යෙදුමෙන් කියවන්න

2. 1. 2. 6

2. 1. 2. 6.

2. 1. 2. 6.

16. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම හෙතු, කො පච‍්චයො, යෙන මිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තීති?

16. එකල්හි නොපාළ බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග තුස්නකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහවූ නපුරු ගති වූ විවස පතනයට තැන්වූ නිරයට (උපපාත වශයෙන්) පැමිණෙත් නම්, එයට හේතු කවරේය? එයට ප්‍රත්‍යය කවරේය?

[භගවා:]

[භගවත්හු:]

අධම‍්මචරියා විසමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තීති.

බමුණු, අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂම චර්‍ය්‍යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

කො පන භො ගොතම හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති?

භවත් ගෞතමයෙනි, මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙත් නම්, එයට හේතු කවරේය? ප්‍රත්‍යය කවරේ ය?

[භගවා:]

[භගවත්හු:]

ධම‍්මචරියා සමචරියා හෙතු ඛො බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

බමුණ, ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙත්.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

අභික‍්කන‍්තං භො ගොතම අභික‍්කන‍්තං භො ගොතම, සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, ‘චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තී’ති, එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස! යම්සේ යටිහුරු කොට තබන ලද්දක් හෝ උඩුහුරු කොට තබන්නේ, පිළිසන් වූවක් හෝ වැසුම් හරනේ මංමුළා වූවකුට හෝ මග කියන්නේ ‘ඇස් ඇත්තෝ රූ දක්නාහුය’ යි බොල් අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු සේ රුස්නා සේක්වා’ යි.