථූසු අඤ‍්ඤාණසංසයමිච‍්ඡාඤාණාදීහි සංකිලිස‍්සති, න මහාජුතිකං හොති න මහාවිප‍්ඵාරං. ලොකුත‍්තරස‍්ස නත්‍ථි සංකිලෙසො. ලොකියස‍්ස ච සරණගමනස‍්ස දුවිධො භෙදො සාවජ‍්ජො අනවජ‍්ජො ච. තත්‍ථ සාවජ‍්ජො අඤ‍්ඤසත්‍ථාරාදීසු අත‍්තසන‍්නිය්‍යාතනාදීහි හොති, සො අනිට‍්ඨඵලො. අනවජ‍්ජො කාලකිරියාය, සො අවිපාකත‍්තා අඵලො. ලොකුත‍්තරස‍්ස පන නෙවත්‍ථි භෙදො. භවන‍්තරෙපි හි අරියසාවකො අඤ‍්ඤං සත්‍ථාරං න උද‍්දිසතීති එවං සරණගමනස‍්ස සංකිලෙසො ච භෙදො ච වෙදිතබ‍්බො.

එහිද ලෞකික සරණාගමනය (බුද්ධාදී) වස්තුතුනෙහි නොදැන්ම සැකය වැරදි දැනීම ආදීන්ගෙන් කිළිටිවෙයි. ලොකු බැබළීමක් නැත. ලොකු පැතිරීමක්ද නැත. ලෝකෝත්තර සරණාගමනයේ කිළිටිවීමක් නැත. සාවද්‍ය අනවද්‍යවශයෙන් ලෞකික සරණාගමනයේ භේද දෙකක්වෙයි. අන්‍ය ශාස්තෘවරුන් ආදීන් කෙරෙහි ආත්මනිර්යාතනාදියෙන් එහි සාවද්‍ය සරණාගමනයවෙයි. එය අනිටුවිපාක ඇත්තේය. මියයාමෙන් අනවද්‍යවෙයි. එය විපාක නතිබැවින් ඵලරහිතය. ලෝකෝත්තර සරණාගමනයට භේදයක් නැත. ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ භවාන්තරයෙහිද අන්‍ය ශාස්තෘවරයෙකු නොපිළිගනියි. මෙසේ සරණාගමනයේ කිලුටද භේදයද දතයුතුය.

උපාසකං මං භවං ගොතමො ධාරෙතූති මං භවං ගොතමො “උපාසකො අය”න‍්ති එවං ධාරෙතු, ජානාතූති අත්‍ථො. උපාසකවිධිකොසල‍්ලත්‍ථං පනෙත්‍ථ කො උපාසකො, කස‍්මා උපාසකොති වුච‍්චති, කිමස‍්ස සීලං, කො ආජීවො, කා විපත‍්ති, කා සම‍්පත‍්තීති ඉදං පකිණ‍්ණකං වෙදිතබ‍්බං.

උපාසකං මං භවං ගොතමො ධාරෙතු යනු, භවත් ගෞතමයන්වහන්සේ මෙතෙම උවසුවෙකැ’යි මෙසේ මා සලකත්වා යන අර්‍ත්‍ථයි. උපාසක විධි පිළිබදඳ මනාදැනීම සඳහා මෙහිදී කවරෙක් උපාසකවේද? කුමක්හෙයින් උපාසකයයි කියනුලැබේද? ඔහුගේ ශීලයකුමක්ද? ඔහුගේ ආජීවය කුමක්ද? විපත්තිය කුමක්ද සම්පත්තිය කුමක්දැයි මේ ප්‍රකීර්ණකය දතයුතුය.

තත්‍ථ කො උපාසකොති යො කොචි සරණගතො ගහට‍්ඨො. වුත‍්තඤ‍්හෙතං –

එහි කවරෙක් උපාසක වේද යත් සරණගිය යම්කිසි ගැහැවියෙකි. මෙය කියනලදී.

“යතො ඛො, මහානාම, උපාසකො බුද‍්ධං සරණං ගතො හොති, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො හොති. එත‍්තාවතා ඛො, මහානාම, උපාසකො හොතී”ති (සං· නි· 5.1033).

