2. 1. 2. 9
2. 1. 2. 9.
2. 1. 2. 9.
19. අකුසලං භික්ඛවෙ පජහථ. සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං. නො චෙ තං භික්ඛවෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං, නාහං එවං වදෙය්යං “අකුසලං භික්ඛවෙ පජහථා”ති. යස්මා ච ඛො භික්ඛවෙ සක්කා අකුසලං පජහිතුං, තස්මාහං එවං වදාමි “අකුසලං භික්ඛවෙ පජහථා”ති. අකුසලං ච හිදං භික්ඛවෙ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තෙය්ය. නාහං එවං වදෙය්යං “අකුසලං භික්ඛවෙ පජහථා”ති. යස්මා ච ඛො භික්ඛවෙ අකුසලං පහීනං හිතාය සුඛාය සංවත්තති, තස්මාහං එවං වදාමි “අකුසලං භික්ඛවෙ පජහථා”ති.
19. මහණෙනි, අකුශලය දුරලව. මහණෙනි, අකුශලය දුරලන්නට හැකිය. මහණෙනි, ඉදින් ඒ අකුශලය දුරලීමට නො හැකි නම් “මහණෙනි, අකුශලය දුරලවයි” මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය දුරලන්නට හැකි ද, එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව”යී මෙසේ මම කියමි. තවද මහණෙනි, මේ අකුශලය ප්රහීණ වූයේ අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, අකුශලය දුරලව” යි මම මෙසේ නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය ප්රහීණ වූයේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව” යි මම් මෙසේ කියමි.
කුසලං භික්ඛවෙ භාවෙථ. සක්කා භික්ඛවෙ කුසලං භාවෙතුං. නො චෙ තං භික්ඛවෙ සක්කා අභවිස්ස කුසලං භාවෙතුං, නාහං එවං වදෙය්යං “කුසලං භික්ඛවෙ භාවෙථා”ති. යස්මා ච ඛො භික්ඛවෙ සක්කා කුසලං භාවෙතුං, තස්මාහං එවං වදාමි “කුසලං භික්ඛවෙ භාවෙථා”ති. කුසලං ච හිදං භික්ඛවෙ භාවිතං අහිතාය දුක්ඛාය සංවත්තෙය්ය, නාහං එවං වදෙය්යං “කුසලං භික්ඛවෙ භාවෙථා”ති. යස්මා ච ඛො භික්ඛවෙ කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්තති තස්මාහං එවං වදාමි “කුසලං භික්ඛවෙ භාවෙථා”ති.
මහණෙනි, කුශලය වඩව. මහණෙනි, කුශලය වඩන්නට හැකිය. මහණෙනි, ඉදින් කුශලය නොවැඩිය හැකි නම් “මහණෙනි, කුශලය වඩව”යි මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන්නට හැකි ද, එහෙයින් “මහණෙනි, කුශලය වඩව”යි මම මෙසේ කියමි. මහණෙනි, කුශලය වඩන ලද්දේ ඉදින් අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, කුසල් වඩව”යි මෙසේ මම නො කියමි. තවද මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන ලද්දේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, කුශලය වඩව” යි මම මෙසේ කියමි.