යෙදුමෙන් කියවන්න

2. 1. 2. 7 අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. 1. 2. 7

2. 1. 2. 7

සත‍්තමෙ ජාණුස‍්සොණීති ජාණුස‍්සොණිඨානන‍්තරං කිර නාමෙකං ඨානන‍්තරං, තං යෙන කුලෙන ලද‍්ධං, තං ජාණුස‍්සොණිකුලන‍්ති වුච‍්චති. අයං තස‍්මිං කුලෙ ජාතත‍්තා රඤ‍්ඤො සන‍්තිකෙ ච ලද‍්ධජාණුස‍්සොණිසක‍්කාරත‍්තා ජාණුස‍්සොණීති වුච‍්චති. තෙනුපසඞ‍්කමීති “සමණො කිර ගොතමො පණ‍්ඩිතො බ්‍යත‍්තො බහුස‍්සුතො”ති සුත්‍වා “සචෙ සො ලිඞ‍්ගවිභත‍්තිකාරකාදිභෙදං ජානිස‍්සති, අම‍්හෙහි ඤාතමෙව ජානිස‍්සති, අඤ‍්ඤාතං කිං ජානිස‍්සති. ඤාතමෙව කථෙස‍්සති, අඤ‍්ඤාතං කිං කථෙස‍්සතී”ති චින‍්තෙත්‍වා මානද‍්ධජං පග‍්ගය‍්හ සිඞ‍්ගං උක‍්ඛිපිත්‍වා මහාපරිවාරෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. කතත‍්තා ච, බ්‍රාහ‍්මණ, අකතත‍්තා චාති සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා “අයං බ්‍රාහ‍්මණො ඉධ ආගච‍්ඡන‍්තො න ජානිතුකාමො අත්‍ථගවෙසී හුත්‍වා ආගතො, මානං පන පග‍්ගය‍්හ සිඞ‍්ගං උක‍්ඛිපිත්‍වා ආගතො. කිං නු ඛ‍්වස‍්ස යථා පඤ‍්හස‍්ස අත්‍ථං ජානාති, එවං කථිතෙ වඩ‍්ඪි භවිස‍්සති, උදාහු යථා න ජානාතී”ති චින‍්තෙත්‍වා “යථා න ජානාති, එවං කථිතෙ වඩ‍්ඪි භවිස‍්සතී”ති ඤත්‍වා “කතත‍්තා ච, බ්‍රාහ‍්මණ, අකතත‍්තා චා”ති ආහ.

සත්වෙනි සූත්‍රයෙහි ජානසේසානී යනු ජානුසේසාණි තනතුර නම්වූ එක් තනතුරකි. එය යම් කුලයක් විසින් ලබනලද්දේද එය ජානුසේසාණි කුලයයි කියනුලැබේ. මෙතෙම එම කුලයෙහි උපන් බැවින් රජු සමීපයෙන්ද ලබනලද ජානුසේසාණි සත්කාරය ඇතිබැවින්ද ජාන්සේසාණියි කියනුලැබේ. තෙනුපසඞ්කමි යනු ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ වනාහි පණ්ඩිතයෙකි, ව්‍යක්තයෙකි, බහුශ්‍රැතයෙකැයි අසා, ඉදින් හෙතෙම ලිංග විභක්ති කාරක ආදි භෙදය දන්නේද අපවිසින් දන්නාලද දෙයම දන්නේද? දන්නාලද්දම කියන්නේද, නොදන්නාලද දෙයක් කිම කියන්නේදැයි සිතා මානයෙන් උඩඟුව හිස ඔසවා ගෙන මහපිරිවරින් පිරිවරන ලදුයේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට එළැඹියේය. කතත්තා ච බ්‍රාහ්මණ අකතත්තා ච යනු ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා ‘මේ බමුණුතෙමේ මෙහි එන්නේ දැනගනු කැමැත්තේ අර්‍ත්‍ථ සොයන්නෙක්වී මෙහි නොආයේය. මානය දැඩිව ගෙන හිස ඔසවාගෙන ආයේය. කිමෙක්ද මොහුට ඇසූ ප්‍රශ්නයේ අර්‍ත්‍ථය දැන ගන්නා ලෙස කීවිට වැඩක්වන්නේද නැතහොත් නොදන්නා ලෙස කීවටදැයි සිතා නොදන්නා ලෙස කීකල්හි වැඩක්වන්නේයයි දැන, බමුණ, කළබැවින්ද නොකළබැවින්දැයි පැවසූසේක.