මහානාම, යම්හෙයකින් උවසුවෙක් බුදුන් සරණ ගියේද දහම් සරණ ගියේද සඟුන් සරණගියේද එපමණකින් මහානාම, උවසුවෙක් වෙයි.

කස‍්මා උපාසකොති. රතනත‍්තයස‍්ස උපාසනතො. සො හි බුද‍්ධං උපාසතීති උපාසකො. ධම‍්මං, සඞ‍්ඝං උපාසතීති උපාසකොති.

කුමක් හෙයින් උපාසක වේද යත්? තෙරුවන ඇසුරු කරනබැවිනි. හෙතෙම බුදුන් ඇසුරු කරයිනුයි උපාසකවේ. දහම් ඇසුරු කරයිනුයි සඟුන් ඇසුරු කරයිනුයි උපාසකවේ.

කිමස‍්ස සීලන‍්ති. පඤ‍්ච වෙරමණියො. යථාහ –

මොහුගේ ශීලය කුමක්ද? පස්පවින් වැළකීමයි. යම්සේ කියනලද්දේද?

“යතො ඛො, මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා, කාමෙසුමිච‍්ඡාචාරා, මුසාවාදා, සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානා පටිවිරතො හොති. එත‍්තාවතා ඛො, මහානාම, උපාසකො සීලවා හොතී”ති (සං· නි· 5.1033).

‘යම්හෙයකින් මහානාම, උවසුතෙමේ සතුන් මැරීමෙන් වැළකුණේවෙයිද නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි ලෙස හැසිරීමෙන්, බොරුකීමෙන්, රහමෙර පානයෙන් වැළකුණේවෙයිද එපමණකින් මහානාම උවසුතෙම සිලවත් වූයේවෙයි.’

කො ආජීවොති. පඤ‍්ච මිච‍්ඡාවණිජ‍්ජා පහාය ධම‍්මෙන සමෙන ජීවිකකප‍්පනං. වුත‍්තඤ‍්හෙතං –

ආජීවය කුමක්ද යත්? වැරදි වෙළඳාම් පස අතහැර දැහැමින් සෙමෙන් ජීවිකාව කරගැනීමයි. මෙය කියනලද්දේය:

“පඤ‍්චිමා, භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච. සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා. ඉමා ඛො, භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයා”ති (අ· නි· 5.177).

‘මහණෙනි, උවසුවෙකු විසින් නොකළයුතු වෙළඳාම් පසෙකි. කවර පසෙක්ද? අවිවෙළඳාම, සතුන් වෙළඳාම, මස් වෙළඳාම, මද්‍ය වෙළඳාම, විෂ වෙළඳාම යන මේ වෙළඳාම් පස මහණෙනි, උවසුවෙකු විසින් නොකළයුතුය.

කා විපත‍්තීති. යා තස‍්සෙව සීලස‍්ස ච ආජීවස‍්ස ච විපත‍්ති, අයමස‍්ස විපත‍්ති. අපිච යාය එස චණ‍්ඩාලො චෙව හොති මලඤ‍්ච පතිකුට‍්ඨො ච, සාපි තස‍්ස විපත‍්තීති වෙදිතබ‍්බා. තෙ ච අත්‍ථතො අස‍්සද‍්ධියාදයො පඤ‍්ච ධම‍්මා හොන‍්ති. යථාහ –

විපත්තිය කවරේදයත්? ඒ ශීලයාගේද ආජීවයාගේද යම් විනාශයක් වේද එය උවසුවකුගේ විපත්තියයි. තවද යමකින් මෙතෙම සැඩොලෙක් මෙන්ම කිලුටක්ද, පළිබෝධයක්ද වේද එයද සරණාගමනයේ විපත්තියකැයි දතයුතුය. ඒවා ද අර්‍ත්‍ථවශයෙන් ශ්‍රද්ධා නැතිබව ආදී ධර්‍මපසවෙයි. යම්සේ කියනලද්දේවේද:

“පඤ‍්චහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකචණ‍්ඩාලො ච හොති උපාසකමලඤ‍්ච උපාසකපතිකුට‍්ඨො ච. කතමෙහි පඤ‍්චහි? අස‍්සද‍්ධො හොති, දුස‍්සීලො හොති, කොතූහලමඞ‍්ගලිකො හොති, මඞ‍්ගලං පච‍්චෙති නො කම‍්මං, ඉතො ච බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං පරියෙසති, තත්‍ථ ච පුබ‍්බකාරං කරොතී”ති (අ· නි· 5.175).

