2. 1. 4. 5 අට්ඨකථා
2. 1. 4. 5
2. 1. 4. 5
පඤ්චමෙ පුබ්බාරාමෙති සාවත්ථිතො පුරත්ථිමදිසාභාගෙ ආරාමෙ. මිගාරමාතුපාසාදෙති විසාඛාය උපාසිකාය පාසාදෙ. සා හි මිගාරසෙට්ඨිනා මාතුට්ඨානෙ ඨපිතත්තාපි, සබ්බජෙට්ඨකස්ස පුත්තස්ස අය්යකසෙට්ඨිනොව සමානනාමකත්තාපි මිගාරමාතාති වුච්චති. තාය කාරිතො සහස්සගබ්භො පාසාදො මිගාරමාතුපාසාදො නාම. ථෙරො තස්මිං විහරති. තත්ර ඛො ආයස්මා සාරිපුත්තොති තස්මිං පාසාදෙ විහරන්තො ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරො.
පස්වැන්නෙහි පුබ්බාරාමෙ යනු සැවතින් පෙරදිගෙහි කරනලද අරමෙහියි. මිගාරමාතුපාසාදෙ යනු විශාඛා උවැසියගේ පහයෙහියි. ඕතොමෝ මිගාර සිටුගේ මවු තනතුරෙහි තබලනලද බැවින්ද සියල්ලනට වැඩිමහල් පුතුට ආර්ය්යක සිටුවරයාට මෙන් සමාන නමක් ඇති බැවින්ද මිගාරමාතායි කියනුලැබේ. ඇයවිසින් කරවනලද ගැබ්දහසක් ඇති ප්‍රාසාදය මිගාරමාතු පාසාද නම්වෙයි. තෙරුන්වහන්සේ එම වෙහෙරෙති වසති. තත්රඛො ආයස්මා සාරිපුත්තො යනු එම පහයෙහි වසන්නාවූ දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝයි.
භික්ඛූ ආමන්තෙසීති කස්මිං කාලෙ ආමන්තෙසි? කානිචි හි සුත්තානි පුරෙභත්තෙ භාසිතානි අත්ථි, කානිචි පච්ඡාභත්තෙ, කානිචි පුරිමයාමෙ, කානිචි මජ්ඣිමයාමෙ, කානිචි පච්ඡිමයාමෙ. ඉදං පන සමචිත්තපටිපදාසුත්තං පච්ඡාභත්තෙ භාසිතං. තස්මා සායන්හසමයෙ ආමන්තෙසි.
භික්ඛූ ආමන්තෙසි යනු කවරකලෙක ඇමතුවේද යත්? ඇතැම් සූත්‍රයෝ පෙරබතෙහි කියනලද්දේ වෙත් ඇතැම් සූත්‍රයෝ පසුබතෙහිද ඇතැම් සූත්‍රයෝ පෙරයමෙහිද ඇතැම් සූත්‍රයෝ මැදුම් යමෙහිද ඇතැම් සූත්‍රයෝ පැසුලු යමෙහිද කියනලද්දාහුවෙත්. මේ සමචිත්තපටිපදා සූත්‍රය පසුබතෙහි දෙසනලදී. එහෙයින් සවස්යාමයෙහි ඇමතීය.
න කෙවලං චෙතං ථෙරෙනෙව භාසිතං, තථාගතෙනාපි භාසිතං. කත්ථ නිසීදිත්වාති? විසාඛාය රතනපාසාදෙ නිසීදිත්වා. තථාගතො හි පඨමබොධියං වීසති වස්සානි අනිබද්ධවාසො හුත්වා යත්ථ යත්ථ ඵාසුකං හොති, තත්ථ තත්ථෙව ගන්ත්වා වසි. පඨමං අන්තොවස්සඤ්හි ඉසිපතනෙ ධම්මචක්කං පවත්තෙත්වා අට්ඨාරස මහාබ්රහ්මකොටියො අමතපානං පායෙත්‍වා බාරාණසිං උපනිස්සාය ඉසිපතනෙ වසි. දුතියං අන්තොවස්සං රාජගහං උපනිස්සාය වෙළුවනෙ, තතියචතුත්ථානිපි තත්ථෙව, පඤ්චමං අන්තොවස්සං වෙසාලිං උපනිස්සාය මහාවනෙ කූටාගාරසාලායං, ඡට්ඨං අන්තොවස්සං මකුලපබ්බතෙ, සත්තමං තාවතිංසභවනෙ, අට්ඨමං භග්ගෙ සුසුමාරගිරං නිස්සාය භෙසකළාවනෙ, නවමං කොසම්බියං, දසමං පාලිලෙය්යකෙ වනසණ්ඩෙ, එකාදසමං නාලායං බ්රාහ්මණගාමෙ, ද්වාදසමං වෙරඤ්ජායං, තෙරසමං චාලියපබ්බතෙ, චුද්දසමං ජෙතවනෙ, පඤ්චදසමං කපිලවත්ථුස්මිං, සොළසමං ආළවකං දමෙත්වා චතුරාසීතිපාණසහස්සානි අමතපානං පායෙත්‍වා ආළවියං, සත්තරසමං රාජගහෙයෙව, අට්ඨාරසමං චාලියපබ්බතෙයෙව, තථා එකූනවීසතිමං, වීසතිමං පන අන්තොවස්සං රාජගහංයෙව උපනිස්සාය වසි. එවං වීසති වස්සානි අනිබද්ධවාසො හුත්වා යත්ථ යත්ථ ඵාසුකං හොති, තත්ථ තත්ථෙව වසි.
මෙය හුදෙක් තෙරුන්වහන්සේ විසින්ම කියනලද්දක් නොවේ. තථාගතයන්වහන්සේ විසින්ද කියනලද්දකි. කොහි හිඳදයත්? විශාඛාවගේ රුවන්පහයෙහි හිඳයි. තථාගතයන්වහන්සේ වනාහි ප්‍රථම බෝධියෙහි නිත්‍යවාසී නොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තැනටම ගොස් විසූසේක. පළමු ඇතුළ්වස ඉසිපතනයෙහි දම්සක් පවත්වා මහබඹුන් අටළොස් කෙළකට අමා පැන් පොවා බරණැස ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට වේළුවනයෙහිද තෙවෙනි සිවුවෙනි ඇතුළුවස් එහිමද පස්වෙනි ඇතුළුවස විශාලාව ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලාවෙහිද සවෙනි ඇතුළුවස මඬකුල පර්වතයෙහිද සත්වෙනි වස තව්තිසාවෙහිද අටවෙනි ඇතුළුවස භග්ගජනපදයෙහි සුංසුමාර පර්වතය ඇසුරුකොට හෙසකලාවනයෙහිද නවවැන්න කොසඹෑවෙහිද දසවැන්න පාරිලෙය්‍යක වනලැහැබෙහිද එකොළොස් වැන්න නාලා නම්වූ බමුණුගමෙහිද දොළොස්වැන්න වේරඤ්ජාවෙහිද තෙළෙස්වැන්න චාලිය පව්වෙහිද තුදුස්වැන්න දෙව්රමෙහිද පසළොස්වැන්න කිඹුල්වතෙහිද සොළොස්වනැන්න ආළවක යකු දමනයකොට ප්‍රාණීන් අසූසාරදහසකට අමාපැන් පොවා අළව් නුවරෙහිද සතළොස්වැන්න රජගහ නුවරෙහිමද අටළොස්වැන්න චාලිය පර්වතයෙහිමද එකුන්විස්සද එසේමය. විසිවැනි ඇතුළුවස වනාහි රජගහනුවරම ඇසුරුකොට විසූසේක. මෙසේ විසිවසක් නිත්යවාසීනොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තන්හිම විසූසේක.
තතො පට්ඨාය පන ද්වෙ සෙනාසනානි ධුවපරිභොගානි අකාසි. කතරානි ද්වෙ? ජෙතවනඤ්ච පුබ්බාරාමඤ්ච. කස්මා? ද්වින්නං කුලානං ගුණමහන්තතාය. අනාථපිණ්ඩිකස්ස හි විසාඛාය ච ගුණං සන්ධාය ගුණං පටිච්ච සත්ථා තානි සෙනාසනානි ධුවපරිභොගෙන පරිභුඤ්ජි. උතුවස්සං චාරිකං චරිත්වාපි හි අන්තොවස්සෙ ද්වීසුයෙව සෙනාසනෙසු වසති. එවං වසන්තො පන ජෙතවනෙ රත්තිං වසිත්වා පුනදිවසෙ භික්ඛුසඞ්ඝපරිවුතො දක්ඛිණද්වාරෙන සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා පාචීනද්වාරෙන නික්ඛමිත්වා පුබ්බාරාමෙ දිවාවිහාරං කරොති. පුබ්බාරාමෙ රත්තිං වසිත්වා පුනදිවසෙ පාචීනද්වාරෙන සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා දක්ඛිණද්වාරෙන නික්ඛමිත්වා ජෙතවනෙ දිවාවිහාරං කරොති. තස්මිං පන දිවසෙ සම්මාසම්බුද්ධො ජෙතවනෙයෙව වසි. යත්ථ කත්ථචි වසන්තස්ස චස්ස පඤ්චවිධකිච්චං අවිජහිතමෙව හොති. තං හෙට්ඨා විත්ථාරිතමෙව. තෙසු කිච්චෙසු පච්ඡිමයාමකිච්චකාලෙ භගවා ලොකං ඔලොකෙන්තො සාවත්ථිවාසීනඤ්ච සමන්තා ච සාවත්ථියා ගාවුතඅඩ්ඪයොජනයොජනපරමෙ ඨානෙ අපරිමාණානං සත්තානං අභිසමයභාවං අද්දස.
එතැන්පටන් සෙනසුන් දෙකක් නිත්‍ය පරිභෝගයක් කළසේක. කවර දෙකක් යත්? ජෙතවනාරාමය හා පූර්වාරාමයයි. කුමක් හෙයින්ද? කුලදෙකේ ගුණමහත්වය නිසාය. අනේපිඬු සිටුගේද විශාඛාවගේද ගුණය හේතුකොට ගුණය නිසා ශාස්තෘන්වහන්සේ ඒ සෙනසුන් නිත්‍ය පරිභෝගයෙන් පරිභෝගකළසේක. සෘතුවර්ෂාවෙහි සැරිසරාද ඇතුළුවස සෙනසුන් දෙකෙහිම වසනසේක. මෙසේ වසනසේක් දෙව්රම රැය වැස දෙවැනි දිනයෙහි බිකසඟන පිරිවරනලද්දාහු දකුණු දොරටුවෙන් සැවතට පිඬුපිණිස පිවිස පෑළදිග දොරටුවෙන් නික්ම පූර්වාරාමයෙහි දිවාවිහරණය කරනසේක. පූර්වාරාමයෙහි රැය වැස දෙවැනි දිනයෙහි පෑළදිග දොරටුවෙන් සැවතට පිඬුපිණිස පිවිස දකුණු දොරටුවෙන් නික්ම දෙව්රම දිවාවිහරණය කරනසේක. ඒ දිනයෙහි සම්මාසම්බුදුන්වහන්සේ දෙවරමෙහිම විසූසේක. යම්කිසි තැනක වසන්නාවූ උන්වහන්සේගේ පස් ආකාර කෘත්‍යක් අත්නොහරින් ලද්දේමවෙයි. එය යට විස්තර කරනලද්දේමය ඒ කෘත්‍යයන් අතුරෙන් පැසළුයම් කිසකල්හි භාග්යවතුන්වහ්නසේ ලොව බලාවදාරණසේක සැවතෙහි වසන්නාවූද සැවතින් හාත්පස ගම් අඩයොදුන් යොදුන් පරමකොට ඇති තන්හි වසන්නාවූද අප්‍රමාණවූ සත්වයන්ගේ ධර්මාවබෝධය වනබව දුටුසේක.
