3. බාලවග්ගො අට්ඨකථා
3. බාල වර්ගය
2. 1. 3. 1
2. 1. 3. 1
තතියස්ස පඨමෙ අච්චයං අච්චයතො න පස්සතීති “අපරජ්ඣිත්වා අපරද්ධං මයා”ති අත්තනො අපරාධං න පස්සති, අපරද්ධං මයාති වත්වා දණ්ඩකම්මං ආහරිත්වා න ඛමාපෙතීති අත්ථො. අච්චයං දෙසෙන්තස්සාති එවං වත්වා දණ්ඩකම්මං ආහරිත්වා ඛමාපෙන්තස්ස. යථාධම්මං නප්පටිග්ගණ්හාතීති “පුන එවං න කරිස්සාමි, ඛමථ මෙ”ති වුච්චමානො අච්චයං ඉමං යථාධම්මං යථාසභාවං න පටිග්ගණ්හාති. “ඉතො පට්ඨාය පුන එවරූපං මා අකාසි, ඛමාමි තුය්හ”න්ති න වදති. සුක්කපක්ඛො වුත්තපටිපක්ඛනයෙනෙව වෙදිතබ්බො.
තුන්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අච්චයං අච්චයතො නපස්සති යනු වරදක්කොට මවිසින් වරදක් කරනලැදැයි තමන්ගේ වරද නොදකියි. මවිසින් වරද කරනලදැයි පවසා දඬුවම පමුණුවාගෙන ක්ෂාම නොකරන්නේය යන අර්‍ත්‍ථයි. අච්චයං දෙසෙන්තස්ස යනු එසේ කියා දඬුවම පමුණුවාගෙන ක්ෂමාකරන්නහුටයි. යථා ධම්මං න පතිගණ්හාති යනු යළි මෙසේ නොකරමි. මට ක්ෂමා කරනු මැනවැයි කියමින් මේ යථාතත්වය ඇති සැටිය නොපිළිගනියි. මෙතැන් පටන් යළි මෙවැන්නක් නොකරව, නුඹට ක්ෂාමා කරමියි නොකියයි. හොඳ පැත්ත කියනලද්දට විරුද්ධ ක්‍රමයෙන්ම දතයුතුය.
2. 1. 3. 2
2. 1. 3. 2
දුතියෙ අබ්භාචික්ඛන්තීති අභිභවිත්වා ආචික්ඛන්ති, අභූතෙන වදන්ති. දොසන්තරොති අන්තරෙ පතිතදොසො. එවරූපො හි “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මො”තිආදීනි වදන්තො සුනක්ඛත්තො විය තථාගතං අබ්භාචික්ඛති. සද්ධො වා දුග්ගහිතෙනාති යො හි ඤාණවිරහිතාය සද්ධාය අතිසද්ධො හොති මුද්ධප්පසන්නො, සොපි “බුද්ධො නාම සබ්බලොකුත්තරො, සබ්බෙ තස්ස කෙසාදයො බාත්තිංස කොට්ඨාසා ලොකුත්තරායෙවා”තිආදිනා නයෙන දුග්ගහිතං ගණ්හිත්වා තථාගතං අබ්භාචික්ඛති. තතියං උත්තානත්ථමෙවාති.
