2. 1. 2. 8
2. 1. 2. 8.
2. 1. 2. 8.
18. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
18. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දතෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
එකංසෙනාහං ආනන්ද අකරණීයං වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතන්ති.
ආනන්දය, මම කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඒකාන්තයෙන් නො කළ යුතුයි කියමි.
[ආනන්දො:]
[අනඳ තෙරහු:]
යමිදං භන්තෙ භගවතා එකංසෙන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තස්මිං අකරණීයෙ කයිරමානෙ කො ආදීනවො පාටිකඞ්ඛොති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායදුශ්චරිතයෙක්, වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි වදාරණ ලද ද ඒ නොකට යුතු දැ කරණු ලබන කල්හි කවර ආදීනවයෙක් කැමැති විය යුතු ද?
[භගවා:]
[භගවත්හු:]
යමිදං ආනන්ද මයා එකංසෙන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තස්මිං අකරණීයෙ කයිරමානෙ අයං ආදීනවො පාටිකඞ්ඛො:
ආනන්දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කට යුතුය යි වදාරණ ලද නම්, ඒ නො කට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුතුය:
අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
“තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැතියෝ විමසා දැන ගරහත්. අපකීර්තිය උස්ව නගියි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්” ය යි.
යමිදං ආනන්ද මයා එකංසෙන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තස්මිං අකරණීයෙ කයිරමානෙ අයං ආදීනවො පාටිකඞ්ඛො.
ආනන්දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි පවසන ලද නම්, ඒ නොකට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුත්තේ ය.
එකංසෙනාහං ආනන්ද කරණීයං වදාමි කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතන්ති.
ආනන්දය, මම කායසුචරිතය - වාක්සුචරිතය - මනස්සුචරිතය ඒකාන්තයෙන් කළ යුතු යයි කියමි.
[ආනන්දො:]
[අනඳ තෙරහු:]
යමිදං භන්තෙ භගවතා එකංසෙන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං තස්මිං කරණීයෙ කයිරමානෙ කො ආනිසංසො පාටිකඞ්ඛොති?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායසුචරිතයයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කළ යුතු ය යි පවසන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි කවර අනුසසෙක් කැමැති විය යුත්තේ ද?
[භගවා:]
[භගවත්හු:]
යමිදං ආනන්ද මයා එකංසෙන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. තස්මිං කරණීයෙ කයිරමානෙ අයං ආනිසංසො පාටිකඞ්ඛො:
ආනන්දය, යම් මේ කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි මා විසින් කියන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ ය:
අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
“තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. නුවණැත්තෝ විමසා දැන පසසත්. යසගී උස්ව නැගෙයි. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට එළඹෙත්.”
යමිදං ආනන්ද මයා එකංසෙන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. තස්මිං කරණීයෙ කයිරමානෙ අයං ආනිසංසො පාටිකඞ්ඛොති.
ආනන්දය, යම් කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි ම විසින් පවසන ලද නම්, ඒ කටයුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ යයි.