මහණෙනි, කරුණුපසකින් යුක්තවූ උපාසතෙමේ උපාසක සැඩොලෙක්ද උපාසක කිලුටක්ද උපාසක පළිබෝධයක්ද වෙයි. කවර (කරුණු) පසකින්ද යත්? ශ්‍රද්ධාව නැත්තෙක් වෙයි. දුශ්ශීලයෙක් වෙයි. නැකත් මඟුල් ආදියෙහි කුහුල් ඇත්තේවෙයි. නැකත විශ්වාසකරයි. කර්‍මය විශ්වාස නොකරයි. මේ සසුනින් පිටත දක්‍ෂිණාවට සුදුස්සන් සොයයි. එහි සත්කාරද කරයි’. යනුවෙනි.

කා සම‍්පත‍්තීති. යා චස‍්ස සීලසම‍්පදා ච ආජීවසම‍්පදා ච, සා සම‍්පත‍්ති. යෙ චස‍්ස රතනභාවාදිකරා සද‍්ධාදයො පඤ‍්ච ධම‍්මා. යථාහ –

සම්පත්තිය කවරක්ද? ඒ ඔහුගේ ශීලසම්පදාවත් අජීවසම්පදාවත් ඔහුගේ සම්පත්තියවේ. රත්නභාවය ආදිය කරන්නාවූ ධර්‍මපසද සම්පත්තියවෙයි. කියනලද්දේවෙයි.

“පඤ‍්චහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකරතනඤ‍්ච හොති උපාසකපදුමඤ‍්ච උපාසකපුණ‍්ඩරීකඤ‍්ච. කතමෙහි පඤ‍්චහි? සද‍්ධො හොති, සීලවා හොති, න කොතූහලමඞ‍්ගලිකො හොති, කම‍්මං පච‍්චෙති නො මඞ‍්ගලං, න ඉතො බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති, ඉධ ච පුබ‍්බකාරං කරොතී”ති (අ· නි· 5.175).

මහණෙනි, ධර්‍මපසකින් යුක්තවූ උපාසකතෙමේ උවසුරුවනද උවසු පියුමද උවසු සුදුනෙළුමද වේ. කවර නම් ධර්‍මපසක්ද? ශ්‍රද්ධා ඇත්තෙවෙයි. සිල්වත්වෙයි. නැකත් ආදිය පිළිබඳ කුහුල් නැත්තේවෙයි. කර්‍මය පිළිගනියි. මංගලය පිළිනොගනියි. මේ සසුනින් පිටත දක්‍ෂණාවට සුදුසු පුද්ගලයන් නොසොයයි. මේ සසුනෙහිම සත්කාර කරයි.’

අජ‍්ජතග‍්ගෙති එත්‍ථ අයං අග‍්ගසද‍්දො ආදිකොටිකොට‍්ඨාසසෙට‍්ඨෙසු දිස‍්සති. “අජ‍්ජතග‍්ගෙ සම‍්ම, දොවාරික, ආවරාමි ද‍්වාරං නිගණ‍්ඨානං නිගණ‍්ඨීන”න‍්තිආදීසු (ම· නි· 2.70) හි ආදිම‍්හි දිස‍්සති. “තෙනෙව අඞ‍්ගුලග‍්ගෙන තං අඞ‍්ගුලග‍්ගං පරාමසෙය්‍ය (කථා· 441). උච‍්ඡග‍්ගං වෙළග‍්ග”න‍්තිආදීසු කොටියං. “අම‍්බිලග‍්ගං වා මධුරග‍්ගං වා තිත‍්තකග‍්ගං වා (සං· නි· 5.374), අනුජානාමි, භික‍්ඛවෙ, විහාරග‍්ගෙන වා පරිවෙණග‍්ගෙන වා භාජෙතු”න‍්තිආදීසු (චූළව· 318) කොට‍්ඨාසෙ. “යාවතා, භික‍්ඛවෙ, සත‍්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායතී”තිආදීසු (අ· නි· 4.34) සෙට‍්ඨෙ. ඉධ පනායං ආදිම‍්හි දට‍්ඨබ‍්බො. තස‍්මා අජ‍්ජතග‍්ගෙති අජ‍්ජතං ආදිං කත්‍වාති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අජ‍්ජතන‍්ති අජ‍්ජභාවං. අජ‍්ජදග‍්ගෙති වා පාඨො, දකාරො පදසන්‍ධිකරො, අජ‍්ජ අග‍්ගං කත්‍වාති අත්‍ථො.

