2. 1. 4. 5
2. 1. 4. 5.
2. 1. 4. 5.
36. එවං මෙ සුතං; එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි, ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච.
36. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඇවැත් මහණෙනි යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තෙල සූත්‍රය දෙසූහ:
අජ්ඣත්තසඤ්ඤොජනඤ්ච ආවුසො පුග්ගලං දෙසිස්සාමි බහිද්ධාසඤ්ඤොජනඤ්ච. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච.
ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා හා දෙසමි. එය අසව මොනොවට මෙනෙහි කරව. දෙසමි යී. ඇවැත්නි, එසේ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
කතමො චාවුසො අජ්ඣත්තසඤ්ඤොජනො පුග්ගලො? ඉධාවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො කායස්ස භෙදා පරම්මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං. අයං වුච්චතාවුසො අජ්ඣත්තසඤ්ඤොජනො පුග්ගලො ආගාමී ආගන්තා ඉත්ථත්තං.
ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙන් මහණ තෙමේ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සමන්‍වාගතවූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වෙසෙයි. අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් මොනොවට ගෙන හික්මෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි හේ එයින් ච්‍යුතවූයේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන්නේ වෙයි. ඇවැත්නි, මෙ තෙමේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
කතමො චාවුසො බහිද්ධාසඤ්ඤොජනො පුග්ගලො? ඉධාවුසො භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො කායස්ස භෙදා පරම්මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති. අනාගන්තා ඉත්ථත්තං. අයං වුච්චතාවුසො බහිද්ධාසඤ්ඤොජනො පුග්ගලො අනාගාමී අනාගන්තා ඉත්ථත්තං.
ඇවැත්නි, බාහිරසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සමන්වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වෙසෙයි. අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි. හෙ තෙමේ එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි. හේ එයින් ච්‍යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ තෙමේ මේ මිනිසත් බවට නො එන්නේ බාහිරසංයෝජන ඇති අනාගාමී පුද්ගලයා යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො කාමානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සො භවානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සො තණ්හක්ඛයාය පටිපන්නො හොති. සො ලොභක්ඛයාය පටිපන්නො හොති. සො කායස්ස භෙදා පරම්මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති. අනාගන්තා ඉත්ථත්තං. අයං වුච්චතාවුසො බහිද්ධාසඤ්ඤොජනො පුග්ගලො අනාගාමී අනාගන්තා ඉත්ථත්තන්ති.
ඇවැත්නි, යලිදු අනෙකක් කියමි: මහණ තෙමේ සිල්වත් වෙයි ... ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි හෙ තෙම කාමයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ ත්‍රිවිධ භවයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙතෙම (පඤ්චකාමගුණික වූ) තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ භවලෝභය ක්ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මත්තෙහි එක්තරා දේවනිකායෙක උපදී. හේ එයින් ච්‍යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ මිනිසත්බවට නො පැමිණෙන, අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
අථඛො සම්බහුලා සමචිත්තා දෙවතා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතා භගවන්තං එතදවොචුං:
ඉක්බිති, බොහෝ වූ සමසිත් ඇති දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියාහු ය. එකත්පසෙක සිටි ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය:
එසො භන්තෙ ආයස්මා සාරිපුත්තො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ භික්ඛූනං අජ්ඣත්තසඤ්ඤොජනඤ්ච පුග්ගලං දෙසෙති, බහිද්ධාසඤ්ඤොජනඤ්ච. හට්ඨා භන්තෙ පරිසා. සාධු භන්තෙ භගවා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමතු, අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
වහන්ස, මේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පූර්වාරාම නම් වූ මුවරමාපහයෙහිදී භික්ෂූන්ට අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා ද බාහිර සංයෝජන ඇති පුද්ගලයා ද දේශනා කෙරෙති. වහන්ස, පිරිස සතුටු වූ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹෙන සේක් නම් මැනැවි. භාග්‍යවතුන් වහන්සේතුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව ජෙතවනෙ අන්තරහිතො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ ආයස්මතො සාරිපුත්තස්ස පමුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. ආයස්මාපි ඛො සාරිපුත්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච :
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් නො කරණ තුරු දිගු කළ අතක් වක් නො කරන තුරු ජේතවනයෙහි අතුරු දහන් වූ සේක් පූර්වාරාම නම් මුවරමාපහයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පෙරට පැණී ගිය සේක. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉධ සාරිපුත්ත සම්බහුලා සමචිත්තා දෙවතා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සාරිපුත්ත තා දෙවතා මං එතදවොචුං:
ශාරීපුත්‍රය, මෙහි බොහෝ වූ සමසිත් ඇති දෙවිවරු මා වෙත එළඹියාහු ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියාහු ය. ශාරිපුත්‍රය, එකත් පසෙක සිටියා වූ ඒ දෙවියෝ මට තෙල සැළ කළාහු ය.