තතො “කස්මිං නු ඛො කාලෙ අභිසමයො භවිස්සතී”ති ඔලොකෙන්තො “සායන්හසමයෙ”ති දිස්වා “මයි නු ඛො කථෙන්තෙ අභිසමයො භවිස්සති, සාවකෙ කථෙන්තෙ භවිස්සතී”ති “සාරිපුත්තත්ථෙරෙ කථෙන්තෙ භවිස්සතී”ති අද්දස. තතො “කත්ථ නිසීදිත්වා කථෙන්තෙ භවිස්සතී”ති ඔලොකෙන්තො “විසාඛාය රතනපාසාදෙ නිසීදිත්වා”ති දිස්වා “බුද්ධානං නාම තයො සාවකසන්නිපාතා හොන්ති, අග්ගසාවකානං එකො. තෙසු අජ්ජ ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරස්ස සාවකසන්නිපාතො භවිස්සතී”ති අද්දස. දිස්වා පාතොව සරීරපටිජග්ගනං කත්වා නිවත්ථනිවාසනො සුගතචීවරං පාරුපිත්වා සෙලමයපත්තං ආදාය භික්ඛුසඞ්ඝපරිවුතො දක්ඛිණද්වාරෙන නගරං පවිසිත්වා පිණ්ඩාය චරන්තො භික්ඛුසඞ්ඝස්ස සුලභපිණ්ඩපාතං කත්වා වාතප්පහතා විය නාවා පටිනිවත්තිත්වා දක්ඛිණද්වාරෙන නික්ඛමිත්වා බහිද්වාරෙ අට්ඨාසි. තතො අසීති මහාසාවකා භික්ඛුනිපරිසා උපාසකපරිසා උපාසිකාපරිසාති චතස්සො පරිසා සත්ථාරං පරිවාරයිංසු.
ඉක්බිති කවරනම් කාලයක් ධර්මාවබෝධය වන්නේදැයි බලා වදාරණසේක් සවස් කාලයෙහියයි දැන මාකියනකල්හි වන්නේද ශ්‍රාවකයකු කියනකල්හි වන්නේදැයි (බලා) සැරියුත් තෙරණුවන් කියනකල්හි වන්නේයයි දුටුසේක. ඉක්බිති කොහි හිඳ කියනලක්ලිහි වන්නේදැයි බලනසේක්. විශාඛාවගේ රුවත් පහයෙහි හිඳ කියනලකල්හියයි දැක- බුදුවරුන්ට නම් ශ්‍රාවක සන්නිපාත තුනක්වෙයි. අගසව්වන්ගේ එකකි. ඒවා අතුරෙන් අද දම්සෙනෙවි සැරියුත් තෙරණුවන්ගේ ශ්‍රාවක සන්නිපාතයවන්නේයයි දුටුසේක. දැක උදැසනින්ම සිරුර පිළිදැගුම් කොට සිවුරු හැඳ සුගත චීවරය පොරවා ශෛලමය පාත්‍රය රැගෙන බික්සඟන පිරිවරනලදසේක් දකුණු දොරින් නුවරට පිවිස පිඬුපිණිස හැසිරෙමින් බික්සඟනට පිණ්ඩපාතය පහසුවෙන් ලැබීමට සලස්වා සුළඟින් පහරනලද නැවක් මෙන් ආපසු හැරී දකුණු දොරින් නික්ම බිහිදොරෙහි සිටිසේක. ඉකිබිති අසූමහසව්වෝය, භික්ෂූණීන් පිරිසය, උපාසක පිරිසය උපාසිකා පිරිසය යන සිවුපිරිස ශාස්තෘන්වහන්සේ පිරිවරා සිටියේය.
සත්ථා සාරිපුත්තත්ථෙරං ආමන්තෙසි – “සාරිපුත්ත, තයා පුබ්බාරාමං ගන්තුං වට්ටති, තව ච පරිසං ගහෙත්වා ගච්ඡාහී”ති. “සාධු, භන්තෙ”ති ථෙරො අත්තනො පරිවාරෙහි පඤ්චහි භික්ඛුසතෙහි පරිවුතො පුබ්බාරාමං අගමාසි. එතෙනෙව නියාමෙන අසීති මහාසාවකෙ පුබ්බාරාමමෙව පෙසෙත්වා සයං එකෙන ආනන්දත්ථෙරෙනෙව සද්ධිං ජෙතවනං අගමාසි. ආනන්දත්ථෙරොපි විහාරෙ සත්ථු වත්තං කත්වා වන්දිත්වා “පුබ්බාරාමං ගච්ඡාමි, භන්තෙ”ති ආහ. එවං කරොහි ආනන්දාති. සත්ථාරං වන්දිත්වා තත්ථෙව අගමාසි. සත්ථා එකකොව ජෙතවනෙ ඔහීනො.
ශාස්තෘන්වහන්සේ සැරියුත් තෙරුන්ට, ‘ශාරිපුත්‍රය, ඔබ පූර්වාරාමයට යායුතුය. ඔබගේ පිරිස ගෙන යන්නැ’යි පැවසූ සේක. ‘මනැවි ස්වාමීනි’යි තෙරණුවෝ තමන්ගේ පිරිවරවූ පන්සියයක් භික්ෂූන් විසන් පිරිවරණ ලද්දාහු පූර්වාරාමයට වැඩමකළහ. මෙම ක්‍රමයෙන්ම අසූමහසව්වන් පූර්වාරාමයටම යවා තමන්වහන්සේ හුදෙකළාවූ අනඳ තෙරුන් සමඟ දෙව්රමට වැඩිසේක. අනඳ තෙරණුවෝද විහාරයෙහි ශාස්තෘන්වහන්සේගේ වත්පිළිවෙත්කොට වැඳ ‘ස්වාමීනි, පූර්වාරාමයට යමියි පැවසූහ. ‘ආනන්දය, එසේ කරව’යි පැවසූසේක. (තෙරණුවෝද) ශාස්තෘන් වැඳ එහිම වැඩියහ. ශාස්තෘන්වහන්සේ තනිව දෙව්රමෙහි නැවතුණුසේක.
තං දිවසඤ්හි චතස්සො පරිසා ථෙරස්සෙව ධම්මකථං සොතුකාමා අහෙසුං. කොසලමහාරාජාපි බලකායෙන පරිවුතො පුබ්බාරාමමෙව ගතො. තථා පඤ්චසතඋපාසකපරිවාරො අනාථපිණ්ඩිකො. විසාඛා පන මහාඋපාසිකා ද්වීහි ජඞ්ඝසහස්සෙහි පරිවුතො අගමාසි. සත්තපණ්ණාසාය කුලසතසහස්සානං වසනට්ඨානෙ සාවත්ථිනගරෙ ගෙහපාලකදාරකෙ ඨපෙත්වා සෙසජනො ගන්ධචුණ්ණමාලාදීනි ගහෙත්වා පුබ්බාරාමමෙව අගමාසි. චතූසු ද්වාරගාමෙසු ගාවුතඅඩ්ඪයොජනයොජනපරමට්ඨානෙ සබ්බෙයෙව මනුස්සා ගන්ධචුණ්ණමාලාදිහත්ථා පුබ්බාරාමමෙව අගමංසු. සකලවිහාරො මිස්සකපුප්ඵෙහි අභිකිණ්ණො විය අහොසි.
එදවසෙහි සිවුපිරිසම තෙරුන්වහන්සේගේම ධර්මකථාව අසනු කැමතිවිය. කොසොල් මහරජතුමාද බලකායවිසින් පිරිවරණලද්දේ පූර්වාරාමයටම ගියහ. පන්සියයක් උවසුවන් විසින් පිරිවරණලද අනේපිඬු සිටුතුමාද එසේම එහි ගියහ. විශාඛා මහ උවැසිය වනාහි උවැසියන් දහසක් විසින් පිරිවරනලද්දී (එහි) ගියාය. කුල පණස්සත් ලක්ෂණයක් වසන සැවැත්නුවරෙහි ගොපලු දරුවන් හැර සෙසු ජනයා ගඳ සුණුමල් ආදිය ගෙන පූර්වාරාමයටම ගියේය. දොරගම් සතරෙහි ගම් අඩයොදුන් යොදුන් යොදුන් පරම කොට ඇති තැන්හි සියලු මිනිස්සු ගඳසුණුමල් ආදිය ගත් අත් ඇත්තාහු පුර්වාරාමයටම ගියාහුය. සියලුවිහාරය මිශ්‍රක පුෂ්පයෙන් විසුරුණාක් මෙන්විය.
ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරොපි ඛො විහාරං ගන්ත්වා විහාරපරිවෙණෙ අඞ්ගණට්ඨානෙ අට්ඨාසි. භික්ඛූ ථෙරස්ස ආසනං පඤ්ඤාපයිංසු. ථෙරො තත්ථ නිසීදිත්වා උපට්ඨාකත්ථෙරෙන වත්තෙ කතෙ භික්ඛුසඞ්ඝස්ස ඔවාදං කත්වා ගන්ධකුටිං පවිසිත්වා සමාපත්තිං අප්පෙත්වා නිසීදි. සො පරිච්ඡින්නකාලවසෙන සමාපත්තිතො වුට්ඨාය අචිරවතිං ගන්ත්වා රජොජල්ලං පවාහෙත්වා පටිප්පස්සද්ධදරථො ඔතිණ්ණතිත්ථෙනෙව උත්තරිත්වා නිවත්ථනිවාසනො සඞ්ඝාටිං පාරුපිත්වා අට්ඨාසි. භික්ඛුසඞ්ඝොපි සම්මුඛසම්මුඛට්ඨානෙන ඔතරිත්වා සරීරෙ රජොජල්ලං පවාහෙත්වා පච්චුත්තරිත්වා ථෙරං පරිවාරයිංසු. අන්තොවිහාරෙපි ථෙරස්ස ධම්මාසනං පඤ්ඤාපයිංසු. චතස්සොපි පරිසා අත්තනො අත්තනො ඔකාසං ඤත්වා මග්ගං ඨපෙත්වා නිසීදිංසු. සාරිපුත්තත්ථෙරොපි පඤ්චභික්ඛුසතපරිවාරො ධම්මසභං ආගන්ත්වා සීහමත්ථකප්පතිට්ඨිතෙ සමුස්සිතසෙතච්ඡත්තෙ රතනපල්ලඞ්කෙ චිත්තබීජනිං ගහෙත්වා පුරත්ථාභිමුඛො නිසීදි. නිසීදිත්වා පරිසං ඔලොකෙත්වා – “මහතී වතායං පරිසා, ඉමිස්සා න අප්පමත්තිකා පරිත්තකධම්මදෙසනා අනුච්ඡවිකා, කතරධම්මදෙසනා නු ඛො අනුච්ඡවිකා භවිස්සතී”ති තීණි පිටකානි ආවජ්ජමානො ඉමං සංයොජනපරියාය ධම්මදෙසනං අද්දස.
දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝද විහාරයට ගොස් විහාර පිරිවෙණහි මිදුලෙහි සිටියහ. භිකෂූහු තෙරුන්ට අසුනක් පැනවූහ. තෙරණුවෝ එහි හිඳ උපස්ථායක තෙරුන්විසින් වත් කළකල්හි බික්සඟනට අවවාදදී ගඳ කිළියට පිවිස සමවතට පැමිණ හුන්හ. උන්වහන්සේ සීමාකළ කාලයවශයෙන් සමවතින් නැඟිට අචිරවතියට ගොස් (සිරුරෙහි) බැඳීඇති කුණුදූවිලි සොදා යවා සන්හුන් විඩා ඇත්තාහු බට තොටින්ම ගොඩවී හඳනා හැඳ සඟළ සිවුර පොරවා සිටියහ. භික්ෂුසංඝයාද හමුවූ හමුවූ තැනින් බැස සිරුරෙහි කුණුදූලි සෝදාහැර යළි ගොඩවී තෙරුන් පිරිවරුවාහුය. ඇතුළු විහාරයෙහිද තෙරුන්ට ධර්මාසනයක් පැනවූහු. සිවුපිරිසම තමතමන්ගේ ඉඩ දැන මග තබා හුන්නේය. සැරියුත් තෙරණුවෝද භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරණලද්දාහු ධර්මසභාවට පැමිණ සිංහ මුදුනෙහි පිහිටි නැංවූ ශේවතච්ඡත්රය ඇති රුවන් පළඟෙහි විසිතුරු විජිනිපත ගෙන පෙරදිගට මුහුණලා හිඳ පිරිස බලා ‘ඒකාන්තයෙන්ම මේ පිරිස මහත්ය. මේ පිරිසට සුළු ධර්මදේශනාවක් නොසුදුසුය. කවර දම්දෙසුමක් සුදුසු වන්නේදැයි තුන්පිටකය සිහිපත් කරන්නාහු මේ සංයෝජනපරියාය ධර්මදේශනාව දුටහ.
එවං දෙසනං සල්ලක්ඛෙත්වා තං දෙසෙතුකාමො භික්ඛූ ආමන්තෙසි ආවුසො, භික්ඛවෙති. ආවුසොති හි අවත්වා, භික්ඛවෙති වචනං බුද්ධාලාපො නාම හොති, අයං පනායස්මා “දසබලෙන සමානං ආලපනං න කරිස්සාමී”ති සත්ථු ගාරවවසෙන සාවකාලාපං කරොන්තො, “ආවුසො භික්ඛවෙ”ති ආහ. එතදවොචාති එතං “අජ්ඣත්තසංයොජනඤ්ච, ආවුසො, පුග්ගලං දෙසෙස්සාමි බහිද්ධාසංයොජනඤ්චා”ති ධම්මදෙසනාපදං අවොච.
මෙසේ දේශනාව. සලකාබලා එය දෙසනු කැමැත්තෝ ඇවැත්නි මහණෙනිය භික්ෂූන් ඇමතූහ. ඇවැත්නියි නොකියා මහණෙනියි කීම බුදුවරුන්ගේ ආමන්ත්‍රණය නම්වෙයි. මේ ආයුෂ්මතුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ විසින් කෙරෙන ආමන්ත්රණයට සමාන ආමන්ත්‍රණයක් නොකෙරෙමැයි ශාස්තෘ ගෞරවයෙන් ශ්‍රාවක ආමන්ත්‍රණය කරන්නාහු ඇවැත්නි මහණෙනියි පැවසූහ. එතදවොච යනු ‘අජක්ධත්තසංයොජනංච ආවුසො පුග්ගලං දෙසෙස්සාමි බහිද්ධාසංයොජනංච යන මේ ධම්දේශනාපාඨය ප්‍රකාශ කළේයි.
තස්මිං පන රතනපාසාදෙ අධිවත්ථො එකො සොතාපන්නො දෙවපුත්තො අත්ථි, සො බුද්ධෙහි වා සාවකෙහි වා දෙසනාය ආරද්ධමත්තායයෙව ජානාති – “අයං දෙසනා උත්තානිකා භවිස්සති, අයං ගම්භීරා. අයං ඣානනිස්සිතා භවිස්සති, අයං විපස්සනානිස්සිතා. අයං මග්ගනිස්සිතා අයං ඵලනිස්සිතා, අයං නිබ්බානනිස්සිතා”ති. සො තස්මිම්පි දිවසෙ ථෙරෙන දෙසනාය ආරද්ධමත්තාය එවං අඤ්ඤාසි – “යෙන නීහාරෙන මය්හං අය්යෙන ධම්මසෙනාපතිනා සාරිපුත්තත්ථෙරෙන දෙසනා ආරද්ධා, අයං දෙසනා විපස්සනාගාළ්හා භවිස්සති, ඡහි මුඛෙහි විපස්සනං කථෙස්සති. දෙසනාපරියොසානෙ කොටිසතසහස්සදෙවතා අරහත්තං පාපුණිස්සන්ති, සොතාපන්නාදීනං පන දෙවමනුස්සානං පරිච්ඡෙදො න භවිස්සති. දෙසනාය අනුච්ඡවිකං කත්වා මය්හං අය්යස්ස සාධුකාරං දස්සාමී”ති දෙවානුභාවෙන මහන්තං සද්දං කත්වා – “සාධු සාධු අය්යා”ති ආහ.
ඒ රුවන් පහයෙහි අධිගෘහිත එක් සෝවාන්වූ දිව්‍යපුත්‍රයෙක් ඇත. හෙතෙම බුදුන්වහන්සේ විසින් හෝ ශ්‍රාවකයන් විසින් හෝ දෙසුම ඇරඹී කෙණෙහිම මේ දෙසුම නොගැඹුරුවන්නේය. මෙය ගැඹුරුය, මෙය ධ්‍යාන ඇසුරුකොට ඇත. මෙය විදර්ශනාව ඇසුරුකොට ඇත. මෙය මාර්ගය ඇසුරුකොට ඇත. මෙ ඵලය ඇසුරුකොට ඇත. මෙය නිවන ඇසුරුකොට ඇතැයි දනියි. හෙතෙම ඒ දවසෙහිත් තෙරුන්විසින් දෙසුම ඇරඹූ කෙණෙහිම මෙසේ දැන ගත්තේය: මගේ ආර්‍ය්‍යවූ දම්සෙනෙවි සැරියුත් තෙරුන් විසින් යම් ආකාරයකින් දම්දෙසුම අරඹනලද්දේද මේ දෙසුම විදර්ශනාවෙන් ගැඹුරුවූයේවෙයි. ආකාරසයකින් විදර්ශනාව ප්‍රකාශකරන්නේය. දෙසුම කෙළවර කෙළලක්ෂයක් දෙවියෝ රහත්බවට පැමිණෙති. සෝවාන්ආදියට පැමිණෙන්නාවූ දෙවිමිනිසුන්ගේ සීමාවක් නොවන්නේය. දෙසුමට සුදුසු අයුරින් මගේ ආර්‍ය්‍යයන්ට සාධුකාරයක් දෙන්නේමැයි දිව්‍යානුභාවයෙන් මහත් හඬක්කොට ආර්‍ය්‍යයෙනි, මැනව මැනවැයි පැවසීය.
දෙවරාජෙන සාධුකාරෙ දින්නෙ පරිවාරකපාසාදසහස්සෙ අධිවත්ථා දෙවතා සබ්බාව සාධුකාරං අදංසු. තාසං සාධුකාරසද්දෙන සබ්බා පුබ්බාරාමෙ වසනදෙවතා, තාසං සද්දෙන ගාවුතමත්තෙ දෙවතා, තතො අඩ්ඪයොජනෙ යොජනෙති එතෙනුපායෙන එකචක්කවාළෙ, ද්වීසු චක්කවාළෙසු, තීසු චක්කවාළෙසූති දසසහස්සචක්කවාළෙසු දෙවතා සාධුකාරමදංසු. තාසං සාධුකාරසද්දෙන පථවිට්ඨකනාගා ච ආකාසට්ඨකදෙවතා ච. තතො අබ්භවලාහකා, උණ්හවලාහකා, සීතවලාහකා, වස්සවලාහකා, චාතුමහාරාජිකා චත්තාරො මහාරාජානො, තාවතිංසා දෙවතා, සක්කො දෙවරාජා, යාමා දෙවතා, සුයාමො දෙවරාජා, තුසිතා දෙවතා, සන්තුසිතො දෙවරාජා, නිම්මානරතී දෙවතා, සුනිම්මිතො දෙවරාජා, වසවත්තී දෙවතා, වසවත්තී දෙවරාජා, බ්රහ්මපාරිසජ්ජා, බ්රහ්මපුරොහිතා, මහාබ්රහ්මානො, පරිත්තාභා, අප්පමාණාභා, ආභස්සරා, පරිත්තසුභා, අප්පමාණසුභා, සුභකිණ්හා, වෙහප්ඵලා, අවිහා, අතප්පා, සුදස්සා, සුදස්සී, අකනිට්ඨා දෙවතාති අසඤ්ඤෙ ච අරූපාවචරසත්තෙ ච ඨපෙත්වා සොතායතනපවත්තිට්ඨානෙ සබ්බා දෙවතා සාධුකාරමදංසු.
දෙවිරජුවිසින් සාධුකාර දුන්කල්හි පරිවාරක ප්‍රාසාද දහසෙයි දෙවිවරු සියල්ලෝම සාධුකාරදුන්හ. ඔවුන්ගේ සාධුකාර හඬින් පූර්වාරාමයෙහි සියලු වනදෙවියෝද ඔවුන්ගේ හඬින් ගව්වක් පමණ තන්හි දෙවියෝද එයින් අඩයොදුනෙක, යොදුනෙක යන මේ ක්‍රමයෙන් එක් සක්වළෙක්හි සක්වළ දෙක සක්වළ තුනකයයි දසදහසක් සක්වළෙහි දෙවියෝ සාධුකාරදුන්නාහුය. ඔවුන්ගේ සාධුකාර හඬින් පෘථිව්යස්ථානගයෝද ආකාශස්ථ දෙවියෝද එයින් අභ්රවලාහකයෝද උෂ්ණවලාභකයෝද ශීතවලාභකයෝද වර්ෂාවලාහකයෝද චාතුර්මහාරාජික සතර මහරජවරුද තව්තිසාවෙහි සක් දෙවිරජු, යාමයෙහි දෙවියෝ, සුයාම දෙවි රජ, තුසිත දෙවියෝ, සන්තුසිත දෙවිරජ, නිර්මාණරති දෙවියෝ, සුනිර්මිත දෙවිරජ වසවත්ති දෙවියෝ, වසවත්ති දෙවිරජ, බ්රහ්මපරාසද්යයෝ බ්‍රහ්ම පුරෝහිතයෝ, මහාබ්‍රහ්මයෝ, පරිත්තාභයෝ, අප්රමාණාභයෝ, ආභස්සරයෝ, පරිත්තසුභයෝ, අප්පමාණසුභයෝ, සුභකිණ්ණකයෝ, වෙහෙප්පලයෝ, අවිභයෝ, අතප්පයෝ, සුදස්සයෝ සුදර්ශීහු අකනිෂ්ට දෙවියෝ යන ශ්‍රොතායතනය පවතින්නාවූ තන්හි මේ සියලු දෙවිවරු අසංඥ සත්වයන් හා අරූපාවචර සත්වයන් හැර සාධුකාර දුන්නාහුය.
තතො ඛීණාසවමහාබ්රහ්මානො – “මහා වතායං සාධුකාරසද්දො, පථවිතලතො පට්ඨාය යාව අකනිට්ඨලොකං ආගතො, කිමත්ථං නු ඛො එසො”ති ආවජ්ජෙන්තො “ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරො පුබ්බාරාමෙ විසාඛාය රතනපාසාදෙ නිසීදිත්වා සංයොජනපරියායධම්මදෙසනමාරභි, අම්හෙහිපි තත්ථ කායසක්ඛීහි භවිතුං වට්ටතී”ති චින්තෙත්වා තත්ථ අගමංසු. පුබ්බාරාමො දෙවතාහි පරිපුණ්ණො, සමන්තා පුබ්බාරාමස්ස ගාවුතං අඩ්ඪයොජනං, යොජනන්ති සකලචක්කවාළං හෙට්ඨා පථවිතලෙන තිරියං චක්කවාළපරියන්තෙන පරිච්ඡින්නං දසහි චක්කවාළසහස්සෙහි සන්නිපතිතාහි දෙවතාහි නිරන්තරමහොසි, ආරග්ගනිතුදනමත්තෙ ඨානෙ උපරිමකොටියා සට්ඨි දෙවතා සුඛුමත්තභාවෙ මාපෙත්වා අට්ඨංසු.
ඉක්බිති ක්ෂීණාශ්රව මහාබ්‍රහ්මයෝ මේ මහා සාධුකාර ශබ්බද පොළෝතලයෙහි සිට අකනිෂ්ටලෝකය දක්වා ආවේය. මෙය කුමන කරුණක්දැයි සිහි කරන්නාහු දම්සෙනෙවි සැරියුත් තෙරුන්වහ්නසේ පූර්වාරාමයෙහි විශාඛාවගේ රුවන් පහයෙහි හිඳ සංයොජනපරියාය ධර්මදේශනය ඇරඹූසේක. පූර්වාරාමය දෙවියන්ගෙන් පිරීගියේය. පූර්වාරාමය වටා ගව්වක් අඩයොදුනක් යොදුනක්යයි සියලු සක්වළ යටින් පොළෝතලයෙන්ද සරසින් සක්වළ සීමාවෙන්ද දසදහසක් සක්වළින් රැස්වූ දෙවියන්ගෙන් නිරතුරුවූවක් විය. ඉදිකටුවක් අනින තැන පමණවූ තන්හි උඩත්පිරිසෙයින් දෙවිවරු සැට දෙනෙකුදු සියුම් ආත්මභාවයන් මවා ගෙන සිටියාහුය.
