2. 1. 4. 2
2. 1. 4. 2.
2. 1. 4. 2.
33. ද්වින්නාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච එකෙන භික්ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්ය වස්සසතායුකො වස්සසතජීවී. සො ච නෙසං උච්ඡාදනපරිමද්දනනහාපනසම්බාහනෙන, තෙපි තත්ථෙව මුත්තකරීසං චජෙය්යුං. නත්වෙව භික්ඛවෙ මාතාපිතුන්නං කතං වා හොති, පතිකතං වා.
33. මහණෙනි, මම මවට ද පියාට දැයි දෙදෙනාට ප්රත්යුපකාරය සුකරය යි නො කියමි. මහණෙනි, ශතවර්ෂායුෂ්ක වූ යමෙක් සියවස් ජීවත් වන්නේ එක් අංසයෙකින් මව පිළිදගින්නේ එක් අංසයෙකින් පියා පිළිදගින්නේ වේ ද, හේ ම ඔවුන්ගේ සිරුරු සුවඳ සුණු ඉළීමෙන් හා අත්පා පිරිමැදීමෙන් හා සිහිල්පැන් හුණුපැන් නෑවීමෙන් හා අඞ්ගසම්බාහනයෙන් හා උපස්ථාන කෙරේ ද, ඔහුත් ඒ අංසයෙහි ම හිඳ මල මුත්ර පහකරන්නාහු නම්, මහණෙනි, හේ එසේ ද වුව, මවුපියන්ට උපකාරයෙක් හෝ ප්රත්යුපකාරයෙක් හෝ නොවේ මැයි.
ඉමිස්සා ච භික්ඛවෙ මහාපඨවියා පහූතසත්තරතනාය මාතාපිතරො ඉස්සරාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්ය, නත්වෙව භික්ඛවෙ මාතාපිතුන්නං කතං වා හොති, පතිකතං වා. තං කිස්ස හෙතු: බහුකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා, ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.
මහණෙනි, බොහෝ සත්රුවන් ඇති මේ මහා පෘථිවියෙහි මවු පියන් සක්විති රජයෙහි පිහිටුවන්නේ නමුදු, මහණෙනි, මවුපියන්ට උපකාර කරණ ලද්දේ හෝ ප්රත්යුපකාර කරණ ලද්දේ හෝ නො ම වෙයි. එයට හේතු කවරේය? මහණෙනි, මවුපියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. පුතුන් වඩන්නාහු පෝෂණය කරන්නාහු මේ ලෝකය දක්වනසුලු වෙති.
යො ච ඛො භික්ඛවෙ මාතාපිතරො අස්සද්ධෙ සද්ධාසම්පදාය සමාදපෙති, නිවෙසෙති, පතිට්ඨාපෙති, දුස්සීලෙ සීලසම්පදාය සමාදපෙති, නිවෙසෙති, පතිට්ඨාපෙති, මච්ඡරී චාගසම්පදාය සමාදපෙති, නිවෙසෙති, පතිට්ඨාපෙති, දුප්පඤ්ඤෙ පඤ්ඤාසම්පදාය සමාදපෙති, නිවෙසෙති, පතිට්ඨාපෙති, එත්තාවතා ඛො භික්ඛවෙ මාතාපිතුන්නං කතඤ්ච හොති පතිකතඤ්ච අතිකතඤ්චාති
මහණෙනි, යමෙක් ශ්රද්ධා නැති මවුපියන් ශ්රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද, මසුරුවූවන් ත්යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. දුෂ්ප්රාඥවූවන් ප්රඥාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. මහණෙනි, මෙතෙකින් මවුපියනට උපකාර කරණ ලද්දේත් ප්රත්යුපකාර කරණ ලද්දේත් අධික උපකාර කරණ ලද්දේත් වේ යයි.