යෙදුමෙන් කියවන්න

2. 1. 4. 4

2. 1. 4. 4.

2. 1. 4. 4.

35. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අනාථපිණ‍්ඩිකො ගහපති භගවන‍්තං එතදවොච: කති නු ඛො භන‍්තෙ ලොකෙ දක‍්ඛිණෙය්‍යා? කත්‍ථ ච දානං දාතබ‍්බන‍්ති?

35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ලෝකයෙහි දක්‍ෂිණාර්‍හයෝ කෙතෙක් ද? කො තැන්හි දන් දිය යුතු ද?

ද‍්වෙ ඛො ගහපති ලොකෙ දක‍්ඛිණෙය්‍යා සෙඛො ච අසෙඛො ච. ඉමෙ ඛො ගහපති ද‍්වෙ ලොකෙ දක‍්ඛිණෙය්‍යා. එත්‍ථ ච දානං දාතබ‍්බන‍්ති, ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

ගෘහපතිය, ලෝකයෙහි දක්‍ෂිණාවට සුදුස්සො දෙදෙනෙක් වෙති. ශෛක්‍ෂ තෙමේ ය, අශෛක්‍ෂ තෙමේ ය යන දෙදෙනා යි. ගෘහපතිය, ලෝකයෙහි මේ දක්‍ෂිණාවට සුදුස්සෝ දෙදෙන වෙත්. මොවුන් කෙරෙහි දන් දිය යුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා ඉක්බිති සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගය ද වදාළසේක.

සෙඛො අසෙඛො ච ඉමස‍්මිං ලොකෙ ආහුනෙය්‍යා යජමානානං හොන‍්ති, තෙ උජ‍්ජුභූතා කායෙන වාචාය උද චෙතසා ඛෙත‍්තං තං යජමානානං එත්‍ථ දින‍්නං මහප‍්ඵලන‍්ති.

මේ ලෝකයෙහි ශෛක්‍ෂ තෙමේ ද අශෛක්‍ෂ තෙමේ ද යාග කරනුවනට ආහුනෙය්‍ය (ඇරැදෙන්නටඅර්‍හ) වෙති. ඔහු කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ඍජු වෙති. යාග කරන්නන්හට එය කෙත වෙයි මෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.