අථායස්මා සාරිපුත්තො “මහන්තං වතිදං හලාහලං, කිං නු ඛො එත”න්ති ආවජ්ජෙන්තො දසසහස්සචක්කවාළෙ ඨිතානං දෙවතානං එකචක්කවාළෙ සන්නිපතිතභාවං අද්දස. අථ යස්මා බුද්ධානං අධිට්ඨානකිච්චං නත්ථි, පරිසපරිමාණෙනෙව පස්සන්ති චෙව සද්දඤ්ච සාවෙන්ති. සාවකානං පන අධිට්ඨානං වට්ටති. තස්මා ථෙරො සමාපත්තිං සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය මහග්ගතචිත්තෙන අධිට්ඨාසි – “චක්කවාළපරියන්තා පරිසා සබ්බාපි මං පස්සතු, ධම්මඤ්ච මෙ දෙසෙන්තස්ස සද්දං සුණාතූ”ති. අධිට්ඨිතකාලතො පට්ඨාය දක්ඛිණජාණුපස්සෙ ච චක්කවාළමුඛවට්ටියඤ්ච නිසීදිත්වා “ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරො නාම කීදිසො දීඝො රස්සො සාමො ඔදාතො”ති වත්තබ්බකාරණං නාහොසි, සබ්බෙසම්පි සබ්බදිසාසු නිසින්නානං අභිමුඛෙයෙව පඤ්ඤායිත්ථ, නභමජ්ඣෙ ඨිතචන්දො විය අහොසි. ධම්මං දෙසෙන්තස්සාපිස්ස දක්ඛිණජාණුපස්සෙ ච චක්කවාළමුඛවට්ටියඤ්ච නිසින්නා සබ්බෙ එකකංසෙනෙව සද්දං සුණිංසු.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මේ ශබ්දය ඉතා මහත්ය, මේ කිමෙක්දැයි සිහිකරන්නාහු දස දහසක් සක්වළෙහි දෙවියන් එක් සක්වළෙක රැස්වූබව දුටහ. ‘බුදුවරුන්ට අදිටන් කිසක් නැත. පිරිස් ප්‍රමාණයෙන්ම දකිත්. එමෙන්ම ශබ්දයද අසත්. සව්වන්ට වනාහි අදිටන වටියි. එබැවින් තෙරණුවෝ සමවතට සමවැද සමවතින් නැගිට මහද්ගත සිතින් සක්වළ හිම් කොට සිටින සියලු පිරිස මා දකීවා, දහම් දෙසන මගේ ශබ්දයද අසාවා’යි අදිටන් කළහ. අදිටන්කළ කල්හිපටන් දකුණු දන හිස පැත්තෙහිද සක්වළ මුවවිටෙහිද හිඳ සිටියවුනට දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ කවරෙක්ද? දික් (උස්) වූවෙක්ද කෙටි (මිටි) වූවෙක්ද කළු පැහැ ඇත්තෙක්ද සුදුපැහැ ඇත්තෙක්දැයිකීමට කරුණක් නොවූයේය. හැම දෙසෙකම හුන්නාවූ හැම දෙනාටම ඉදිරියෙහි සිටින්නෙකුමෙන් හැඟිණ. අහසමැද සිටි සඳකි මෙන්විය. දකුණු දනහිස පැත්තෙහිද සක්වළ මුවවිටෙහිද හුන්නාවූ සියල්ලෝ දම් දෙසන්නාවූ උන්වහන්සේගේ ශබ්දය සමානරසයෙන්ම ඇසූහ.
එවං අධිට්ඨහිත්වා ථෙරො අජ්ඣත්තසංයොජනඤ්ච, ආවුසොති ඉමං ධම්මදෙසනං ආරභි. තත්ථ අජ්ඣත්තන්ති කාමභවො. බහිද්ධාති රූපාරූපභවො. කිඤ්චාපි හි සත්තා කාමභවෙ අප්පං කාලං වසන්ති කප්පස්ස චතුත්ථමෙව කොට්ඨාසං, ඉතරෙසු තීසු කොට්ඨාසෙසු කාමභවො සුඤ්ඤො හොති තුච්ඡො, රූපභවෙ බහුං කාලං වසන්ති, තථාපි තෙසං යස්මා කාමභවෙ චුතිපටිසන්ධියො බහුකා හොන්ති, අප්පකා රූපාරූපභවෙසු. යත්ථ ච චුතිපටිසන්ධියො බහුකා, තත්ථ ආලයොපි පත්ථනාපි අභිලාසොපි බහු හොති. යත්ථ අප්පා, තත්ථ අප්පො. තස්මා කාමභවො අජ්ඣත්තං නාම ජාතං, රූපාරූපභවා බහිද්ධා නාම. ඉති අජ්ඣත්තසඞ්ඛාතෙ කාමභවෙ ඡන්දරාගො අජ්ඣත්තසංයොජනං නාම, බහිද්ධාසඞ්ඛාතෙසු රූපාරූපභවෙසු ඡන්දරාගො බහිද්ධාසංයොජනං නාම. ඔරම්භාගියානි වා පඤ්ච සංයොජනානි අජ්ඣත්තසංයොජනං නාම, උද්ධම්භාගියානි පඤ්ච බහිද්ධාසංයොජනං නාම. තත්රායං වචනත්ථො – ඔරං වුච්චති කාමධාතු, තත්ථ උපපත්තිනිප්ඵාදනතො තං ඔරං භජන්තීති ඔරම්භාගියානි. උද්ධං වුච්චති රූපාරූපධාතු, තත්ථ උපපත්තිනිප්ඵාදනතො තං උද්ධං භජන්තීති උද්ධම්භාගියානි.
මෙසේ තෙරුන්වහන්සේ අදිටන්කොට ‘අජ්ක්ධත්තසංයොජනංච ආවුසො’ යන මේ දම්දෙසුම ඇරඹූසේක. එහි අජක්ධත්තං යනු කාමභවයයි. බහිද්ධා යනු රූපාරූපභවයයි. වැළිදු සත්වයෝ කාම භවයෙහි අඩුකලක් වසත්. කල්පයෙන් සතරින් කොටසකි. කොටස් තුනෙක කාමභවය ශුණ්යවෙයි, හිස්වෙයි. රූපභවයෙහි බොහෝ කලක් වසත්, එසේම යම්හෙයකින් ඔවුනට කාමභවයෙහි චුතිප්රතිසන්ධි බොහෝ වෙයිද රූපාරූපභවයන්හි චුතිප්රතිසන්ධි අඩුවෙයි. යම්තැනක චුති ප්රතිසන්ධි බොහෝවේද එහි ඇලීමද පැතීමද වැණුමද බොහෝවෙයි. යම්තැනක (චුතිප්රතිසන්ධි) අඩුද එහි (ඇලීමාදියද) අඩුය. එහෙයින් කාමභවය අජ්ක්ධත්ත නම්විය. රූපාරූපභවය බහිද්ධා නම් විය. මෙසේ අජක්ධත්ත සංඛ්‍යාතවූ කාමභවයෙහි ඡන්දරාගය අජ්ක්ධත්තසංයොජනය නමි. බහිද්ධා සංඛ්‍යාතවූ රූපාරූපභවයන්හි ඡන්දරාගය බහිද්ධා සංයෝජනය නමි. ඔරම්භාගියවු සංයෝජන පස හෝ අජක්ධත්තසංයෝජන නමි. උද්ධම්භාගිය සංයෝජනපස බහිද්ධා සංයෝජන නමි. එහි මේ වචනාර්ත්ථයි. කාමධාතුව ඔරයයි කියනුලැබේ. එහි උපත සිදුකිරීම්වශයෙන් ඒ ඔර හෙවත් කාමධාතුව ඇසුරු කෙරේනුයි ඔරම්භාගියවේ. රූපාරූප ධාතු උද්ධයයි කියනුලැබේ. එහි උපත සිදුකරනබැවින් ඒ උද්ධ හෙවත් රූපාරූපධාතු ඇසුරු කෙරේනුයි උද්ධම්භාගිය නම්වේ.
එවං වුත්තප්පභෙදෙන අජ්ඣත්තසංයොජනෙන සංයුත්තො පුග්ගලො අජ්ඣත්තසංයොජනො, බහිද්ධාසංයොජනෙන සංයුත්තො පුග්ගලො බහිද්ධාසංයොජනො. උභයම්පි චෙතං න ලොකියස්ස වට්ටනිස්සිතමහාජනස්ස නාමං. යෙසං පන භවො ද්වෙධා පරිච්ඡින්නො, තෙසං සොතාපන්නසකදාගාමිඅනාගාමීනං අරියසාවකානං එතං නාමං. යථා හි මහාඅරඤ්ඤෙ ඛදිරවනසාලවනාදීනි ථම්භො තුලාසඞ්ඝාටොති නාමං න ලභන්ති, ඛදිරවනං සාලවනන්ති නාමමෙව ලභන්ති. යදා පන තතො රුක්ඛා තිණ්හාය කුඨාරියා ඡින්දිත්වා ථම්භාදිසණ්ඨානෙන තච්ඡිතා හොන්ති, තදා ථම්භො තුලාසඞ්ඝාටොති නාමං ලභන්ති. එවමෙවං අපරිච්ඡින්නභවො බහලකිලෙසො පුථුජ්ජනො එතං නාමං න ලභති, භවං පරිච්ඡින්දිත්වා කිලෙසෙ තනුකෙ කත්වා ඨිතා සොතාපන්නාදයොව ලභන්ති.
මෙසේ කියනලද ප්‍රභේද ඇති අජ්ක්ධත්තසංයෝජනයෙන් යුක්තවූ පුද්ගලතෙමේ අජක්ධත්තසංයෝජන ඇත්තේවෙයි. බහිද්ධාසංයෝජනයෙන් යුක්ත පුද්ගලතෙමේ බහිද්ධා සංයෝජන ඇත්තේවෙයි. මේ දෙකම ලෞකිකවූ සසර ඇසුරුකොට ඇති මහජනයාට යෙදෙන නමක් නොවේ. යම් අයට වනාහි භවය දෙකඩව සිදුනේ වේද ඒ සෝවාන් සකෘදාගාමී අනාගාමීවූ ආර්‍ය්‍යශ්‍රාවකයන්ට නමෙකි. යම්සේ මහවනයෙහි කිහිරිවන සල්වන ආදිය කණුව, තරාදිය, පහුරයයි නමක් නොලබයිද කදිරිවනය සල්වනය යනනම ලබයිද, යම්විටෙක එයින් ගස් තියුණු කෙටේරියෙන් සිඳ කණු ආදී හැඩයෙන් සසිනලද්දේ වෙයිද එවිට කණුව තරාදිය පහුරයයි නමලබයි. එසේම නොසිඳින ලද භවය ඇති බහුල කෙලෙස් ඇති පාථග්ජන තෙමේ මේ නම නොලබයි. භවය සිඳ කෙලෙස් තුනීකොට සිටි සෝවාන් ආදීහුම (ඒ නම) ලබත්
ඉමස්ස ච පනත්ථස්ස විභාවනත්ථං ඉදං වච්ඡකසාලොපමං වෙදිතබ්බං. වච්ඡකසාලං හි කත්වා අන්තො ඛාණුකෙ කොට්ටෙත්වා වච්ඡකෙ යොත්තෙහි බන්ධිත්වා තෙසු උපනිබන්ධන්ති, යොත්තෙසු අප්පහොන්තෙසු කණ්ණෙසුපි ගහෙත්වා තත්ථ වච්ඡකෙ පවෙසෙන්ති, අන්තොසාලාය ඔකාසෙ අප්පහොන්තෙ බහි ඛාණුකෙ කොට්ටෙත්වාපි එවමෙව කරොන්ති. තත්ථ කොචි අන්තොබද්ධො වච්ඡකො බහිනිපන්නො හොති, කොචි බහිබද්ධො අන්තොනිපන්නො, කොචි අන්තොබද්ධො අන්තොව නිපන්නො, කොචි බහිබද්ධො බහියෙව නිපන්නො. කොචි අන්තොපි අබද්ධොව චරති, බහිපි අබද්ධොව. තත්ථ අන්තොබද්ධස්ස බහිනිපන්නස්ස බන්ධනං දීඝං හොති. සො හි උණ්හාදිපීළිතො නික්ඛමිත්වා බහි වච්ඡකානං අබ්භන්තරෙ නිපජ්ජති. බහිබද්ධෙ අන්තොනිපන්නෙපි එසෙව නයො. යො පන අන්තොබද්ධො අන්තොනිපන්නො, තස්ස බන්ධනං රස්සං හොති. බහිබද්ධෙ බහිනිපන්නෙපි එසෙව නයො. උභොපි හි තෙ දිවසම්පි ඛාණුකං අනුපරිගන්ත්වා තත්ථෙව සයන්ති. යො පන අන්තො අබද්ධො තත්ථෙව වච්ඡකානං අන්තරෙ විචරති. අයං සීලවා වච්ඡකො කණ්ණෙ ගහෙත්වා වච්ඡකානං අන්තරෙ විස්සට්ඨො දිවසම්පි අඤ්ඤත්ථ අගන්ත්වා තත්ථෙව චරති. බහි අබද්ධෙ තත්ථෙව විචරන්තෙපි එසෙව නයො.
