යෙදුමෙන් කියවන්න

2. 1. 4. 1

2. 1. 4. 1.

2. 1. 4. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. අසප‍්පුරිසභූමිඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සප‍්පුරිසභූමිඤ‍්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච :

32. මහණෙනි, තොපට අසත්පුරුෂ භූමිය හා සත්පුරුෂ භූමිය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව. කියමි (වදාළහ.) වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කතමා ච භික‍්ඛවෙ අසප‍්පුරිසභූමි? අසප‍්පුරිසො භික‍්ඛවෙ අකතඤ‍්ඤූ හොති අකතවෙදී. අසබ‍්භිහෙතං භික‍්ඛවෙ උපඤ‍්ඤාතං යදිදං අකතඤ‍්ඤුතා අකතවෙදිතා. කෙවලා එසා භික‍්ඛවෙ අසප‍්පුරිසභූමි යදිදං අකතඤ‍්ඤුතා අකතවෙදිතා.

මහණෙනි, අසත්පුරුෂ භූමිය කවර? මහණෙනි, අසත්පුරුෂ තෙමේ අකෘතඥ වෙයි, කෙළෙහිගුණ පාළකොට නො දන්නේ ද වෙයි. මහණෙනි, යම් මේ අකෘතඥ බවෙක් වේ ද, අකෘතවේදී බවෙක් වේ ද, මෙය අසත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, යම් අකෘතඥ බවෙක් අකෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ අසත්පුරුෂ භූමිය වෙයි.

කතමා ච භික‍්ඛවෙ සප‍්පුරිසභූමි? සප‍්පුරිසො ච ඛො භික‍්ඛවෙ කතඤ‍්ඤූ හොති කතවෙදී. සබ‍්භිහෙතං භික‍්ඛවෙ උපඤ‍්ඤාතං යදිදං කතඤ‍්ඤුතා කතවෙදිතා. කෙවලා එසා භික‍්ඛවෙ සප‍්පුරිසභූමි යදිදං කතඤ‍්ඤුතා කතවෙදිතාති.

මහණෙනි, සත්පුරුෂ භූමිය කවර? මහණෙනි, සත්පුරුෂ තෙමේ කෘතඥ වූයේ කෘතවේදී වූයේ වේ. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මෙය සත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ සත්පුරුෂ භූමිය මැයි.