2. 1. 4. 1 අට්ඨකථා
2. 1. 4. 1
2. 1. 4. 1
චතුත්ථස්ස පඨමෙ අසප්පුරිසභූමීති අසප්පුරිසානං පතිට්ඨානට්ඨානං. සප්පුරිසභූමියම්පි එසෙව නයො. අකතඤ්ඤූති කතං න ජානාති. අකතවෙදීති කතං පාකටං කත්වා න ජානාති. උපඤ්ඤාතන්ති වණ්ණිතං ථොමිතං පසත්ථං. යදිදන්ති යා අයං. අකතඤ්ඤුතා අකතවෙදිතාති පරෙන කතස්ස උපකාරස්ස අජානනඤ්චෙව පාකටං කත්වා අජානනඤ්ච. කෙවලාති සකලා. සුක්කපක්ඛෙපි වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
සතරවෙනි වර්ගයෙහි ප්‍රථම සූත්‍රයෙහි අසප්පුරිසභූමි යනු අසත්පුරෂයන් පිහිටා සිටින තැනයි. සප්පුරිසභූමි යන්නෙහිද මේ ක්‍රමයමයි. අකතඤ්ඤු යනු කළදේ නොදනියි. අක්තවේදී යනු කළදෙය ප්‍රකටකොට නොදනියි. උපඤ්ඤාතං යනු වර්ණනාකරනලද, සතුති කරනලද, පස්සනලද යනුයි. යදිදං යනු යම් මේයි. අකතඤඤුතා අකතවෙදිතා යනු අනුන් විසින් කරනලද උපකාරය නොදැනීම මෙන්ම ප්‍රකටකොට නොදැනීමද වේ. කෙවලා යනු සියල්ලයි. හොඳ පැත්තෙහිද කියනලද ක්‍රමයෙන්ම අර්ත්ථය දතයුතුයි.
2. 1. 4. 2
2. 1. 4. 2
දුතියෙ මාතු ච පිතු චාති ජනකමාතු ච ජනකපිතු ච. එකෙන, භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්යාති එකස්මිං අංසකූටෙ ඨපෙත්වා මාතරං පටිජග්ගෙය්ය. එකෙන අංසෙන පිතරං පරිහරෙය්යාති එකස්මිං අංසකූටෙ ඨපෙත්වා පිතරං පටිජග්ගෙය්ය. වස්සසතායුකො වස්සසතජීවීති වස්සසතායුකකාලෙ ජාතො සකලං වස්සසතං ජීවන්තො. ඉදං වුත්තං හොති – සචෙ පුත්තො නාම “මාතාපිතූනං පටිකරිස්සාමී”ති උට්ඨාය සමුට්ඨාය දක්ඛිණෙ අංසකූටෙ මාතරං, වාමෙ පිතරං ඨපෙත්වා වස්සසතායුකො සකලම්පි වස්සසතං ජීවමානො පරිහරෙය්ය. සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙනාති සො ච පුත්තො නෙසං මාතාපිතූනං අංසකූටෙසු ඨිතානංයෙව දුග්ගන්ධපටිවිනොදනත්ථං සුගන්ධකරණෙන උච්ඡාදනෙන, පරිස්සමවිනොදනත්ථං හත්ථපරිමද්දනෙන, සීතුණ්හකාලෙ ච උණ්හොදකසීතොදකන්හාපනෙන, හත්ථපාදාදීනං ආකඩ්ඪනපරිකඩ්ඪනසඞ්ඛාතෙන සම්බාහනෙන උපට්ඨානං කරෙය්ය. තෙ ච තත්ථෙවාති තෙ ච මාතාපිතරො තත්ථෙව තස්ස අංසකූටෙසු නිසින්නාව මුත්තකරීසං චජෙය්යුං. නත්වෙව, භික්ඛවෙති, භික්ඛවෙ, එවම්පි නත්වෙව මාතාපිතූනං කතං වා හොති පටිකතං වා.
