යෙදුමෙන් කියවන්න

2. 1. 2. 10

2. 1. 2. 10.

2. 1. 2. 10.

20. ද‍්වෙ මෙ භික‍්ඛවෙ ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්ති. කතමෙ ද‍්වෙ? දුන‍්නික‍්ඛිත‍්තඤ‍්ච පදබ්‍යඤ‍්ජනං, අත්‍ථො ච දුන‍්නීතො. දුන‍්නික‍්ඛිත‍්තස‍්ස භික‍්ඛවෙ පදබ්‍යඤ‍්ජනස‍්ස අත්‍ථොපි දුන‍්නයො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්තීති.

20. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: උපිළිවෙලින් වරදවා ගත් පෙළ ද වරදවා පෙරළා ගත් අටුවා ද යන දෙකය. මහණෙනි, වරදවා ගත් පාළියෙහි අටුවා ද දුර්නය (අන්නෑය) වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ.

ද‍්වෙ මෙ භික‍්ඛවෙ ධම‍්මා සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තන‍්ති. කතමෙ ද‍්වෙ? සුනික‍්ඛිත‍්තඤ‍්ච පදබ්‍යඤ‍්ජනං, අත්‍ථො ච සුනීතො. සුනික‍්ඛිත‍්තස‍්ස භික‍්ඛවෙ පදබ්‍යඤ‍්ජනස‍්ස අත්‍ථොපි සුනයො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: මොනොවට ගත් පෙළදහම ද මොනොවට ගත් අටුවා ද යන දෙකයි. මහණෙනි, මොනොවට ගත් පෙළදහමෙහි අටුවා ද සුනය වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ යි.

අධිකරණවග‍්ගො දුතියො.

අධිකරණවග දෙවැනි යි