බ්‍රාහ‍්මණො තං සුත්‍වා “සමණො ගොතමො කතත‍්තාපි අකතත‍්තාපි නිරයෙ නිබ‍්බත‍්තිං වදති, ඉදං උභයකාරණෙනාපි එකට‍්ඨානෙ නිබ‍්බත‍්තියා කථිතත‍්තා දුජ‍්ජානං මහන්‍ධකාරං, නත්‍ථි මය‍්හං එත්‍ථ පතිට‍්ඨා. සචෙ පනාහං එත‍්තකෙනෙව තුණ‍්හී භවෙය්‍යං, බ්‍රාහ‍්මණානං මජ‍්ඣෙ කථනකාලෙපි මං එවං වදෙය්‍යුං – ‘ත්‍වං සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං මානං පග‍්ගය‍්හ සිඞ‍්ගං උක‍්ඛිපිත්‍වා ගතොසි, එකවචනෙනෙව තුණ‍්හී හුත්‍වා කිඤ‍්චි වත‍්තුං නාසක‍්ඛි, ඉමස‍්මිං ඨානෙ කස‍්මා කථෙසී’ති. තස‍්මා පරාජිතොපි අපරාජිතසදිසො හුත්‍වා පුන සග‍්ගගමනපඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා කො නු ඛො, භො ගොතමාති ඉමං දුතියපඤ‍්හං ආරභි.

බමුණා එය අසා ශ්‍රමණ භවත් ගෞතමයෝ කළබැවින්ද නොකළ බැවින්ද නිරයෙහි උපත පවසති. දෙකරුණින්ම එකතැනක උපත ගැන කීබැවින් මෙය දැනගැනීම දුෂ්කරය. මහ අදුරකි. මෙහි මට පිහිටක් නැත. ඉදින් මම මෙපමණකින්ම නිහඬ වන්නේ නම් බමුණන් මැද කියනලක්හිද මට මෙසේ කියන්නහුය. ‘නුම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට මානය දැඩිකොට හිස කෙළින් තබාගෙන ගියෙහිය. එක් වචනයකින්ම නිහඬව කිසිවක් කීමට නොහැකිවිය. මෙතැන්හි කුමක් කියහිද? එබැවින් පරාජය ලදුයේවුවද පැරදුනෙකු මෙන් නොවී යළි දෙව්ලොව ගමන ගැන ප්‍රශ්නයක් විමසන්නෙමැයි සිතා කො පන භො ගොතම යන මේ දෙවැනි ප්‍රහ්නය ඇරඹීය.

එවම‍්පි තස‍්ස අහොසි – “උපරිපඤ‍්හෙන හෙට‍්ඨාපඤ‍්හං ජානිස‍්සාමි, හෙට‍්ඨාපඤ‍්හෙන උපරිපඤ‍්හ”න‍්ති. තස‍්මාපි ඉමං පඤ‍්හං පුච‍්ඡි. සත්‍ථා පුරිමනයෙනෙව චින‍්තෙත්‍වා යථා න ජානාති, එවමෙව කථෙන‍්තො පුනපි “කතත‍්තා ච, බ්‍රාහ‍්මණ, අකතත‍්තා චා”ති ආහ. බ්‍රාහ‍්මණො තස‍්මිම‍්පි පතිට‍්ඨාතුං අසක‍්කොන‍්තො “අලං, භො, න ඊදිසස‍්ස පුරිසස‍්ස සන‍්තිකං ආගතෙන අජානිත්‍වා ගන‍්තුං වට‍්ටති, සකවාදං පහාය සමණං ගොතමං අනුවත‍්තිත්‍වා මය‍්හං අත්‍ථං ගවෙසිස‍්සාමි, පරලොකමග‍්ගං සොධෙස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා සත්‍ථාරං ආයාචන‍්තො න ඛො අහන‍්තිආදිමාහ. අථස‍්ස නිහතමානතං ඤත්‍වා සත්‍ථා උපරි දෙසනං වඩ‍්ඪෙන‍්තො තෙන හි, බ්‍රාහ‍්මණාතිආදිමාහ.

මෙසේද ඔහුට අදහසක් විය. මත්තෙහි ප්‍රශ්නයෙන් යට (කලින් ඇසූ) ප්‍රශ්නය දැන ගන්නෙමි. කලින් ප්‍රහ්නයෙන් මතු ප්‍රශ්නය දැන ගන්නෙමි යනුවෙනි. එබැවින්ද මේ ප්‍රශ්නය ඇසීය. ශාස්තෘන්වහන්සේ පෙර පරිද්දෙන්ම සිතා යම්සේ නොදැන ගනියිද එසේම පවසන සේක් යළිදු බමුණ කළබැවින්ද නොකළබැවින්දැයි වදාළසේක. බමුණා එහිද පිහිටන්නට නොහැක්කේ මෙබඳු පුරුෂයෙකු ලඟට පැමිණ නොදැන යාමට නොවටීයයි ස්වකීය වාදය අතහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ට අනුගතව මගේ යහපත සොයන්නෙමි. දෙව්ලොව ගමන පිරිසුදු කර ගන්නෙමියි සනිටුහන්කොටගෙන ශාස්තෘන්වහන්සේට අයදින්නේ නඛො අහං යනාදිය පැවසීය. ඉක්බිති ඔහුගේ නිහතමානිත්වය දැන ශාස්තෘන්වහන්සේ මත්තෙහි දෙසුම වඩමින් එසේවීනම් බමුණ, යනාදිය පැවසූසේක.