දෙවෙනි සූත්‍රයෙහි මාතුච්චපිතුච්ච යනු ඉපදවු මවද ඉපදවු පියාදවේ. එකෙන භික්ඛවෙ අංසෙන මාතරං පරිභරෙය්ය යනු එක් උරහිසක තබා මව පිළිදැගුම් කරන්නෙයි. එකෙන අංසෙන පිතරං යනු එක් උරහිසක තබාගෙන පියා පිළිදැගුම් කරන්නේය. වස්සතායුකො වස්සසතජිවී යනු අවුරුදු සියයක් ආයුෂ ඇති කාලයෙහි උපන් සියලු අවුරුදු සියයම ජීවත්වනනේයි. ඉදින් පුතෙක් මවුපියන්ට සලකන්නේමැයි නැගි නැඟී දකුණු උරහිසෙහි මවද වමෙහි පියාද පිහිටුවා වස් සියයක් ආයු ඇත්තේ සියලු අවුරුදු සියයම ජීවත් වෙමින් පිළිදැගුම් කරන්නේය යන මෙය කියනලදී. සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනේන යනු ඒ පුතා උරහිස්වල හුන්නාවූම මවුපියන්ට දුගඳ දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා අත්පිරිමැදීමෙන් ශීත උෂ්ණකාලයෙහිද උණුසුම් සිසිල් දිය නැහැවීමෙන්ද අත්පාආදිය ඇදීම් පෙළීම් සංඛ්‍යාත පිරිමැදීමෙන්ද උවටැන් කරන්නේයි. තෙ ච තත්ථෙව යනු ඒ මවුපියෝ ඒ උරහිස්වල හුන්නාහුම මළමූ කරන්නාහුය. නත්ථෙව භික්ඛවෙ යනු මහණෙනි, මෙසේද මවුපියන්ට උවටැන් කරනලද්දේ හෝ ප්‍රතිඋපකාර කරනලද්දේ නොවේමය.
ඉස්සරාධිපච්චෙ රජ්ජෙති චක්කවත්තිරජ්ජං සන්ධායෙවමාහ. ආපාදකාති වඩ්ඪකා අනුපාලකා. පුත්තා හි මාතාපිතූහි වඩ්ඪිතා චෙව අනුපාලිතා ච. පොසකාති හත්ථපාදෙ වඩ්ඪෙත්වා හදයලොහිතං පායෙත්‍වා පොසකා. පුත්තා හි මාතාපිතූහි පුට්ඨා භතා අන්නපානාදීහි පටිජග්ගිතා. ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති සචෙ හි මාතාපිතරො ජාතදිවසෙයෙව පුත්තං පාදෙ ගහෙත්වා අරඤ්ඤෙ වා නදියං වා පපාතෙ වා ඛිපෙය්යුං, ඉමස්මිං ලොකෙ ඉට්ඨානිට්ඨාරම්මණං න පස්සෙය්ය. එවං අකත්වා ආපාදිතත්තා පොසිතත්තා එස ඉමස්මිං ලොකෙ ඉට්ඨානිට්ඨාරම්මණං මාතාපිතරො නිස්සාය පස්සතීති ත්යාස්ස ඉමස්ස ලොකස්ස දස්සෙතාරො නාම හොන්ති. සමාදපෙතීති ගණ්හාපෙති. ඉමස්මිං සුත්තෙ සද්ධාසීලචාගපඤ්ඤා ලොකියලොකුත්තරමිස්සකා කථිතා. ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරසදිසොව භික්ඛු තෙසු පතිට්ඨාපෙති නාමාති වෙදිතබ්බො.
ඉස්සරියාධිපචේච රජේජ යනු සක්විති රාජ්‍යය සඳහාම මෙය කියනලදී. ආපාදකා යනු වඩන්නෝ, බලාහදා ගන්නෝයි. පුත්තු මවුපියන් විසින් වඩනලද්දාහු මෙන්ම බලාහදාගන්නාලද්දාහුද වෙති. පොසකා යනු අත්පා වඩා හදවත් ලෙය පොවා පෝෂණය කරනලද්දෝයි පුත්තු මවුපියන් විසින් පෝෂණය කරනලද්දාහු වඩනාලද්දාහු ආහාරපානාදියෙන් පිළිදැඟුම් කරනලද්දාහුය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු ඉදින් මවුපියෝ උපන් දිනයෙහිම් පුතු පයින් ගෙන කැලයක හෝ නදියක හෝ ප්‍රපාතයක හෝ දමන්නාහුනම් මෙලොව ඉටුඅනිටු අරමුණු නොදක්නේය. එසේ නොකොට වැඩූබැවින් පෝෂණය කළබැවින් මෙතෙම මෙලොව ඉටුඅනිටු අරමුණු මවුපියන් නිසා බලන්නේනුයි ඒ මව්පියෝ එම පුතුගේ මෙලොව දක්වන්නෝ නම් වෙත්. සමාදපෙති යනු ගන්වයි. මේ සූත්‍රයෙහි ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන මේවා ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලද්දේය. දම්සෙනෙවි සැරියුත් තෙරුන් වැනිවූම භික්ෂුව ඒ ධර්මයන්හි පිහිටුවයි නමැයි දතයුතුය.