මේ අර්ත්ථයාගේම ප්රකටවීම සඳහා වසු (ගව) හල උපමාව දතයුතුය. වසුහලක් කොට ඇතුළත කණු සිටුවා වසුපැටවුන් රැහැන්වලින් බැඳ ඒ කණුවල ළංකොට බඳිති. රැහැන් ප්‍රමාණවත් නොවනවිට කණින් අල්වාගෙන එහි වසුපැටවුන් පිවිසුවති. ශාලාව ඇතුළත ඉඩ මඳ වනවිට පිටත කණු සිටුවාද එසේම කරති. එහි ඇතුළත් බඳනාලද කිසිවසුපැටවෙක් පිටත හොත්තේ වෙයි. පිටත බඳනාලද ඇතැම් වසුපැටවෙක් ඇතුළත හොත්තේවෙයි. ඇතුළත බඳනාලද කිසිවෙක් ඇතුළතම හොත්තේ වෙයි. පිටත බඳනාලද්දෙක් පිටතම හොත්තේවෙයි. කිසිවෙක් ඇතුළතද නොබඳනා ලද්දේම ඔබිමොබ හැසිරෙයි. පිටතද නොබඳනා ලද්දේමවෙයි. එහි ඇතුළත බඳනා ලදුව පිට හොත්තහුගේ රැහැන් බැඳුම දිගු වෙයි. හෙතෙමේත් උස්ණාදියෙන් පෙළෙන ලද්දේ නික්ම පිටත වසුපැටවුන් අතුරෙහි නොවී. පිටත බඳනාලදුව ඇතුළත හොවින්නාවුන් කෙරෙහිද එසේමය. යමෙක් වනාහි ඇතුළත බඳනා ලදුව ඇතුළතම හොත්තේද ඔහුගේ බැඳුම කෙටිවෙයි. පිටත බඳනාලදුව පිටත නිද්නා කෙරෙහිද එසේමය. ඒ දෙදෙනාම දවසකුදු කණුව වෙත නොගොස් එහිම නිදත්, යමෙක් ඇතුළත නොබඳනා ලද්දේවේද එහිම වසුපැටවුන් අතුරෙහි හැසිරෙයි. මේ හීලෑ වසුපැටවා කණින් ගෙන වසුපැටවුන් අතුරෙහි හරනාලද්දේ දවසක් වුවත් වෙනතක නොගොස් එහිම හැසිරෙයි. පිටත පිටත නොබඳනාලදුව එහිම හැසිරෙන වසුපැටවා කෙරෙහිද එසේමය.
තත්ථ වච්ඡකසාලා විය තයො භවා වෙදිතබ්බා. වච්ඡකසාලායං ඛාණුකා විය අවිජ්ජාඛාණුකො. වච්ඡකබන්ධනයොත්තං විය දස සංයොජනානි. වච්ඡකා විය තීසු භවෙසු නිබ්බත්තසත්තා. අන්තොබද්ධො බහිසයිතවච්ඡකො විය රූපාරූපභවෙසු සොතාපන්නසකදාගාමිනො. තෙ හි කිඤ්චාපි තත්ථෙව වසන්ති, සංයොජනං පන තෙසං කාමාවචරූපනිබද්ධමෙව. කෙනට්ඨෙන? අප්පහීනට්ඨෙන. රූපාරූපභවෙසු පුථුජ්ජනොපි එතෙහෙව සඞ්ගහිතො. සොපි හි කිඤ්චාපි තත්ථ වසති, සංයොජනං පනස්ස කාමාවචරූපනිබද්ධමෙව. බහිබද්ධො අන්තොසයිතවච්ඡකො විය කාමාවචරෙ අනාගාමී. සො හි කිඤ්චාපි කාමාවචරෙ වසති, සංයොජනං පනස්ස රූපාරූපභවූපනිබද්ධමෙව. අන්තොබද්ධො අන්තොනිපන්නො විය කාමාවචරෙ සොතාපන්නසකදාගාමිනො. තෙ හි සයම්පි කාමාවචරෙ වසන්ති, සංයොජනම්පි තෙසං කාමාවචරූපනිබද්ධමෙව. බහිබද්ධො බහිනිපන්නො විය රූපාරූපභවෙසු අනාගාමී. සො හි සයම්පි තත්ථ වසති, සංයොජනම්පිස්ස රූපාරූපභවූපනිබද්ධමෙව. අන්තොඅබද්ධො අන්තොවිචරණවච්ඡකො විය කාමාවචරෙ ඛීණාසවො. බහිඅබද්ධො බහිවිචරණවච්ඡකො විය රූපාරූපභවෙ ඛීණාසවො. සංයොජනෙසු පන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසොති ඉමානි තීණි ගච්ඡන්තං නිවාරෙන්ති, ගතං පටිආනෙන්ති. කාමච්ඡන්දො බ්යාපාදොති ඉමානි පන ද්වෙ සංයොජනානි සමාපත්තියා වා අවික්ඛම්භෙත්වා මග්ගෙන වා අසමුච්ඡින්දිත්වා රූපාරූපභවෙ නිබ්බත්තිතුං න සක්කොති.
එහි වසුහල මෙන් භව තුන දතයුතුය. අවිද්‍යා නැමැති කණුව වසුහලෙහි කණු මෙනි. දස සංයෝජනයෝ වස්සන් බඳින රැහැන මෙනි. තුන්භවයෙහි උපන් සත්වයෝ වසුපැටවුන් මෙනි. රූපාරූපභවයන්හි සෝවාන් හා සකෘදාගාමී වූ අය ඇතුළත බඳනාලද පිටත නිදිගත් වසුපැටවුන් මෙනි. ඔවුන්ගෙන් කිසිවෙක් එහිද වසත්. ඔවුන්ගේ සංයෝජනය කාමාවචරය සමඟ බැඳුනේවෙයි. කුමන අර්ත්ථයෙන්දයත්? ප්‍රහීන නොවුණු අර්ත්ථයෙනි. රූපාරූප භවයන්හි පෘතග්ජනයාද මොවුන් සමඟම සංග්‍රහ කරනලදී. හෙතෙමේත් එහි වසයිද ඔහුගේද සංයෝජනය කාමාවචරභවය හා බඳුනේ වෙයි. කාමවචර භවයෙහි අනාගාමි සත්වයා පිටත බඳනාලදුව ඇතුළත නිදිගත් වසුපැටවා මෙනි. හෙතෙමේ යම්හෙයකින් කාමාවචර භවයෙහි වසයිද ඔහුගේ සංයෝජනය රූපාරූප ළභවයන් හා බැඳුනේවෙයි. කාමාවචර භවයෙහි සෝවාන් සකෘදාගාමී පුද්ගලයෝ ඇතුළත බඳනාද ඇතුළතම හොවින වසුපැටවුන් මෙනි. ඔවුහුද කාමාවචරයෙහි වස්ත්ද ඔවුන්ගේ සංයෝජනයද කාමාවචරය හා බැඳුනේ වෙයි. රූපාරූප භවයෙහි අනාගාමී සත්වයා පිටත බඳනා ලද පිටතම නිදගත් වසුපැටවා මෙනි. හෙතෙමේත් එහි වසයිද ඔහුගේ සංයෝජනය රූපාරූප භවයන් හා බඳුණේ වෙයි. කාමාවචර භවයෙහි කෙලෙසුන් ක්ෂය කළ රහත්වහන්සේ ඇතුළත නොබඳනා ලදුව ඇතුළත හැසිරෙන වසුපැටවා මෙනි. රූපාරූප භවයෙහි රහතන්වහන්සේ පිටත නොබඳනා ලද පිටත හැසිරෙන වසුපැටවා මෙනි. සංයෝජනයන් අතුරෙහි සක්කායදිට්ඨි විචිකච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන යන්නවුන් වළක්වයි. ගිය අය යළි කැඳවයි. කාමච්ඡ්න්ද ව්‍යාපාද යන මේ සංයොජන දෙක සමාපත්තියෙන් යටපත් නොකොට හෝ මාර්ගයෙන් මුල් නොසිඳා රූපාරූපභවයෙහි ඉපදීමට නොහැකිය.
කතමො චාවුසොති ඉදං ථෙරො යථා නාම පුරිසො ද්වෙ රතනපෙළා පස්සෙ ඨපෙත්වා සම්පත්තපරිසාය ද්වෙ හත්ථෙ පූරෙත්වා සත්තවිධං රතනං භාජෙත්වා දදෙය්ය, එවං පඨමං රතනපෙළං දත්වා දුතියම්පි තථෙව දදෙය්ය. එවමෙවං “අජ්ඣත්තසංයොජනඤ්ච, ආවුසො, පුග්ගලං දෙසෙස්සාමි බහිද්ධාසංයොජනඤ්චා”ති ඉමානි ද්වෙ පදානි මාතිකාවසෙන ඨපෙත්වා ඉදානි අට්ඨවිධාය පරිසාය භාජෙත්වා දස්සෙතුං විත්ථාරකථං ආරභි.
කතමො ච ආවුසො යනු මෙය තෙරුන්වහන්සේ යම්සේ නම් පුරුෂයෙක් රුවන් පැස (භාජන) දෙකක් දෙපසෙහි තබා පැමිණි පිරිසට අත්දෙක පුරවා සත්ආකාර රුවන් බෙදා දෙයිද මෙසේ පළමුරුවන් පැසදී දෙවැන්නද එසේම දෙයිද ඒ අයුරින්ම ‘ඇවැත්නි, අජක්ධත්ත සංයෝජන ඇති පුද්ගලයාද බහිද්ධා සංයෝජනය ඇති පුද්ගලයාද ප්‍රකාශ කරන්නෙමැයි මේ පද දෙක මාතාකාවශයෙන් තබා දැන් අට ආකාර පිරිසට බෙදා දැක්වීමට විස්තර කථාව ඇරඹූසේක.
තත්ථ ඉධාති ඉමස්මිං සාසනෙ. සීලවා හොතීති චතුපාරිසුද්ධිසීලෙහි සීලසම්පන්නො හොති. ඉති ථෙරො එත්තාවතා ච කිර චතුපාරිසුද්ධිසීලං උද්දිසිත්වා “පාතිමොක්ඛසංවරසංවුතො”ති ඉමිනා තත්ථ ජෙට්ඨකසීලං විත්ථාරෙත්වා දස්සෙසීති දීපවිහාරවාසී සුම්මත්ථෙරො ආහ. අන්තෙවාසිකො පනස්ස තිපිටකචූළනාගත්ථෙරො ආහ – “උභයත්ථාපි පාතිමොක්ඛසංවරොව වුත්තො. පාතිමොක්ඛසංවරොයෙව හි සීලං, ඉතරානි පන තීණි සීලන්ති වුත්තට්ඨානං නාම අත්ථී”ති අනනුජානන්තො උත්තරි ආහ – ඉන්ද්රියසංවරො නාම ඡද්වාරරක්ඛාමත්තකමෙව, ආජීවපාරිසුද්ධි ධම්මෙන සමෙන පච්චයුප්පත්තිමත්තකං, පච්චයසන්නිස්සිතං පටිලද්ධපච්චයෙ “ඉදමත්ථ”න්ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජනමත්තකං, නිප්පරියායෙන පන පාතිමොක්ඛසංවරොව සීලං. යස්ස සො භින්නො, අයං ඡින්නසීසො විය පුරිසො හත්ථපාදෙ සෙසානි රක්ඛිස්සතීති න වත්තබ්බො. යස්ස පන සො අරොගො, අයං අච්ඡින්නසීසො විය පුරිසො ජීවිතං සෙසානි පුන පාකතිකානි කත්වා රක්ඛිතුං සක්කොති. තස්මා සීලවාති ඉමිනා පාතිමොක්ඛසංවරං උද්දිසිත්වා තං විත්ථාරෙන්තො “පාතිමොක්ඛසංවරසංවුතො”තිආදිමාහාති.