තත්‍ථ තෙන හීති කාරණනිද‍්දෙසො. යස‍්මා සංඛිත‍්තෙන භාසිතස‍්ස අත්‍ථං අජානන‍්තො විත්‍ථාරදෙසනං යාචසි, තස‍්මාති අත්‍ථො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

එහි තෙනහි යනු හේතු දැක්වීමයි. යම්යෙකින් සැකෙවින් කියනලද දෙයෙහි අර්‍ත්‍ථය නොදන්නේ විස්තර සහිත දෙසුමක් ඉල්වන්නේද එබැවිනි යන අර්‍ත්‍ථයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

2. 1. 2. 8

2. 1. 2. 8

අට‍්ඨමෙ ආයස‍්මාති පියවචනමෙතං. ආනන්‍දොති තස‍්ස ථෙරස‍්ස නාමං. එකංසෙනාති එකන‍්තෙන. අනුවිච‍්චාති අනුපවිසිත්‍වා. විඤ‍්ඤූති පණ‍්ඩිතා. ගරහන‍්තීති නින්‍දන‍්ති, අවණ‍්ණං භාසන‍්ති. සෙසමෙත්‍ථ නවමෙ ච සබ‍්බං උත‍්තානත්‍ථමෙව.

අටවැන්නෙහි ආයස්මා යන මෙය ප්‍රියවචනයකි. ආනන්‍දො යනු ඒ තෙරුන්ගේ නමයි. එකංසෙන යනු ඒකානතයෙනි. අනුචිච්ච යනු විමසායි. විඤක්‍දූ යනු පන්ඩිතයෝයි. ගරහන්ති යනු නින්දා කරති, නුගුණ කියතියනුයි. මෙහි සෙස්සද නවවැන්නෙහි සියල්ලද පැහැදිලි අරුත් ඇත්තේමය.

2. 1. 2. 10

2. 1. 2. 10

දසමෙ දුන‍්නික‍්ඛිත‍්තඤ‍්ච පදබ්‍යඤ‍්ජනන‍්ති උප‍්පටිපාටියා ගහිතපාළිපදමෙව හි අත්‍ථස‍්ස බ්‍යඤ‍්ජනත‍්තා බ්‍යඤ‍්ජනන‍්ති වුච‍්චති. උභයමෙතං පාළියාව නාමං. අත්‍ථො ච දුන‍්නීතොති පරිවත‍්තෙත්‍වා උප‍්පටිපාටියා ගහිතා අට‍්ඨකථා. දුන‍්නික‍්ඛිත‍්තස‍්ස, භික‍්ඛවෙ, පදබ්‍යඤ‍්ජනස‍්ස අත්‍ථොපි දුන‍්නයො හොතීති පරිවත‍්තෙත්‍වා උප‍්පටිපාටියා ගහිතාය පාළියා අට‍්ඨකථා නාම දුන‍්නයා දුන‍්නීහාරා දුක‍්කථා නාම හොති.

දසවෙනි සූත්‍රයෙහි දුන්නික්‍ඛිත්තං ච පදව්‍යංජනං යනු උපිළිවෙළින් ගන්නාලද පාළි පදයම අ අර්‍ත්‍ථයාගේ ව්‍යංජනය බැවින් ව්‍යංජනයයි කියනුලැබේ. මේ දෙකම පාළියටම නමකි. අත්‍ථො ච දූන්නීතො යනු පෙරළා උපිළිවෙළින් ගන්නාලද අර්‍ත්‍ථකථාවයි. දුන්නික්‍ඛිත්තස්ස භික්‍ඛවෙ පදව්‍යංනස්ස අත්‍ථොපි දුන්නයො හොති යනු පෙරළා උපිලිවෙළින් ගන්නාලද පාළියේ අර්‍ත්‍ථකථාව නම් වැරදික්‍රම ඇත්තේය. වැරදි ලෙස ඉදිරිපත්කරලද්දේය. වැරදි විස්තර කථා ඇත්තේනම්වෙයි.

එකාදසමෙ වුත‍්තපටිපක‍්ඛනයෙන අත්‍ථො වෙදිතබ‍්බොති.

එකොළොස් වැන්නෙහිදී කියනලද ක්‍රමයට විරුද්ධ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය.

අධිකරණවග‍්ගො දුතියො.

දෙවැනිවූ අධිකරණ වර්‍ගයයි.