2. 1. 4. 3
2. 1. 4. 3
තතියෙ තෙනුපසඞ්කමීති සො හි බ්රාහ්මණො “සමණො කිර ගොතමො කථිතං විස්සජ්ජෙති, පුච්ඡායස්ස විරජ්ඣනං නාම නත්ථි. අහමස්ස විරජ්ඣනපඤ්හං අභිසඞ්ඛරිස්සාමී”ති පණීතභොජනං භුඤ්ජිත්වා ගබ්භද්වාරං පිදහිත්වා නිසින්නො චින්තෙතුං ආරභි. අථස්ස එතදහොසි – “ඉමස්මිං ඨානෙ උච්චාසද්දමහාසද්දො වත්තති, චිත්තං න එකග්ගං හොති, භූමිඝරං කාරෙස්සාමී”ති භූමිඝරං කාරෙත්වා තත්ථ පවිසිත්වා – “එවං පුට්ඨො එවං කථෙස්සති, එවං පුට්ඨො එවං කථෙස්සතී”ති එකං ගණ්හිත්වා එකං විස්සජ්ජෙන්තො සකලදිවසං කිඤ්චි පස්සිතුං නාසක්ඛි. තස්ස ඉමිනාව නීහාරෙන චත්තාරො මාසා වීතිවත්තා. සො චතුන්නං මාසානං අච්චයෙන උභතොකොටිකං පඤ්හං නාම අද්දස. එවං කිරස්ස අහොසි – “අහං සමණං ගොතමං උපසඞ්කමිත්වා ‘කිංවාදී භව’න්ති පුච්ඡිස්සාමි. සචෙ ‘කිරියවාදිම්හී’ති වක්ඛති, ‘සබ්බාකුසලානං නාම තුම්හෙ කිරියං වදෙථා’ති නං නිග්ගණ්හිස්සාමි. සචෙ ‘අකිරියවාදිම්හී’ති වක්ඛති, ‘කුසලධම්මානං නාම තුම්හෙ අකිරියං වදෙථා’ති නං නිග්ගණ්හිස්සාමි. ඉදඤ්හි උභතොකොටිකං පඤ්හං පුට්ඨො නෙව උග්ගිලිතුං සක්ඛිස්සති න නිග්ගිලිතුං. එවං මම ජයො භවිස්සති, සමණස්ස ගොතමස්ස පරාජයො”ති උට්ඨාය අප්ඵොටෙත්වා භූමිඝරා නික්ඛම්ම “එවරූපං පඤ්හං පුච්ඡන්තෙන න එකකෙන ගන්තුං වට්ටතී”ති නගරෙ ඝොසනං කාරෙත්වා සකලනාගරෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. කිංවාදීති කිංලද්ධිකො. කිමක්ඛායීති කිං නාම සාවකානං පටිපදං අක්ඛායීති පුච්ඡි. අථස්ස භගවා චතූහි මාසෙහි පඤ්හං අභිසඞ්ඛරිත්වා “දිට්ඨො මෙ සමණස්ස ගොතමස්ස පරාජයපඤ්හො”ති මානං පග්ගය්හ ආගතභාවං ඤත්වා එකපදෙනෙව තං පඤ්හං භින්දන්තො කිරියවාදී චාහං, බ්රාහ්මණාතිආදිමාහ. අථ බ්රාහ්මණො අත්තනො මානං අපනෙත්වා භගවන්තං ආයාචන්තො යථාකථං පනාතිආදිමාහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
‘තුන්වැන්නෙහි තෙනුපසඞ්කමි යනු ඒ බමුණු තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ කියනලද්ද විසඳනසේක. අසනලද ප්‍රශ්නයට වැරදීමක් නම් නැත. මම ඔහුට වරදින ප්‍රශ්නයක් සකස් කරන්නෙමි’යි රසවත් බොජුන් වළඳා ගැබ්දොර වසාගෙන හුන්නේ සිතීමට පටන්ගත්තේය. ඉක්බිති ඔහුට මෙසේ අදහස් විය. ‘මෙතැන උස්හඬ මහහඬද වැඩෙයි. සිත එකඟ නොවෙයි. බිම්ගෙයක් තනවන්නෙමි’ යනුවෙනි. (එසේ) බිම්ගෙයක් තනවා එහි පිවිස ‘මෙසේ අසනලද්දේ මෙසේ කියනනේය. මෙසේ අසනලද්දේ මෙසේ කියන්නේය’යි එකක් ගෙන එකක් විසඳමින් මුළු දිනයෙන්ම කිසි (ප්‍රශ්නයක්) දැකීමට නොහැකිවිය. ඔහුට මේ ක්‍රමයෙන්ම මාස සතරක් ඉකුත් විය. හෙතෙම සිවුමසකට ඇවෑමෙන් උභතොකොටිකනම් ප්‍රශ්නයක් දුටුවේය. ඔහුට මෙසේ අදහසක් විය: ‘මම ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹ, ඔබ කවරවාදියෙක් වන්නෙහිදැයි අසමි. ඉදින් කිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ සියලු අකුශලයන්ට ක්‍රියාවක් කියන්නහුදැයි නිග්‍රහ කරන්නෙමි. ඉදින් අකිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ කුශලධර්මයන්ට ක්‍රියාවක් නැතැයි කියන්හුදැයි ඔහුට නිග්‍රහ කරන්නෙමි. මේ උභතොකොටික ප්රශ්නය අසන ලද්දේ වමාරන්නටත් ගිලීමටත් නොහැකිවෙයි. මෙසේ මට ජය වෙයි. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය වේ’යයි නැගිට අපොළා බිම් ගෙයින් නික්ම මෙබඳු ප්‍රශ්නයක් අසන්නෙකු විසින් තනිව යාමට නොවටීයයි නුවර බෙරහසුරුවා සියලු නුවරුන් විසින් පිරිවරනලද්දේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට එළිඹියේය. කිංචාදී යනු කවර ලබ්ධිකයෙක්ද යනුයි. කිමක්ඛායී යනු ශ්‍රාවකයන්ට කවර නම් ප්‍රතිපදාවක් කියනනේදැයි අසයි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහු සිවුමසකින් ප්‍රශ්නයක් සකස් කොටගෙන මවිසින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට පරාජය ගෙන දෙන ප්‍රශ්නයක් දක්නාලදැයි මානව දැඩිවගෙන ආබව දැන එක් පදයකින්ම ඒ ප්රශ්නය බිඳිමින් බමුණ, මම කිරියවාදීවෙමැයි වදාළසේක. ඉක්බිති බමුණා තම මානය ඉවතලා භාග්‍යවතුන්වහන්සේට ආයාචනය කරමින් ‘යම්සේ කෙසේ වනාහි’ යනාදිය කීවේය. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. 1. 4. 4
2. 1. 4. 4
චතුත්ථෙ දක්ඛිණෙය්යාති දක්ඛිණා වුච්චති දානං, තස්ස පටිග්ගහණයුත්තා කති පුග්ගලාති පුච්ඡති. සෙඛොති ඉමිනා සත්ත සෙක්ඛෙ දස්සෙති. එත්ථ ච සීලවන්තපුථුජ්ජනොපි සොතාපන්නෙනෙව සඞ්ගහිතො. ආහුනෙය්යා යජමානානං හොන්තීති දානං දදන්තානං ආහුනස්ස අරහා දානපටිග්ගාහකා නාම හොන්තීති අත්ථො. ඛෙත්තන්ති වත්ථු පතිට්ඨා, පුඤ්ඤස්ස විරුහනට්ඨානන්ති අත්ථො.
සිවුවෙනි සූත්‍රයෙහි දක්ඛිණෙය්යා යනු දානය දක්ඛිණායි කියනුලැබේ. එය පිළිගැනීමට සුදුසු පුද්ගලයෝ කීදෙනෙක්දැයි අසයි. සොඛො යන මෙයින් ශෛක්ෂයන් සත්දෙනා දක්වයි. මෙහිද සිල්වත් පුහුදුන් පුද්ගලයාද සෝවාන්වුවන් අතරෙහිම ඇතුළත් කරනලදී. ආහුනෙය්යා යජමානානං හොන්ති යනු දන් දෙන්නවුන්ගේ පූජාවට සුදුසු ප්‍රතිග්‍රාහකයෝ නම්වෙතැයි අර්‍ත්‍ථයි. ඛෙත්තං යනු (දාන) වස්තු ප්‍රතිෂ්ඨාවයි. පින වැඩෙන තැන යන අරුත්ය.