එහි ඉධ යනු මේ සසුනෙහියි. සීලවා හොති යනු සිවුපිරිසුදු ශීලයෙන් සිල්වත්වූයේවෙයි. මෙසේ තෙරුන්වහන්සේ මෙපමණක් චතුපාරිශුද්ධිශීලය උදෙසා පාතිමොක්ඛසංවරසංවුතො’ යන මෙයින් ජ්යෙෂ්ඨශීලය විස්තර කොට දක්වනසේකැයි දීපවිහාරවාසී සුධම්ම තෙරණුවෝ පැවසූහ. උන්වහන්සේගේ අතැවැසිවු තෙපිටක චූලනාග තෙරණුවෝ, දෙතැන්හිම පාතිමොක්ඛසංවර සීලයම කියනලදී. ප්රාතිමෝක්ෂ සංවරයම ශීලය වේයයි පැවසූහ. ඉතිරි තුන ශීලයයි කියූ තැනක් නොන්නාහු එසේ පවසා මෙසේද කීහ: ‘ඉන්ද්රියසංවරය නම් සදොර රැකීම පමණෙකි, ආජීව පාරිශුද්ධිය දැහැමින් සෙමෙන් ප්‍රත්‍යය ඉපදීම පමණෙකි, ප්‍රත්‍යය සන්නිශ්රිතය ලබනලද (සිවු) පසෙහි මෙය අදහසයයි ප්රත්යවේක්ෂාකොට වැළඳීම පමණෙකි. නිෂ්පරියායවශයෙන් ප්රාතිමොක්ෂ සංවරයම ශීලයයි. යමෙකුගේ එම ශීලය බිඳුනේ වේද, මේ හිස සිඳුනාක් වැනි පුද්ගල තෙමේ අත්පා වැනි ඉතිරිවා රකින්නේයයි නොකිවයුතුය. යමෙකුගේ වනාහි එම ප්රාතිමොක්ෂ සංවරය අනතුරු රහිතවූයේවෙයිද මේ නොසන්සුන් හිස ඇත්තෙකු වැනි පුද්ගලතෙමේ ජීවිතය වැනි ඉතිරිය යළි ප්රකෘතිමත්කොට ආරක්ෂා කිරීමට හැකිවෙයි. එබැවින් සිල්වත්වූයේ යන මෙයි ප්රාතිමොක්ෂ සංවරය උදෙසා එය විස්තර කරන්නාහු පාතිමොක්ඛසංවර සංවුතො යනාදිය පැවසූසේක යනුවෙනි.
තත්ථ පාතිමොක්ඛසංවරසංවුතොති පාතිමොක්ඛසංවරෙන සමන්නාගතො. ආචාරගොචරසම්පන්නොති ආචාරෙන ච ගොචරෙන ච සම්පන්නො. අණුමත්තෙසූති අප්පමත්තකෙසු. වජ්ජෙසූති අකුසලධම්මෙසු. භයදස්සාවීති භයදස්සී. සමාදායාති සම්මා ආදියිත්වා. සික්ඛති සික්ඛාපදෙසූති තං තං සික්ඛාපදං සමාදියිත්වා සික්ඛති. අපිච සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති යංකිඤ්චි සික්ඛාපදෙසු සික්ඛාකොට්ඨාසෙසු සික්ඛිතබ්බං කායිකං වා වාචසිකං වා, තං සබ්බං සම්මා ආදාය සික්ඛති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන සබ්බානෙතානි පාතිමොක්ඛසංවරාදීනි පදානි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.14 ආදයො) වුත්තානි, චතුපාරිසුද්ධිසීලඤ්ච සබ්බාකාරෙන විභජිත්වා දස්සිතං. අඤ්ඤතරං දෙවනිකායන්ති ඡසු කාමාවචරදෙවඝටාසු අඤ්ඤතරං දෙවඝටං. ආගාමී හොතීති හෙට්ඨා ආගාමී හොති. ආගන්තා ඉත්ථත්තන්ති ඉත්ථත්තං මානුසකපඤ්චක්ඛන්ධභාවමෙව ආගන්තා හොති. තත්රූපපත්තිකො වා උපරූපපත්තිකො වා න හොති, පුන හෙට්ඨාගාමීයෙව හොතීති දස්සෙති. ඉමිනා අඞ්ගෙන සුක්ඛවිපස්සකස්ස ධාතුකම්මට්ඨානිකභික්ඛුනො හෙට්ඨිමං මග්ගද්වයඤ්චෙව ඵලද්වයඤ්ච කථිතං.
එහි පාතිමොක්ඛසංවරසංවුතො යනු ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තවූයේයි. ආචාරගොචරසම්පනො යනු ආචාරයෙන්ද ගොචරයෙන්ද සමන්විත වූයේයි. අණුසතේතසු යනු සුළු ප්රමාණයෙක්හියි. වජ්ජෙසු යනු අකුශලධර්මයන්හියි. භයදස්සාවි යනු බියදක්නාසුලුවූයේයි. සමාදාය යනු මනාව රැගෙනයි. සික්ඛති සික්ඛාපදෙසු යනු ඒ ඒ හික්ෂාපදය සමාදන්ව හික්මෙයි. තවද සමාදාය සික්ඛති සික්ඛාපදෙසු යනු ශික්ෂාපදයන්හි ශික්ෂා කොටටාහයන්හි යම්කිසි කායිකවූ හෝ වාචසිකවූ හික්මිය යුත්තක්වේද ඒ සියල්ල මනාව සමාදන්ව හික්මෙයි. මෙය මෙහි කෙටි විස්තරයයි. විස්තරවශයෙන්වනාහි මේ සියලු පාතිමොක්ඛ සංවරාදීවූ පද විසුද්ධිමග්ගයෙහිදී කියනලදී. චතුපාරිසුද්ධිසීලයද සර්වප්‍රකාරයෙන්ම බෙදා දක්වනලදී. අඤ්ඤතරං දෙවනිකායං යනු සවැදැරුම් කාමාවචර දේවකුල අතුරෙන් එක්තරා දේවකුලයකි. ආගාමි හොති යනු පහතට පැමිණෙන්නේවෙයි. ආගන්තා ඉත්ථත්තං යනු මෙහි මනුෂ්යපඤ්චස්කන්ධභාවයට පැමිණෙන්නේවෙයි. එහි උත ඇත්තේ හෝ ඉන්මත්තෙහි උපත ඇත්තේ හෝ නොවෙයි. යළි පහතටම පැමිණෙන්නේම වේයයි දක්වයි. මේ අංගයෙන් ශුෂ්කවිදර්ශකවූ ධාතු කර්මස්ථානයෙහි යෙදෙන භික්ෂුවට යටින්ම ඇති මාර්ග දෙකද ඵල දෙකද කියනලදී.
අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තින්ති අට්ඨසු සමාපත්තීසු අඤ්ඤතරං චතුත්ථජ්ඣානසමාපත්තිං. සා හි පච්චනීකකිලෙසානං සන්තත්තා සන්තා, තෙහෙව ච කිලෙසෙහි චෙතසො විමුත්තත්තා චෙතොවිමුත්තීති වුච්චති. අඤ්ඤතරං දෙවනිකායන්ති පඤ්චසු සුද්ධාවාසදෙවනිකායෙසු අඤ්ඤතරං. අනාගන්තා ඉත්ථත්තන්ති පුන ඉමං පඤ්චක්ඛන්ධභාවං අනාගන්තා, හෙට්ඨූපපත්තිකො න හොති, උපරූපපත්තිකො වා හොති තත්ථෙව වා පරිනිබ්බායීති දස්සෙති. ඉමිනා අඞ්ගෙන සමාධිකම්මිකස්ස භික්ඛුනො තයො මග්ගා තීණි ච ඵලානි කථිතානි.
අඤ්ඤතරං යන්තං චෙතොවිමුත්තිං යනු සමාපත්ති අට අතුරෙන් එක්තරා චතුර්ථධයාන සමාපත්තියකි. එය වනාහි පසමිතුරු කෙලෙසුන්ගෙන් සන්සුන් බැවින්ද සන්සුන්වූ කෙලෙසුන්ගෙන් සිතේ මිදීම ඇතිබැවින්ද චෙතොවිමුත්තියයි කියනුලැබේ. අඤ්ඤතරං දෙවනිකායං යනු සුද්ධාවාස දේවනිකායන් පසෙන් එකකි. අනාගන්තා ඉත්ථත්තං යනු යළි මේ පඤ්චස්කන්‍ධභාවයට නොපැමිණෙන්නේ යට උපදින්නේ නොවෙයි. මත්තෙහි උපත ඇත්තේ හෝ එහිම පිරිනිවෙන්නේ වේයයි දක්වයි. මේ අංගයෙන් සමාධිභාවනාවෙහි යෙදෙන භික්ෂුවගේ මාර්ග තුනද ඵලතුනද කියනලදී.
කාමානංයෙව නිබ්බිදායාති දුවිධානම්පි කාමානං නිබ්බින්දනත්ථාය උක්කණ්ඨනත්ථාය. විරාගායාති විරජ්ජනත්ථාය. නිරොධායාති අප්පවත්තිකරණත්ථාය. පටිපන්නො හොතීති පටිපත්තිං පටිපන්නො හොති. එත්තාවතා සොතාපන්නස්ස ච සකදාගාමිනො ච පඤ්චකාමගුණිකරාගක්ඛයත්ථාය අනාගාමිමග්ගවිපස්සනා කථිතා හොති. භවානංයෙවාති තිණ්ණං භවානං. ඉමිනා අනාගාමිනො භවරාගක්ඛයත්ථාය අරහත්තමග්ගවිපස්සනා කථිතා හොති. තණ්හාක්ඛයාය පටිපන්නො හොතීති ඉමිනාපි සොතාපන්නසකදාගාමීනංයෙව පඤ්චකාමගුණිකතණ්හාක්ඛයකරණත්ථං අනාගාමිමග්ගවිපස්සනා කථිතා. සො ලොභක්ඛයායාති ඉමිනාපි අනාගාමිනො භවලොභක්ඛයත්ථාය අරහත්තමග්ගවිපස්සනාව කථිතා. අඤ්ඤතරං දෙවනිකායන්ති සුද්ධාවාසෙස්වෙව අඤ්ඤතරං දෙවනිකායං. අනාගන්තා ඉත්ථත්තන්ති ඉමං ඛන්ධපඤ්චකභාවං අනාගන්තා, හෙට්ඨූපපත්තිකො න හොති, උපරූපපත්තිකො වා හොති, තත්ථෙව වා පරිනිබ්බායති.
කාමානං යෙව නිබ්බිදාය යනු දෙයාකාර කාමයන්ගේ නිර්වෙදනය සඳහා, උකටලීබව සඳහායි. විරාගාය යන නොඇලීම සඳහායි. නිරොධාය යනු පැවැත්ම නැති කිරීම සඳහායි. පටිපන්නො හොති යනු පිළිවෙතට පිළිපන්නේ වෙයි. මෙපමණකින් සෝවාන්වූවහුගේද අනාගාමිවූවහුගේද පංචකාමගුණික රාගය දුරුකිරීම සඳහා අනාගාමීමාර්ග විදර්ශනාව කියනලද්දේවෙයි. භවානංයෙච යනු තුන්භවයන්ගෙනි. මෙයින් අනාගාමිවූවහුගේ භවරාගය දුරුකරනු සඳහා අරහත්මාර්ගවිදර්ශනාව කියනලද්දේවෙයි. තණ්භක්ඛයාය පටිපන්නො හොති යන මෙයින්ද සෝවානවූවන්ගේ හා සකෘදාගාමිවූවන්ගේම පංචකාමගුණික තෘෂ්ණාව දුරුකිරීම සඳහා අනාගාමි මාර්ග විදර්ශනාව කියනලදී. සො ලොභක්ඛයාය යන මෙයින්ද අනාගාමීන්ගේ භවලෝභය දුරුවීම සඳහා අරහත්මාර්ග විදර්ශනාවම කියනලදී. අඤ්ඤතරං දෙවනිකායං යනු සුද්ධාවාසයෙහිම එක්තරා දේව කොට්ඨාශයකය. අනාගන්තා ඉත්ථත්තං යනු මේ ස්කන්‍ධපඤ්චක භාවයට නොපැමිණේන්නාවූයි. යට උපදින්නෙක් නොවේ. මත්තෙහි උපදින්නෙක්මවෙයි. එහිම හෝ පිරිනිවන් පායි.