දෙවෙනි සූත්‍රයෙහි අබ්භාචික්ඛං යනු යටපත් කොට කියති, නොසිදුවූ දෙයින් කියතියි. දොසන්තරො යනු ඇතුළත පිහිටි දොසයි. මෙබන්දෙක් වනාහි ශ්‍රමණ ගෞතමයන්ට උතුරුමිනිස් දහමක් නැතැයි ආදිය කියමින් සුනක්ඛත්ත මෙන් තථාගතයන්වහන්සේගේ ඇති ගුණය වසා පවසයි. සදේවා වා දුග්ගහීතෙන යනු යමෙක් හෝ නුවණනැති ශ්‍රද්ධාවෙන් අතිශ්රද්ධාවන්තයෙක්වේද මෝඩලෙස පැහැදුනේවේද හෙතෙමේත් බුදුන්වහන්සේ නම් සියල්ලෙන්ම ලෝකෝත්තරය. උන්වහන්සේගේ කෙස් ආදී සියලු කොටස් දෙතිසම ලෝකෝත්තරමයයි ආදි ක්‍රමයෙන් වැරදි ලෙස ගෙන බුදුන්වහන්සේට නොමැති දෙය ඇතිදෙය ලෙස කථාකරයි. තෙවැනි සූත්‍රය ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
2. 1. 3. 4
2. 1. 3. 4
චතුත්ථෙ නෙය්යත්ථං සුත්තන්තන්ති යස්ස අත්ථො නෙතබ්බො, තං නෙතබ්බත්ථං සුත්තන්තං. නීතත්ථො සුත්තන්තොති දීපෙතීති කථිතත්ථො අයං සුත්තන්තොති වදති. තත්ථ “එකපුග්ගලො, භික්ඛවෙ, ද්වෙමෙ, භික්ඛවෙ, පුග්ගලා, තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා, චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා”ති එවරූපො සුත්තන්තො නෙය්යත්ථො නාම. එත්ථ හි කිඤ්චාපි සම්මාසම්බුද්ධෙන “එකපුග්ගලො, භික්ඛවෙ”තිආදි වුත්තං, පරමත්ථතො පන පුග්ගලො නාම නත්ථීති එවමස්ස අත්ථො නෙතබ්බොව හොති. අයං පන අත්තනො බාලතාය නීතත්ථො අයං සුත්තන්තොති දීපෙති. පරමත්ථතො හි පුග්ගලෙ අසති න තථාගතො “එකපුග්ගලො, භික්ඛවෙ”තිආදීනි වදෙය්ය. යස්මා පන තෙන වුත්තං, තස්මා පරමත්ථතො අත්ථි පුග්ගලොති ගණ්හන්තො තං නෙය්යත්ථං සුත්තන්තං නීතත්ථො සුත්තන්තොති දීපෙති. නීතත්ථන්ති අනිච්චං දුක්ඛං අනත්තාති එවං කථිතත්ථං. එත්ථ හි අනිච්චමෙව දුක්ඛමෙව අනත්තායෙවාති අත්ථො. අයං පන අත්තනො බාලතාය “නෙය්යත්ථො අයං සුත්තන්තො, අත්ථමස්ස ආහරිස්සාමී”ති “නිච්චං නාම අත්ථි, සුඛං නාම අත්ථි, අත්තා නාම අත්ථී”ති ගණ්හන්තො නීතත්ථං සුත්තන්තං නෙය්යත්ථො සුත්තන්තොති දීපෙති නාම. පඤ්චමං උත්තානත්ථමෙවාති.
සතරවෙනි සූත්‍රයෙහි නෙය්යත්ථං සුත්තන්තං යනු යම් සූත්‍රයක අර්ත්ථය පැමිණවිය යුතුවේද එය පැමිණවිය යුතු අර්ත්ථ ඇති සූත්‍රාන්තයකි. නීතත්ථො සූත්තන්තොති දීපෙති යනු මේ සූත්‍රාන්තය කියනලද අර්ත්ථ ඇත්තේයයි පවසති. එහි එකපුග්ගලො භික්ඛවෙ, දෙවමෙ භික්ඛවෙ පුග්ගලා, තයොමෙ භික්ඛවෙ පුග්ගලා, චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා යන මෙබඳුවූ සූතාන්තය නෙය්යත්ථ නම් වෙයි. මෙහි වනාහි සම්මාසම්බුදුන් විසින් ‘මහණෙනි එක් පුද්ගලයෙක්, යනාදී කිසිවක් පවසනලද්දේද පරමාර්ත්ථවශයෙන් පුද්ගලයෙක් නැතැයි මෙසේ එහි අර්ත්ථය පැමිණවිය යුත්තේමවෙයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය නීතාත්ථී ඇත්තේය, පරමා අර්‍ත්‍ථවශයෙන් පුද්ගලයෙකු නොමැතිකල්හි තථාගයන්වහන්සේ ‘මහණෙනි එක් පුද්ගයෙක්, යනාදිය නොකියන සේක. යම්හෙයකින් එසේ කියනලද්දේද