එසො භන්තෙ ආයස්මා සාරිපුත්තො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ, භික්ඛූනං අජ්ඣත්තසඤ්ඤොජනඤ්ච පුග්ගලං දෙසෙති බහිද්ධාසඤ්ඤොජනඤ්ච. “හට්ඨා භන්තෙ පරිසා. සාධු භන්තෙ භගවා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. තා ඛො පන සාරිපුත්ත දෙවතා දසපි හුත්වා වීසම්පි හුත්වා තිංසම්පි හුත්වා චත්තාරීසම්පි හුත්වා පඤ්ඤාසම්පි හුත්වා සට්ඨිම්පි හුත්වා ආරග්ගකොටිනිත්තුද්දනමත්තෙපි තිට්ඨන්ති න ච අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති.
වහන්ස, මේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පූර්වාරාම නම්වූ මුවරමාපහයෙහි දී භික්ෂූන්ට අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා ද බාහිරසංයෝජන ඇති පුද්ගලයා ද දේශනා කෙරෙති, වහන්ස, පිරිස තුටු වූය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනවැයි. ශාරීපුත්‍රය, ඒ දෙවියෝ දසදෙනක් ව ද, විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හිදු සිටිත්. ඔවුනොවුන් නො ද පෙළති යි.
සියා ඛො පන තෙ සාරිපුත්ත එවමස්ස. තත්ථ නූන තාසං දෙවතානං තථා චිත්තං භාවිතං යෙන තා දෙවතා දසපි හුත්වා වීසම්පි හුත්වා තිංසම්පි හුත්වා චත්තාරීසම්පි හුත්වා පඤ්ඤාසම්පි හුත්වා සට්ඨිම්පි හුත්වා ආරග්ගකොටිනිත්තුද්දනමත්තෙපි තිට්ඨන්ති න ච අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති.
ශාරිපුත්‍රය, තොපට මෙබඳු සිතෙක් විය හෙයි. එනම්: යම් හෙයෙකින් ඒ දෙවිවරු දසදෙනක් ව ද, විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හිදු සිටිත් ද, උනුන් නො ද පෙළත් ද, ඒ දෙවියන් විසින් ඒකාන්තයෙන් ඒ රූපභවයෙහි දී එසේ සිත වඩනා ලද්දේ ය (කියා යී).
න ඛො පනෙතං සාරිපුත්ත එවං දට්ඨබ්බං. ඉධෙව සාරිපුත්ත තාසං දෙවතානං තථා චිත්තං භාවිතං යෙන තා දෙවතා දසපි හුත්වා වීසම්පි හුත්වා තිංසම්පි හුත්වා චත්තාරීසම්පි හුත්වා පඤ්ඤාසම්පි හුත්වා සට්ඨිම්පි හුත්වා ආරග්ගකොටිනිත්තුද්දන මත්තෙපි තිට්ඨන්ති. න ච අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්තීති.
ශාරීපුත්‍රය, මෙය මෙසේ නොදත යුතුය. ශාරීපුත්‍රය, යම් හෙයෙකින් ඒ දෙවියෝ දෙවිවරු දසදෙනක් ව ද විසිදෙනක් ව ද, තිස්දෙනක් ව ද, සතළිස්දෙනක් ව ද, පණස්දෙනක් ව ද, සැටදෙනක් ව ද, හිදි අග් වැද සිටුනා පමණ තන්හි සිටිත් ද. ඔවුනොවුන් නො පෙළත් ද, මෙසස්නෙහි දී ම ඒ දෙවියන් විසින් එසේ සිත වඩන ලද.
තස්මාතිහ සාරිපුත්ත එවං සික්ඛිතබ්බං : සන්තින්ද්රියා භවිස්සාම සන්තමානසාති. එවං හි වො සාරිපුත්ත සික්ඛිතබ්බං. සන්තින්ද්රියානං හි වො සාරිපුත්ත සන්තමානසානං සන්තං යෙව කායකම්මං භවිස්සති සන්තං වචීකම්මං සන්තං මනොකම්මං, සන්තංයෙව උපහාරං උපහරිස්සාම සබ්රහ්මචාරීසූති. එවං හි වො සාරිපුත්ත සික්ඛිතබ්බං.
ශාරීපුත්‍රය, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: සන්හුන් ඉඳුරන් ඇත්තමෝ සන්හුන් සිත් ඇත්තමෝ වන්නම්හ (කියායි.) ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය. ශාරීපුත්‍ර ය, සන්හුන් ඉඳුරන් ඇත්තා වූ ම සන්හුන් සිත් ඇත්තා වූ ම තොපගේ කායකර්මය ශාන්ත වන්නේ ය. වාක්කර්‍මය ශාන්ත වන්නේ ය. මනඃකර්‍මය ශාන්ත වන්නේ ය. සබ්‍රම්සරුන් කෙරෙහි ශාන්ත වූ ම උපහාරයක් කරන්නම්හ යි (කියායි). ශාරීපුත්‍රය, මෙසේ ම හික්මිය යුතු ය.
අනස්සුං ඛො සාරිපුත්ත අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙ ඉමං ධම්මපරියායං න අස්සොසුන්ති.
ශාරීපුත්‍රය, යම් කෙනෙක් මේ ධර්‍මපර්‍ය්‍යා නො ඇසූහු ද, ඒ අන්‍යතීර්‍ත්‍ථකයෝ නටුවාහු ම වෙති යි.