අජ්ජතගේග යන මෙහි අග්ගශබ්දය මුල, කෙළවර, කොටස, ශ්‍රෙෂ්ඨ යන අර්‍ත්‍ථයන්හි දක්නාලැබේ. ‘අජ්ජතගේග සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං’ යනාදියෙහි ආදියෙහි (ආරම්භය යන අර්‍ත්‍ථයෙහි) දක්නටලැබේ. ‘තෙනෙව අඞ්ගුල්ගේගන තං අඞ්ගුලග්ගං පරාමසෙය්‍ය උච්ඡාග්ගං වෙළග්ගං’ යනාදියෙහි කෙළවරෙහි යෙදේ. ‘අනුජානාමි භික්‍ඛවෙ අම්බිලග්ගංවා මධුරග්ගංවා තිත්තකග්ගංවා විහාරගේගන වා පරිවෙණගේගන වා භාජෙතුං’ යනාදියෙහි කොටසෙහි යෙදේ. “යාවතා භික්‍ඛවෙ සත්තා අපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්‍ඛයති” යනාදියෙහි ශ්‍රෙෂ්ඨාර්ථයෙහි යෙදේ. මෙහි වනාහි මෙය ආදියෙහි (පටන්ගැන්මෙහි) දතයුතුයි. අජ්ජතං එබැවින් ‘අජ්ජතගෙග’ යනු අද පටන් කොටයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දතයුතුයි. අජ්ජතං යනු අද බවයි, ‘අජ්ජදගේග’ යනුද පාඨයෙකි. දකාරය පදසන්‍ධිය ඇතිකරවන්නකි. අද පෙරටු කොට (අදපටන් කොට) යන අර්‍ත්‍ථයි.

පාණුපෙතන‍්ති පාණෙහි උපෙතං, යාව මෙ ජීවිතං පවත‍්තති, තාව උපෙතං, අනඤ‍්ඤසත්‍ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං උපාසකං කප‍්පියකාරකං මං භවං ගොතමො ධාරෙතු ජානාතු. අහඤ‍්හි සචෙපි මෙ තිඛිණෙන අසිනා සීසං ඡින්‍දෙය්‍ය, නෙව බුද‍්ධං “න බුද‍්ධො”ති වා ධම‍්මං “න ධම‍්මො”ති වා සඞ‍්ඝං “න සඞ‍්ඝො”ති වා වදෙය්‍යන‍්ති එවං අත‍්තසන‍්නිය්‍යාතනෙන සරණං ගන‍්ත්‍වා චතූහි ච පච‍්චයෙහි පවාරෙත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමීති.

පාණුපෙතං යනු ප්‍රාණයෙන් යුක්තවූයි. යම්තාක් මේ ජීවිතය පවතීද ඒ අවසන්කොට අන්‍යශාසතෘකනොවූ, තිසරණය සරණ ගිය මා උවසුවෙකු කැපකරුවෙකු කොට භවත් ගෞතමයන්වහනසේ සලකත්වා. ඉදින් මගේ මේ හිස තියුණු සැතකින් සිදින්නාහුද බුදුන්වහන්සේ බුදුකෙනෙක් නොවේයයි හෝ ධර්‍මය ධර්‍මය නොවේය කියා හෝ සංඝයා සංඝයා නොවේය කියා හෝ නොකියන්නෙමියි මෙසේ ආත්මනිර්යාතනයෙන් සරණ ගොස් සිවුපසයෙන් පවරා අසුනින් නැඟිට භාග්‍යවතුන්වහන්සේ වැඳ තෙවරක් පැදකුණුකොට පිටත්වගියේය.