එහෙයින් පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් ඇතැයි ගනිමින් ඒ නෙය්‍යාර්‍ත්‍ථ සූත්‍රාන්තය නීතාර්ත්ථසූත්රාන්තයකැයි ප්‍රකාශ කරයි. නීතත්ථං යනු අනිත්‍යය, දුක්ඛ්ය, අනත්තයයි මෙසේ කියනලද අර්ත්ථ ඇත්තේයි. මෙහි වනාහි අනිත්යවේමය. දුක්ඛවේමය, අනාත්මවේමයයි අර්‍ත්‍ථයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය පමුණුවනලද අර්ත්ථ ඇත්තේය. මෙහි අර්ත්ථය ගෙනහැර දක්වමියි නිත්‍යයක් ඇත සුඛයක් ඇත. අනාත්මයක් ඇතැයි ගනිමින් නීතාර්ත්ථ සූත්‍රාන්තය නෙය්‍යාර්‍ත්‍ථ සූත්රාන්තයකැයි ප්‍රකාශකරයි නමි. පස්වෙනි සූත්‍රාන්තය ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
2. 1. 3. 6
2. 1. 3. 6
ඡට්ඨෙ පටිච්ඡන්නකම්මන්තස්සාති පාපකම්මස්ස. පාපං හි පටිච්ඡාදෙත්වා කරොන්ති. නො චෙපි පටිච්ඡාදෙත්වා කරොන්ති, පාපකම්මං පටිච්ඡන්නමෙවාති වුච්චති. නිරයොති සහොකාසකා ඛන්ධා. තිරච්ඡානයොනියං ඛන්ධාව ලබ්භන්ති. සත්තමට්ඨමානි උත්තානත්ථානෙව.
සයවැන්නෙහි පටිච්ඡන්නකම්මන්තස්ස යනු පාපකර්මයාගේයි. පාපය වනාහි සඟවා කරත්, සඟවා නොකරතත් පාපකර්මය සැඟවුණක්මයයි කියනුලබයි. නිරයො යනු අවකාශ සහිත ස්කන්ධයෝයි. තිරිසන් යෝනියෙහි ස්කන්ධයෝද ලබත්
2. 1. 3. 9
2. 1. 3. 9
නවමෙ පටිග්ගාහාති පටිග්ගාහකා, දුස්සීලං පුග්ගලං ද්වෙ ඨානානි පටිග්ගණ්හන්තීති අත්ථො.
නවවැන්නෙහි පටිග්ගාහා යනු ප්‍රතිග්‍රාහක (පිළිගන්නෝ)යි කරුණු දෙකක් දුසිල්වත් පුද්ගලයකු පිළිගනියි යන අර්‍ත්‍ථයි.
2. 1. 3. 10
2. 1. 3. 10
දසමෙ අත්ථවසෙති කාරණානි. අරඤ්ඤවනපත්ථානීති අරඤ්ඤානි ච වනපත්ථානි ච. තත්ථ කිඤ්චාපි අභිධම්මෙ නිප්පරියායෙන “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා, සබ්බමෙතං අරඤ්ඤ”න්ති (විභ· 529) වුත්තං, තථාපි යං තං “පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) ආරඤ්ඤකඞ්ගනිප්ඵාදකං සෙනාසනං වුත්තං, තදෙව අධිප්පෙතන්ති වෙදිතබ්බං. වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසීයති න වපීයති. පන්තානීති පරියන්තානි අතිදූරානි, දිට්ඨධම්මසුඛවිහාරන්ති ලොකියලොකුත්තරං ඵාසුවිහාරං. පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානොති පච්ඡිමෙ මම සාවකෙ අනුකම්පන්තො.
දසවැන්නෙහි අත්ථවසෙ යනු කාරණයෝයි. අරඤෙඤචනපත්ථානි යනු ආරණ්‍ය සහ වනාශ්රමයි. එහිදී අභිධර්මයෙහි නිෂ්පර්යාය වශයෙන් ඉන්ද්රඛීලයෙන් පිටත සියල්ල ආරණ්‍යයි කියනලදී. එසේම දුනු පන්සියයකින් පසුවූ ආරණ්‍යකාංගය නිෂ්පාදනය කරන්නාවූ යම් සෙනසුනක් කියනලද්දේද එයම අදහස් කරනලදැයි දතයුතුය. වනපත්ථං යනු ග්රාමානත්ය ඉක්මවා මිනිසුන්ට උපචාරය නොවූ නොසාන නොවපුරන තැනයි. පන්තානි යනු ඈත්වූ දුරවූ තැන යනුයි. දිට්ඨධම්මසුඛවිහාරං යනු ලෞකික ලෝකෝත්තරවූ පහසු පැවැත්මයි. පච්ජිමං ජනතා අනුකමප්මානො යනු අනාගතයෙහි මගේ ශ්‍රාවකයන්ට අනුකම්පා කරමින් යනුයි.
