යෙදුමෙන් කියවන්න

2. 1. 2. 7

2. 1. 2. 7.

2. 1. 2. 7.

17. අථඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච. කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යෙන මිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තීති,

17. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට යෙත් නම්, (එයට) හේතු කවරේය? ප්‍රත්‍යය කවරේය?

[භගවා:]

[භගවත්හු:]

කතත‍්තා ච බ්‍රාහ‍්මණ අකතත‍්තා ච. එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තීති.

බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

කො පන භො ගොතම හෙතු, කො පච‍්චයො, යෙන මිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත් නම්, (එයට) හේතු කවරේය? ප්‍රත්‍යය කවරේය?

[භගවා:]

[භගවත්හු:]

කතත‍්තා ච බ්‍රාහ‍්මණ අකතත‍්තා ච. එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගයට එළඹෙත්.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

න ඛො අහං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතු, යථා අහං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විතර විසින් නො දනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් දැනගන්නෙම් ද එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ දහම් දෙසන සේක් නම් මැනැවි.

තෙන හි බ්‍රාහ‍්මණ සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති. එවම‍්භොති ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවතො පච‍්චස‍්සොසි: භගවා එතදවොච:

බමුණ, එසේ වී නම් අසව, මනා කොට මෙනෙහි කරව, දෙසමි යි. එසේය වහන්සැ’ යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චස‍්ස කායදුච‍්චරිතං කතං හොති, අකතං හොති කායසුචරිතං. වචීදුච‍්චරිතං කතං හොති, අකතං හොති වචීසුචරිතං. මනොදුච‍්චරිතං කතං හොති, අකතං හොති මනොසුචරිතං. එවං ඛො බ්‍රාහ‍්මණ කතත‍්තා ච අකතත‍්තා ච එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද්දේ වෙයි, කායසුචරිතය නොකරණ ලද්දේ වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද්දේ වෙයි, වාක්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද්දේ වයි, මනස්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙ ලොව්හි කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු මෙසේ සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.

ඉධ පන බ්‍රාහ‍්මණ එකච‍්චස‍්ස කායසුචරිතං කතං හොති, අකතං හොති කායදුච‍්චරිතං, වචීසුචරිතං කතං හොති, අකතං හොති වචීදුච‍්චරිතං. මනොසුචරිතං කතං හොති, අකතං හොති මනොදුච‍්චරිතං. එවං ඛො බ්‍රාහ‍්මණ කතත‍්තා ච අකතත‍්තා ච එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

බ්‍රාහ්මණය, මෙලොව කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද්දේ වෙයි, කායදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. වාක්සුචරිතය කරණ ලද්දේ වෙයි, වාග්දුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. මනස්සුචරිතය කරණ ලද්දේ වෙයි, මනෝදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙලොව්හි කිසි සත්ත්‍ව කෙනෙක් මෙ පරිද්දෙන් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත්.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු සේ මා රුස්නා සේක්වායී.