යෙදුමෙන් කියවන්න

2. 1. 4. 3

2. 1. 4. 3.

2. 1. 4. 3.

34. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච : කිංවාදී භවං ගොතමො කිමක‍්ඛායීති?

34. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී ය ... එකත් පසෙක හුන් ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක් ද? කුමක් වදාරණ දැ ද?

[භගවා:]

[භගවත්හු:]

කිරියවාදී චාහං බ්‍රාහ‍්මණ අකිරියවාදී චාති.

බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියවාදීත් වෙමි.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

යථාකථං පන භවං ගොතමො කිරියවාදී ච අකිරියවාදී චාති?

කිසෙයින් භවත් ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදීත් අක්‍රියවාදීත් වන සේක් ද?

[භගවා:]

[භගවත්හු:]

අකිරියං ඛො අහං බ්‍රාහ‍්මණ වදාමි කායදුච‍්චරිතස‍්ස වචීදුච‍්චරිතස‍්ස මනොදුච‍්චරිතස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං අකිරියං වදාමි. කිරියඤ‍්ච ඛො අහං බ්‍රාහ‍්මණ වදාමි කායසුචරිතස‍්ස වචීසුචරිතස‍්ස මනොසුචරිතස‍්ස, අනෙකවිහිතානං කුසලානං ධම‍්මානං කිරියං වදාමි. එවං ඛො අහං බ්‍රාහ‍්මණ කිරියවාදී ච අකිරියවාදී චාති.

බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේත් වාග්දුශ්චරිතයාගේත් මනෝදුශ්චරිතයාගේත් අක්‍රියාව (නො කිරීම) කියමි. නන්වැදෑරුම් ලාමක අකුශලධර්‍මයන්ගේ නොකිරීම කියමි. බ්‍රාහ්මණය, මම කායසුචරිතයාගේත් වාක්සුචරිතයාගේත් මනස්සුචරිතයාගේත් කිරීම කියමි. නන්වැදෑරුම් කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. බ්‍රාහ්මණය, මම මෙසේ වනාහි ක්‍රියාවාදිත් අක්‍රියාවාදීත් වෙමි.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ශරණ ගත් උපාසකයකු කොට මා රුස්නා සේක් වා යි.