2. 1. 3. 11
2. 1. 3. 11
එකාදසමෙ විජ්ජාභාගියාති විජ්ජාකොට්ඨාසිකා. සමථොති චිත්තෙකග්ගතා. විපස්සනාති සඞ්ඛාරපරිග්ගාහකඤාණං. කමත්ථමනුභොතීති කතමං අත්ථං ආරාධෙති සම්පාදෙති පරිපූරෙති. චිත්තං භාවීයතීති මග්ගචිත්තං භාවීයති බ්රූහීයති වඩ්ඪීයති. යො රාගො, සො පහීයතීති යො රජ්ජනකවසෙන රාගො, සො පහීයති. රාගො හි මග්ගචිත්තස්ස පච්චනීකො, මග්ගචිත්තං රාගස්ස ච. රාගක්ඛණෙ මග්ගචිත්තං නත්ථි, මග්ගචිත්තක්ඛණෙ රාගො නත්ථි. යදා පන රාගො උප්පජ්ජති, තදා මග්ගචිත්තස්ස උප්පත්තිං නිවාරෙති, පදං පච්ඡින්දති. යදා පන මග්ගචිත්තං උප්පජ්ජති, තදා රාගං සමූලකං උබ්බට්ටෙත්වා සමුග්ඝාතෙන්තමෙව උප්පජ්ජති. තෙන වුත්තං – “රාගො පහීයතී”ති.
එකොළොස් වැන්නෙහි විජ්ජාභාගියා යනු විද්‍යා කොට්ඨාශයට අයත්දේයි. සමථො යනු සිතේ එකඟතාවයි. විපස්සනා යනු සංස්කාරයන් පරීක්ෂා කිරීමේ නුවණයි. කමත්ථං අනුහොති යනු කවර අර්‍ත්‍ථයක් ආරාධනය කරයිද සපයයිද සුපරයිද යනුයි. චිත්තං භාවියති යනු මාර්ගසිත වඩයි වර්ධනය කරයි යනුයි. යො රාගො සො පහීයති යනු යම් රැඳීම් වශයෙන්වූ රාගයක් වේද එය දුරුවෙයි. රාගය මාර්ගසිතට ප්රතිපක්ෂය මාර්ගචිත්තය රාගයටද ප්රතිපක්ෂය, රාගක්ෂණයෙහි මාර්ගසිත නැත. මාර්ගචිත්තක්ෂණයෙහි රාගය නැත. යම්විටක රාගය උපදියිද එවිට මාර්ගසිතේ උපත වළක්වයි. පිහිටිතැන සිඳලයි. යම්විටෙක මාර්ග සිත උපදියිද එවිට රාගය මුල්සහිතව උගුළුවා විනාශ කරමින්ම උපදියි. එබැවින් රාගය ප්‍රහීන වේයයි කියනලදී.
විපස්සනා, භික්ඛවෙ, භාවිතාති විපස්සනාඤාණං බ්රූහිතං වඩ්ඪිතං. පඤ්ඤා භාවීයතීති මග්ගපඤ්ඤා භාවීයති බ්රූහීයති වඩ්ඪීයති. යා අවිජ්ජා, සා පහීයතීති අට්ඨසු ඨානෙසු වට්ටමූලිකා මහාඅවිජ්ජා පහීයති. අවිජ්ජා හි මග්ගපඤ්ඤාය පච්චනීකා, මග්ගපඤ්ඤා අවිජ්ජාය. අවිජ්ජාක්ඛණෙ මග්ගපඤ්ඤා නත්ථි, මග්ගපඤ්ඤාක්ඛණෙ අවිජ්ජා නත්ථි. යදා පන අවිජ්ජා උප්පජ්ජති, තදා මග්ගපඤ්ඤාය උප්පත්තිං නිවාරෙති, පදං පච්ඡින්දති. යදා මග්ගපඤ්ඤා උප්පජ්ජති, තදා අවිජ්ජං සමූලිකං උබ්බට්ටෙත්වා සමුග්ඝාතයමානාව උප්පජ්ජති. තෙන වුත්තං – “අවිජ්ජා පහීයතී”ති. ඉති මග්ගචිත්තං මග්ගපඤ්ඤාති ද්වෙපි සහජාතධම්මාව කථිතා.