ඉති පඨමෙන අඞ්ගෙන සුක්ඛවිපස්සකස්ස ධාතුකම්මට්ඨානිකභික්ඛුනො හෙට්ඨිමානි ද්වෙ මග්ගඵලානි කථිතානි, දුතියෙන සමාධිකම්මිකස්ස තීණි මග්ගඵලානි, “සො කාමාන”න්ති ඉමිනා සොතාපන්නසකදාගාමීනං පඤ්චකාමගුණිකරාගක්ඛයාය උපරි අනාගාමිමග්ගවිපස්සනා, “සො භවානංයෙවා”ති ඉමිනා අනාගාමිස්ස උපරි අරහත්තමග්ගවිපස්සනා, “සො තණ්හාක්ඛයායා”ති ඉමිනා සොතාපන්නසකදාගාමීනං පඤ්චකාමගුණිකතණ්හාක්ඛයාය උපරි අනාගාමිමග්ගවිපස්සනා, “සො ලොභක්ඛයායා”ති ඉමිනා අනාගාමිනො භවලොභක්ඛයාය උපරි අරහත්තමග්ගවිපස්සනා කථිතාති එවං ඡහි මුඛෙහි විපස්සනං කථෙත්වා දෙසනං යථානුසන්ධිං පාපෙසි. දෙසනාපරියොසානෙ කොටිසතසහස්සදෙවතා අරහත්තං පාපුණිංසු, සොතාපන්නාදීනං පරිච්ඡෙදොව නාහොසි. යථා ච ඉමස්මිං සමාගමෙ, එවං මහාසමයසුත්තෙ මඞ්ගලසුත්තෙ ච චූළරාහුලොවාදසුත්තෙ ච කොටිසතසහස්සදෙවතා අරහත්තං පාපුණිංසු, සොතාපන්නාදීනං දෙවමනුස්සානං පරිච්ඡෙදො නාහොසි.
මෙසේ පළමු අංගයෙන් ශූෂ්ක විදර්ශකවූ ධාතුකර්මස්ථාන ඇති භික්ෂුවට යටමවූ මාර්ගඵල දෙක කියනලදී. දෙවැන්නෙන් සමාධි කර්මයෙහි යෙදුණු භික්ෂුවට මාර්ගඵලතුන කියනලදී. සො කාමානං යන මෙයින් සෝවාන්වූවන්ගේ හා සකෘදාගාමිවුවන්ගේ පඤ්චකාමගුණික රාගය දුරුවීමෙන් මත්තෙහි අනාගාමිමාර්ග විදර්ශනාවද සො භාවනංයෙව යන මෙයින අනාගාමිමාර්ගයට මත්තෙහි අරහත්මාර්ග විදර්ශනාවද සො තණ්හක්ඛයාය යන මෙයින් සෝවාන්වූවන්ගේ හා සකෘදාගාමීවූවන්ගේ පඤ්චකාමගුණික තෘෂ්ණාක්ෂයෙන් මත්තෙහි අනාගාමිමාර්ග විදර්ශනාවද සො ලොභක්ඛයාය යන මෙයින් අනාගාමිවූවහුගේ භවලෝබය දුරුවීමෙන් මත්තෙහි අරහත්මාර්ග විදර්ශනාවද කියනලද්දේයයි. මෙසේ ආකාර සයකින් විදර්ශනාව ප්‍රකාශකොට දෙසුම අනුසන්ධි ගැලපූසේක. දෙසුම කෙළවර කෙළලක්ෂයක් දෙවියෝ රහත්බවට පැමිණියාහුය. සෝවාන් ආදීන්ගේ සීමාවක් නොවීය. මේ දේවසමාගමෙහි යම්සේද එසේ මහාසමය සූත්‍රයෙහිද මංගල සූර්තයෙහිද චූලරාහුලෝවාද සූත්‍රයෙහිද කෙළලක්ෂයක් දෙවියෝ රහත්බවට පැමිණියාහුය. සෝවාන් බව ආදියට පත්වූ දෙවිමිනිස්නුගේ සීමාවක් නොවීය.
සමචිත්තා දෙවතාති චිත්තස්ස සුඛුමභාවසමතාය සමචිත්තා. සබ්බාපි හි තා අත්තනො අත්තභාවෙ සුඛුමෙ චිත්තසරික්ඛකෙ කත්වා මාපෙසුං. තෙන සමචිත්තා නාම ජාතා. අපරෙනපි කාරණෙන සමචිත්තා – “ථෙරෙන සමාපත්ති තාව කථිතා, සමාපත්තිථාමො පන න කථිතො. මයං දසබලං පක්කොසිත්‍වා සමාපත්තියා ථාමං කථාපෙස්සාමා”ති සබ්බාපි එකචිත්තා අහෙසුන්තිපි සමචිත්තා. අපරම්පි කාරණං – “ථෙරෙන එකෙන පරියායෙන සමාපත්තිපි සමාපත්තිථාමොපි කථිතො, කො නු ඛො ඉමං සමාගමං සම්පත්තො, කො න සම්පත්තො”ති ඔලොකයමානා තථාගතස්ස අසම්පත්තභාවං දිස්වා “මයං තථාගතං පක්කොසිත්‍වා පරිසං පරිපුණ්ණං කරිස්සාමා”ති සබ්බාපි එකචිත්තා අහෙසුන්තිපි සමචිත්තා. අපරම්පි කාරණං – අනාගතෙ කොචිදෙව භික්ඛු වා භික්ඛුනී වා දෙවො වා මනුස්සො වා “අයං දෙසනා සාවකභාසිතා”ති අගාරවං කරෙය්ය, සම්මාසම්බුද්ධං පක්කොසිත්‍වා ඉමං දෙසනං සබ්බඤ්ඤුභාසිතං කරිස්සාම. එවං අනාගතෙ ගරුභාවනීයා භවිස්සතීති සබ්බාව එකචිත්තා අහෙසුන්තිපි සමචිත්තා. අපරම්පි කාරණං – සබ්බාපි හි තා එකසමාපත්තිලාභිනියො වා අහෙසුං එකාරම්මණලාභිනියො වාති එවම්පි සමචිත්තා.
සමචිත්තා දෙවතා යනු සිතේ සියුම්බවින් සමානබැවින් සමානසිත් ඇත්තෝනමි. ඒ සියල්ලො තමන්ගේ ආත්මභාවයන් සියුම්වූසිතට සමානබවක් ඇති කොට මැව්වාහුය. එබැවින් සමචිත්තා නම් වූවාහුය. වෙනත් කරුණකිනුදු සමචිත්තානම් වෙති. තෙරුන් විසින් සමාපත්ති නම් කියනලදී. සමාපත්ති බලය නොකියනලදී, අපි බුදුන්වහන්සේ කැඳවා මවත් බලය කියවන්නෙමු’යි සියලුදෙනාම සමසිත් ඇතිවූවාහුයයි සමචිත්තා නමි. තවද වෙනත් කරුණක්වෙයි: ‘තෙරුන් විසින් එක් ක්‍රමයකින් සමවතද සමවත් බලයද කියනලදී. කවරෙක් මේ සමාගමයට පැමිණියේද කවරෙක් නොපැමිණියේදැයි බලන්නාහු බුදුන්වහන්සේ නොපැමිණිබව දැන අපි බුදුන්වහන්සේ කැඳවා පිරිස සපිරුණක් කරන්නෙමුං’යි සියලු දනොම සමසිත්වූවාහුයයි සමචිත්තා නම්වූහ. වෙනත් කරුණක්ද වේ. අනාගතයෙහි කිසියම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ මේ දේශනාව ශ්රාවකභාෂිතයකැයි අගෞරව කරන්නේය. සම්බුදුන්වහන්සේ වැඩමවා මේ දෙසුම සර්වඥභාෂිතයක් කරන්නෙමු. මෙසේ අනාගතයෙහි ගරු සම්භාවනීය වන්නේ’යි සියලු දෙනාම සමසිත් ඇත්තෝවූහයි සමචිත්තා නම්වූහ. තවද කරුණක්වේ ඒ සියලු දෙනාම එකම සමවතක් ලැබුවෝවූවාහුය. නැතහොත් එක් අරමුණක් ලැබුවෝවූවාහුයයි මෙසේද සමචිත්ත නම්වූහ.
හට්ඨාති තුට්ඨපහට්ඨා ආමොදිතා පමොදිතා. සාධූති ආයාචනත්ථෙ නිපාතො. අනුකම්පං උපාදායාති න ථෙරස්ස අනුකම්පං කාරුඤ්ඤං අනුද්දයං පටිච්ච, න ච ඉමස්මිං ඨානෙ ථෙරස්ස අනුකම්පිතබ්බකිච්චං අත්ථි. යස්මිං හි දිවසෙ ථෙරො සූකරඛතලෙණද්වාරෙ භාගිනෙය්යස්ස දීඝනඛපරිබ්බාජකස්ස වෙදනාකම්මට්ඨානෙ (ම· නි· 2.206) කථියමානෙ තාලවණ්ටං ගහෙත්වා සත්ථාරං බීජමානො ඨිතො පරස්ස වඩ්ඪිතභොජනං භුඤ්ජිත්වා ඛුදං විනොදෙන්තො විය පරස්ස සජ්ජිතපසාධනං සීසෙ පටිමුඤ්චන්තො විය ච සාවකපාරමිඤාණස්ස නිප්පදෙසතො මත්ථකං පත්තො, තස්මිංයෙව දිවසෙ භගවතා අනුකම්පිතො නාම. අවසෙසානං පන තං ඨානං සම්පත්තානං දෙවමනුස්සානං අනුකම්පං උපාදාය ගච්ඡතු භගවාති භගවන්තං යාචිංසු.
භට්ටා යනු තුටුපහටුවූ සතුටුවූ ප්‍රමුදිතවූ යනුයි. සාධු යනු ආයාචනාර්ථයෙහි නිපාතයෙකි. අනුකම්පං උපාදාය යනු තෙරුන්ට අනුකම්පාවක්, කරුණාවක් දයාවක් නිසා නොවෙයි. මෙතන්හි තෙරුන්ට අනුකම්පා කළයුතු කිසෙක් නැත. යම් දිනක තෙරුන්වහන්සේ සූකරකත ලෙන් දොරදී බෑණණු දීඝනඛ පිරිවැජියාට වේදනා කර්මස්ථානය කියනුලබනකල්හි තල්වැට ගෙන බුදුන්වහන්සේට පවන් සලමින් සිටියාහු අනුන්නට එළවූ බොජුනක් වළඳා කුසගින්න නිවන්නෙකු මෙන්ද අනුන්ට පිළියෙළ කළ පළඳනාවක් හිසෙහි පළඳින්නකු මෙන්ද ඉතිරියක් නොමැතිව ශ්‍රාවක පාරමී ඥානයාගේ මුදුන්පත්වූවාහුය. එදවසෙහිම භාග්‍යවතුන්වහන්සේ විසින් අනුකම්පා කරනලද්දාහු නම්වූහ. එතැනට පැමිණි සෙසු අයට අනුකම්පා උපදවා භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්වායි භාග්යවතුන්වහ්සේගෙන් ඇයැදූහ.
බලවා පුරිසොති දුබ්බලො හි ඛිප්පං සමිඤ්ජනපසාරණං කාතුං න සක්කොති, බලවාව සක්කොති. තෙනෙතං වුත්තං. සම්මුඛෙ පාතුරහොසීති සම්මුඛට්ඨානෙ පුරතොයෙව පාකටො අහොසි. භගවා එතදවොචාති එතං “ඉධ සාරිපුත්තා”තිආදිනා නයෙන අත්තනො ආගමනකාරණං අවොච. එවං කිරස්ස අහොසි – “සචෙ කොචි බාලො අකතඤ්ඤූ භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා එවං චින්තෙය්ය – ‘සාරිපුත්තත්ථෙරො මහන්තං පරිසං අලත්ථ, සම්මාසම්බුද්ධො එත්තකං අධිවාසෙතුං අසක්කොන්තො උසූයාය පරිසං උට්ඨාපෙතුං ආගතො’ති. සො ඉමං මයි මනොපදොසං කත්වා අපායෙ නිබ්බත්තෙය්යා”ති. අථත්තනො ආගමනකාරණං කථෙන්තො එතං “ඉධ සාරිපුත්තා”තිආදිවචනං අවොච.