විපස්සනා භාවිතා යනු විදර්ශනාඥානය වඩනලදී. වර්ධනය කරනලදී. පඤ්ඤ භාවීයති යනු මාර්ගප්රඥාව දියණුකරයි. වඩයි, වර්ධනය කරයි. යා අවිඡ්ඡා සා පහීයති යනු අටතැනකවූ සංසාරමූලක මහා අවිද්‍යාව දුරුවෙයි. අවිද්‍යාව මාර්ග ප්‍රඥාවට ප්රතිපක්ෂය, මාර්ගප්රඥාව අවිද්‍යාවට ප්රතිපක්ෂය, අවිද්‍යාව ඇතිවට මාර්ගප්රඥාව නැත. මාර්ග ප්‍රඥාව ඇතිවිට අවිද්‍යාව නැත. යම්විටක අවිද්‍යාව උපදියිද එවිට මාර්ගප්රඥාවේ උපත වළක්වයි. පිහිටි තැන සිඳලයි. යම්විටක මාර්ග ප්‍රඥාව උපදියිද එවිට මුල්සහිත අවිද්‍යාව උගුළුවා සහමුලින් වනසමින්ම උපදියි. එහෙයින් අවිද්‍යාව පහවේයයි කියනලදී. මෙසේ මාර්ගසිත මාර්ගප්රඥා යන එකට උපන් ධර්මදෙකම කියනලදී.
රාගුපක්කිලිට්ඨං වා, භික්ඛවෙ, චිත්තං න විමුච්චතීති රාගෙන උපක්කිලිට්ඨත්තා මග්ගචිත්තං න විමුච්චතීති දස්සෙති. අවිජ්ජුපක්කිලිට්ඨා වා පඤ්ඤා න භාවීයතීති අවිජ්ජාය උපක්කිලිට්ඨත්තා මග්ගපඤ්ඤා න භාවීයතීති දස්සෙති. ඉති ඛො, භික්ඛවෙති එවං ඛො, භික්ඛවෙ. රාගවිරාගා චෙතොවිමුත්තීති රාගස්ස ඛයවිරාගෙන චෙතොවිමුත්ති නාම හොති. ඵලසමාධිස්සෙතං නාමං. අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තීති අවිජ්ජාය ඛයවිරාගෙන පඤ්ඤාවිමුත්ති නාම හොති. ඉමස්මිං සුත්තෙ නානාක්ඛණිකා සමාධිවිපස්සනා කථිතාති.
රාගුපක්කිලිට්ඨං වා භික්ඛවෙ චිත්තං න විමුච්චති යනු රාගයෙන් කිළිටිවූබැවින් මාර්ග සිත නොමිදේයයි දැක්වෙයි. අවිජ්ජුපක්කිලිට්ඨා වා පඤ්ඤ න භාවියති යනු අවිද්‍යාවෙන් කිළිටිවූබැවින් මාර්ගප්රඥාව නොවැඩේයයි දක්වනුලැබේ. ඉති ඛො භික්ඛවෙ යනු මහණෙනි, එසේයි. රාගචිරාගා චෙතොවිමුත්ති යනු රාගය විනාශ වීයාමෙන් චෙතොවිමුත්ති නම්වෙයි. මෙය ඵලසමාධියට නමෙකි. අවිච්ඡාවිරාගා පඤ්ඤාවිමුත්ති යනු අවිද්‍යාව විනාශවී යාමෙන් පඤ්ඤාවිමුත්ති නම්වෙයි. මේ සූත්‍රයෙහිදී නානාක්ෂණිකවූ විදර්ශනා සමාධිය කියනලදී.
බාලවග්ගො තතියො.
තෙවෙනි බාලවර්ගයයි