බලවා පුරිසො යනු දර්වලයා වනාහි වහා හැකිලීම් දිගහැරීම් කිරීමට නොහැකිවෙයි. බලවත් පුද්ගලයාටම හැකිවෙයි. එහෙයින් මෙය කියනලදී. පමුඛෙ පාතුරෙභාසි යනු සම්මුඛයෙහි, ඉදිරියෙහිම ප්රකටවූයේය. භගවා එතදවොච යනු ‘එතං ඉධ සාරිපුත්ත’ යනාදී ක්‍රමයෙන් තමන් පැමිණි කරුණ සැළකළසේක. උන්වහන්සේට මෙසේ අදහස් විය: ඉදින් කිසියම් මෝඩ, කෙළෙහිගුණ නොදත් භක්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාශකයෙක් හෝ උපාශිකාවක්, ‘සැරියුත් තෙරණුවෝ මහත් පිරිසක්ලැබූහ. සම්බුදුන් වහන්සේ මෙපමණක් ඉවසීමට නොහැකි සේක් ඊර්ෂ්‍යාවෙන් පිරිස රැගෙනයාමට පැමිණිසේකැ”යි සිතන්නේ නම් හෙතෙම මාකෙරෙහි මේ කෝපය ඇතිකොටගෙන අපායෙහි උපදින්නේය යනුවෙනි. ඉක්බිති උන්වහන්සේ තමන් පැමිණි කරුණ පැහැදිලි කරනසේක් ‘එතං ඉධ සාරිපුත්තං’ යනාදි වචන පැවසූසේක.
එවං අත්තනො ආගමනකාරණං කථෙත්වා ඉදානි සමාපත්තියා ථාමං කථෙතුං තා ඛො පන, සාරිපුත්ත, දෙවතා දසපි හුත්වාතිආදිමාහ. තත්ථ යසවසෙන වා අත්ථං ආහරිතුං වට්ටති සමාපත්තිවසෙන වා. යසවසෙන තාව මහෙසක්ඛා දෙවතා දස දස එකට්ඨානෙ අට්ඨංසු, තාහි අප්පෙසක්ඛතරා වීසති වීසති එකට්ඨානෙ අට්ඨංසු, තාහි අප්පෙසක්ඛතරා…පෙ… සට්ඨි සට්ඨි එකට්ඨානෙ අට්ඨංසු. සමාපත්තිවසෙන පන යාහි පණීතා සමාපත්ති භාවිතා, තා සට්ඨි සට්ඨි එකට්ඨානෙ අට්ඨංසු. යාහි තතො හීනතරා, තා පඤ්ඤාස පඤ්ඤාස…පෙ… යාහි තතො හීනතරා සමාපත්ති භාවිතා…පෙ… තා දස දස එකට්ඨානෙ අට්ඨංසු. යාහි වා හීනා භාවිතා, තා දස දස එකට්ඨානෙ අට්ඨංසු. යාහි තතො පණීතතරා භාවිතා, තා වීසති වීසති. යාහි තතො පණීතතරා…පෙ… තා සට්ඨි සට්ඨි එකට්ඨානෙ අට්ඨංසු.
මෙසේ තමන් පැමිණි කාරණය පවසා දැන් සමවතෙහි බලයපැවසීමට තා ඛො පන සාරිපුත්ත දෙවතා දසපි හුත්වා යනාදිය ප්‍රකාශ කළසේක. එහි කීර්තිය වශයෙන් හෝ සම්පත්ති වශයෙන් අර්ත්ථය දැක්වීමට සුදුසුය. කීර්තිය වශයෙන් වනාහි මහෙශාක්‍ය මහෙශාක්‍ය දෙවිවරු දස දෙනා බැගින් එක් තැනක සිටියාහුය. ඔවුන්ට වඩා අල්පෙශාක්‍ය වූවෝ විසිදෙනා බැගින් එක් තැනකවූවාහුය. ඔවුන්ටත් වඩා අල්පේශාක්‍ය වූවෝ සැට දෙනා බැගින් එක් තැනක වූහ. සමවත් වශයෙන් වනාහි යම් කිසිවකු විසින් උසස් සමවත් වඩන ලද්දේද ඔවුහු සැට දෙනා බැගින් එක් තැනක සිටියාහුය. යමකුවිසින් ඊට පහත්වූ සමවත් වඩනලද්දේද ඔවුහු පණස්දෙනා බැගින් එක් තැනක සිටියාහුය. -පෙ- යමකු විසින් ඊට පහත්වූ සමවත් වඩනලද්දේද -පෙ- ඔවුහු දසදෙනා බැගින් එක් තැනක සිටියාහුය. යමකු ඊටත් උසස් සමවතක් -පෙ- ඔවුහු සැටදෙනා බැගින්ද එක්තැනක සිටියාහුය.
ආරග්ගකොටිනිතුදනමත්තෙති ආරග්ගකොටියා පතනමත්තෙ ඔකාසෙ. න ච අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්තීති එවං සම්බාධෙ ඨානෙ තිට්ඨන්තියොපි අඤ්ඤමඤ්ඤං න බ්යාබාධෙන්ති න ඝට්ටෙන්ති, අසම්පීළා අසම්බාධාව අහෙසුං. “තව හත්ථො මං බාධති, තව පාදො මං බාධති, ත්වං මං මද්දන්තී ඨිතා”ති වත්තබ්බකාරණං නාහොසි. තත්ථ නූනාති තස්මිං භවෙ නූන. තථාචිත්තං භාවිතන්ති තෙනාකාරෙන චිත්තං භාවිතං. යෙන තා දෙවතාති යෙන තථාභාවිතෙන චිත්තෙන තා දෙවතා දසපි හුත්වා…පෙ… තිට්ඨන්ති, න ච අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්තීති. ඉධෙව ඛොති සාසනෙ වා මනුස්සලොකෙ වා භුම්මං, ඉමස්මිංයෙව සාසනෙ ඉමස්මිංයෙව මනුස්සලොකෙති අත්ථො. තාසඤ්හි දෙවතානං ඉමස්මිංයෙව මනුස්සලොකෙ ඉමස්මිංයෙව ච සාසනෙ තං චිත්තං භාවිතං, යෙන තා සන්තෙ රූපභවෙ නිබ්බත්තා, තතො ච පන ආගන්ත්වා එවං සුඛුමෙ අත්තභාවෙ මාපෙත්වා ඨිතා. තත්ථ කිඤ්චාපි කස්සපදසබලස්ස සාසනෙ තීණි මග්ගඵලානි නිබ්බත්තෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තදෙවතාපි අත්ථි, සබ්බබුද්ධානං පන එකාව අනුසාසනී එකං සාසනන්ති කත්වා “ඉධෙව ඛො, සාරිපුත්තා”ති අඤ්ඤබුද්ධානං සාසනම්පි ඉමමෙව සාසනං කරොන්තො ආහ. එත්තාවතා තථාගතෙන සමාපත්තියා ථාමො කථිතො.
ආරග්ගකොටිනිතතුද්දනමතේත යනු හිඳිකටුතුඩක් වැටෙන පමණවූ තන්හියි. නච අඤ්ඤමඤ්ඤං ව්යාඛාධෙන්ති යනු මෙබඳු සම්බාධකර තැනක සිටින්නෝවුවද ඔවුනොවුන් නොපෙළත්, නොගැටෙත්, නොපෙළෙන්නෝව බාධා නැත්තෝව සිටියාහුය. ඔබේ අත මට බාධාකරයි. ඔබේ පය මට බාධාකරයි. නුඹ මා මඬිමින් සිටින්නෙහියි කිවයුතු කරුණක් නොවීය. තත්ථ නූන යනු ඒකාන්තයෙන්ම ඒ භවයෙහි යනුයි. තථා චිත්තං භාවිතං යනු ඒ අයුරින් සිත වඩන ලදියි. යෙන තා දෙවතා යනු එසේ වඩනා ලද යම් සිතකින් ඒ දෙවිවරු දස දෙනෙක්ද වී -පෙ- සිටිත් ඔවුනොවුන් නොපෙළත් ඉධෙව ඛො යනු සසුනෙහි හෝ මිනිස් ලොවෙහි යනුයි. ආධාරවිභක්ති වචනයි. මේ මිනිස් ලොවෙහි මේ සසුනෙහිම යන අරුත්යි. මේ මිනිස් ලොවෙහිම මේ සසුනෙහිම ඒ දෙවිවරුන්ගේ ඒ සිත වඩනලදී. යම් සිතකින් ඒ දෙවිවරු ශාන්තවූ රූපභවයෙහි උපන්නාහු එයින්ද අවුත් මෙසේ සියුම් අත්බැව් මවා සිටියාහුය. එහි කාශ්‍යප බුදුන්ගේ සසුනෙහි තුනමඟ පල උපදවා බඹලොව උපන් යම්කිසි දෙවිවරුද ඇත්තාහ. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව එකමය. එකම සසුනක් කොට ඉධෙව ඛො සාරිපුත්ත යනුවෙන් අන්බුදුවරුන්ගේ සසුනද මෙම සසුනම කරමින් පැවසූසේක. මෙපමණකින් තථාගතයන්වහන්සේ විසින් සමවතෙහි බලය ප්රකාශකරනලදී.
ඉදානි සාරිපුත්තත්ථෙරං ආරබ්භ තන්තිවසෙන අනුසාසනිං කථෙන්තො තස්මාතිහ, සාරිපුත්තාති ආහ. තත්ථ තස්මාති යස්මා තා දෙවතා ඉධෙව සන්තං සමාපත්තිං නිබ්බත්තෙත්වා සන්තෙ භවෙ නිබ්බත්තා, තස්මා. සන්තින්ද්රියාති පඤ්චන්නං ඉන්ද්රියානං සන්තතාය නිබ්බුතතාය පණීතතාය සන්තින්ද්රියා. සන්තමානසාති මානසස්ස සන්තතාය නිබ්බුතතාය පණීතතාය සන්තමානසා. සන්තංයෙව උපහාරං උපහරිස්සාමාති කායචිත්තූපහාරං සන්තං නිබ්බුතං පණීතංයෙව උපහරිස්සාම. සබ්රහ්මචාරීසූති සමානං එකුද්දෙසතාදිං බ්රහ්මං චරන්තෙසු සහධම්මිකෙසු. එවඤ්හි වො, සාරිපුත්ත, සික්ඛිතබ්බන්ති ඉමිනා එත්තකෙන වාරෙන භගවා දෙසනං සබ්බඤ්ඤුභාසිතං අකාසි. අනස්සුන්ති නට්ඨා විනට්ඨා. යෙ ඉමං ධම්මපරියායං නාස්සොසුන්ති යෙ අත්තනො පාපිකං තුච්ඡං නිරත්ථකං දිට්ඨිං නිස්සාය ඉමං එවරූපං ධම්මදෙසනං සොතුං න ලභිංසූති යථානුසන්ධිනා දෙසනං නිට්ඨාපෙසි.
දැන් සැරියුත් තෙරුන් අරභයා පෙළ වශයෙන් අනුහාසනා කරනසේක් ‘එබැවින් සාරිපුත්‍රයෙනි’යි පැවසූසේක. එහි තස්මා යනු යම් හෙයකින් ඒ දෙවිවරු මෙහිම ශාන්ත සමාපත්තියක් උපදවා ශාන්ත භවයක උපන්නාහුද එහෙයිනි. සන්තින්ද්රියා යනු පස් ඉඳුරන්ගේ සන්හුන් බවින් නිවුණුබැවින් උසස්බවින් සන්සුන් ඉඳුරන් ඇත්තෝයි. සන්තමානසා යනු මනසේ සන්හුන්බවින් නිවුණුබැවින් ප්රණීතබවින් සන්සුන් මනස් ඇත්තෝයි. සන්තයෙව උපහාරං උපහරිස්සාම යනු සන්සුන්වූ නිවුණු ප්‍රණීතවූ කාසිත්පඬුරක්ම පමුණුවන්නෙමුයි. සබ්රහ්මචාරිසු යනු සමානවූ එකට උදෙසීම් ආදී උතුම් පැවැත්මෙහි හැසිරෙන්නාවූ සහධාර්මිකයන් ඇතුරෙහියි. එවං හි වො සාරිපුත්ත සික්ඛිතබ්බං යන මෙයින් මෙපමණවූ තැනින් භාග්‍යවතුන්වහන්සේ දේශනය සර්වඥ භාෂිතයක් කළසේක. අනස්සුං යන නටහ. විනාශවූවාහුය. යෙ ඉමං ධම්මපරියායං න අස්සොසුං යනු යමෙක් තමන්ගේ පවිටුවූ හිස්වූ අරුත්රහිත දෘෂ්ටිය නිසා මෙබඳුවූ මේ ධර්මදේශනාව ඇසීමට නොලැබූහයි අනුසන්ධිලෙස දෙසුම නිමවූසේක.